Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාගයෝ ගැන බුදුදහමින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාගයෝ ගැන බුදුදහමින්

නාගයෝ ගැන බුදුදහමින්

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන ලද සමයේ සිට වාසය කළ යක්ෂ නාග සහ දේව යන කොට්ඨාස පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ අයගෙන් වඩා රසවත් තොරතුරු හමුවන්නේ නාගයන් පිළිබඳව ය.

නාගයන් නොනැසිය යුතු කොටසක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන බව දැක්වෙයි. සමහර නාගයෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූහ. ඒ අතර බොහෝ නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වන නයින් කෙබඳු කොට්ඨාසයක් දැයි අප විමසා බැලිය යුතු ය.

නයා - අප සාමාන්‍යයෙන් නයා වශයෙන් හඳුන්වන්නේ අපගේ ඉඩ කඩම්වලදී දක්නට ලැබෙන නයින් ය. මොවුන් අතර සිටින සුදු නයි පිළිබඳව ගැමියෝ විශේෂ සැලකීමක් දක්වති. කළු නයි නපුරු යැයි කියති. කෙසේ වෙතත් ගැමියාට හමුවන නයා ඔවුන් ඇමතුවේ නයි හාමි යනුවෙනි. එයට හේතු වූයේ තම මිය ගිය ඥාතීන් නයින්ව ඉපදෙන බවට ඔවුන් අතර පැවැති විශ්වාසයයි.

විෂඝෝර නයි

ආසි විසෝපම සූත්‍රයෙහි විෂඝෝර නයි සතර දෙනෙක් පිළිබඳව හඳුන්වා දෙයි. ඔවුන් දෂ්ට කිරීමෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවෙයි.

1. කට්ඨ මුඛ - මොවුන් දෂ්ට කළ විට සිරුර දර ලීයක් මෙන් වෙයි.

2. පුති මුඛ – දෂ්ට කිරීමෙන් ශරීරය කුණු වෙයි.

3. අග්‍රා මුඛ – දෂ්ට කළ විට සිරුර කැබලි වලට කැඩෙයි.

4. සත්ථ මුඛ - දෂ්ට කළ මොහොතේම මියයයි.

මෙම වර්ග සතර දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි දක්වා ඇත්තේ රජ ඔටුණු වෙළඳ සහ ගොවි වශයෙනි.

නාගයා

නාගයා, නයාට වඩා විශාලය. වනාන්තර වල සහ වෙහෙර විහාර දේවාල ආශි‍්‍රතව වෙසේ. මොවුන් නිදන් ආරක්ෂා කරන බව සමහරු විශ්වාස කරති.

දිව්‍ය නාගයින්

මොවුන් මිනිස් ඇසට නොපෙනේ. මනුෂ්‍ය වෙස් ගැනීමට පුළුවන.මුචලින් ද නා රජු ඊට නිදසුනකි.

නාග ගෝත්‍රය

නාග ගෝත්‍රිකයෝ දඹදිව මෙන්ම ලක්දිව මෙන්ම ලක්දිව විසූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුහු රාජ්‍ය පාලනය කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය. මෙම නාග ගෝත්‍රිකයෝ කොටස් දෙකක් වූහ.

1. සමුද්‍ර වාසී

මොවුහු ධීවර කර්මාන්තය සහ වෙළඳාම කළහ. ඔවුන්ට නාවික යාත්‍රා තිබිණි. අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය.

2. ගොඩබිම් වාසි

මෙම කොටස කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය.

රාජ්‍ය බලයෙන් පිරිහුන බලවත් නයි පසු කළ ආරක්ෂකයෝ වූහ.

නාග ලෝකය

වංශ කතාවල සඳහන් වන ආකාරයට නාග ලෝකය පිහිටියේ මහා පෘථිවියේ සාගර පත්ල යටය. නාගයෝ එහි සිට මනු ලොවට පැමිණියහ. නාග ලෝකය පිහිටි ස්ථානය පිළිබඳව ඇතැමුන් අතර මත පවතී. ලෝකය නැඟෙනහිර සහ බටහිර වශයෙන් කොටස් දෙකකි. එයින් බටහිර රටවල් අපර දිග ලෝකය වශයෙනුත් නැඟෙනහිර රටවල් පෙරදිග ලෝකය වශයෙනුත් හැඳින්වෙයි. ඒ අනුව නාගයින් වාසය කළ ප්‍රදේශය හැඳින් වූයේ නාගලෝකය නමින් ය. ඒ අනුව නාග ලෝකය පිහිටියේ ද මෙම පෘථිවි තලයේමය. එම ප්‍රදේශයට දඹදිව සහ ලක්දිව කොටස් ද සම්බන්ධ විය. එහි විශාල ප්‍රදේශයක් පසුකල සාගර ජලයට යටවිය.

නාග නාමය

නාගයින් සමග සම්බන්ධ වූ ප්‍රදේශ වලට නාග නම ද එකතු විය. නාග ලෝකය නාග දීපය, නා ගොඩ නාපාන, නාලන්ද උදාහරණ වේ. නාග නමින් නාගයින් හැඳින් වූ අතර ඇතාද නාග නම් වෙයි. උපසම්පදාව අපේක්ෂිත සාමණේරයන් වහන්සේ ද නාග නමින් හැඳින්වෙයි.

බෞද්ධ සාහිත්‍යය

බෞද්ධ සාහිත්‍යයේ නාගයින් හා සම්බන්ධ වූ තොරතුරු රාශියකි. බුදුරජාණන් වහන්සේ කිරිපිඬු වැළඳූ පාත්‍රය නේරංජනා ගංඟාවේ උඩු ගං බලා ගොස් මදක් නතරව සිට වැටුණේ නාග ලෝකයටය.

“ඒ නිල් දිය මුදුනට දැමූ රන් තලිය සරත් කාලයෙහි හිරු මඬල මෙන් උඩු ගං බලා ගොස් ටිකත් සිට කාල නාග රාජයාගේ භවනයට වැද”......... (ථූප වංශය 31 පිටුව)

මේ අතර දිව්‍ය නාගයන් ගැන ද සඳහන් වේ. ඔවුන්ට මිනිස් වෙස් ගැනීමට පුළුවන. මුචලින්ද නා රජ එවැන්නෙකි. සයවන සතිය අවසානයේ දී මුචලින් ද නා රජ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ මනුෂ්‍ය වේශයෙනි.

“සතිය අවසන වැසි නැවති කල්හි නාග රාජයා මානවක වේශයක් ගෙන ඉදිරියට අවුත් බුදුන්ට නමස්කාර කරමින් සිටියේ ය.”

බුද්ධ ධර්ම සංග්‍රහය, ස්වභාෂා ප්‍රකාශන මුද්රණාංශය, කොළඹ 10 1964 අගෝස්තු

උරුවෙල් දනව්වට වැඩි බුදුරජාණන් වහන්සේ රාත්‍රියෙහි ගිණිහල් ගෙහි සිට එහි වූ නාගයා දමනය කර පාත්රයෙහිලා පසුදින උදයේ උරුවෙල කාශ්‍යප දැක්වූහ.

ඒකරක පත්‍ර නා රජු බුදු කෙනෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට ගංඟා නම් ගං තෙරට පැමිණ සිය දියණියට ගීතයක් උගන්වා තම විශාල පෙන ගොබය මත නටන්නට සැලැස්වීය. එම ගීතයට පිළිතුරු සපයන කෙනෙකුට දියණිය විවාහ කර දෙන බව ප්‍රකාශ කළේ ය. සංඛ පාල නා රජු පොහොය දිනවල දී මනු ලොවට පැමිණ සිල් සමාදන් විය. අප බෝසතාණන් වහන්සේ අතුල නම් නා රජව සිටියදී දහ නවවන නියත විවරණ ලද්දේ විපස්සි බුදුරජාණන් වහන්සේගෙනි. අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඇති වූ උදරාබාධයට පැන්ගෙන ඒමට ගිය සුමන සාමණේරයන් වහන්සේට පැන් නොදීමට අනවතත්ත විල පෙන ගොබයෙන් වසා ගත්තේ පන්ථක නම් නා රජු ය.

එවිට සාමණේරයෝ, දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවාගෙන ඔවුගේ පණස් යොදුන් පණ ගබ පිට බැසලා සත්ගවු හමාරක් දිග ඇති පතුල් දෙකින් ඉක්මන් නොවී සක්මන් කරන සේක... එකෙණෙහි නයි හුස්මන හඬක් මඩනා වේලෙහි ඵණය සුළං ගන්නා හඬක් අහස් ගිගුම් හා මුහුදු රළ ගිඟුම් හා එක එල්ලයට පැමිණ ගියා සේ ඉතා මහත් වූ ඝෝෂා විය. එකෙණෙහි ම නාග රාජයාගේ ඵණය මඩුත් මඩුත් අසු අස්සෙන් ජල ධාරාවෝ තල් කඳ සා පොල් කඳ සා ව ආකාශයට ගවු දෙගවු උස නැගෙන්නට පටන් ගත්තාහු ය.

පූජාවලිය (පිටුව 227 ) වේරගොඩ අමරමෝලි නාහිමි, ශ්‍රී ලංකා ප්‍රකාශන සමාගම, කොළඹ 1961.01.01

දිව්‍ය නාගයෙක් මිනිස් වෙස් ගෙන පැවිදිව විහාරස්ථානයක වාසය කළේ ය. මිනිස් වෙස් ගත් නමුත් ඔවුන්ට ආහාර ගැනීමේදීත් නිදා ගැනීමේදීත් නාග වේශය ගත යුතු විය. දිනක් මෙම නාගයා දුටු හිමිනමක් බිය වූහ. එයින් පසු නාගයන් පැවිදි කිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කළහ.

දොණ බමුණා, සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේ බෙදන විට දකුණු දළදා වහන්සේ තම හිස කෙස් අතර සඟවා ගත්තේය. අනෙක් දකුණු දළදාව පයට සඟවා ගත්තේ ය. මෙම අවස්ථාවේ එහි පැමිණ සිටි නා ලොව ජයසේන නම් නා රජු එය දැක සෘද්ධියෙන් ගෙන ගොස් නාග පුර මැණික් සෑයක් කර එහි තැන්පත් කොට පූජා කළේ ය. සර්වඥධාතු බෙදීමේදී කෝලිය රජ දරුවන්ට ලැබුණ ධාතු කොටස ඔවුන් ගෙන ගොස් රාම ග්‍රාමයෙහි දා ගැබක් කොට එහි තැන්පත් කළේ ය. පසු කාලයේ දී එම දා ගැබ වතුරෙන් බිඳි ධාතු කරඬුව සමුදුර මැද රන්වැලි මත්තෙහි පිහිටියේ ය. එය මඤ්ජෙරික නාග භවනයේ නයින් විසින් දැක මහ කෙල නා රජුට දන්වන ලදී. එවිට නා රජු එහි පැමිණ දා කරඬුව වඩා ගෙන ගොස් නා ලොව දා ගැබක් කොට එහි තැන්පත් කර පුද සත්කාර කළේ ය.

දුටුගැමුණු රජතුමා විසින් මහා සෑයේ තැන්පත් කරන ලද්දේ එම ධාතූන් වහන්සේ ය. නා ලොවට වැඩ එය මෙහි ගෙන ආවේ සෝණුත්තර සාමණේරයන් විසිනි. සෝණුත්තර සාමණේරයන් වහන්සේ ධාතූන් වහන්සේ රැගෙන යාමට නා ලොව වැඩිය බව දැනගත් මහ කෙල නා රජු එය ආරක්ෂා කර ගැනීමට වාසුල දත්ත නම් සිය බෑණනුවන්ට දැන් වීය. වාසුල දත්ත ධාතු කරඬුව කුස රඳවාගෙන ආරක්ෂා කළේ ය. එය දුටු සෝණුත්තර සාමණේරයෝ සියුම් අතක් මවාගෙන ඔහුගේ කුස තුළ තිබුණ දා කරඬුව ගත්හ.

“මෙරු පා මුල නා කැලක් පිරිවරා වැදහොත් ඔහු ගේ බෑණා මුඛයට අත පොවා වදාරා දා කරඬුව ඇරැගෙන වදාරන සේක. නාග රාජය! අප ආ කාරිය සිද්ධ විය. තෙපි සිටුවයි වදාරා..... අවුත් තමන් වහන්සේ වැඩ හිඳිනා පුද පිරිවෙනැ පෙනුණු සේක.”

ථූපවංශය (පිටුව 100)

මකුළුදූවේ පියරතන නාහිමි සංශෝධනය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ – 1966

ථූප වංශයෙහි නාගයින් ගේ ස්වභාවය දක්වා ඇත්තේ මෙසේ ය. “ඉක්බිති නාග භවනයෙහි සියලු නයි රැස්ව ඉසැ කෙස් මුදා පිට මැද හෙළා ගෙන දෑතින් ළය වහල් කොටැ ගෙනැ...... දෑස් වලින් කඳුළු ධාරාවන් වගුරන්නා හු, නාග භවනයෙන් අවුත් සෝණුත්තර සාමණේරයන් වහන්සේගේ පුද පිරිවෙනට රැස්ව අඬන්නා හු මෙසේ කියා හැඬූහ... ඒ ස්වාමි දරුවන්ගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතූන් වහන්සේ අප විෂ ඝෝර විසින් අප ඇසට ගදාළ (හදාළ) වූ සේක් ද?........ අපිත් සසර නොසිටිය මෝද? මිනිසුන් දුක් පහකරම්හයි බුදු වූ බව මුත් නා ලොව නයින්ගේ දුක් පහ කරමි දැයි නොසිතූ සේක්ද?.... ඒ බුදුන් ගේ කරුණාව අප විෂඝෝර හෙයින් ඇකිළී අප කරා නොවන්නේ ද?... නුඹ වහන්සේ ධාතූන් වහන්සේ ඇරැගෙන ඊමෙන් පීඩාවට පැමිණියම්හ’යි සඟ මැදෑ අනෙක් කාරණා කියා ඒ නයි මේ සැටියේ ඇඬුයැ”

ථූපවංශය (පිටු 101 – 102)

නාගයන් හැඬීම

සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවා ගෙන එන විට එය ලබා ගැනීමට නාගයෝ තැත් කළහ. එහිදී තෙරණියෝ ගුරුළු වෙසක් ගෙන නාගයන් බිය කළහ. පසු නාගයෝ යාඥා කොට බෝධීන් වහන්සේ ලබාගෙන නා ලොවට ගෙන ගොස් සත් දිනක් පූජා කොට ගෙන ආහ. (වැඩි විස්තර සඳහා සිංහල බෝධි වංශයේ දුමින්දාගමන කථා 229 පිටුව බලන්න)

ලක්දිව

ලක්දිව නාගදීපයෙහි විසූ චූලෝදර, මහෝදර සහ කැලණියේ මණිඅක්ඛිත යන නා රජවරුන් පිළිබඳ තොරතුරු මහා වංශයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ මයියංගනයට වැඩම කළ අවස්ථාවේ මණි අක්ඛිත නා රජු එහි ගොස් බණ අසා බුදුරදුන් සරණ ගිය කෙනෙකි.

නාගදීපය

නාගදීපයට යාපනය ඇතුළු බටහිර වෙරළ තීරය අයත් විය. කැලණිය එහි ප්‍රධාන නගරයක් විය. “එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයමි. නාග භවනයෙහි රජ වී,

මහා වංශය (පිටුව 04 )

හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම, කාළඹ – 1946

වර්තමාන කැලණියට හත් ගවුවක් දුරින් එකල මුහුද විය. කැලණිතිස්ස රජු දවස ඇති වවූ මුහුද ගොඩගැලීමෙන් ද ඊට පෙර ඇති වූ විපත් වලින් ද ගොඩබිම මුහුදට යටවිය. ඒ විශාල බිම් ප්‍රදේශය එකළ නාගදීපයට අයත් විය.

නාගදීපයේ මහෝදර නා රජුගේ සහෝදරිය කත් වඩ නම් පර්වතයෙහි විසූ නා රජුට පාවා දී තිබුණි. චූලෝදර ඔවුන්ගේ පුතණුවන්ය. එම විවාහයේ දී පිය රජු ඇයට මැණික් පුටුවක් තෑගි කළේ ය. මහෝදර නා රජුගේ සොහොයුරිය මිය ගිය පසු මහෝදර නා රජු එම පුටුව ආපසු ඉල්ලා සිටියේ ය. එය හේතු කරගෙන චූලෝදර සහ මහෝදර අතර යුද්ධයකට මඟ පෑදිණි. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණි අක්ඛිත නා රජු ද එම සටනට සහභාගි වීම සඳහා එහි ගොස් සිටියේ ය. මෙම මිණි පළඟ හේතු කරගෙන නාගයින් අතර සටනක් ඇතිවන බව දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියහ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි දෙවන අවස්ථාව මෙයයි. ඒ සමපත් සව්බෝධියෙන් පස්වන වසය. “නාගයන් ගේ මිණි පළඟ හේතු කොට එළඹියා වූ යුද්ධය දැක බක්මස අමාවක් පෝ දින උදය කාලයෙහිම උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩිසේක.” මහාවංශය (පිටුව 04 )

මැණික් පුටුව (නාගදීපය)

බුදුරජාණන් වහන්සේ නයින් එළඹ සිටි යුද්ධය නතර කොට මිණි පළහ (මැණික් පුටුව) ඔවුන්ටම ප්රදානය කළසේක. “නාග රාජයෙනි, මාගේ පාරිභෝගික චෛත්‍යය වඳිමි. නාගයෙනි, එය තොපට වැඩ පිණිසද වන්නේය. මහාවංශය (පිටුව 5 ) එම මැණික් පුටුව නාගදීපයෙහි දාගැබක් කොට තැන්පත් කළේ ය. ඒ බව නාගදීප ථූප වන්දනා ගාථාවේ මෙසේ සඳහන් වෙයි.

භගිනි සුත මාතුලේහි දින්නේ – මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ

මුනි ධම්ම දේසයි පණීතං - සිරසා තංපණමාමි නාගදීපං

කැලණිය

යුද්ධයට සහභාගි වීම සඳහා පැමිණි සිටි මණි අක්ඛිත නා රජු එහි දී බුදුරජාණන් වහන්සේට තමන්ගේ වාසභූමියට වඩිනා ලෙස මෙසේ ආරාධනා කළේ ය. “ස්වාමීන් වහන්ස,! මේ තෙමේ නුඹ වහන්සේ විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පාවෙත නුඹ වහන්සේ මෙහි නොපැමිණියේ නම් අපි සියල්ලෝ අලු වම්හ. පුණ්යොදය ඇත්තා වූ තථාගතයන් වහන්ස! මා කෙරෙහි ද වෙන් වශයෙන් නුඹ වහන්සේගේ කරුණාව වේවා, නැවත මෙහි ආගමනයෙන් මා ගේ වාස භවනයට වඩිනා සේක්වයි කීයේ ය. (මහාවංශය – පිටුව 05 )

එයින් තුන්වෙනි වර්ෂයෙහි සම්‍යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩියහ.

“භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරණ ලද්දේ දෙවෙනි දවස භක්ත කාලය ආරෝචන කළ කල්හි රම්‍ය වූ වෙසක් මස පෞණිවාසී තිථියෙහි එහිදීම සහල සිවුරු පොරවා පාත්‍රය (ශ්‍රී හස්තයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණි අක් (නාරජහු) නිවසෙට වැඩි සේක. (මහා වංශය – පිටුව 05)

එහි දී බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා මණි අක්ඛිත නා රජු විසින් කරවන ලද රත්ත මණ්ඩපයෙහි වැඩ සිටියහ. ‘කැලණි සෑය පිහිටිතන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයා ද මා හැගි වූ පළෙඟහි තමන් වහන්සේ ද වැඩ උන් සේක.” (ම.වං. පිටුව 05 ) එය කැලණි චෛත්‍ය වන්දනා ගාථාවෙන් මනාව පැහැදිලි වේ.

[QUOTE="kk97, post: 18048515, member: 520013"] [b]නාගයෝ ගැන බුදුදහමින්[/b] [CENTER][COLOR=DarkGreen][I][B][SIZE=6][SIZE=7]නාගයෝ ගැන බුදුදහමින්[/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/10440846_814946201906037_3748319525474287347_n.jpg?oh=8d38cc98fefd6ad6caeb9d68495a4f91&oe=5586EF61&__gda__=1434470231_7f9231758414b43434b78f5142482a95[/IMG] [/SIZE][/B][/I][/COLOR][/CENTER] [LEFT][SIZE=4][COLOR=Indigo]බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන ලද සමයේ සිට වාසය කළ යක්ෂ නාග සහ දේව යන කොට්ඨාස පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ අයගෙන් වඩා රසවත් තොරතුරු හමුවන්නේ නාගයන් පිළිබඳව ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] නාගයන් නොනැසිය යුතු කොටසක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන බව දැක්වෙයි. සමහර නාගයෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූහ. ඒ අතර බොහෝ නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වන නයින් කෙබඳු කොට්ඨාසයක් දැයි අප විමසා බැලිය යුතු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] නයා - අප සාමාන්‍යයෙන් නයා වශයෙන් හඳුන්වන්නේ අපගේ ඉඩ කඩම්වලදී දක්නට ලැබෙන නයින් ය. මොවුන් අතර සිටින සුදු නයි පිළිබඳව ගැමියෝ විශේෂ සැලකීමක් දක්වති. කළු නයි නපුරු යැයි කියති. කෙසේ වෙතත් ගැමියාට හමුවන නයා ඔවුන් ඇමතුවේ නයි හාමි යනුවෙනි. එයට හේතු වූයේ තම මිය ගිය ඥාතීන් නයින්ව ඉපදෙන බවට ඔවුන් අතර පැවැති විශ්වාසයයි.[/COLOR][/SIZE] [/LEFT] [SIZE=4][COLOR=Indigo] [B][SIZE=5]විෂඝෝර නයි [/SIZE][/B] ආසි විසෝපම සූත්‍රයෙහි විෂඝෝර නයි සතර දෙනෙක් පිළිබඳව හඳුන්වා දෙයි. ඔවුන් දෂ්ට කිරීමෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවෙයි. 1. [B]කට්ඨ මුඛ[/B] - මොවුන් දෂ්ට කළ විට සිරුර දර ලීයක් මෙන් වෙයි. 2. [B]පුති මුඛ[/B] – දෂ්ට කිරීමෙන් ශරීරය කුණු වෙයි. 3. [B]අග්‍රා මුඛ[/B] – දෂ්ට කළ විට සිරුර කැබලි වලට කැඩෙයි. 4. [B]සත්ථ මුඛ[/B] - දෂ්ට කළ මොහොතේම මියයයි. මෙම වර්ග සතර දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි දක්වා ඇත්තේ රජ ඔටුණු වෙළඳ සහ ගොවි වශයෙනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [B][SIZE=5]නාගයා[/SIZE][/B] නාගයා, නයාට වඩා විශාලය. වනාන්තර වල සහ වෙහෙර විහාර දේවාල ආශි‍්‍රතව වෙසේ. මොවුන් නිදන් ආරක්ෂා කරන බව සමහරු විශ්වාස කරති. දිව්‍ය නාගයින් මොවුන් මිනිස් ඇසට නොපෙනේ. මනුෂ්‍ය වෙස් ගැනීමට පුළුවන.මුචලින් ද නා රජු ඊට නිදසුනකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] නාග ගෝත්‍රය නාග ගෝත්‍රිකයෝ දඹදිව මෙන්ම ලක්දිව මෙන්ම ලක්දිව විසූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුහු රාජ්‍ය පාලනය කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය. මෙම නාග ගෝත්‍රිකයෝ කොටස් දෙකක් වූහ. 1.[B] සමුද්‍ර වාසී[/B] මොවුහු ධීවර කර්මාන්තය සහ වෙළඳාම කළහ. ඔවුන්ට නාවික යාත්‍රා තිබිණි. අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය. 2. [B]ගොඩබිම් වාසි[/B] මෙම කොටස කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය. රාජ්‍ය බලයෙන් පිරිහුන බලවත් නයි පසු කළ ආරක්ෂකයෝ වූහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] නාග ලෝකය වංශ කතාවල සඳහන් වන ආකාරයට නාග ලෝකය පිහිටියේ මහා පෘථිවියේ සාගර පත්ල යටය. නාගයෝ එහි සිට මනු ලොවට පැමිණියහ. නාග ලෝකය පිහිටි ස්ථානය පිළිබඳව ඇතැමුන් අතර මත පවතී. ලෝකය නැඟෙනහිර සහ බටහිර වශයෙන් කොටස් දෙකකි. එයින් බටහිර රටවල් අපර දිග ලෝකය වශයෙනුත් නැඟෙනහිර රටවල් පෙරදිග ලෝකය වශයෙනුත් හැඳින්වෙයි. ඒ අනුව නාගයින් වාසය කළ ප්‍රදේශය හැඳින් වූයේ නාගලෝකය නමින් ය. ඒ අනුව නාග ලෝකය පිහිටියේ ද මෙම පෘථිවි තලයේමය. එම ප්‍රදේශයට දඹදිව සහ ලක්දිව කොටස් ද සම්බන්ධ විය. එහි විශාල ප්‍රදේශයක් පසුකල සාගර ජලයට යටවිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [B][SIZE=5]නාග නාමය[/SIZE][/B] නාගයින් සමග සම්බන්ධ වූ ප්‍රදේශ වලට නාග නම ද එකතු විය. නාග ලෝකය නාග දීපය, නා ගොඩ නාපාන, නාලන්ද උදාහරණ වේ. නාග නමින් නාගයින් හැඳින් වූ අතර ඇතාද නාග නම් වෙයි. උපසම්පදාව අපේක්ෂිත සාමණේරයන් වහන්සේ ද නාග නමින් හැඳින්වෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] බෞද්ධ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයේ නාගයින් හා සම්බන්ධ වූ තොරතුරු රාශියකි. බුදුරජාණන් වහන්සේ කිරිපිඬු වැළඳූ පාත්‍රය නේරංජනා ගංඟාවේ උඩු ගං බලා ගොස් මදක් නතරව සිට වැටුණේ නාග ලෝකයටය. “ඒ නිල් දිය මුදුනට දැමූ රන් තලිය සරත් කාලයෙහි හිරු මඬල මෙන් උඩු ගං බලා ගොස් ටිකත් සිට කාල නාග රාජයාගේ භවනයට වැද”......... (ථූප වංශය 31 පිටුව) මේ අතර දිව්‍ය නාගයන් ගැන ද සඳහන් වේ. ඔවුන්ට මිනිස් වෙස් ගැනීමට පුළුවන. මුචලින්ද නා රජ එවැන්නෙකි. සයවන සතිය අවසානයේ දී මුචලින් ද නා රජ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ මනුෂ්‍ය වේශයෙනි. “සතිය අවසන වැසි නැවති කල්හි නාග රාජයා මානවක වේශයක් ගෙන ඉදිරියට අවුත් බුදුන්ට නමස්කාර කරමින් සිටියේ ය.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] බුද්ධ ධර්ම සංග්‍රහය, ස්වභාෂා ප්‍රකාශන මුද්රණාංශය, කොළඹ 10 1964 අගෝස්තු[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] උරුවෙල් දනව්වට වැඩි බුදුරජාණන් වහන්සේ රාත්‍රියෙහි ගිණිහල් ගෙහි සිට එහි වූ නාගයා දමනය කර පාත්රයෙහිලා පසුදින උදයේ උරුවෙල කාශ්‍යප දැක්වූහ. ඒකරක පත්‍ර නා රජු බුදු කෙනෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට ගංඟා නම් ගං තෙරට පැමිණ සිය දියණියට ගීතයක් උගන්වා තම විශාල පෙන ගොබය මත නටන්නට සැලැස්වීය. එම ගීතයට පිළිතුරු සපයන කෙනෙකුට දියණිය විවාහ කර දෙන බව ප්‍රකාශ කළේ ය. සංඛ පාල නා රජු පොහොය දිනවල දී මනු ලොවට පැමිණ සිල් සමාදන් විය. අප බෝසතාණන් වහන්සේ අතුල නම් නා රජව සිටියදී දහ නවවන නියත විවරණ ලද්දේ විපස්සි බුදුරජාණන් වහන්සේගෙනි. අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඇති වූ උදරාබාධයට පැන්ගෙන ඒමට ගිය සුමන සාමණේරයන් වහන්සේට පැන් නොදීමට අනවතත්ත විල පෙන ගොබයෙන් වසා ගත්තේ පන්ථක නම් නා රජු ය. එවිට සාමණේරයෝ, දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවාගෙන ඔවුගේ පණස් යොදුන් පණ ගබ පිට බැසලා සත්ගවු හමාරක් දිග ඇති පතුල් දෙකින් ඉක්මන් නොවී සක්මන් කරන සේක... එකෙණෙහි නයි හුස්මන හඬක් මඩනා වේලෙහි ඵණය සුළං ගන්නා හඬක් අහස් ගිගුම් හා මුහුදු රළ ගිඟුම් හා එක එල්ලයට පැමිණ ගියා සේ ඉතා මහත් වූ ඝෝෂා විය. එකෙණෙහි ම නාග රාජයාගේ ඵණය මඩුත් මඩුත් අසු අස්සෙන් ජල ධාරාවෝ තල් කඳ සා පොල් කඳ සා ව ආකාශයට ගවු දෙගවු උස නැගෙන්නට පටන් ගත්තාහු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] පූජාවලිය (පිටුව 227 ) වේරගොඩ අමරමෝලි නාහිමි, ශ්‍රී ලංකා ප්‍රකාශන සමාගම, කොළඹ 1961.01.01[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] දිව්‍ය නාගයෙක් මිනිස් වෙස් ගෙන පැවිදිව විහාරස්ථානයක වාසය කළේ ය. මිනිස් වෙස් ගත් නමුත් ඔවුන්ට ආහාර ගැනීමේදීත් නිදා ගැනීමේදීත් නාග වේශය ගත යුතු විය. දිනක් මෙම නාගයා දුටු හිමිනමක් බිය වූහ. එයින් පසු නාගයන් පැවිදි කිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කළහ. දොණ බමුණා, සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේ බෙදන විට දකුණු දළදා වහන්සේ තම හිස කෙස් අතර සඟවා ගත්තේය. අනෙක් දකුණු දළදාව පයට සඟවා ගත්තේ ය. මෙම අවස්ථාවේ එහි පැමිණ සිටි නා ලොව ජයසේන නම් නා රජු එය දැක සෘද්ධියෙන් ගෙන ගොස් නාග පුර මැණික් සෑයක් කර එහි තැන්පත් කොට පූජා කළේ ය. සර්වඥධාතු බෙදීමේදී කෝලිය රජ දරුවන්ට ලැබුණ ධාතු කොටස ඔවුන් ගෙන ගොස් රාම ග්‍රාමයෙහි දා ගැබක් කොට එහි තැන්පත් කළේ ය. පසු කාලයේ දී එම දා ගැබ වතුරෙන් බිඳි ධාතු කරඬුව සමුදුර මැද රන්වැලි මත්තෙහි පිහිටියේ ය. එය මඤ්ජෙරික නාග භවනයේ නයින් විසින් දැක මහ කෙල නා රජුට දන්වන ලදී. එවිට නා රජු එහි පැමිණ දා කරඬුව වඩා ගෙන ගොස් නා ලොව දා ගැබක් කොට එහි තැන්පත් කර පුද සත්කාර කළේ ය. දුටුගැමුණු රජතුමා විසින් මහා සෑයේ තැන්පත් කරන ලද්දේ එම ධාතූන් වහන්සේ ය. නා ලොවට වැඩ එය මෙහි ගෙන ආවේ සෝණුත්තර සාමණේරයන් විසිනි. සෝණුත්තර සාමණේරයන් වහන්සේ ධාතූන් වහන්සේ රැගෙන යාමට නා ලොව වැඩිය බව දැනගත් මහ කෙල නා රජු එය ආරක්ෂා කර ගැනීමට වාසුල දත්ත නම් සිය බෑණනුවන්ට දැන් වීය. වාසුල දත්ත ධාතු කරඬුව කුස රඳවාගෙන ආරක්ෂා කළේ ය. එය දුටු සෝණුත්තර සාමණේරයෝ සියුම් අතක් මවාගෙන ඔහුගේ කුස තුළ තිබුණ දා කරඬුව ගත්හ. “මෙරු පා මුල නා කැලක් පිරිවරා වැදහොත් ඔහු ගේ බෑණා මුඛයට අත පොවා වදාරා දා කරඬුව ඇරැගෙන වදාරන සේක. නාග රාජය! අප ආ කාරිය සිද්ධ විය. තෙපි සිටුවයි වදාරා..... අවුත් තමන් වහන්සේ වැඩ හිඳිනා පුද පිරිවෙනැ පෙනුණු සේක.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] ථූපවංශය (පිටුව 100) මකුළුදූවේ පියරතන නාහිමි සංශෝධනය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ – 1966[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] ථූප වංශයෙහි නාගයින් ගේ ස්වභාවය දක්වා ඇත්තේ මෙසේ ය. “ඉක්බිති නාග භවනයෙහි සියලු නයි රැස්ව ඉසැ කෙස් මුදා පිට මැද හෙළා ගෙන දෑතින් ළය වහල් කොටැ ගෙනැ...... දෑස් වලින් කඳුළු ධාරාවන් වගුරන්නා හු, නාග භවනයෙන් අවුත් සෝණුත්තර සාමණේරයන් වහන්සේගේ පුද පිරිවෙනට රැස්ව අඬන්නා හු මෙසේ කියා හැඬූහ... ඒ ස්වාමි දරුවන්ගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතූන් වහන්සේ අප විෂ ඝෝර විසින් අප ඇසට ගදාළ (හදාළ) වූ සේක් ද?........ අපිත් සසර නොසිටිය මෝද? මිනිසුන් දුක් පහකරම්හයි බුදු වූ බව මුත් නා ලොව නයින්ගේ දුක් පහ කරමි දැයි නොසිතූ සේක්ද?.... ඒ බුදුන් ගේ කරුණාව අප විෂඝෝර හෙයින් ඇකිළී අප කරා නොවන්නේ ද?... නුඹ වහන්සේ ධාතූන් වහන්සේ ඇරැගෙන ඊමෙන් පීඩාවට පැමිණියම්හ’යි සඟ මැදෑ අනෙක් කාරණා කියා ඒ නයි මේ සැටියේ ඇඬුයැ” ථූපවංශය (පිටු 101 – 102)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [B][SIZE=5]නාගයන් හැඬීම[/SIZE][/B] සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවා ගෙන එන විට එය ලබා ගැනීමට නාගයෝ තැත් කළහ. එහිදී තෙරණියෝ ගුරුළු වෙසක් ගෙන නාගයන් බිය කළහ. පසු නාගයෝ යාඥා කොට බෝධීන් වහන්සේ ලබාගෙන නා ලොවට ගෙන ගොස් සත් දිනක් පූජා කොට ගෙන ආහ. (වැඩි විස්තර සඳහා සිංහල බෝධි වංශයේ දුමින්දාගමන කථා 229 පිටුව බලන්න)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] ලක්දිව ලක්දිව නාගදීපයෙහි විසූ චූලෝදර, මහෝදර සහ කැලණියේ මණිඅක්ඛිත යන නා රජවරුන් පිළිබඳ තොරතුරු මහා වංශයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ මයියංගනයට වැඩම කළ අවස්ථාවේ මණි අක්ඛිත නා රජු එහි ගොස් බණ අසා බුදුරදුන් සරණ ගිය කෙනෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [B][SIZE=5]නාගදීපය [/SIZE][/B] නාගදීපයට යාපනය ඇතුළු බටහිර වෙරළ තීරය අයත් විය. කැලණිය එහි ප්‍රධාන නගරයක් විය. “එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයමි. නාග භවනයෙහි රජ වී, මහා වංශය (පිටුව 04 ) හික්කඩුවේ සුමංගල හිමි, රත්නාකර පොත් සමාගම, කාළඹ – 1946 [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] වර්තමාන කැලණියට හත් ගවුවක් දුරින් එකල මුහුද විය. කැලණිතිස්ස රජු දවස ඇති වවූ මුහුද ගොඩගැලීමෙන් ද ඊට පෙර ඇති වූ විපත් වලින් ද ගොඩබිම මුහුදට යටවිය. ඒ විශාල බිම් ප්‍රදේශය එකළ නාගදීපයට අයත් විය. නාගදීපයේ මහෝදර නා රජුගේ සහෝදරිය කත් වඩ නම් පර්වතයෙහි විසූ නා රජුට පාවා දී තිබුණි. චූලෝදර ඔවුන්ගේ පුතණුවන්ය. එම විවාහයේ දී පිය රජු ඇයට මැණික් පුටුවක් තෑගි කළේ ය. මහෝදර නා රජුගේ සොහොයුරිය මිය ගිය පසු මහෝදර නා රජු එම පුටුව ආපසු ඉල්ලා සිටියේ ය. එය හේතු කරගෙන චූලෝදර සහ මහෝදර අතර යුද්ධයකට මඟ පෑදිණි. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණි අක්ඛිත නා රජු ද එම සටනට සහභාගි වීම සඳහා එහි ගොස් සිටියේ ය. මෙම මිණි පළඟ හේතු කරගෙන නාගයින් අතර සටනක් ඇතිවන බව දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියහ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි දෙවන අවස්ථාව මෙයයි. ඒ සමපත් සව්බෝධියෙන් පස්වන වසය. “නාගයන් ගේ මිණි පළඟ හේතු කොට එළඹියා වූ යුද්ධය දැක බක්මස අමාවක් පෝ දින උදය කාලයෙහිම උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩිසේක.” මහාවංශය (පිටුව 04 )[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] මැණික් පුටුව (නාගදීපය) බුදුරජාණන් වහන්සේ නයින් එළඹ සිටි යුද්ධය නතර කොට මිණි පළහ (මැණික් පුටුව) ඔවුන්ටම ප්රදානය කළසේක. “නාග රාජයෙනි, මාගේ පාරිභෝගික චෛත්‍යය වඳිමි. නාගයෙනි, එය තොපට වැඩ පිණිසද වන්නේය. මහාවංශය (පිටුව 5 ) එම මැණික් පුටුව නාගදීපයෙහි දාගැබක් කොට තැන්පත් කළේ ය. ඒ බව නාගදීප ථූප වන්දනා ගාථාවේ මෙසේ සඳහන් වෙයි. භගිනි සුත මාතුලේහි දින්නේ – මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ මුනි ධම්ම දේසයි පණීතං - සිරසා තංපණමාමි නාගදීපං[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] කැලණිය යුද්ධයට සහභාගි වීම සඳහා පැමිණි සිටි මණි අක්ඛිත නා රජු එහි දී බුදුරජාණන් වහන්සේට තමන්ගේ වාසභූමියට වඩිනා ලෙස මෙසේ ආරාධනා කළේ ය. “ස්වාමීන් වහන්ස,! මේ තෙමේ නුඹ වහන්සේ විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පාවෙත නුඹ වහන්සේ මෙහි නොපැමිණියේ නම් අපි සියල්ලෝ අලු වම්හ. පුණ්යොදය ඇත්තා වූ තථාගතයන් වහන්ස! මා කෙරෙහි ද වෙන් වශයෙන් නුඹ වහන්සේගේ කරුණාව වේවා, නැවත මෙහි ආගමනයෙන් මා ගේ වාස භවනයට වඩිනා සේක්වයි කීයේ ය. (මහාවංශය – පිටුව 05 ) එයින් තුන්වෙනි වර්ෂයෙහි සම්‍යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩියහ. “භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරණ ලද්දේ දෙවෙනි දවස භක්ත කාලය ආරෝචන කළ කල්හි රම්‍ය වූ වෙසක් මස පෞණිවාසී තිථියෙහි එහිදීම සහල සිවුරු පොරවා පාත්‍රය (ශ්‍රී හස්තයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණි අක් (නාරජහු) නිවසෙට වැඩි සේක. (මහා වංශය – පිටුව 05) එහි දී බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා මණි අක්ඛිත නා රජු විසින් කරවන ලද රත්ත මණ්ඩපයෙහි වැඩ සිටියහ. ‘කැලණි සෑය පිහිටිතන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයා ද මා හැගි වූ පළෙඟහි තමන් වහන්සේ ද වැඩ උන් සේක.” (ම.වං. පිටුව 05 ) එය කැලණි චෛත්‍ය වන්දනා ගාථාවෙන් මනාව පැහැදිලි වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom