Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතර සතිපට්ඨාන

ලෝක සත්වයාගේ පිරිසිදුවීම පිණිසත්, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයන් දුරලීම පිණිසත්, ආර්ය මාර්ගයට පිවිසීම පිණිසත්, නිවන් ප්රත්යක්ෂ කිරීම පිණිසත් ඒකායන මාර්ගය සතර සතිපට්ඨාන ධර්මය බව පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාසධම්ම නියම් ගමෙහි වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළහ.

සතර සතිපට්ඨානය යනු සිවු වැදෑරුම් ආකාරයකින් සිහිය පිහිටුවා ගැනීමයි. සති යනු සිහියයි. පට්ඨාන යනු මනා කොට පිහිටුවා ගැනීමයි. ඒ අනුව පුද්ගලයාගේ සිහිය විවිධ අරමුණු කරා ඇදී යා නොදී කයාදී අරමුණු හතරක් කෙරෙහි මනාව පිහිටුවා ගැනීම සතර සතිපට්ඨානය යි. යමෙක් කෙලෙස් නසන වීර්යයෙන් ද, සිහියෙන් ද, නිවැරදි ප්‍රඥාවෙන් ද යුක්තව ලෝභය හා ද්වේෂය, එනම් ඇලීම් සහ ගැටීම් සංසිඳුවා, කයෙහි කය අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, සිතෙහි සිත අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, ධර්මය අනුව ධර්මය දකිනා ස්වභාවයෙන් වෙසේද මේවා සිහිය පිහිටුවා ගැනීමේ සතර ආකාරය වෙයි.

නිර්වාණ මාර්ගයේ දී සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ගඵල ලබා ගැනීමට නම් නිරන්තරයෙන් විවිධ අරමුණු කරා දුවන, ඇලෙන-ගැටෙන මේ චංචල සිත හික්මවා දමනය කර ගත යුතු ය. එසේ නොමැතිව සංස්කාරයන්හි ඇති යථා තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු ය. සිත හික්මවා දමනය කර ගැනීමට ඇති හොඳම උපාය මාර්ගය සතිපට්ඨානය දියුණු කිරීමයි. නිවන් ලැබීමේ ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බව බුදුන් වහන්සේ වදාළේ ද ඒ නිසාය.

සමථ හා විපස්සනා යනුවෙන් බෞද්ධ භාවනා ක්‍රම දෙකක් ඇති බව අපි දනිමු. සමථ භාවනාව සිතේ එක`ග බව දියුණු කරන්නකි. විපස්සනා භාවනා ක්‍රමයෙන් පංචස්කන්ධය ත්රිලක්ෂණයට න`ගා විමසා බැලීමක් කෙරේ. කෙසේ වෙතත් මෙම භාවනා ක්‍රම දෙක තුළින්ම සතියත් අනුපස්සනාවත් (අවධානය සහ නිරීක්ෂණය) අවධාරණය කෙරේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ වැඩි වශයෙන් ඉගැන්වෙන්නේ විපස්සනා භාවනාවයි. සමථ ක්‍රමය බුද්ධ කාලයට පෙර සිටම දඹදිව ප්‍රචලිතව පැවතියත් විපස්සනා ක්‍රමය බුදුරජාණන් වහන්සේ විසින්ම ප්රත්යක්ෂයෙන් සොයා ගන්නා ලද ක්‍රමය යි.

සතර සතිපට්ඨානය තුළ පළමු සතිපට්ඨානය කායානුපස්සනාව යි. එනම් කය අනුව සිත පිහිටුවා ගැනීමයි. එය භාවනා කිරීමට පහසු ක්රමයකි. භාවනාව ප්‍රගුණ කිරීම ආරම්භ කළ ආධුනිකයන් විසින් පළමුකොට දියුණු කළ යුතු භාවනාව කායානුපස්සනාව යි. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බ, ඉරියාපථ පබ්බ, චතුසම්පජඤ්ඤ පබ්බ, පටික්කුල මනසිකාර පබ්බ, ධාතුමනසිකාර පබ්බ සහ නවසීවථීකා පබ්බ ආදී වශයෙන් කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම දාහතරක් දක්වා තිබේ. ඒ අතුරින් ආධුනිකයන් අතර වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ ආනාපානාසති භාවනා ක්‍රමය යි.

ආනාපාන පබ්බ යනු ආශ්වාස වාතය හා ප්රාශ්වාස වාතය අනුව මෙහෙහි කොට සිහිය පිහිටුවා ගැනීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, සැතපීම ආදී විවිධ ඉරියව් අනුව මෙනෙහි කොට සිත පිහිටුවා ගැනීම ඉරියාපථ පබ්බ නම් වේ. සාත්ථක, සප්පාය, ගෝචර හා අසම්මෝහ යන්නෙන් චතුසම්පජඤ්ඤ පබ්බ අන්තර්ගත වේ. කයෙහි පිළිකුල් සහගත බව මෙනෙහි කොට ඒ අනුව සිහිය පවත්වා ගැනීම පටික්කුල මනසිකාර පබ්බය යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ධාතු මෙනෙහි කිරීම වශයෙන් සතිය වැඩීම ධාතුමනසිකාර පබ්බ වේ. සොහොනේ දැමූ මළ සිරුරක් පිළිබඳ අවස්ථා නවයක් ඔස්සේ සතිය වැඩීම ගැන නවසීවථීකා පබ්බයෙහි විස්තර වේ.

වේදනානුපස්සනා සතිපට්ඨානය යනු වේදනාවේ යථා තත්ත්වය වටහා ගෙන ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීමකි. පුද්ගලයා කෙලෙස්හි ඇලෙන්නේත් දුකට පත්වන්නේත් සුඛ, දුක්ඛ හා උපේක්ඛාදී වේදනාවන්ගේ යථා ස්වභාවය පිළිබඳ නොදැනීම නිසා ය. වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩීම මගින් වේදනාව පිළිබඳ මුලාව දුරුවන අතර එහි යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවෙයි. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දැක්වෙන පරිදි වේදනානුපස්සනාවට අරමුණු, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා, සාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා, සාමිස අදුක්ඛමසුඛ වේදනා සහ නිරාමිස අදුක්ඛමසුඛ වේදනා වශයෙන් නව වැදෑරුම් වේ. වේදනාව හේතු ප්‍රත්‍ය සංයෝගයෙන් ඇති වන්නකි. ඇතිවී වහා බිඳී යන්නකි. එබැවින්, කවර ආකාරයේ වේදනාවක් වුවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට යටත් ය. එසේ තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් ඉහත කී නව වැදෑරුම් වේදනාවන්ගේ යථා ස්වභාවය නුවණින් සලකා බලා තේරුම් ගැනීම වේදනානුපස්සනාවයි.

සිත අනුව බලමින් භාවනා කිරීම, සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනා සතිපට්ඨානය යි. අපට ඇත්තේ එක සිතක් වුවද එහි ප්‍රභේද ඇත. සරාග, වීතරාග, සදෝස, වීතදෝස, සමෝහ, වීතමෝහ, සංඛිත්ත, වික්ඛිත්ත, මහග්ගත, අමහග්ගත, සඋත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුත්ත සහ අවිමුත්ත ආදී චිත්ත ප්‍රභේද දහසයක් පිළිබඳ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වේ. චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්නේ කෙසේදැයි මින් එක් සිතක් නිදසුන් ලෙස ගෙන සලකා බලමු.

සරාග චිත්තය යනු අට වැදෑරුම් ලෝභ සිත් ය. පෘථග්ජනයා ලෝභ සිත් සිතක් හැටියට නොව තමා හැටියට වරදවා ගනිමින් එය ආත්ම වශයෙන් ගෙන කල්පනා කරයි. සරාග චිත්තය රාගය හෙවත් ලෝභය දියුණු කරවන අරමුණු නිසා ඇතිවන්නක් මිස එහි සත්ව පුද්ගල වශයෙන් ගත යුත්තක් නැත. එබැවින් එවැනි ලෝභ සිතක් උපන් කල්හි එය සරාග සිතක් වශයෙන් කල්පනා කොට සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාව යි. එසේ සිහිය උපදවා ගැනීම නිසා රාග සිත නොවැඩේ. රාගය දුරු වූ එම චිත්ත සන්තානයෙහි වීතරාගී සිත පහළ වේ. එවිට වීතරාගී සිත ද හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තක් බවත් එහි ද පුද්ගල සත්ව වශයෙන් ගත යුත්තක් නොමැති බවත් කල්පනා කරමින් භාවනා වැඩීම චිත්තානුපස්සනාව යි. සෙසු සිත් පිළිබඳව ද මෙසේ සලකා බලමින් සතිය වැඩිය හැක.

ධම්මානුපස්සනාව මුල්කොට ගෙන සංඥා හා සංස්කාර ස්කන්ධ පිළිබඳ ව යථා තත්ත්වය සිහියට නගා ගන්නා අන්දම මීළ`ගට විස්තර කෙරෙහි. සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කෙරෙන පරිදි නීවරණ සම්මර්ශනය, ස්කන්ධ සම්මර්ශනය, ආයතන සම්මර්ශනය, බෝධ්‍යංග සම්මර්ශනය හා ආර්ය සත්‍ය සම්මර්ශනය යනුවෙන් ධම්මානුපස්සනාව පස්වැදෑරුම් වේ.

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යනුවෙන් නිවන් මග අවුරණ ධර්මතා පහකි. ඒවා පංච නීවරණ නම් වේ. පළමුව තමා තුළ නීවරණ ඇති නැති බව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. දෙවනුව නීවරණ ධර්ම තුනීකර ගැනීමට වෙර වැඩිය යුතුය. නීවරණ ධර්ම මනසිකාරය භාවනාවක් වශයෙන් ද දක්වා තිඛෙන්නේ ඒ නිසාය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධ ධර්මයන් අරමුණු කොට ගෙන විදර්ශනා වැඩීම ස්කන්ධ සම්මර්ශනය යි. පංචඋපාදානස්කන්ධයන්හි ධම්මානුපස්සීව විසීමෙන් පුද්ගලත්වයක් නොමැතිව පංචස්කන්ධ ධර්ම පමණක් ඇත යන සිහිය ඇතිවෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ. මේ නිසා ලොව කිසිවක් මම ය මාගේ ය යනුවෙන් නොගෙන පංචඋපාදානස්කන්ධ අනුව බැලීමට පුහුණු වේ.

චක්ඛු, සෝත ආදී අභ්‍යන්තර ආයතන සයත්, රූප, ශබ්ද ආදී බාහිර ආයතන හයත් ධර්මය අනුව බලමින් විදර්ශනා වැඩීම ආයතන වශයෙන් ධම්මානුපස්සනාවයි. මෙසේ ධම්මානුපස්සීව වාසය කරන්නාට උදක් ආයතන පමණක් ඇත යන සිහිය ඇති වෙයි. හෙතෙම ලෝකය මම ය මාගේ ය යනුවෙන් නොගනී. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ.

සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන බෝධි අංග හත අරමුණු කොට ගෙන සිහිය පිහිටුවා ගැනීම බෝධ්‍යංග සම්මර්ශනය යි. එවැන්නාට පුද්ගලත්වය හැර බොජ්®ංග පමණක් ඇත යන සිහිය ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ. තෘෂ්ණාවෙන් ඈත්ව වසන හෙතෙම මම ය මාගේ ය යනුවෙන් ලොව කිසිවක් නොගනී. චතුරාර්ය සත්‍යය ධර්මයන් අනුව බලමින් වාසය කිරීම ආර්ය සත්‍ය සම්මර්ශනය යනුවෙන් හැඳින්වේ. චතුරාර්ය සත්‍යය ධර්මයන්හි හට ගැන්මත්, ක්‍රියාකාරිත්වයත්, නැතිවීමත් පිළිබඳ නුවණින් මෙනෙහි කරමින් වාසය කිරීම මෙයින් අදහස් කෙරේ. එසේ වාසය කරන්නාට පුද්ගලත්වය හැර ලොව උදක් චතුරාර්ය සත්‍යය ධර්මයන් පමණක් ඇත යන සිහිය ඇති වේ.

නිවන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බව පැහැදිලි කරමින්, බුදු රජාණන් වහන්සේ සියළු ලෝ වැසියන්ගේ හිත සුව පිණිස, මහා කරුණාවෙන් යුක්තව සතර සතිපට්ඨානය වැඩීමේ අනුසස් මෙසේ දේශනා කොට වදාළ සේක.

ඒකායනො අයං භික්ඛවේ මගෙගා සත්තානං විසුවද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා

[QUOTE="Dilwaale, post: 18511389, member: 520020"] [CENTER][B][SIZE=6][COLOR=DarkRed][U]සතර සතිපට්ඨාන[/U][/COLOR][/SIZE][/B] [B][U][SIZE=6][COLOR=DarkRed] [/COLOR][/SIZE][/U][/B][/CENTER] [B][SIZE=4][COLOR=DarkRed]ලෝක සත්වයාගේ පිරිසිදුවීම පිණිසත්, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයන් දුරලීම පිණිසත්, ආර්ය මාර්ගයට පිවිසීම පිණිසත්, නිවන් ප්රත්යක්ෂ කිරීම පිණිසත් ඒකායන මාර්ගය සතර සතිපට්ඨාන ධර්මය බව පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාසධම්ම නියම් ගමෙහි වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළහ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]සතර සතිපට්ඨානය යනු සිවු වැදෑරුම් ආකාරයකින් සිහිය පිහිටුවා ගැනීමයි. සති යනු සිහියයි. පට්ඨාන යනු මනා කොට පිහිටුවා ගැනීමයි. ඒ අනුව පුද්ගලයාගේ සිහිය විවිධ අරමුණු කරා ඇදී යා නොදී කයාදී අරමුණු හතරක් කෙරෙහි මනාව පිහිටුවා ගැනීම සතර සතිපට්ඨානය යි. යමෙක් කෙලෙස් නසන වීර්යයෙන් ද, සිහියෙන් ද, නිවැරදි ප්‍රඥාවෙන් ද යුක්තව ලෝභය හා ද්වේෂය, එනම් ඇලීම් සහ ගැටීම් සංසිඳුවා, කයෙහි කය අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, සිතෙහි සිත අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, ධර්මය අනුව ධර්මය දකිනා ස්වභාවයෙන් වෙසේද මේවා සිහිය පිහිටුවා ගැනීමේ සතර ආකාරය වෙයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]නිර්වාණ මාර්ගයේ දී සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ගඵල ලබා ගැනීමට නම් නිරන්තරයෙන් විවිධ අරමුණු කරා දුවන, ඇලෙන-ගැටෙන මේ චංචල සිත හික්මවා දමනය කර ගත යුතු ය. එසේ නොමැතිව සංස්කාරයන්හි ඇති යථා තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු ය. සිත හික්මවා දමනය කර ගැනීමට ඇති හොඳම උපාය මාර්ගය සතිපට්ඨානය දියුණු කිරීමයි. නිවන් ලැබීමේ ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බව බුදුන් වහන්සේ වදාළේ ද ඒ නිසාය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]සමථ හා විපස්සනා යනුවෙන් බෞද්ධ භාවනා ක්‍රම දෙකක් ඇති බව අපි දනිමු. සමථ භාවනාව සිතේ එක`ග බව දියුණු කරන්නකි. විපස්සනා භාවනා ක්‍රමයෙන් පංචස්කන්ධය ත්රිලක්ෂණයට න`ගා විමසා බැලීමක් කෙරේ. කෙසේ වෙතත් මෙම භාවනා ක්‍රම දෙක තුළින්ම සතියත් අනුපස්සනාවත් (අවධානය සහ නිරීක්ෂණය) අවධාරණය කෙරේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ වැඩි වශයෙන් ඉගැන්වෙන්නේ විපස්සනා භාවනාවයි. සමථ ක්‍රමය බුද්ධ කාලයට පෙර සිටම දඹදිව ප්‍රචලිතව පැවතියත් විපස්සනා ක්‍රමය බුදුරජාණන් වහන්සේ විසින්ම ප්රත්යක්ෂයෙන් සොයා ගන්නා ලද ක්‍රමය යි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]සතර සතිපට්ඨානය තුළ පළමු සතිපට්ඨානය කායානුපස්සනාව යි. එනම් කය අනුව සිත පිහිටුවා ගැනීමයි. එය භාවනා කිරීමට පහසු ක්රමයකි. භාවනාව ප්‍රගුණ කිරීම ආරම්භ කළ ආධුනිකයන් විසින් පළමුකොට දියුණු කළ යුතු භාවනාව කායානුපස්සනාව යි. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බ, ඉරියාපථ පබ්බ, චතුසම්පජඤ්ඤ පබ්බ, පටික්කුල මනසිකාර පබ්බ, ධාතුමනසිකාර පබ්බ සහ නවසීවථීකා පබ්බ ආදී වශයෙන් කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම දාහතරක් දක්වා තිබේ. ඒ අතුරින් ආධුනිකයන් අතර වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ ආනාපානාසති භාවනා ක්‍රමය යි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]ආනාපාන පබ්බ යනු ආශ්වාස වාතය හා ප්රාශ්වාස වාතය අනුව මෙහෙහි කොට සිහිය පිහිටුවා ගැනීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, සැතපීම ආදී විවිධ ඉරියව් අනුව මෙනෙහි කොට සිත පිහිටුවා ගැනීම ඉරියාපථ පබ්බ නම් වේ. සාත්ථක, සප්පාය, ගෝචර හා අසම්මෝහ යන්නෙන් චතුසම්පජඤ්ඤ පබ්බ අන්තර්ගත වේ. කයෙහි පිළිකුල් සහගත බව මෙනෙහි කොට ඒ අනුව සිහිය පවත්වා ගැනීම පටික්කුල මනසිකාර පබ්බය යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ධාතු මෙනෙහි කිරීම වශයෙන් සතිය වැඩීම ධාතුමනසිකාර පබ්බ වේ. සොහොනේ දැමූ මළ සිරුරක් පිළිබඳ අවස්ථා නවයක් ඔස්සේ සතිය වැඩීම ගැන නවසීවථීකා පබ්බයෙහි විස්තර වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]වේදනානුපස්සනා සතිපට්ඨානය යනු වේදනාවේ යථා තත්ත්වය වටහා ගෙන ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීමකි. පුද්ගලයා කෙලෙස්හි ඇලෙන්නේත් දුකට පත්වන්නේත් සුඛ, දුක්ඛ හා උපේක්ඛාදී වේදනාවන්ගේ යථා ස්වභාවය පිළිබඳ නොදැනීම නිසා ය. වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩීම මගින් වේදනාව පිළිබඳ මුලාව දුරුවන අතර එහි යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවෙයි. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දැක්වෙන පරිදි වේදනානුපස්සනාවට අරමුණු, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා, සාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා, සාමිස අදුක්ඛමසුඛ වේදනා සහ නිරාමිස අදුක්ඛමසුඛ වේදනා වශයෙන් නව වැදෑරුම් වේ. වේදනාව හේතු ප්‍රත්‍ය සංයෝගයෙන් ඇති වන්නකි. ඇතිවී වහා බිඳී යන්නකි. එබැවින්, කවර ආකාරයේ වේදනාවක් වුවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට යටත් ය. එසේ තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් ඉහත කී නව වැදෑරුම් වේදනාවන්ගේ යථා ස්වභාවය නුවණින් සලකා බලා තේරුම් ගැනීම වේදනානුපස්සනාවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]සිත අනුව බලමින් භාවනා කිරීම, සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනා සතිපට්ඨානය යි. අපට ඇත්තේ එක සිතක් වුවද එහි ප්‍රභේද ඇත. සරාග, වීතරාග, සදෝස, වීතදෝස, සමෝහ, වීතමෝහ, සංඛිත්ත, වික්ඛිත්ත, මහග්ගත, අමහග්ගත, සඋත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුත්ත සහ අවිමුත්ත ආදී චිත්ත ප්‍රභේද දහසයක් පිළිබඳ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වේ. චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්නේ කෙසේදැයි මින් එක් සිතක් නිදසුන් ලෙස ගෙන සලකා බලමු.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]සරාග චිත්තය යනු අට වැදෑරුම් ලෝභ සිත් ය. පෘථග්ජනයා ලෝභ සිත් සිතක් හැටියට නොව තමා හැටියට වරදවා ගනිමින් එය ආත්ම වශයෙන් ගෙන කල්පනා කරයි. සරාග චිත්තය රාගය හෙවත් ලෝභය දියුණු කරවන අරමුණු නිසා ඇතිවන්නක් මිස එහි සත්ව පුද්ගල වශයෙන් ගත යුත්තක් නැත. එබැවින් එවැනි ලෝභ සිතක් උපන් කල්හි එය සරාග සිතක් වශයෙන් කල්පනා කොට සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාව යි. එසේ සිහිය උපදවා ගැනීම නිසා රාග සිත නොවැඩේ. රාගය දුරු වූ එම චිත්ත සන්තානයෙහි වීතරාගී සිත පහළ වේ. එවිට වීතරාගී සිත ද හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තක් බවත් එහි ද පුද්ගල සත්ව වශයෙන් ගත යුත්තක් නොමැති බවත් කල්පනා කරමින් භාවනා වැඩීම චිත්තානුපස්සනාව යි. සෙසු සිත් පිළිබඳව ද මෙසේ සලකා බලමින් සතිය වැඩිය හැක.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]ධම්මානුපස්සනාව මුල්කොට ගෙන සංඥා හා සංස්කාර ස්කන්ධ පිළිබඳ ව යථා තත්ත්වය සිහියට නගා ගන්නා අන්දම මීළ`ගට විස්තර කෙරෙහි. සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කෙරෙන පරිදි නීවරණ සම්මර්ශනය, ස්කන්ධ සම්මර්ශනය, ආයතන සම්මර්ශනය, බෝධ්‍යංග සම්මර්ශනය හා ආර්ය සත්‍ය සම්මර්ශනය යනුවෙන් ධම්මානුපස්සනාව පස්වැදෑරුම් වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යනුවෙන් නිවන් මග අවුරණ ධර්මතා පහකි. ඒවා පංච නීවරණ නම් වේ. පළමුව තමා තුළ නීවරණ ඇති නැති බව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. දෙවනුව නීවරණ ධර්ම තුනීකර ගැනීමට වෙර වැඩිය යුතුය. නීවරණ ධර්ම මනසිකාරය භාවනාවක් වශයෙන් ද දක්වා තිඛෙන්නේ ඒ නිසාය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධ ධර්මයන් අරමුණු කොට ගෙන විදර්ශනා වැඩීම ස්කන්ධ සම්මර්ශනය යි. පංචඋපාදානස්කන්ධයන්හි ධම්මානුපස්සීව විසීමෙන් පුද්ගලත්වයක් නොමැතිව පංචස්කන්ධ ධර්ම පමණක් ඇත යන සිහිය ඇතිවෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ. මේ නිසා ලොව කිසිවක් මම ය මාගේ ය යනුවෙන් නොගෙන පංචඋපාදානස්කන්ධ අනුව බැලීමට පුහුණු වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]චක්ඛු, සෝත ආදී අභ්‍යන්තර ආයතන සයත්, රූප, ශබ්ද ආදී බාහිර ආයතන හයත් ධර්මය අනුව බලමින් විදර්ශනා වැඩීම ආයතන වශයෙන් ධම්මානුපස්සනාවයි. මෙසේ ධම්මානුපස්සීව වාසය කරන්නාට උදක් ආයතන පමණක් ඇත යන සිහිය ඇති වෙයි. හෙතෙම ලෝකය මම ය මාගේ ය යනුවෙන් නොගනී. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන බෝධි අංග හත අරමුණු කොට ගෙන සිහිය පිහිටුවා ගැනීම බෝධ්‍යංග සම්මර්ශනය යි. එවැන්නාට පුද්ගලත්වය හැර බොජ්®ංග පමණක් ඇත යන සිහිය ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ. තෘෂ්ණාවෙන් ඈත්ව වසන හෙතෙම මම ය මාගේ ය යනුවෙන් ලොව කිසිවක් නොගනී. චතුරාර්ය සත්‍යය ධර්මයන් අනුව බලමින් වාසය කිරීම ආර්ය සත්‍ය සම්මර්ශනය යනුවෙන් හැඳින්වේ. චතුරාර්ය සත්‍යය ධර්මයන්හි හට ගැන්මත්, ක්‍රියාකාරිත්වයත්, නැතිවීමත් පිළිබඳ නුවණින් මෙනෙහි කරමින් වාසය කිරීම මෙයින් අදහස් කෙරේ. එසේ වාසය කරන්නාට පුද්ගලත්වය හැර ලොව උදක් චතුරාර්ය සත්‍යය ධර්මයන් පමණක් ඇත යන සිහිය ඇති වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]නිවන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බව පැහැදිලි කරමින්, බුදු රජාණන් වහන්සේ සියළු ලෝ වැසියන්ගේ හිත සුව පිණිස, මහා කරුණාවෙන් යුක්තව සතර සතිපට්ඨානය වැඩීමේ අනුසස් මෙසේ දේශනා කොට වදාළ සේක.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] ඒකායනො අයං භික්ඛවේ මගෙගා සත්තානං විසුවද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom