Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවකවදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවකවදය

නවක වද කාල සීමාවන් බොහෝ විශ්ව විද්‍යාල වල දැන් අවසන් අදියරට පිවිසෙමින් තිබේ.ඇත්ත වශයෙන්ම නවකවදය අතිශය සංකීර්න වූද එසේම කුහුල දනවන සුලු වූද ක්‍රියාවලියකි."වදයක්"යනු කොහොමත් නොහොද දෙයකි.මේ ක්‍රියාවලිය තුල අශෝභන එමෙන්ම ජුගුප්සාජනක පැතිද බොහෝය.නමුත් උත්ප්රාසාත්මක ලෙස මේ අශෝභනත්වයම සමහර විට වදයට ලක්වන්නාවද ආකර්ෂනය කරන ආකර්ෂන ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියා කරයි.

විශ්ව විද්‍යාලයට එන නවකයන් එහි පරිසරයට හැඩගැස්වීම උදෙසා නවකවදය ක්‍රියාත්මක වේ යැයි පවසනු ලැබේ.මෙහි ඇත්තක් නැත්තේම නැත.පිට සමාජයේ දහසක් වෙනස්කම් සහිත ස්ථර වල ජිවත්වන අය අලුත විශ්ව විද්‍යාලය තුලට එන්නේ ඒ වෙනස්කම් සමගිනි.

සමාජ ස්ථරයන්ගේ වෙනස්කම් එක් පසෙකය.ගැහැනු පිරිමි අතර අස්වාභාවික දුරස්ථභාවය තව පසෙකය.ගමේ නගරයේ භේදය තව පසෙකය.

මේ සමාජ කොටස් ස්වයංක්‍රීයව මුහු වීම ඇත්තටම සිදු නොවන නිසා blend වීම සදහා යම් ක්‍රියාවලියක් අවශ්‍ය වේ.

නැතිනම් සරසවියක් හා ටියුෂන් පංතියක් අතර වෙනසක් නැතිවනු ඇත.කොලඹ අය වෙනම,ගමේ අය වෙනම,කෙල්ලො වෙනම,කොල්ලො වෙනම - බාහිර බලපෑමක් නැති තැන ස්වයංක්‍රීයව ඇති වනු ඇත්තේ එම තත්වයයි.

batch fit එක සහ නවකවදය අතර සමීකරනයේ ඇත්තක් නැත්තේ නැති බව පැවසූයේ ඒ නිසාය.යම් මුහු කිරීමක් නොවුනහොත් හැමෝම එකතු කරගෙන පිරිත් පිංකමක් තියාගැනීමට තරම් වත් එකමුතුවක් බැච් එකක් තුල නිර්මානය නොවනු ඇත.

නමුත් මේ සමීකරනය අවුල් වෙන්නේ ඉහත පරමාර්ථය වෙනුවට වෙන වෙන ඉලක්කම් හා අරමුනු මිශ්‍ර වීම නිසාය.

පලමුව නවකවදය හීනමානයෙන් පෙලෙන්නන්ට මාර අවස්ථාවකි.නවකයන් කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකි නිරායුධ අසරන මිනිස් කොටසක් බවට පිරිහෙලන නිසා ඉහල වසරේ උදවියට නවකයන් හොද "බයිට්" එකකි.

සාමාන්‍යයෙන් සමාජයේ මිනිසෙකුට එරෙහිව මිනිසෙක් බලය යොදවන විට පෙරලා ඊට විරෝධය පලකිරීමේ හැකියාවක් තිබේ.මෙය ශිෂ්ට සමාජයක අවම ලක්ෂනයක්ය.

නවකවදය තුල ඒ අවම අයිතිය පවා නවකයන්ට අහිමිය.ඒ තුල ඔවුන් මිනිසුන් නොව ජ්‍යෙෂ්ඨයන්ගේ අතෙහි නැටවෙන කෙලි බඩු උපකරන තත්වයට පිරිහෙලනු ලැබේ.

පේරාදෙනියේ නේවාසිකාගාර තුල නවකයන් නිරුවත් කරන අතර අනෙකාට අතේ ගැස්සවීමට නවකයන්ට බල කෙරේ.සාමාන්‍ය වාතාවරනයක් තුල මෙය ලිංගික බලහත්කාරකමකි.

මෙවැනි බලහත්කාරකමක් සහ බැච් ෆිට් එක අතර සම්බන්ධය කුමක්ද?

එවැනි තාර්කික සම්බන්ධයක් නිර්මානය කල හැක්කේ කාටද?

අනෙකාට අතේ ගැස්සවීම ප්‍රතික්ෂේප කරන්නා ( විරෝධය පෑමේ අවම අයිතිය යොදා ගන්නා කෙනා) තොල් පුපුරා යන්න පහර කෑමට සූදානම්ව සිටිය යුතුය.

මේවා ජ්‍යෙෂ්ඨයන්ගේ සැගවුනු තිරිසන්මය ගති එලියට ඒමට දෙන ලයිසන් මිස වෙන කුමක්වත් නොවේ.නවකවදයේ "ප්‍රකාශිත" පරමාර්ථ සහ මේ පිලිකුල් සහගත අපචාරයන් අතර සබදතාවයක් නොමැත.

මෙවැනි කායික හිංසනයන් කුමන තත්වයක් යටතේවත් සාධාරනීකරනය කල නොහැක.ප්රශ්නය වන්නේ මෙවැනි කතන්දර සමාජය ඉදිරියට නොඒමයි.වදයට ලක්වන්නන් මේවා ගැන කතා නොකරන අතර සරසවි වල අදුරු සෙවනැලි යටතේ මේ නිසා වසර ගනන් මෙම අශෝභන සිදුවීම් දිගින් දිගටම ඇදෙමින් පවතී.

අතීතයේ විශ්ව විද්‍යාල වල පැවැති පොහොසත් සංස්කෘතික දේශපාලන පරිසරයෙන් වර්තමානයට උරුම වී තිබෙන්නේ නවකවදය පමනි.එයද තිබුනු නවකවදය මෙන් සිය ගුනයක අවමානුෂික හා ජඩ එකක් බවට දිනෙන් දින රූපාන්තරනය වෙමින් පවතී.

විශ්ව විද්‍යාල එකාට එකා නැති අලයන් සිටින අල නිෂ්පාදනාගාර බවට පත්වීම නොහොද වෙනවා වගේම සීලාචාර සමාජයට අනුමත කල නොහැකි පාදඩකම් නවකවදයේ නාමයෙන් සිදු වෙන තත්වයන්ද එක සේම නරකය.

නවකවද ක්‍රියාකාරකම් පාලනය කිරීම මේ නිසා අද වන විට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය කාරනයකි.

නවකවද කතා එලියට ඒම සාධනීය වන්නේ මේ නිසාය.මේ තොරතුරු එලියට එන තරමට සමාජය මේවා ගැන සංවේදී වෙන්න,ප්‍රතික්‍රියා දක්වන්න යොමුවේ.සමාජයේ මේ අවධානය නවකවදය පාලනය කිරීම සදහා වැදගත් වනු ඇත.

සමාජයේ බොහෝ අය නවකවදයේ "ඇත්ත" දන්නේ නැත.රැග් එකට පක්ෂ අදහස් පිට සමාජයෙන් පල වෙන්නේ මේ තොරතුරු හිගකම නිසාය.

මේ නිසා අවසාන වශයෙන් සිදු වන්නේ රැග් එකට යම් සාධාරන පසුබිමක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ගනිකා වෘත්තියේ යොදවා ගෙන හීනමානකාරයන් පිස්සු කෙලීමය.

අනෙත් අතට රැග් එක හරහා යම් දේශපාලන අරමුනක් අපේක්ෂා කරන දේශපාලන කොටස් වලටද යා යුතු පනිවිඩයක් තිබේ.

"අපිත් මේක පාලනය කරගන්න බලනවා.ඒත් මේක පාලනයෙන් පිට පැනලා"වැනි ඇග ෂේප් වෙන උත්තර නොදී මේ ක්‍රියාවලිය හා තමන්ගේ අරමුනු ගැඹුරින් සංසන්දනය කල යුතුව පවතී.

දේශපාලන විඥානයක් නිර්මානය කිරීම හා පෞරුෂ දුබලතාවලින් පෙලෙන රෝගීන්ට ආතල් ගැනීමට අවස්ථා සැපයීම එකක් නොව දෙකකි.

මේ දෙක මුසු වීම පලමු අරමුනද භයානක ලෙස බොද කර දමනු ලබයි.

සියයට සියයක් "අල" වීම එක අන්තයක් වන අතර සියයට සියයක් "වැල"වීම අනෙත් අන්තයයි.

මේ අන්ත දෙක අතර සමබර ලක්ෂ්‍යයක් සොයා ගන්නා තැනට නවක වද සාකච්ඡාව යොමු විය යුතු බව අපගේ යෝජනාවයි.

මේ යන විදිහට පෞරුෂ රෝගීන් ආතල් ගැනීම,කිසිම වරදක් නොකල අහිංසකයන් මානසික රෝගීන් වීම වැනි සහ ගහන අපරාධ සිදු වෙන එක හැර වෙන යමක් වන්නේ නැත.

පසුවදන-

කවුරුත් කතා කරන්නේ විශ්ව විද්‍යාල වල නවකවදය ගැන පමනි.සරසවි වල පමනක් නොව වෙනත් ආයතන තුලද නවකවද ක්‍රියාකාරකම් අඩු වැඩි වශයෙන් පවතී.

රනවිරුවන් සිටින හමුදාව තුලද මේවා සිදුවේ

[QUOTE="Core, post: 6725952, member: 263471"] නවකවදය [IMG]http://beta.thehindu.com/multimedia/dynamic/00005/RAGGING_5115f.jpg[/IMG] නවක වද කාල සීමාවන් බොහෝ විශ්ව විද්‍යාල වල දැන් අවසන් අදියරට පිවිසෙමින් තිබේ.ඇත්ත වශයෙන්ම නවකවදය අතිශය සංකීර්න වූද එසේම කුහුල දනවන සුලු වූද ක්‍රියාවලියකි."වදයක්"යනු කොහොමත් නොහොද දෙයකි.මේ ක්‍රියාවලිය තුල අශෝභන එමෙන්ම ජුගුප්සාජනක පැතිද බොහෝය.නමුත් උත්ප්රාසාත්මක ලෙස මේ අශෝභනත්වයම සමහර විට වදයට ලක්වන්නාවද ආකර්ෂනය කරන ආකර්ෂන ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියා කරයි. විශ්ව විද්‍යාලයට එන නවකයන් එහි පරිසරයට හැඩගැස්වීම උදෙසා නවකවදය ක්‍රියාත්මක වේ යැයි පවසනු ලැබේ.මෙහි ඇත්තක් නැත්තේම නැත.පිට සමාජයේ දහසක් වෙනස්කම් සහිත ස්ථර වල ජිවත්වන අය අලුත විශ්ව විද්‍යාලය තුලට එන්නේ ඒ වෙනස්කම් සමගිනි. සමාජ ස්ථරයන්ගේ වෙනස්කම් එක් පසෙකය.ගැහැනු පිරිමි අතර අස්වාභාවික දුරස්ථභාවය තව පසෙකය.ගමේ නගරයේ භේදය තව පසෙකය. මේ සමාජ කොටස් ස්වයංක්‍රීයව මුහු වීම ඇත්තටම සිදු නොවන නිසා blend වීම සදහා යම් ක්‍රියාවලියක් අවශ්‍ය වේ. නැතිනම් සරසවියක් හා ටියුෂන් පංතියක් අතර වෙනසක් නැතිවනු ඇත.කොලඹ අය වෙනම,ගමේ අය වෙනම,කෙල්ලො වෙනම,කොල්ලො වෙනම - බාහිර බලපෑමක් නැති තැන ස්වයංක්‍රීයව ඇති වනු ඇත්තේ එම තත්වයයි. batch fit එක සහ නවකවදය අතර සමීකරනයේ ඇත්තක් නැත්තේ නැති බව පැවසූයේ ඒ නිසාය.යම් මුහු කිරීමක් නොවුනහොත් හැමෝම එකතු කරගෙන පිරිත් පිංකමක් තියාගැනීමට තරම් වත් එකමුතුවක් බැච් එකක් තුල නිර්මානය නොවනු ඇත. නමුත් මේ සමීකරනය අවුල් වෙන්නේ ඉහත පරමාර්ථය වෙනුවට වෙන වෙන ඉලක්කම් හා අරමුනු මිශ්‍ර වීම නිසාය. පලමුව නවකවදය හීනමානයෙන් පෙලෙන්නන්ට මාර අවස්ථාවකි.නවකයන් කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකි නිරායුධ අසරන මිනිස් කොටසක් බවට පිරිහෙලන නිසා ඉහල වසරේ උදවියට නවකයන් හොද "බයිට්" එකකි. සාමාන්‍යයෙන් සමාජයේ මිනිසෙකුට එරෙහිව මිනිසෙක් බලය යොදවන විට පෙරලා ඊට විරෝධය පලකිරීමේ හැකියාවක් තිබේ.මෙය ශිෂ්ට සමාජයක අවම ලක්ෂනයක්ය. නවකවදය තුල ඒ අවම අයිතිය පවා නවකයන්ට අහිමිය.ඒ තුල ඔවුන් මිනිසුන් නොව ජ්‍යෙෂ්ඨයන්ගේ අතෙහි නැටවෙන කෙලි බඩු උපකරන තත්වයට පිරිහෙලනු ලැබේ. පේරාදෙනියේ නේවාසිකාගාර තුල නවකයන් නිරුවත් කරන අතර අනෙකාට අතේ ගැස්සවීමට නවකයන්ට බල කෙරේ.සාමාන්‍ය වාතාවරනයක් තුල මෙය ලිංගික බලහත්කාරකමකි. මෙවැනි බලහත්කාරකමක් සහ බැච් ෆිට් එක අතර සම්බන්ධය කුමක්ද? එවැනි තාර්කික සම්බන්ධයක් නිර්මානය කල හැක්කේ කාටද? අනෙකාට අතේ ගැස්සවීම ප්‍රතික්ෂේප කරන්නා ( විරෝධය පෑමේ අවම අයිතිය යොදා ගන්නා කෙනා) තොල් පුපුරා යන්න පහර කෑමට සූදානම්ව සිටිය යුතුය. මේවා ජ්‍යෙෂ්ඨයන්ගේ සැගවුනු තිරිසන්මය ගති එලියට ඒමට දෙන ලයිසන් මිස වෙන කුමක්වත් නොවේ.නවකවදයේ "ප්‍රකාශිත" පරමාර්ථ සහ මේ පිලිකුල් සහගත අපචාරයන් අතර සබදතාවයක් නොමැත. මෙවැනි කායික හිංසනයන් කුමන තත්වයක් යටතේවත් සාධාරනීකරනය කල නොහැක.ප්රශ්නය වන්නේ මෙවැනි කතන්දර සමාජය ඉදිරියට නොඒමයි.වදයට ලක්වන්නන් මේවා ගැන කතා නොකරන අතර සරසවි වල අදුරු සෙවනැලි යටතේ මේ නිසා වසර ගනන් මෙම අශෝභන සිදුවීම් දිගින් දිගටම ඇදෙමින් පවතී. අතීතයේ විශ්ව විද්‍යාල වල පැවැති පොහොසත් සංස්කෘතික දේශපාලන පරිසරයෙන් වර්තමානයට උරුම වී තිබෙන්නේ නවකවදය පමනි.එයද තිබුනු නවකවදය මෙන් සිය ගුනයක අවමානුෂික හා ජඩ එකක් බවට දිනෙන් දින රූපාන්තරනය වෙමින් පවතී. විශ්ව විද්‍යාල එකාට එකා නැති අලයන් සිටින අල නිෂ්පාදනාගාර බවට පත්වීම නොහොද වෙනවා වගේම සීලාචාර සමාජයට අනුමත කල නොහැකි පාදඩකම් නවකවදයේ නාමයෙන් සිදු වෙන තත්වයන්ද එක සේම නරකය. නවකවද ක්‍රියාකාරකම් පාලනය කිරීම මේ නිසා අද වන විට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය කාරනයකි. නවකවද කතා එලියට ඒම සාධනීය වන්නේ මේ නිසාය.මේ තොරතුරු එලියට එන තරමට සමාජය මේවා ගැන සංවේදී වෙන්න,ප්‍රතික්‍රියා දක්වන්න යොමුවේ.සමාජයේ මේ අවධානය නවකවදය පාලනය කිරීම සදහා වැදගත් වනු ඇත. සමාජයේ බොහෝ අය නවකවදයේ "ඇත්ත" දන්නේ නැත.රැග් එකට පක්ෂ අදහස් පිට සමාජයෙන් පල වෙන්නේ මේ තොරතුරු හිගකම නිසාය. මේ නිසා අවසාන වශයෙන් සිදු වන්නේ රැග් එකට යම් සාධාරන පසුබිමක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ගනිකා වෘත්තියේ යොදවා ගෙන හීනමානකාරයන් පිස්සු කෙලීමය. අනෙත් අතට රැග් එක හරහා යම් දේශපාලන අරමුනක් අපේක්ෂා කරන දේශපාලන කොටස් වලටද යා යුතු පනිවිඩයක් තිබේ. "අපිත් මේක පාලනය කරගන්න බලනවා.ඒත් මේක පාලනයෙන් පිට පැනලා"වැනි ඇග ෂේප් වෙන උත්තර නොදී මේ ක්‍රියාවලිය හා තමන්ගේ අරමුනු ගැඹුරින් සංසන්දනය කල යුතුව පවතී. දේශපාලන විඥානයක් නිර්මානය කිරීම හා පෞරුෂ දුබලතාවලින් පෙලෙන රෝගීන්ට ආතල් ගැනීමට අවස්ථා සැපයීම එකක් නොව දෙකකි. මේ දෙක මුසු වීම පලමු අරමුනද භයානක ලෙස බොද කර දමනු ලබයි. සියයට සියයක් "අල" වීම එක අන්තයක් වන අතර සියයට සියයක් "වැල"වීම අනෙත් අන්තයයි. මේ අන්ත දෙක අතර සමබර ලක්ෂ්‍යයක් සොයා ගන්නා තැනට නවක වද සාකච්ඡාව යොමු විය යුතු බව අපගේ යෝජනාවයි. මේ යන විදිහට පෞරුෂ රෝගීන් ආතල් ගැනීම,කිසිම වරදක් නොකල අහිංසකයන් මානසික රෝගීන් වීම වැනි සහ ගහන අපරාධ සිදු වෙන එක හැර වෙන යමක් වන්නේ නැත. පසුවදන- කවුරුත් කතා කරන්නේ විශ්ව විද්‍යාල වල නවකවදය ගැන පමනි.සරසවි වල පමනක් නොව වෙනත් ආයතන තුලද නවකවද ක්‍රියාකාරකම් අඩු වැඩි වශයෙන් පවතී. රනවිරුවන් සිටින හමුදාව තුලද මේවා සිදුවේ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom