Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නාග මාපිලා / ලේ මාපිලා / කබර මාපිලා Forestn's cat snake (Boiga forsteni)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]216730[/ATTACH]

නාග මාපිලා / ලේ මාපිලා / කබර මාපිලා Forestn's cat snake (Boiga forsteni)

අද අපි මෙම සර්ප විශේෂය සම්බන්ධයෙන් කතා කරන විට ලංකාව තුල වැඩිම මිත්‍යා කතා රැසක් ගෙතී ඇත්තේ මේ මාපිලන් වටාය.

මෙම මාපිලන් සම්බන්ධයෙන් ඇති මිත්‍යා මත නම් ලේ මාපීලුන් මිනිසුන්ගේ ලේ උරා බීමෙන් මිනිසෙකු මරණයට පත් කරන බවත් හත් දෙනෙක් වහලෙන් එකට එල්ලී මිනිසෙක් මරණයට පත්වන තුරුම ලේ බොන බවත්ය.එම නිසා මාපිලන් උග්‍ර විෂ සර්පයන් කොටසක් ලෙස සමාජ ගත වීමද මෙම මිත්‍යා මත නිසා සිදු වූ ගැටළුවකි.

[ATTACH=full]216731[/ATTACH]

නමුත් කිසිඳු සර්පයෙක් ලේ උරා නොබොන අතර එහි කිසිඳු සත්‍යතාවක් නොමැත.සියලුම මාපිලන් සුළු විෂ සර්පයන් වේ.රුක්වාසී සර්පයන් ලෙස හැඳින්වෙන මම සර්පයන් රුක්වාසීව හෝ නිවෙස් වල වහලවල් වල සිට ඔවුන්ගේ දඩයම් ලබා ගනුයේ ඔවුන්ගේ පිහිටා ඇති ග්රාහක වලිගය ආධාරයෙනි.එම නිසා නිවසකට තම ආහාර ලබා ගැනීමට පැමිණෙන මෙම සර්පයන් තමන්ගේ ග්රාහක වලිගයෙන් පරාලයක එල්ලි පහලින් ගමන් කරනු ලබන මීයන් වැනි සතුන් දඩයම් කරයි. එම ගොදුරු වලින් වෑහෙන ලේ සහ මෙම මාපිලන් දකින මිනිසුන් මෙය ලේ උරා බිමක් ලෙස සලකා මෙම මිත්‍යා මතය සමාජ ගත කරයි.

එමෙන්ම "හබරලා" / "හබරලියා"යනුවෙන් නිශ්චිත සර්ප විශේෂයක් නොමැති වූවත් බොහෝ ප්‍රදේශවල මෙම සර්පයාටද "හබරලා" / "හබරලියා" යන නාමය භාවිතා කරනවා.ඒ වගේම ගැමියන් තුල විශ්වාසයක් තිබෙනවා එක් මාපිලෙක් මැරුවම මාපිලුන් 07 දෙනෙකු නැවත පැමිණෙන බව, මෙහි යම්කිසි සත්‍යතාවක් ද පවතී.එසේ වීමට හේතුව වන්නේ සර්පයන්ගේ ප්‍රජනන සමය තුල ගැහැණු සතුන් නිකුත් කරන " පෙරමෝන " නැමති ශ්රාවයක් වහනය වීමයි මිනිසෙකු මෙම සර්පයන් මැරූ විට එම තැලුන ප්‍රදේශ තුලින් මෙම පෙරමෝන වාතයට ශ්‍රාවය වේ. ඒම ශ්‍රාවය දැනෙන ඒ අවට ඉන්න විරුද්ධ ලිංගක සර්පයන් මෙම ශ්‍රාවය නිකුත් වෙන තැනට ඇදී එයි නමුත් එය නිශ්චිතව ප්‍රමාණයක් කිව නොහැකිය.මන්ද ඒ අවට ඒ අවස්ථාව තුල සිටින සර්පයන් මෙම ශ්‍රාවය වාහනය වෙන තැනට පැමිණීමට ඇති හැකියාව නිසාය.

කොහොම නමුත් මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් නොමැති වුවත් ඉහත සඳහන් මිත්‍යා කතා පදනම් කොට ගෙන මෙම සර්පයා මරණයට පත් කිරීමට තරම් මිනිසුන් පෙළබී තිබීම කණගාටුවට කරුණකී.

මෙම ලේ මාපිලා/නාග මාපිලා දැනට ලංකාවේ වාර්තා වන විශාලතම මාපිල් විශේෂය වේ.

ව්‍යාප්තිය :-

මෙම සර්ප විශේෂය තෙත් කලාපයේ සහ අතරමැදි කලාප සහ වියළි කලාපයේදී බහුලව ව්‍යාප්තව සිටිනවා.

හඳුනා ගැනීමේ ලක්ෂණ :-

මෙම සර්ප විශේෂය වර්ණ ප්‍රභේද කිහිපයකින් දැකී ගැනීමට පුළුවන් වේ. එය පහත වෙන් වෙන්ව දක්වා ඇත.සිහින් දිගු තියුනු කෙලවරක් සහිත වලිගයක් මේ සර්පයාගෙ දැක ගත හැක.පූසෙකුගේ මෙන් විශාල ඇස් සහ ඇසේ මැද සිරස් කණිකාවක් පිහිටා ඇත. එය මොවුනට ඉංග්‍රීසි බසින් " Cat Snake " යන නාමය ලැබීමටද හේතු වී ඇත.මොවුන්ගේ විශේෂත්වය වන්නේ අනෙකුත් සර්පයන්ට නොමැති ග්රාහක වලිගයක් පිහිටා තිබීමයි.

1. කිසිඳු සළකුණක් නොමැති, පෘෂ්ඨීයව තද රතු සහ උදරීයව ලා පැහැති දේහයක් සහිත වර්ණ ප්‍රභේදය ලේ මාපිලා ලෙස හඳුන්වයි.

2. කහ හෝ තැඹිලි අපැහැදලිි හරස් පටි සහිත, පෘෂ්ඨීයව ලා රතු හෝ තැඹිලි සහ උදරීයව වඩාත් ලා පැහැති දේහය සහිත වර්ණ ප්‍රභේදය ද ලේ මාපිලා ලෙස හඳුන්වයි

3. අළු කළු සහ සුදු හරස් පටි සහිත, පෘෂ්ඨීයව තද අළු සහ උදරීයව තද පැහැ සලකුණු සහිත ලා අළු පැහැති දේහය සහිත වර්ණ ප්‍රභේදය නාග මාපිලා ලෙස හඳුන්වයි

4. සුදු පැහැ සිහින් හරස් රේඛා ජාලයක් සහිත, පෘෂ්ඨීයව තද දුඹුරු සහ උදරීයව ලා දුඹුරු දේහය. ඇතැම් සතුන්ගේ සුදු පැහැ සිහින් පාර්ශ්වික රේඛාවක් ශරීරය දිගට පිහිටයි. මෙම වර්ණ ප්‍රභේදය ද නාග මාපිලා ලෙස හඳුන්වයි

මෙම සියළු වර්ණ ප්‍රභේදවලට අයත් සතුන්ගේ තොල් ලා පැහැ වන අතර, බහුතරයක් සතුන්ගේ හිස මුදුනේ ලා පැහැති දාරයක් සහිත තද පැහැති පටියක් දික් අතට පිහිටයි එවැනි පටි දෙකක් ඇස පිටුපසින් ආරම්භ වී ගෙල දක්වා විහිදේ.

හැසිරීම් රටාව :-

මොවුන් රුක්වාසි සහ හෞමිකව ජීවත් වන සර්ප විශේෂයකී.අනතුරක් හැඟවුනු පසු වලිගයෙන් මඳක් එසවී පිම්බී සතුරා බියට පත් කීරීමට උත්සහයක් දරයී.

ආහාර රටාව :-

ප්‍රධාන වශයෙන් මීයන් සහ ලේනුන්,ගෙම්බන් සහ හිකනළුන් ආහරයට ගනී.විශේෂයෙන් මොවුන්ගේ ග්රාහක වලිගයද ගොදුරු ඩැහැ ගැනීමේදී උපකාරී වේ.

විෂ තත්ත්වය සහ එහී බලපෑම :-

සුළු විෂ සර්පයෙකු වන අතර, මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් නොමැත.Ophisthoglyphous ආකාරයේ දළ ඇත.

(Opisthoglyphous) යනු නොදියුණු එහෙමත් නැත්නම් ප්‍රාථමික මට්ටමේ පවතින විෂ පද්ධතියකි. උගුර ආසන්නයේ විකිරණය වූ දළ වලින් සහ ඩුවනෝයි ග්‍රන්ථියකින් සමන්විත වෙනවා. විෂ ගලා ඒමට දළ වල කාණුවක් පිහිටයි.එම නිසා දෂ්ඨනයක් සිදු වූ ස්ථානය ඉදිමීම, වේදනාවක් ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.

ඉහත කී කරුණු හොඳින් වටහා ගෙන එය පිළිබඳව අවබෝධයක් ලබා ගෙන පරිසරයට මහත් වැදගත් කමක් දක්වන වන මෙම සර්පයන් ආරක්ෂා කරමු.

සටහන හා ජායාරූප :- Suraj Saliya

[QUOTE="reuse, post: 29278437, member: 200727"] [ATTACH type="full"]216730[/ATTACH] නාග මාපිලා / ලේ මාපිලා / කබර මාපිලා Forestn's cat snake (Boiga forsteni) අද අපි මෙම සර්ප විශේෂය සම්බන්ධයෙන් කතා කරන විට ලංකාව තුල වැඩිම මිත්‍යා කතා රැසක් ගෙතී ඇත්තේ මේ මාපිලන් වටාය. මෙම මාපිලන් සම්බන්ධයෙන් ඇති මිත්‍යා මත නම් ලේ මාපීලුන් මිනිසුන්ගේ ලේ උරා බීමෙන් මිනිසෙකු මරණයට පත් කරන බවත් හත් දෙනෙක් වහලෙන් එකට එල්ලී මිනිසෙක් මරණයට පත්වන තුරුම ලේ බොන බවත්ය.එම නිසා මාපිලන් උග්‍ර විෂ සර්පයන් කොටසක් ලෙස සමාජ ගත වීමද මෙම මිත්‍යා මත නිසා සිදු වූ ගැටළුවකි. [ATTACH type="full"]216731[/ATTACH] නමුත් කිසිඳු සර්පයෙක් ලේ උරා නොබොන අතර එහි කිසිඳු සත්‍යතාවක් නොමැත.සියලුම මාපිලන් සුළු විෂ සර්පයන් වේ.රුක්වාසී සර්පයන් ලෙස හැඳින්වෙන මම සර්පයන් රුක්වාසීව හෝ නිවෙස් වල වහලවල් වල සිට ඔවුන්ගේ දඩයම් ලබා ගනුයේ ඔවුන්ගේ පිහිටා ඇති ග්රාහක වලිගය ආධාරයෙනි.එම නිසා නිවසකට තම ආහාර ලබා ගැනීමට පැමිණෙන මෙම සර්පයන් තමන්ගේ ග්රාහක වලිගයෙන් පරාලයක එල්ලි පහලින් ගමන් කරනු ලබන මීයන් වැනි සතුන් දඩයම් කරයි. එම ගොදුරු වලින් වෑහෙන ලේ සහ මෙම මාපිලන් දකින මිනිසුන් මෙය ලේ උරා බිමක් ලෙස සලකා මෙම මිත්‍යා මතය සමාජ ගත කරයි. එමෙන්ම "හබරලා" / "හබරලියා"යනුවෙන් නිශ්චිත සර්ප විශේෂයක් නොමැති වූවත් බොහෝ ප්‍රදේශවල මෙම සර්පයාටද "හබරලා" / "හබරලියා" යන නාමය භාවිතා කරනවා.ඒ වගේම ගැමියන් තුල විශ්වාසයක් තිබෙනවා එක් මාපිලෙක් මැරුවම මාපිලුන් 07 දෙනෙකු නැවත පැමිණෙන බව, මෙහි යම්කිසි සත්‍යතාවක් ද පවතී.එසේ වීමට හේතුව වන්නේ සර්පයන්ගේ ප්‍රජනන සමය තුල ගැහැණු සතුන් නිකුත් කරන " පෙරමෝන " නැමති ශ්රාවයක් වහනය වීමයි මිනිසෙකු මෙම සර්පයන් මැරූ විට එම තැලුන ප්‍රදේශ තුලින් මෙම පෙරමෝන වාතයට ශ්‍රාවය වේ. ඒම ශ්‍රාවය දැනෙන ඒ අවට ඉන්න විරුද්ධ ලිංගක සර්පයන් මෙම ශ්‍රාවය නිකුත් වෙන තැනට ඇදී එයි නමුත් එය නිශ්චිතව ප්‍රමාණයක් කිව නොහැකිය.මන්ද ඒ අවට ඒ අවස්ථාව තුල සිටින සර්පයන් මෙම ශ්‍රාවය වාහනය වෙන තැනට පැමිණීමට ඇති හැකියාව නිසාය. කොහොම නමුත් මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් නොමැති වුවත් ඉහත සඳහන් මිත්‍යා කතා පදනම් කොට ගෙන මෙම සර්පයා මරණයට පත් කිරීමට තරම් මිනිසුන් පෙළබී තිබීම කණගාටුවට කරුණකී. මෙම ලේ මාපිලා/නාග මාපිලා දැනට ලංකාවේ වාර්තා වන විශාලතම මාපිල් විශේෂය වේ. 🐍ව්‍යාප්තිය :- මෙම සර්ප විශේෂය තෙත් කලාපයේ සහ අතරමැදි කලාප සහ වියළි කලාපයේදී බහුලව ව්‍යාප්තව සිටිනවා. 🐍හඳුනා ගැනීමේ ලක්ෂණ :- මෙම සර්ප විශේෂය වර්ණ ප්‍රභේද කිහිපයකින් දැකී ගැනීමට පුළුවන් වේ. එය පහත වෙන් වෙන්ව දක්වා ඇත.සිහින් දිගු තියුනු කෙලවරක් සහිත වලිගයක් මේ සර්පයාගෙ දැක ගත හැක.පූසෙකුගේ මෙන් විශාල ඇස් සහ ඇසේ මැද සිරස් කණිකාවක් පිහිටා ඇත. එය මොවුනට ඉංග්‍රීසි බසින් " Cat Snake " යන නාමය ලැබීමටද හේතු වී ඇත.මොවුන්ගේ විශේෂත්වය වන්නේ අනෙකුත් සර්පයන්ට නොමැති ග්රාහක වලිගයක් පිහිටා තිබීමයි. 1. කිසිඳු සළකුණක් නොමැති, පෘෂ්ඨීයව තද රතු සහ උදරීයව ලා පැහැති දේහයක් සහිත වර්ණ ප්‍රභේදය ලේ මාපිලා ලෙස හඳුන්වයි. 2. කහ හෝ තැඹිලි අපැහැදලිි හරස් පටි සහිත, පෘෂ්ඨීයව ලා රතු හෝ තැඹිලි සහ උදරීයව වඩාත් ලා පැහැති දේහය සහිත වර්ණ ප්‍රභේදය ද ලේ මාපිලා ලෙස හඳුන්වයි 3. අළු කළු සහ සුදු හරස් පටි සහිත, පෘෂ්ඨීයව තද අළු සහ උදරීයව තද පැහැ සලකුණු සහිත ලා අළු පැහැති දේහය සහිත වර්ණ ප්‍රභේදය නාග මාපිලා ලෙස හඳුන්වයි 4. සුදු පැහැ සිහින් හරස් රේඛා ජාලයක් සහිත, පෘෂ්ඨීයව තද දුඹුරු සහ උදරීයව ලා දුඹුරු දේහය. ඇතැම් සතුන්ගේ සුදු පැහැ සිහින් පාර්ශ්වික රේඛාවක් ශරීරය දිගට පිහිටයි. මෙම වර්ණ ප්‍රභේදය ද නාග මාපිලා ලෙස හඳුන්වයි මෙම සියළු වර්ණ ප්‍රභේදවලට අයත් සතුන්ගේ තොල් ලා පැහැ වන අතර, බහුතරයක් සතුන්ගේ හිස මුදුනේ ලා පැහැති දාරයක් සහිත තද පැහැති පටියක් දික් අතට පිහිටයි එවැනි පටි දෙකක් ඇස පිටුපසින් ආරම්භ වී ගෙල දක්වා විහිදේ. 🐍හැසිරීම් රටාව :- මොවුන් රුක්වාසි සහ හෞමිකව ජීවත් වන සර්ප විශේෂයකී.අනතුරක් හැඟවුනු පසු වලිගයෙන් මඳක් එසවී පිම්බී සතුරා බියට පත් කීරීමට උත්සහයක් දරයී. 🐍ආහාර රටාව :- ප්‍රධාන වශයෙන් මීයන් සහ ලේනුන්,ගෙම්බන් සහ හිකනළුන් ආහරයට ගනී.විශේෂයෙන් මොවුන්ගේ ග්රාහක වලිගයද ගොදුරු ඩැහැ ගැනීමේදී උපකාරී වේ. 🐍විෂ තත්ත්වය සහ එහී බලපෑම :- සුළු විෂ සර්පයෙකු වන අතර, මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් නොමැත.Ophisthoglyphous ආකාරයේ දළ ඇත. (Opisthoglyphous) යනු නොදියුණු එහෙමත් නැත්නම් ප්‍රාථමික මට්ටමේ පවතින විෂ පද්ධතියකි. උගුර ආසන්නයේ විකිරණය වූ දළ වලින් සහ ඩුවනෝයි ග්‍රන්ථියකින් සමන්විත වෙනවා. විෂ ගලා ඒමට දළ වල කාණුවක් පිහිටයි.එම නිසා දෂ්ඨනයක් සිදු වූ ස්ථානය ඉදිමීම, වේදනාවක් ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්. ඉහත කී කරුණු හොඳින් වටහා ගෙන එය පිළිබඳව අවබෝධයක් ලබා ගෙන පරිසරයට මහත් වැදගත් කමක් දක්වන වන මෙම සර්පයන් ආරක්ෂා කරමු. [B]සටහන හා ජායාරූප :- Suraj Saliya[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom