Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයෙක් නම් අමතන්න!

කිරිවත්තුඩුවේ පදිංචි කේ. රත්නායක මහත්මිය එක් දරු මවකි. පාසල් වියේ පසුවන ඇගේ දරුවා එදින පාසල නිමවී පැමිණ අවට නිවෙස්හි කුඩා දරුවන් සමඟින් සුපුරුදු ලෙස සෙල්ලමට වැටුණේ මිදුල අයිනේ වූ පස් කණ්ඩිය අසලය. දරුවා එක්වනම මිදුලේ පස් කණ්ඩිය අසලින් යමක් සෙලවෙනවාක් මෙන් දැක මවට කෑගසමින් නිවෙසට දිව ආවේය.

“ අම්මේ! අම්මේ! සතෙක් සතෙක් එන්නකෝ”

දරුවාගේ හඬ ඇසී දිව ආ රත්නායක මහත්මිය දුටුවේ පස් කණ්ඩිය අසල ගුලකට රිංගීමට තැත් කරන දැවැන්ත නාගයෙකි. මොහොතක් ගත වූයේ නැත. නාගයා ගුලට රිංගා අතුරුදන් විය. රත්නායක මහත්මියට එතැන් පටන් ඉස්පාසුවක් නොවීය. කුඩාවුන් දුවපැන සෙල්ලම් කරන මිදුලේ නයකු සිටියදී නිවෙසේ විසීම ඇයට ප්රශ්නයකි. රත්නායක මහත්මියගේ දරුවා එදා නයාගෙන් බේරුණ ද පැල්මඩුල්ල ප්‍රදේශයේ කුඩා දරුවකු ගල් ගොඩක් අසල සෙල්ලම් කරමින් සිටියදී නයකු දෂ්ට කිරීමෙන් මිය ගිය පුවතක් වාර්තා වූයේ පසුගිය සතියේදීය. මේ ආකාරයෙන් සර්ප දෂ්ටන නිසා මියගිය පුද්ගලයන් පිළිබඳ අපට නිතර අසන්නට ලැබේ. නයින් දෂ්ට කිරීම් පිළිබඳ වැඩිපුර කතාබහ කරද්දී අපට ආරංචි වූයේ ඕනෑම සර්පයකු අල්ලා කැලයට ගෙන ගොස් දමන මානව හිතවාදියකු පිළිබඳය.

“නයි අල්ලන මහත්මයෙක් ඉන්නවා. අපි පණිවිඩයක් යවමු” යනුවෙන් අප ඉහත කී රත්නායක මහත්මියව දැනුම්වත් කළේ ඇගේ අසල්වැසියෙකි.

ලෙස්ලි මහතාට නාගයා පිළිබඳ පණිවිඩයක් යැවුණේ ඉන්පසුවය. නිතර ලැබෙන සර්ප කරදර පිළිබඳ අවධානයෙන් සිටින ලෙස්ලි මහත්මයා වහාම කිරිවත්තුඩුවට පැමිණියේ ඒ අනුවයි.

“මෙතැන එක නයෙක් නොවෙයි අනිවාර්යෙන්ම නයි දෙතුන්දෙනෙක් ඉන්න ඕනෑ” කණ්ඩියේ වූ ගුල පරික්ෂා කර බැලූ ලෙස්ලි මහතා පැවසුවේ ඒ වෙද්දීත් එතැනට රැස්ව සිටියවුන් මවිත කරවමිනි. සැබැවින්ම එතැන විශාල නාගයෝ තිදෙනෙක් වූහ. ඔහුට ඒ නයින් තිදෙනා අල්ලා ගැනීමට ගත වූයේ නිමේෂයකි.

“අම්මෝ ලෙස්ලි මහත්තයා ඇවිල්ලා නයා අල්ලනකල් අපි පණ බයේ හිටියෙ. එළියට පහළියට බහින්න බයයි. පොඩි අයට තේරුමක් නෑ හැම තැනම දුවනවා. එතුමා කියල නිම කරන්න බැරි තරම් වටින දෙයක් කළේ” යැයි පවසමින් රත්නායක මහත්මිය සැනසුම් සුසුම් හෙළුවේ විශාල නාගයන් තිදෙනකු නිසා වූ අලකලංචිය විසඳන්නට පැමිණි දෙවි කෙනකු සේ ලෙස්ලි පෙරේරා මහතාට ස්තුති කරමිනි.

ලංකාවේ සතර දිග්භාගයේ ඕනෑම තැනකට සර්පයකු පැමිණ අකරතැබ්බයක් වේ නම් පොල්ගස්ඕවිට, ලෙස්ලි පෙරේරා මහතා ඇමතීමෙන් රැයක් දවාලක් නොබලා සර්ප අලකලංචියට විසඳුම් දෙන්නට ඔහු කිසි විටෙක පැකිළෙන්නෙ නැත.

විශ්‍රාමික මහජන බැංකු නිලධාරියකු වන 72 හැවිරිදි ලෙස්ලි මහතා සර්පයන් ඇල්ලීමේ තනි මෙහෙයුම ආරම්භ කර දැන් වසර තිහකට වැඩිය. ඔහුට එලෙසින් සර්පයන් ඇල්ලීමට වෙලාවක් කලාවක් තැනක් නොතැනක් නැත. යන්නට හැකිනම් ඒ හැම තැනකටම ඔහු යන්නේය.

“ඇත්තෙන්ම මට ඕනෑම කෙනෙක් ඇමතුමක් දුන්නොත් යනවා සතාව අල්ලන්න. ඒක මම සත පහක්වත් නොගෙන සද්භාවයෙන් කරන වැඩක්. මං මේ වැඩෙන් විඳින්නෙ තෘප්තියක්. මිනිස්සු මොනතරම් විෂකුරු සතුන්ට බයයිද කියලා දැනෙන්නෙ සර්පයෝ ඇල්ලුවම මට දෙන පින් කන්දරාවෙන්. ඒකයි මගේ ජීවිතයට ලැබෙන ආශිර්වාදය.” ලෙස්ලි මහතා පැවසිය.

සැබැවින්ම කිරිවත්තුඩුව නිවෙසේ මිදුලේ නාගයන් තිදෙනකු සිටින බව ඔහු කල්තබාම දැන සිටියේ කෙසේද? සර්ප චර්යාවන් ගැන ඔහු සතු හසළ දැනුම නිසාය.

“ගෙදර අය දැකලා තිබුණේ එක නයයි. ඒත් ඒ වත්තෙ භූමි පරිසරය අනුව අනිවාර්යයෙන්ම තවත් සිටිය යුතුයි කියලා මට හිතුණා. පස් කණ්ඩියක් තිබුණා. මම කිව්වා කණ්ඩිය ටිකක් කපන්න කියලා. මෙන්න පස් ටික කපනකොට තවත් දෙන්නෙක්ම හිටියා. මගේ ආයුධ කට්ටලය උපකාරයෙන් තුන්දෙනාම මම ඇල්ලුවා. මේ දවස්වල නාගයන්ගේ ප්‍රජනන සමය. බොහෝ අවස්ථාවල දෙන්න තුන්දෙනා එකට ඉන්නෙ. ඒ වගේම උන් බිත්තර දාන්නත් මිනිස් වාසය සහිත තැන් හුඟාක් වෙලාවට තෝරගන්නෙ. ඒ වෙනත් සතුන්ගෙන් බිත්තර ආරක්ෂා කරගන්න.”

තමා මෙවැනි ත්‍රාසජනක කර්තව්‍යයකට මුල පිරුවේ කෙසේදැයි මම විමසුවෙමි.

“මතක විදිහට 70 ගණන්වල මුල් කාලේ. ඉස්කෝලෙන් අයින් වෙලා පිළියන්දල ආච්චිලයි ගෙදර ඒ දවස්වල හිටියෙ. ඒක ගොම-මැටි ගාපු පුංචි ගෙයක්. ආච්චි පාන්දරම නැගිටිනවා. දවසක් ආච්චි මට කතා කරලා කියනවා, ‘පුතේ පූසා කුස්සියේ ඉන්නවා... මොකෙද්ද පිඹින සද්දයක් ඇහෙනවා පොඩ්ඩක් බලපන් තලගොයාවත්ද දන්නෙ නෑ’ කියලා. මට හොඳට මතකයි... කණාමැදිරි එළිය වගේ එළිය අඩු ටෝච් කෑල්ලක් තිබුණේ. මං ඒකත් අරන් ගිහින් බැලුවා. බැලින්නම් පිඟන් රාක්කෙ දිගේ පත නයෙක්. අඩි හතරහමාරක් විතර ඇති. ආච්චි බයවෙච්ච පාර පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තා. එක ජංජාලයයි. ඇත්තටම ඉතින් නයෙක්නේ. හිතන්න පාන්දර ගෙදරක කුස්සියට යනකොට නයෙක් හිටියම ඇතිවන ජංජාලේ. මං විගහට ගිහින් ඇහැල ගහක කරුවක් තියෙන කෝටුවක් ගෙනාවා. නයා බිම දිගේ ඇදිලා යනකොටම කරුව බෙල්ලට තියලා, ක්ෂණයෙන් නයාගේ බෙල්ල ළඟින් අතින් තදින් අල්ලගත්තා. මෙන්න ටිකක් වෙලා යනකොට නයා නිකං පතෝල කරලක් වගේ එල්ලා වැටෙනවා” යැයි ලෙස්ලි මහතා පැවසුවේ තමන් නයි ඇල්ලීමට අතපොත් තැබුවේ එම සිද්ධියත් සමඟින් බවය.

එතැන් සිට ඔහු බැංකු රැකියාව ද කරන අතරේ ඉඩ ලැබෙන සෑම විටම සර්පයන් ඇල්ලීම කර ඇත. ඉන්පසු 2006 වසරේ වර්තමානයේ ජීවත්වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචියට පැමිණීමත් සමඟ සර්පයන් අල්ලන රාජකාරියේ වැඩ වැඩිවී තිබේ.

“අපි මේ දැන් ඉන්න ඉඩම අක්කර සිය ගනක රබර් වත්තක්. දැන්නම් ගෙවල් විශාල ප්‍රමාණයක් තිබුණට මුලදි ගෙවල් 20ක්වත් නෑ. සර්පයෝ වැහි වැහැලා. මම ඉතින් පුළු පුළුවන් වෙලාවට අල්ලලා කැලෑවට ගිහින් දැම්මා. මං මුලින්ම ඇල්ලුවේ කෝටුවලින්. ඒත් 2013 දි අපේ මේ එහා පැත්තෙන් යන දක්ෂිණ අධිවේගී මඟ හදන්න හැම තැනින්ම පස් කපන්න ගත්තා. ඒත් එක්කම සර්පයෝ ගෙවල් අවට සැරීසැරීමත් වැඩිවුණා. මිනිස්සු සෑහෙන්න සර්පයෝ මරන්න ගත්තා. මට සර්පයෝ මරනවා කියලා අහන එකත් කම්පාවක්. මං ගිහින් කිව්වා සර්පයෝ මරන්න එපා අපි උන්ව අල්ලලා කැලෑවට ගිහින් දාමු කියලා. ඒ අයත් ඒකට කැමැති වුණා. ඊට පස්සෙ මට එන ඇමතුම් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වැඩිවුණා. මං කල්පනා කළා මේකට ටූල් එකක් (ආයුධ කට්ටලයක්) හැදුවොත් හොඳයි කියලා. මුලින් ටූල්ස් කීපයක්ම හැදුවා. එහෙම හදලා වැඩිදියුණු කරලයි වර්තමානයේ තිබෙන මේ ටූල් එක හැදුවේ” යැයි පවසන ඔහු අපට එම ආයුධ කට්ටලය ද පෙන්වීය.

වෘත්තිය කාර්මික ඥානයෙන් හෙබි කෙනකුගේ නිර්මාණයකට දෙවැනි නැති එම ආයුධ කට්ටලය සඳහා ලෙස්ලිට පේටන්ට් බලපත්‍රය ද හිමිය. සර්පයන් ඇල්ලීමේ උපකරණයකට පේටන්ට් පත්‍රයක් හිමි ලංකාවේ එකම පුද්ගලයා ලෙස ද ඔහු වාර්තාගත වේ. එම උපකරණ කට්ටලය අවශ්‍ය ඕනෑම කෙනෙකුගේ ඉල්ලුමට සැපයුම සලසන්නටද හෙතෙම සැදීපැහැදී සිටී.

කතාබහ අතරතුරදී මා නෙත ගැටුණේ ඔහුගේ වමතේ මැදඟිල්ල නැති බවය. එ් සමඟම ඔහුගේ පිටි අත්ලේ ඇති කැළලය. මම ඒ ගැන ඔහු විමසීමි.

“ඇඟිල්ල නයා කෑවා. අනිත් අතට ගැහුවා. ඒක වුණේ 2015 ජනවාරිවල. දවසක් කෝල් එකක් ආවා කුඹුක පැත්තෙ ගෙදරකින් ‘අනේ මහත්තයෝ අපේ ගෙදරට නයෙක් ඇවිල්ලා’ කියලා. පස්සෙ මං ගියා. පර්චස් හත-අටක පොඩි ඉඩක්. හිතන්නවත් බෑ නයි ඉන්නවා කියලා. පොඩි කණ්ඩියක් තියෙනවා ඒකෙ ගුල් අස්සෙයි නයා ඉන්නෙ.

මේ ගුල්වලින් ඌ එළියට එනකම්ම ඉන්න වෙනවා කියලා මං කිව්වා. උදේ 10 ට විතර ගියේ 1.30 විතර වෙනකොට පොල්කිච්චෙක් අඬන්න ගත්තා. මං කිව්වා ඔන්න දැන් එළියට එන්න වගේ හදන්නෙ කියලා. කිව්ව වගේම ටිකෙන් ටික එළියට ආවා. ඇදිලා යනකොටම ටූල් එකෙන් අල්ලගත්තා. හරිම දඩබ්බර නයෙක්. දඟලනවා. සෙනඟ 50ක් 60ක් වටවෙලා. මං ගෙනියන බෑග් එකක් තියෙනවා ඒකට දාන්න බෑග් එක අල්ලන්න කියලා මං කෑගැහැව්වා. බෑග් එකේ නූල් දෙකක් තියෙනවා දෙන්නෙක් දෙපැත්තට ඒවයින් ඇදලා අල්ලන්න ඕනැ. නූල් දෙක අතෑරුණොත් බෑග් එක වැහෙනවා. කරුමෙ කියන්නෙ එක්කෙනෙක් බයවෙච්චපාර නූල අතෑරියා. බෑග් එක වැහුණා. මං නයාව ටූල් එකෙන් අල්ලන් හිටියේ ඔළුවට අඟල් හයක් විතර පහළින්. වැටුණ නූල් පොට අනිත් අතින් ගන්න යනකොටම අඟල් හයේ වාසියෙන් ඌ මගේ මැදගිල්ලේ එල්ලුණා. විනාඩි එකහමාරක් විතර ඇඟිල්ල නයාගේ කටේ.” සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජීවිතක්ෂයට පත්වීමට තත්පර තුන හතරකදී නයකුගෙන් පිටවෙන විෂ මිලිග්‍රෑම් 12ත් 15ත් අතර ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වන බව ඔහු පවසයි.

“එල්ලිලා හිටපු ටිකට මගේ ඇඟට මිලිග්‍රෑම් 100කට වැඩිය විෂ ප්‍රමාණයක් ගියා. අදිනවා අදිනවා එන්නෙ නෑ මොකද නයාගේ දත් තියෙන්නෙ ඇතුළට නැමිලා. මං එක්වරම ටූල් එක අතෑරලා අනිත් අතින් නයාගේ ඇස්දෙක මිරිකුවා. ඒත් එක්කම ඇඟිල්ල ගත්තා. දැන් මං නයාගේ ඇස් දෙක මිරිකගෙන ඉන්නෙ. සතාගේ බාගයක් බෑග් එක ඇතුළේ. බෑග් එකට වැටෙන්න නයා අතාරිනකොටම ඒ අතටත් ගැහුවා.” එම අනතුරින් බරපතළ ලෙස අසාධ්‍ය වූ ලෙස්ලිට අවසානයේ එක් ඇඟිල්ලක්ද අහිමි විය. කලට වේලාවට බේත්-හෙත් නිසි පරිදි ලැබුණු හෙයින් ජීවිතය බේරුණු බව පවසන ලෙස්ලි මහතා ඔහුට ප්‍රතිකාර කළ හොරණ රෝහලේ සෑම දෙනාට සේම ඔහු වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම ස්තූති කිරීමට අමතක නොකළේය.

එසේම එම අනතුරෙන් පසුව තමා නාග දෂ්ටනයකදී හෝ සපා කෑමකදී හෝ ඇතිවන වේදනාව දුක හොඳින්ම අත්දුටු බව පැවසීය.

“ඒක ස්නායුගත උහුලන්න බැරි වේදනාවක්. ඇස්වලට මිරිස් දැම්ම වගේ. මාංසපේෂි ආශ්‍රිතව තද වේදනාවක්” යනුවෙන් නයකු දෂ්ට කිරීමකදී ඇතිවන වේදනාව අප හා විස්තර කළේය.

මෙවැනි අනතුරකින් පසුවද සර්පයන් ඇල්ලීම එපා වුණේ නැද්දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

“ඒක මට එහෙම එපා වෙන දෙයක් නෙවේ. මේක තමයි මගේ තෘප්තිය. මානසික සහනය. හැබැයි ඉතින් පවුලේ අය නම් කොහෙත්ම කැමැත්තක් දැක්වූවේ නෑ එම අනතුරෙන් පස්සේ. තහංචි දැම්මා. මට තියෙන ලොකුම දුක සතුන් අල්ලන දර්ශන පින්තූර ඇතුළත් සීඩී 300ක් ලොකු ඇල්බම් අටක් විතර තිබුණා. ඒවා සේරම මගේ බිරිය එයාට තිබුණ පීඩනයට පුච්චලා විනාශ කරලා මං රෝහලේ ඉඳලා ගෙදර එනවිට. පස්සෙ පස්සෙ මිනිස්සු ඇවිල්ලා ‘අනේ ගෙදරට සර්පයෙක් ඇවිල්ලා, අහවල් තැනට සර්පයෙක් ඇවිල්ලා’ කියලා පින්සෙන්ඩු වෙනකොට මට නොගිහින් ඉන්න හිතෙන්නේ නැහැ. මටම දුකයි. පස්සෙ මං ආයිත් මේ කාර්යයට බැස්සා.”

ඔහු මේ වෙද්දී අපේ රටේ සිටින උග්‍ර විෂ සහිත සර්පයන් හය-හත්සියකට වැඩි ප්‍රමාණයක් අල්ලා මුදා හැර තිබේ. ඔහු එලෙස අල්ලා ගන්නා සර්පයන් මුදා හැරීම සඳහා ඇතැම් විට පාදුක්ක කන්දට යන්නේය.

“සමහර අවස්ථාවල සර්පයෝ අල්ලගෙන කිලෝමීටර් 20, 25 දුර යනවා අතාරින්න. මොකද මිනිස් වාසය සහිත ප්‍රදේශයක මේ සතා මුදාහැරීමෙන් මං මේ කරන කාර්යයෙන් ඇති වැඩක් නෑ. මං කිසිම අවස්ථාවක කැමැති නෑ සර්පයෝ මරනවට. සර්ප කරදරයක් නම් මට කතා කරන්න. සර්පයෝ පරිසරයේ සමතුලිතතාව රැකගන්න අත්‍යවශ්‍ය කොටසක්. ඒ විතරක් නෙවේ අපි බෝ නොවන රෝග රැසකටම බොන පෙතිවලත් සර්ප විෂ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ විෂ කෘත්‍රිමව හදන්න බෑ.”

නාග දෂ්ටනය හේතුවෙන් ලෙඩ ඇඳට වී නිවෙසේ ගතකළ සමයේ පාළුව කාන්සිය මකා ගැනීමට ‘ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සර්පයන් හඳුනාගනිමු’ මැයෙන් ඉතාම වටිනා පර්යේෂණාත්මක ග්රන්ථයක් පළ කරන්නට තමාට හැකි වූ බව ඔහු පැවසීය. එසේම මරණයට පත්වූ සර්පයන්ගේ ඉන්ද්‍රියන් කපා-කොටා අධ්‍යයනය කරන ඔහු සර්පයන්ගේ හෘදය වස්තුවේ තිබෙනුයේ කුටීර තුනක් පමණක් යැයි පවසයි.

සර්පයන් ඇල්ලීමට ගිය අවස්ථාවලදී ලද අත්දැකීම්ද ලෙස්ලි හෙළි කළේය.

“සමහර ගෙවල්වලට යනකොට ගෙදර අය ගේ වහලා දාලා එළියෙ ඉන්නෙ. මොකද සර්පයට බයේ. දවසක් මරු වැඩක් වුණා. මම ගිහින් ගේ ඇතුළේ හැම අස්සක් මුල්ලක් නෑරම සතා හොයනවා. මෙන්න එක තැනකදී මගේ ඇඟට පොඩි පොඩි සිමෙන්ති කෑලි වැටෙනවා. මාත් ඉතින් ගැස්සිලා වගේ බයවෙලා බැලුවා මොකාද මේ කියලා. බැලින්නම් ගෙදර කෙනෙක් බයවෙච්ච පාර බිත්තියක් උඩ” ඔහු එවන් මතක අවදි කරන්නේ මුව රැඳි සිනාවක්ද සමඟිනි.

ශරීර සෞඛ්‍ය යහපත්ව තියෙනතාක් කල් මේ කාර්යයෙහි නිරත වන බවත් තමා මේ වන විට සර්පයන් ඇල්ලීමට කිලෝමීටර් සිය ගණන් දුර ඈත පළාත්වලටත් ගොස් තිබෙන බවත් ඔහු පැවසීය.

අප ඔහු හා කතාබහ කරමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනය නද දෙන්නට විය. ඇමතුමට පිළිතුරු දෙන ලෙස්ලිගේ කතාබහෙන්, ඉරියවුවලින් දිස්වනුයේ කෙනෙකුට සර්ප කරදරයක් වගයි.

“බේරුවල ගෙදරක ටොයිලට් බටයකට නයෙක් රිංගලලු”

බේරුවල කොහේද, පොල්ගස්ඕවිට කොහේද, කොතැනක වුව ඔහු නාග මෙහෙයුමට යෑමට සූදානම්ය. එම මෙහෙයුමේ සජීව දසුන් කැමරා කාචයට හසුකර ගැනීමට අපගේ ඡායාරූප ශිල්පී සුදම් ද ගමනට යුහුසුලු විය.

මනුස්සයන්ට සේම සර්පයන්ගේ ජීවිතවලට ද අභයදානය දෙමින් මේ සත්ක්‍රියාවේ දිගටම නියැළීම ඔහුගේ අපේක්ෂාවයි. ඔබටත් සර්ප කරදරයක් ඇත්නම් ලෙස්ලි මහතා ඇමතිය හැකිය. කොහේ කුමන වේලාවක වුවද ඔහු ඔබට උදවු වීමට සූදානම්ය. ඒ සඳහා ඔහුගේ අංකය මෙසේය.

0715990841.

[QUOTE="50KG, post: 21348630, member: 558780"] [B][SIZE=5]නයෙක් නම් අමතන්න! [/SIZE][/B] [SIZE=4][IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/10/sith-1-2.jpg?itok=SQO0kEGI[/IMG] [IMG]http://www.silumina.lk/sites/default/files/news/2017/03/09/sith-1-1.jpg[/IMG] [/SIZE][SIZE=4]කිරිවත්තුඩුවේ පදිංචි කේ. රත්නායක මහත්මිය එක් දරු මවකි. පාසල් වියේ පසුවන ඇගේ දරුවා එදින පාසල නිමවී පැමිණ අවට නිවෙස්හි කුඩා දරුවන් සමඟින් සුපුරුදු ලෙස සෙල්ලමට වැටුණේ මිදුල අයිනේ වූ පස් කණ්ඩිය අසලය. දරුවා එක්වනම මිදුලේ පස් කණ්ඩිය අසලින් යමක් සෙලවෙනවාක් මෙන් දැක මවට කෑගසමින් නිවෙසට දිව ආවේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ අම්මේ! අම්මේ! සතෙක් සතෙක් එන්නකෝ”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දරුවාගේ හඬ ඇසී දිව ආ රත්නායක මහත්මිය දුටුවේ පස් කණ්ඩිය අසල ගුලකට රිංගීමට තැත් කරන දැවැන්ත නාගයෙකි. මොහොතක් ගත වූයේ නැත. නාගයා ගුලට රිංගා අතුරුදන් විය. රත්නායක මහත්මියට එතැන් පටන් ඉස්පාසුවක් නොවීය. කුඩාවුන් දුවපැන සෙල්ලම් කරන මිදුලේ නයකු සිටියදී නිවෙසේ විසීම ඇයට ප්රශ්නයකි. රත්නායක මහත්මියගේ දරුවා එදා නයාගෙන් බේරුණ ද පැල්මඩුල්ල ප්‍රදේශයේ කුඩා දරුවකු ගල් ගොඩක් අසල සෙල්ලම් කරමින් සිටියදී නයකු දෂ්ට කිරීමෙන් මිය ගිය පුවතක් වාර්තා වූයේ පසුගිය සතියේදීය. මේ ආකාරයෙන් සර්ප දෂ්ටන නිසා මියගිය පුද්ගලයන් පිළිබඳ අපට නිතර අසන්නට ලැබේ. නයින් දෂ්ට කිරීම් පිළිබඳ වැඩිපුර කතාබහ කරද්දී අපට ආරංචි වූයේ ඕනෑම සර්පයකු අල්ලා කැලයට ගෙන ගොස් දමන මානව හිතවාදියකු පිළිබඳය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“නයි අල්ලන මහත්මයෙක් ඉන්නවා. අපි පණිවිඩයක් යවමු” යනුවෙන් අප ඉහත කී රත්නායක මහත්මියව දැනුම්වත් කළේ ඇගේ අසල්වැසියෙකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලෙස්ලි මහතාට නාගයා පිළිබඳ පණිවිඩයක් යැවුණේ ඉන්පසුවය. නිතර ලැබෙන සර්ප කරදර පිළිබඳ අවධානයෙන් සිටින ලෙස්ලි මහත්මයා වහාම කිරිවත්තුඩුවට පැමිණියේ ඒ අනුවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“මෙතැන එක නයෙක් නොවෙයි අනිවාර්යෙන්ම නයි දෙතුන්දෙනෙක් ඉන්න ඕනෑ” කණ්ඩියේ වූ ගුල පරික්ෂා කර බැලූ ලෙස්ලි මහතා පැවසුවේ ඒ වෙද්දීත් එතැනට රැස්ව සිටියවුන් මවිත කරවමිනි. සැබැවින්ම එතැන විශාල නාගයෝ තිදෙනෙක් වූහ. ඔහුට ඒ නයින් තිදෙනා අල්ලා ගැනීමට ගත වූයේ නිමේෂයකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“අම්මෝ ලෙස්ලි මහත්තයා ඇවිල්ලා නයා අල්ලනකල් අපි පණ බයේ හිටියෙ. එළියට පහළියට බහින්න බයයි. පොඩි අයට තේරුමක් නෑ හැම තැනම දුවනවා. එතුමා කියල නිම කරන්න බැරි තරම් වටින දෙයක් කළේ” යැයි පවසමින් රත්නායක මහත්මිය සැනසුම් සුසුම් හෙළුවේ විශාල නාගයන් තිදෙනකු නිසා වූ අලකලංචිය විසඳන්නට පැමිණි දෙවි කෙනකු සේ ලෙස්ලි පෙරේරා මහතාට ස්තුති කරමිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකාවේ සතර දිග්භාගයේ ඕනෑම තැනකට සර්පයකු පැමිණ අකරතැබ්බයක් වේ නම් පොල්ගස්ඕවිට, ලෙස්ලි පෙරේරා මහතා ඇමතීමෙන් රැයක් දවාලක් නොබලා සර්ප අලකලංචියට විසඳුම් දෙන්නට ඔහු කිසි විටෙක පැකිළෙන්නෙ නැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විශ්‍රාමික මහජන බැංකු නිලධාරියකු වන 72 හැවිරිදි ලෙස්ලි මහතා සර්පයන් ඇල්ලීමේ තනි මෙහෙයුම ආරම්භ කර දැන් වසර තිහකට වැඩිය. ඔහුට එලෙසින් සර්පයන් ඇල්ලීමට වෙලාවක් කලාවක් තැනක් නොතැනක් නැත. යන්නට හැකිනම් ඒ හැම තැනකටම ඔහු යන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ඇත්තෙන්ම මට ඕනෑම කෙනෙක් ඇමතුමක් දුන්නොත් යනවා සතාව අල්ලන්න. ඒක මම සත පහක්වත් නොගෙන සද්භාවයෙන් කරන වැඩක්. මං මේ වැඩෙන් විඳින්නෙ තෘප්තියක්. මිනිස්සු මොනතරම් විෂකුරු සතුන්ට බයයිද කියලා දැනෙන්නෙ සර්පයෝ ඇල්ලුවම මට දෙන පින් කන්දරාවෙන්. ඒකයි මගේ ජීවිතයට ලැබෙන ආශිර්වාදය.” ලෙස්ලි මහතා පැවසිය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සැබැවින්ම කිරිවත්තුඩුව නිවෙසේ මිදුලේ නාගයන් තිදෙනකු සිටින බව ඔහු කල්තබාම දැන සිටියේ කෙසේද? සර්ප චර්යාවන් ගැන ඔහු සතු හසළ දැනුම නිසාය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ගෙදර අය දැකලා තිබුණේ එක නයයි. ඒත් ඒ වත්තෙ භූමි පරිසරය අනුව අනිවාර්යයෙන්ම තවත් සිටිය යුතුයි කියලා මට හිතුණා. පස් කණ්ඩියක් තිබුණා. මම කිව්වා කණ්ඩිය ටිකක් කපන්න කියලා. මෙන්න පස් ටික කපනකොට තවත් දෙන්නෙක්ම හිටියා. මගේ ආයුධ කට්ටලය උපකාරයෙන් තුන්දෙනාම මම ඇල්ලුවා. මේ දවස්වල නාගයන්ගේ ප්‍රජනන සමය. බොහෝ අවස්ථාවල දෙන්න තුන්දෙනා එකට ඉන්නෙ. ඒ වගේම උන් බිත්තර දාන්නත් මිනිස් වාසය සහිත තැන් හුඟාක් වෙලාවට තෝරගන්නෙ. ඒ වෙනත් සතුන්ගෙන් බිත්තර ආරක්ෂා කරගන්න.”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තමා මෙවැනි ත්‍රාසජනක කර්තව්‍යයකට මුල පිරුවේ කෙසේදැයි මම විමසුවෙමි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“මතක විදිහට 70 ගණන්වල මුල් කාලේ. ඉස්කෝලෙන් අයින් වෙලා පිළියන්දල ආච්චිලයි ගෙදර ඒ දවස්වල හිටියෙ. ඒක ගොම-මැටි ගාපු පුංචි ගෙයක්. ආච්චි පාන්දරම නැගිටිනවා. දවසක් ආච්චි මට කතා කරලා කියනවා, ‘පුතේ පූසා කුස්සියේ ඉන්නවා... මොකෙද්ද පිඹින සද්දයක් ඇහෙනවා පොඩ්ඩක් බලපන් තලගොයාවත්ද දන්නෙ නෑ’ කියලා. මට හොඳට මතකයි... කණාමැදිරි එළිය වගේ එළිය අඩු ටෝච් කෑල්ලක් තිබුණේ. මං ඒකත් අරන් ගිහින් බැලුවා. බැලින්නම් පිඟන් රාක්කෙ දිගේ පත නයෙක්. අඩි හතරහමාරක් විතර ඇති. ආච්චි බයවෙච්ච පාර පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තා. එක ජංජාලයයි. ඇත්තටම ඉතින් නයෙක්නේ. හිතන්න පාන්දර ගෙදරක කුස්සියට යනකොට නයෙක් හිටියම ඇතිවන ජංජාලේ. මං විගහට ගිහින් ඇහැල ගහක කරුවක් තියෙන කෝටුවක් ගෙනාවා. නයා බිම දිගේ ඇදිලා යනකොටම කරුව බෙල්ලට තියලා, ක්ෂණයෙන් නයාගේ බෙල්ල ළඟින් අතින් තදින් අල්ලගත්තා. මෙන්න ටිකක් වෙලා යනකොට නයා නිකං පතෝල කරලක් වගේ එල්ලා වැටෙනවා” යැයි ලෙස්ලි මහතා පැවසුවේ තමන් නයි ඇල්ලීමට අතපොත් තැබුවේ එම සිද්ධියත් සමඟින් බවය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එතැන් සිට ඔහු බැංකු රැකියාව ද කරන අතරේ ඉඩ ලැබෙන සෑම විටම සර්පයන් ඇල්ලීම කර ඇත. ඉන්පසු 2006 වසරේ වර්තමානයේ ජීවත්වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචියට පැමිණීමත් සමඟ සර්පයන් අල්ලන රාජකාරියේ වැඩ වැඩිවී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“අපි මේ දැන් ඉන්න ඉඩම අක්කර සිය ගනක රබර් වත්තක්. දැන්නම් ගෙවල් විශාල ප්‍රමාණයක් තිබුණට මුලදි ගෙවල් 20ක්වත් නෑ. සර්පයෝ වැහි වැහැලා. මම ඉතින් පුළු පුළුවන් වෙලාවට අල්ලලා කැලෑවට ගිහින් දැම්මා. මං මුලින්ම ඇල්ලුවේ කෝටුවලින්. ඒත් 2013 දි අපේ මේ එහා පැත්තෙන් යන දක්ෂිණ අධිවේගී මඟ හදන්න හැම තැනින්ම පස් කපන්න ගත්තා. ඒත් එක්කම සර්පයෝ ගෙවල් අවට සැරීසැරීමත් වැඩිවුණා. මිනිස්සු සෑහෙන්න සර්පයෝ මරන්න ගත්තා. මට සර්පයෝ මරනවා කියලා අහන එකත් කම්පාවක්. මං ගිහින් කිව්වා සර්පයෝ මරන්න එපා අපි උන්ව අල්ලලා කැලෑවට ගිහින් දාමු කියලා. ඒ අයත් ඒකට කැමැති වුණා. ඊට පස්සෙ මට එන ඇමතුම් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වැඩිවුණා. මං කල්පනා කළා මේකට ටූල් එකක් (ආයුධ කට්ටලයක්) හැදුවොත් හොඳයි කියලා. මුලින් ටූල්ස් කීපයක්ම හැදුවා. එහෙම හදලා වැඩිදියුණු කරලයි වර්තමානයේ තිබෙන මේ ටූල් එක හැදුවේ” යැයි පවසන ඔහු අපට එම ආයුධ කට්ටලය ද පෙන්වීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වෘත්තිය කාර්මික ඥානයෙන් හෙබි කෙනකුගේ නිර්මාණයකට දෙවැනි නැති එම ආයුධ කට්ටලය සඳහා ලෙස්ලිට පේටන්ට් බලපත්‍රය ද හිමිය. සර්පයන් ඇල්ලීමේ උපකරණයකට පේටන්ට් පත්‍රයක් හිමි ලංකාවේ එකම පුද්ගලයා ලෙස ද ඔහු වාර්තාගත වේ. එම උපකරණ කට්ටලය අවශ්‍ය ඕනෑම කෙනෙකුගේ ඉල්ලුමට සැපයුම සලසන්නටද හෙතෙම සැදීපැහැදී සිටී.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කතාබහ අතරතුරදී මා නෙත ගැටුණේ ඔහුගේ වමතේ මැදඟිල්ල නැති බවය. එ් සමඟම ඔහුගේ පිටි අත්ලේ ඇති කැළලය. මම ඒ ගැන ඔහු විමසීමි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ඇඟිල්ල නයා කෑවා. අනිත් අතට ගැහුවා. ඒක වුණේ 2015 ජනවාරිවල. දවසක් කෝල් එකක් ආවා කුඹුක පැත්තෙ ගෙදරකින් ‘අනේ මහත්තයෝ අපේ ගෙදරට නයෙක් ඇවිල්ලා’ කියලා. පස්සෙ මං ගියා. පර්චස් හත-අටක පොඩි ඉඩක්. හිතන්නවත් බෑ නයි ඉන්නවා කියලා. පොඩි කණ්ඩියක් තියෙනවා ඒකෙ ගුල් අස්සෙයි නයා ඉන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ ගුල්වලින් ඌ එළියට එනකම්ම ඉන්න වෙනවා කියලා මං කිව්වා. උදේ 10 ට විතර ගියේ 1.30 විතර වෙනකොට පොල්කිච්චෙක් අඬන්න ගත්තා. මං කිව්වා ඔන්න දැන් එළියට එන්න වගේ හදන්නෙ කියලා. කිව්ව වගේම ටිකෙන් ටික එළියට ආවා. ඇදිලා යනකොටම ටූල් එකෙන් අල්ලගත්තා. හරිම දඩබ්බර නයෙක්. දඟලනවා. සෙනඟ 50ක් 60ක් වටවෙලා. මං ගෙනියන බෑග් එකක් තියෙනවා ඒකට දාන්න බෑග් එක අල්ලන්න කියලා මං කෑගැහැව්වා. බෑග් එකේ නූල් දෙකක් තියෙනවා දෙන්නෙක් දෙපැත්තට ඒවයින් ඇදලා අල්ලන්න ඕනැ. නූල් දෙක අතෑරුණොත් බෑග් එක වැහෙනවා. කරුමෙ කියන්නෙ එක්කෙනෙක් බයවෙච්චපාර නූල අතෑරියා. බෑග් එක වැහුණා. මං නයාව ටූල් එකෙන් අල්ලන් හිටියේ ඔළුවට අඟල් හයක් විතර පහළින්. වැටුණ නූල් පොට අනිත් අතින් ගන්න යනකොටම අඟල් හයේ වාසියෙන් ඌ මගේ මැදගිල්ලේ එල්ලුණා. විනාඩි එකහමාරක් විතර ඇඟිල්ල නයාගේ කටේ.” සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජීවිතක්ෂයට පත්වීමට තත්පර තුන හතරකදී නයකුගෙන් පිටවෙන විෂ මිලිග්‍රෑම් 12ත් 15ත් අතර ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වන බව ඔහු පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“එල්ලිලා හිටපු ටිකට මගේ ඇඟට මිලිග්‍රෑම් 100කට වැඩිය විෂ ප්‍රමාණයක් ගියා. අදිනවා අදිනවා එන්නෙ නෑ මොකද නයාගේ දත් තියෙන්නෙ ඇතුළට නැමිලා. මං එක්වරම ටූල් එක අතෑරලා අනිත් අතින් නයාගේ ඇස්දෙක මිරිකුවා. ඒත් එක්කම ඇඟිල්ල ගත්තා. දැන් මං නයාගේ ඇස් දෙක මිරිකගෙන ඉන්නෙ. සතාගේ බාගයක් බෑග් එක ඇතුළේ. බෑග් එකට වැටෙන්න නයා අතාරිනකොටම ඒ අතටත් ගැහුවා.” එම අනතුරින් බරපතළ ලෙස අසාධ්‍ය වූ ලෙස්ලිට අවසානයේ එක් ඇඟිල්ලක්ද අහිමි විය. කලට වේලාවට බේත්-හෙත් නිසි පරිදි ලැබුණු හෙයින් ජීවිතය බේරුණු බව පවසන ලෙස්ලි මහතා ඔහුට ප්‍රතිකාර කළ හොරණ රෝහලේ සෑම දෙනාට සේම ඔහු වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම ස්තූති කිරීමට අමතක නොකළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එසේම එම අනතුරෙන් පසුව තමා නාග දෂ්ටනයකදී හෝ සපා කෑමකදී හෝ ඇතිවන වේදනාව දුක හොඳින්ම අත්දුටු බව පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ඒක ස්නායුගත උහුලන්න බැරි වේදනාවක්. ඇස්වලට මිරිස් දැම්ම වගේ. මාංසපේෂි ආශ්‍රිතව තද වේදනාවක්” යනුවෙන් නයකු දෂ්ට කිරීමකදී ඇතිවන වේදනාව අප හා විස්තර කළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙවැනි අනතුරකින් පසුවද සර්පයන් ඇල්ලීම එපා වුණේ නැද්දැයි මම ඔහුගෙන් විමසුවෙමි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“ඒක මට එහෙම එපා වෙන දෙයක් නෙවේ. මේක තමයි මගේ තෘප්තිය. මානසික සහනය. හැබැයි ඉතින් පවුලේ අය නම් කොහෙත්ම කැමැත්තක් දැක්වූවේ නෑ එම අනතුරෙන් පස්සේ. තහංචි දැම්මා. මට තියෙන ලොකුම දුක සතුන් අල්ලන දර්ශන පින්තූර ඇතුළත් සීඩී 300ක් ලොකු ඇල්බම් අටක් විතර තිබුණා. ඒවා සේරම මගේ බිරිය එයාට තිබුණ පීඩනයට පුච්චලා විනාශ කරලා මං රෝහලේ ඉඳලා ගෙදර එනවිට. පස්සෙ පස්සෙ මිනිස්සු ඇවිල්ලා ‘අනේ ගෙදරට සර්පයෙක් ඇවිල්ලා, අහවල් තැනට සර්පයෙක් ඇවිල්ලා’ කියලා පින්සෙන්ඩු වෙනකොට මට නොගිහින් ඉන්න හිතෙන්නේ නැහැ. මටම දුකයි. පස්සෙ මං ආයිත් මේ කාර්යයට බැස්සා.”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔහු මේ වෙද්දී අපේ රටේ සිටින උග්‍ර විෂ සහිත සර්පයන් හය-හත්සියකට වැඩි ප්‍රමාණයක් අල්ලා මුදා හැර තිබේ. ඔහු එලෙස අල්ලා ගන්නා සර්පයන් මුදා හැරීම සඳහා ඇතැම් විට පාදුක්ක කන්දට යන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“සමහර අවස්ථාවල සර්පයෝ අල්ලගෙන කිලෝමීටර් 20, 25 දුර යනවා අතාරින්න. මොකද මිනිස් වාසය සහිත ප්‍රදේශයක මේ සතා මුදාහැරීමෙන් මං මේ කරන කාර්යයෙන් ඇති වැඩක් නෑ. මං කිසිම අවස්ථාවක කැමැති නෑ සර්පයෝ මරනවට. සර්ප කරදරයක් නම් මට කතා කරන්න. සර්පයෝ පරිසරයේ සමතුලිතතාව රැකගන්න අත්‍යවශ්‍ය කොටසක්. ඒ විතරක් නෙවේ අපි බෝ නොවන රෝග රැසකටම බොන පෙතිවලත් සර්ප විෂ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ විෂ කෘත්‍රිමව හදන්න බෑ.”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නාග දෂ්ටනය හේතුවෙන් ලෙඩ ඇඳට වී නිවෙසේ ගතකළ සමයේ පාළුව කාන්සිය මකා ගැනීමට ‘ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සර්පයන් හඳුනාගනිමු’ මැයෙන් ඉතාම වටිනා පර්යේෂණාත්මක ග්රන්ථයක් පළ කරන්නට තමාට හැකි වූ බව ඔහු පැවසීය. එසේම මරණයට පත්වූ සර්පයන්ගේ ඉන්ද්‍රියන් කපා-කොටා අධ්‍යයනය කරන ඔහු සර්පයන්ගේ හෘදය වස්තුවේ තිබෙනුයේ කුටීර තුනක් පමණක් යැයි පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සර්පයන් ඇල්ලීමට ගිය අවස්ථාවලදී ලද අත්දැකීම්ද ලෙස්ලි හෙළි කළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“සමහර ගෙවල්වලට යනකොට ගෙදර අය ගේ වහලා දාලා එළියෙ ඉන්නෙ. මොකද සර්පයට බයේ. දවසක් මරු වැඩක් වුණා. මම ගිහින් ගේ ඇතුළේ හැම අස්සක් මුල්ලක් නෑරම සතා හොයනවා. මෙන්න එක තැනකදී මගේ ඇඟට පොඩි පොඩි සිමෙන්ති කෑලි වැටෙනවා. මාත් ඉතින් ගැස්සිලා වගේ බයවෙලා බැලුවා මොකාද මේ කියලා. බැලින්නම් ගෙදර කෙනෙක් බයවෙච්ච පාර බිත්තියක් උඩ” ඔහු එවන් මතක අවදි කරන්නේ මුව රැඳි සිනාවක්ද සමඟිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශරීර සෞඛ්‍ය යහපත්ව තියෙනතාක් කල් මේ කාර්යයෙහි නිරත වන බවත් තමා මේ වන විට සර්පයන් ඇල්ලීමට කිලෝමීටර් සිය ගණන් දුර ඈත පළාත්වලටත් ගොස් තිබෙන බවත් ඔහු පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අප ඔහු හා කතාබහ කරමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනය නද දෙන්නට විය. ඇමතුමට පිළිතුරු දෙන ලෙස්ලිගේ කතාබහෙන්, ඉරියවුවලින් දිස්වනුයේ කෙනෙකුට සර්ප කරදරයක් වගයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“බේරුවල ගෙදරක ටොයිලට් බටයකට නයෙක් රිංගලලු”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බේරුවල කොහේද, පොල්ගස්ඕවිට කොහේද, කොතැනක වුව ඔහු නාග මෙහෙයුමට යෑමට සූදානම්ය. එම මෙහෙයුමේ සජීව දසුන් කැමරා කාචයට හසුකර ගැනීමට අපගේ ඡායාරූප ශිල්පී සුදම් ද ගමනට යුහුසුලු විය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මනුස්සයන්ට සේම සර්පයන්ගේ ජීවිතවලට ද අභයදානය දෙමින් මේ සත්ක්‍රියාවේ දිගටම නියැළීම ඔහුගේ අපේක්ෂාවයි. ඔබටත් සර්ප කරදරයක් ඇත්නම් ලෙස්ලි මහතා ඇමතිය හැකිය. කොහේ කුමන වේලාවක වුවද ඔහු ඔබට උදවු වීමට සූදානම්ය. ඒ සඳහා ඔහුගේ අංකය මෙසේය. 0715990841. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom