Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර්ග ඵල ලබාගැනීම ගැන වර්තමානයේ නොයෙකුත් මතිමතාන්තර තිබෙන බව දැකිය හැකි ය. ඇතැම් ගිහි පුද්ගලයෝ ද මාර්ග ඵලවලට පත්ව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ගිහි පුද්ගලයන් පමණක් නොව, ඇතැම් පැවිද්දෝ ද තමන් මඟ ඵලවලට පත්ව සිටින බව ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරති. ගිහි භවතුන්ට කෙසේ වෙතත් පැවිද්දන්ට මෙය බරපතළ තත්ත්වයකි.

එවැනි ලෝකෝත්තර තත්ත්වයක් ලබා ඇත්නම් ගැටලුවක් ඇති නොවේ. එහෙත් අන් අය රැවටීමේ අදහසින් තමන් වෙත නැති උත්තර මනුස්ස ධර්මය ප්‍රකාශ කිරීම ඉතා බරපතළ වරදකි. එය සතර පාරාජිකාවන්ගෙන් එකකි. පාරාජිකා වීම යනු පැවිදි උපසම්පදාව අහෝසි වීමකි. නැවත කිසි දිනක උපසම්පදාව ලබා ගැනීමට නොහැකි වෙයි. හෙතෙම කසාවතක් පෙරවූ ගිහියෙක් බවට පත් වෙයි. එපමණක් නොව ඔහුට සිව්පසය පරිභෝග කිරීමට අයිතියක් නැත. ඔහු මොහොතක් පාසා පව් සිදු කර ගන්නා අයකු බවට පත් වෙයි. ඔහු භික්ෂූන් වහන්සේ සමඟ සමානව විසීමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ.

ත්‍රිපිටකය හඳුන්වන්නේ පරියාප්ති සාසනය නමින් ය. එහි ඇත්තේ බුද්ධ වචනයයි. එම පරියාප්තිය ඇසීමෙන්, ඉගෙනීමෙන්, හැදෑරීමෙන් ලබා ගන්නා අවබෝධය ශීල, සමාධි, ප්‍රඥාවන් වැඩීමට ඉවහල් වෙයි. එම ත්‍රීශික්ෂාව වැඩීමේ ප්‍රතිඵලය වශයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග ඵල සංඛ්‍යාත නිවන ලබා ගැනීමට හැකි වේ. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් සතරමග, සතර ඵල, නිවන යන නව ලෝකෝත්තර ධර්මය ප්රත්යක්ෂ කැර ගැනීමයි. කෙසේ වෙතත් තෙරුවන් සරණ යෑමේ සිට ගෝත්රභු නම්, මාර්ග ඥානයට ආසන්න සිත දක්වා ගමන් කරන කිසියම් පුද්ගලයකු ඇත්නම් ඔහු සැලකිය හැකි වන්නේ ‘සෝවාන් මාර්ගස්ථ’ පුද්ගලයකු වශයෙනි. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, තෙරුවන් සරණ ගිය පුද්ගලයන් මාර්ගස්ථයන් වශයෙන් සැලකිය හැකි ය. මක් නිසාද යත් හෙතෙම සෝවාන් ආදී මාර්ගඵල පිණිස ගමන් කරන පුද්ගලයකු වන බැවින් ය.

යමකු ආර්ය තත්ත්වයට පත් වන්නේ අඩු තරමෙන් සෝවාන් මාර්ග ඥානය පහළ වීමෙන් පසුවයි. එම චිත්ත විථිය අවසන් වන්නේ ඵල සිත් එකක් හෝ දෙකක් පහළ වීමෙන් අනතුරුවයි. එවිට හෙතෙම ඵලස්ථයෙකි. සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා ඉඩ ලැබුණු හැම විටම ඵල සමවතට සමවදිමින් උතුම් සුවය විඳ ගනියි. හෙතෙම එතෙකින් නො නවතියි. සෝවාන් ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය නොහොත් කැමැත්ත අත්හැර යළි විදර්ශනාවට ෙයාමුවී, එම විදර්ශනා ඥානය අවසන සකෘදාගාමි මාර්ග ඥානය දක්වා ගමන් කරයි. එලෙස ගමන් කර සකෘදාගාමි ඵලයට පත් වූ පුද්ගලයා එතෙකින්නො නැවතී සකෘදාගාමී ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය හෙවත් කැමැත්ත අතහැර දමා, විදසුන් වැඩීම මගින් අනාගාමි මාර්ග ඥානයට පත් වෙයි. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ගමන් කර දස සංයෝජන දුරු කර අරහත් මාර්ග ඵල ඥානය දක්වා ගමන් කරයි. දස සංයෝජන යනු සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මානය, උද්ධච්ච සහ අවිජ්ජාවයි. මාර්ග ඵල ලැබීමට නම් මෙම සංයෝජන ප්‍රහානය කළ යුතු බව වැටහෙනවා ඇත.

ඉහත දැක් වූ අයුරින් සතර මග සතර ඵලවලට පත් වූ උතුමෝ ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වෙති. ප්‍රධාන වශයෙන් ආර්ය පුද්ගලයන් අට දෙනකු වශයෙන් සඳහන් වුවද, ප්‍රභේද වශයෙන් ආර්ය පුද්ගලයන් එකසිය අට දෙනකු සිටින බව ධර්මයෙහි සඳහන් වෙයි. සෝවාන් පුද්ගලයා භව සතක් ඇතුළත සෙසු මාර්ගඵල පිළිවෙළින් උතුම් වූ අරහත්ඵලයට පත්වෙයි. සකෘදාගාමී පුද්ගලයා වනාහී සක්කාය දිට්ඨිය ඇතුළු මුල් සංයෝජන තුන ප්‍රහානය කොට ඇතත් කාම රාග, ව්‍යාපාදය ප්‍රහීන කොට නැත. ඔහු ඒවා තුනී කොට ඇත. එබැවින් හෙතෙම යළි මිනිස් ලොව ඉපදීමට ඉඩ ඇත.

කාම රාග, ව්‍යාපාද ආදී කොට ඇති පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා අනාගාමී වූ අයකු වශයෙන් සැලකෙයි. හෙතෙම යළි කාම ලෝකයට නොපැමිණෙයි. මේ භවයේ දී රහත් ඵලයට පත් නොවුවහොත් ශුද්ධාවාස බඹ ලොවේහි ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නේ ය. රහත් බවට පත්වීමට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන උද්ධංභාගීය සංයෝජන පහ ද ප්‍රහීන කළ යුතු වේ.

රහත් භාවය හෙවත් නිවන අවබෝධ කිරීම දක්වා සසුන්හි පිළිවෙත් පිරිය යුතු ය. එසේ පිළිවෙත් පුරන පුද්ගලයා ආර්ය ශ්‍රාවකයකු වශයෙන් සැලකිය හැකි ය. ආර්ය පුද්ගලයා යනු ආර්යත්වයට පත් වූ පුද්ගලයායි. බුද්ධ දේශනාවට අනුකූලව පොත්පත් ලියන, දේශනා පවත්වන පුද්ගලයන් ආර්ය ශ්‍රාවකයන් මිස ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වීමට නොහැක. භාවනා කරමින් සිත දියුණු කැර ගැනීමට පංච කාමයන්ගෙන් දුරස්විය යුතු ය. පස්කම් සුව විඳිමින්, නොයෙකුත් ලෞකික අපේක්ෂාවන් සිත්හි දරාගෙන කටයුතු කරන උදවියට භාවනා වැඩීම අසීරුය. කාමච්ඡන්ද ඇතුළු පංච නීවරණ යටපත් කර ගැනීමෙන් ධ්‍යාන මතු කර ගත හැකි වුව ද, යළි නීවරණ හටගත් සැනින් ධ්‍යානය පිරිහෙයි. එසේ හෙයින් කලබලකාරී පරිසරයක මහජනයා සමග ඇලෙමින්, ගැලෙමින්, මාධ්‍යයන්හි පෙනී සිටිමින්, අයිතිවාසිකම් සඳහා සටන් කරමින්, නිමක් නැති ඉදිකිරීම්හි නියැළෙමින්, විහාරස්ථානවල සහ භාවනා මධ්‍යස්ථානවල නොයෙක් ගොඩනැඟිලි ඉදි කිරීමට ෙවහෙසෙමින් කිසියම් ප්‍රමාණයකට විදර්ශනා වැඩිය හැකි වුවද, ඉතා අපහසුවෙන් සමථ භාවනාවක් වැඩිය හැකි වුවද, සිත් තුළ ජනිත වන නීවරණ යටපත් කිරීම අපහසුවනවා ඇත. එබැවින් සමථ විදර්ශනා වැඩීමේ දී පංච කාමයන්ගෙන් සිත, ගත දෙකම ඈත් කර ගත යුතු ය. පෘථජ්ජන සිත නිරන්තරයෙන්ම නීවරණ ධර්ම සහ පංච කාමයන් තුළ සැරිසැරීම ස්වභාවයි.

ඇතැම් භාවනා උපදේශකයන් භාවනා කරන අයට වැරැදි වැටහීම් ලබා දෙන අන්දම දැක ගත හැකි ය. සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ බවට සහතික පවා දෙන ස්ථාන පිළිබඳ වර්තමානයේ අසන්නට ලැබෙයි. භාවනා කිරීමේ දී පූර්ව නිගමන හා දැනුම අනුව සිත් පහළ වීම සිදුවේ. එය ඉතා සියුම් ලෙස දැනෙයි. මෙයින් තමන්ටම තමන් රැවටෙන සෙයක් සිදුවිය හැකි අතර එසේ වරදවාගත් භාවනා උපදේශකයෝද ඇතැම් දෙනා මුළා කිරීමට සමත් වෙති. විදසුන් වඩන පැවිදි හෝ ගිහි හෝ කවරකු වුව ද නිවැරැදි උපදෙස් ඇතිව භාවනා කරන්නේ නම් සමර්ශන, පච්චයපරිග්ගහ, උදයව්‍ය ආදී ඥාන පහළ වෙයි. මැනැවින් සිහිය පවත්වා ගත් කල්හි සත්ව, පුද්ගල සංඥාව එනම් ආත්ම සංඥාව ඉවත්ව යයි. නාම රූප ධර්මයන් පමණක්ය යන වැටහීමට එළඹ සිටියි. ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු නුවණ වැඩෙයි. මමය කියා සත්වයකු පුද්ගලයකු නැත්තේ ය, නාම රූප ධර්මයන් පමණක් ඇත්තේ ය, එම නාම රූප ධර්ම ද අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ඥානය පහළ වෙයි.

සිත පිළිබඳ විග්රහ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු අසලට එන්නට තරම්වත් හැකි කිසිදු මනෝවිද්‍යාවක් පෙරදිග හෝ අපරදිග හෝ නොමැත. එදා මෙදාතුර පවතින සියලු මනෝවිද්‍යාත්මක කරුණු බුද්ධදේශනාව තුළ අන්තර්ගතව ඇත. බුද්ධ දේශනාව වනාහී බටහිර මනෝවිද්‍යාව වැනි තර්ක මත ගොඩනැඟුණු, හොඳ නරක මිශ්‍ර වූ, අනුමාන කිරීමෙන් ප්‍රකාශිත දෙයක් නොවේ. ප්රත්යක්ෂ වශයෙන් ගත හැකි ඉතා සුපිරිසුදු ඥානයකි. මනැස පිළිබඳ නිරවුල්, නිවැරැදි වැටහීමක් කෙලෙසකවත් බුදුදහමෙන් එපිට විද්‍යාවක් තුළින් ලබා ගත නොහැක. විද්‍යා උපාධි කොතෙක් ලබා ගත්තද සම්බුදුදෙසුම හමුවේ ඒ සියල්ල නිශ්ප්‍රභ වෙයි. භාවනා කරන ඇතැම් දෙන සිරුර භාවනාවෙහි යෙදුවත්, සිත භාවනාවේ නොයොදවති. පැවිදි වීමේ දී වුව ද එකරුණ එලෙසමය. සිත පැවිදි නොවී කය පැවිදි කර ගත් බොහෝ දෙනා සමාජය මුළාවට පත් කරති. එමගින් සිදුවන්නේ මග ඵල ලාභීන් බිහිවීම කෙසේ වෙතත්, පැවිදි බව ව්‍යාපාරයක් කර ගත්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් පවා නොමැති, සසුනට හානි කරන, සමාජය අවුල් සහගත තත්ත්වයට පත් කරන එක්තරා පිරිසක් බිහි වීම පමණකි.

නිවන ලබා ගැනීමට අදහස් කරන්නේ නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමට හැකියාව ලබා ගත යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්රිලක්ෂණය පිළිබඳ දැනුමක් ලබා ගත යුතුය. යම් දිනක සංස්කාරයන්ගේ තත්ත්වය වටහා ගැනීමට හැකි වුවහොත්, සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා වෙයි. එබැවින් සංස්කාර ධර්මයන්ගේ ස්වභාව මෙනෙහි කළ යුතු ය. බුදුදහමෙහි සමථ සහ විදර්ශනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් පෙන්වා ඇත. විදර්ශනා භාවනාව මගින් නිවන ප්රත්යක්ෂ කරන අතර, සමථ භාවනා මගින් ධ්‍යාන අභිඥා ලබා ගත හැකි වෙයි. භාවනා කරන පුද්ගලයා යෝගාවචරයා යනුවෙන් හඳුන්වයි. ඔබ යෝගාවචරයකු වශයෙන් කිසියම් භාවනාවක නිරත වීමට අදහස් කරන්නේ නම්, පළමුව කාය සංවරය සහ වාග් සංවරය ඇති කැර ගත යුතුයි. බොහෝ දෙනා භාවනා කිරීමට යොමු වන්නේ මෙම මූලික සුදුසුකම් දෙකවත් නොමැතිවය. කය, වචනය සංවර නොකරගෙන සිත සංවර කැර ගත නොහැකි ය. කය, වචනය සංවර කැර ගෙන සිල්වතකු බවට පත් වුවහොත්, මනැස සංවර කැර ගැනීමේ හැකියාව ලැබෙයි. මෙසේ කය, වචනය සංවර කරගැනීම ශීල විසුද්ධියයි.

අපේ සිත, නොඑසේනම් මනැස නිරතුරුවම චංචල ගතියෙන් යුක්තය. එම චංචල මනැස පාලනය කිරීමට භාවනාව උපකාරී වෙයි. එය ධ්‍යාන ලබා ගැනීමට ද ඉවහල් වෙයි. එබැවින් කළ යුතු වන්නේ සිත හෙවත් මනැස එක් තැන්ව තබා ගැනීමට උත්සාහ කිරීමයි. තම මනැසෙහි තැන්පත්ව තිබෙන නීවරණ ධර්ම යටපත් කර ගත හැකි නම් ධ්‍යාන ලබා ගැනීමට හැකියාව ලැබෙයි. නීවරණ ඉවත්වූ විට ඔබේ සිත පිරිසුදු බවට පත් වෙයි. එම තත්ත්වය ‘චිත්ත විසුද්ධිය’ වශයෙන් හැඳින්වේ. සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින් පංචස්කන්ධය දෙස ස්කන්ධ වශයෙන් මෙන්ම නාම, රූප වශයෙන් සහ ආයතන වශයෙන් බැලීමත් මෙසේ ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බැලීම මගින් මමය, මාගේය යන හැඟීම නැති කර ගැනීමත් කළ හැකි ය. එලෙස ඇති කර ගන්නා පිරිසුදු බව හඳුන්වන්නේ ‘දිට්ඨි විසුද්ධිය’ යනුවෙන් ය. මෙම දිට්ඨි විසුද්ධිය ලැබූ යෝගියාට තම ජීවිතය පිළිබඳ තරමක් දුරට වැටහීමක් ඇති වේ. එ නිසාම ඔහු තුළින් ආත්ම දෘෂ්ඨිය ඉවත් වේ.

එනම් ඔහු පංචස්කන්ධය දෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය අනුව බලයි. එසේ බලන ඔහුට සිතෙහි පවතින විසි හතර ආකාරයක සැකයන් දුරු කර ගැනීමට හැකියාව ලැබෙයි.

එලෙස සුවිසි වැදෑරුම් සැකයන් ඉවත් කර ගැනීම ‘කංකාවිතරණ විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. මේ වන විට යෝගියාගේ සිතෙහි ක්ලේශයන් බොහෝ දුරට සමනය වී ඇත. හෙතෙම යළිත් පංචස්කන්ධය, සංස්කාර ධර්මයන් තිලකුණු අනුව බලයි. මෙම අවස්ථාව වන විට සිතෙහි ඇතිවන අමුතු ස්වභාව නිසා ඔහුට නොමඟ යන සිතුවිලි ඇතිවීමට ද පිළිවන. දැන් තමන්ට නිවන අවබෝධ වී තිබෙන බව හැඟීමට ද ඉඩ ඇත. මෙය භාවනාව කිලිටි කරන අවස්ථාවකි. ඒවා උපක්ලේශයන් වශයෙන් හඳුන්වයි. එම උපක්ලේෂ නිවන් මාර්ග, ඵල නොවේයයි යන ඥානය උපදවා ගැනීම ‘මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම, විනාශවීම යන කරුණු දක්නට ද පිළිවන. එය උදයව්‍ය ඥානය වශයෙන් හඳුන්වයි. එලෙස යථා තත්ත්වය අවබෝධ කරවන ඥාන නවයක් ඇත. ඒවා නව මහා විදර්ශනා ඥාන යනුවෙන් හඳුන්වයි. එම නව මහා විදර්ශනා ඥානය පහළවීමෙන් ඇතිවන පිරිසුදු භාවය ‘පටිපදා ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. එම තත්ත්වය ලැබූ යෝගාවචරයා මාර්ගඵල ලැබීමට ආසන්නව සිටියි. අවසාන වශයෙන් හෙතෙම සංස්කාර ධර්මයන් මෙනෙහි කිරීම නිසා, සත්‍යානුලෝමික ඥානය ලබයි. අනතුරුව, ගෝත්රභු ඥානය, මාර්ග ඥානය, ඵල ඥානය වැනි ඥාන ලබයි. මෙසේ ඵල ඥාන ලැබීම, ‘ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. ත්රිලක්ෂණ භාවනා වැඩීමෙන් මග ඵල ලබන අයුරු ඉතා කෙටියෙන් පැහැදිලි කළෙමි. මේ අයුරින් නිවන් ලැබීමට නම් ඔබ කළ යුත්තේ භාවනා ප්‍රගුණ කිරීම බව පැහැදිලි ය. විදර්ශනා භාවනාව වැඩීමෙන් මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේ.

[QUOTE="Dilwaale, post: 18515030, member: 520020"] [COLOR=Purple][B][SIZE=4]මාර්ග ඵල ලබාගැනීම ගැන වර්තමානයේ නොයෙකුත් මතිමතාන්තර තිබෙන බව දැකිය හැකි ය. ඇතැම් ගිහි පුද්ගලයෝ ද මාර්ග ඵලවලට පත්ව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ගිහි පුද්ගලයන් පමණක් නොව, ඇතැම් පැවිද්දෝ ද තමන් මඟ ඵලවලට පත්ව සිටින බව ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරති. ගිහි භවතුන්ට කෙසේ වෙතත් පැවිද්දන්ට මෙය බරපතළ තත්ත්වයකි. එවැනි ලෝකෝත්තර තත්ත්වයක් ලබා ඇත්නම් ගැටලුවක් ඇති නොවේ. එහෙත් අන් අය රැවටීමේ අදහසින් තමන් වෙත නැති උත්තර මනුස්ස ධර්මය ප්‍රකාශ කිරීම ඉතා බරපතළ වරදකි. එය සතර පාරාජිකාවන්ගෙන් එකකි. පාරාජිකා වීම යනු පැවිදි උපසම්පදාව අහෝසි වීමකි. නැවත කිසි දිනක උපසම්පදාව ලබා ගැනීමට නොහැකි වෙයි. හෙතෙම කසාවතක් පෙරවූ ගිහියෙක් බවට පත් වෙයි. එපමණක් නොව ඔහුට සිව්පසය පරිභෝග කිරීමට අයිතියක් නැත. ඔහු මොහොතක් පාසා පව් සිදු කර ගන්නා අයකු බවට පත් වෙයි. ඔහු භික්ෂූන් වහන්සේ සමඟ සමානව විසීමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ. ත්‍රිපිටකය හඳුන්වන්නේ පරියාප්ති සාසනය නමින් ය. එහි ඇත්තේ බුද්ධ වචනයයි. එම පරියාප්තිය ඇසීමෙන්, ඉගෙනීමෙන්, හැදෑරීමෙන් ලබා ගන්නා අවබෝධය ශීල, සමාධි, ප්‍රඥාවන් වැඩීමට ඉවහල් වෙයි. එම ත්‍රීශික්ෂාව වැඩීමේ ප්‍රතිඵලය වශයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග ඵල සංඛ්‍යාත නිවන ලබා ගැනීමට හැකි වේ. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් සතරමග, සතර ඵල, නිවන යන නව ලෝකෝත්තර ධර්මය ප්රත්යක්ෂ කැර ගැනීමයි. කෙසේ වෙතත් තෙරුවන් සරණ යෑමේ සිට ගෝත්රභු නම්, මාර්ග ඥානයට ආසන්න සිත දක්වා ගමන් කරන කිසියම් පුද්ගලයකු ඇත්නම් ඔහු සැලකිය හැකි වන්නේ ‘සෝවාන් මාර්ගස්ථ’ පුද්ගලයකු වශයෙනි. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, තෙරුවන් සරණ ගිය පුද්ගලයන් මාර්ගස්ථයන් වශයෙන් සැලකිය හැකි ය. මක් නිසාද යත් හෙතෙම සෝවාන් ආදී මාර්ගඵල පිණිස ගමන් කරන පුද්ගලයකු වන බැවින් ය. යමකු ආර්ය තත්ත්වයට පත් වන්නේ අඩු තරමෙන් සෝවාන් මාර්ග ඥානය පහළ වීමෙන් පසුවයි. එම චිත්ත විථිය අවසන් වන්නේ ඵල සිත් එකක් හෝ දෙකක් පහළ වීමෙන් අනතුරුවයි. එවිට හෙතෙම ඵලස්ථයෙකි. සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා ඉඩ ලැබුණු හැම විටම ඵල සමවතට සමවදිමින් උතුම් සුවය විඳ ගනියි. හෙතෙම එතෙකින් නො නවතියි. සෝවාන් ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය නොහොත් කැමැත්ත අත්හැර යළි විදර්ශනාවට ෙයාමුවී, එම විදර්ශනා ඥානය අවසන සකෘදාගාමි මාර්ග ඥානය දක්වා ගමන් කරයි. එලෙස ගමන් කර සකෘදාගාමි ඵලයට පත් වූ පුද්ගලයා එතෙකින්නො නැවතී සකෘදාගාමී ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය හෙවත් කැමැත්ත අතහැර දමා, විදසුන් වැඩීම මගින් අනාගාමි මාර්ග ඥානයට පත් වෙයි. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ගමන් කර දස සංයෝජන දුරු කර අරහත් මාර්ග ඵල ඥානය දක්වා ගමන් කරයි. දස සංයෝජන යනු සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මානය, උද්ධච්ච සහ අවිජ්ජාවයි. මාර්ග ඵල ලැබීමට නම් මෙම සංයෝජන ප්‍රහානය කළ යුතු බව වැටහෙනවා ඇත. ඉහත දැක් වූ අයුරින් සතර මග සතර ඵලවලට පත් වූ උතුමෝ ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වෙති. ප්‍රධාන වශයෙන් ආර්ය පුද්ගලයන් අට දෙනකු වශයෙන් සඳහන් වුවද, ප්‍රභේද වශයෙන් ආර්ය පුද්ගලයන් එකසිය අට දෙනකු සිටින බව ධර්මයෙහි සඳහන් වෙයි. සෝවාන් පුද්ගලයා භව සතක් ඇතුළත සෙසු මාර්ගඵල පිළිවෙළින් උතුම් වූ අරහත්ඵලයට පත්වෙයි. සකෘදාගාමී පුද්ගලයා වනාහී සක්කාය දිට්ඨිය ඇතුළු මුල් සංයෝජන තුන ප්‍රහානය කොට ඇතත් කාම රාග, ව්‍යාපාදය ප්‍රහීන කොට නැත. ඔහු ඒවා තුනී කොට ඇත. එබැවින් හෙතෙම යළි මිනිස් ලොව ඉපදීමට ඉඩ ඇත. කාම රාග, ව්‍යාපාද ආදී කොට ඇති පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා අනාගාමී වූ අයකු වශයෙන් සැලකෙයි. හෙතෙම යළි කාම ලෝකයට නොපැමිණෙයි. මේ භවයේ දී රහත් ඵලයට පත් නොවුවහොත් ශුද්ධාවාස බඹ ලොවේහි ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නේ ය. රහත් බවට පත්වීමට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන උද්ධංභාගීය සංයෝජන පහ ද ප්‍රහීන කළ යුතු වේ. රහත් භාවය හෙවත් නිවන අවබෝධ කිරීම දක්වා සසුන්හි පිළිවෙත් පිරිය යුතු ය. එසේ පිළිවෙත් පුරන පුද්ගලයා ආර්ය ශ්‍රාවකයකු වශයෙන් සැලකිය හැකි ය. ආර්ය පුද්ගලයා යනු ආර්යත්වයට පත් වූ පුද්ගලයායි. බුද්ධ දේශනාවට අනුකූලව පොත්පත් ලියන, දේශනා පවත්වන පුද්ගලයන් ආර්ය ශ්‍රාවකයන් මිස ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වීමට නොහැක. භාවනා කරමින් සිත දියුණු කැර ගැනීමට පංච කාමයන්ගෙන් දුරස්විය යුතු ය. පස්කම් සුව විඳිමින්, නොයෙකුත් ලෞකික අපේක්ෂාවන් සිත්හි දරාගෙන කටයුතු කරන උදවියට භාවනා වැඩීම අසීරුය. කාමච්ඡන්ද ඇතුළු පංච නීවරණ යටපත් කර ගැනීමෙන් ධ්‍යාන මතු කර ගත හැකි වුව ද, යළි නීවරණ හටගත් සැනින් ධ්‍යානය පිරිහෙයි. එසේ හෙයින් කලබලකාරී පරිසරයක මහජනයා සමග ඇලෙමින්, ගැලෙමින්, මාධ්‍යයන්හි පෙනී සිටිමින්, අයිතිවාසිකම් සඳහා සටන් කරමින්, නිමක් නැති ඉදිකිරීම්හි නියැළෙමින්, විහාරස්ථානවල සහ භාවනා මධ්‍යස්ථානවල නොයෙක් ගොඩනැඟිලි ඉදි කිරීමට ෙවහෙසෙමින් කිසියම් ප්‍රමාණයකට විදර්ශනා වැඩිය හැකි වුවද, ඉතා අපහසුවෙන් සමථ භාවනාවක් වැඩිය හැකි වුවද, සිත් තුළ ජනිත වන නීවරණ යටපත් කිරීම අපහසුවනවා ඇත. එබැවින් සමථ විදර්ශනා වැඩීමේ දී පංච කාමයන්ගෙන් සිත, ගත දෙකම ඈත් කර ගත යුතු ය. පෘථජ්ජන සිත නිරන්තරයෙන්ම නීවරණ ධර්ම සහ පංච කාමයන් තුළ සැරිසැරීම ස්වභාවයි. ඇතැම් භාවනා උපදේශකයන් භාවනා කරන අයට වැරැදි වැටහීම් ලබා දෙන අන්දම දැක ගත හැකි ය. සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ බවට සහතික පවා දෙන ස්ථාන පිළිබඳ වර්තමානයේ අසන්නට ලැබෙයි. භාවනා කිරීමේ දී පූර්ව නිගමන හා දැනුම අනුව සිත් පහළ වීම සිදුවේ. එය ඉතා සියුම් ලෙස දැනෙයි. මෙයින් තමන්ටම තමන් රැවටෙන සෙයක් සිදුවිය හැකි අතර එසේ වරදවාගත් භාවනා උපදේශකයෝද ඇතැම් දෙනා මුළා කිරීමට සමත් වෙති. විදසුන් වඩන පැවිදි හෝ ගිහි හෝ කවරකු වුව ද නිවැරැදි උපදෙස් ඇතිව භාවනා කරන්නේ නම් සමර්ශන, පච්චයපරිග්ගහ, උදයව්‍ය ආදී ඥාන පහළ වෙයි. මැනැවින් සිහිය පවත්වා ගත් කල්හි සත්ව, පුද්ගල සංඥාව එනම් ආත්ම සංඥාව ඉවත්ව යයි. නාම රූප ධර්මයන් පමණක්ය යන වැටහීමට එළඹ සිටියි. ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු නුවණ වැඩෙයි. මමය කියා සත්වයකු පුද්ගලයකු නැත්තේ ය, නාම රූප ධර්මයන් පමණක් ඇත්තේ ය, එම නාම රූප ධර්ම ද අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ඥානය පහළ වෙයි. සිත පිළිබඳ විග්රහ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු අසලට එන්නට තරම්වත් හැකි කිසිදු මනෝවිද්‍යාවක් පෙරදිග හෝ අපරදිග හෝ නොමැත. එදා මෙදාතුර පවතින සියලු මනෝවිද්‍යාත්මක කරුණු බුද්ධදේශනාව තුළ අන්තර්ගතව ඇත. බුද්ධ දේශනාව වනාහී බටහිර මනෝවිද්‍යාව වැනි තර්ක මත ගොඩනැඟුණු, හොඳ නරක මිශ්‍ර වූ, අනුමාන කිරීමෙන් ප්‍රකාශිත දෙයක් නොවේ. ප්රත්යක්ෂ වශයෙන් ගත හැකි ඉතා සුපිරිසුදු ඥානයකි. මනැස පිළිබඳ නිරවුල්, නිවැරැදි වැටහීමක් කෙලෙසකවත් බුදුදහමෙන් එපිට විද්‍යාවක් තුළින් ලබා ගත නොහැක. විද්‍යා උපාධි කොතෙක් ලබා ගත්තද සම්බුදුදෙසුම හමුවේ ඒ සියල්ල නිශ්ප්‍රභ වෙයි. භාවනා කරන ඇතැම් දෙන සිරුර භාවනාවෙහි යෙදුවත්, සිත භාවනාවේ නොයොදවති. පැවිදි වීමේ දී වුව ද එකරුණ එලෙසමය. සිත පැවිදි නොවී කය පැවිදි කර ගත් බොහෝ දෙනා සමාජය මුළාවට පත් කරති. එමගින් සිදුවන්නේ මග ඵල ලාභීන් බිහිවීම කෙසේ වෙතත්, පැවිදි බව ව්‍යාපාරයක් කර ගත්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් පවා නොමැති, සසුනට හානි කරන, සමාජය අවුල් සහගත තත්ත්වයට පත් කරන එක්තරා පිරිසක් බිහි වීම පමණකි. නිවන ලබා ගැනීමට අදහස් කරන්නේ නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමට හැකියාව ලබා ගත යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්රිලක්ෂණය පිළිබඳ දැනුමක් ලබා ගත යුතුය. යම් දිනක සංස්කාරයන්ගේ තත්ත්වය වටහා ගැනීමට හැකි වුවහොත්, සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා වෙයි. එබැවින් සංස්කාර ධර්මයන්ගේ ස්වභාව මෙනෙහි කළ යුතු ය. බුදුදහමෙහි සමථ සහ විදර්ශනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් පෙන්වා ඇත. විදර්ශනා භාවනාව මගින් නිවන ප්රත්යක්ෂ කරන අතර, සමථ භාවනා මගින් ධ්‍යාන අභිඥා ලබා ගත හැකි වෙයි. භාවනා කරන පුද්ගලයා යෝගාවචරයා යනුවෙන් හඳුන්වයි. ඔබ යෝගාවචරයකු වශයෙන් කිසියම් භාවනාවක නිරත වීමට අදහස් කරන්නේ නම්, පළමුව කාය සංවරය සහ වාග් සංවරය ඇති කැර ගත යුතුයි. බොහෝ දෙනා භාවනා කිරීමට යොමු වන්නේ මෙම මූලික සුදුසුකම් දෙකවත් නොමැතිවය. කය, වචනය සංවර නොකරගෙන සිත සංවර කැර ගත නොහැකි ය. කය, වචනය සංවර කැර ගෙන සිල්වතකු බවට පත් වුවහොත්, මනැස සංවර කැර ගැනීමේ හැකියාව ලැබෙයි. මෙසේ කය, වචනය සංවර කරගැනීම ශීල විසුද්ධියයි. අපේ සිත, නොඑසේනම් මනැස නිරතුරුවම චංචල ගතියෙන් යුක්තය. එම චංචල මනැස පාලනය කිරීමට භාවනාව උපකාරී වෙයි. එය ධ්‍යාන ලබා ගැනීමට ද ඉවහල් වෙයි. එබැවින් කළ යුතු වන්නේ සිත හෙවත් මනැස එක් තැන්ව තබා ගැනීමට උත්සාහ කිරීමයි. තම මනැසෙහි තැන්පත්ව තිබෙන නීවරණ ධර්ම යටපත් කර ගත හැකි නම් ධ්‍යාන ලබා ගැනීමට හැකියාව ලැබෙයි. නීවරණ ඉවත්වූ විට ඔබේ සිත පිරිසුදු බවට පත් වෙයි. එම තත්ත්වය ‘චිත්ත විසුද්ධිය’ වශයෙන් හැඳින්වේ. සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින් පංචස්කන්ධය දෙස ස්කන්ධ වශයෙන් මෙන්ම නාම, රූප වශයෙන් සහ ආයතන වශයෙන් බැලීමත් මෙසේ ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බැලීම මගින් මමය, මාගේය යන හැඟීම නැති කර ගැනීමත් කළ හැකි ය. එලෙස ඇති කර ගන්නා පිරිසුදු බව හඳුන්වන්නේ ‘දිට්ඨි විසුද්ධිය’ යනුවෙන් ය. මෙම දිට්ඨි විසුද්ධිය ලැබූ යෝගියාට තම ජීවිතය පිළිබඳ තරමක් දුරට වැටහීමක් ඇති වේ. එ නිසාම ඔහු තුළින් ආත්ම දෘෂ්ඨිය ඉවත් වේ. එනම් ඔහු පංචස්කන්ධය දෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණය අනුව බලයි. එසේ බලන ඔහුට සිතෙහි පවතින විසි හතර ආකාරයක සැකයන් දුරු කර ගැනීමට හැකියාව ලැබෙයි. එලෙස සුවිසි වැදෑරුම් සැකයන් ඉවත් කර ගැනීම ‘කංකාවිතරණ විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. මේ වන විට යෝගියාගේ සිතෙහි ක්ලේශයන් බොහෝ දුරට සමනය වී ඇත. හෙතෙම යළිත් පංචස්කන්ධය, සංස්කාර ධර්මයන් තිලකුණු අනුව බලයි. මෙම අවස්ථාව වන විට සිතෙහි ඇතිවන අමුතු ස්වභාව නිසා ඔහුට නොමඟ යන සිතුවිලි ඇතිවීමට ද පිළිවන. දැන් තමන්ට නිවන අවබෝධ වී තිබෙන බව හැඟීමට ද ඉඩ ඇත. මෙය භාවනාව කිලිටි කරන අවස්ථාවකි. ඒවා උපක්ලේශයන් වශයෙන් හඳුන්වයි. එම උපක්ලේෂ නිවන් මාර්ග, ඵල නොවේයයි යන ඥානය උපදවා ගැනීම ‘මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම, විනාශවීම යන කරුණු දක්නට ද පිළිවන. එය උදයව්‍ය ඥානය වශයෙන් හඳුන්වයි. එලෙස යථා තත්ත්වය අවබෝධ කරවන ඥාන නවයක් ඇත. ඒවා නව මහා විදර්ශනා ඥාන යනුවෙන් හඳුන්වයි. එම නව මහා විදර්ශනා ඥානය පහළවීමෙන් ඇතිවන පිරිසුදු භාවය ‘පටිපදා ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. එම තත්ත්වය ලැබූ යෝගාවචරයා මාර්ගඵල ලැබීමට ආසන්නව සිටියි. අවසාන වශයෙන් හෙතෙම සංස්කාර ධර්මයන් මෙනෙහි කිරීම නිසා, සත්‍යානුලෝමික ඥානය ලබයි. අනතුරුව, ගෝත්රභු ඥානය, මාර්ග ඥානය, ඵල ඥානය වැනි ඥාන ලබයි. මෙසේ ඵල ඥාන ලැබීම, ‘ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. ත්රිලක්ෂණ භාවනා වැඩීමෙන් මග ඵල ලබන අයුරු ඉතා කෙටියෙන් පැහැදිලි කළෙමි. මේ අයුරින් නිවන් ලැබීමට නම් ඔබ කළ යුත්තේ භාවනා ප්‍රගුණ කිරීම බව පැහැදිලි ය. විදර්ශනා භාවනාව වැඩීමෙන් මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේ.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom