Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලිනී-ජාතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය බලයට ඉස්සර කාලෙ ඉඳන්ම මිනිස්සු නොකරන දෙයක් නෑ. රසවත් කතාවක්, කියවල බලන්න.

කතාව පටන් ගන්නේ අර පරණ පුරුදු විදිහටමයි. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි....කියල. ඔය කියන කාලේ තාපසයෙක් තමන්ගේ පුතාත් එක්ක තපස් රකින්ඩ හිමාල වනාන්තරේට යනවා. තාපසයාත් භාවනාවෙන් ඉහලට යද්දී පුතාත් භාවනාවෙන් ඉහලට යනවා. මේ පුතාගේ නම ඉසිසිංග. කොච්චර ඉහලට යනවද කියනවා නං ශක්‍රයාටත් වඩා බලවත් වෙන ලකුණු පෙන්නනවා.

ඔන්න ඉතින් ශක්‍රයාට හිතෙනවා " මේ පොඩි කොල්ලෙක් කොහොමද මට වඩා බලවත් වෙන්නේ...මම කොහොම හරි ඉසිසිංග තාපසයාගේ බලවත් වීම නවත්තන්ඩ ඕන කියල. ශීලයටම ඇලිලා ගැලිලා වාසය කරන ඉසිසිංග තාපසයව පරද්දන්ඩ ඕනනං එතුමාගේ සීලය බිඳින්ඩ ඕන. එක ලේසි පාසු වැඩක් නෙවෙයි. සරාගී කාන්තාවක් ඕන මේ වැඩේට. හිමාල වනාන්තරේ මැද්දේ කොහෙද කාන්තාවෝ. අනික අද කාලේ විදිහට කියනවා නං ඉටි කිරිස් කෑල්ලක් ඕන මේ වැඩේට. එහෙම කෙනෙකුට ඉන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුව විතරයි. රජ්ජුරුවන්ව පොළඹවා ගන්නේ කොහොමද දුවව බමුනේක්ගේ සිල් බිඳින්ඩ යොදා ගන්ඩ?

ඔන්න එතකොට ශක්‍රයාට මෙන්න මෙහෙම අදහසක් පහල වෙනවා. රජ්ජුරු කෙනෙකුට තමන්ගේ බලය තරම් වටිනා වෙන දෙයක් නෑ. තමුන්ගේ දරුවන්ටත් වඩා රජවරුන්ට බලය වටිනවා. ඒ හින්ද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට දුවව දෙන්ඩ බල කරන්ඩ නං රජ කමට තර්ජනයක් ඇති කරන්ඩ ඕන...ඔන්න ඔහොම හිතලා ශක්‍රයා වැස්ස නවත්තනවා අවුරුදු තුනකට. මුළු රටම නිකං පිච්චිලා ගියා වගේ කර කුට්ටං වෙලා යනවා. රටේ මිනිස්සු ගිහින් මේ දුක කියනවා රජ්ජුරුවන්ට. මිනිස්සු කෝප උනොත් රජ කමට තට්ටු වෙන්ඩ වැඩි කාලයක් යන්නේ නෑ කියල හැම රජෙක්ම දන්නවා.

රජ්ජුරුවොත් මේ ගැන හිත හිතා නිදා ගෙන ඉන්නකොට සිරි යහන ගබඩාවට එනවා ශක්‍රයා. ඇවිත් අහනවා රජතුමනි ඔබ වහන්සේ දන්නවාද මේ වැහි නැති වීමට හේතුව කියල.

රජ්ජුරුවෝ කියනවා නෑ. ශක්‍ර දේවයිනි මම දන්නේ නෑ කියල.

මේකට හේතුව හිමාලයේ වෙසෙන ඉසිසිංග කියන මහා නපුරු තාපසයා. දිගින් දිගට වැස්ස වහින වෙලාවක ඔහු අහස දිහා බලලා ශාප කළා. අන්න ඒකයි වැස්ස නැති වෙන්ඩ හේතුව.

ඉතින් අපි මොකද්ද කරන්ඩ ඕන ඒ ශාපය නැති කරන්ඩ?

කරන්ඩ තියෙන්නේ එකම දෙයයි. ඒ ඉසිසිංග ගේ ශීලය බිඳ දාන එක. එක කරන්ඩ නං ඔබේ දූ කුමරිය යවලා ඔහුව වරදට පොළඹවා ගන්ඩ ඕන!

රජ්ජුරුවොත් කැමති වෙනවා දුවගේ කන්‍යාභාවය, තමන්ගේ රජකම බේරා ගැනීම වෙනුවෙන් බිලි දෙන්ඩ. රජ්ජුරුවෝම දුවට උපදෙස් දෙනවා කොහොමද තාපසයා වරදට පොළඹවා ගන්නේ කියල. මේ රජ්ජුරුවන්ගේ දුවගේ නම තමයි නාලිනී.

ජාතක කතා ලියපු හාමුදුරුවෝ ඔය සිද්ධිය කියන්නේ මෙහෙමයි.

...”තොපගේ විලාස දක්වා කාම රති බන්ධනයෙන් ඒ තාපයන් තොපගේ වසඟයට පවත්වාගෙන ශීලය බේධ කරව යි යනාදීන් දියණියන් හා නො කියයුතු කථා රාජ්‍ය පරිපාලනය නිසා කීහ” කියල. ඒ කියන්නේ රජකමට ඇති ලෝභය දරු පෙමට වඩා ඉස්සරහට ආවා කියන එකනේ නේද?

ඔන්න ඉතින් නාලිනී කුමරියත් කැමති වෙනවා වැඩේට. රජ්ජුරුවෝ ඇමති වරු එක්ක යවනවා කුමරියව හිමාල අඩවියට ඉසිසිංග තාපසයාගේ ශීලය බිඳින්ඩ.

කුමරිය තාපසයා ඉන්න පංසලට යන කොට ඉසිසිංග තාපසයාගේ පියා වෙච්ච මහලු තාපසයා පල වැල හොයන්ඩ කැලේට ගිහිං. පොඩි කාලේ ඉඳලා කැලේම වාසය කරපු හිංදා ඉසිසිංග කවදාවත් ගෑණු පුළුටක් දැකලා නෑ. ඉතින් ඔන්න හිතා ගන්ඩකෝ මේ සුකුමාල, රූමත් කුමාරිය දැක්කම තාපසයට වෙන දේ?නොදන්න නොපුරුදු දෙයක් දැක්කම ඕන කෙනෙකුට ඇති වෙන්නේ බයක්. කුතුහලයක්. අන්න ඒකම ඉසිසිංගටත් උනා.

මේ යකෙක්ද නැත්තං අමුතු ආකාරයක තාපසයෙක්ද කියල ඉසිසිංග කල්පනා කරන්ඩ පටන් ගත්තා. මේ අමුතු සතාගෙන් ඔහු අහනවා ඔබ යකෙක්ද, තාපසයෙක්ද කියල. නාලිනී කියනවා තාපසයෙක් කියල. එහෙනම් එන්ඩ මේ පන්සල ඇතුලට කියල ඉසිසිංග මේ අමුතු තාපසයාව පිලිගන්නවා තමුන්ගේ පන්සල ඇතුලට.

නාලිනීත් ඇතුලට ගිහිං තමන්ගේ රහස් අවයව ඉසිසිංග ට පේන විදිහට වාඩි වෙලා ඉන්නවා. කාන්තාවකගේ අංගජාතයක් කවදාවත් දැකලා නැති ඉසිසිංග ඒක දැක්කහම තවත් විපිළිසර වෙනවා. මං මොකටද මහන්සි වෙන්නේ එයා හිතපු විදිහ කියන්ඩ? ජාතක කතා පොතේම ඒක ලස්සනට තියෙනවා.

“එකල තාපසයෝ ස්ත්රීන්ගේ අංගජාත නොදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ශරීර අවයවයන් දැක ඒකාන්තයෙන්ම මේ වණයක් මය සිතා විචාරන්නාහු, එම්බා තාපසයෙනි තොපගේ මේ කලවා යුවල අතුරෙහි කළු වූ පැහැ ඇති මනා කොට පිළියම් කරන ලද සිප්පි මුඛයකට බඳු වූ සටහන් ඇතිව පෙනෙන්නේය. කෙසේ වූ වණයෙක්ද? තොපගේ උත්තමාංගය ය කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේ කිමෙක්ද? ඒ තොපගේ ශරීර අභ්‍යන්තරයට වැද ගියේ දැයි විචාලාහ”.

අනේ මෙහෙමත් එකෙක් කියල හිතන්ඩ එපා. අපි උනත් නොදැක්ක නොපුරුදු දෙයක් මුල් වතාවට දැක්කහම අඤ්ඤ කොරොස් වෙලා බලා ගෙන ඉන්නවනේ. ඉසිසිංගත් එහෙම තමයි.

නාලිනීත් කියනවා අනේ ඔව්. මේ වණේ හින්ද කිසි සැපක් නෑ කියල. අනේ පුලුවන්නං මේ වණය සනීප කරලා දෙන්ඩ කියල නාලිනී බැගෑපත් වෙනවා. ඔන්න ඉතිං ඉසිසිංග බේත් ජාතිත් අරං අර 'වණයට' ලංවෙලා බලනවා. මෙන්න ඔහු අන්තිමට කියන දේ.

“එම්බා තාපසයෙනි (ඉසිසිංග තාම හිතාගෙන ඉන්නේ මේ තාපසයෙක් කියලා) තොප ගේ මේ වණය තෙම ඉතා ගැඹුරු වූ ස්වභාව ඇත්තේය, ලේ සහිතය, කුණෙන් ගැවසී ගත්තේය, මඳ මඳ දුර්ගන්ධ ඇත්තේය. එසේ හෙයින් මම මේ වණය වෘක්ෂ වලින් නිසි කොළ පත්, සුඹුළු ආදිය ගෙන කසට යෝගයක් කෙළෙමි කීහ”.

එතකොට නාලිනී කියනවා ඔය ඖෂධ වලින් යන්තර මන්තර වලින් මේ 'වණේ' සනීප කරන්ඩ බෑ, එව්වා කරලා හරි ගියේ නෑ කියල. මේකට සුවය ලැබෙන එකම ක්‍රමය අංගජාතයකින් පිරිමැදීම කියල!!

අනේ ඉතිං ඉසිසිංගත් හිතනවා මේ කියන්නේ ඇත්ත තමයි කියල. සංසර්ගය කියන්නේ මොකද්ද කියලවත් ඒකෙන් සිල් බිඳෙනවා කියලවත් නොදන්නා ඉසිසිංග, නාලිනී එක්ක සහවාසයේ යෙදෙනවා. තමන්ගේ උවමනාව ඉටු උනා කියල දැන ගන්න නාලිනී ආපහු යනවා බරණැස් නුවර බලා.

හැබැයි දැන් ඉසිසිංගට, නාලිනීව මැවි මැවී පේනවා. ඒ සුවඳ, ඒ පහස නැවත නැවත ලබන්ඩ උවමනාවක් හට ගන්නවා. මේ ගැන හිත හිතා දුකින් ඉන්න කොට ඔහුගේ පිය තාපස තුමා ආපහු පන්සලට එනවා. දුකෙන් ඉන්න තම පුතා දැකලා අහනවා ඇයි කියල. ඉසිසිංග ත් වෙච්ච දේ පුළු පුළුවන් විදිහට කියනවා. මහලු තාපසයා දැන ගන්නවා වෙලා තියන දේ.

මහලු තාපසයා ලෝකය දැක්ක, අත්දැකීම් බහුල කෙනෙක්. ඔහු දැන ගන්නවා කාන්තාවක් ගැන බැඳිච්ච පිරිමි හිතක් එයින් මුදවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියල. ඔය හින්දනේ අර කන්‍යාවෝ 72 ද කොහෙද පස්සේ දැන් ඉන්න සමහර මොට්ටපාල ලා යන්නේ. ඉතින් උපායකින් තමයි මේ ගැටලුව විසදන්ඩ වෙන්නේ කියන එකත් ඔහු දැන ගන්නවා. ඒ හින්දම ඔහු කියනවා ඒ අවත් තියෙන්නේ මිනිස්සු අල්ලලා මරාගෙන කන යක්ෂණියක් කියල.

ඔන්න එහෙම කිව්වම ඉසිසිංගට හොඳටම බය හිතෙනවා. ඔහු නාලිනී ගැන හිතන එක අමතක කරලා ආයෙත් ධ්‍යාන වඩලා, අභිඥා උපදවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච බව තමයි මේ නලිනිකා එහෙම නැත්තං නලිනී ජාතකේ තියෙන්නේ.

[QUOTE="lodbrok, post: 24595907, member: 558599"] [COLOR="Indigo"][SIZE="3"] [COLOR="Red"]රාජ්‍ය බලයට ඉස්සර කාලෙ ඉඳන්ම මිනිස්සු නොකරන දෙයක් නෑ. රසවත් කතාවක්, කියවල බලන්න.[/COLOR] කතාව පටන් ගන්නේ අර පරණ පුරුදු විදිහටමයි. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි....කියල. ඔය කියන කාලේ තාපසයෙක් තමන්ගේ පුතාත් එක්ක තපස් රකින්ඩ හිමාල වනාන්තරේට යනවා. තාපසයාත් භාවනාවෙන් ඉහලට යද්දී පුතාත් භාවනාවෙන් ඉහලට යනවා. මේ පුතාගේ නම ඉසිසිංග. කොච්චර ඉහලට යනවද කියනවා නං ශක්‍රයාටත් වඩා බලවත් වෙන ලකුණු පෙන්නනවා. ඔන්න ඉතින් ශක්‍රයාට හිතෙනවා " මේ පොඩි කොල්ලෙක් කොහොමද මට වඩා බලවත් වෙන්නේ...මම කොහොම හරි ඉසිසිංග තාපසයාගේ බලවත් වීම නවත්තන්ඩ ඕන කියල. ශීලයටම ඇලිලා ගැලිලා වාසය කරන ඉසිසිංග තාපසයව පරද්දන්ඩ ඕනනං එතුමාගේ සීලය බිඳින්ඩ ඕන. එක ලේසි පාසු වැඩක් නෙවෙයි. සරාගී කාන්තාවක් ඕන මේ වැඩේට. හිමාල වනාන්තරේ මැද්දේ කොහෙද කාන්තාවෝ. අනික අද කාලේ විදිහට කියනවා නං ඉටි කිරිස් කෑල්ලක් ඕන මේ වැඩේට. එහෙම කෙනෙකුට ඉන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ දුව විතරයි. රජ්ජුරුවන්ව පොළඹවා ගන්නේ කොහොමද දුවව බමුනේක්ගේ සිල් බිඳින්ඩ යොදා ගන්ඩ? ඔන්න එතකොට ශක්‍රයාට මෙන්න මෙහෙම අදහසක් පහල වෙනවා. රජ්ජුරු කෙනෙකුට තමන්ගේ බලය තරම් වටිනා වෙන දෙයක් නෑ. තමුන්ගේ දරුවන්ටත් වඩා රජවරුන්ට බලය වටිනවා. ඒ හින්ද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට දුවව දෙන්ඩ බල කරන්ඩ නං රජ කමට තර්ජනයක් ඇති කරන්ඩ ඕන...ඔන්න ඔහොම හිතලා ශක්‍රයා වැස්ස නවත්තනවා අවුරුදු තුනකට. මුළු රටම නිකං පිච්චිලා ගියා වගේ කර කුට්ටං වෙලා යනවා. රටේ මිනිස්සු ගිහින් මේ දුක කියනවා රජ්ජුරුවන්ට. මිනිස්සු කෝප උනොත් රජ කමට තට්ටු වෙන්ඩ වැඩි කාලයක් යන්නේ නෑ කියල හැම රජෙක්ම දන්නවා. රජ්ජුරුවොත් මේ ගැන හිත හිතා නිදා ගෙන ඉන්නකොට සිරි යහන ගබඩාවට එනවා ශක්‍රයා. ඇවිත් අහනවා රජතුමනි ඔබ වහන්සේ දන්නවාද මේ වැහි නැති වීමට හේතුව කියල. රජ්ජුරුවෝ කියනවා නෑ. ශක්‍ර දේවයිනි මම දන්නේ නෑ කියල. මේකට හේතුව හිමාලයේ වෙසෙන ඉසිසිංග කියන මහා නපුරු තාපසයා. දිගින් දිගට වැස්ස වහින වෙලාවක ඔහු අහස දිහා බලලා ශාප කළා. අන්න ඒකයි වැස්ස නැති වෙන්ඩ හේතුව. ඉතින් අපි මොකද්ද කරන්ඩ ඕන ඒ ශාපය නැති කරන්ඩ? කරන්ඩ තියෙන්නේ එකම දෙයයි. ඒ ඉසිසිංග ගේ ශීලය බිඳ දාන එක. එක කරන්ඩ නං ඔබේ දූ කුමරිය යවලා ඔහුව වරදට පොළඹවා ගන්ඩ ඕන! රජ්ජුරුවොත් කැමති වෙනවා දුවගේ කන්‍යාභාවය, තමන්ගේ රජකම බේරා ගැනීම වෙනුවෙන් බිලි දෙන්ඩ. රජ්ජුරුවෝම දුවට උපදෙස් දෙනවා කොහොමද තාපසයා වරදට පොළඹවා ගන්නේ කියල. මේ රජ්ජුරුවන්ගේ දුවගේ නම තමයි නාලිනී. ජාතක කතා ලියපු හාමුදුරුවෝ ඔය සිද්ධිය කියන්නේ මෙහෙමයි. ...”තොපගේ විලාස දක්වා කාම රති බන්ධනයෙන් ඒ තාපයන් තොපගේ වසඟයට පවත්වාගෙන ශීලය බේධ කරව යි යනාදීන් දියණියන් හා නො කියයුතු කථා රාජ්‍ය පරිපාලනය නිසා කීහ” කියල. ඒ කියන්නේ රජකමට ඇති ලෝභය දරු පෙමට වඩා ඉස්සරහට ආවා කියන එකනේ නේද? ඔන්න ඉතින් නාලිනී කුමරියත් කැමති වෙනවා වැඩේට. රජ්ජුරුවෝ ඇමති වරු එක්ක යවනවා කුමරියව හිමාල අඩවියට ඉසිසිංග තාපසයාගේ ශීලය බිඳින්ඩ. කුමරිය තාපසයා ඉන්න පංසලට යන කොට ඉසිසිංග තාපසයාගේ පියා වෙච්ච මහලු තාපසයා පල වැල හොයන්ඩ කැලේට ගිහිං. පොඩි කාලේ ඉඳලා කැලේම වාසය කරපු හිංදා ඉසිසිංග කවදාවත් ගෑණු පුළුටක් දැකලා නෑ. ඉතින් ඔන්න හිතා ගන්ඩකෝ මේ සුකුමාල, රූමත් කුමාරිය දැක්කම තාපසයට වෙන දේ?නොදන්න නොපුරුදු දෙයක් දැක්කම ඕන කෙනෙකුට ඇති වෙන්නේ බයක්. කුතුහලයක්. අන්න ඒකම ඉසිසිංගටත් උනා. මේ යකෙක්ද නැත්තං අමුතු ආකාරයක තාපසයෙක්ද කියල ඉසිසිංග කල්පනා කරන්ඩ පටන් ගත්තා. මේ අමුතු සතාගෙන් ඔහු අහනවා ඔබ යකෙක්ද, තාපසයෙක්ද කියල. නාලිනී කියනවා තාපසයෙක් කියල. එහෙනම් එන්ඩ මේ පන්සල ඇතුලට කියල ඉසිසිංග මේ අමුතු තාපසයාව පිලිගන්නවා තමුන්ගේ පන්සල ඇතුලට. නාලිනීත් ඇතුලට ගිහිං තමන්ගේ රහස් අවයව ඉසිසිංග ට පේන විදිහට වාඩි වෙලා ඉන්නවා. කාන්තාවකගේ අංගජාතයක් කවදාවත් දැකලා නැති ඉසිසිංග ඒක දැක්කහම තවත් විපිළිසර වෙනවා. මං මොකටද මහන්සි වෙන්නේ එයා හිතපු විදිහ කියන්ඩ? ජාතක කතා පොතේම ඒක ලස්සනට තියෙනවා. “එකල තාපසයෝ ස්ත්රීන්ගේ අංගජාත නොදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ශරීර අවයවයන් දැක ඒකාන්තයෙන්ම මේ වණයක් මය සිතා විචාරන්නාහු, එම්බා තාපසයෙනි තොපගේ මේ කලවා යුවල අතුරෙහි කළු වූ පැහැ ඇති මනා කොට පිළියම් කරන ලද සිප්පි මුඛයකට බඳු වූ සටහන් ඇතිව පෙනෙන්නේය. කෙසේ වූ වණයෙක්ද? තොපගේ උත්තමාංගය ය කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේ කිමෙක්ද? ඒ තොපගේ ශරීර අභ්‍යන්තරයට වැද ගියේ දැයි විචාලාහ”. අනේ මෙහෙමත් එකෙක් කියල හිතන්ඩ එපා. අපි උනත් නොදැක්ක නොපුරුදු දෙයක් මුල් වතාවට දැක්කහම අඤ්ඤ කොරොස් වෙලා බලා ගෙන ඉන්නවනේ. ඉසිසිංගත් එහෙම තමයි. නාලිනීත් කියනවා අනේ ඔව්. මේ වණේ හින්ද කිසි සැපක් නෑ කියල. අනේ පුලුවන්නං මේ වණය සනීප කරලා දෙන්ඩ කියල නාලිනී බැගෑපත් වෙනවා. ඔන්න ඉතිං ඉසිසිංග බේත් ජාතිත් අරං අර 'වණයට' ලංවෙලා බලනවා. මෙන්න ඔහු අන්තිමට කියන දේ. “එම්බා තාපසයෙනි (ඉසිසිංග තාම හිතාගෙන ඉන්නේ මේ තාපසයෙක් කියලා) තොප ගේ මේ වණය තෙම ඉතා ගැඹුරු වූ ස්වභාව ඇත්තේය, ලේ සහිතය, කුණෙන් ගැවසී ගත්තේය, මඳ මඳ දුර්ගන්ධ ඇත්තේය. එසේ හෙයින් මම මේ වණය වෘක්ෂ වලින් නිසි කොළ පත්, සුඹුළු ආදිය ගෙන කසට යෝගයක් කෙළෙමි කීහ”. එතකොට නාලිනී කියනවා ඔය ඖෂධ වලින් යන්තර මන්තර වලින් මේ 'වණේ' සනීප කරන්ඩ බෑ, එව්වා කරලා හරි ගියේ නෑ කියල. මේකට සුවය ලැබෙන එකම ක්‍රමය අංගජාතයකින් පිරිමැදීම කියල!! අනේ ඉතිං ඉසිසිංගත් හිතනවා මේ කියන්නේ ඇත්ත තමයි කියල. සංසර්ගය කියන්නේ මොකද්ද කියලවත් ඒකෙන් සිල් බිඳෙනවා කියලවත් නොදන්නා ඉසිසිංග, නාලිනී එක්ක සහවාසයේ යෙදෙනවා. තමන්ගේ උවමනාව ඉටු උනා කියල දැන ගන්න නාලිනී ආපහු යනවා බරණැස් නුවර බලා. හැබැයි දැන් ඉසිසිංගට, නාලිනීව මැවි මැවී පේනවා. ඒ සුවඳ, ඒ පහස නැවත නැවත ලබන්ඩ උවමනාවක් හට ගන්නවා. මේ ගැන හිත හිතා දුකින් ඉන්න කොට ඔහුගේ පිය තාපස තුමා ආපහු පන්සලට එනවා. දුකෙන් ඉන්න තම පුතා දැකලා අහනවා ඇයි කියල. ඉසිසිංග ත් වෙච්ච දේ පුළු පුළුවන් විදිහට කියනවා. මහලු තාපසයා දැන ගන්නවා වෙලා තියන දේ. මහලු තාපසයා ලෝකය දැක්ක, අත්දැකීම් බහුල කෙනෙක්. ඔහු දැන ගන්නවා කාන්තාවක් ගැන බැඳිච්ච පිරිමි හිතක් එයින් මුදවා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියල. ඔය හින්දනේ අර කන්‍යාවෝ 72 ද කොහෙද පස්සේ දැන් ඉන්න සමහර මොට්ටපාල ලා යන්නේ. ඉතින් උපායකින් තමයි මේ ගැටලුව විසදන්ඩ වෙන්නේ කියන එකත් ඔහු දැන ගන්නවා. ඒ හින්දම ඔහු කියනවා ඒ අවත් තියෙන්නේ මිනිස්සු අල්ලලා මරාගෙන කන යක්ෂණියක් කියල. ඔන්න එහෙම කිව්වම ඉසිසිංගට හොඳටම බය හිතෙනවා. ඔහු නාලිනී ගැන හිතන එක අමතක කරලා ආයෙත් ධ්‍යාන වඩලා, අභිඥා උපදවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච බව තමයි මේ නලිනිකා එහෙම නැත්තං නලිනී ජාතකේ තියෙන්නේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom