Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නව මහජන ව්‍යවස්ථාවක් එනවලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(04) බලතල ඛෙදීම

1. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ව පවතින අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අව්‍යාජ ලෙස පළාත් ඒකක සඳහා බලතල ඛෙදීම සිදු කරනු ලැබේ. එනම්,

අ) 2009 මැයි මස දී ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිකුත් කළ නිල නිවේදන,

ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ව සම්මත කළ යෝජනා,

ඇ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අතර හුවමාරු වූ ලිපි ද ඇතුළු තිස්ස විතාරණ වාර්තාව සහ ඊට අදාල අනෙකුත් ලේඛන,

ඈ) උගත් පාඩම් සහ ප්රතිසංවිධාන කොමිෂන් සභාවේ නිර්දේශනයන්,

ඉ) ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 මැයි මස පාර්ලිමේන්තුවේ දී කළ කථාව.

2. පළාත් ආණ්ඩුකාර තනතුර අහෝසි කරනු ලබන අතර එම බලතල රජයේ ප්‍රධානියා විසින් ක්‍රියාත්මක කිරීම.

3. පළාත් සභාවක බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු අතර දෙවැනි ව වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගෙන ඇති දේශපාලන පක්ෂයේ ප්‍රධාන නියෝජිත මන්ත්‍රීවරයා නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කිරීම.

4. පළාත් සභාවකට ඉදිරිපත් වෙමින් ඒ ඒ පක්ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ අනුපාතයට අනුකූල ව පළාත් සභා අමාත්‍ය මණ්ඩලයට ඇමතිවරු පත් කිරීම.

(05) අධිකරණය

1. වෙනත් කරුණු අතර ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා හා පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීම සඳහා වෙන ම සහ ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වීම. එහි තීරණ අවසානාත්මක වන අතර විධායකය සහ ව්‍යවස්ථාදායකය එහි තීන්දු අනුගමනය කිරීමට බැඳී සිටී.

2. සියලූ ම විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය, වැටුප්, දීමනා සහ වරප්‍රසාද සුරක්ෂිත කරනු ලබන අතර උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් වනු ලබන අවස්ථාවක දී ඊට පදනම් වන චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පැවරෙනු ඇත. එම පරීක්ෂණ පැවැත්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය මූල ධර්ම වලට (ලැටිමර් හවුස් ප්රකාශනය) අනුකූල ව සිදු කිරීම.

3. පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පැවරෙන අතර එවැනි පෙත්සම් විභාග කොට තීන්දු කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නියම කළ යුතු ය.

(06) යහ පාලනය

1. ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම සහ ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රමුඛතා පදනම මත ස්ථාපනය කිරීම.

2. සියලූ මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිසම මඟින් පැවැත්විය යුතු අතර රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ඇතුළත් මැතිවරණ ක්‍රියාකාරකම් වල යෙදෙන ආයතන වලට හා පුද්ගලයින්ට නියෝග නිකුත් කිරීමේ බලය එම කොමිසම සතු වේ.

3. දූෂණ වැළැක්වීම සහ මැඩලීම ධෛර්යමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කාර්යක්ෂම ලෙස හා බලාත්මක ලෙස රජය මඟින් සිදු කළ යුතු ය. පොදු දේපොළ සහ රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීමේදී ආණ්ඩුවේ ආයතන විසින් නිසි වගකීමෙන් සහ වගවීමෙන් යුතුව අවංකව කටයුතු කළ යුතුය.

4. එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්රඥප්තිය බලාත්මක කිරීමට හැකි වන පරිදි දූෂණ විරෝධී නව නීතියක් පැනවීම.

5. ජාත්‍යන්තර නිර්ණායක වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය සභාවේ සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ, උපරිමාධිකරණයේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්රවරුන් සහ අනෙකුත් අධිකරණ වල විනිශ්චයකාරවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම.

6. පුද්ගලික අංශයේ දූෂණ ආවරණය වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නීතිය සකස් කිරීම සහ එම නීතිය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම.

7. පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (පැක්) ඇතුලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශක්තිමත් කිරීම සහ එම කමිටු විසින් ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන්නා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතු ය.

8. රාජ්‍ය ව්‍යාපාර තේරීම් කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු වලට පහසුකම් සැලසීම පිණිස තොරතුරු (දත්ත) බැංකුවක් සහිත ස්වාධීන ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා සඳහා වූ ඇස්තමේන්තු පරීක්ෂා කිරීමේ බලය එම කාරක සභා වෙත පැවරේ.

9. රුපියල් මිලියන දාහක් ඉක්මවන්නා වූ වටිනාකමකින් යුතු රාජ්‍ය ව්‍යාපෘති හෝ ආයෝජන හෝ ගිවිසුම් පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම.

(07) සහභාගීත්ව ප්රජාතන්ත්රවාදය

කාන්තා අයිතිවාසිකම්

1. සියලූ ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් හට සියයට විසි පහක (25%) නියෝජනයක් ලබා දීම.

2. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිණිස රටේ සෑම ප්‍රදේශයක් ම සහ සමාජයේ සෑම ස්ථරයක් ම නියෝජනය වන පරිදි කාන්තා මණ්ඩලයක් පිහිටුවීම. එමඟින් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබේ. ඊට අමතර ව පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීම ද සිදු කරනු ලැබේ.

ප්‍රජා සංවර්ධන සමිති

3. ජනතා සහභාගීත්ව ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීම සහ ජන කොට්ඨාශ අතර සංහිඳියාව ගොඩ නැඟිම පිණිස සෑම ග්‍රාම සේවා කොට්ඨාශයක් තුළ ම ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවනු ලබන අතර එය නිර්දේශපාලනික පදනම මත ක්‍රියාත්මක වීම.

• එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරු ව මාස හයක් ඇතුළත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම පිණිස ජනමත විචාරණයකට ඉදිරිපත් කරනු ලබන අතර මෙරට ජනතාවගේ සම්මුතියෙන් ස්ථාපිත කරනු ලබන පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙය වනු ඇත.

[QUOTE="Al Baik, post: 15052079, member: 326965"] [LEFT][SIZE=5](04) බලතල ඛෙදීම[/SIZE] [SIZE=5]----------------------[/SIZE] [SIZE=5]1. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ව පවතින අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අව්‍යාජ ලෙස පළාත් ඒකක සඳහා බලතල ඛෙදීම සිදු කරනු ලැබේ. එනම්,[/SIZE] [SIZE=5]අ) 2009 මැයි මස දී ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිකුත් කළ නිල නිවේදන,[/SIZE] [SIZE=5]ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ව සම්මත කළ යෝජනා,[/SIZE] [SIZE=5]ඇ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අතර හුවමාරු වූ ලිපි ද ඇතුළු තිස්ස විතාරණ වාර්තාව සහ ඊට අදාල අනෙකුත් ලේඛන,[/SIZE] [SIZE=5]ඈ) උගත් පාඩම් සහ ප්රතිසංවිධාන කොමිෂන් සභාවේ නිර්දේශනයන්,[/SIZE] [SIZE=5]ඉ) ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 මැයි මස පාර්ලිමේන්තුවේ දී කළ කථාව.[/SIZE] [SIZE=5]2. පළාත් ආණ්ඩුකාර තනතුර අහෝසි කරනු ලබන අතර එම බලතල රජයේ ප්‍රධානියා විසින් ක්‍රියාත්මක කිරීම.[/SIZE] [SIZE=5]3. පළාත් සභාවක බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු අතර දෙවැනි ව වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගෙන ඇති දේශපාලන පක්ෂයේ ප්‍රධාන නියෝජිත මන්ත්‍රීවරයා නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කිරීම.[/SIZE] [SIZE=5]4. පළාත් සභාවකට ඉදිරිපත් වෙමින් ඒ ඒ පක්ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ අනුපාතයට අනුකූල ව පළාත් සභා අමාත්‍ය මණ්ඩලයට ඇමතිවරු පත් කිරීම.[/SIZE] [SIZE=5](05) අධිකරණය[/SIZE] [SIZE=5]------------------[/SIZE] [SIZE=5]1. වෙනත් කරුණු අතර ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා හා පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීම සඳහා වෙන ම සහ ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වීම. එහි තීරණ අවසානාත්මක වන අතර විධායකය සහ ව්‍යවස්ථාදායකය එහි තීන්දු අනුගමනය කිරීමට බැඳී සිටී.[/SIZE] [SIZE=5]2. සියලූ ම විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය, වැටුප්, දීමනා සහ වරප්‍රසාද සුරක්ෂිත කරනු ලබන අතර උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් වනු ලබන අවස්ථාවක දී ඊට පදනම් වන චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පැවරෙනු ඇත. එම පරීක්ෂණ පැවැත්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය මූල ධර්ම වලට (ලැටිමර් හවුස් ප්රකාශනය) අනුකූල ව සිදු කිරීම.[/SIZE] [SIZE=5]3. පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පැවරෙන අතර එවැනි පෙත්සම් විභාග කොට තීන්දු කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නියම කළ යුතු ය.[/SIZE] [SIZE=5](06) යහ පාලනය[/SIZE] [SIZE=5]----------------------[/SIZE] [SIZE=5]1. ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම සහ ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රමුඛතා පදනම මත ස්ථාපනය කිරීම.[/SIZE] [SIZE=5]2. සියලූ මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිසම මඟින් පැවැත්විය යුතු අතර රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ඇතුළත් මැතිවරණ ක්‍රියාකාරකම් වල යෙදෙන ආයතන වලට හා පුද්ගලයින්ට නියෝග නිකුත් කිරීමේ බලය එම කොමිසම සතු වේ.[/SIZE] [SIZE=5]3. දූෂණ වැළැක්වීම සහ මැඩලීම ධෛර්යමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කාර්යක්ෂම ලෙස හා බලාත්මක ලෙස රජය මඟින් සිදු කළ යුතු ය. පොදු දේපොළ සහ රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීමේදී ආණ්ඩුවේ ආයතන විසින් නිසි වගකීමෙන් සහ වගවීමෙන් යුතුව අවංකව කටයුතු කළ යුතුය.[/SIZE] [SIZE=5]4. එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්රඥප්තිය බලාත්මක කිරීමට හැකි වන පරිදි දූෂණ විරෝධී නව නීතියක් පැනවීම.[/SIZE] [SIZE=5]5. ජාත්‍යන්තර නිර්ණායක වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය සභාවේ සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ, උපරිමාධිකරණයේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්රවරුන් සහ අනෙකුත් අධිකරණ වල විනිශ්චයකාරවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම.[/SIZE] [SIZE=5]6. පුද්ගලික අංශයේ දූෂණ ආවරණය වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නීතිය සකස් කිරීම සහ එම නීතිය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම.[/SIZE] [SIZE=5]7. පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (පැක්) ඇතුලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශක්තිමත් කිරීම සහ එම කමිටු විසින් ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන්නා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතු ය.[/SIZE] [SIZE=5]8. රාජ්‍ය ව්‍යාපාර තේරීම් කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු වලට පහසුකම් සැලසීම පිණිස තොරතුරු (දත්ත) බැංකුවක් සහිත ස්වාධීන ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා සඳහා වූ ඇස්තමේන්තු පරීක්ෂා කිරීමේ බලය එම කාරක සභා වෙත පැවරේ.[/SIZE] [SIZE=5]9. රුපියල් මිලියන දාහක් ඉක්මවන්නා වූ වටිනාකමකින් යුතු රාජ්‍ය ව්‍යාපෘති හෝ ආයෝජන හෝ ගිවිසුම් පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම.[/SIZE] [SIZE=5](07) සහභාගීත්ව ප්රජාතන්ත්රවාදය[/SIZE] [SIZE=5]--------------------------------------[/SIZE] [SIZE=5]කාන්තා අයිතිවාසිකම්[/SIZE] [SIZE=5]------------------------[/SIZE] [SIZE=5]1. සියලූ ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් හට සියයට විසි පහක (25%) නියෝජනයක් ලබා දීම.[/SIZE] [SIZE=5]2. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිණිස රටේ සෑම ප්‍රදේශයක් ම සහ සමාජයේ සෑම ස්ථරයක් ම නියෝජනය වන පරිදි කාන්තා මණ්ඩලයක් පිහිටුවීම. එමඟින් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබේ. ඊට අමතර ව පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීම ද සිදු කරනු ලැබේ.[/SIZE] [SIZE=5]ප්‍රජා සංවර්ධන සමිති[/SIZE] [SIZE=5]------------------------[/SIZE] [SIZE=5]3. ජනතා සහභාගීත්ව ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීම සහ ජන කොට්ඨාශ අතර සංහිඳියාව ගොඩ නැඟිම පිණිස සෑම ග්‍රාම සේවා කොට්ඨාශයක් තුළ ම ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවනු ලබන අතර එය නිර්දේශපාලනික පදනම මත ක්‍රියාත්මක වීම.[/SIZE] [SIZE=5]• එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරු ව මාස හයක් ඇතුළත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම පිණිස ජනමත විචාරණයකට ඉදිරිපත් කරනු ලබන අතර මෙරට ජනතාවගේ සම්මුතියෙන් ස්ථාපිත කරනු ලබන පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙය වනු ඇත.[/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom