Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාපාදය

ව්‍යාපාදය නමැති ධර්මතාව සිත ආවරණය කරගන්නවා; සිත වසාගන්නවා; එසේ වසාගත් පසුව ප්‍රඥාව දුබල කරනවා; ප්‍රඥාව දුර්වල කරනවා. එසේ ප්‍රඥාව දුර්වල කරන්නා වූ, සිත වසාගන්නා වූ, නිවන් මග අහුරන්නා වූ ව්‍යාපාදයයි කියන්නේ කුමක්ද? මේ ඉන්ද්රිය හයෙන් අපි ගන්නා යම් අරමුණක් සම්බන්ධව අපේ මනසේ ගැටීමක් ඇති වෙනවා නම් එය හඳුන්වනවා ව්‍යාපාදයයි කියලා. ක්‍රෝධය, ද්වේෂය, පළි ගැනීම, වෛරය, තරහව, කේන්තියෑම, බිය, ශෝකය, දුක, තැති ගැනීම, පිළිකුල, එපා වීම, අප්‍රසන්න බව, පසුතැවීම මේ කවර නාමයකින් හැඳින්වුවත් ඒ සියලු නම්වලින් හඳුන්වන්නේ අරමුණෙහි ගැටෙන්නා වූ ව්‍යාපාදය නමැති නීවරණ ධර්මයයි. මේ ව්‍යාපාද නීවරණය සියලු සත්ත්වයන්ටම හානිකර වුණත් නිවන් මගට බැසගත්තා වූ සත්ත්වයන්ට අතිශයින්ම බාධාවක්. මේක ඒ ඒ අරමුණේදී ඒ ඒ අවස්ථාවට අනුව ඇති වෙන්නේ විවිධ ආකාරයටයි. ඉතා ප්රබලව ඇති වෙන කොට අපි කියනවා ක්‍රෝධයයි කියලා. ඒ වගේම අපට වඩා ප්‍රබලයෙක් සම්බන්ධව මේ ව්‍යාපාදය ඇති වෙන කොට අපි කියනවා භයයි කියලා. අපට වඩා පහත් පුද්ගලයෙක් හෝ වස්තුවක් සම්බන්ධව ව්‍යාපාදය ඇති වෙන කොට අපි කියනවා පිළිකුලයි කියලා. මේ ආදි නොයෙක් වචනවලින් ඒ ඒ අවස්ථාවලදී හඳුන්වන්නේ අරමුණෙහි ගැටීම නම් වූ එකම ව්‍යාපාද ධර්මයයි.

ව්‍යාපාදය ඇති වෙන ප්‍රබලම අවස්ථාවක් තමයි අන් අයගේ අඩුපාඩු. අන් අයගේ වරද දැකලා අපි තරහ ගන්නවා; අපේ මනස තුළ ගැටීමක් ඇති කරගන්නවා. අපට කිසියම්ම සම්බන්ධයක් නැති, අපට අදාළ නැති පුද්ගලයන් වුණත් යම් යම් වරද කරනවා දැකලා අපි ඒවට කිපෙනවා; අපේ හිත් රිදවාගන්නවා. එහෙම හිත් රිදවාගෙන අපි කතා කරනවා ඒ අය ගැන. අහවල් පුද්ගලයා මෙහෙම කළා, අහවල් තැනැත්තා මෙහෙම කළා, මෙහෙම කතා කරපු-එක හොඳ නැහැ... මේ ආදි වශයෙන් දහසකුත් එකක් මාතෘකාවලින් අනිත් අයගේ ඕපාදූප කතා කරමින් අපේ සිත් නරක් කරගන්නවා. ඊළඟට අහවල් භික්ෂුව දුස්සීලයි, අහවල් භික්ෂුව භාවනා කරන්නේ නෑ, අහවල් භික්ෂුවට බණ කියන්න බෑ, අහවල් භික්ෂුව කියන බණ හරි නෑ... මේ ආදි වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ දොස් දකිමින් ඒවාට සිත් නරක් කරගන්නවා. මේ විදිහට අන් අයගේ වරද දකිමින් ඒවාගැන කතා කරමින් ඒවා ගැන සිතමින් හැම අවස්ථාවකදීම අපේ සිත් රිදවාගන්නවා. හිතලා බලන්න, එවැනි අවස්ථා කොතෙක් අපේ ජීවිතයේ තියෙනවද කියලා.

මලක් පූජා කරන්න ගියොත් අපට මොකක්ද පේන්නේ? අනිත් කෙනා මල් පූජා කරන-එකේ අඩු-පාඩුව, බුදුහාමුදුරුවන්ට දානෙ ටිකක් පූජා කරන්න ගියොත් අපට මොකක්ද පේන්නේ? අනිත් එක්කෙනා ඒකට අත ගහන-එකේ වැරැද්ද, ඒක පූජා කරන-එකේ වැරැද්ද, වඳින-එකේ වැරැද්ද, ගාථා කියන-එකේ වැරැද්ද. මේවා තමයි අපි දකින්නේ. භාවනා කරන්න ගියොත්, ධර්ම සාකච්ඡාවක් කරන්න ගියොත් ඒ හැම මොහොතකදිම අපි දකින්නේ අනිත් කෙනා කරන යම් වරදක්, යම් අඩු පාඩුවක්. ඒ වගේම වෙනත් පිංකමක් කරන්න ගියොත්, දානයක් දෙන්න ගියොත් කොතරම් මිනිස්සු හිත් රිදවාගන්නවාද? සාංඝික දානයක් දෙන්න කියලා භික්ෂූන් වහන්සේලා නිවෙසට වැඩමවාගෙන මිනිස්සු කොතරම් පව් කරගන්නවද? ඇයි මේ? අපි නිතරම දකින්නේ මා කරන දේ හරි, අන් කෙනා කරන දේ වැරදියි කියලා. එහෙම නොකළ යුතුයි කියන පදනමක් අපේ සිතේ ඇති කරගෙන, නැවත-නැවතත් අනිත් පුද්ගලයා කරන කියන දේ සමග මනසින් ගැටෙනවා.

බුදුහාමුදුරුවො දේශනා කරනවා යම් කිසි කෙනෙක් නිරන්තරයෙන් අනිත් අයගේ වැරදි දකිනවා නම්, වැරදි හොයනවා නම්, ඒ වැරදි ගැන උද්ඝෝෂණය කරනවා නම්, ඒ වැරදි ගැන අන් අය සමග කිය-කියා ඇවිදනවා නම්, අන් අය සමග දෝෂාරෝපණය කරනවා නම් ඒ තැනැත්තාගේ ආස්‍රව ධර්මයන් වැඩෙනවා. කාමාශ්‍රව භවාශ්‍රව දිට්ඨි ආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම වැඩිලා, ඔහු සසරේ දිගින් දිගට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා;

ආශ්‍රව ක්ෂය කිරීමෙන් ලබන නිවනින් එන්න එන්නම ඒ තැනැත්තා ඈත් වෙනවා. ඒ නිසා අන් අය කරන වරදක් නිසා හෝ අපේ සිතේ රිදීමක් ඝට්ටනයක් ඇති වෙනවා නම් එයිනුත් කිලිටි වෙන්නේ ඒ තැනැත්තා නෙමෙයි තමන්මයි කියන බව තේරුම් ගන්නට ඕන. කාරණය කුමක් වුවත් ව්‍යාපාදය ඇති වෙලා තියෙන්නේ තමන්ගේ මනසේ නම් එයින් ඇති වෙන කිලුට, එයින් ඇති වෙන ආවරණය, එයින් ඇති වෙන විනාශය ඒ තැනැත්තාට නෙමෙයි තමන්ටමයි කියන බව අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මෙයින් අදහස් කරන්නෙ අන් අයට කුමක් වුවත් කම් නැහැ කියලා වරද දැක-දැක නිහඬ වීම නොවෙයි. වරද වරද ලෙස දකින්නත් ඕන. හැකි නම් පහදා දීලා අන් අය ඉන් මුදාගන්නත් ඕන. ඒ තමන් හිත නරක් කරගන්නෙ නැතිව.

භාවනා කරන අයට මේ ව්‍යාපාද නීවරණය ඉතාම සියුම්ව ඇති වෙන තවත් අවස්ථාවක් තමයි, ධර්මයේ සඳහන් වෙනවා දශ මාරයන්ගෙන් කෙනෙක් හැටියට අරතිය? කුමක්ද අරතියයි කියන්නේ? කුසලයට පසුබාන ස්වභාවය. මේ කුසලයට ඇති වෙන පසුබාන ස්වභාවය අපේ මනසේ නොයෙක් ආකාරයෙන් මතු වෙලා එනවා. කෙනෙක් දිනපතාම සවසට පැය බාගයක් භාවනා කරනවා කියලා හිතන්න. ඒ පුද්ගලයාට හිතෙනවා අද භාවනා කරන්න බැහැ. අද ටිකක් ඇඟට අමාරුයි, හෙට භාවනා කරනවා. හෙට හිතනවා අද වැඩ ගොඩක් තිබුණා අද මහන්සියි, අනිද්දට භාවනා කරනවයි කියලා. එහෙම නැත් නම් අද පැය බාගයක්ම භාවනා කරන්න බෑ, විනාඩි විස්සක් භාවනා කරනවා.

මේ ආදි වශයෙන් කුසලය පිළිබඳ ක්‍රමයෙන් පසුබාන, කල් දමන ස්වභාවයක් මේ අරතිය නමැති ක්ලේශයෙන් ඇති වෙනවා. එතනත් ඇති වෙන්නේ ව්යාපාදයමයි. අර කුසලයට ඇති වෙන අකැමැත්ත. කාලයක් තිස්සේ මේ විදියට ක්‍රමයෙන් තමන් කරන යහපත් කටයුතු කල් දමන්නට පසු බාන්නට ගියහම අපට නොදැනීම අපේ සිත ඒවායින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ තැනැත්තා නිවන් මගින් බැහැර වෙලා නොදැනුවත්වම නැවත වතාවක් සසර දුක් දෙන මගට අවතීර්ණ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාදය කියන්නේ ඔය විදිහේ නොයෙක් ආකාරයෙන්, ඍජුව හෝ වක්‍රව මනසට මතු වී ඇවිත් නැවත නැවතත් අපේ මනස දූෂණය කරලා පාප ධර්මයන්ට යොමු කරලා සතර අපායාදි අනේක දුක්ඛයන්ට අපිව පමුණුවන්නා වූ නීවරණ ධර්මයක් බව බුදුහාමුදුරුවො දේශනා කළා.

ඊළඟට අපි දැනගන්නට ඕනැ, කුමක් නිසාද මේ ව්‍යාපාද නීවරණය හට ගන්නේ කියලා. “අත්ථි භික්ඛවේ පටිඝ නිමිත්තං...” “මහණෙනි, පටිඝ නිමිත්තක් තියෙනවා.” ඒ කියන්නේ මනස ගැටෙන්නා වූ යම් අරමුණක් තියෙනවා. ඒ අරමුණ පිළිබඳව නැවත නැවතත් නුවණින් තොරව කල්පනා කරන වාරයක් පාසා අපේ සිතේ මොකක්ද ඇති වෙන්නේ? නැවත නැවතත් ද්වේෂය හෙවත් ව්‍යාපාදය හට ගන්නවා. වරක් ඇති වුණා වූ ව්‍යාපාදය තුළ නැවත නැවතත් මනස පැවැත්වීම නිසා එය වර්ධනය වෙනවා. භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසක උපාසිකාවක් වේවා, පුද්ගලයාගේ තරාතිරමෙ වෙනසක් නැතිව තමන් සිහි කරන්නේ ගැටෙනසුලු අරමුණක් නම්, ඒ තුළ නැවත නැවතත් ව්‍යාපාදය ප්‍රබල වෙනවා. එසේ ප්‍රබල වීම නිසා තමයි මහා දරුණු අපරාධ කරන්නට තරම් ලෝකයේ මිනිස්සු පෙලඹෙන්නේ. ඒ නිසා තමයි ආඝාත පටිවිනය සූත්‍රයේදී පැහැදිලි කරලා දෙන්නේ එවන් අවස්ථාවකදී අපි කොහොමද ඒ නිමිත්ත සිතින් බැහැර කරලා, ඒ පුද්ගලයා පිළිබඳව යහපත් වූ සිතුවිල්ලක්, යහපත් ගුණාංගයක් අපේ සිතට මතු කරගෙන එම ද්වේෂය දුරු කරන්නේ කියලා.

බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ මෛතී‍්‍ර චේතෝ විමුක්තියක් තියෙනවා.” ඒ කියන්නේ මෛත්‍රී සිතිවිල්ලක් තියෙනවා. මේ මෛත්‍රී සිතිවිල්ල නුවණින් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත පුරුදු කරන්නා වූ මනුෂ්‍යාට පුළුවන්කම තියනවා මේ ව්‍යාපාදය හෙවත් පටිඝය ක්‍රමයෙන් බැහැර කරන්නට. බුදුහාමුදුරුවො පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට මේ ව්‍යාපාදය නමැති නීවරණය නැවත නැවත මතු වෙලා එනවාද, ඒ තැනැත්තා විසින් මෛත්‍රී සිතිවිල්ල නැවත නැවත පුහුණු කිරීමෙන් නැවත නැවත හුරු කිරීමෙන් නැවත නැවත බහුල කිරීමෙන් නූපන්නා වූ ව්‍යාපාදය නූපදීම පවත්වන්නටත්, උපන්නා වූ ව්‍යාපාදය ප්රහාණය කරන්නටත්, විපුල බවට මහත් බවට පත් නොවී යටපත් කරන්නටත් ඒ තුළින් ශක්තිය ලැබෙන බව.

[QUOTE="Dilwaale, post: 18513431, member: 520020"] [CENTER][SIZE=6][U][COLOR=Purple][B][COLOR=Purple][B]ව්‍යාපාදය [/B][/COLOR][/B][/COLOR][/U][/SIZE][/CENTER] [COLOR=Purple][B][SIZE=4][COLOR=Purple][B][SIZE=4][COLOR=Purple][B][SIZE=4]ව්‍යාපාදය[/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR] නමැති ධර්මතාව සිත ආවරණය කරගන්නවා; සිත වසාගන්නවා; එසේ වසාගත් පසුව ප්‍රඥාව දුබල කරනවා; ප්‍රඥාව දුර්වල කරනවා. එසේ ප්‍රඥාව දුර්වල කරන්නා වූ, සිත වසාගන්නා වූ, නිවන් මග අහුරන්නා වූ ව්‍යාපාදයයි කියන්නේ කුමක්ද?[/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=4] මේ ඉන්ද්රිය හයෙන් අපි ගන්නා යම් අරමුණක් සම්බන්ධව අපේ මනසේ ගැටීමක් ඇති වෙනවා නම් එය හඳුන්වනවා ව්‍යාපාදයයි කියලා. ක්‍රෝධය, ද්වේෂය, පළි ගැනීම, වෛරය, තරහව, කේන්තියෑම, බිය, ශෝකය, දුක, තැති ගැනීම, පිළිකුල, එපා වීම, අප්‍රසන්න බව, පසුතැවීම මේ කවර නාමයකින් හැඳින්වුවත් ඒ සියලු නම්වලින් හඳුන්වන්නේ අරමුණෙහි ගැටෙන්නා වූ ව්‍යාපාදය නමැති නීවරණ ධර්මයයි. මේ ව්‍යාපාද නීවරණය සියලු සත්ත්වයන්ටම හානිකර වුණත් නිවන් මගට බැසගත්තා වූ සත්ත්වයන්ට අතිශයින්ම බාධාවක්. මේක ඒ ඒ අරමුණේදී ඒ ඒ අවස්ථාවට අනුව ඇති වෙන්නේ විවිධ ආකාරයටයි. ඉතා ප්රබලව ඇති වෙන කොට අපි කියනවා ක්‍රෝධයයි කියලා. ඒ වගේම අපට වඩා ප්‍රබලයෙක් සම්බන්ධව මේ ව්‍යාපාදය ඇති වෙන කොට අපි කියනවා භයයි කියලා. අපට වඩා පහත් පුද්ගලයෙක් හෝ වස්තුවක් සම්බන්ධව ව්‍යාපාදය ඇති වෙන කොට අපි කියනවා පිළිකුලයි කියලා. මේ ආදි නොයෙක් වචනවලින් ඒ ඒ අවස්ථාවලදී හඳුන්වන්නේ අරමුණෙහි ගැටීම නම් වූ එකම ව්‍යාපාද ධර්මයයි.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] ව්‍යාපාදය ඇති වෙන ප්‍රබලම අවස්ථාවක් තමයි අන් අයගේ අඩුපාඩු. අන් අයගේ වරද දැකලා අපි තරහ ගන්නවා; අපේ මනස තුළ ගැටීමක් ඇති කරගන්නවා. අපට කිසියම්ම සම්බන්ධයක් නැති, අපට අදාළ නැති පුද්ගලයන් වුණත් යම් යම් වරද කරනවා දැකලා අපි ඒවට කිපෙනවා; අපේ හිත් රිදවාගන්නවා. එහෙම හිත් රිදවාගෙන අපි කතා කරනවා ඒ අය ගැන. අහවල් පුද්ගලයා මෙහෙම කළා, අහවල් තැනැත්තා මෙහෙම කළා, මෙහෙම කතා කරපු-එක හොඳ නැහැ... මේ ආදි වශයෙන් දහසකුත් එකක් මාතෘකාවලින් අනිත් අයගේ ඕපාදූප කතා කරමින් අපේ සිත් නරක් කරගන්නවා. ඊළඟට අහවල් භික්ෂුව දුස්සීලයි, අහවල් භික්ෂුව භාවනා කරන්නේ නෑ, අහවල් භික්ෂුවට බණ කියන්න බෑ, අහවල් භික්ෂුව කියන බණ හරි නෑ... මේ ආදි වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ දොස් දකිමින් ඒවාට සිත් නරක් කරගන්නවා. මේ විදිහට අන් අයගේ වරද දකිමින් ඒවාගැන කතා කරමින් ඒවා ගැන සිතමින් හැම අවස්ථාවකදීම අපේ සිත් රිදවාගන්නවා. හිතලා බලන්න, එවැනි අවස්ථා කොතෙක් අපේ ජීවිතයේ තියෙනවද කියලා.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] මලක් පූජා කරන්න ගියොත් අපට මොකක්ද පේන්නේ? අනිත් කෙනා මල් පූජා කරන-එකේ අඩු-පාඩුව, බුදුහාමුදුරුවන්ට දානෙ ටිකක් පූජා කරන්න ගියොත් අපට මොකක්ද පේන්නේ? අනිත් එක්කෙනා ඒකට අත ගහන-එකේ වැරැද්ද, ඒක පූජා කරන-එකේ වැරැද්ද, වඳින-එකේ වැරැද්ද, ගාථා කියන-එකේ වැරැද්ද. මේවා තමයි අපි දකින්නේ. භාවනා කරන්න ගියොත්, ධර්ම සාකච්ඡාවක් කරන්න ගියොත් ඒ හැම මොහොතකදිම අපි දකින්නේ අනිත් කෙනා කරන යම් වරදක්, යම් අඩු පාඩුවක්. ඒ වගේම වෙනත් පිංකමක් කරන්න ගියොත්, දානයක් දෙන්න ගියොත් කොතරම් මිනිස්සු හිත් රිදවාගන්නවාද? සාංඝික දානයක් දෙන්න කියලා භික්ෂූන් වහන්සේලා නිවෙසට වැඩමවාගෙන මිනිස්සු කොතරම් පව් කරගන්නවද? ඇයි මේ? අපි නිතරම දකින්නේ මා කරන දේ හරි, අන් කෙනා කරන දේ වැරදියි කියලා. එහෙම නොකළ යුතුයි කියන පදනමක් අපේ සිතේ ඇති කරගෙන, නැවත-නැවතත් අනිත් පුද්ගලයා කරන කියන දේ සමග මනසින් ගැටෙනවා.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] බුදුහාමුදුරුවො දේශනා කරනවා යම් කිසි කෙනෙක් නිරන්තරයෙන් අනිත් අයගේ වැරදි දකිනවා නම්, වැරදි හොයනවා නම්, ඒ වැරදි ගැන උද්ඝෝෂණය කරනවා නම්, ඒ වැරදි ගැන අන් අය සමග කිය-කියා ඇවිදනවා නම්, අන් අය සමග දෝෂාරෝපණය කරනවා නම් ඒ තැනැත්තාගේ ආස්‍රව ධර්මයන් වැඩෙනවා. කාමාශ්‍රව භවාශ්‍රව දිට්ඨි ආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම වැඩිලා, ඔහු සසරේ දිගින් දිගට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා; [/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] ආශ්‍රව ක්ෂය කිරීමෙන් ලබන නිවනින් එන්න එන්නම ඒ තැනැත්තා ඈත් වෙනවා. ඒ නිසා අන් අය කරන වරදක් නිසා හෝ අපේ සිතේ රිදීමක් ඝට්ටනයක් ඇති වෙනවා නම් එයිනුත් කිලිටි වෙන්නේ ඒ තැනැත්තා නෙමෙයි තමන්මයි කියන බව තේරුම් ගන්නට ඕන. කාරණය කුමක් වුවත් ව්‍යාපාදය ඇති වෙලා තියෙන්නේ තමන්ගේ මනසේ නම් එයින් ඇති වෙන කිලුට, එයින් ඇති වෙන ආවරණය, එයින් ඇති වෙන විනාශය ඒ තැනැත්තාට නෙමෙයි තමන්ටමයි කියන බව අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මෙයින් අදහස් කරන්නෙ අන් අයට කුමක් වුවත් කම් නැහැ කියලා වරද දැක-දැක නිහඬ වීම නොවෙයි. වරද වරද ලෙස දකින්නත් ඕන. හැකි නම් පහදා දීලා අන් අය ඉන් මුදාගන්නත් ඕන. ඒ තමන් හිත නරක් කරගන්නෙ නැතිව.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] භාවනා කරන අයට මේ ව්‍යාපාද නීවරණය ඉතාම සියුම්ව ඇති වෙන තවත් අවස්ථාවක් තමයි, ධර්මයේ සඳහන් වෙනවා දශ මාරයන්ගෙන් කෙනෙක් හැටියට අරතිය? කුමක්ද අරතියයි කියන්නේ? කුසලයට පසුබාන ස්වභාවය. මේ කුසලයට ඇති වෙන පසුබාන ස්වභාවය අපේ මනසේ නොයෙක් ආකාරයෙන් මතු වෙලා එනවා. කෙනෙක් දිනපතාම සවසට පැය බාගයක් භාවනා කරනවා කියලා හිතන්න. ඒ පුද්ගලයාට හිතෙනවා අද භාවනා කරන්න බැහැ. අද ටිකක් ඇඟට අමාරුයි, හෙට භාවනා කරනවා. හෙට හිතනවා අද වැඩ ගොඩක් තිබුණා අද මහන්සියි, අනිද්දට භාවනා කරනවයි කියලා. එහෙම නැත් නම් අද පැය බාගයක්ම භාවනා කරන්න බෑ, විනාඩි විස්සක් භාවනා කරනවා. [/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] මේ ආදි වශයෙන් කුසලය පිළිබඳ ක්‍රමයෙන් පසුබාන, කල් දමන ස්වභාවයක් මේ අරතිය නමැති ක්ලේශයෙන් ඇති වෙනවා. එතනත් ඇති වෙන්නේ ව්යාපාදයමයි. අර කුසලයට ඇති වෙන අකැමැත්ත. කාලයක් තිස්සේ මේ විදියට ක්‍රමයෙන් තමන් කරන යහපත් කටයුතු කල් දමන්නට පසු බාන්නට ගියහම අපට නොදැනීම අපේ සිත ඒවායින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ තැනැත්තා නිවන් මගින් බැහැර වෙලා නොදැනුවත්වම නැවත වතාවක් සසර දුක් දෙන මගට අවතීර්ණ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාදය කියන්නේ ඔය විදිහේ නොයෙක් ආකාරයෙන්, ඍජුව හෝ වක්‍රව මනසට මතු වී ඇවිත් නැවත නැවතත් අපේ මනස දූෂණය කරලා පාප ධර්මයන්ට යොමු කරලා සතර අපායාදි අනේක දුක්ඛයන්ට අපිව පමුණුවන්නා වූ නීවරණ ධර්මයක් බව බුදුහාමුදුරුවො දේශනා කළා.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] ඊළඟට අපි දැනගන්නට ඕනැ, කුමක් නිසාද මේ ව්‍යාපාද නීවරණය හට ගන්නේ කියලා. “අත්ථි භික්ඛවේ පටිඝ නිමිත්තං...” “මහණෙනි, පටිඝ නිමිත්තක් තියෙනවා.” ඒ කියන්නේ මනස ගැටෙන්නා වූ යම් අරමුණක් තියෙනවා. ඒ අරමුණ පිළිබඳව නැවත නැවතත් නුවණින් තොරව කල්පනා කරන වාරයක් පාසා අපේ සිතේ මොකක්ද ඇති වෙන්නේ? නැවත නැවතත් ද්වේෂය හෙවත් ව්‍යාපාදය හට ගන්නවා. වරක් ඇති වුණා වූ ව්‍යාපාදය තුළ නැවත නැවතත් මනස පැවැත්වීම නිසා එය වර්ධනය වෙනවා. භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසක උපාසිකාවක් වේවා, පුද්ගලයාගේ තරාතිරමෙ වෙනසක් නැතිව තමන් සිහි කරන්නේ ගැටෙනසුලු අරමුණක් නම්, ඒ තුළ නැවත නැවතත් ව්‍යාපාදය ප්‍රබල වෙනවා. එසේ ප්‍රබල වීම නිසා තමයි මහා දරුණු අපරාධ කරන්නට තරම් ලෝකයේ මිනිස්සු පෙලඹෙන්නේ. ඒ නිසා තමයි ආඝාත පටිවිනය සූත්‍රයේදී පැහැදිලි කරලා දෙන්නේ එවන් අවස්ථාවකදී අපි කොහොමද ඒ නිමිත්ත සිතින් බැහැර කරලා, ඒ පුද්ගලයා පිළිබඳව යහපත් වූ සිතුවිල්ලක්, යහපත් ගුණාංගයක් අපේ සිතට මතු කරගෙන එම ද්වේෂය දුරු කරන්නේ කියලා.[/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=4] බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ මෛතී‍්‍ර චේතෝ විමුක්තියක් තියෙනවා.” ඒ කියන්නේ මෛත්‍රී සිතිවිල්ලක් තියෙනවා. මේ මෛත්‍රී සිතිවිල්ල නුවණින් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත පුරුදු කරන්නා වූ මනුෂ්‍යාට පුළුවන්කම තියනවා මේ ව්‍යාපාදය හෙවත් පටිඝය ක්‍රමයෙන් බැහැර කරන්නට. බුදුහාමුදුරුවො පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට මේ ව්‍යාපාදය නමැති නීවරණය නැවත නැවත මතු වෙලා එනවාද, ඒ තැනැත්තා විසින් මෛත්‍රී සිතිවිල්ල නැවත නැවත පුහුණු කිරීමෙන් නැවත නැවත හුරු කිරීමෙන් නැවත නැවත බහුල කිරීමෙන් නූපන්නා වූ ව්‍යාපාදය නූපදීම පවත්වන්නටත්, උපන්නා වූ ව්‍යාපාදය ප්රහාණය කරන්නටත්, විපුල බවට මහත් බවට පත් නොවී යටපත් කරන්නටත් ඒ තුළින් ශක්තිය ලැබෙන බව.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom