Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නය අරන් නොඩ්ඩෙඩ් ඉන්න අයට වෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Y) Us @ බෞද්ධයා - The Buddhist

කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්

ණය නොදීමෙන් ඇති වූ එබඳු විපාකයක් ගැන මා අසා ඇති කථා ප්‍රවෘත්තියක්: මෙහිලා සඳහන් කරමි.

රත්නපුරයේ සිටි එක් මුදලාලි කෙනෙක් එහි සිටි තවත් යාපනේ ද්‍රවිඩ මිනිසකුගෙන් රු. 5000 ක් ණයට ඉල්වාගන එම ණය මුදල නොගෙවා පසු කලෙක ඔහු කාලක්‍රියා කළේය. ඔහුගේ පුත්තු මළ පියා ගැන බැලීමට එම නාඩි ශාස්ත්‍රය උපයෝගී කරගත්හ. එහි දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ණයගත් තම පියා එය නුදුන් නිසා ණය හිමියා ළඟ ගොනෙකු වී ඇති බවත් ණය බේරූ විට චුතවන බවත්, ඔවුන්ට එම ණය ගෙවා වුව ද එම ගොනා ගෙන ආ නොහැකි බවත්ය.

එම ණය කරුගේ පුත්තු කෙසෙල් ඇවරියක්ද රැගෙන ලිපිනය අනු ව යාපනයේ ගොනා ඇති නිවස බලා පිටත් වූහ. එහි ගොස් ණය හිමියා දැක ආ හේතුව පවසා එම ගොනා බැලිය යුතු බව පැවසූ විට “ඌ මහ සැර ගොනෙක්, කිසිවෙකුට ළඟටවත් කිට්ටුවීමට බැරි යයි” ණය හිමියාකි විට “ඒකට කාරි නැත. අපට ගොනා දකින්ටම ඕනෑ යැ” යි කී විට, ගොනු සිටි තැනට පාර කීවා ම ණය කරුගේ පුතා කෙහෙල් ඇවරිය ද රැගෙන ගොනු සිටින ස්ථානය වෙත ගියේය. පුතා දුටු ගොනා පුත්‍ර සෙනෙහසින් පුතාගේ පා ලෙවූ බවත්, පසු ව එම පුතා ණය ගෙවා ගොනුගේ වටිනාකම ද ගෙවා ගොනු රැගෙන දුම්රියේ ගේනවිට පාදුක්කේ දී ගොනා මළ බවත් මා ඇසූ ප්රවෘත්තියයි.

පරලොව විපාක නො අදහන පව්කරන අයටත්, අනුන්ගෙන් ණය ගෙන ආපසු ණය නොදෙන අයටත් මේ ඉතා අගනා පාඩමකි. පංචානන්තරිය කර්ම කළහුට නොවරදවා ම දෙවැනි අත්බැව මහා කල්ප එකක් අවීචි යෙහි විපාක දෙනුයේ මේ හත්වැනි ජවනය වූ උපපජ්ජ වේදනීය කර්මයයි.

මහා කල්ප එකකින් එම පඤ්චානන්තරිය කර්ම විපාක ගෙවෙනවා කියතත් දෙපස ජවන යන්ගෙන් ශක්තිමත් වූ මැද ජවන පහෙි විපාකය වූ අපරාපරිය වේදනීය කර්මය කවදා ගෙවෙයි දැයි කිව නො හැකිය. එය භවයක් භවයක් පාසා විපාක දේමය. මහා මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තැළුවේ ඒ කර්මයෙන් බව කිව හැකිය.

කර්මයක් විපාක දීමේ දී ප්රතිසන්ධි විපාක, ප්රඟවෘති විපාක, යැයි විපාක කොටස් දෙකකට බෙදිය හැකිය. විපාක දීමේ ක්‍රම වශයෙන් ගරුකර්මය, ආචීර්ණ කර්මය, කටත්තා කර්මය, යදාසන්න කර්ම යැයි සිව් ආකාරය. පාප කර්මයන්ගෙන්ගරුකර්ම වනුයේ මව් මැරීම,, පියා මැරීම, රහතන් මැරීම, බුදුරදුන්ගේ ඇඟින් ලේ සෙලවීම, සංඝ භේදකිරීම යන මේ පසයි. කුශල පක්ෂයෙන් ගරු කර්ම වනුයේ රූපාවචර, අරූපාවචර ධ්‍යානයි. ආචීර්ණ කර්ම නම් වැඩි වශයෙන් පුරුදු කළ දෙයයි. කෘතත්වාපන කර්ම නම් කවදා හෝ එක්වරක් කර නැවත සිහි නො කළ කර්මයයි. යදාසන්න නම් කර්මය මරණාසන්නයේ දී විපාක දෙන කර්මයි.

මෙයින් ගරු කර්මයක් තිබේ නම්, එයත් නැති නම් ආචීර්ණ කර්මයත්, ඒත් නොමැතිනම් යදාසන්න කර්මයත් එයත් නැතිනම් කෘතත්වාපන කර්මයත් විපාක වාරයට එළඹේ.

කොතෙක් කර්ම ඇතත් එකවරකට ප්රතිසන්ධි විපාකය දෙන්නේ එක කර්මයකින්ය. මරණයට ආසන්න වුවහුට එය කර්ම, කර්මනිමිති ගති නිමිති, යැයි තුන් අයුරකින් සිතට එළඹේ. කළ කර්ම එවේලේ සිදු කරන්නක් ලෙස මරණාසන්නයේ දී පෙනීම කර්මයයි. එම කර්මය සිදු කිරීමට උපකාර වූ දෙය හෝ පුද්ගලයන් දැක්ම කර්ම නිමිත්තයි. ගති නිමිත්ත නම් දෙවනුවට උපදින තැන දැකීමයි. එය දර්ශනය වන්නේ මෙසේය.

අගගික්ඛන්ධං නිරයක්දච

පෙතලොකම්හි අන්‍ධකං

තිරච්ඡාන වන සංකණ්ඩං

මංසකණ්ඩං ච මානුසිං

විමානං දිබ්බලොකම්හි

නිමිතතා පඤ්ච දිසසරෙ

යනුවෙන් පස් ආකාරයට ගති නිමිති පෙනේ. නිරයේ උපදින කෙනකුට ගිනි කඳක් ද, ප්‍රේත ලොව නම් අඳුරක් ද, තිරිසන් ලොව නම් වන වදුල් ද, මිනිස් ලොව නම් රතු මස් කඩයක් ද, දෙව් ලොව නම් දෙව් විමන් ද දක්නට ලැබේ.

කර්මයට අනුකූල ව මෙබඳු නිමිති දකිමින් සිටින්නහුගේ අවසාන චුති චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඒ සමග අවසාන වරට දුටු නිමිත්තෙහි එල්බ ගනිමින් දෙවැනි අත්බව සම්බන්ධ කරන පටිසන්ධි සිත පහළ වේ. පටිසන්ධි විපාකය කියනුයේ එයටයි.

එසේ පළමුවෙන් උපන් සත්ත්වයාට ඒ පළමුවෙන් පහළ වූ පටිසන්ධි සිතට සමාන සිතක් මුළු ජීවිත කාලයෙහි ම භවංග වශයෙන් තිබී චුති වශයෙන් අවසාන වෙයි. ඒ උපන් භවය තුළ දී යම් සැප දුක් දෙකක් විඳින්නේ ඒ ප්‍රති සන්ධි ගෙන දුන් කර්මයෙහි මැද ජවන සිත් පහෙනුත් තව ඉතුරුවට ඇති කර්මයන්ගේ මැද ඇති ජවනවලිනුත් කියා දත යුතුය. මෙසේ ප්‍රථම ජවනයෙන් දෘෂ්ටධර්ම විපාකත්, හත්වැන්නෙන් දෙවැනි අත් බැව් පටිසන්ධි විපාකත්, මැද ජවනයන්ගෙන් ප්රවෘත්ති විපාකත් ලැබේ. මේ කර්ම ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි විපාක ලබා නුදුන හොත් අහෝසි කර්ම වන බව දත යුතුය.

එයට ද හේතු ඇත. එනම් ප්‍රබල කර්මයන්ගේ විපාක වින්දනය නිසා දුර්වල කර්මයන්ගේ විපාකවලට කාලය නොලැබීයාම නිසා අහෝසි වේ. ප්‍රයෝග සම්පත්, කාල සම්පත්, ප්‍රදේශ සම්පත් ආදිය නිසා අකුශල විපාක නැතිවන අවස්ථා ද ප්‍රයෝග විපත් ආදියෙන් කුශලකර්ම විපාක නැති වන අවස්ථා ද ඇත.

සමහරු එබඳු අවස්ථා නිරූපණය කිරීමට මෙබඳු වදන් ප්‍රකාශ කරත්. “අනේ මම අසවල් වේලාවට, අසවල් විධියට ඒ ගමන නොගිය නිසා, ඒ වැඩය නොකරපු නිසා මට ලැබෙන්නට ගිය විශාල ලාභයකින් පිරිහුණා” මෙබඳු වදන් කියනුයේ ප්‍රයෝග විපත්තියෙන් කුශල විපාක නොලැබී යෑම ගැනය. “අනේ මෙහෙම කාලයක හැටි මේ කාලයේ මේ මැණිකට අපට ලැබෙන්නේ සුළු මුදලක්, පසුගිය කාලයේ නම් මැණික් බොහෝ ම ගණන්, ඒ කාලයේ දී වත් මෙය ලැබුණා නම් අපේ අත මිට පිරී සියලු සම්පත් ලබන්ට තිබුණා” මෙහෙම කියනුයේ කාල විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය.

අනේ මෙහෙම පළාතක්, අප කරන ගොවිතැන් වලින් අප කරන වැඩ වලින් වෙන පළාතක නම් අපිත් මිනිස්සු තමිඩ. මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය. “මේ දරුවා බොහොම පින්වන්තයි ඒත් අනේ මේ දුප්පත් අප ළඟ ඉපදිලා විඳින දුකක හැටියැ” යි කියනුයේ ගිත විපත්වලින් වැළකුණු කුශල විපාක වලටයි.

“මොහු අසවල් කාලේ අසවල් දවසේ අසවල් වේලාවේ ආවානම් මහාදුකකට පත් වෙනවා, යන්තං ඒක වැළකුණා, හොඳ වෙලාවට ඇවිත් යැ” යි මෙහෙම කියනුයේ කාල සම්පත්තියෙන් වැළකීගිය අකුශලවිපාකවලටයි. “මොහු මේ වැඩය අසවල් විධියට කළා නම් මේ දුකට පත් වන්නේ නැහැ නො වැ” යි කියනුයේ ප්‍රයෝග විපත්තිය ගැනය.” “මේ පළාතට ආවාට පසු ව අනේ මොහු විඳින දුකක් යැ” යි මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත් ගැනය. “මොහු වෙන තැනක උපන්නා නම් ජරදුක් විඳින්නේ, දැන් අප ළඟ උපන් බැවින් සැප විඳිනවා” මෙබඳු වදන්කියනුයේ ගති සම්පත් වලින් වැළකී ගිය අකුශලවිපාක වලටය.

මේ දැක්වූයේ ප්‍රයෝග සම්පත්, එම විපත් ආදිය අවබෝධ කර ගැනීමට ජනයා අතර ව්‍යවහාරික වදන් කීපයකි. මේ සියලු කර්මයන්ගේ විපාක නැති වන්ට නම් කර්ම ක්ෂයකර ඥානය ඉපිද විය යුතුය. අංගුලිමාල මහ රහතන් වහන්සේ කර්මක්ෂයකර නුවණ ඉපද වූ නිසා කරන ලද දරුණු කර්ම වල විපාක අහෝසි වී ස්කන්ධය පවත්නා නිසා ප්‍රථම ජවනයන්ගේ ප්රවෘත්ති කර්ම විපාක ශේෂ වූ හැටිත් බුදුරදුන්ගේ උපදෙස් පරිදි ප්‍රයෝග සම්පත් යොදා ගැනීමේත් එවා ද වැළකී ගිය සැටිත් අංගුලිමාල කථා වස්තුවෙන් අවබෝධ කර ගත යුතුය.

කොහොමත් සත්ත්ව සන්තානයක ඇති කර්ම රාශිය මහා සාගරය මෙනි. මහා සාගරයේ ජලය අඩුවීමක්ද, පිරීමක් ද නො පෙනේ. එමෙන් සත්ත්ව සන්තානයේ කර්ම පිරී, ගබඩාවී, අඩු නොවී පවතී. කොතෙක් වුවත් තවතවත් කර්ම රැස්වේ. ඒ අලුත් කර්මවලට ඉඩමදි වීමක්ද නැත. එම නිසා කර්මක්ෂය තරම් අමාරු දෙයක් තවත් නැත. ඒවා ක්ෂය කරන්ට ගතවන කාලය මහා කල්ප අසංඛ්‍ය 24 – 16 – 8 – 4 – 1 යනා දී වශයෙන් කාල ප්‍රමාණ අවශ්‍ය වේ. ඒ අතර අලුත් කර්ම නොඉපදවීමට ද වග බලාගත යුතුය. මහා ජලාශයක් හිස් කරන්ට එයට ජලය එන මාර්ග පළමුවෙන් වසා හිස් කිරීම පටන් ගත යුතුය. ජල මාරග හිර නොකර මැෂින්වලින් ජලය ඉස්සත් එම ජලාශය හිස් නො වේ. එසේ ම වසන ලද ජල මාර්ග පෑදී ආයිත් ජලය එනවා දැයි නිතර පරීක්ෂාවෙන් සිහියෙන් ජලාශය හිස් කිරීමේ කටයුතු කළොත් ජලාශය හිස්වේ.

එමෙන් කර්ම නමැති ජලාශය හිස් කිරීමේමේ ක්‍රියාවට පාරමී පුරණයැයි කියනු ලැබේ. ඒ අතර සිහිනුවණින් යුතු ව අලුත් පාපකර්ම අත්හරින විට පාරමී පිරීමේ දී කුශල කර්ම පමණක් ශේෂ විය හැකිය. ඒ කුසල කර්ම වියළවා ගැන්ම දුෂ්කර නො වේ. කල්පාන්ත වහ්නියෙන් නොසිඳෙන මහා සාගරය වියළී යන්නා සේ අවසානයෙහි කර්මක්ෂය කර නුවණින්සියලු ම කර්ම වියලේ. සියලු දුක් නැතිවන්නේ ද එවිටය. කර්ම විභාගය ඉතා දිගු පුළුල් එකෙකි. සියල්ල පූර්ව කර්මයෙන් නො සිදුවන බවත් දැනගනු මැනැවි. කුසල් අකුසල්, පින් පව්, හොඳ නොහොද දැනගෙන දුසිරිතෙන් මිදී සුසිරිතෙහි බැඳී තුන්දොරින් සුසිරි පිරුව යෙහේ. එසේ කොට දුකෙන් මිදී පරම ශාන්ත සර්ව සුන්දර අමාමහ නිවනින් සැන සෙන්නට වෑයම් කරන්නේ මැනවි.

වේන්දළුවේ සෝරත හිමි

[QUOTE="asliyanage, post: 29567506, member: 8764"] (Y) Us @ බෞද්ධයා - The Buddhist කර්ම විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම් . ණය නොදීමෙන් ඇති වූ එබඳු විපාකයක් ගැන මා අසා ඇති කථා ප්‍රවෘත්තියක්: මෙහිලා සඳහන් කරමි. . රත්නපුරයේ සිටි එක් මුදලාලි කෙනෙක් එහි සිටි තවත් යාපනේ ද්‍රවිඩ මිනිසකුගෙන් රු. 5000 ක් ණයට ඉල්වාගන එම ණය මුදල නොගෙවා පසු කලෙක ඔහු කාලක්‍රියා කළේය. ඔහුගේ පුත්තු මළ පියා ගැන බැලීමට එම නාඩි ශාස්ත්‍රය උපයෝගී කරගත්හ. එහි දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ණයගත් තම පියා එය නුදුන් නිසා ණය හිමියා ළඟ ගොනෙකු වී ඇති බවත් ණය බේරූ විට චුතවන බවත්, ඔවුන්ට එම ණය ගෙවා වුව ද එම ගොනා ගෙන ආ නොහැකි බවත්ය. . එම ණය කරුගේ පුත්තු කෙසෙල් ඇවරියක්ද රැගෙන ලිපිනය අනු ව යාපනයේ ගොනා ඇති නිවස බලා පිටත් වූහ. එහි ගොස් ණය හිමියා දැක ආ හේතුව පවසා එම ගොනා බැලිය යුතු බව පැවසූ විට “ඌ මහ සැර ගොනෙක්, කිසිවෙකුට ළඟටවත් කිට්ටුවීමට බැරි යයි” ණය හිමියාකි විට “ඒකට කාරි නැත. අපට ගොනා දකින්ටම ඕනෑ යැ” යි කී විට, ගොනු සිටි තැනට පාර කීවා ම ණය කරුගේ පුතා කෙහෙල් ඇවරිය ද රැගෙන ගොනු සිටින ස්ථානය වෙත ගියේය. පුතා දුටු ගොනා පුත්‍ර සෙනෙහසින් පුතාගේ පා ලෙවූ බවත්, පසු ව එම පුතා ණය ගෙවා ගොනුගේ වටිනාකම ද ගෙවා ගොනු රැගෙන දුම්රියේ ගේනවිට පාදුක්කේ දී ගොනා මළ බවත් මා ඇසූ ප්රවෘත්තියයි. . පරලොව විපාක නො අදහන පව්කරන අයටත්, අනුන්ගෙන් ණය ගෙන ආපසු ණය නොදෙන අයටත් මේ ඉතා අගනා පාඩමකි. පංචානන්තරිය කර්ම කළහුට නොවරදවා ම දෙවැනි අත්බැව මහා කල්ප එකක් අවීචි යෙහි විපාක දෙනුයේ මේ හත්වැනි ජවනය වූ උපපජ්ජ වේදනීය කර්මයයි. . මහා කල්ප එකකින් එම පඤ්චානන්තරිය කර්ම විපාක ගෙවෙනවා කියතත් දෙපස ජවන යන්ගෙන් ශක්තිමත් වූ මැද ජවන පහෙි විපාකය වූ අපරාපරිය වේදනීය කර්මය කවදා ගෙවෙයි දැයි කිව නො හැකිය. එය භවයක් භවයක් පාසා විපාක දේමය. මහා මුගලන් මහරහතන් වහන්සේට පල්හොරු තැළුවේ ඒ කර්මයෙන් බව කිව හැකිය. . කර්මයක් විපාක දීමේ දී ප්රතිසන්ධි විපාක, ප්රඟවෘති විපාක, යැයි විපාක කොටස් දෙකකට බෙදිය හැකිය. විපාක දීමේ ක්‍රම වශයෙන් ගරුකර්මය, ආචීර්ණ කර්මය, කටත්තා කර්මය, යදාසන්න කර්ම යැයි සිව් ආකාරය. පාප කර්මයන්ගෙන්ගරුකර්ම වනුයේ මව් මැරීම,, පියා මැරීම, රහතන් මැරීම, බුදුරදුන්ගේ ඇඟින් ලේ සෙලවීම, සංඝ භේදකිරීම යන මේ පසයි. කුශල පක්ෂයෙන් ගරු කර්ම වනුයේ රූපාවචර, අරූපාවචර ධ්‍යානයි. ආචීර්ණ කර්ම නම් වැඩි වශයෙන් පුරුදු කළ දෙයයි. කෘතත්වාපන කර්ම නම් කවදා හෝ එක්වරක් කර නැවත සිහි නො කළ කර්මයයි. යදාසන්න නම් කර්මය මරණාසන්නයේ දී විපාක දෙන කර්මයි. . මෙයින් ගරු කර්මයක් තිබේ නම්, එයත් නැති නම් ආචීර්ණ කර්මයත්, ඒත් නොමැතිනම් යදාසන්න කර්මයත් එයත් නැතිනම් කෘතත්වාපන කර්මයත් විපාක වාරයට එළඹේ. . කොතෙක් කර්ම ඇතත් එකවරකට ප්රතිසන්ධි විපාකය දෙන්නේ එක කර්මයකින්ය. මරණයට ආසන්න වුවහුට එය කර්ම, කර්මනිමිති ගති නිමිති, යැයි තුන් අයුරකින් සිතට එළඹේ. කළ කර්ම එවේලේ සිදු කරන්නක් ලෙස මරණාසන්නයේ දී පෙනීම කර්මයයි. එම කර්මය සිදු කිරීමට උපකාර වූ දෙය හෝ පුද්ගලයන් දැක්ම කර්ම නිමිත්තයි. ගති නිමිත්ත නම් දෙවනුවට උපදින තැන දැකීමයි. එය දර්ශනය වන්නේ මෙසේය. . අගගික්ඛන්ධං නිරයක්දච පෙතලොකම්හි අන්‍ධකං තිරච්ඡාන වන සංකණ්ඩං මංසකණ්ඩං ච මානුසිං විමානං දිබ්බලොකම්හි නිමිතතා පඤ්ච දිසසරෙ . යනුවෙන් පස් ආකාරයට ගති නිමිති පෙනේ. නිරයේ උපදින කෙනකුට ගිනි කඳක් ද, ප්‍රේත ලොව නම් අඳුරක් ද, තිරිසන් ලොව නම් වන වදුල් ද, මිනිස් ලොව නම් රතු මස් කඩයක් ද, දෙව් ලොව නම් දෙව් විමන් ද දක්නට ලැබේ. . කර්මයට අනුකූල ව මෙබඳු නිමිති දකිමින් සිටින්නහුගේ අවසාන චුති චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඒ සමග අවසාන වරට දුටු නිමිත්තෙහි එල්බ ගනිමින් දෙවැනි අත්බව සම්බන්ධ කරන පටිසන්ධි සිත පහළ වේ. පටිසන්ධි විපාකය කියනුයේ එයටයි. . එසේ පළමුවෙන් උපන් සත්ත්වයාට ඒ පළමුවෙන් පහළ වූ පටිසන්ධි සිතට සමාන සිතක් මුළු ජීවිත කාලයෙහි ම භවංග වශයෙන් තිබී චුති වශයෙන් අවසාන වෙයි. ඒ උපන් භවය තුළ දී යම් සැප දුක් දෙකක් විඳින්නේ ඒ ප්‍රති සන්ධි ගෙන දුන් කර්මයෙහි මැද ජවන සිත් පහෙනුත් තව ඉතුරුවට ඇති කර්මයන්ගේ මැද ඇති ජවනවලිනුත් කියා දත යුතුය. මෙසේ ප්‍රථම ජවනයෙන් දෘෂ්ටධර්ම විපාකත්, හත්වැන්නෙන් දෙවැනි අත් බැව් පටිසන්ධි විපාකත්, මැද ජවනයන්ගෙන් ප්රවෘත්ති විපාකත් ලැබේ. මේ කර්ම ඒ ඒ අවස්ථාවට සුදුසු පරිදි විපාක ලබා නුදුන හොත් අහෝසි කර්ම වන බව දත යුතුය. . එයට ද හේතු ඇත. එනම් ප්‍රබල කර්මයන්ගේ විපාක වින්දනය නිසා දුර්වල කර්මයන්ගේ විපාකවලට කාලය නොලැබීයාම නිසා අහෝසි වේ. ප්‍රයෝග සම්පත්, කාල සම්පත්, ප්‍රදේශ සම්පත් ආදිය නිසා අකුශල විපාක නැතිවන අවස්ථා ද ප්‍රයෝග විපත් ආදියෙන් කුශලකර්ම විපාක නැති වන අවස්ථා ද ඇත. . සමහරු එබඳු අවස්ථා නිරූපණය කිරීමට මෙබඳු වදන් ප්‍රකාශ කරත්. “අනේ මම අසවල් වේලාවට, අසවල් විධියට ඒ ගමන නොගිය නිසා, ඒ වැඩය නොකරපු නිසා මට ලැබෙන්නට ගිය විශාල ලාභයකින් පිරිහුණා” මෙබඳු වදන් කියනුයේ ප්‍රයෝග විපත්තියෙන් කුශල විපාක නොලැබී යෑම ගැනය. “අනේ මෙහෙම කාලයක හැටි මේ කාලයේ මේ මැණිකට අපට ලැබෙන්නේ සුළු මුදලක්, පසුගිය කාලයේ නම් මැණික් බොහෝ ම ගණන්, ඒ කාලයේ දී වත් මෙය ලැබුණා නම් අපේ අත මිට පිරී සියලු සම්පත් ලබන්ට තිබුණා” මෙහෙම කියනුයේ කාල විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය. . අනේ මෙහෙම පළාතක්, අප කරන ගොවිතැන් වලින් අප කරන වැඩ වලින් වෙන පළාතක නම් අපිත් මිනිස්සු තමිඩ. මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත්තියෙන් වැළකුණු කුශල විපාකවලටය. “මේ දරුවා බොහොම පින්වන්තයි ඒත් අනේ මේ දුප්පත් අප ළඟ ඉපදිලා විඳින දුකක හැටියැ” යි කියනුයේ ගිත විපත්වලින් වැළකුණු කුශල විපාක වලටයි. . “මොහු අසවල් කාලේ අසවල් දවසේ අසවල් වේලාවේ ආවානම් මහාදුකකට පත් වෙනවා, යන්තං ඒක වැළකුණා, හොඳ වෙලාවට ඇවිත් යැ” යි මෙහෙම කියනුයේ කාල සම්පත්තියෙන් වැළකීගිය අකුශලවිපාකවලටයි. “මොහු මේ වැඩය අසවල් විධියට කළා නම් මේ දුකට පත් වන්නේ නැහැ නො වැ” යි කියනුයේ ප්‍රයෝග විපත්තිය ගැනය.” “මේ පළාතට ආවාට පසු ව අනේ මොහු විඳින දුකක් යැ” යි මෙහෙම කියනුයේ ප්‍රදේශ විපත් ගැනය. “මොහු වෙන තැනක උපන්නා නම් ජරදුක් විඳින්නේ, දැන් අප ළඟ උපන් බැවින් සැප විඳිනවා” මෙබඳු වදන්කියනුයේ ගති සම්පත් වලින් වැළකී ගිය අකුශලවිපාක වලටය. . මේ දැක්වූයේ ප්‍රයෝග සම්පත්, එම විපත් ආදිය අවබෝධ කර ගැනීමට ජනයා අතර ව්‍යවහාරික වදන් කීපයකි. මේ සියලු කර්මයන්ගේ විපාක නැති වන්ට නම් කර්ම ක්ෂයකර ඥානය ඉපිද විය යුතුය. අංගුලිමාල මහ රහතන් වහන්සේ කර්මක්ෂයකර නුවණ ඉපද වූ නිසා කරන ලද දරුණු කර්ම වල විපාක අහෝසි වී ස්කන්ධය පවත්නා නිසා ප්‍රථම ජවනයන්ගේ ප්රවෘත්ති කර්ම විපාක ශේෂ වූ හැටිත් බුදුරදුන්ගේ උපදෙස් පරිදි ප්‍රයෝග සම්පත් යොදා ගැනීමේත් එවා ද වැළකී ගිය සැටිත් අංගුලිමාල කථා වස්තුවෙන් අවබෝධ කර ගත යුතුය. . කොහොමත් සත්ත්ව සන්තානයක ඇති කර්ම රාශිය මහා සාගරය මෙනි. මහා සාගරයේ ජලය අඩුවීමක්ද, පිරීමක් ද නො පෙනේ. එමෙන් සත්ත්ව සන්තානයේ කර්ම පිරී, ගබඩාවී, අඩු නොවී පවතී. කොතෙක් වුවත් තවතවත් කර්ම රැස්වේ. ඒ අලුත් කර්මවලට ඉඩමදි වීමක්ද නැත. එම නිසා කර්මක්ෂය තරම් අමාරු දෙයක් තවත් නැත. ඒවා ක්ෂය කරන්ට ගතවන කාලය මහා කල්ප අසංඛ්‍ය 24 – 16 – 8 – 4 – 1 යනා දී වශයෙන් කාල ප්‍රමාණ අවශ්‍ය වේ. ඒ අතර අලුත් කර්ම නොඉපදවීමට ද වග බලාගත යුතුය. මහා ජලාශයක් හිස් කරන්ට එයට ජලය එන මාර්ග පළමුවෙන් වසා හිස් කිරීම පටන් ගත යුතුය. ජල මාරග හිර නොකර මැෂින්වලින් ජලය ඉස්සත් එම ජලාශය හිස් නො වේ. එසේ ම වසන ලද ජල මාර්ග පෑදී ආයිත් ජලය එනවා දැයි නිතර පරීක්ෂාවෙන් සිහියෙන් ජලාශය හිස් කිරීමේ කටයුතු කළොත් ජලාශය හිස්වේ. . එමෙන් කර්ම නමැති ජලාශය හිස් කිරීමේමේ ක්‍රියාවට පාරමී පුරණයැයි කියනු ලැබේ. ඒ අතර සිහිනුවණින් යුතු ව අලුත් පාපකර්ම අත්හරින විට පාරමී පිරීමේ දී කුශල කර්ම පමණක් ශේෂ විය හැකිය. ඒ කුසල කර්ම වියළවා ගැන්ම දුෂ්කර නො වේ. කල්පාන්ත වහ්නියෙන් නොසිඳෙන මහා සාගරය වියළී යන්නා සේ අවසානයෙහි කර්මක්ෂය කර නුවණින්සියලු ම කර්ම වියලේ. සියලු දුක් නැතිවන්නේ ද එවිටය. කර්ම විභාගය ඉතා දිගු පුළුල් එකෙකි. සියල්ල පූර්ව කර්මයෙන් නො සිදුවන බවත් දැනගනු මැනැවි. කුසල් අකුසල්, පින් පව්, හොඳ නොහොද දැනගෙන දුසිරිතෙන් මිදී සුසිරිතෙහි බැඳී තුන්දොරින් සුසිරි පිරුව යෙහේ. එසේ කොට දුකෙන් මිදී පරම ශාන්ත සර්ව සුන්දර අමාමහ නිවනින් සැන සෙන්නට වෑයම් කරන්නේ මැනවි. . වේන්දළුවේ සෝරත හිමි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom