Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව තාක්ශණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදාල ලිපිය මතු දැක්වේ....

රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engine)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි.

එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.

ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.

දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.

"මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කාලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ.

මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවුලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි."

මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම පොම්ප කෙරේ.

රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.

එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.

ඔහු පවසන්නේ ළිඳෙන් පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.

එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.

නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.

මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.

අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.

ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.

-බන්දුල ධර්මතිලක

[QUOTE="visalbro, post: 23984725, member: 563106"] [SIZE="4"]අදාල ලිපිය මතු දැක්වේ.... රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engine)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි. ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ. දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය. "මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කාලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ. මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවුලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි." මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම පොම්ප කෙරේ. රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය. එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය. ඔහු පවසන්නේ ළිඳෙන් පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය. එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ. නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය. මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත. අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය. ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය. -බන්දුල ධර්මතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom