Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවදිල්ලියේ shopping කරන්න යනවනම්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවදිල්ලියේ shopping කරන්න යනවනම්?

ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සංචාරයට යන බොහොමයක් විදේශිකයන් මුහුණදෙන ප්‍රශ්නයක් තමයි සාප්පු සවාරි යන්න පුළුවන් තැන් ගැන නොදන්නාකම. දිල්ලිය කියන්නේ බොහොම ජනාකීර්ණ නගරයක් වගේම බොහොම අපිළිවෙල නගරයක්.

සාමාන්‍යයෙන් කොළඹ නගරය වගේ විසිතිස් ගුණයක් විශාල දිල්ලියේ සෙක්ටර්ස් බෙදා තියන ආකාරය අනුව ලෙහෙසියෙන් සාප්පු සවාරි යන්න පුළුවන් තැනක් හොයාගන්න බැහැ. කොහොමත් නවදිල්ලියේ පරිපාලන සහ වෙළඳ නගරය වෙන මධ්‍යම දිල්ලිය ඇතුලේ සාප්පු සවාරි යනවනම් ඉතා විශාල මුදලක් ඔබේ අතේ තියෙන්න ඕන. මොකද දිල්ලි නගරයේදී විදේශිකයෙක් කාගෙන්හරි සාප්පු සවාරි යන්න තැනැක් ඇහුවොත් ඕනම ඉන්දියානුවෙක් පෙන්නන්නේ ඉතා සුඛෝපභෝගී Shopping malls තමයි.

ඒත් ඉන්දියාවේ නවදිල්ලියේ අපි සංචාරය කරද්දි අපේ පොකට් එකටත් ලොකු පාඩුවක් නොවෙන්න, විශේෂයෙන්ම ලංකාවට ආවම ගෙවල්වල ඉන්න කාන්තා පාර්ශවයෙන් ඔලුව බේරගෙන ඉන්න අවශ්‍ය සාරි,සල්වාර් එහෙම සාධාරණ මිලට ගන්න පුළුවන් තැනක් අපි හොයමින් හිටියා. අපේ මේ අවශ්‍යතාව ඉංග්‍රීසි සහ හින්ඳි මිශ්‍ර භාෂාවෙන් පැහැදිලිකරලා දුන්නම අපේ හෝටලයේ මැනේජර් මහත්තයා අපිට තැන් දෙකක් ගැන කිව්වා. එයින් එකක් තමයි සරෝජනී නගර් කියන්නේ අනිත් එක පාලිකා බසාර්, ඒක තියෙන්නේ රාජිව් චෝක්වල, ඒ ගැන පස්සේ කියන්නම්. සරෝජනී නගර් ඒ කියන්නේ සිංහලෙන්නම් සරෝජනී නම් නගරය. කොහොමත් මේකට කාන්තා නමක් දාලා තියන එක ගැලපෙනවා, මොකද වැඩිපුරම ඉන්නේ කාන්තාවන්, ඒ වගේම වැඩිපුරම තියෙන්නේ කාන්තාවන්ට අවශ්‍ය දේවල්.

සරෝජනී නගර් පිහිටලා තියෙන්නේ දකුණු දිල්ලියේ. නවදිල්ලි නගරයේ ඉඳන් කිලෝමීටර් 6 ක වගේ දුරක් තමයි සරෝජනී නගර් වෙළඳ කලාපයට තියෙන්නේ. නවදිල්ලියේ ඉඳන් දුර අඩුවුනත් මාර්ගයෙන් එනවනම් ටිකක් වෙලාව යනවා, මොකද අධික විදිහට මාර්ග තදබදය නිසා. ඒ නිසා පහසුම මාර්ගය තමයි නවදිල්ලි මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් කහපැහැති ලයින් එකේ විදුලි දුම්රියෙන් එන එක. සාමාන්‍යයෙන් ඉන්දියාවේ විදුලි දුම්රිය මාර්ග හඳුන්වන්නේ විවිධ පාට වලින්, හරියට අපේ මුහුදුබඩ දුම්රිය මාර්ගය, කැළණි වැලි දුම්රිය මාර්ගය වගේ ඉන්දියාවේ විදුලි දුම්රිය මාර්ග හඳුන්වන්නේ Yellow Line, Pink Line, Blue Line ගේ නමි වලින්. ඒ නිසා දිල්ලි Metro එකෙන් ගුරුගාන් පැත්තට කහපාට ලයින් එකේ එනවනම් Ina Station එකෙන් හරි නැත්නම් ඊට පස්සේ තියන AIMS Metro station එකෙන් හරි බහින්න වෙනවා. නැත්නම් ගුරුගාන් පැත්තෙන් එනවනම් Green Park station එක පහුකලාම තමයි AIMS campus metro station එක තියෙන්නේ. දිල්ලියේ ඉඳන් දළ වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් 20කට මෙතනට එන්න පුළුවන්.

ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් ත්‍රීවීලර් එකකට නැගලා සරෝජනී නගර් නම කිව්වම විනාඩි කීපයකින් ඔබට සරෝජනී නගර් වෙළඳපොල කලාපයට යන්න ඉන්දියානු රුපියල් 10ක් විතර ගනියි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ත්‍රීවීලර් සහ ටැක්සි ගාස්තු ලංකාවේ තරම් වැඩි නෑ.

සරෝජනී නගර් කියන්නේ විවිධ මට්ටමේ සහ විවිධ ප්‍රමාණයේ වෙළඳසල් දහස් ගාණක් තියන වෙළඳපොළ කලාපයකට. ලංකාවේ නම් ආසන්න උදාහරණයකට තියෙන්නේ පිටකොටුව තමයි. නමුත් සරෝජනී නගර්වල වෙළඳසැල් සහ භාණ්ඩ පිටකොටුවට වඩා හොඳ සහ ගුණත්වයෙන් යුතු ඒවා. මේ වෙළඳසැල් දහස් ගණනින් රෙදි, ආභරණ, ආහාරවර්ග, බිම වර්ග ඇතුලු ඉන්දියානු නිෂ්පාදන ඕනම දෙයක් මිලට ගන්න පුළුවන්. අනිත් විශේෂම කාරණේ තමයි මිල ඉතාම සාධාරණ වෙන එක. ගොඩක් වෙලාවට ඉන්දියාවේ චෙන්නායි, මදුරාසි, බැංග්ලෝර්, මුම්බායි වගේම දිල්ලියෙත් සුදු හමක් තියෙන විදේශිකයෙක් දැක්කම ලංකාවේ වගේම වෙළෙන්දන්ගේ මිල ගණන් වැඩිවෙන එක සාමාන්‍ය දෙයක්.

නමුත් ඉන්දියාවේ සංචාරයේ යෙදෙන ලංකාවේ ජනතාවට තියන වාසිය තමයි ඉන්දියානු වෙළෙන්දන් හිතන්නේ ලංකාවේ අය ඉන්දියාවේ වෙන කොහේ හරි ප්‍රාන්තයකින් ආපු වෙනත් භාෂාවක් කතාකරන අය විදිහට හිතන එකයි. ඒ නිසා මිළ ගණන් වෙනස්වෙන්නේ නෑ. කොහොමවනුත් සාරි,සල්වාර් වුනත් හිතාගන්න බැරි තරම් අඩු මිලකට අරගන්න ඔබට පුළුවන්. අපි සරෝජනී නගර් වල හිටිද්දිත් ලංකාවේ, කොළඹ ඉතා සුඛෝපභෝගී සාරි වෙළඳසැලක හිමිකරුවෙක් තමන්ගේ බිරිඳ සහ දියණිය එක්ක ඇවිත් බොහොම අඩු මිලට සාරි සහ සල්වාර් ගමන් බෑග් විස්සක තිහක වගේ ප්‍රමාණයක් පුරවගෙන අරගෙන ගියා. ඒ සාරි ඔවුන් මිලට ගත්ත මිල සහ ලංකාවේ ඇවිත් ඔවුන්ගේ වෙළඳසලක මිල බැලුවම වෙනස දහස් ගණන්. ඒ නිසා සරෝජනී නගර් වලදි අපි නොදකින යථාර්ථයක් දැකගන්න ලැබුණු එක තවත් භාග්‍යයක්.

සරෝජනී නගර් සාප්පු සවාරියේදී ඔබ මතක තියාගත යුතුම දේවල් කීපයකුත් තියනවා. එක්ක තමයි පොකට් කාරයෝ එහෙම ඉන්න නිසා සල්ලි පර්ස් එකේ විතරක් තියාගන්න එපා. පුද්ගලිකව මම නම් කලේ අතේ තිබුණු සල්ලි ප්‍රමාණය පහකට බෙඳලා පර්ස් එක ඇතුලු තැන් 5ක රඳවා තබාගත්ත එක. අනිත් එක ක්‍රෙඩිට් කාඩ් එක එහෙම ආරක්ෂිත තැනක තියාගත්ත එක. ඒ වගේම තමයි එච්චර විශ්වාසයක් නැති කුඩා වෙළඳසලවලට ඔබේ ක්‍රෙඩිට් කාඩ් එක දෙනවනම් රිසිට් එක අත්සන් කරද්දි ගාණ හොඳට බලන්න. ඇතැම් තැන්වලදි රිසිට් එකට ඔබේ අත්සන ගන්නේ නෑ, එහෙම තැනකදි රිසිට් එක ඉල්ලලා ගාණ බලන්න. ඔබේ දුරකතනයත් රෝමිං නිසා ගෙවපු ගාණට අදාල එස්.එම්.එස් එකත් ඒ වෙලාවෙම එන්නේ නැති නිසා මේක ගැන හොඳ පරිස්සමින්. පුළුවන් තරම් සල්ලිම දෙන්න උත්සහ කරන්න.

අනිත් එක සමහර වෙළෙන්දෝ ඉන්නවා මොනවහාරි දේක මිල ඇහුවම බලෙන් හරි ඇඟේ ගහන්න උත්සහ කරන. එහෙම අය පස්සෙන් එළවා එලවා කරදර කරනවනම් ලඟපාත ඉන්න ආරක්ෂක නිලධාරියෙක්ට හරි පොලිස් නිලධාරියෙක්ව හරි දැනුවත් කරන්න. තවත් දෙයක් සමහර දේවල් වලට මුලින් කියන ගාණ සහ ඇත්තටම එහි මිල අතර බොහොම ලොකු වෙනසක් තියෙන්නේ පුළුවන්. උදාහරණයක් විදිහට මම ගත්ත එක ඇඳුමක් මුලින්ම කිව්වේ ඉන්දියානු රුපියල් 500ක්. පස්සේ ඒක 400 වුනා. මම ඒක නොගෙන යන්න හදද්දි සාප්පුවේ මුදලාලි ඒකේ මිල රුපියල් 200 දක්වා බැස්සුවා. ඒ වගේ දේවල් බොහොම පොදුයි.

ඒ වගේම තමයි සරෝජනී නගර් කියන්නේ වීදී ආහාර (Street Foods) වලට බොහොම ප්‍රසිද්ධ තැනක්. ඉන්දියාවටම ආවේණික ඉතා රසවත් වීදි ආහාර විශාල ගණනක් සරෝජනී නගර් වලදි මිලට ගන්න පුළුවන්. ඇතැම් ඒවා ලංකාවේ අපේ දිවට එතරම් හුරු නැති නිසා එක්කේ ඇලජික් වෙන්න පුළුවන්, නැත්නම් ඔබට බඩේ අමාරු හැදෙන්න පුළුවන්. ඒ නිසා කටට දේවල් දාගනිද්දි ඒ ගැනත් පරිස්සමින්, මොකද අපිත් එක්ක ගියපු යාළුවෙක් සෑහෙන්න දුක් වින්දා බඩේ අමාරුවක් හැදිලා. අන්තිම දේ තමයි ඔබ බඩු ගනිද්දි ඔබට ආපහු යන්න වෙන්නේ මගී දුම්රියකින් කියලත් මතක තියාගන්න. නැත්නම් ඔබට සාමාන්‍ය ටැක්සියක් ගන්න වෙනවා දිල්ලියේ ඔබේ නවාතැනට යන්න.

කොහොමවුනත් සරෝජනී නගර් කියන්නේ ඇති මුදලට හිතේ ඇති තරම් බඩු ගන්න සාප්පු සවාරි යන්න පුළුවන් හොඳම තැනක් තමයි දිල්ලියේ තියන. ඊළඟට කියන්නම් අපි පාලිකා නගර් වල සාප්පු සවාරි ගිය ගමන ගැන. ඒක මීටත් වඩා රසවත්.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23528996, member: 421102"] [b]නවදිල්ලියේ shopping කරන්න යනවනම්?[/b] [SIZE="4"]ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සංචාරයට යන බොහොමයක් විදේශිකයන් මුහුණදෙන ප්‍රශ්නයක් තමයි සාප්පු සවාරි යන්න පුළුවන් තැන් ගැන නොදන්නාකම. දිල්ලිය කියන්නේ බොහොම ජනාකීර්ණ නගරයක් වගේම බොහොම අපිළිවෙල නගරයක්. සාමාන්‍යයෙන් කොළඹ නගරය වගේ විසිතිස් ගුණයක් විශාල දිල්ලියේ සෙක්ටර්ස් බෙදා තියන ආකාරය අනුව ලෙහෙසියෙන් සාප්පු සවාරි යන්න පුළුවන් තැනක් හොයාගන්න බැහැ. කොහොමත් නවදිල්ලියේ පරිපාලන සහ වෙළඳ නගරය වෙන මධ්‍යම දිල්ලිය ඇතුලේ සාප්පු සවාරි යනවනම් ඉතා විශාල මුදලක් ඔබේ අතේ තියෙන්න ඕන. මොකද දිල්ලි නගරයේදී විදේශිකයෙක් කාගෙන්හරි සාප්පු සවාරි යන්න තැනැක් ඇහුවොත් ඕනම ඉන්දියානුවෙක් පෙන්නන්නේ ඉතා සුඛෝපභෝගී Shopping malls තමයි. ඒත් ඉන්දියාවේ නවදිල්ලියේ අපි සංචාරය කරද්දි අපේ පොකට් එකටත් ලොකු පාඩුවක් නොවෙන්න, විශේෂයෙන්ම ලංකාවට ආවම ගෙවල්වල ඉන්න කාන්තා පාර්ශවයෙන් ඔලුව බේරගෙන ඉන්න අවශ්‍ය සාරි,සල්වාර් එහෙම සාධාරණ මිලට ගන්න පුළුවන් තැනක් අපි හොයමින් හිටියා. අපේ මේ අවශ්‍යතාව ඉංග්‍රීසි සහ හින්ඳි මිශ්‍ර භාෂාවෙන් පැහැදිලිකරලා දුන්නම අපේ හෝටලයේ මැනේජර් මහත්තයා අපිට තැන් දෙකක් ගැන කිව්වා. එයින් එකක් තමයි සරෝජනී නගර් කියන්නේ අනිත් එක පාලිකා බසාර්, ඒක තියෙන්නේ රාජිව් චෝක්වල, ඒ ගැන පස්සේ කියන්නම්. සරෝජනී නගර් ඒ කියන්නේ සිංහලෙන්නම් සරෝජනී නම් නගරය. කොහොමත් මේකට කාන්තා නමක් දාලා තියන එක ගැලපෙනවා, මොකද වැඩිපුරම ඉන්නේ කාන්තාවන්, ඒ වගේම වැඩිපුරම තියෙන්නේ කාන්තාවන්ට අවශ්‍ය දේවල්. සරෝජනී නගර් පිහිටලා තියෙන්නේ දකුණු දිල්ලියේ. නවදිල්ලි නගරයේ ඉඳන් කිලෝමීටර් 6 ක වගේ දුරක් තමයි සරෝජනී නගර් වෙළඳ කලාපයට තියෙන්නේ. නවදිල්ලියේ ඉඳන් දුර අඩුවුනත් මාර්ගයෙන් එනවනම් ටිකක් වෙලාව යනවා, මොකද අධික විදිහට මාර්ග තදබදය නිසා. ඒ නිසා පහසුම මාර්ගය තමයි නවදිල්ලි මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් කහපැහැති ලයින් එකේ විදුලි දුම්රියෙන් එන එක. සාමාන්‍යයෙන් ඉන්දියාවේ විදුලි දුම්රිය මාර්ග හඳුන්වන්නේ විවිධ පාට වලින්, හරියට අපේ මුහුදුබඩ දුම්රිය මාර්ගය, කැළණි වැලි දුම්රිය මාර්ගය වගේ ඉන්දියාවේ විදුලි දුම්රිය මාර්ග හඳුන්වන්නේ Yellow Line, Pink Line, Blue Line ගේ නමි වලින්. ඒ නිසා දිල්ලි Metro එකෙන් ගුරුගාන් පැත්තට කහපාට ලයින් එකේ එනවනම් Ina Station එකෙන් හරි නැත්නම් ඊට පස්සේ තියන AIMS Metro station එකෙන් හරි බහින්න වෙනවා. නැත්නම් ගුරුගාන් පැත්තෙන් එනවනම් Green Park station එක පහුකලාම තමයි AIMS campus metro station එක තියෙන්නේ. දිල්ලියේ ඉඳන් දළ වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් 20කට මෙතනට එන්න පුළුවන්. ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් ත්‍රීවීලර් එකකට නැගලා සරෝජනී නගර් නම කිව්වම විනාඩි කීපයකින් ඔබට සරෝජනී නගර් වෙළඳපොල කලාපයට යන්න ඉන්දියානු රුපියල් 10ක් විතර ගනියි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ත්‍රීවීලර් සහ ටැක්සි ගාස්තු ලංකාවේ තරම් වැඩි නෑ. සරෝජනී නගර් කියන්නේ විවිධ මට්ටමේ සහ විවිධ ප්‍රමාණයේ වෙළඳසල් දහස් ගාණක් තියන වෙළඳපොළ කලාපයකට. ලංකාවේ නම් ආසන්න උදාහරණයකට තියෙන්නේ පිටකොටුව තමයි. නමුත් සරෝජනී නගර්වල වෙළඳසැල් සහ භාණ්ඩ පිටකොටුවට වඩා හොඳ සහ ගුණත්වයෙන් යුතු ඒවා. මේ වෙළඳසැල් දහස් ගණනින් රෙදි, ආභරණ, ආහාරවර්ග, බිම වර්ග ඇතුලු ඉන්දියානු නිෂ්පාදන ඕනම දෙයක් මිලට ගන්න පුළුවන්. අනිත් විශේෂම කාරණේ තමයි මිල ඉතාම සාධාරණ වෙන එක. ගොඩක් වෙලාවට ඉන්දියාවේ චෙන්නායි, මදුරාසි, බැංග්ලෝර්, මුම්බායි වගේම දිල්ලියෙත් සුදු හමක් තියෙන විදේශිකයෙක් දැක්කම ලංකාවේ වගේම වෙළෙන්දන්ගේ මිල ගණන් වැඩිවෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඉන්දියාවේ සංචාරයේ යෙදෙන ලංකාවේ ජනතාවට තියන වාසිය තමයි ඉන්දියානු වෙළෙන්දන් හිතන්නේ ලංකාවේ අය ඉන්දියාවේ වෙන කොහේ හරි ප්‍රාන්තයකින් ආපු වෙනත් භාෂාවක් කතාකරන අය විදිහට හිතන එකයි. ඒ නිසා මිළ ගණන් වෙනස්වෙන්නේ නෑ. කොහොමවනුත් සාරි,සල්වාර් වුනත් හිතාගන්න බැරි තරම් අඩු මිලකට අරගන්න ඔබට පුළුවන්. අපි සරෝජනී නගර් වල හිටිද්දිත් ලංකාවේ, කොළඹ ඉතා සුඛෝපභෝගී සාරි වෙළඳසැලක හිමිකරුවෙක් තමන්ගේ බිරිඳ සහ දියණිය එක්ක ඇවිත් බොහොම අඩු මිලට සාරි සහ සල්වාර් ගමන් බෑග් විස්සක තිහක වගේ ප්‍රමාණයක් පුරවගෙන අරගෙන ගියා. ඒ සාරි ඔවුන් මිලට ගත්ත මිල සහ ලංකාවේ ඇවිත් ඔවුන්ගේ වෙළඳසලක මිල බැලුවම වෙනස දහස් ගණන්. ඒ නිසා සරෝජනී නගර් වලදි අපි නොදකින යථාර්ථයක් දැකගන්න ලැබුණු එක තවත් භාග්‍යයක්. සරෝජනී නගර් සාප්පු සවාරියේදී ඔබ මතක තියාගත යුතුම දේවල් කීපයකුත් තියනවා. එක්ක තමයි පොකට් කාරයෝ එහෙම ඉන්න නිසා සල්ලි පර්ස් එකේ විතරක් තියාගන්න එපා. පුද්ගලිකව මම නම් කලේ අතේ තිබුණු සල්ලි ප්‍රමාණය පහකට බෙඳලා පර්ස් එක ඇතුලු තැන් 5ක රඳවා තබාගත්ත එක. අනිත් එක ක්‍රෙඩිට් කාඩ් එක එහෙම ආරක්ෂිත තැනක තියාගත්ත එක. ඒ වගේම තමයි එච්චර විශ්වාසයක් නැති කුඩා වෙළඳසලවලට ඔබේ ක්‍රෙඩිට් කාඩ් එක දෙනවනම් රිසිට් එක අත්සන් කරද්දි ගාණ හොඳට බලන්න. ඇතැම් තැන්වලදි රිසිට් එකට ඔබේ අත්සන ගන්නේ නෑ, එහෙම තැනකදි රිසිට් එක ඉල්ලලා ගාණ බලන්න. ඔබේ දුරකතනයත් රෝමිං නිසා ගෙවපු ගාණට අදාල එස්.එම්.එස් එකත් ඒ වෙලාවෙම එන්නේ නැති නිසා මේක ගැන හොඳ පරිස්සමින්. පුළුවන් තරම් සල්ලිම දෙන්න උත්සහ කරන්න. අනිත් එක සමහර වෙළෙන්දෝ ඉන්නවා මොනවහාරි දේක මිල ඇහුවම බලෙන් හරි ඇඟේ ගහන්න උත්සහ කරන. එහෙම අය පස්සෙන් එළවා එලවා කරදර කරනවනම් ලඟපාත ඉන්න ආරක්ෂක නිලධාරියෙක්ට හරි පොලිස් නිලධාරියෙක්ව හරි දැනුවත් කරන්න. තවත් දෙයක් සමහර දේවල් වලට මුලින් කියන ගාණ සහ ඇත්තටම එහි මිල අතර බොහොම ලොකු වෙනසක් තියෙන්නේ පුළුවන්. උදාහරණයක් විදිහට මම ගත්ත එක ඇඳුමක් මුලින්ම කිව්වේ ඉන්දියානු රුපියල් 500ක්. පස්සේ ඒක 400 වුනා. මම ඒක නොගෙන යන්න හදද්දි සාප්පුවේ මුදලාලි ඒකේ මිල රුපියල් 200 දක්වා බැස්සුවා. ඒ වගේ දේවල් බොහොම පොදුයි. ඒ වගේම තමයි සරෝජනී නගර් කියන්නේ වීදී ආහාර (Street Foods) වලට බොහොම ප්‍රසිද්ධ තැනක්. ඉන්දියාවටම ආවේණික ඉතා රසවත් වීදි ආහාර විශාල ගණනක් සරෝජනී නගර් වලදි මිලට ගන්න පුළුවන්. ඇතැම් ඒවා ලංකාවේ අපේ දිවට එතරම් හුරු නැති නිසා එක්කේ ඇලජික් වෙන්න පුළුවන්, නැත්නම් ඔබට බඩේ අමාරු හැදෙන්න පුළුවන්. ඒ නිසා කටට දේවල් දාගනිද්දි ඒ ගැනත් පරිස්සමින්, මොකද අපිත් එක්ක ගියපු යාළුවෙක් සෑහෙන්න දුක් වින්දා බඩේ අමාරුවක් හැදිලා. අන්තිම දේ තමයි ඔබ බඩු ගනිද්දි ඔබට ආපහු යන්න වෙන්නේ මගී දුම්රියකින් කියලත් මතක තියාගන්න. නැත්නම් ඔබට සාමාන්‍ය ටැක්සියක් ගන්න වෙනවා දිල්ලියේ ඔබේ නවාතැනට යන්න. කොහොමවුනත් සරෝජනී නගර් කියන්නේ ඇති මුදලට හිතේ ඇති තරම් බඩු ගන්න සාප්පු සවාරි යන්න පුළුවන් හොඳම තැනක් තමයි දිල්ලියේ තියන. ඊළඟට කියන්නම් අපි පාලිකා නගර් වල සාප්පු සවාරි ගිය ගමන ගැන. ඒක මීටත් වඩා රසවත්. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom