නව තාක්ෂණික නගරය - THE LINE

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town
    මේ සීන් එක ගැන දැන් සතියක් තිස්සේ ලියන්න හිතුනත් දැන් තමයි වෙලාවක් සෙට් වුනේ. ඒ වෙන මොකවත් නෙවෙයි. සෞදි අරාබියේ ඉදිකිරීමට නියමිත නව තාක්ෂණික නගරය - THE LINE

    මේක ලියන්න මේ තරම් ආසාවක් ආවේ මෑතකදී ලෝකේ එළිදක්වපු ප්‍රජෙක්ට් කන්සෙප්ට් වලින් නම්බර් 1 මේක කිව්වොත් හරි. මේ සිටි එක ඉදිවෙන්නේ කාන්තාරේ මැද. හිනා යනවනේ? ඔව්. මුලින් මටත් එහෙමයි හිතුනේ. මට නම් ඇත්තටම මේ CITY එක දැක්කහම අමුතු බයකුත් එනවා. හේතුව තේරෙන්නේ නැහැ. මේ කන්සෙප්ට් එක ගේන්නේ සෞදි රජු කින් සල්මාන් විසින්. මේ ඔහුගේ idea එකක්.

    මේ CITY එකේ පළල මීටර් 200 යි. දිග කිලෝමීටර 170 ක්. ඒ කියන්නේ තනි තීරුවක්. මේ city එක දෙපැත්තේ ආවරණය කරන්න තඩි වීදුරු වලින්. මේ විදුරු වල උස මීටර් 500 යි. මේ දාලා තියන ෆොටෝස් බැලුවොත් ඔයාලට තේරෙයි. ඒ කියන්නේ කාන්තාර හා කඳු වලට හානි නොකර, එය ආවරණය වන පරිදි තමයි මේක හදන්නේ.

    මේහි මුල් අධියර, ඒ කියන්නේ කිලෝමීටර 14ක් 2030 දී අවසන් කිරීමට නියමිත අතර මුළු ප්‍රජෙක්ට් එකම අවසන් කිරීමට 2045 වගේ වෙයි කියලයි කියන්නේ. ඒ නිම කලාට පසු මිලියන 9 කට මෙහි residence, ඒ කියන්නේ මිලියන 9 ක් වූ ජනතාවකට මෙහි නිවාස පහසුකම් ලැබෙනවා. මේක සෞදියේ වෙසන මිනිස්සු ටාගට් කරලා හදන ප්‍රජෙක්ට් එකක් නෙවෙයි. මුළු ලෝකෙම අවධනය ගන්න ගහන ප්‍රජෙක්ට් එකක්. සරලව කිව්වොත් ඩුබායි වලට අභියෝගයක් කරන්න හදන සිටි එකක්.

    මෙ ප්‍රජෙක්ට් එක සඳහා දැරීමට නියමිත ඇස්තමේන්තු ගත මුදල ඩොලර් ට්‍රිලියන 1 ක්. ලංකාවේ මුදලින් කිව්වොත් රුපියල් 400,000,000,000,000 ක්. හරි හරි ඒක කියවලා දිව උළුක්කු කරගන්න එපා. මේක තනිකරම අපි ෆිල්ම් වල දකින අධි තාක්ෂණික නගර වගේ එකක්. ඒක reality එකක් වෙන්න යන්නේ. මෙහි අධිවේගී දුම්රිය සේවාවක් පවා හැදෙන අතර, කිලෝමීටර 170 ගමන් කිරීමට විනාඩි 20 ක් වගේ පොඩි කාලයක් වැය වෙන්නේ. ඒ වගේම් ක්‍රීඩාංගන, උද්‍යාන, ක්ලබ්, හොස්පිටල්, බැංකු, ඔෆිස්, එකී මෙකී නොකී හැමදේම මේ ඇතුලේ තියනවා. ඒ කියන්නේ මේක ඇතුලට එන කෙනෙක් වැඩක් කරගන්න මේකෙන් එලියට යන්න ඕන වෙන්නේ නැහැ.

    2017 ඉඳලා මේ කන්සෙප්ට් එක විවිධ විදිහට එලියට ආවත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සෞදි වල තියෙන කාලගුණ පිහිටීම හේතුවෙන් NEOM සඳහා වූ සැලසුම් කිහිප වරක් වෙනස් වී ඇති බවත්, The Line කවදා හෝ යථාර්ථයක් වේවිද යන්න පිළිබඳ සැකයක් බවත්. ඒත් දැන් ඔවුන් ප්‍රජෙක්ට් එකට අත දාන්න හදන්නේ. ඒ කියන්නේ කාලෙන් කාලෙට කෘතීම වැසි ඇති කිරීමටත් යෝජනා කරලා තියනවා. ඒ වගේම මෙහි සේවය සඳහා රොබෝ වරුන් වගේම, අර පාවෙලා යන පිරිසි වගේ යාත්‍රා පවා දාන්න ප්ලෑන් එකක් තියනවා. ඒ කියන්නේ හයි ටෙක්නොලොජි.

    මේක සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් ඒ කියන්නේ Renewable Energy වලින් දුවන සිටි එකක්. ඒ වගේම පරිසර හිතකාමී concept වලින් ගහන එකක්. මොවුන්ගේ ටාගට් එක තමයි මේ CITY එක හරහා සෞදි වල ටුවරිසම් ගොඩ නගන එක. ඔවුන් අනුමාන කරන්නේ සෑම වසරකම මිලියන 100 කට අධික විදේශික සංචාරකයින් මෙය නැරඹීමට පැමිණෙනු ඇති බවයි. ඒ වගේම ලොව පුරා සිටින මිලියන සංඛ්යාට අයට මේ හරහා රැකියා අවස්ථා උත්පාධනය වන අතර දැන් ලෝකේ අනෙකුත් රටවල් මේ ප්‍රජෙක්ට් එක දිහා මාර උනන්දුවකින් බලාගෙන ඉන්නේ.

    මේ තමයි දියුණු ලෝකේ. මේ තමයි ඊළඟ ලෝකේ. මේ තමයි සංවර්ධිත හා සංවර්ධනය වෙන්න ප්ලෑන් තියන සුපිරි රටවල් ගන්න තීරණ. අපි වගේ රටවල් වලට මෙව්වා තව අවුරුදු දහස් ගානක් ගියත් හීන තමයි. මොකද අපේ රටේ ගහන්න හදපු MCC Bridge එක මතක නේ ? ඒකත් ටිකක් මේ වගේ තමයි. ඒක කොළඹ සිට ත්‍රිකුණාමලයට දුවන ආයෝජන කලාපයක් වගේ සීන් එකක්. දන්නේ නැත්තන් විස්තර හොයලා බලන්න. මේකෙන් ලංකාවට ඩොලර් බිලියන ගානක් හොයාගන්න තිබ්බා වගේම අපේ රටේ දහස් ගණන් රැකියා උත්පාදනය වෙන්න තිබ්බ චාන්ස් එක. හැබැයි දේශපාලකයෝ සහ සමහර ගුරුවරු වගේම සමහරු ඔවුන්ගේ වාසියට මිනිස්සුන්ගේ ඔළුවට බොරු දේවල් දාලා මේ ප්‍රජෙක්ස්ට් කාලා දැම්මා. ඉතින් අපි පිටරටක වෙන දේවල් බලලා හරි සතුටු වෙමු.

    සටහන : Hamza Haniffa
    FB_IMG_1659195557502.jpg
    FB_IMG_1659195560679.jpg
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    මේ තමයි දියුණු ලෝකේ. මේ තමයි ඊළඟ ලෝකේ. මේ තමයි සංවර්ධිත හා සංවර්ධනය වෙන්න ප්ලෑන් තියන සුපිරි රටවල් ගන්න තීරණ. අපි වගේ රටවල් වලට....
    අපි වගේ රටවල් වලින් තමා ඔවට පාරවල් සුද්ද කරන්න, ලමයි බලාගන්න, ඉඳුල් හෝදන්න මීන්ස්සු යන්නෙ. අපේ රටවලින් ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ලංකාවේ ඔවා හැදුවොත් ජෙප්පෝ මැරේයි ගස් කපනවා කියලා .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ ඔවා හැදුවොත් ජෙප්පෝ මැරේයි ගස් කපනවා කියලා .
    ඊට කලින් රාජපස්සලා කොමිස් ගහලා ඕකෙ සල්ලි ටිකත් සාක්කුවට දාගෙන වැඩෙත් බංකොලොත් කරලා නවතින්නෙ.
     
    • Like
    Reactions: NRTG and shenat

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හයිවේ එක හදද්දි ගස් කපනවා කියලා අඩපු ජේවීපී බැල්ලිගේ පුතාලා ඉන්න රටක් නෙමේ නිසා උන් හදනවා ඇති🤣
     
    • Dislike
    Reactions: shenat