Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමච්ඡන්දය

පංච නීවරණයන්ගෙන් කාමච්ඡන්දය පිළිබඳ සරල පැහැදිලි කිරීමකි මේ.

ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් කියන මේ ඉන්ද්රිය ධර්ම හයෙන් අපි අහන්න, දකින්න, ස්පර්ශ කරන්න, දැනගන්නට කැමති වෙන දේට කියනවා කාම කියලා. දකින්නට කැමති රූපය රූප කාමයයි. අසන්නට කැමති ශබ්දය ශබ්ද කාමයයි. ආඝ්‍රාණය කරන්නට කැමති ගන්ධය ගන්ධ කාමයයි. මේ ආදි වශයෙන් ෂඩේන්ද්රියන්ගෙන්ම යමක් කැමති වෙනවාද එය කාමයයි. මේ කැමති වෙන්නා වූ දේ සඳහා ඇත්තා වූ ඇල්ම, ඕනෑකම, කැමත්ත හෝ ඒ කෙරෙහි නැඹුරුවට කියනවා කාමච්ඡන්දයයි කියලා. මේ කාමච්ඡන්දය කියන වචනය ගත්තාම ලෝභය තණ්හාව ආශාව ආදරය සෙනෙහස ඇල්ම කෑදරකම ඕනෑකම කැමැත්ත. මේ සියලුම වචනවලින් යම් බැඳීමක් පිළිබඳව කියනව නම් ඒ වචනවලින් කියවෙන ලෝභ මූලික සිත් සියල්ලම මේ කාමච්ඡන්දයයි කියන වචනයට ගැනෙනවා. ඒ නිසා අපි පඤ්චේන්ද්‍රියන්ගෙන් ඇතුළට ගන්නා වූ යම් දේකට දැඩිව ඇලෙනවද එතන තියෙන්නෙ කාමච්ඡන්දයයි.

මේ කාමච්ඡන්දය අපේ සිතෙහි මතු වන ආකාර විවිධයි. කෙනෙකුට කාමච්ඡන්දය ඇති වන වස්තුව හෝ පුද්ගලයා කෙරෙහි තව කෙනෙකුට කාමච්ඡන්දය ඇති නොවෙන්නට පුළුවන්. ඒ නිසා ලෝකයේ හැම දෙයක් ගැනම හැම කෙනෙකුටම කාමච්ඡන්දය ඇති වන්නේ නැහැ. එක් එක් පුද්ගලයාගේ තරාතිරම අනුව, ජීවත් වන පරිසරය අනුව, මානසික මට්ටම අනුව මේ කාමච්ඡන්දය වෙනස් වෙනවා. ගිහියාට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පැවිද්දාට ඇති වන කාමච්ඡන්දය. පැවිද්දන් අතරිනුත් ආරණ්‍යවාසී පැවිද්දන්ට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පන්සල්වල ඉන්න භික්ෂූන්ට ඇති වන කාමච්ඡන්දය. ඊට වඩා වෙනස් වෙනත් වෙනත් තැන් ඇසුරු කරගෙන ඉන්නා වූ භික්ෂූන්ට ඇති වන කාමච්ඡන්දය.

ගිහියන් අතරිනුත් දුප්පතුන්ට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පොහොසතුන්ට ඇති වන කාමච්ඡන්දය. මේ ආදි වශයෙන් පුද්ගලයන්ගේ විවිධත්වය අනුව මේ කාමච්ඡන්දය වෙනස් වෙනවා; විවිධ වෙනවා. එහෙත් මේ ලෝකයේ තියෙන අජීව සජීව සෑම දෙයක්ම යම්කිසි කෙනෙක් කැමති වන්නා වූ දෙයක්. ඒ නිසා මේ ලෝකයේ දර්ශනය වන ශ්‍රවණය වන දැනෙන ස්පර්ශ වන මේ සියල්ලක්ම කාම වස්තූන් හැටියටයි බුදු රජාණන් වහන්සේ දේ්ශනා කළේ. මේ කවර හෝ කාම වස්තුවක් සම්බන්ධ අපේ සිතේ ඇල්මක් බැඳීමක් කැමැත්තක් උපදිනවා නම් එය කාමච්ඡන්දයයි. මේ කාමච්ඡන්දය උපදින කොට එයින් අපේ සිත කොයි තරම් කෙලෙසෙනවාද කියන බවයි බුදුහාමුදුරුවො මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ.

එය නීවරණයක් වෙනවා. එය ආවරණයක් වෙනවා. එයින් නිවන් මග සම්පූර්ණයෙන් අහුරනවා. නිවන සඳහා භාවනා කරන ගුණදහම් වඩන හැමදෙනාටම මේ නීවරණ ධර්මයන් බාධාවක්. යෝගාවචරයන්ට අතිශයින්ම බාධාවක්. නිවන් මග යම්තාක් දුරකට හෝ ගියා වූ අය නැවත නැවතත් නිවන් මගින් ආපසු හරවනවා. නැවතත් සසර නමැති මඩගොඩට ඇද-දමනවා. නිවන ආසන්නයටම ගියා වූ අයටත් බාධා කරනවා. මේ අයුරින් නිවන් මග අහුරන නිසයි ඒවට ‘නීවරණ’ කියන නම භාවිතා කරලා තියෙන්නේ.

මේ කාමච්ඡන්දය කියන නීවරණය මම දීර්ඝව විස්තර කරන්නට යන්නේ නෑ. අපි හැම කෙනෙකුටම ඒ පිළිබඳව බොහෝ අත්දැකීම් තියනවා. භාවනාවට යොමු වුණා වූ සැදැහැවත් භික්ෂු-භික්ෂුණී උපාසක-උපාසිකා කියන මේ සිව් පිරිසෙන් යම් කෙනෙක් නිවන් අරමුණු කරගෙන බණ භාවනා කිරීම් ආදි ප්‍රතිපත්ති මගට යොමු වෙනවාද, ඒ අයට ඉතා සියුම් ආකාරයෙන්, වංචනික අකාරයෙන් මේ කාමච්ඡන්දයෙන් හානි පමුණුවනවා. අපේ රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ ‘වංචක ධර්ම හා චිත්තෝපක්ලේ්ශ ධර්ම’ කියන පොතේ පැහැදිලි කරනවා මේ කාමච්ඡන්දය හෙවත් ලෝභය, රාගය මොන මොන මුහුණුවරින්ද මතු වෙලා නිවන් මගට බාධා කරන්නේ කියලා.

එයින් ගෝචාවචරයන්ට, ප්‍රතිපත්ති පුරන අයට ඇති වන ප්‍රබල බාධාවක් තමයි කුසලච්ඡන්දයේ ආකාරයෙන් මේ කාමච්ඡන්දය ඇති වීම. කුසලච්ඡන්දයයි කියන්නේ පින්දහම් කරන්නට ඇති කැමැත්ත. ඒ කොහොමද? යම් යම් වස්තූන්ට යම් යම් පුද්ගලයන්ට කැමති වන මනසක් ඇති තැනැත්තා ඒ කාමච්ඡන්දය යට කරන්නට, බැහැර කරන්නට, භාවනා කරන කොට ඒ භාවනාව නවත්වල හොඳ හොඳ විහාර ආරාම හදන්නට, ඒ වගේම ඉතා ලස්සන බඩු- මුට්ටු පූජා කරන්නට, හොඳ පන්සල් ගොඩනගන්නට, හොඳ ආවාස හදලා පූජා කරන්නට, විචිත්‍ර වූ බුද්ධ පූජා පවත්වන්නට, වන්දනා ගමන් යන්නට, චෛත්‍ය බලන්න යන්නට, දුර බැහැර සිද්ධස්ථාන නරඹන්නට යන්නට, මේ ආදි විවිධාකාරයෙන් සිතට මතු වෙනවා අහවල් අහවල් පින්කම් කළොත් නම් හොඳයි කියලා. එතනදී මේ නැවත නැවතත් පැමිණෙන්නේ සසරට ඇද-දාන කාමයම නේද කියන බව අපේ සිතට වැටහෙන්නේ නෑ.

බුදු රුවක් කියන්නෙත් කාම වස්තුවක්. එයට අපි ඇලුම් කරනවා. එයට අපි පි‍්‍රය කරනවා. ඒ නිසා බුද්ධ රූපයක් කියන්නෙත් කාම වස්තුවක්. බෝධියක් කියන්නෙත් කාම වස්තුවක්. චෛත්‍යයක් කියන්නෙත් කාම වස්තුවක්. සිවුරු පිරිකර කියන්නෙත් කාම වස්තූන්. මේ සියල්ලක්ම සසර පැවැත්ම සඳහා හේතු වෙන්න පුළුවන්. එතකොට යම් දර්ශනයක් නරඹන්නට, මේ යම් තැනකට යන්නට, යමක් ඒ ආකාරයෙන් දැකලා තෘප්තියක් ලබන්නට අපේ සිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කාමච්ඡන්දයම තවත් ආකාරයකින් මතු වීමක්. වරදවා තේරුම් ගන්නට එපා, මෙයින් මම කියන්නේ පින්කම් කරන්න එපා, වන්දනා ගමන් යන්න එපා කියන කතාවක් නෙමෙයි.

මේ කාමච්ඡන්දය ඉතා සියුම් ආකාරයෙන් භාවනා කරන පුද්ගලයාගේ සිතේ මතු වන කොට ඒ තැනැත්තා තමන්ට නොදැනීම අර වගේ වැඩ කටයුතුවලට පෙලඹෙන්නට පටන් ගන්නවා. ඊට පසුව භාවනාව කිරීම සම්පූර්ණයෙන් නවතිනවා. බාහිර පින් දහම් කරනවා. ඒවායේ විපාක වශයෙන් දිව්‍ය මනුෂ්‍ය ආදි සම්පත් විඳිමින් සසර බොහෝ කාලයක් භවයෙන් භවයට යනවා. නිවන් මග ඇහිරිලා යනවා. ඒ කාමච්ඡන්දය එක් ආකාරයකින් වංචනිකව අපේ මනස දූෂණය කරලා විනාශ කරලා සසරට ඇද-දමන ආකාරයයි.

ඒ වගේම තවත් සමහර වෙලාවට - විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට – ගිහියන්ටත් ඒක සාධාරණයි, මේ කාමච්ඡන්දය හානි කරන තවත් ක්‍රමයක් තමයි අන් අයට උපකාර කිරීම් වශයෙන්. තමන් යම් දහමක් දැනගත්තාම තමන් යම් භාවනාවක් ඉගෙනගත්තාම අනෙක් මිනිසුන්ටත් මේක කියා දෙන්නට ඕන. බොහෝ දෙනාට මේ බව කියන්න ඕන. රූපවාහිනී මාර්ගයෙන් ඒක කියා දුන්නොත් බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සලසන්න පුළුවන්.

ගුවන්විදුලිය මගින් ගියා දුන්නොත් තව බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සලසන්න පුළුවන්. පුවත්පත් මාර්ගයෙන් මේ ධර්මය ප්‍රචාරය කළොත්, විදේශගත වෙලා ධර්ම ප්‍රචාරය කළොත් තවත් පුළුවන්. මේ විදිහේ නා නා විධ අදහස් මතු වෙලා ඔවුන් මහජනයා හමුවට ගිහින් මහජනයා විසින් පිරිවරාගෙන කලක් යනකොට මහජනයා විසින්ම මෙහෙයවන පිරිසක් බවට පත් වෙනවා. ඉතා සුළු කාලයකදී තමන් කළා වූ භාවනා කටයුතු සියල්ලකගෙන්ම පිරිහිලා නිවන් මගින් ඈත් වෙලා මහජනයා අතර මහජනයාට මග පෙන්වන එක්තරා ප්‍රධානියෙක් බවට පත් වෙනවා. තවත් කලක් යනකොට මහජනයාගේ අවලාදවලට ලක් වෙන මහජනයාගේ විවේචනවලට ලක් වන මහජනයාගේ අප්‍රසාදයට ලක් වන තවත් එක් භික්ෂුවක් හෝ උපාසකයෙක් පමණක් බවට පත් වෙනවා.

කල්පනා කරලා බලන්න මෑත ඉතිහාසයේ අපේ රටේ ශීඝ්‍රයෙන් ජනප්‍රසාදයට පත් වුණ භික්ෂූන් වහන්සේලාට අද මොකද වෙලා තියෙන්නේ? මේ ස්වභාවය අපි තේරුම් නොගත්තොත් අපි කාටත් ඒ දේ වෙන්නට පුළුවන්. භික්ෂූන්ට පමණක් නෙමෙයි, උපාසක-උපාසිකා හැම දෙනාටම මේ තත්ත්වය සාධාරණයි. මෙයින් මම අදහස් කරන්නේ තමා දැනගත් දේ අනිත් අයට කියා දෙන්නට එපා කියන එකක් නෙමෙයි. ඒ කියා දීමේ ස්වරූපයෙන් කුමක්ද මේ මතු වෙලා එන්නේ කියන බව නැවත නැවත අපි නුවණින් කල්පනා කරන්නට ඕන. ඒ විදියෙන් කල්පනා නොකළොත් සියුම් ආකාරයෙන් කාමච්ඡන්දයට යට වෙලා අපිව විනාශ වෙනවා.

තව සමරුන්ට මේ කාමච්ඡන්දය භාවනා කරගෙන යන කොට ඇති වෙනවා නොලැබූ ධ්‍යාන මාර්ගඵලාදිය අරමුණු කරගෙන. දැන් මගේ මනස බොහෝම සමාධිගත වෙනවා, තව ටික කාලයකින් මට සෝවාන් වෙන්න පුළුවන්, මට තව ටික කාලයකින් සකෘදාගාමී වෙන්න පුළුවන්, තව ටික කාලයකින් රහත් වෙන්න පුළුවන්, තව ටික කාලයකින් ප්‍රථමධ්‍යානය උපදවන්නට පුළුවන්. මේ ආදි වශයෙන් තමන් නොලැබූ, ආගතයේදී ලැබේවි කියලා බලාපොරොත්තු වන ධ්‍යාන මාර්ග ඵල ආදිය පිළිබඳව සියුම් කැමැත්තක්, සියුම් ඇල්මක් භාවනා කරන තැනැත්තා තුළ ඇති වෙනවා. මේ ඇති වෙන්නා වූ ඇල්ම භාවනා කරන්න වාඩි වෙන මොහොතක් මොහොතක් පාසා නැවත නැවත මතු වෙලා ඒ තැනැත්තාගේ සිත අතිශයින් වික්ෂිප්ත කරලා මූලික අරමුණෙන් බැහැර කරනවා. බොහෝ වේලාවක් උත්සාහ කළත් සිත එකඟ කරගන්න බැරි වෙනවා. වෙනමම මනෝමය ලෝකයක තමන්ගේ සිත රඳවාගෙන අනාගතයේ ලබන්නා වූ ධ්‍යාන මාර්ගඵල ආදිය පිළිබඳව කල්පනා කරමින් ඉඳලා ටික වේලාවකින් නැගිටින්නට සිද්ධ වෙනවා.

මේ විදිහේ නොයෙක් ක්‍රමවලින් වංචා කරමින් අපේ සිත මැඬගෙන නැවත නැවතත් භාවනා මාර්ගයෙන් ඉවත් කරලා, ප්‍රතිපත්ති මාර්ගයෙන් ඉවත් කරලා සසරට ඇද-දමන්නා වූ මේ කාමච්ඡන්දය නමැති ධර්මතාවක් අපේ සිත්සතන් වසාගෙන පවතිනවා. එය නිවන් මගට මහත් වූ බාධාවක් කියන බව බුදුහාමුදුරුවො දේශනා කළා.

ඊළඟට මේ කාමච්ඡන්දය නැති කරන්නට නම් එය ඇති වීමේ හේතුවත් අපි තේරුම් ගන්නට ඕන. කුමක්ද මේ කාමච්ඡන්දය ඇති වීමේ හේතුව? බුදුහාමුදුරුවො දේශනා කරනවා “මහණෙනි, මේ ලෝකයේ ශුභ නිමිති තියනවා.” කුමක්ද ශුභ නිමිත්ත කියන්නෙ? එක් එක් පුද්ගලයා හොඳයි කියන දේ, ලස්සනයි කියලා හිතන දේ, ශුභයි කියලා හිතන දේ තමයි මෙතන ශුභ නිමිත්ත කියන්නෙ. පරමාර්ථ වශයෙන් නම් ශුභයයි ගත යුතු දෙයක් නෑ. නමුත් පුරුෂයා හිතනවා කාන්තාව ශුභ දර්ශනයක් කියලා.

කාන්තාව හිතනවා පුරුෂයා ශුභ දර්ශනයක් කියලා. මේ ආදි වශයෙන් ලෝකයේ අවිඥානක සවිඥානක බොහෝ දේ ශුභ වශයෙන් අපි හිතාගන්නවා. මෙසේ හිතාගෙන ශුභ සඥාවෙන් ගන්නා වූ අරමුණු පිළිබඳ නුවණින් තොරව කල්පනා කරනවා, ප්‍රඥාවෙන් තොරව කල්පනා කරනවා. කොහොමද ප්‍රඥාවෙන් තොරව කල්පනා කරනවා කියන්නේ? පුද්ගලයන් වශයෙන්, සත්ත්වයන් වශයෙන්, මමත්වයෙන් කල්පනා කරනවා. ඊයේ හිටියෙත් මේ කාන්තාවයි, අද ඉන්නෙත් මේ කාන්තාවයි, හෙටත් මේ කාන්තාවයි. මේ විදිහෙන් පුද්ගලයෙක් වශයෙන් ගන්නවා. ධර්මානුකූලව බලනකොට මොහොතක් පාසා බිඳී-බිඳී යන නාම රූප සමූහයක් පමණයි මේ තුළ පවතින්නේ. ඒත් ඒ විදියට නුවණින් දකින්නේ නැතිව, මේ කාන්තාව මේ පුරුෂයා මේ කෙස්ටික මේ ඇස් දෙක ආදි වශයෙන් ශරීරාංග වශයෙන් බලමින් ඒවාට ඇලුම් කරනවා. ඊයේ හිටියෙත් ඇයයි. අද ඉන්නෙත් ඇයයි. ඊයේ හිටියෙත් මොහුයි. අද ඉන්නෙත් මොහුයි. මේ ආදි වශයෙන් ආත්ම සංඥාවෙන් අරගෙන, පුද්ගල සංඥාවෙන් අරගෙන, සත්ත්ව සංඥාවෙන් අරගෙන අපේ මනසේ අයෝනිසෝ මනසිකාරය පවත්වනවා.

මෙසේ නුවණින් තොරව කල්පනා කිරීම, ප්‍රඥාවෙන් තොරව කල්පනා කිරීම, හේතුඵල ධර්මයන්ගෙන් පරිබාහිරව කල්පනා කිරීම තමයි අයෝනිසෝ මනසිකාරය. මේ විදිහට අපි හොඳයි කියලා හිතන දර්ශනය හෝ ශ්‍රවණය හෝ කුමක් හෝ ඒ කාම වස්තුව පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කරන්නා වූ පුද්ගලයා තුළ නූපන් කාමච්ඡන්දය උපදිනවා; උපන්නා වූ කාමච්ඡන්දය නැවත නැවත වැඩෙනවා, වර්ධනය වෙනවා, බහුල වෙනවා. වරක් අපේ හිතේ යමක් පිළිබඳව කාමච්ඡන්දයක් ඇති වුණා නම් ඒ ඇති වූ සිතුවිල්ල ම නැවත නැවත කාමච්ඡන්දය උපදවන්නා වූ හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා නැවත නැවත ඒ කාමච්ඡන්දයට අරමුණු වූ වස්තුව කෙරෙහි මනස යොමු වෙනවා.

ඒ ගැන නැවත නැවත අපි හිතන්නට පටන් ගන්නවා. හිතන-හිතන වාරයක් පාසා නැවත-නැවත කාමච්ඡන්දය ඇති වෙනවා. මං පෙර දිනෙක අකුසල සමාපත්ති සූත්‍රයේ විස්තර කරලා දුන්නා නැවත නැවත අකුසල සමාපත්තියට සම වදින හැටි. අකුසල භාවනාව සිද්ධ වෙන හැටි. අන්න ඒ විදිහට ඒ කාමච්ඡන්දයට අරමුණු වූ අරමුණ හෝ නැවත නැවතත් සිහිපත් කරමින් අපේ මනස ඒ කාමච්ඡන්දයේම බහුල කොට පවතිනවා. ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කරනවා, මහණෙනි මේ ලෝකයේ ශුභ නිමිති තියෙනවා, මනුෂ්‍යයෝ ශුභ වශයෙන් ගන්න සංඥාවන් තියෙනවා. ඒ ශුභ සංඥාව, ශුභ නිමිත්ත නුවණින් තොරව නැවත නැවත කල්පනා කිරීම නිසා තමයි මේ කාමච්ඡන්දය හට ගන්නෙ කියලා.

එහෙම නම් කොහොමද මේ කාමච්ඡන්දය නැති කරන්නට පුළුවන් වෙන්නෙ? කොහොමද ප්රහාණය කරන්නට, දුරු කරන්නට පුළුවන් වෙන්නෙ? “මහණෙනි අශුභ නිමිත්තක් තියෙනවා.” කුමක්ද අශුභ නිමිත්ත? උද්ධුමාතක, විනීලක, විපුබ්බක... මේ ආදි වශයෙන් දශ අශුභයක් දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයෙ. මේ දශ අශුභය හෝ “කේශා ලෝමා නඛා...” ආදි වශයෙන් කුණප කොටස් හෝ මේ කවර ආකාර හෝ අශුභයක් අපේ මනසට මතු කරගෙන මේ අශුභය පිළිබඳව, මේ අශුභ දර්ශනය පිළිබඳව, මේ අශුභ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් කල්පනා කරනවා නම්; මේ සත්ත්වයෙක් නොවේ, මේ පුද්ගලයෙක් නොවේ මේ කෙස් මේ ආකාරයෙන් පිළිකුල්, මේ දත් ටික මේ ආකාරයෙන් පිළිකුල්, මේ මාංසය මේ ලෙය, මේ ආකාරයෙන් පිළිකුල්, මරණයට පත් වුණාම මෙතරම් පිළිකුල්... මේ ආදි වශයෙන් රාග වශයෙන් නොගෙන, ඇලුම් නොකර එහි තිබෙන අශුභත්වය නැවත නැවත මනසට නගාගනිමින් යම් කිසි කෙනෙක් අශුභ නිමිත්ත පිළිබඳව නුවණින් කල්පනා කරනවා නම්, මනස හුරු කරනවා නම් ඒ තැනැත්තාට නූපන්නා වූ කාමච්ඡන්දය නූපදී පවතිනවා; උපන්නා වූ කාමච්ඡන්දය ප්රහාණය වෙනවා; විපුල බවට මහත් බවට බහුල බවට පත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා.

කාමච්ඡන්දය අපේ සිතේ තියෙනවා, අපට කාමච්ඡන්දය බාධා කරනවා, කාමච්ඡන්දය මතු වෙනවා කියලා තමන්ට තෙරේනවා නම් ඒ හැම මොහොතකම පරීක්ෂාකාරී වෙන්න; එයට හේතුව කුමක්ද කියා සොයන්න. ශුභ නිමිත්තක් පිළිබඳව හොඳයි කියලා නැවත නැවතත් නුවණින් තොරව කල්පනා කිරීමයි ඒ කාමච්ඡන්දය ඇති වීමේ හේතුව. පින්වතුන්ට එය මග හරවන්නට ඕනෑ නම් ඒ සඳහා එක් ක්‍රමයක් තමයි අශුභ නිමිත්තක් සිතට මතු කරගෙන නැවත නැවතත් ඒ පිළිබඳව නුවණින් කල්පනා කිරීම.

දිනක් ආනන්ද හාමුදුරුවොත් සමග අලුත මහණ වුණු වංගීස කියන හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනවා. ලස්සන කාන්තාවක් දැකලා මේ අලුත පැවිදි වුණ භික්ෂූන් වහන්සේගේ සිත රාගයෙන් අවුල් වුණා; රාගයෙන් සිත විපරීත වුණා. එතනදි ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා “ගෞතම ගෝත්‍ර වූ ආනන්ද හාමුදුරුවනේ, මගේ සිත රාගයෙන් විකෘති වෙලා. මගේ සිත රාගයෙන් විපරීත වෙලා. අනේ මට උදව් කරන්න, මගේ සිත සන්සුන් කරගන්න. මගේ සිතින් මේ රාගය යටපත් කරගන්න මට උපායක් කියන්න.

මට මේ රාග ගින්න නිවාගන්න ක්‍රමයක් කියා දෙන්න” කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. ආනන්ද හාමුදුරුවො දේශනා කරනවා. “ආයුස්මතුනි, ඔබ වහන්සේගේ සිත රාගයෙන් ආකුල ව්‍යාකුල වෙලා පවතින්නේ මේ නිමිත්ත ශුභ වශයෙන් ගත්තු නිසයි. ඒ නිසා ‘නිමිත්තං පරිවජ්ජේසි’ ශුභ නිමිත්ත බැහැර කරන්න. බැහැර කරලා ‘අසුභං රෝගුප නිස්සිතං’ අශුභ වූ මහත් රෝග සමූහයක් හටගන්නා වූ මේ කය පිළිබඳව නුවණින් කල්පනා කරන්න. එතකොට මේ රාගය යටපත් වෙයි. එතකොට ඔබේ සිත සන්සුන් වෙයි. එතකොට මනසේ මතු වෙවී එන රාග ගින්න නිවී යාවි.” ආනන්ද හාමුදුරුවො එහෙම උපදෙස් දුන්නා.

රාගය, කාමච්ඡන්දය, ලෝභය මේ සියලු නම්වලින් හඳුන්වන්නා වූ කාමය පිළිබඳව ඇල්ම, කැමැත්ත අපේ සිතේ හටගන්නෙ අපි හොඳයි කියලා තීරණය කළා වූ නිමිත්තක්, අරමුණක් පිළිබඳව නැවත නැවත සිතීම නිසයි. එය බැහැර කළ හැකි පහසුම ක්‍රමය තමයි එහි තියෙන අශුභත්වය පිළිබඳව නැවත නැවතත් මෙනෙහි කිරීම. කාමච්ඡන්දය පිළිබඳව දැනගත යුතු තව බොහෝ කරුණු තියෙනවා. තවත් ගැඹුරින් ඒ ගැන දැනගන්නට අවශ්‍ය නම්, තවත් ගැඹුරින් පිළියම් දැනගන්නට අවශ්‍ය නම් අපේ රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ ‘චත්තාළීසාකාර විපස්සනා භාවනා’ පොතේ අවසානයට මේ නීවරණ පිළිබඳව පූර්ණ විස්තරයක් උන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක නැවත නැවත කියවලා තේරුම් ගන්නට පුළුවන් කුමක්ද ඒ සම්බන්ධව අප කළ යුත්තේ කියලා.

[QUOTE="Dilwaale, post: 18513412, member: 520020"] [CENTER][COLOR=Navy][B][SIZE=4][SIZE=6][/SIZE][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][COLOR=Navy][B][SIZE=4][SIZE=6][U]කාමච්ඡන්දය[/U][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Navy][B][SIZE=4]පංච නීවරණයන්ගෙන් කාමච්ඡන්දය පිළිබඳ සරල පැහැදිලි කිරීමකි මේ. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් කියන මේ ඉන්ද්රිය ධර්ම හයෙන් අපි අහන්න, දකින්න, ස්පර්ශ කරන්න, දැනගන්නට කැමති වෙන දේට කියනවා කාම කියලා. දකින්නට කැමති රූපය රූප කාමයයි. අසන්නට කැමති ශබ්දය ශබ්ද කාමයයි. ආඝ්‍රාණය කරන්නට කැමති ගන්ධය ගන්ධ කාමයයි. මේ ආදි වශයෙන් ෂඩේන්ද්රියන්ගෙන්ම යමක් කැමති වෙනවාද එය කාමයයි. මේ කැමති වෙන්නා වූ දේ සඳහා ඇත්තා වූ ඇල්ම, ඕනෑකම, කැමත්ත හෝ ඒ කෙරෙහි නැඹුරුවට කියනවා කාමච්ඡන්දයයි කියලා. මේ කාමච්ඡන්දය කියන වචනය ගත්තාම ලෝභය තණ්හාව ආශාව ආදරය සෙනෙහස ඇල්ම කෑදරකම ඕනෑකම කැමැත්ත. මේ සියලුම වචනවලින් යම් බැඳීමක් පිළිබඳව කියනව නම් ඒ වචනවලින් කියවෙන ලෝභ මූලික සිත් සියල්ලම මේ කාමච්ඡන්දයයි කියන වචනයට ගැනෙනවා. ඒ නිසා අපි පඤ්චේන්ද්‍රියන්ගෙන් ඇතුළට ගන්නා වූ යම් දේකට දැඩිව ඇලෙනවද එතන තියෙන්නෙ කාමච්ඡන්දයයි. මේ කාමච්ඡන්දය අපේ සිතෙහි මතු වන ආකාර විවිධයි. කෙනෙකුට කාමච්ඡන්දය ඇති වන වස්තුව හෝ පුද්ගලයා කෙරෙහි තව කෙනෙකුට කාමච්ඡන්දය ඇති නොවෙන්නට පුළුවන්. ඒ නිසා ලෝකයේ හැම දෙයක් ගැනම හැම කෙනෙකුටම කාමච්ඡන්දය ඇති වන්නේ නැහැ. එක් එක් පුද්ගලයාගේ තරාතිරම අනුව, ජීවත් වන පරිසරය අනුව, මානසික මට්ටම අනුව මේ කාමච්ඡන්දය වෙනස් වෙනවා. ගිහියාට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පැවිද්දාට ඇති වන කාමච්ඡන්දය. පැවිද්දන් අතරිනුත් ආරණ්‍යවාසී පැවිද්දන්ට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පන්සල්වල ඉන්න භික්ෂූන්ට ඇති වන කාමච්ඡන්දය. ඊට වඩා වෙනස් වෙනත් වෙනත් තැන් ඇසුරු කරගෙන ඉන්නා වූ භික්ෂූන්ට ඇති වන කාමච්ඡන්දය. ගිහියන් අතරිනුත් දුප්පතුන්ට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පොහොසතුන්ට ඇති වන කාමච්ඡන්දය. මේ ආදි වශයෙන් පුද්ගලයන්ගේ විවිධත්වය අනුව මේ කාමච්ඡන්දය වෙනස් වෙනවා; විවිධ වෙනවා. එහෙත් මේ ලෝකයේ තියෙන අජීව සජීව සෑම දෙයක්ම යම්කිසි කෙනෙක් කැමති වන්නා වූ දෙයක්. ඒ නිසා මේ ලෝකයේ දර්ශනය වන ශ්‍රවණය වන දැනෙන ස්පර්ශ වන මේ සියල්ලක්ම කාම වස්තූන් හැටියටයි බුදු රජාණන් වහන්සේ දේ්ශනා කළේ. මේ කවර හෝ කාම වස්තුවක් සම්බන්ධ අපේ සිතේ ඇල්මක් බැඳීමක් කැමැත්තක් උපදිනවා නම් එය කාමච්ඡන්දයයි. මේ කාමච්ඡන්දය උපදින කොට එයින් අපේ සිත කොයි තරම් කෙලෙසෙනවාද කියන බවයි බුදුහාමුදුරුවො මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ. එය නීවරණයක් වෙනවා. එය ආවරණයක් වෙනවා. එයින් නිවන් මග සම්පූර්ණයෙන් අහුරනවා. නිවන සඳහා භාවනා කරන ගුණදහම් වඩන හැමදෙනාටම මේ නීවරණ ධර්මයන් බාධාවක්. යෝගාවචරයන්ට අතිශයින්ම බාධාවක්. නිවන් මග යම්තාක් දුරකට හෝ ගියා වූ අය නැවත නැවතත් නිවන් මගින් ආපසු හරවනවා. නැවතත් සසර නමැති මඩගොඩට ඇද-දමනවා. නිවන ආසන්නයටම ගියා වූ අයටත් බාධා කරනවා. මේ අයුරින් නිවන් මග අහුරන නිසයි ඒවට ‘නීවරණ’ කියන නම භාවිතා කරලා තියෙන්නේ. මේ කාමච්ඡන්දය කියන නීවරණය මම දීර්ඝව විස්තර කරන්නට යන්නේ නෑ. අපි හැම කෙනෙකුටම ඒ පිළිබඳව බොහෝ අත්දැකීම් තියනවා. භාවනාවට යොමු වුණා වූ සැදැහැවත් භික්ෂු-භික්ෂුණී උපාසක-උපාසිකා කියන මේ සිව් පිරිසෙන් යම් කෙනෙක් නිවන් අරමුණු කරගෙන බණ භාවනා කිරීම් ආදි ප්‍රතිපත්ති මගට යොමු වෙනවාද, ඒ අයට ඉතා සියුම් ආකාරයෙන්, වංචනික අකාරයෙන් මේ කාමච්ඡන්දයෙන් හානි පමුණුවනවා. අපේ රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ ‘වංචක ධර්ම හා චිත්තෝපක්ලේ්ශ ධර්ම’ කියන පොතේ පැහැදිලි කරනවා මේ කාමච්ඡන්දය හෙවත් ලෝභය, රාගය මොන මොන මුහුණුවරින්ද මතු වෙලා නිවන් මගට බාධා කරන්නේ කියලා. එයින් ගෝචාවචරයන්ට, ප්‍රතිපත්ති පුරන අයට ඇති වන ප්‍රබල බාධාවක් තමයි කුසලච්ඡන්දයේ ආකාරයෙන් මේ කාමච්ඡන්දය ඇති වීම. කුසලච්ඡන්දයයි කියන්නේ පින්දහම් කරන්නට ඇති කැමැත්ත. ඒ කොහොමද? යම් යම් වස්තූන්ට යම් යම් පුද්ගලයන්ට කැමති වන මනසක් ඇති තැනැත්තා ඒ කාමච්ඡන්දය යට කරන්නට, බැහැර කරන්නට, භාවනා කරන කොට ඒ භාවනාව නවත්වල හොඳ හොඳ විහාර ආරාම හදන්නට, ඒ වගේම ඉතා ලස්සන බඩු- මුට්ටු පූජා කරන්නට, හොඳ පන්සල් ගොඩනගන්නට, හොඳ ආවාස හදලා පූජා කරන්නට, විචිත්‍ර වූ බුද්ධ පූජා පවත්වන්නට, වන්දනා ගමන් යන්නට, චෛත්‍ය බලන්න යන්නට, දුර බැහැර සිද්ධස්ථාන නරඹන්නට යන්නට, මේ ආදි විවිධාකාරයෙන් සිතට මතු වෙනවා අහවල් අහවල් පින්කම් කළොත් නම් හොඳයි කියලා. එතනදී මේ නැවත නැවතත් පැමිණෙන්නේ සසරට ඇද-දාන කාමයම නේද කියන බව අපේ සිතට වැටහෙන්නේ නෑ. බුදු රුවක් කියන්නෙත් කාම වස්තුවක්. එයට අපි ඇලුම් කරනවා. එයට අපි පි‍්‍රය කරනවා. ඒ නිසා බුද්ධ රූපයක් කියන්නෙත් කාම වස්තුවක්. බෝධියක් කියන්නෙත් කාම වස්තුවක්. චෛත්‍යයක් කියන්නෙත් කාම වස්තුවක්. සිවුරු පිරිකර කියන්නෙත් කාම වස්තූන්. මේ සියල්ලක්ම සසර පැවැත්ම සඳහා හේතු වෙන්න පුළුවන්. එතකොට යම් දර්ශනයක් නරඹන්නට, මේ යම් තැනකට යන්නට, යමක් ඒ ආකාරයෙන් දැකලා තෘප්තියක් ලබන්නට අපේ සිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කාමච්ඡන්දයම තවත් ආකාරයකින් මතු වීමක්. වරදවා තේරුම් ගන්නට එපා, මෙයින් මම කියන්නේ පින්කම් කරන්න එපා, වන්දනා ගමන් යන්න එපා කියන කතාවක් නෙමෙයි. මේ කාමච්ඡන්දය ඉතා සියුම් ආකාරයෙන් භාවනා කරන පුද්ගලයාගේ සිතේ මතු වන කොට ඒ තැනැත්තා තමන්ට නොදැනීම අර වගේ වැඩ කටයුතුවලට පෙලඹෙන්නට පටන් ගන්නවා. ඊට පසුව භාවනාව කිරීම සම්පූර්ණයෙන් නවතිනවා. බාහිර පින් දහම් කරනවා. ඒවායේ විපාක වශයෙන් දිව්‍ය මනුෂ්‍ය ආදි සම්පත් විඳිමින් සසර බොහෝ කාලයක් භවයෙන් භවයට යනවා. නිවන් මග ඇහිරිලා යනවා. ඒ කාමච්ඡන්දය එක් ආකාරයකින් වංචනිකව අපේ මනස දූෂණය කරලා විනාශ කරලා සසරට ඇද-දමන ආකාරයයි. ඒ වගේම තවත් සමහර වෙලාවට - විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට – ගිහියන්ටත් ඒක සාධාරණයි, මේ කාමච්ඡන්දය හානි කරන තවත් ක්‍රමයක් තමයි අන් අයට උපකාර කිරීම් වශයෙන්. තමන් යම් දහමක් දැනගත්තාම තමන් යම් භාවනාවක් ඉගෙනගත්තාම අනෙක් මිනිසුන්ටත් මේක කියා දෙන්නට ඕන. බොහෝ දෙනාට මේ බව කියන්න ඕන. රූපවාහිනී මාර්ගයෙන් ඒක කියා දුන්නොත් බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සලසන්න පුළුවන්. ගුවන්විදුලිය මගින් ගියා දුන්නොත් තව බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සලසන්න පුළුවන්. පුවත්පත් මාර්ගයෙන් මේ ධර්මය ප්‍රචාරය කළොත්, විදේශගත වෙලා ධර්ම ප්‍රචාරය කළොත් තවත් පුළුවන්. මේ විදිහේ නා නා විධ අදහස් මතු වෙලා ඔවුන් මහජනයා හමුවට ගිහින් මහජනයා විසින් පිරිවරාගෙන කලක් යනකොට මහජනයා විසින්ම මෙහෙයවන පිරිසක් බවට පත් වෙනවා. ඉතා සුළු කාලයකදී තමන් කළා වූ භාවනා කටයුතු සියල්ලකගෙන්ම පිරිහිලා නිවන් මගින් ඈත් වෙලා මහජනයා අතර මහජනයාට මග පෙන්වන එක්තරා ප්‍රධානියෙක් බවට පත් වෙනවා. තවත් කලක් යනකොට මහජනයාගේ අවලාදවලට ලක් වෙන මහජනයාගේ විවේචනවලට ලක් වන මහජනයාගේ අප්‍රසාදයට ලක් වන තවත් එක් භික්ෂුවක් හෝ උපාසකයෙක් පමණක් බවට පත් වෙනවා. කල්පනා කරලා බලන්න මෑත ඉතිහාසයේ අපේ රටේ ශීඝ්‍රයෙන් ජනප්‍රසාදයට පත් වුණ භික්ෂූන් වහන්සේලාට අද මොකද වෙලා තියෙන්නේ? මේ ස්වභාවය අපි තේරුම් නොගත්තොත් අපි කාටත් ඒ දේ වෙන්නට පුළුවන්. භික්ෂූන්ට පමණක් නෙමෙයි, උපාසක-උපාසිකා හැම දෙනාටම මේ තත්ත්වය සාධාරණයි. මෙයින් මම අදහස් කරන්නේ තමා දැනගත් දේ අනිත් අයට කියා දෙන්නට එපා කියන එකක් නෙමෙයි. ඒ කියා දීමේ ස්වරූපයෙන් කුමක්ද මේ මතු වෙලා එන්නේ කියන බව නැවත නැවත අපි නුවණින් කල්පනා කරන්නට ඕන. ඒ විදියෙන් කල්පනා නොකළොත් සියුම් ආකාරයෙන් කාමච්ඡන්දයට යට වෙලා අපිව විනාශ වෙනවා. තව සමරුන්ට මේ කාමච්ඡන්දය භාවනා කරගෙන යන කොට ඇති වෙනවා නොලැබූ ධ්‍යාන මාර්ගඵලාදිය අරමුණු කරගෙන. දැන් මගේ මනස බොහෝම සමාධිගත වෙනවා, තව ටික කාලයකින් මට සෝවාන් වෙන්න පුළුවන්, මට තව ටික කාලයකින් සකෘදාගාමී වෙන්න පුළුවන්, තව ටික කාලයකින් රහත් වෙන්න පුළුවන්, තව ටික කාලයකින් ප්‍රථමධ්‍යානය උපදවන්නට පුළුවන්. මේ ආදි වශයෙන් තමන් නොලැබූ, ආගතයේදී ලැබේවි කියලා බලාපොරොත්තු වන ධ්‍යාන මාර්ග ඵල ආදිය පිළිබඳව සියුම් කැමැත්තක්, සියුම් ඇල්මක් භාවනා කරන තැනැත්තා තුළ ඇති වෙනවා. මේ ඇති වෙන්නා වූ ඇල්ම භාවනා කරන්න වාඩි වෙන මොහොතක් මොහොතක් පාසා නැවත නැවත මතු වෙලා ඒ තැනැත්තාගේ සිත අතිශයින් වික්ෂිප්ත කරලා මූලික අරමුණෙන් බැහැර කරනවා. බොහෝ වේලාවක් උත්සාහ කළත් සිත එකඟ කරගන්න බැරි වෙනවා. වෙනමම මනෝමය ලෝකයක තමන්ගේ සිත රඳවාගෙන අනාගතයේ ලබන්නා වූ ධ්‍යාන මාර්ගඵල ආදිය පිළිබඳව කල්පනා කරමින් ඉඳලා ටික වේලාවකින් නැගිටින්නට සිද්ධ වෙනවා. මේ විදිහේ නොයෙක් ක්‍රමවලින් වංචා කරමින් අපේ සිත මැඬගෙන නැවත නැවතත් භාවනා මාර්ගයෙන් ඉවත් කරලා, ප්‍රතිපත්ති මාර්ගයෙන් ඉවත් කරලා සසරට ඇද-දමන්නා වූ මේ කාමච්ඡන්දය නමැති ධර්මතාවක් අපේ සිත්සතන් වසාගෙන පවතිනවා. එය නිවන් මගට මහත් වූ බාධාවක් කියන බව බුදුහාමුදුරුවො දේශනා කළා. ඊළඟට මේ කාමච්ඡන්දය නැති කරන්නට නම් එය ඇති වීමේ හේතුවත් අපි තේරුම් ගන්නට ඕන. කුමක්ද මේ කාමච්ඡන්දය ඇති වීමේ හේතුව? බුදුහාමුදුරුවො දේශනා කරනවා “මහණෙනි, මේ ලෝකයේ ශුභ නිමිති තියනවා.” කුමක්ද ශුභ නිමිත්ත කියන්නෙ? එක් එක් පුද්ගලයා හොඳයි කියන දේ, ලස්සනයි කියලා හිතන දේ, ශුභයි කියලා හිතන දේ තමයි මෙතන ශුභ නිමිත්ත කියන්නෙ. පරමාර්ථ වශයෙන් නම් ශුභයයි ගත යුතු දෙයක් නෑ. නමුත් පුරුෂයා හිතනවා කාන්තාව ශුභ දර්ශනයක් කියලා. කාන්තාව හිතනවා පුරුෂයා ශුභ දර්ශනයක් කියලා. මේ ආදි වශයෙන් ලෝකයේ අවිඥානක සවිඥානක බොහෝ දේ ශුභ වශයෙන් අපි හිතාගන්නවා. මෙසේ හිතාගෙන ශුභ සඥාවෙන් ගන්නා වූ අරමුණු පිළිබඳ නුවණින් තොරව කල්පනා කරනවා, ප්‍රඥාවෙන් තොරව කල්පනා කරනවා. කොහොමද ප්‍රඥාවෙන් තොරව කල්පනා කරනවා කියන්නේ? පුද්ගලයන් වශයෙන්, සත්ත්වයන් වශයෙන්, මමත්වයෙන් කල්පනා කරනවා. ඊයේ හිටියෙත් මේ කාන්තාවයි, අද ඉන්නෙත් මේ කාන්තාවයි, හෙටත් මේ කාන්තාවයි. මේ විදිහෙන් පුද්ගලයෙක් වශයෙන් ගන්නවා. ධර්මානුකූලව බලනකොට මොහොතක් පාසා බිඳී-බිඳී යන නාම රූප සමූහයක් පමණයි මේ තුළ පවතින්නේ. ඒත් ඒ විදියට නුවණින් දකින්නේ නැතිව, මේ කාන්තාව මේ පුරුෂයා මේ කෙස්ටික මේ ඇස් දෙක ආදි වශයෙන් ශරීරාංග වශයෙන් බලමින් ඒවාට ඇලුම් කරනවා. ඊයේ හිටියෙත් ඇයයි. අද ඉන්නෙත් ඇයයි. ඊයේ හිටියෙත් මොහුයි. අද ඉන්නෙත් මොහුයි. මේ ආදි වශයෙන් ආත්ම සංඥාවෙන් අරගෙන, පුද්ගල සංඥාවෙන් අරගෙන, සත්ත්ව සංඥාවෙන් අරගෙන අපේ මනසේ අයෝනිසෝ මනසිකාරය පවත්වනවා. මෙසේ නුවණින් තොරව කල්පනා කිරීම, ප්‍රඥාවෙන් තොරව කල්පනා කිරීම, හේතුඵල ධර්මයන්ගෙන් පරිබාහිරව කල්පනා කිරීම තමයි අයෝනිසෝ මනසිකාරය. මේ විදිහට අපි හොඳයි කියලා හිතන දර්ශනය හෝ ශ්‍රවණය හෝ කුමක් හෝ ඒ කාම වස්තුව පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කරන්නා වූ පුද්ගලයා තුළ නූපන් කාමච්ඡන්දය උපදිනවා; උපන්නා වූ කාමච්ඡන්දය නැවත නැවත වැඩෙනවා, වර්ධනය වෙනවා, බහුල වෙනවා. වරක් අපේ හිතේ යමක් පිළිබඳව කාමච්ඡන්දයක් ඇති වුණා නම් ඒ ඇති වූ සිතුවිල්ල ම නැවත නැවත කාමච්ඡන්දය උපදවන්නා වූ හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා නැවත නැවත ඒ කාමච්ඡන්දයට අරමුණු වූ වස්තුව කෙරෙහි මනස යොමු වෙනවා. ඒ ගැන නැවත නැවත අපි හිතන්නට පටන් ගන්නවා. හිතන-හිතන වාරයක් පාසා නැවත-නැවත කාමච්ඡන්දය ඇති වෙනවා. මං පෙර දිනෙක අකුසල සමාපත්ති සූත්‍රයේ විස්තර කරලා දුන්නා නැවත නැවත අකුසල සමාපත්තියට සම වදින හැටි. අකුසල භාවනාව සිද්ධ වෙන හැටි. අන්න ඒ විදිහට ඒ කාමච්ඡන්දයට අරමුණු වූ අරමුණ හෝ නැවත නැවතත් සිහිපත් කරමින් අපේ මනස ඒ කාමච්ඡන්දයේම බහුල කොට පවතිනවා. ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කරනවා, මහණෙනි මේ ලෝකයේ ශුභ නිමිති තියෙනවා, මනුෂ්‍යයෝ ශුභ වශයෙන් ගන්න සංඥාවන් තියෙනවා. ඒ ශුභ සංඥාව, ශුභ නිමිත්ත නුවණින් තොරව නැවත නැවත කල්පනා කිරීම නිසා තමයි මේ කාමච්ඡන්දය හට ගන්නෙ කියලා. එහෙම නම් කොහොමද මේ කාමච්ඡන්දය නැති කරන්නට පුළුවන් වෙන්නෙ? කොහොමද ප්රහාණය කරන්නට, දුරු කරන්නට පුළුවන් වෙන්නෙ? “මහණෙනි අශුභ නිමිත්තක් තියෙනවා.” කුමක්ද අශුභ නිමිත්ත? උද්ධුමාතක, විනීලක, විපුබ්බක... මේ ආදි වශයෙන් දශ අශුභයක් දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයෙ. මේ දශ අශුභය හෝ “කේශා ලෝමා නඛා...” ආදි වශයෙන් කුණප කොටස් හෝ මේ කවර ආකාර හෝ අශුභයක් අපේ මනසට මතු කරගෙන මේ අශුභය පිළිබඳව, මේ අශුභ දර්ශනය පිළිබඳව, මේ අශුභ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් කල්පනා කරනවා නම්; මේ සත්ත්වයෙක් නොවේ, මේ පුද්ගලයෙක් නොවේ මේ කෙස් මේ ආකාරයෙන් පිළිකුල්, මේ දත් ටික මේ ආකාරයෙන් පිළිකුල්, මේ මාංසය මේ ලෙය, මේ ආකාරයෙන් පිළිකුල්, මරණයට පත් වුණාම මෙතරම් පිළිකුල්... මේ ආදි වශයෙන් රාග වශයෙන් නොගෙන, ඇලුම් නොකර එහි තිබෙන අශුභත්වය නැවත නැවත මනසට නගාගනිමින් යම් කිසි කෙනෙක් අශුභ නිමිත්ත පිළිබඳව නුවණින් කල්පනා කරනවා නම්, මනස හුරු කරනවා නම් ඒ තැනැත්තාට නූපන්නා වූ කාමච්ඡන්දය නූපදී පවතිනවා; උපන්නා වූ කාමච්ඡන්දය ප්රහාණය වෙනවා; විපුල බවට මහත් බවට බහුල බවට පත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා. කාමච්ඡන්දය අපේ සිතේ තියෙනවා, අපට කාමච්ඡන්දය බාධා කරනවා, කාමච්ඡන්දය මතු වෙනවා කියලා තමන්ට තෙරේනවා නම් ඒ හැම මොහොතකම පරීක්ෂාකාරී වෙන්න; එයට හේතුව කුමක්ද කියා සොයන්න. ශුභ නිමිත්තක් පිළිබඳව හොඳයි කියලා නැවත නැවතත් නුවණින් තොරව කල්පනා කිරීමයි ඒ කාමච්ඡන්දය ඇති වීමේ හේතුව. පින්වතුන්ට එය මග හරවන්නට ඕනෑ නම් ඒ සඳහා එක් ක්‍රමයක් තමයි අශුභ නිමිත්තක් සිතට මතු කරගෙන නැවත නැවතත් ඒ පිළිබඳව නුවණින් කල්පනා කිරීම. දිනක් ආනන්ද හාමුදුරුවොත් සමග අලුත මහණ වුණු වංගීස කියන හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනවා. ලස්සන කාන්තාවක් දැකලා මේ අලුත පැවිදි වුණ භික්ෂූන් වහන්සේගේ සිත රාගයෙන් අවුල් වුණා; රාගයෙන් සිත විපරීත වුණා. එතනදි ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා “ගෞතම ගෝත්‍ර වූ ආනන්ද හාමුදුරුවනේ, මගේ සිත රාගයෙන් විකෘති වෙලා. මගේ සිත රාගයෙන් විපරීත වෙලා. අනේ මට උදව් කරන්න, මගේ සිත සන්සුන් කරගන්න. මගේ සිතින් මේ රාගය යටපත් කරගන්න මට උපායක් කියන්න. මට මේ රාග ගින්න නිවාගන්න ක්‍රමයක් කියා දෙන්න” කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. ආනන්ද හාමුදුරුවො දේශනා කරනවා. “ආයුස්මතුනි, ඔබ වහන්සේගේ සිත රාගයෙන් ආකුල ව්‍යාකුල වෙලා පවතින්නේ මේ නිමිත්ත ශුභ වශයෙන් ගත්තු නිසයි. ඒ නිසා ‘නිමිත්තං පරිවජ්ජේසි’ ශුභ නිමිත්ත බැහැර කරන්න. බැහැර කරලා ‘අසුභං රෝගුප නිස්සිතං’ අශුභ වූ මහත් රෝග සමූහයක් හටගන්නා වූ මේ කය පිළිබඳව නුවණින් කල්පනා කරන්න. එතකොට මේ රාගය යටපත් වෙයි. එතකොට ඔබේ සිත සන්සුන් වෙයි. එතකොට මනසේ මතු වෙවී එන රාග ගින්න නිවී යාවි.” ආනන්ද හාමුදුරුවො එහෙම උපදෙස් දුන්නා. රාගය, කාමච්ඡන්දය, ලෝභය මේ සියලු නම්වලින් හඳුන්වන්නා වූ කාමය පිළිබඳව ඇල්ම, කැමැත්ත අපේ සිතේ හටගන්නෙ අපි හොඳයි කියලා තීරණය කළා වූ නිමිත්තක්, අරමුණක් පිළිබඳව නැවත නැවත සිතීම නිසයි. එය බැහැර කළ හැකි පහසුම ක්‍රමය තමයි එහි තියෙන අශුභත්වය පිළිබඳව නැවත නැවතත් මෙනෙහි කිරීම. කාමච්ඡන්දය පිළිබඳව දැනගත යුතු තව බොහෝ කරුණු තියෙනවා. තවත් ගැඹුරින් ඒ ගැන දැනගන්නට අවශ්‍ය නම්, තවත් ගැඹුරින් පිළියම් දැනගන්නට අවශ්‍ය නම් අපේ රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ ‘චත්තාළීසාකාර විපස්සනා භාවනා’ පොතේ අවසානයට මේ නීවරණ පිළිබඳව පූර්ණ විස්තරයක් උන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක නැවත නැවත කියවලා තේරුම් ගන්නට පුළුවන් කුමක්ද ඒ සම්බන්ධව අප කළ යුත්තේ කියලා. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom