Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නව වසරේ රටට මහ විනාශයන් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සුයි-සත්තුයි නියඟයෙන් දැවෙති

0 July 31, 2014 2:00 am Hits(44)

පල්ලේපොළ - නිමල් වල්පිට, කදුරුවෙල - ගාමිණී ඔබේසේකර, පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ, ගාල්ල - කේ. ඒ. එස්. කුමාර සහ ලලිත් රුහුණගේ,

වවුනියාව - මාධව කුලසූරිය, තංගල්ල - සහම්පති මානගේ

දරුණු නියං තත්ත්වය හේතුවෙන් උතුරුමැද, නැඟෙනහිර, දකුණ, උෟව, මධ්‍යම හා උතුරු පළාත්වල ප්‍රදේශ රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහ සතුන් බීමට ජල බිඳක් සොයාගත නොහැකිව පීඩා විඳිති.

එම පළාත්වල ප්‍රධාන ජලාශද ඇතුළුව සියලු ජල මූලාශ්‍ර සිඳීයෑමේ තර්ජනයට මුහුණපා ඇති අතර බීමට ජලය සොයා ගම්වදින වන සතුන් නිසා ජන ජීවිතයද අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත.

වගාබිම් අක්කර දහස් ගණනක් නියඟය හේතුවෙන් විනාශ වී ඇති අතර ගොවිතැනෙන් දිවි ගෙවන එම පළාත්වල ජනතාව බහුතරයක් මේ හේතුවෙන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට පත්ව තිබේ.

දරුණු නියඟයෙන් සිඳී යමින් පවතින වැව්, ඇළ මාර්ගවලින් පානය කිරීමට මඩ පැහැති ජලය රැස් කරගැනීමට එම ප්‍රදේශවල ජනතාව දරන වෙහෙස සුළුපටු නොවේ.

මේ තත්ත්වයෙන් දැඩි ලෙස අසරණ වී ඇත්තේ දිනකට පිරිසුදු ජලය ලීටර් තුනක්වත් අවම වශයෙන් පානය කළ යුතු රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 15ක පිරිසක් මේ වන විට වකුගඩු රෝගයට ගොදුරු වී සිටින අතර එම දිස්ත්‍රික්කයේ කිසිම ගම්මානයකින් පිරිසුදු ජලය සොයාගත නොහැකිව තිබේ.

පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ. එච්. සී. කීර්ති බණ්ඩාර මහතා පවසන්නේ අපිරිසුදු ජලය පානය කිරීම හේතුවෙන් මෙම රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ එකමුතුව ඔවුන්ට පිරිසුදු ජලය ලබාදීමට වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

පවතින නියඟයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,27,916ක් පීඩාවට පත්ව ඇතත් පානීය ජලය සපයන්නේ පුද්ගලයන් 55,467කට පමණක් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ තොරතුරුවලින් හෙළිවේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසන්නේ පානීය ජල හිඟය උග්‍රවීමත් සමඟ පානීය ජලය විකුණන විවිධ සමාගම් රුපියල් දෙකේ සිට රුපියල් 4 වැනි මිල ගණන්වලට ජලය ලීටරයක් විකුණන්නට පටන්ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. මිදිලේනාදන් මහතා පවසන්නේ එම බලප්‍රදේශයේ මන්දුවිල්, මල්ලිකේතීවි, විද්‍යාපුරම්, සින්නසාලම්බන් ආදී ප්‍රදේශවල පවුල් 10,000කට වැඩි සංඛ්‍යාවක් දැඩි ජල හිඟයකට මුහුණදී සිටින බවත්, එම ජනතාවට දිනකට පානීය ජලය ලීටර් 28,000ක් ලබාදිය යුතු බවත්ය.

එම ප්‍රදේශයේ සියලු ළිං හා වැව් පතුල පෙනෙන මට්ටමට සිඳී ගොස් ඇති බවත් ඒ මහතා කීය.

මාතලේ දිස්ත්‍රික්කයේ මිනිපේ 3-4 ව්‍යාපාරයේ ගොවි පවුල් 5,000කට වැඩි සංඛ්‍යාවක් උග්‍ර පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින අතර එම ප්‍රදේශයන්ට ජලය සැපයෙන ජල සැපයුම්වල ජල පෝෂිතද සිඳී යමින් පවතී.

රට පුරා ප්‍රධාන ජලාශ 72ක ජල ධාරිතාව සියයට 18ක් බව පවසන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ අටක ජල මට්ටම සියයට 11ක් දක්වා පහළ ගොස් ඇතැයි පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා තිබෙන නියඟය හේතුවෙන් හෙක්ටයාර් දහඅට දහසක වගාබිම් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇත.

දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රි අජිත් රාජපක්ෂ මහතා පවසන්නේ එම දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් ගොවිතැන්වලට සහ වෙනත් කටයුතුවලට ජලය ඇත්තේ තවත් සති දෙකකට පමණක් බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොඩ ඉඩම් අක්කර 10,521ක් සහ මඩ ඉඩම් අක්කර 89,421ක් නියඟය නිසා විනාශයට පත්ව ඇති බවත්, ඇතැම් වගාබිම් වගා කළ නොහැකි වූ බවත් එම දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ අතර බීමට ජලය සොයාගත නොහැකිව වන සත්තු මහත් පීඩාවකට පත්ව සිටිති.

යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි බුතව, ගෝනගල, මහාශීලව, විලපලාව, පටනංගල ආදී වැව් සියල්ල මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ.

වනෝද්‍යානයේ ඉදිකළ කොන්ක්‍රීට් පොකුණු සඳහා එක් බවුසරයක් මඟින් ජලය සැපයුවද වනෝද්‍යානයේ වෙසෙන සතුන්ට එම ජලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සත්ත්වලෝලීහු පවසති.

[QUOTE="tsirt, post: 16955092, member: 510292"] මිනිස්සුයි-සත්තුයි නියඟයෙන් දැවෙති 0 July 31, 2014 2:00 am Hits(44) පල්ලේපොළ - නිමල් වල්පිට, කදුරුවෙල - ගාමිණී ඔබේසේකර, පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ, ගාල්ල - කේ. ඒ. එස්. කුමාර සහ ලලිත් රුහුණගේ, වවුනියාව - මාධව කුලසූරිය, තංගල්ල - සහම්පති මානගේ දරුණු නියං තත්ත්වය හේතුවෙන් උතුරුමැද, නැඟෙනහිර, දකුණ, උෟව, මධ්‍යම හා උතුරු පළාත්වල ප්‍රදේශ රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහ සතුන් බීමට ජල බිඳක් සොයාගත නොහැකිව පීඩා විඳිති. එම පළාත්වල ප්‍රධාන ජලාශද ඇතුළුව සියලු ජල මූලාශ්‍ර සිඳීයෑමේ තර්ජනයට මුහුණපා ඇති අතර බීමට ජලය සොයා ගම්වදින වන සතුන් නිසා ජන ජීවිතයද අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත. වගාබිම් අක්කර දහස් ගණනක් නියඟය හේතුවෙන් විනාශ වී ඇති අතර ගොවිතැනෙන් දිවි ගෙවන එම පළාත්වල ජනතාව බහුතරයක් මේ හේතුවෙන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට පත්ව තිබේ. දරුණු නියඟයෙන් සිඳී යමින් පවතින වැව්, ඇළ මාර්ගවලින් පානය කිරීමට මඩ පැහැති ජලය රැස් කරගැනීමට එම ප්‍රදේශවල ජනතාව දරන වෙහෙස සුළුපටු නොවේ. මේ තත්ත්වයෙන් දැඩි ලෙස අසරණ වී ඇත්තේ දිනකට පිරිසුදු ජලය ලීටර් තුනක්වත් අවම වශයෙන් පානය කළ යුතු රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 15ක පිරිසක් මේ වන විට වකුගඩු රෝගයට ගොදුරු වී සිටින අතර එම දිස්ත්‍රික්කයේ කිසිම ගම්මානයකින් පිරිසුදු ජලය සොයාගත නොහැකිව තිබේ. පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ. එච්. සී. කීර්ති බණ්ඩාර මහතා පවසන්නේ අපිරිසුදු ජලය පානය කිරීම හේතුවෙන් මෙම රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, රාජ්‍ය හා පෞද්ගලික අංශ එකමුතුව ඔවුන්ට පිරිසුදු ජලය ලබාදීමට වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බවත්ය. පවතින නියඟයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,27,916ක් පීඩාවට පත්ව ඇතත් පානීය ජලය සපයන්නේ පුද්ගලයන් 55,467කට පමණක් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ තොරතුරුවලින් හෙළිවේ. පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසන්නේ පානීය ජල හිඟය උග්‍රවීමත් සමඟ පානීය ජලය විකුණන විවිධ සමාගම් රුපියල් දෙකේ සිට රුපියල් 4 වැනි මිල ගණන්වලට ජලය ලීටරයක් විකුණන්නට පටන්ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. මිදිලේනාදන් මහතා පවසන්නේ එම බලප්‍රදේශයේ මන්දුවිල්, මල්ලිකේතීවි, විද්‍යාපුරම්, සින්නසාලම්බන් ආදී ප්‍රදේශවල පවුල් 10,000කට වැඩි සංඛ්‍යාවක් දැඩි ජල හිඟයකට මුහුණදී සිටින බවත්, එම ජනතාවට දිනකට පානීය ජලය ලීටර් 28,000ක් ලබාදිය යුතු බවත්ය. එම ප්‍රදේශයේ සියලු ළිං හා වැව් පතුල පෙනෙන මට්ටමට සිඳී ගොස් ඇති බවත් ඒ මහතා කීය. මාතලේ දිස්ත්‍රික්කයේ මිනිපේ 3-4 ව්‍යාපාරයේ ගොවි පවුල් 5,000කට වැඩි සංඛ්‍යාවක් උග්‍ර පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින අතර එම ප්‍රදේශයන්ට ජලය සැපයෙන ජල සැපයුම්වල ජල පෝෂිතද සිඳී යමින් පවතී. රට පුරා ප්‍රධාන ජලාශ 72ක ජල ධාරිතාව සියයට 18ක් බව පවසන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ අටක ජල මට්ටම සියයට 11ක් දක්වා පහළ ගොස් ඇතැයි පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා තිබෙන නියඟය හේතුවෙන් හෙක්ටයාර් දහඅට දහසක වගාබිම් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇත. දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රි අජිත් රාජපක්ෂ මහතා පවසන්නේ එම දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් ගොවිතැන්වලට සහ වෙනත් කටයුතුවලට ජලය ඇත්තේ තවත් සති දෙකකට පමණක් බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොඩ ඉඩම් අක්කර 10,521ක් සහ මඩ ඉඩම් අක්කර 89,421ක් නියඟය නිසා විනාශයට පත්ව ඇති බවත්, ඇතැම් වගාබිම් වගා කළ නොහැකි වූ බවත් එම දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ අතර බීමට ජලය සොයාගත නොහැකිව වන සත්තු මහත් පීඩාවකට පත්ව සිටිති. යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි බුතව, ගෝනගල, මහාශීලව, විලපලාව, පටනංගල ආදී වැව් සියල්ල මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබේ. වනෝද්‍යානයේ ඉදිකළ කොන්ක්‍රීට් පොකුණු සඳහා එක් බවුසරයක් මඟින් ජලය සැපයුවද වනෝද්‍යානයේ වෙසෙන සතුන්ට එම ජලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සත්ත්වලෝලීහු පවසති. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom