Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නයා Indian Cobra- පුරාණ දේව කතා මැදින් මතකයට ඇදී එන, ශ්‍රී ලාංකිකයා වසඟයට ගත් තේජවන්තයා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]215523[/ATTACH]

පුරාණ දේව කතා මැදින් මතකයට ඇදී එන, ශ්‍රී ලාංකිකයා වසඟයට ගත් තේජවන්තයා...!

Naja naja (Linnaeus, 1758)

නයා/ නාගයා

Indian Cobra/ Spectacled Cobra

කුළය- ඉලැපිඩේ (Family- Elapidae )

හඳුනාගැනීම-

දේහය;- වැඩුණු සතුන් සෙ. මී. 100- 180ක් පමණ දිගු වේ. (අඩි 3-5, අඩි 9ක පමණ සතෙකුද මෙරටින් හමුවී තිබේ.)

හිස පෘෂ්ඨීයව ඕවලාකාර සහ පෘෂ්ඨෝධරීයව පැතලි ස්වරූපයක් ගන්නා අතර ඕවලාකාර කණීනිකාවක් සහිත ඇස් පිහිටයි. සුමට කොරල වලින් ආවරණය වූ පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර දේහය අවසානයේ, ක්‍රමයෙන් සිහින් වන වල්ගයක් පිහිටයි. පෙනය හකුලාගෙන සිටිත්දී ගෙල පෙදෙස මඳක් පැතලිව දිස්වේ. ශ්‍රී ලංකාවේ හමුවන තෙවැනි විශාලතම සර්ප විශේෂය වේ. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හමුවන විෂ සහිත සර්පයින් අතුරින් විශාලතම සර්ප විශේෂය වන්නේ ද නාගයින් වේ.

වර්ණය;-

දේහය පෘෂ්ඨීයව ලා හෝ තද දුඹුරු පැහැති වන අතර එහි සුදු පැහැති හරස් කඩ ඉරි තනි තනිව හෝ යුගල වශයෙන් පිහිටයි. හිසෙහි විශේෂ සලකුණු කිසිවක් නොවේ, නමුත් ඇසට යටින් කුඩා කළු පැහැ අපැහැදිලි සලකුණක් ඇත. පෙනය පිටුපස කළු බාහිර දාරයකින් වටවූ සුදු පැහැ "ප" අක්ෂරයට සමාන සලකුණක් පිහිටන අතර එම සලකුණ වෙනත් හැඩයන්ගෙන් හෝ විශේෂණ රටාවන් ගෙන තිබිය හැක. ඇතුල් පැත්තෙහි සුදු පසුබිමක පවතින විශාල ඕවලාකාර හෝ හතරැස් කළු පැල්ලම් දෙකක් පිහිටයි. සුදු, අළු හෝ ලා කහ පැහැ උදරීය පෙදෙසෙහි පූර්ව භාගයෙහි දුඹුරු හෝ අළු පැහැ පළල් හරස් පටි දක්නට ලැබේ. සුදු නාගයින්ගේ (Leucistic) සම්පූර්ණ දේහයම හෝ දේහයේ වැඩි ප්‍රමාණයක් සුදු පැහැ වන අතර ඇසෙහි කණීනිකාව සහ පෙනයේ සලකුණු හෝ දේහයේ ඇතැම් සලකුණු කළු අළු හෝ දුඹුරු පැහැ වේ. ඇලි සතුන්ගේ (Albino) සම්පූර්ණ දේහයම සුදු පැහැති වන අතර ඇසෙහි කණීනිකාව, පෙනයේ සලකුණු සහ දේහයේ හරස් කඩ ඉරි රතු පැහැතිවේ.

හැසිරීම-

ප්‍රධාන වශයෙන් දිවාචරය, නමුත් කලාතුරකින් රාත්‍රී කාලයේ ද හැසිරෙනු දැකිය හැක. රළු බිත්ති වල ගමන් කිරීමට, ගස් නැගීමේ හා පිහිනීමේ ශූරයින් වේ. කලබල වූ විට වේගයෙන් පලා යෑමට හෝ ලඟම ඇති අඳුරු ස්ථානයේ සැඟවීමට තැත් කරයි. නමුත් එයට ඉඩක් නොවූ විට දේහ දිගින් 1/3 ක් පමණ ඉහළට ඔසවා පෙනය විහිදුවා (ගෙලෙගි පවතින පර්ශුක අස්ථි දෙපසට දිග හැරීමෙන් සිය පෙනය විදහා දක්වයි.) ශබ්ද නඟා නාසයෙන් පිඹිමින් අනතුරු හඟවා චලනය වන සමීපතම දෙයට පහර දෙයි. නමුත් මෙම පහර දීම් වලදී සුලභව සපාකෑමට තැත් නොකරන අතර මුඛ්‍ය වීවෘත නොකර සිදු කරන මෙම දර්ශීය චර්යාව දක්වන්නේ බියගන්වා එළවීමේ අරමුණෙනි. හිංසාවක් නිසා කිපුණු අවස්තාවකදී, සිය බිත්තර තැන්පත් කල ස්ථානය අවට ආරක්ෂාව සලසද්දී හෝ ගොදුරක් ලෙස රැවටුණු අවස්ථාවකදී ශබ්ද නැගීමකින් හෝ පෙනය විහිදුවීමකින් තොරවද පළමුව මුඛය විවෘත කර වේගයෙන් ඉදිරියට එමින් විෂ ශරීරගත වන පරිදි සපා කයි. කලාතුරකින් විෂ නිකුත් කිරීමකින් තොරවද සපා කයි. තරුණ සතුන් වඩාත් ක්‍රියාශීලී වන අතර මානව ජනාවාස ආශ්‍රිතව ජීවත් වන වැඩුණු නාගයින්ගේ ප්රකෝපශීලී චර්යාවන් සාපේක්ෂව ඉතා අඩුය. ඇලි නාගයින්ගේ චර්යාවන් සාමාන්‍ය නාගයින්ගේ චර්යා වලට වඩා බෙහෙවින් වෙනස් වන අතර ඔවුන් ඉතා කුලෑටි, ඉක්මනින් සැඟවෙන සහ සිය ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයකින් පසුවනසුළු හැසිරීම් පෙන්වයි. පිරිමි සතුන් වසම් රකින අවස්ථාද එම වසමට ඇතුල් වන වෙනත් නාගයින් සමඟ සටන් කරන චර්යාවන්ද නාගයින්ගේ දැකිය හැක.

ව්‍යාප්තිය-

ඉතා උස් කඳුකරයේ හැර මෙරට සෑම ප්රදේශයෙකම පාහේ සුලභව හමුවේ. ගෝලීය ව්‍යාප්තිය:- අප්‍රිකාව, නිරිතදිග ආසියාව, දකුණුදිග ආසියාව සහ අග්නිදිග ආසියාව.

වාසස්ථාන-

නාගරික ප්‍රදේශ, ගම්මාන, ගොවි බිම්, තෘණ භූමි, තැනිතලා බිම් වල සිට සදාහරිත තෙත් වනාන්තර දක්වා පැතිරීගිය පුළුල් පරාසයක වාසස්ථාන ආකාර වල නොනැසී පැවැත්ම තහවුරු කර ගැනීමට නාගයා සමත්වී ඇත. වේයන්ගේ තුඹස්, ගස් බෙන, විශාල කොටන් හෝ මුල් යට, ගල් පැළුම්, ගල් ගොඩවල්, කුහර සහිත ගල් බැමි, මීයන් වැනි ක්ෂීරපායීන්ගේ ගුල්, මිනිස් වාසස්ථාන ආශ්රිත ඕනෑම පහසුවෙන් සැඟවිය හැකි ගුල් හෝ හිදැස් සහිත ස්ථාන නාගයින් සිය ක්ෂුද්‍ර වාසස්ථාන ලෙස තෝරා ගනී.

ගොදුරු -

මිනිස් වාසස්ථාන අවට සුලභව දැකිය හැකි වන්නේ ගෙම්බන් සහ මීයන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා බැවිනි. ඊට අමතරව තම වර්ගයේම හෝ වෙනත් වර්ගයක සර්පයින්, කුඩා ක්ෂීරපායීන්, කුරුල්ලන් සහ කුරුළු බිත්තර, හූනන්, පඳුරු මැඩියන්, කටුස්සන්, තලගොයින්, සිකනලුන් ගොදුරු කරගනී. තම විෂ මඟින් ගොදුරු අඩපණ කර ගිල දමන නාගයින් විශාල ගොදුරු පමණක් ගොදුරේ හිස පෙදෙසින් පටන්ගෙන ගිල දමයි.

ප්‍රජනනය

ලිංගිකව ප්‍රජනනය කරන නාගයා අණ්ඩජතාවයෙන් හෙවත් බිත්තර මගින් බෝවීම සිදුකරයි. පිරිමි සහ ගැහැණු සතුන් එකිනෙකා හා වෙලෙමින් ආලිංගනයේ යෙදෙයි. මොවුන් වරකට බිත්තර 5- 45 පමණ බෙන, වේ තුඹස් හෝ මී ගුල් තුල දමයි. ගැහැණු සතුන් විසින් බිත්තර දැමූ ස්ථානය අවට සැරිසරමින් බිත්තර ආරක්ෂා කරන අතර බිත්තර පුපුරා පැටවුන් බිහිවීමට ආසන්න වත්ම එම ස්ථානය හැර යයි. ඇතැම් ගැහැණු නාගයින් බිත්තර ආසන්නයට පැමිණෙන අනතුරු දායක වෙනත් සතෙක් හෝ මිනිසෙක් දුටුවහොත් දෂ්ඨ කිරීමට හෝ සටන් කිරීමට මැලි නොවේ. සටන් කල නොහැකි විටදී බිත්තර සහිත ගුල තුලට වේගයෙන් රිංගා ගනී. උපතේදී සේ.මී. 20ක් පමණ වන ක්‍රියාකාරී විෂ ග්‍රන්ථි සහිත පැටවුන් ස්වභාවික පරිසරය තුල තම අනතුරුදායක ජීවිතය අරඹයි.

විලෝපිකයින්-

මිනිසුන්, උකුස්සන්, කුරුළුගොයින්, තලගොයින්, මුගටියන්, තම වර්ගයේම නාගයින් හෝ වෙනත් ඉලැපිඩේ කුලයේ සර්පයින්, කිඹුලන් වැනි ජීවීන් නාගයින්ව මරා ආහාර කර ගැනීම හෝ මරා දැමීම සිදු කරයි. ගෘහාශ්‍රිතව ඇති දැඩි කරන බල්ලන් හා පූසන් මෙම සතුන් ආහාර කර නොගත්තද බොහෝ විට මරා දැමීම සිදු කරයි. විදේශ වලින් මෙරටට ගෙන්වන ලද හෝ දෙමුහුන් බොහෝ සුනඛ විශේෂ නාගයින්ව සපා කෑමේදී දෂ්ඨනයට ලක්ව මිය යන නමුත් සර්පයින් සමඟ සටන් කිරීමේ නිවැරදි ක්‍රමවේද දන්නා දේශීය වැඩුණු සුනඛයින් එසේ දෂ්ඨනයට ලක්වීමේ සම්භාවිතාව ඉතා අඩුය.

විෂ බලපෑම-

මුඛයේ ඉදිරියෙන් පිහිටන, චලනය කල නොහැකි, විෂ ගලා ඒමට සැකසුණු කාණුවක් (ඇලියක්) සහිත Proteroglyphous වර්ගයේ විෂ දළ යුගලක් පිහිටන අතර යම් අනතුරකින් දලයක් කැඩුණු විට ඒවා හැලී නැවත අලුතින් දතක් වර්ධනය වේ. ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතිය අඩපණ කරන විෂත් රුධිර සංසරණ පද්ධතිය අඩපණ කිරීමට බලපාන විෂත් අඩංගු වන බැවින් නාගයෙකුගේ දෂ්ඨනයක් මිනිසෙකුට මාරාන්තික බලපෑමක් සිදුකිරීමට සමත්ය. ප්රකෝපශීලී සපාකෑමකදී මිලි ග්‍රෑම් 170-250 පමණ විෂ ප්‍රමාණයක් ශරීරගත කල හැකි වන අතර එම විෂ ප්‍රමාණයෙන් 6% (12mg)කින් වැඩුණු මිනිසෙකුට මරණීය බලපෑමක් ඇති කල හැකිය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2010 දී ප්‍රකාශිත වාර්තාවකින් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් පළමු කාණ්ඩයේ (category 1) සර්ප විශේෂයක් ලෙස නාගයා නම් කර ඇත. සර්පයෙකුගේ විෂ විවිධ ධූලක රැසක එකතුවක් වන බැවින් එම ධූලක විවිධ ප්‍රාමාණික අගයන් සහ ශීග්රතා වලින් රුධිර සංසරණ පද්ධතියට එකතු වී එක් එක් ඉන්ද්රියයන් සහ පද්ධති වලට විවිධ වූ බලපෑම් සිදුකරයි. මරණය සිදු වන්නේ එම විවිධ ධූලක වල සක්රියතාවයන්ගේ හවුල් ප්‍රතිඵලයක් ලෙසටය. විෂ වල ප්‍රබලතාවය දෂ්ඨනයකට ලක්වූ රෝගියෙකුට මරණය කැඳවන ප්‍රධාන සාධකයක් වුවද ශරීරගත වූ විෂ ප්‍රමාණය, විෂ ඇතුළු වූ ස්ථානය සහ ගැඹුර, රෝහල් ගත කිරීමට සිදුවූ ප්‍රමාදයන්, ප්‍රථමාධාර ලබාදීම හෝ නොදීම, ප්‍රතිවිෂ එන්නත ලබාදීමේ ප්‍රමාදයන්, ලබාදෙන එන්නතෙහි ඵලදායී බව සහ රෝගියා තුල පවතින වෙනත් රෝගද බලපාන වැදගත් සාධක වේ. ප්‍රතිවිෂ නිෂ්පාදනයට, පිළිකා නාශක ඖෂධ සහ නවීන වේදනා නාශක සහ තවත් බොහොමයක් වෛද්‍ය විද්‍යාත්මක විෂවේද විද්‍යාත්මක පර්යේෂණ සඳහා නාගයින්ගේ විෂ යොදාගනී.

රෝග ලක්ෂණ-

දෂ්ඨ කිරීම් සුලභව වාර්තා වන්නේ දණහිසින් පහල පාද වලට සහ අත්වලට සිදුවූ අවස්ථාවන්ය. දෂ්ඨ කල ස්ථානය අවට තරමක් ඉදිමීම සහ අධික වේදනාව, දෂ්ඨනය සිදුවූ ස්ථානය ආශ්රිත පටක මියයාම සහ කුණුවීම, පෙනීම අපැහැදිලි වීම, ඇසිපිය කඩා හැලීම, ශ්වසනය කිරීමේ අපහසුව, වමනය, සිහිසුන් වීම සහ කම්පනය ඇතිවිය හැක. බටහිර වෛද්‍ය ක්‍රමයේදී පටක කුණු වීම නිසා එම ගාත්‍රය ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට සිදුවන අවස්ථා ඇති නමුත් සිංහල විෂ වෙදකමේදී එවන් කුණුවීමට ලක්වූ ගාත්රා නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට සමත්වූ අවස්ථාද ඇත. රෝගීන්ගෙන් 20% ක් පමණ ස්නායු පේශි අඩපණ වීම නිසා සිදුවන ශ්වසන පේශි අකර්මණ්‍ය වීමෙන් මරණයට පත්වීමේ අවදානමට ලක්වේ.

සංරක්ෂණය-

නාගයා ශ්‍රී ලාංකික බෞද්ධ සාහිත්‍යය, දේව ඇදහිලි, විවිධ සංස්කෘතික ජනප්‍රවාද, මිත්‍යා විශ්වාස, කතාන්දර හා බැඳී ඇති සත්ත්වයෙක් නිසා, දුටුවනින්ම සර්පයින් මරා දමන පිරිස වැඩි මෙරට මිනිස් සමාජය තුල අනෙකුත් සර්පයින්ට වඩා තරමක ආරක්ෂිත බවක් නාගයින්ට ලැබී ඇත. 2012 ජාතික රතු දත්ත වාර්තාව අනුව- වඳවීයාමේ අවදානමක් නොමැති අඩු තැකීමක් ඇති සර්ප විශේෂයකි. National Redlist 2012 Status-Least Concerned (LC)

(මෙහි සඳහන් බොහෝ කරුණු විද්‍යාත්මක දත්ත මත පදනම් වන නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ විද්‍යාව යනු පරම සත්‍ය නොවන බවය. එය මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද සම්මුති සත්‍යයකි. එබැවින් මෙම කරුණු හෝ දත්ත ඕනෑම අවස්තාවක යාවත්කාලීන වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත. සම්බුද්ධ දේශණාවට අනුව සැලකීමේදී අප වර්තමානයේදී "විද්‍යාව" යන නමින් හඳුන්වන්නේ භෞතිකවාදී "අවිද්‍යාව" වන අතර විදර්ශණාව තුලින් මිස දැනුමක් තුලින් "විද්‍යාව" පහළ නොවේ. දැනුමෙහි වටිනාකම ඇත්තේ සසර පැවැත්මට මිස "දැනුම" සංසාර විමුක්තිය කෙරෙහි කිසිදු වටිනාකමක් නැති තුච්ඡ සම්මුතියකි.)

අදහස් ප්‍රවේශණය කරුණු පෙළගැස්ම සහ ඡායාරූප අයිතිය- එච්. කේ. දුෂාන්ත කණ්ඩම්බි. 2022

(කොළඹ විශ්ව විද්‍යයාලීය වෛද්‍ය පීඨයේ සර්ප විෂ පර්යේෂණායතනයේ සර්පාගාර පාලක සහ සර්ප විෂ නිස්සාරක.)

Copied Snake of Srilanka

[QUOTE="reuse, post: 29236614, member: 200727"] [ATTACH type="full"]215523[/ATTACH] පුරාණ දේව කතා මැදින් මතකයට ඇදී එන, ශ්‍රී ලාංකිකයා වසඟයට ගත් තේජවන්තයා...! Naja naja (Linnaeus, 1758) නයා/ නාගයා Indian Cobra/ Spectacled Cobra කුළය- ඉලැපිඩේ (Family- Elapidae ) හඳුනාගැනීම- දේහය;- වැඩුණු සතුන් සෙ. මී. 100- 180ක් පමණ දිගු වේ. (අඩි 3-5, අඩි 9ක පමණ සතෙකුද මෙරටින් හමුවී තිබේ.) හිස පෘෂ්ඨීයව ඕවලාකාර සහ පෘෂ්ඨෝධරීයව පැතලි ස්වරූපයක් ගන්නා අතර ඕවලාකාර කණීනිකාවක් සහිත ඇස් පිහිටයි. සුමට කොරල වලින් ආවරණය වූ පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර දේහය අවසානයේ, ක්‍රමයෙන් සිහින් වන වල්ගයක් පිහිටයි. පෙනය හකුලාගෙන සිටිත්දී ගෙල පෙදෙස මඳක් පැතලිව දිස්වේ. ශ්‍රී ලංකාවේ හමුවන තෙවැනි විශාලතම සර්ප විශේෂය වේ. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හමුවන විෂ සහිත සර්පයින් අතුරින් විශාලතම සර්ප විශේෂය වන්නේ ද නාගයින් වේ. වර්ණය;- දේහය පෘෂ්ඨීයව ලා හෝ තද දුඹුරු පැහැති වන අතර එහි සුදු පැහැති හරස් කඩ ඉරි තනි තනිව හෝ යුගල වශයෙන් පිහිටයි. හිසෙහි විශේෂ සලකුණු කිසිවක් නොවේ, නමුත් ඇසට යටින් කුඩා කළු පැහැ අපැහැදිලි සලකුණක් ඇත. පෙනය පිටුපස කළු බාහිර දාරයකින් වටවූ සුදු පැහැ "ප" අක්ෂරයට සමාන සලකුණක් පිහිටන අතර එම සලකුණ වෙනත් හැඩයන්ගෙන් හෝ විශේෂණ රටාවන් ගෙන තිබිය හැක. ඇතුල් පැත්තෙහි සුදු පසුබිමක පවතින විශාල ඕවලාකාර හෝ හතරැස් කළු පැල්ලම් දෙකක් පිහිටයි. සුදු, අළු හෝ ලා කහ පැහැ උදරීය පෙදෙසෙහි පූර්ව භාගයෙහි දුඹුරු හෝ අළු පැහැ පළල් හරස් පටි දක්නට ලැබේ. සුදු නාගයින්ගේ (Leucistic) සම්පූර්ණ දේහයම හෝ දේහයේ වැඩි ප්‍රමාණයක් සුදු පැහැ වන අතර ඇසෙහි කණීනිකාව සහ පෙනයේ සලකුණු හෝ දේහයේ ඇතැම් සලකුණු කළු අළු හෝ දුඹුරු පැහැ වේ. ඇලි සතුන්ගේ (Albino) සම්පූර්ණ දේහයම සුදු පැහැති වන අතර ඇසෙහි කණීනිකාව, පෙනයේ සලකුණු සහ දේහයේ හරස් කඩ ඉරි රතු පැහැතිවේ. හැසිරීම- ප්‍රධාන වශයෙන් දිවාචරය, නමුත් කලාතුරකින් රාත්‍රී කාලයේ ද හැසිරෙනු දැකිය හැක. රළු බිත්ති වල ගමන් කිරීමට, ගස් නැගීමේ හා පිහිනීමේ ශූරයින් වේ. කලබල වූ විට වේගයෙන් පලා යෑමට හෝ ලඟම ඇති අඳුරු ස්ථානයේ සැඟවීමට තැත් කරයි. නමුත් එයට ඉඩක් නොවූ විට දේහ දිගින් 1/3 ක් පමණ ඉහළට ඔසවා පෙනය විහිදුවා (ගෙලෙගි පවතින පර්ශුක අස්ථි දෙපසට දිග හැරීමෙන් සිය පෙනය විදහා දක්වයි.) ශබ්ද නඟා නාසයෙන් පිඹිමින් අනතුරු හඟවා චලනය වන සමීපතම දෙයට පහර දෙයි. නමුත් මෙම පහර දීම් වලදී සුලභව සපාකෑමට තැත් නොකරන අතර මුඛ්‍ය වීවෘත නොකර සිදු කරන මෙම දර්ශීය චර්යාව දක්වන්නේ බියගන්වා එළවීමේ අරමුණෙනි. හිංසාවක් නිසා කිපුණු අවස්තාවකදී, සිය බිත්තර තැන්පත් කල ස්ථානය අවට ආරක්ෂාව සලසද්දී හෝ ගොදුරක් ලෙස රැවටුණු අවස්ථාවකදී ශබ්ද නැගීමකින් හෝ පෙනය විහිදුවීමකින් තොරවද පළමුව මුඛය විවෘත කර වේගයෙන් ඉදිරියට එමින් විෂ ශරීරගත වන පරිදි සපා කයි. කලාතුරකින් විෂ නිකුත් කිරීමකින් තොරවද සපා කයි. තරුණ සතුන් වඩාත් ක්‍රියාශීලී වන අතර මානව ජනාවාස ආශ්‍රිතව ජීවත් වන වැඩුණු නාගයින්ගේ ප්රකෝපශීලී චර්යාවන් සාපේක්ෂව ඉතා අඩුය. ඇලි නාගයින්ගේ චර්යාවන් සාමාන්‍ය නාගයින්ගේ චර්යා වලට වඩා බෙහෙවින් වෙනස් වන අතර ඔවුන් ඉතා කුලෑටි, ඉක්මනින් සැඟවෙන සහ සිය ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයකින් පසුවනසුළු හැසිරීම් පෙන්වයි. පිරිමි සතුන් වසම් රකින අවස්ථාද එම වසමට ඇතුල් වන වෙනත් නාගයින් සමඟ සටන් කරන චර්යාවන්ද නාගයින්ගේ දැකිය හැක. ව්‍යාප්තිය- ඉතා උස් කඳුකරයේ හැර මෙරට සෑම ප්රදේශයෙකම පාහේ සුලභව හමුවේ. ගෝලීය ව්‍යාප්තිය:- අප්‍රිකාව, නිරිතදිග ආසියාව, දකුණුදිග ආසියාව සහ අග්නිදිග ආසියාව. වාසස්ථාන- නාගරික ප්‍රදේශ, ගම්මාන, ගොවි බිම්, තෘණ භූමි, තැනිතලා බිම් වල සිට සදාහරිත තෙත් වනාන්තර දක්වා පැතිරීගිය පුළුල් පරාසයක වාසස්ථාන ආකාර වල නොනැසී පැවැත්ම තහවුරු කර ගැනීමට නාගයා සමත්වී ඇත. වේයන්ගේ තුඹස්, ගස් බෙන, විශාල කොටන් හෝ මුල් යට, ගල් පැළුම්, ගල් ගොඩවල්, කුහර සහිත ගල් බැමි, මීයන් වැනි ක්ෂීරපායීන්ගේ ගුල්, මිනිස් වාසස්ථාන ආශ්රිත ඕනෑම පහසුවෙන් සැඟවිය හැකි ගුල් හෝ හිදැස් සහිත ස්ථාන නාගයින් සිය ක්ෂුද්‍ර වාසස්ථාන ලෙස තෝරා ගනී. ගොදුරු - මිනිස් වාසස්ථාන අවට සුලභව දැකිය හැකි වන්නේ ගෙම්බන් සහ මීයන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා බැවිනි. ඊට අමතරව තම වර්ගයේම හෝ වෙනත් වර්ගයක සර්පයින්, කුඩා ක්ෂීරපායීන්, කුරුල්ලන් සහ කුරුළු බිත්තර, හූනන්, පඳුරු මැඩියන්, කටුස්සන්, තලගොයින්, සිකනලුන් ගොදුරු කරගනී. තම විෂ මඟින් ගොදුරු අඩපණ කර ගිල දමන නාගයින් විශාල ගොදුරු පමණක් ගොදුරේ හිස පෙදෙසින් පටන්ගෙන ගිල දමයි. ප්‍රජනනය ලිංගිකව ප්‍රජනනය කරන නාගයා අණ්ඩජතාවයෙන් හෙවත් බිත්තර මගින් බෝවීම සිදුකරයි. පිරිමි සහ ගැහැණු සතුන් එකිනෙකා හා වෙලෙමින් ආලිංගනයේ යෙදෙයි. මොවුන් වරකට බිත්තර 5- 45 පමණ බෙන, වේ තුඹස් හෝ මී ගුල් තුල දමයි. ගැහැණු සතුන් විසින් බිත්තර දැමූ ස්ථානය අවට සැරිසරමින් බිත්තර ආරක්ෂා කරන අතර බිත්තර පුපුරා පැටවුන් බිහිවීමට ආසන්න වත්ම එම ස්ථානය හැර යයි. ඇතැම් ගැහැණු නාගයින් බිත්තර ආසන්නයට පැමිණෙන අනතුරු දායක වෙනත් සතෙක් හෝ මිනිසෙක් දුටුවහොත් දෂ්ඨ කිරීමට හෝ සටන් කිරීමට මැලි නොවේ. සටන් කල නොහැකි විටදී බිත්තර සහිත ගුල තුලට වේගයෙන් රිංගා ගනී. උපතේදී සේ.මී. 20ක් පමණ වන ක්‍රියාකාරී විෂ ග්‍රන්ථි සහිත පැටවුන් ස්වභාවික පරිසරය තුල තම අනතුරුදායක ජීවිතය අරඹයි. විලෝපිකයින්- මිනිසුන්, උකුස්සන්, කුරුළුගොයින්, තලගොයින්, මුගටියන්, තම වර්ගයේම නාගයින් හෝ වෙනත් ඉලැපිඩේ කුලයේ සර්පයින්, කිඹුලන් වැනි ජීවීන් නාගයින්ව මරා ආහාර කර ගැනීම හෝ මරා දැමීම සිදු කරයි. ගෘහාශ්‍රිතව ඇති දැඩි කරන බල්ලන් හා පූසන් මෙම සතුන් ආහාර කර නොගත්තද බොහෝ විට මරා දැමීම සිදු කරයි. විදේශ වලින් මෙරටට ගෙන්වන ලද හෝ දෙමුහුන් බොහෝ සුනඛ විශේෂ නාගයින්ව සපා කෑමේදී දෂ්ඨනයට ලක්ව මිය යන නමුත් සර්පයින් සමඟ සටන් කිරීමේ නිවැරදි ක්‍රමවේද දන්නා දේශීය වැඩුණු සුනඛයින් එසේ දෂ්ඨනයට ලක්වීමේ සම්භාවිතාව ඉතා අඩුය. විෂ බලපෑම- මුඛයේ ඉදිරියෙන් පිහිටන, චලනය කල නොහැකි, විෂ ගලා ඒමට සැකසුණු කාණුවක් (ඇලියක්) සහිත Proteroglyphous වර්ගයේ විෂ දළ යුගලක් පිහිටන අතර යම් අනතුරකින් දලයක් කැඩුණු විට ඒවා හැලී නැවත අලුතින් දතක් වර්ධනය වේ. ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතිය අඩපණ කරන විෂත් රුධිර සංසරණ පද්ධතිය අඩපණ කිරීමට බලපාන විෂත් අඩංගු වන බැවින් නාගයෙකුගේ දෂ්ඨනයක් මිනිසෙකුට මාරාන්තික බලපෑමක් සිදුකිරීමට සමත්ය. ප්රකෝපශීලී සපාකෑමකදී මිලි ග්‍රෑම් 170-250 පමණ විෂ ප්‍රමාණයක් ශරීරගත කල හැකි වන අතර එම විෂ ප්‍රමාණයෙන් 6% (12mg)කින් වැඩුණු මිනිසෙකුට මරණීය බලපෑමක් ඇති කල හැකිය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2010 දී ප්‍රකාශිත වාර්තාවකින් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් පළමු කාණ්ඩයේ (category 1) සර්ප විශේෂයක් ලෙස නාගයා නම් කර ඇත. සර්පයෙකුගේ විෂ විවිධ ධූලක රැසක එකතුවක් වන බැවින් එම ධූලක විවිධ ප්‍රාමාණික අගයන් සහ ශීග්රතා වලින් රුධිර සංසරණ පද්ධතියට එකතු වී එක් එක් ඉන්ද්රියයන් සහ පද්ධති වලට විවිධ වූ බලපෑම් සිදුකරයි. මරණය සිදු වන්නේ එම විවිධ ධූලක වල සක්රියතාවයන්ගේ හවුල් ප්‍රතිඵලයක් ලෙසටය. විෂ වල ප්‍රබලතාවය දෂ්ඨනයකට ලක්වූ රෝගියෙකුට මරණය කැඳවන ප්‍රධාන සාධකයක් වුවද ශරීරගත වූ විෂ ප්‍රමාණය, විෂ ඇතුළු වූ ස්ථානය සහ ගැඹුර, රෝහල් ගත කිරීමට සිදුවූ ප්‍රමාදයන්, ප්‍රථමාධාර ලබාදීම හෝ නොදීම, ප්‍රතිවිෂ එන්නත ලබාදීමේ ප්‍රමාදයන්, ලබාදෙන එන්නතෙහි ඵලදායී බව සහ රෝගියා තුල පවතින වෙනත් රෝගද බලපාන වැදගත් සාධක වේ. ප්‍රතිවිෂ නිෂ්පාදනයට, පිළිකා නාශක ඖෂධ සහ නවීන වේදනා නාශක සහ තවත් බොහොමයක් වෛද්‍ය විද්‍යාත්මක විෂවේද විද්‍යාත්මක පර්යේෂණ සඳහා නාගයින්ගේ විෂ යොදාගනී. රෝග ලක්ෂණ- දෂ්ඨ කිරීම් සුලභව වාර්තා වන්නේ දණහිසින් පහල පාද වලට සහ අත්වලට සිදුවූ අවස්ථාවන්ය. දෂ්ඨ කල ස්ථානය අවට තරමක් ඉදිමීම සහ අධික වේදනාව, දෂ්ඨනය සිදුවූ ස්ථානය ආශ්රිත පටක මියයාම සහ කුණුවීම, පෙනීම අපැහැදිලි වීම, ඇසිපිය කඩා හැලීම, ශ්වසනය කිරීමේ අපහසුව, වමනය, සිහිසුන් වීම සහ කම්පනය ඇතිවිය හැක. බටහිර වෛද්‍ය ක්‍රමයේදී පටක කුණු වීම නිසා එම ගාත්‍රය ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට සිදුවන අවස්ථා ඇති නමුත් සිංහල විෂ වෙදකමේදී එවන් කුණුවීමට ලක්වූ ගාත්රා නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට සමත්වූ අවස්ථාද ඇත. රෝගීන්ගෙන් 20% ක් පමණ ස්නායු පේශි අඩපණ වීම නිසා සිදුවන ශ්වසන පේශි අකර්මණ්‍ය වීමෙන් මරණයට පත්වීමේ අවදානමට ලක්වේ. සංරක්ෂණය- නාගයා ශ්‍රී ලාංකික බෞද්ධ සාහිත්‍යය, දේව ඇදහිලි, විවිධ සංස්කෘතික ජනප්‍රවාද, මිත්‍යා විශ්වාස, කතාන්දර හා බැඳී ඇති සත්ත්වයෙක් නිසා, දුටුවනින්ම සර්පයින් මරා දමන පිරිස වැඩි මෙරට මිනිස් සමාජය තුල අනෙකුත් සර්පයින්ට වඩා තරමක ආරක්ෂිත බවක් නාගයින්ට ලැබී ඇත. 2012 ජාතික රතු දත්ත වාර්තාව අනුව- වඳවීයාමේ අවදානමක් නොමැති අඩු තැකීමක් ඇති සර්ප විශේෂයකි. National Redlist 2012 Status-Least Concerned (LC) (මෙහි සඳහන් බොහෝ කරුණු විද්‍යාත්මක දත්ත මත පදනම් වන නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ විද්‍යාව යනු පරම සත්‍ය නොවන බවය. එය මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද සම්මුති සත්‍යයකි. එබැවින් මෙම කරුණු හෝ දත්ත ඕනෑම අවස්තාවක යාවත්කාලීන වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත. සම්බුද්ධ දේශණාවට අනුව සැලකීමේදී අප වර්තමානයේදී "විද්‍යාව" යන නමින් හඳුන්වන්නේ භෞතිකවාදී "අවිද්‍යාව" වන අතර විදර්ශණාව තුලින් මිස දැනුමක් තුලින් "විද්‍යාව" පහළ නොවේ. දැනුමෙහි වටිනාකම ඇත්තේ සසර පැවැත්මට මිස "දැනුම" සංසාර විමුක්තිය කෙරෙහි කිසිදු වටිනාකමක් නැති තුච්ඡ සම්මුතියකි.) අදහස් ප්‍රවේශණය කරුණු පෙළගැස්ම සහ ඡායාරූප අයිතිය- එච්. කේ. දුෂාන්ත කණ්ඩම්බි. 2022 (කොළඹ විශ්ව විද්‍යයාලීය වෛද්‍ය පීඨයේ සර්ප විෂ පර්යේෂණායතනයේ සර්පාගාර පාලක සහ සර්ප විෂ නිස්සාරක.) Copied Snake of Srilanka [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom