Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
නාග_සංකල්පය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිලක නාග සංකල්පය

මිනිසා ප්රාග් ඓතිහාසික යුගයේ පටන්ම සර්ප උරග ගණයට අයත් නාගයාට වන්දනාමාන කර ඇති බවට පෙර - අප රටවලින් නොයෙක් සාධක හෙළිදරව් වී ඇත. ග්‍රීසිය, මිසරය, චීනය කාම්බෝජය හා අපරදිග රටවල ද ගලින් නිමැවුණු නාගරූප හමුවී ඇත. ඉතා පැරැණි සාධක බැබිලෝනියාවෙන් පෙනෙන්නට තිබේ. නාග වන්දනය ලංකාවෙත් ඉන්දියාවෙත් ත් පැවති බවට තොරතුරු හෙළි වේ. අනෙක් අතට නාග ගෝත්‍රික මනුෂ්‍යයෝ පුරාතනයේ සිටම මේ රටවල වාසය කර ඇත. විද්වත් අරිසෙන් අහුබුදු මහතා පවසන්නේ ලක්දිව සිව්හෙළය සැකසී ඇත්තේ යක්ෂ, රාක්ෂස, නාග හා දේව ගෝත්‍රවලින් බවය. නාග යන වචනයෙහි සංස්කෘත භාෂා අර්ථය උරග සර්පයා යනුයි. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්- චූලවංසයෙහි නාග යනු දිව්‍ය කොට්ඨාසයක් ලෙස හඳුන්වා දී තිබේ. මහාවංශය ආදී වංස කතා තොරතුරු අනුව ලංකාවේ මනුෂ්‍ය ගෝත්‍රයක් නාග නමින් විසූ බවට ප්‍රකට වේ. ඈත අතීතයෙහි ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයෝ මැණික් ගල්, මැණික් ආසන, නාවික යාත්‍රා පවා හිමිව සිටි සෞභාග්‍යවත් බලගතු මනුෂ්‍ය කොට්ඨාසයක් බව පෙනෙන කරුණකි. ඔව්හු මතිකාර - මැණික් කර්න්තයෙහිද නිරත රාජ්‍ය බලය පවා නතුකරගෙන සිටි බවට බොහෝ සාධක හමුවී ඇත.

මහාභාරතය, රාමායනය වැනි පුරාණ ග්රන්ථවලද නාගයන් පිළිබඳ සඳහන් ව ඇත. නිදසුනක් වශයෙන් රාමායනයෙහි හනුමන්තා සීතා දේවිය මුදාගැනීම සඳහා පැමිණෙන්නේ එවක ලංකාවේ පැවති නාගයන්ගේ අගනුවරට බැව් සඳහන් වේ.

ආගමික සාහිත්‍ය තොරතුරු, අපේ වංසකථාවන් වූ දීපවංසය, මහාවංසය, හා ධාතුවංසය, සමන්තගසාදික ආදී අංශවලින්ද, භාරතීය හා ලාංකික ශිලාලේඛණ හා පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ, ජනශෘති, ජනප්‍රවාද වලින්ද මේ පිළිබඳ තොරතුරු රැසක් එක්රැස් කරගැනීමට හැකිවී තිබේ.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී සවක සතියෙහි අජපල් නුගරුක මූලයෙන් නික්ම නේරංජනා නදිය අසල මුචලින්ද රුක්ඛ මූලයෙහි වැඩ සිටිසේක. එතැන්හිදී ඉතා තදින් වර්ෂා වහින්නට විය. මෙහිදී බුදුන් වහන්සේට වැසි සුළං ආදියෙන් පීඩාවක් ඇති නොවනසේ සත්වරක් තම දරණිය වටකොට හිසමතින් පෙනගොබය සිටින සේ තබා ගනිමින් සත්දවසක් ආරක්ෂා සලසාලනු ලැබුවේ මුචලින්ද නම් නාගරාජයාය. ඒ බව බුද්ධ චරිතයෙහි සඳහන් වී ඇත. මහා වංසයට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ වඩුස්නාගල (නාගදීපයේ) චූලෝදර හා මහෝදර යන නාගරජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇතිවුණු අරගලය සංසිඳුවා ලීමටය. කැලණියේ මනිඅක්�ත නාගරජුගේ ආරාධනයෙන් එහි වැඩම කළ බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ ජනතාව පෙර අවස්ථාවලදී මෙන්ම තිසරණයෙහි පිහිටා පංච සීලය සමාදන් වී ඇත. (ම.ව. 1 පරි.)

විනය පිටකය මහාවග්ග පාලිය (පිටු 51-55) සඳහන් පරිදි බුදුන් වහන්සේ එදින උරුවෙල් කාශ්‍යප සිටින සංකීර්ණය කරා පැමිණි අතර රාත්‍රියෙහි අසපුවේ නවාතැන් ගැනීමට අවශ්‍ය බව විමසා සිටි සේක. උරුවෙල් කාශ්‍යප එයට පිළිතුරු දෙමින් එහි එකම අසපු නිවස්න කාමරයක් ඇති බවත්, එතැන්හි භයංකර නාගයෙක් සිටින බැවින් ඒ සඳහා ඉඩදිය නොහැකි බවත් පැවසීය. එහෙත් බුදුන් වහන්සේගේ පෙරැත්තය ඉටු කරදෙමින් එක් රැයකට එහි නැවතීමට ඉඩ ලැබිණි. බුදුහු එහි ඇතුළු වනවාත් සමගම නාරජ බුදු සිරුරට විෂධුම පිටකර හැරියේය. භයංකාර ශබ්ද නැංවීය. බුදුහු නොනවත්වාම මෛත්‍රී සහගත ධුම පිටකර හරිනු ලැබූසේක. එවිට බුදු සිරුර දවාලීම සඳහා ගිනි කඳක් නිකුත් කළවිට, බුදුන්වහන්සේද තම සිරුරින් ගිනිකඳ නංවාලූ සේක. අවසානයේ බුදුහු තම සෘධි ප්රාතිහාර්ය බලයෙන් නාගරාජයා මර්දනය කරවා, උගේ විෂ නසා දරණ ගන්වා පාත්‍ර ධාතුවෙහි සිටින අයුරු උරුවෙල් කාශ්යපටම පෙන්වාලූ සේක. බුදුන් වහන්සේගේ බලමහිමය සැමතැන්හි පැතිර ගියේය.

තවද, බුදුන් වහන්සේ දිවමන් සමයෙහි, එක්තරා නාගයෙක් තමන් ජන්මලාභය ලැබූ නාග යෝනිය කෙරෙහි කලකිරීමට පත්ව සිටියේය. එදවස වැඩවාසය කළ සිල්වත් ශ්‍රවණයන් මෙන් තමන්ටත් මේ නාග යෝනියෙන් මිදී වාසය කරන්න ලැබෙන්නේ නම් යෙහෙකැයි හෙතෙම අදහස් කළේය. අවසනදී ඔහු නාග යෝනියෙන් මිදීමට ස්ථිර ලෙස නිගමනය කළේය. නාගයා තම උරග සිරුර මිනිස් සිරුරක් ලෙස පත්කරගෙන භික්ෂුව වෙත අවුත් පැවිදි බවද උපසපන් භාවය ද ලැබුවේය. නාග තෙමේ එක්තරා භික්ෂු නමක් සමග පිටිසර ගමක විහාරයක වාසය කළ අතර, දිනක් මේ සැබෑ මනුෂ්‍ය භික්ෂුව අලුයම යාමයෙහි නැඟිට එළිමහන් තැනෙක සක්මන් කරන්නට විය. සයනෙහි වැතිර සිටි නාග තෙමේ භික්ෂුව කාමරයෙන් ඉවත නික්ම ගිය බැව් දැක සැක නැතිව නින්දට විය. සැනකින් හෙතෙම නින්දෙහි වැටුනේය. සැනෙකින් විහාර කාමරය නාගයාගේ සිරුරින් පිරුණේය. හදිසියේම විහාර කාමරයට පිවිසෙන අදහසින් පැමිණි භික්ෂුව නාගයාගේ දරණවැල් දැක බියටපත්වී මහහඬින් කෑගැසුවේය. නාග තෙමේ ඒ හඬින් පබිදී ක්ෂණයෙන් නාගවේෂයෙන් මිදී පෙර පරිදි සිය අසුනෙහි හිඳ ගත්තේය. මේ ගැන කරුණු විමසූ කල්හි තමා පිළිබඳ සැබෑ තොරතුරු හෙළිකිරීමට භික්ෂු වෙස්ගත් නාගයාට සිදුවිය. මේ කතාව බුදුන් වහන්සේගේ සටනටද ගිය අතර, උන්වහන්සේ මහසඟරුවන මැද නාගයාට දේශනා කරනු ලැබුවේ නාග යෝනියෙන් මිදීමට නම් තුදුස්වක, පසොළොස්වක, අටවක්සඳ පෙහෙවස් රක්ෂා කළ යුතු බවය. නිදන විටත් මෙවුස්දම්හි යෙදෙන විටත් නාගයාගේ සැබෑ ස්වභාවය පහළවන බව බුදුන් වහන්සේ, තිරිසන් සතුන් මහන, උපසපන් නොකළ යුතුයෑයි වදාළහ. එය නීතියක් බවට පත්විය.

මහාවග්ග පාලි - විනය පිටකසය - ප්‍රථම භාගය - වෙළුම 3 - පිටු 11-17)

වරක් මාරදිව්‍ය පුත්‍රයා නාග වේෂයක් මවාගෙන බුදුන් වහන්සේ බිය ගැන්වීමට පැමිණි බව "සප්ප - සූත්‍රය" 4-1-6" අනුව ප්‍රකට වේ. තථාගතයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවස්නයේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කල්හී මහානාගයකුගේ භයංකාර වේසයක් මවාගෙන ගිගිරි හඬින් නාදවන ශබ්දයක් හා විදුලි වේගයෙන් මුඛංයෙන් ඉවතට දිව නික්මෙන, ආකාර දක්වමින් මාරයා පැමිණ ඇත. මේ නම් මාරයායෑයි බුදුන්වහන්සේ අවබෝධ ඥනය පහළවීමත් සමග හෙතෙම නොපෙනී ගියේය.

"පූජාවලියෙහි" (695-696 පිටු) දැක්වෙන පරිදි ධර්මාශෝක රජු බොහෝ පින්දහම් කිරීමෙන් අනතුරුව එතුමානට බුද්ධරූපයක් දැකීමෙහි දැඩි ආශාවක් පහළ වියත. රජතුමා ඒ බව භික්ෂූන් වහන්සේ වෙත දැන්වූයෙන් අනතුරුව එතුමන් අබියසට පැමිණ නාග ලෝකයෙහි මහාකාල නම් නාරජු බුද්ධරූපයක් මවා පෙන්වාලූ ආකාර ඓතිහාසික ලේඛනයන්හි සඳහන් වේ.

බුද්ධ කාලීන "ආටානාටි සූත්‍රයෙහි" සඳහන් වන පරිදි නාගයිගම අධිපතිවන්නේ සතරවරම් දෙවියන්ගේ බවය.

නාගයා හා බැඳුණු දේව හා සමාජ සංකල්පයන්ද බහුලය. නාග අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ අවතාරයකි. එනිසා විෂ්ණු දෙවියනට නාගයා හා බැඳුණු සම්බන්ධයක් ඇත. හින්දු සමය අනුව නාගරූපයටහිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ශිව දෙවියා නාගාභරණ හෙවත් නාගයන් ආභරණ ලෙස පළඳියි. ශිව දෙවි නාගයනට අධිපතීත්වයද උසුලන්නේය පත්තිනි දෙවඟන උපත ලැබුවේ නයි කඳුලෙනි. ගජබා රජුදවස දක්ෂිණ ඉන්දියාවේ මධුරපුර පත්තිනි දේවාලයෙහි පත්තිනි උත්සවයෙන් ගෙනෙන ලද මුල්ම පත්තිනි සළඹ නවගමුවේ (නාගමුවේ) ඉදිකරවු දෙවොලෙහි තැන්පත් කොට පත්තිනි දේව වන්දනා පැවැත්විණි. පත්තිනි දෙවොල නාගස් උයනෙහි පිහිටි අතර නාලොව නාගයන් එය ආරක්ෂා කළ බව කියවේ. එනිසා මෙය නාගයන්ගේ රැකවරණ ලැබූ දෙවොලකි. පෘතුගීසි පාලකයන්ගේ ආක්රමණයන්ගේ දැඩි ක්‍රියාවන්ගෙන් පත්තිනි සළඹ ඇතුළු පූජ්‍ය භාණ්ඩ ආරක්ෂා කර දෙනු ලැබුවේ නාලොව නාගයින් යෑයි ජනප්‍රවාදගතව ඇත.

දේවානම්පියතිස්ස රජු සමයෙහි රුහුණේ පාලකයා ලෙස කටයුතු කරනු ලැබුවේ යුවරජ මහානාගය. මෙදවස අශෝකාධිරාජයාගේද අනුග්‍රහයෙන් දඹදිව ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවාගෙන එන අවස්ථාවේදී නාගයො, එම බෝධි ශාඛා වහන්සේ නාලොව වෙත වැඩම කරවාගෙන ගොස් සත් දිනක් පූජෝපාහාර සත්කාර පවත්වා ආපසු නාවික යාත්‍රාවට ගෙනවිත් බාරදුන් බව (ම.ව. 19 පරි 18 - 20 ගාථා) සඳහන් වේ.

දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී නාගයන්ගෙන් සිදුවූ බාධා තාවුලිප්ති තොටට පැමිණෙන තෙක් රහත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් අඩාල කිරීමට හැකිවූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. එමෙන්ම මුහුද මැදදී නාවික යාත්‍රාව නතර කරවූ නාලොව නාගයෝ සත්දිනක් මුළුල්ලේ කඩුපුල් මදාරා ආදී මල්වලින් පූජා පවත්වමින් වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් පූජෝපහාර පවත්වමින් සිටියදී ගුරුළුවෙස් මවාගත් තෙරණුවෝ අහසින් වැඩම කර නාගයන් පලවාහැර දළදා වහන්සේ ලංකාවට වැඩමකිරීමට උපකාරි වූ ආකාරය පිළිබඳ දළදා සිරිතේ (1970 පිටු 31- 34) සඳහන් වන්නේය. මෙවන් තොරතුරු වලින්, මොවුහු දිව්‍ය නාග කොට්ඨාසයක්වත් දැයි අනුමානයක් පහළ වේ.

ඇතැම් උගතුන් පවසන්නේ මහානාග රජුගේ මව නාග ගෝත්‍රයට අයත් බවත්ය. එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ චරිතාවලිය පිළිබඳ පවත්නා ජනප්‍රවාද රැසකින් අපට පෙනෙන්නේ, අවස්ථා කිහිපයකදීම රූමත් නාග කන්‍යාවියන් සිය අණසකට නතුකරගත් බවකි. තම ප්‍රධාන බිසව් තනතුරේ පවා සිටියේ නාග අඟනක් බවටද විවිධ තොරතුරු ඇත. මෙවන් සිද්ධි නිසා පිරිමි නාගයන් අසතුටෙන් සිටිමින්, රජතුමන්ට කරදර පැමිණිවීමටත් පළිගැනීමටත් ක්‍රියා කළ ආකාර අසන්න ලැබේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑ ධාතු නිධානෝත්සවයට සෝනුත්තර තෙරුන් ලවා නාග ලෝකයෙන් ධාතු වැඩම කරවාගත් බව ජන ව්‍යවහාර ගතව ඇත.

ලංකාවේ රාජාවලියේ රජවරුන් කිහිපදෙනකුම ඉලනාග, සිරිනාග, ඛල්ලාඨනාග, මහාදාඨික මහානාග, මහල්ලක නාග වශයෙන් නාග නාමය භාවිත කොට ඇත. ක්‍රි. ව. 3 වැනි සියවසදී හරිසෙන් විසින් රචිත සමුද්‍රගුප්ත අධිරජුගේ අවනතභාවයට පත්වනු ආර්යාවර්තයෙහි රජුන් ලෙස නාගසේන, නාගදත්ත, ගණපතිනාග, නන්දින් වශයෙන් සඳහන් වේ. එමගින් භාරතීය, "නාග" නාමය භාවිත කළ භාරතීය නාග ගෝත්‍ර පිළිබඳ තොරතුරු හෙළි වේ.

ඉන්දීය රාජවංසයෙහි නාගර්ජුන යන්න දක්නා ලැබේ. උතුරු ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් විශාල වශයෙන් දක්නා ලැබෙන බව මජුම්දාර් ඉතිහාසඥයාද පෙන්වාදී ඇත. නයිනතිව් දූපත ලක්දිව නාගදීපය ලෙස මහාවංසය අනුව පෙනෙන නමුදු, යාපන අර්ධද්වීපය නාගදීපය වියහැකි බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පෙන්වාදී ඇත. ඒ බව තහවුරු වන්නේ වසභ රජු දවස ඉසිගිරිය අමාත්‍යයා යාපනය අර්ධද්වීපය පාලනය කළ බව වල්ලිපුරම් රන් සන්නස හමුවීමෙන් තොරතුරු අනාවරණය වීමෙනි.

වාරිකර්මාන්ත හා කලා කැටයම් අංශයෙහි නාග බලපෑම

නාගයා ජලයට ආධිපත්‍යයක් උසුලා ඇත. එනිසා ලංකාවේ වැව් අමුණු, සොරොව්, රාජකීය පොකුණු ආදිය ඉදිකරලීමේදී නාගරූපය- නාග මූර්තිය - නාග කැටයම සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. නාග සංකේතය ජලය ආශ්රිත පෙදෙසෙහි සනිටුහන් කිරීමෙන් සෞභාග්‍ය හා ආරක්ෂාව ළඟාවීමට ඉවහල්වන සාධකයක් ලෙස පුරාතනයෙහි සිට සැලකුම් ලබා ඇත. ජලය එක්තැන් කරවන ලද වැවෙන් ජලධාරා ඇළමාර්ග මගින් බෙදාහරින්නේ ආහාර නිෂ්පාදනය හා සශ්‍රීකත්වය ලබා දීමේ අපේක්ෂාවෙනි. නායකයන්, රජවරුන් මෙකී අපේක්ෂා සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් වැව් කණ්ඩියේ, වැව් සොරොව්ව, ඇළ මාර්ග රාජකීය පොකුණු ආශ්‍රිතව "නාගයා" සහිත කැටයම් ආකෘති, පළක සවිකර ඇති බව පෙනෙන්නට තිබේ. නිදසුන් ලෙස මානන්කට්ටිය වැව් සොරොව්වේ පෙන සහිත නාග, නාගිනි රූපද, කුට්ටම් පොකුණේ පෙන සහිත නාග රූපද, සීගිරිය මහවැව සොරොව්වේ නාග ගල්පුවරුවද, ෂ අග්බෝ රජුගේ මිහින්තලා නාග පොකුණ හා කලුදිය පොකුණ නාග රූපද, මිහින්තලේ සෑගිරියේ නාග සෙන්ඩියම් පොකුණේ නාග ආකෘතියද, ඌරු සිටාන වැව ආශ්රිත නාග කැටයමද නිදසුන් ලෙස සඳහන් කළ හැක. මිහින්තල, සෑගිරියේ පොකුණෙහි පෙන පහකින් යුත් නාගයා, නාගලෝකයේ සිට ජලධාරාවක් සමගින් පැමිණි බවට අදහස් කෙරේ. එම පොකුණ නොසිඳෙන ජලධාරාවන්ගෙන් යුත් පොකුණක් ලෙස පතලව ඇත. ලංකාවේ උතුරු මැද පළාතේ මානන්කච්චිය වැව් සොරොව්වේ පෙන හතේ, පසේ නාගරූපද එමෙන්ම පරිවාර නාගිනි රූපද මූර්තිමත් කර ඇති බැව් පෙනේ. තවද ගෙවන්කුලමේ වැව් සොරොව්වෙහි හිස් කීපයක් සහිත නාග කැටයම් මූර්ති හමුවී ඇත. සීගිරිය වැව් සොරොව් සංකීර්ණයෙහිද මේ ආකාරයේම ගල් පුවරු ස්ථානගත කොට තිබී හමුවී ඇත.

නාග කලා ශිල්පචාරි හු "නයිදේ" යන ගෞරව නාමයෙන් හඳුන්වා ඇත. මෙකී ශිල්පකලා ශිල්පාචාරීහූ සිරුර මනුෂයකු ලෙසද, හිස නාගයකු ලෙසද දැක්වීමට පෙළඹී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් නාග රුවෙහි හිස පෙන පහ, හත වශයෙන් නිමාවී ඇති, අතර කඩුපුල් මල, පුන්කලස දැක්වීම තුළින් සෞභාග්‍ය ළඟාකරදෙන බව සංකේතවත් කර ඇත.

ආචාර්ය

සිරි නිස්සංක පෙරේරා

Divaina 16-01-2011

[QUOTE="sooppuwa, post: 19846199, member: 556336"] [SIZE="6"]සිරිලක නාග සංකල්පය [/SIZE] [SIZE="5"]මිනිසා ප්රාග් ඓතිහාසික යුගයේ පටන්ම සර්ප උරග ගණයට අයත් නාගයාට වන්දනාමාන කර ඇති බවට පෙර - අප රටවලින් නොයෙක් සාධක හෙළිදරව් වී ඇත. ග්‍රීසිය, මිසරය, චීනය කාම්බෝජය හා අපරදිග රටවල ද ගලින් නිමැවුණු නාගරූප හමුවී ඇත. ඉතා පැරැණි සාධක බැබිලෝනියාවෙන් පෙනෙන්නට තිබේ. නාග වන්දනය ලංකාවෙත් ඉන්දියාවෙත් ත් පැවති බවට තොරතුරු හෙළි වේ. අනෙක් අතට නාග ගෝත්‍රික මනුෂ්‍යයෝ පුරාතනයේ සිටම මේ රටවල වාසය කර ඇත. විද්වත් අරිසෙන් අහුබුදු මහතා පවසන්නේ ලක්දිව සිව්හෙළය සැකසී ඇත්තේ යක්ෂ, රාක්ෂස, නාග හා දේව ගෝත්‍රවලින් බවය. නාග යන වචනයෙහි සංස්කෘත භාෂා අර්ථය උරග සර්පයා යනුයි. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්- චූලවංසයෙහි නාග යනු දිව්‍ය කොට්ඨාසයක් ලෙස හඳුන්වා දී තිබේ. මහාවංශය ආදී වංස කතා තොරතුරු අනුව ලංකාවේ මනුෂ්‍ය ගෝත්‍රයක් නාග නමින් විසූ බවට ප්‍රකට වේ. ඈත අතීතයෙහි ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයෝ මැණික් ගල්, මැණික් ආසන, නාවික යාත්‍රා පවා හිමිව සිටි සෞභාග්‍යවත් බලගතු මනුෂ්‍ය කොට්ඨාසයක් බව පෙනෙන කරුණකි. ඔව්හු මතිකාර - මැණික් කර්න්තයෙහිද නිරත රාජ්‍ය බලය පවා නතුකරගෙන සිටි බවට බොහෝ සාධක හමුවී ඇත. මහාභාරතය, රාමායනය වැනි පුරාණ ග්රන්ථවලද නාගයන් පිළිබඳ සඳහන් ව ඇත. නිදසුනක් වශයෙන් රාමායනයෙහි හනුමන්තා සීතා දේවිය මුදාගැනීම සඳහා පැමිණෙන්නේ එවක ලංකාවේ පැවති නාගයන්ගේ අගනුවරට බැව් සඳහන් වේ. ආගමික සාහිත්‍ය තොරතුරු, අපේ වංසකථාවන් වූ දීපවංසය, මහාවංසය, හා ධාතුවංසය, සමන්තගසාදික ආදී අංශවලින්ද, භාරතීය හා ලාංකික ශිලාලේඛණ හා පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ, ජනශෘති, ජනප්‍රවාද වලින්ද මේ පිළිබඳ තොරතුරු රැසක් එක්රැස් කරගැනීමට හැකිවී තිබේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී සවක සතියෙහි අජපල් නුගරුක මූලයෙන් නික්ම නේරංජනා නදිය අසල මුචලින්ද රුක්ඛ මූලයෙහි වැඩ සිටිසේක. එතැන්හිදී ඉතා තදින් වර්ෂා වහින්නට විය. මෙහිදී බුදුන් වහන්සේට වැසි සුළං ආදියෙන් පීඩාවක් ඇති නොවනසේ සත්වරක් තම දරණිය වටකොට හිසමතින් පෙනගොබය සිටින සේ තබා ගනිමින් සත්දවසක් ආරක්ෂා සලසාලනු ලැබුවේ මුචලින්ද නම් නාගරාජයාය. ඒ බව බුද්ධ චරිතයෙහි සඳහන් වී ඇත. මහා වංසයට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ වඩුස්නාගල (නාගදීපයේ) චූලෝදර හා මහෝදර යන නාගරජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇතිවුණු අරගලය සංසිඳුවා ලීමටය. කැලණියේ මනිඅක්�ත නාගරජුගේ ආරාධනයෙන් එහි වැඩම කළ බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ ජනතාව පෙර අවස්ථාවලදී මෙන්ම තිසරණයෙහි පිහිටා පංච සීලය සමාදන් වී ඇත. (ම.ව. 1 පරි.) විනය පිටකය මහාවග්ග පාලිය (පිටු 51-55) සඳහන් පරිදි බුදුන් වහන්සේ එදින උරුවෙල් කාශ්‍යප සිටින සංකීර්ණය කරා පැමිණි අතර රාත්‍රියෙහි අසපුවේ නවාතැන් ගැනීමට අවශ්‍ය බව විමසා සිටි සේක. උරුවෙල් කාශ්‍යප එයට පිළිතුරු දෙමින් එහි එකම අසපු නිවස්න කාමරයක් ඇති බවත්, එතැන්හි භයංකර නාගයෙක් සිටින බැවින් ඒ සඳහා ඉඩදිය නොහැකි බවත් පැවසීය. එහෙත් බුදුන් වහන්සේගේ පෙරැත්තය ඉටු කරදෙමින් එක් රැයකට එහි නැවතීමට ඉඩ ලැබිණි. බුදුහු එහි ඇතුළු වනවාත් සමගම නාරජ බුදු සිරුරට විෂධුම පිටකර හැරියේය. භයංකාර ශබ්ද නැංවීය. බුදුහු නොනවත්වාම මෛත්‍රී සහගත ධුම පිටකර හරිනු ලැබූසේක. එවිට බුදු සිරුර දවාලීම සඳහා ගිනි කඳක් නිකුත් කළවිට, බුදුන්වහන්සේද තම සිරුරින් ගිනිකඳ නංවාලූ සේක. අවසානයේ බුදුහු තම සෘධි ප්රාතිහාර්ය බලයෙන් නාගරාජයා මර්දනය කරවා, උගේ විෂ නසා දරණ ගන්වා පාත්‍ර ධාතුවෙහි සිටින අයුරු උරුවෙල් කාශ්යපටම පෙන්වාලූ සේක. බුදුන් වහන්සේගේ බලමහිමය සැමතැන්හි පැතිර ගියේය. තවද, බුදුන් වහන්සේ දිවමන් සමයෙහි, එක්තරා නාගයෙක් තමන් ජන්මලාභය ලැබූ නාග යෝනිය කෙරෙහි කලකිරීමට පත්ව සිටියේය. එදවස වැඩවාසය කළ සිල්වත් ශ්‍රවණයන් මෙන් තමන්ටත් මේ නාග යෝනියෙන් මිදී වාසය කරන්න ලැබෙන්නේ නම් යෙහෙකැයි හෙතෙම අදහස් කළේය. අවසනදී ඔහු නාග යෝනියෙන් මිදීමට ස්ථිර ලෙස නිගමනය කළේය. නාගයා තම උරග සිරුර මිනිස් සිරුරක් ලෙස පත්කරගෙන භික්ෂුව වෙත අවුත් පැවිදි බවද උපසපන් භාවය ද ලැබුවේය. නාග තෙමේ එක්තරා භික්ෂු නමක් සමග පිටිසර ගමක විහාරයක වාසය කළ අතර, දිනක් මේ සැබෑ මනුෂ්‍ය භික්ෂුව අලුයම යාමයෙහි නැඟිට එළිමහන් තැනෙක සක්මන් කරන්නට විය. සයනෙහි වැතිර සිටි නාග තෙමේ භික්ෂුව කාමරයෙන් ඉවත නික්ම ගිය බැව් දැක සැක නැතිව නින්දට විය. සැනකින් හෙතෙම නින්දෙහි වැටුනේය. සැනෙකින් විහාර කාමරය නාගයාගේ සිරුරින් පිරුණේය. හදිසියේම විහාර කාමරයට පිවිසෙන අදහසින් පැමිණි භික්ෂුව නාගයාගේ දරණවැල් දැක බියටපත්වී මහහඬින් කෑගැසුවේය. නාග තෙමේ ඒ හඬින් පබිදී ක්ෂණයෙන් නාගවේෂයෙන් මිදී පෙර පරිදි සිය අසුනෙහි හිඳ ගත්තේය. මේ ගැන කරුණු විමසූ කල්හි තමා පිළිබඳ සැබෑ තොරතුරු හෙළිකිරීමට භික්ෂු වෙස්ගත් නාගයාට සිදුවිය. මේ කතාව බුදුන් වහන්සේගේ සටනටද ගිය අතර, උන්වහන්සේ මහසඟරුවන මැද නාගයාට දේශනා කරනු ලැබුවේ නාග යෝනියෙන් මිදීමට නම් තුදුස්වක, පසොළොස්වක, අටවක්සඳ පෙහෙවස් රක්ෂා කළ යුතු බවය. නිදන විටත් මෙවුස්දම්හි යෙදෙන විටත් නාගයාගේ සැබෑ ස්වභාවය පහළවන බව බුදුන් වහන්සේ, තිරිසන් සතුන් මහන, උපසපන් නොකළ යුතුයෑයි වදාළහ. එය නීතියක් බවට පත්විය. මහාවග්ග පාලි - විනය පිටකසය - ප්‍රථම භාගය - වෙළුම 3 - පිටු 11-17) වරක් මාරදිව්‍ය පුත්‍රයා නාග වේෂයක් මවාගෙන බුදුන් වහන්සේ බිය ගැන්වීමට පැමිණි බව "සප්ප - සූත්‍රය" 4-1-6" අනුව ප්‍රකට වේ. තථාගතයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවස්නයේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කල්හී මහානාගයකුගේ භයංකාර වේසයක් මවාගෙන ගිගිරි හඬින් නාදවන ශබ්දයක් හා විදුලි වේගයෙන් මුඛංයෙන් ඉවතට දිව නික්මෙන, ආකාර දක්වමින් මාරයා පැමිණ ඇත. මේ නම් මාරයායෑයි බුදුන්වහන්සේ අවබෝධ ඥනය පහළවීමත් සමග හෙතෙම නොපෙනී ගියේය. "පූජාවලියෙහි" (695-696 පිටු) දැක්වෙන පරිදි ධර්මාශෝක රජු බොහෝ පින්දහම් කිරීමෙන් අනතුරුව එතුමානට බුද්ධරූපයක් දැකීමෙහි දැඩි ආශාවක් පහළ වියත. රජතුමා ඒ බව භික්ෂූන් වහන්සේ වෙත දැන්වූයෙන් අනතුරුව එතුමන් අබියසට පැමිණ නාග ලෝකයෙහි මහාකාල නම් නාරජු බුද්ධරූපයක් මවා පෙන්වාලූ ආකාර ඓතිහාසික ලේඛනයන්හි සඳහන් වේ. බුද්ධ කාලීන "ආටානාටි සූත්‍රයෙහි" සඳහන් වන පරිදි නාගයිගම අධිපතිවන්නේ සතරවරම් දෙවියන්ගේ බවය. නාගයා හා බැඳුණු දේව හා සමාජ සංකල්පයන්ද බහුලය. නාග අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ අවතාරයකි. එනිසා විෂ්ණු දෙවියනට නාගයා හා බැඳුණු සම්බන්ධයක් ඇත. හින්දු සමය අනුව නාගරූපයටහිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ශිව දෙවියා නාගාභරණ හෙවත් නාගයන් ආභරණ ලෙස පළඳියි. ශිව දෙවි නාගයනට අධිපතීත්වයද උසුලන්නේය පත්තිනි දෙවඟන උපත ලැබුවේ නයි කඳුලෙනි. ගජබා රජුදවස දක්ෂිණ ඉන්දියාවේ මධුරපුර පත්තිනි දේවාලයෙහි පත්තිනි උත්සවයෙන් ගෙනෙන ලද මුල්ම පත්තිනි සළඹ නවගමුවේ (නාගමුවේ) ඉදිකරවු දෙවොලෙහි තැන්පත් කොට පත්තිනි දේව වන්දනා පැවැත්විණි. පත්තිනි දෙවොල නාගස් උයනෙහි පිහිටි අතර නාලොව නාගයන් එය ආරක්ෂා කළ බව කියවේ. එනිසා මෙය නාගයන්ගේ රැකවරණ ලැබූ දෙවොලකි. පෘතුගීසි පාලකයන්ගේ ආක්රමණයන්ගේ දැඩි ක්‍රියාවන්ගෙන් පත්තිනි සළඹ ඇතුළු පූජ්‍ය භාණ්ඩ ආරක්ෂා කර දෙනු ලැබුවේ නාලොව නාගයින් යෑයි ජනප්‍රවාදගතව ඇත. දේවානම්පියතිස්ස රජු සමයෙහි රුහුණේ පාලකයා ලෙස කටයුතු කරනු ලැබුවේ යුවරජ මහානාගය. මෙදවස අශෝකාධිරාජයාගේද අනුග්‍රහයෙන් දඹදිව ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවාගෙන එන අවස්ථාවේදී නාගයො, එම බෝධි ශාඛා වහන්සේ නාලොව වෙත වැඩම කරවාගෙන ගොස් සත් දිනක් පූජෝපාහාර සත්කාර පවත්වා ආපසු නාවික යාත්‍රාවට ගෙනවිත් බාරදුන් බව (ම.ව. 19 පරි 18 - 20 ගාථා) සඳහන් වේ. දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී නාගයන්ගෙන් සිදුවූ බාධා තාවුලිප්ති තොටට පැමිණෙන තෙක් රහත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් අඩාල කිරීමට හැකිවූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. එමෙන්ම මුහුද මැදදී නාවික යාත්‍රාව නතර කරවූ නාලොව නාගයෝ සත්දිනක් මුළුල්ලේ කඩුපුල් මදාරා ආදී මල්වලින් පූජා පවත්වමින් වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් පූජෝපහාර පවත්වමින් සිටියදී ගුරුළුවෙස් මවාගත් තෙරණුවෝ අහසින් වැඩම කර නාගයන් පලවාහැර දළදා වහන්සේ ලංකාවට වැඩමකිරීමට උපකාරි වූ ආකාරය පිළිබඳ දළදා සිරිතේ (1970 පිටු 31- 34) සඳහන් වන්නේය. මෙවන් තොරතුරු වලින්, මොවුහු දිව්‍ය නාග කොට්ඨාසයක්වත් දැයි අනුමානයක් පහළ වේ. ඇතැම් උගතුන් පවසන්නේ මහානාග රජුගේ මව නාග ගෝත්‍රයට අයත් බවත්ය. එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ චරිතාවලිය පිළිබඳ පවත්නා ජනප්‍රවාද රැසකින් අපට පෙනෙන්නේ, අවස්ථා කිහිපයකදීම රූමත් නාග කන්‍යාවියන් සිය අණසකට නතුකරගත් බවකි. තම ප්‍රධාන බිසව් තනතුරේ පවා සිටියේ නාග අඟනක් බවටද විවිධ තොරතුරු ඇත. මෙවන් සිද්ධි නිසා පිරිමි නාගයන් අසතුටෙන් සිටිමින්, රජතුමන්ට කරදර පැමිණිවීමටත් පළිගැනීමටත් ක්‍රියා කළ ආකාර අසන්න ලැබේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑ ධාතු නිධානෝත්සවයට සෝනුත්තර තෙරුන් ලවා නාග ලෝකයෙන් ධාතු වැඩම කරවාගත් බව ජන ව්‍යවහාර ගතව ඇත. ලංකාවේ රාජාවලියේ රජවරුන් කිහිපදෙනකුම ඉලනාග, සිරිනාග, ඛල්ලාඨනාග, මහාදාඨික මහානාග, මහල්ලක නාග වශයෙන් නාග නාමය භාවිත කොට ඇත. ක්‍රි. ව. 3 වැනි සියවසදී හරිසෙන් විසින් රචිත සමුද්‍රගුප්ත අධිරජුගේ අවනතභාවයට පත්වනු ආර්යාවර්තයෙහි රජුන් ලෙස නාගසේන, නාගදත්ත, ගණපතිනාග, නන්දින් වශයෙන් සඳහන් වේ. එමගින් භාරතීය, "නාග" නාමය භාවිත කළ භාරතීය නාග ගෝත්‍ර පිළිබඳ තොරතුරු හෙළි වේ. ඉන්දීය රාජවංසයෙහි නාගර්ජුන යන්න දක්නා ලැබේ. උතුරු ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් විශාල වශයෙන් දක්නා ලැබෙන බව මජුම්දාර් ඉතිහාසඥයාද පෙන්වාදී ඇත. නයිනතිව් දූපත ලක්දිව නාගදීපය ලෙස මහාවංසය අනුව පෙනෙන නමුදු, යාපන අර්ධද්වීපය නාගදීපය වියහැකි බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පෙන්වාදී ඇත. ඒ බව තහවුරු වන්නේ වසභ රජු දවස ඉසිගිරිය අමාත්‍යයා යාපනය අර්ධද්වීපය පාලනය කළ බව වල්ලිපුරම් රන් සන්නස හමුවීමෙන් තොරතුරු අනාවරණය වීමෙනි. වාරිකර්මාන්ත හා කලා කැටයම් අංශයෙහි නාග බලපෑම නාගයා ජලයට ආධිපත්‍යයක් උසුලා ඇත. එනිසා ලංකාවේ වැව් අමුණු, සොරොව්, රාජකීය පොකුණු ආදිය ඉදිකරලීමේදී නාගරූපය- නාග මූර්තිය - නාග කැටයම සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත. නාග සංකේතය ජලය ආශ්රිත පෙදෙසෙහි සනිටුහන් කිරීමෙන් සෞභාග්‍ය හා ආරක්ෂාව ළඟාවීමට ඉවහල්වන සාධකයක් ලෙස පුරාතනයෙහි සිට සැලකුම් ලබා ඇත. ජලය එක්තැන් කරවන ලද වැවෙන් ජලධාරා ඇළමාර්ග මගින් බෙදාහරින්නේ ආහාර නිෂ්පාදනය හා සශ්‍රීකත්වය ලබා දීමේ අපේක්ෂාවෙනි. නායකයන්, රජවරුන් මෙකී අපේක්ෂා සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් වැව් කණ්ඩියේ, වැව් සොරොව්ව, ඇළ මාර්ග රාජකීය පොකුණු ආශ්‍රිතව "නාගයා" සහිත කැටයම් ආකෘති, පළක සවිකර ඇති බව පෙනෙන්නට තිබේ. නිදසුන් ලෙස මානන්කට්ටිය වැව් සොරොව්වේ පෙන සහිත නාග, නාගිනි රූපද, කුට්ටම් පොකුණේ පෙන සහිත නාග රූපද, සීගිරිය මහවැව සොරොව්වේ නාග ගල්පුවරුවද, ෂ අග්බෝ රජුගේ මිහින්තලා නාග පොකුණ හා කලුදිය පොකුණ නාග රූපද, මිහින්තලේ සෑගිරියේ නාග සෙන්ඩියම් පොකුණේ නාග ආකෘතියද, ඌරු සිටාන වැව ආශ්රිත නාග කැටයමද නිදසුන් ලෙස සඳහන් කළ හැක. මිහින්තල, සෑගිරියේ පොකුණෙහි පෙන පහකින් යුත් නාගයා, නාගලෝකයේ සිට ජලධාරාවක් සමගින් පැමිණි බවට අදහස් කෙරේ. එම පොකුණ නොසිඳෙන ජලධාරාවන්ගෙන් යුත් පොකුණක් ලෙස පතලව ඇත. ලංකාවේ උතුරු මැද පළාතේ මානන්කච්චිය වැව් සොරොව්වේ පෙන හතේ, පසේ නාගරූපද එමෙන්ම පරිවාර නාගිනි රූපද මූර්තිමත් කර ඇති බැව් පෙනේ. තවද ගෙවන්කුලමේ වැව් සොරොව්වෙහි හිස් කීපයක් සහිත නාග කැටයම් මූර්ති හමුවී ඇත. සීගිරිය වැව් සොරොව් සංකීර්ණයෙහිද මේ ආකාරයේම ගල් පුවරු ස්ථානගත කොට තිබී හමුවී ඇත. නාග කලා ශිල්පචාරි හු "නයිදේ" යන ගෞරව නාමයෙන් හඳුන්වා ඇත. මෙකී ශිල්පකලා ශිල්පාචාරීහූ සිරුර මනුෂයකු ලෙසද, හිස නාගයකු ලෙසද දැක්වීමට පෙළඹී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් නාග රුවෙහි හිස පෙන පහ, හත වශයෙන් නිමාවී ඇති, අතර කඩුපුල් මල, පුන්කලස දැක්වීම තුළින් සෞභාග්‍ය ළඟාකරදෙන බව සංකේතවත් කර ඇත. [/SIZE] ආචාර්ය සිරි නිස්සංක පෙරේරා Divaina 16-01-2011 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom