Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ පළමු අත්දැකී

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න.

ප්රශ්නය : එතකොට ස්වාමීනි, අපට ලැබෙන නාඩි වාක්‍ය කියෑවීම වැරදි නම් අපි කොහොමද නිවැරදිව නාඩි වාක්‍ය ලබා ගන්නේ.

නාහිමි : වැරදි නාඩි කියෑවීමක් තමන්ට ලැබිලා තියෙනවා කියලා හිතෙනවා නම්, ඒකටත් පිළියමක් නාඩි වාක්‍ය තුළම තියෙනවා. නාඩි වාක්‍යවල එක විශේෂ කාණ්ඩයක් තියෙනවා, ප්‍රශ්න කාණ්ඩම් කියලා. මේ කාණ්ඩය තුළින් මමත් අවස්ථා ගණනාවකදීම තොරතුරු විමසලා බැලුවා.ඒ ක්‍රමයෙන් තමන්ගේ නාඩි වාක්‍යයේ සඳහන් සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට පුළුවන්. තව දෙයක් මට කියන්න තියනවා. බුදුන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේ පිරිනිවන්පාලා මාස තුනක් වෙනකොට යම් යම් භික්ෂූන් වහන්සේලා විසින් වැරදි අර්ථකථන දීමට උත්සාහ දැරුවා. ඒ අවස්ථාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ, මහරහතුන් වහන්සේලා පමණක් සම්බන්ධ කරගෙන ප්‍රථම ධර්ම සංගායනාවක් පවත්වලා ධර්මය කොටස්වලට බෙදලා එක් එක් භික්ෂු සමූහයාට ඒ කොටස් කට පාඩම් කරමින් රැක ගැනීමේ වගකීම පැවරුවා. මේ අවස්ථාවේ මට මතක් වෙනවා ආනන්ද මහ රහතන් වහන්සේගේ කාර්යභාරය. මේ සංගායනාවට සහභාගිවීමට අවසරය තිබුණේ මහ රහතන් වහන්සේලාට පමණයි. මේ වනවිට ධර්ම භාණ්ඩාගාරික කියන විරුදාවලිය ලබා සිටි ආනන්ද හාමුදුරුවෝ රහත් භාවය ලබා සිටියේ නැහැ. උන්වහන්සේ අසූ හාරදහසක් වූ ධර්මස්කන්ධය සිතින් දරාගෙන රැකගෙන ආව හාමුදුරුවෝ. සංගායනාවට සහභාගි වීමට අවශ්‍යම තැනැත්තා වුණේ ආනන්ද හාමුදුරුවෝයි. උන්වහන්සේ දිවා රාත්‍රී භාවනානුයෝගීව සිට මහත් ආයාසයක් දරලා සංගායනාවට පෙර මහ රහත් භාවයට පත්වුණා. ඒ විදිහටයි සත්‍ය බුද්ධ දේශනාව අද දක්වාම පවතින්නේ. විවිධ අවස්ථාවල නැවත නැවතත් සංගායනා පවත්වමින් බුද්ධ දේශනාව මහ සඟ පරපුර විසින් රැක ගත්ත නිසා.

මම එක සිද්ධියක් කියන්නම්. 1955 දී බුරුමයේ පැවැත්වුණු සංගායනාවට මමත් සහභාගි වුණා. එතන එක වචනයක් පිළිබඳව දින ගණනාවක් මහා තෙරුන් වහන්සේලා වාද විවාද කළා. බුරුම පත පොතේ සඳහන් වුණේ "පත්ථ පත්ථ මූකලන්" කියල මෙහි මූකලන් යන වචනය වැරදියි. මං පැහැදිලි කළා එය "පත්ථ පත්ථ පුලකං" වශයෙන් නිවැරදි විය යුතුයි කියලා. තර්ක විතර්ක කරලා පත පොතින් ශබ්ද නිගණ්ඩු ආදි දේවලින් මං කරුණු උපුටලා පෙන්නුවාට පස්සේ බුරුම ජනාධිපතිතුමා, අගමැතිතුමා එය නිවැරදි බව පිළිගත්තා. මං මේ කරුණ කිව්වේ බුද්ධ භාෂිතය නිවැරදිව රැක ගැනීම සඳහා බොහෝ සේ භික්ෂුන් වහන්සේලා, රජවරු, ජනාධිපතිවරු, අගමැතිවරු කටයුතු කරලා තියනවා කියන එක පෙන්නන්න.

නමුත් නාඩි වාක්‍යවල සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට කිසිවෙක් හෝ හිටියේ නැහැ. ඒත්, බුදුන්වහන්සේ උපදින්නට අවුරුදු 3000කට පෙර ප්‍රකාශිත නාඩි වාක්‍ය කිසිම අවස්ථාවක සංශෝධනවලට භාජන කරලා නැහැ. එම නිසා යම් යම් අඩු ලුහුඬුකම් ඇතිවිය හැකියි. ඒත් ඒවා නිවැරදි කර ගැනීමේ ක්‍රමය ප්‍රශ්න කාණ්ඩ තුළින් උදාවෙලා තියෙන නිසා මේ පිළිබඳ කිසිම කෙනෙකු සැකයක් ඇති කර ගත යුතු නැහැ.

ප්රශ්නය : මේ ප්‍රශ්නයටම සම්බන්ධ කරලා තවත් ගැටලුවක් විසඳා ගැනීමට තියනවා ස්වාමීනි, ලංකාවේ ඉන්න අයට නාඩි වාක්‍ය කියවා ගැනීමේ භාග්‍යය උදාවෙලා තියෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය ලබාගෙන සිටින අගස්තියර් කෞෂික නාඩි වාක්‍ය කියවන්නන්ගේ උපකාරයෙන්. මේ අය විටින් විට ඉන්දියාවට ගිහිල්ලා සමහරුන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් තල්පත් ගෙනාවා. ඒ ආශ්රයෙන් නාඩි වාක්‍ය කියවනවා. ඒත් ස්වාමීනි, මේ නාඩි වාක්‍ය කියවන ක්‍රමය නිසා බොහෝදෙනා කියනවා අපෙන්ම ප්‍රශ්න අහලා. අපෙන්ම විස්තර ලබාගෙන නැවතත් ඒ විස්තර අපටම කියනවා කියලා. මේ ගැන ඔවුන් තුළ සැකයක් තියනවා. මේ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර මොකක්ද ස්වාමීනී,

නාහිමි : ඔය ප්රශ්නය මගෙන් මීට පෙර කීපදෙනෙක්ම අහලා තියනවා. මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ අපේ මිනිස්සු නිමිති බලන්න යන්නෙත්, සාස්තර අහන්න යන්නෙත් හිතේ සැකයක් තියාගෙන. තමන් සාස්තර අහන්න ගියා කියලා තවත් කෙනෙකුට කීවම ඒ ඇත්තෝ ඉස්සරලම අහන්නේ හරියට කියවුණාද කියලා.

ඕක ගැන පුදුම වෙන්න දෙයන් නැහැ මහත්තයෝ. අපේ බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන කොටස්. දුක, දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, ඉන් ලබන ඵලය කියලනේ. අපේ බෞද්ධයෝ මේ පරම සත්‍ය ගැනත් සැක හිතනවනේ. ප්‍රශ්න කරනවනේ. අහපු ප්‍රශ්නෙට පිළිතුර මෙහෙමයි. ඔය නාඩි වාක්‍ය ගැන සැක කරන බොහෝ දෙනා ඒ ගැන දන්නේ නැහැ. හරි අවබෝධයක් නැහැ. විස්තර දන්නෙත් නැහැ. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මාත් මුල්ම දවසේ නාඩි වාක්‍ය ගැන සැක හිතින් තමයි හිටියේ. එම නිසා මම අනුන් කරන මේ ප්‍රශ්න කිරීම් ගැන පුදුම වෙන්නේ නැහැ. ඒක සාධාරණයි.

මුන්නැහේ කීවා අපෙන්ම ප්‍රශ්න අහලා අපෙන්ම උත්තර අරගෙන, නැවත අපටම කියනවා කියලා ඒ අගස්ති කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය. ඔබට මේ නාඩි වාක්‍ය කොලේ තියෙන භාෂාව කියවන්න පුළුවන් නම් තමන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් පිටපත තමුන්ටම සොයා ගන්න පුලුවන්. මේ නාඩි වාක්‍ය කියවන්නන් කරන්නේ නාඩි වාක්‍ය තල්පතේ ඇති භාෂාව ඔබ නොදන්නා නිසා ඒවා කියවන එකයි. ඔබේ නාඩි වාක්‍ය තල්පත ඔබට සොයා ගැනීමට උදව් කිරීමයි. සමහර විට දෙමළෙන් ඇති ඒ වාක්‍ය පරිවර්තනය කරන කොට පරිවර්තකයා ඒ ප්‍රකාශය ප්‍රශ්නයක් විදිහට ඔබෙන් අහනවා වෙන්න ඇති. නමුත් මුල් ග්‍රන්ථවල එහෙම ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි තියෙන්නේ. ශ්ලෝක විදිහටයි තියෙන්නෙ. මේ එක නාඩි වාක්‍ය ක්‍රමයක් පමණයි.

මුල් කාණ්ඩය සොයා ගත්තට පස්සේ ඉතිරි සියලුම විස්තර වර්තමානය, අනාගතය, පෙර භවය, මතුභවය, මරණය සිදුවන දිනය, විවාහ වන කාලය, විවාහ වෙන්නේ කුමන පළාතකින්ද ආදී හැම දෙයක්ම ඔබෙන් විස්තර අහලා දැනගෙන නෙවෙයි ඒ ඇත්තෝ කියන්නේ. මේ කාණ්ඩයේ දැක්වෙන දේවල් ඒ ඇත්තෝ කියන්නේ තල්පතේ ඇති විස්තරයි. තව නාඩි ක්‍රමයක් තියෙනවා, ඔබ ඒ ඇත්තන්ට ඔබේ කේන්ද්‍ර පිටපත දුන්නම ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගේ පුස්තකාලයෙන් ඒ කේන්ද්‍රයට ගැළපෙන තල්පත් මිටියෙන් ඔබේ නම, දෙමවුපියන්ගෙ නම්, බිරිඳගේ නම ආදිය කියවනවා. අනියම් බිරිඳක් ඉන්නවා නම් ඇයගේ නමත් කියනවා. ඔබ එක වචනයක්වත් කිවයුතු නැහැ. තවත් නාඩි ක්‍රමයක් තියනවා මට මතකයි කමලමුණි නාඩි වාක්‍ය. ඒ නාඩි වාක්‍ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මහපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ විස්තරයක් කියන්නම්. කමලමූර්ති නාඩි වාක්‍යයෙන් ද මම නාඩි කියෙව්වා. ඒ මගේ දකුණු අතේ මාපටැඟිල්ලෙන් සටහන් ලබාගෙන. මට සම්පූර්ණ විස්තරයක් දුන්නා. එක වචනයක්වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ. අනෙක් අයගෙනුත් ඒ වගේමයි. ප්‍රශ්න කිසිවක් අහන්නේ නැහැ. පිරිමි පාර්ශ්වයේ දකුණු මාපටැඟිල්ලේ සටහනකුත්, කාන්තා පාර්ශ්වයේ වම් මහපටැඟිල්ලේ සටහනකුත් ලබාගෙන විස්තර කියනවා. මේ ක්‍රමය නම් මට හරිම පුදුමයි. විශ්මිතයි.

ප්රශ්නය : ස්වාමිනී, සමහරුන්ට තමාගේ විවාහය පිළිබඳ කියෑවෙන හත්වැනි පරිච්ඡේ¨දය ගැන විමසුවහම කෙළින්ම විවාහ වන අයගේ නම හෝ පදිංචි ස්ථානය පිළිබඳ කියන්නේ නැහැ. ඉන්න දිශාව, ගෙදර තොරතුරු මාර්ග සලකුණු, නමත් කියන්නේ ව්‍යංගයෙන්. සෘෂිවරුන් ඇයි මේ ප්‍රශ්න කෙළින්ම නොකියන්නේ.

නාහිමි : මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක් මහත්මයා, ඉන්දියාව කියන්නේ මහ විශාල රටක්. විවිධ ජාතිවල, කුලවල භාෂා කතා කරන පිරිසක් ඉන්න රටක්. කුලවාදය ඉන්දියාවේ තදින්ම තියනවා. සමහර විට සෘෂින් වහන්සේලා විවාහය වගේ දේවල් කෙළින්ම නොකියා, ව්‍යංගයෙන් කියලා තියෙන්නේ ආරක්ෂාව නිසා වෙන්න පුළුවන්.

උදාහරණයක් වශයෙන් එක උසස් කුලයක කෙනෙකුගේ විවාහය කර්මානුරූපීව සිද්ධ වෙන්නේ තියෙන්නේ ඉතාම පහත් කුලයක කෙනෙකු සමග නම් අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා හෝ තැනැත්තිය සොයාගෙන ගිහිල්ලා ඒ පවුලේ ඇත්තෝ ඒ තැනැත්තා විනාශ කරනවා ඒ විවාහ අවස්ථාව නැති කිරීමට, එම අවස්ථාව වෙනස් කරන්න, එම නිසයි මේ විදිහට වාක්‍ය නාඩි කියන්න ඇත්තෙ. ඉස්සර වුණත් අපේ රටේ රාජ කුමාරවරු සැඩොල් කාන්තාවන් විවාහ කරගත් අවස්ථාවන් තියනවානේ. පණ්ඩුකාභය රජතුමාගේ කතාව වුණත් මේ පිළිබඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්.

මට තවත් කරුණක් මුන්නැහේට කියන්න තියනවා. සමහර අයගේ නාඩි වාක්‍ය කියවා ගෙන යනකොට, රටේ පාලකයට වන අතුරු අන්තරා සහ රටේ ඇතිවන අර්බුද පිළිබඳවත් සඳහන් වනවා. මේක විශේෂ අවස්ථාවක්. ඔබේ රටේ නායකයා මේ වසරේ දී මිය යනවා. ඊට පස්සේ ඔබේ කාර්යය ඉටුවෙනවා කියලා. සමහර නාඩි වාක්‍යවලින් කිය වෙනවා. මේවා අධ්‍යයනය කළොත් රටක ඉරණම පිළිබඳ පූර්ව දැන ගැනීමක් ලබාගෙන රටට සෙතක් වන අයුරින් කටයුතු කිරීමේ අවස්ථාවක් තියෙනවා.

ප්රශ්නය : ස්වාමිනී, අපි දීර්ඝ වශයෙන් කතා කළේ, නාඩි වාක්‍ය, නාඩි වාක්‍ය ක්‍රම, ඒවා ලියෑවුණේ කොහොමද, අපි නාඩි වාක්‍ය ලබා ගන්න ක්‍රම ආදිය පිළිබඳවයි. දැන් ස්වාමිනී, මේ නාඩි වාක්‍ය අපි දැන ගත්තේ ඔබ වහන්සේ විසින් පතපොත සඟරාවලට ලියන ලද ලිපි ලේඛන නිසයි. ස්වාමිනී, අවසරයි, නාඩි වාක්‍ය පිළිබඳ ඔබ වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් මොනවද?

නාහිමි : හොඳයි, මෙහෙමයි සිද්ධ වුණේ. මට ඕන කරලා තිබුණා මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍ර කොපිය නිවැරදිව සකස් කර ගන්න. නාඩි වාක්‍ය මූලාශ්‍රයෙන් ඔවුන් මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍රය නිවැරදිව ලබා දුන්නා. උපන් දිනය ආදී විස්තර සමූහයක්. මේ දක්වා ඔවුන් විසින් මා ගැන කියා තිබූ අනාගත වාක්‍ය සියල්ල ඉතාම නිවැරදියි. සත්‍යයි.(1992)

ප්රශ්නය : නාඩි වාක්‍ය ඔබ වහන්සේ විසින්ම අත්දැකීමෙන්ම ලබා ගත්තද ස්වාමීනි.

balangoda1නාහිමි : හොඳයි මම මේ සියලු කතන්දර විස්තරය ඔබට කියන්නම්. මුලින්ම මම නාඩි වාක්‍ය ගැන වැඩි විස්තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන යම්තම් අහලා තිබුණා විතරයි. නමුත් මම ඒවා විශ්වාස කළේ නැහැ. වරක් 1952 දී කල්කටාවේ මලබාර් පළාතේ පදිංචි වෙලා ඉන්න මගේ මිත්‍ර බෞද්ධ නීතිඥයෙක් වන මන්ජන් රාමන්ලාල් මහත්මයාගේ ආරාධනාවක් පිට කල්කටාවට යන අතරතුර මදුරාසියේ මහාබෝධි සමාගමට අයත් මධ්‍යස්ථානයක නතර වුණා.

ඒ දවස්වල එම ආයතනයේ භාරකාරයා හැටියට සිටියේ පූජ්‍ය නීලවක්කේ සෝමානන්ද හාමුදුරුවෝ. අපි රාත්‍රි කාලයේ එක එක දේවල් ගැන කතා කරමින් ඉන්න කොට මං ඇහුවා උන්වහන්සේගෙන්, උන්වහන්සේ දන්න දක්ෂ ජ්‍යෙdතිර්වේදියෙක් එහෙම ඉන්නවද කියල මගේ කේන්ද්‍රය නිවැරදිව හදා ගන්න පුළුවන්. උන්වහන්සේ මගෙන් ඇහුවා ඇයි එහෙම කෙනෙක් ගැන අහන්නේ කියලා. මං කිව්වා මම ටිකක් ජ්‍යෙdතිෂ්‍ය ගැන දන්නවා. මගේ දැනීමේ හැටියට මගේ කේන්දරය මට පිළිගන්න අමාරුයි. මගේ කේන්දරය හරි මදියි. කේන්දරයේ මොකක් හරි වරදක් තියෙනවා. ඒක මට නිවැරදි කර ගන්න ඕනෑ කියල. එතකොට උන්වහන්සේ කිව්වා ඇයි ඕකට ඔච්චර කරදර වෙන්නේ. ශාස්ත්‍රකාරයන් පස්සේ යන්නේ.

ඔබ වහන්සේ කෙළින්ම නාඩි වාක්‍ය කියන මධ්‍යස්ථානයට ගියාම නිවැරදි කේන්දරය ගන්න පුළුවන් කියලා. මං ඇහුවා මොනවද නාඩි වාක්‍ය කියන්නෙ කියලා. උන්වහන්සේ කිව්වා පුරාණයේ සිටි සෘෂිවරුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන නියම සත්‍ය අනාගත වාක්‍ය සමූහයක් කියලා. මේ සෘෂිවරු ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ඉන්දියාවේ මීට අවුරුදු 5000 කට 6000කට පෙර කාලයේ. මේ අය බොහෝ දෙනෙකුගේ අනාගතය පිළිබඳ විස්තර ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට ඔබ වහන්සේගේ නමත් ඒ අතර තියෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතත් ලබා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ කිව්වා. ඒත් මං සිටියේ සැකෙන්. මං ඇහුවා කොහොමද, කවදද යන්න පුළුවන් කියලා. උන්වහන්සේ කිව්වා හොඳයි හෙට උදේ හිල් දානෙන් පස්සේ අපි එයා හමුවෙන්න යමු කියලා. අපි දෙන්න ගියා ඒ අය හමුවෙන්න. අපි ගියේ මදුරාසියේ රායි පෙටාරෝඩ් කියන පැත්තට. අපි දැක්කා මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. එම ස්ථානයේ බෝඩ් එකක් ගහලා තිබුණා. "කෞමාර නාඩි ජ්‍යෙdaතිෂ්‍ය මධ්‍යස්ථානය" " කෞමාර නාඩි ඇස්ලොජිකල් බියුරෝ" කියලා. මේ ස්ථානය තිබුණේ මදුරාසියේ රායි පෙටාරෝඩ් පොලීසිය ළඟ. අපි ඒ ස්ථානයට ඇතුළු වුණා. ඒක විශාල ශාලාවක්. අපි දැක්කා මනුස්සයෙක් බිම එළාගත්ත පැදුරක් උඩ ඉඳගෙන තවත් මනුස්සයෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේ මනුස්සයා බොහොම සරල සාමාන්‍ය දෙමළ මනුස්සයෙක්. හරියට නාඩාර් කෙනෙකු වගේ. මේ වගේ මනුෂ්‍යයෙකුට මේ වගේ ශ්‍රේෂ්ඨ වැඩක් කරන්න පුළුවන්ද කියලා මට විශාල සැකයක් මතු වුණා. මං හිතුවා කමක් නෑ ගිහිං බලමු කියලා. අපි ඇතුළට ගියා. ඔහු දෙමළෙන් කතා කළා. ඒ තැනැත්තාට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. නීලවක්කේ හාමුදුරුවෝ මා ගැන මොකුත්ම කිව්වේ නෑ. මේ හාමුදුරුවන්ට නිවැරදි කේන්දර කොපිය ලබා ගන්න ඕන කියලා විතරයි කිව්වේ. ඒ තැනැත්තාට ටිකක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔහු මගෙන් ඇහුවා කේන්දරයක් නැද්ද කියලා. මං කිව්වා මට කේන්දරයක් තියෙනවා. ඒත් ඒක මට සැකයි කියලා. ඔහු මට කිව්වා, මට සහතික කරලා කියන්න බැහැ ඔබ වහන්සේගේ කේන්දර පිටපත මගේ ලිපි ලේඛන අතරේ තිබෙනවද කියලා. මට හම්බ වුණොත් දෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතයි, ජීවිත විස්තරයයි සියලුම දේ. ඒකට මං සෙවීමේ ගාස්තුව හැටියට රුපියල් පහක් ගන්නවා. කේන්දර කොපිය ලැබුණත් නැතත් මේ සෙවීමේ ගාස්තුව ආපහු දෙන්නේ නැහැ කියල. මං කිව්වා කමක් නෑ. මං රුපියල් පහක් දුන්නා. ඊට පස්සේ ඒ තැනැත්තා මගේ දකුණු අතේ අල්ල පරීක්ෂා කරන්න පටන් ගත්තා.

ප්රශ්නය : ඒ ඔබ වහන්සේගේ පළමු අත්දැකීමද ස්වාමීනි ?

නාහිමි : ඔව් ඒ මගේ පළමුවෙනි අත්දැකීම. ඒ වගේ අත්දැකීමක් මට මීට පෙර කිසිදිනෙක ලැබිලා නැහැ. ඒ තැනැත්තා මගේ අල්ල පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ වහන්සේගේ අතේ "සරිත්තෝම්බර් සර්වමාල්" රේඛාව තියෙනවා කියලා. ඊට පස්සේ ඔහු කාමරයට ගිහිල්ලා පරණ කුඩා තල්පත් මිටියක් ගෙනල්ලා පිටු පෙරළන්න පටන් ගත්තා. "සරිත්තෝම්බර් රේඛාව" හම්බ වෙනකල්.

ප්රශ්නය : ඒ අර පරණ තල්පත් මිටියෙන්ම ද ස්වාමීනි,

නාහිමි : ඔව් පරණ තල් අත් පිටපතකින්. මම තේරුම් ගත්තා ඒක ලියලා තිබුණේ අ, ආ, ඉ, ඊ කියන අකාරාදි පිළිවෙළට කියලා. පිටු පෙරළමින් සිටි ඔහුට හම්බ වුණා අර නම තියෙන පිටුව. "සරිත්තෝම්බර් සර්වමාල්" කියන රේඛාව තියෙන කොළේ. ඊට පස්සේ ඒ කොළේ තියෙන දේවල් කියවන්න පටන් ගත්තා. මේ රේඛාවේ හැටියට ඔබේ නම "කුංචන්" මහත්තයන්.

ප්රශ්නය : කුංචන් මහත්තයන් කියලා?

නාහිමි : මං පුංචි කාලේ කුඩා දරුවෙක් විදිහට ඉන්න කොට මට කතා කෙරුවේ පුංචිමහත්තයා කියලා. ඒකෙන් මං ඉගෙන ගත්ත දෙයක් තමයි පුංචි කියන වචනය දෙමළෙන් ආපු කුංචන් කියන වචනයෙන් බිඳී ආපු වචනයක් විදිහට. මම කිව්වා ඔබ කියන දෙය හරියි කියලා. ඔබට තවත් දෙවැනි නමකුත් තියෙනවා. ඒ මොකක්ද කියලා මං ඇහැව්වා. "විලියම්" මං පුංචි දවස්වල අනෙක් අය අතරේ ගැවසෙන කොට මට විහිළුවට වගේ විලියම් කියලා කතා කෙරුවා. ඒක තමයි දෙවැනි නම. ඊළඟට ඔහු කිව්වා ඔබට තවත් තුන්වැනි නමකුත් තියෙනවා කියලා. 'සරණ ගවේශී' ඒ මොහොත වනතුරු කිසිම කෙනෙක් ඒ නම දැනගෙන සිටියේ නැහැ. අඩුම තරමින් නීලවක්කේ සෝමානන්ද හාමුදුරුවෝවත් ඒ නම දැනගෙන හිටියේ නෑ මේ නම මට තැබුවේ මගේ උපාධ්‍යයන් වහන්සේ විසින් ඒ නම දැනගෙන හිටියේ අපි දෙන්නා විතරයි.

ප්රශ්නය : ඔබ වහන්සේට මේ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණේ දකුණු ඉන්දියාවේදී ද ස්වාමීනි,

නාහිමි : ඔව් පළමු වතාවට.

මෛත්‍රී රත්නායක

divaina.com/sunday/index.php/visheshanga2/716-2017-10-22-08-36-67

[QUOTE="funkyguy89, post: 22449659, member: 250919"] [B][U][SIZE=5]නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ පළමු අත්දැකී[/SIZE][/U][/B] [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/05/s2/balangoda1.jpg[/IMG] [SIZE=4]නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න. ප්රශ්නය : එතකොට ස්වාමීනි, අපට ලැබෙන නාඩි වාක්‍ය කියෑවීම වැරදි නම් අපි කොහොමද නිවැරදිව නාඩි වාක්‍ය ලබා ගන්නේ. නාහිමි : වැරදි නාඩි කියෑවීමක් තමන්ට ලැබිලා තියෙනවා කියලා හිතෙනවා නම්, ඒකටත් පිළියමක් නාඩි වාක්‍ය තුළම තියෙනවා. නාඩි වාක්‍යවල එක විශේෂ කාණ්ඩයක් තියෙනවා, ප්‍රශ්න කාණ්ඩම් කියලා. මේ කාණ්ඩය තුළින් මමත් අවස්ථා ගණනාවකදීම තොරතුරු විමසලා බැලුවා.ඒ ක්‍රමයෙන් තමන්ගේ නාඩි වාක්‍යයේ සඳහන් සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට පුළුවන්. තව දෙයක් මට කියන්න තියනවා. බුදුන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේ පිරිනිවන්පාලා මාස තුනක් වෙනකොට යම් යම් භික්ෂූන් වහන්සේලා විසින් වැරදි අර්ථකථන දීමට උත්සාහ දැරුවා. ඒ අවස්ථාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ, මහරහතුන් වහන්සේලා පමණක් සම්බන්ධ කරගෙන ප්‍රථම ධර්ම සංගායනාවක් පවත්වලා ධර්මය කොටස්වලට බෙදලා එක් එක් භික්ෂු සමූහයාට ඒ කොටස් කට පාඩම් කරමින් රැක ගැනීමේ වගකීම පැවරුවා. මේ අවස්ථාවේ මට මතක් වෙනවා ආනන්ද මහ රහතන් වහන්සේගේ කාර්යභාරය. මේ සංගායනාවට සහභාගිවීමට අවසරය තිබුණේ මහ රහතන් වහන්සේලාට පමණයි. මේ වනවිට ධර්ම භාණ්ඩාගාරික කියන විරුදාවලිය ලබා සිටි ආනන්ද හාමුදුරුවෝ රහත් භාවය ලබා සිටියේ නැහැ. උන්වහන්සේ අසූ හාරදහසක් වූ ධර්මස්කන්ධය සිතින් දරාගෙන රැකගෙන ආව හාමුදුරුවෝ. සංගායනාවට සහභාගි වීමට අවශ්‍යම තැනැත්තා වුණේ ආනන්ද හාමුදුරුවෝයි. උන්වහන්සේ දිවා රාත්‍රී භාවනානුයෝගීව සිට මහත් ආයාසයක් දරලා සංගායනාවට පෙර මහ රහත් භාවයට පත්වුණා. ඒ විදිහටයි සත්‍ය බුද්ධ දේශනාව අද දක්වාම පවතින්නේ. විවිධ අවස්ථාවල නැවත නැවතත් සංගායනා පවත්වමින් බුද්ධ දේශනාව මහ සඟ පරපුර විසින් රැක ගත්ත නිසා. මම එක සිද්ධියක් කියන්නම්. 1955 දී බුරුමයේ පැවැත්වුණු සංගායනාවට මමත් සහභාගි වුණා. එතන එක වචනයක් පිළිබඳව දින ගණනාවක් මහා තෙරුන් වහන්සේලා වාද විවාද කළා. බුරුම පත පොතේ සඳහන් වුණේ "පත්ථ පත්ථ මූකලන්" කියල මෙහි මූකලන් යන වචනය වැරදියි. මං පැහැදිලි කළා එය "පත්ථ පත්ථ පුලකං" වශයෙන් නිවැරදි විය යුතුයි කියලා. තර්ක විතර්ක කරලා පත පොතින් ශබ්ද නිගණ්ඩු ආදි දේවලින් මං කරුණු උපුටලා පෙන්නුවාට පස්සේ බුරුම ජනාධිපතිතුමා, අගමැතිතුමා එය නිවැරදි බව පිළිගත්තා. මං මේ කරුණ කිව්වේ බුද්ධ භාෂිතය නිවැරදිව රැක ගැනීම සඳහා බොහෝ සේ භික්ෂුන් වහන්සේලා, රජවරු, ජනාධිපතිවරු, අගමැතිවරු කටයුතු කරලා තියනවා කියන එක පෙන්නන්න. නමුත් නාඩි වාක්‍යවල සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට කිසිවෙක් හෝ හිටියේ නැහැ. ඒත්, බුදුන්වහන්සේ උපදින්නට අවුරුදු 3000කට පෙර ප්‍රකාශිත නාඩි වාක්‍ය කිසිම අවස්ථාවක සංශෝධනවලට භාජන කරලා නැහැ. එම නිසා යම් යම් අඩු ලුහුඬුකම් ඇතිවිය හැකියි. ඒත් ඒවා නිවැරදි කර ගැනීමේ ක්‍රමය ප්‍රශ්න කාණ්ඩ තුළින් උදාවෙලා තියෙන නිසා මේ පිළිබඳ කිසිම කෙනෙකු සැකයක් ඇති කර ගත යුතු නැහැ. ප්රශ්නය : මේ ප්‍රශ්නයටම සම්බන්ධ කරලා තවත් ගැටලුවක් විසඳා ගැනීමට තියනවා ස්වාමීනි, ලංකාවේ ඉන්න අයට නාඩි වාක්‍ය කියවා ගැනීමේ භාග්‍යය උදාවෙලා තියෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය ලබාගෙන සිටින අගස්තියර් කෞෂික නාඩි වාක්‍ය කියවන්නන්ගේ උපකාරයෙන්. මේ අය විටින් විට ඉන්දියාවට ගිහිල්ලා සමහරුන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් තල්පත් ගෙනාවා. ඒ ආශ්රයෙන් නාඩි වාක්‍ය කියවනවා. ඒත් ස්වාමීනි, මේ නාඩි වාක්‍ය කියවන ක්‍රමය නිසා බොහෝදෙනා කියනවා අපෙන්ම ප්‍රශ්න අහලා. අපෙන්ම විස්තර ලබාගෙන නැවතත් ඒ විස්තර අපටම කියනවා කියලා. මේ ගැන ඔවුන් තුළ සැකයක් තියනවා. මේ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර මොකක්ද ස්වාමීනී, නාහිමි : ඔය ප්රශ්නය මගෙන් මීට පෙර කීපදෙනෙක්ම අහලා තියනවා. මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ අපේ මිනිස්සු නිමිති බලන්න යන්නෙත්, සාස්තර අහන්න යන්නෙත් හිතේ සැකයක් තියාගෙන. තමන් සාස්තර අහන්න ගියා කියලා තවත් කෙනෙකුට කීවම ඒ ඇත්තෝ ඉස්සරලම අහන්නේ හරියට කියවුණාද කියලා. ඕක ගැන පුදුම වෙන්න දෙයන් නැහැ මහත්තයෝ. අපේ බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන කොටස්. දුක, දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, ඉන් ලබන ඵලය කියලනේ. අපේ බෞද්ධයෝ මේ පරම සත්‍ය ගැනත් සැක හිතනවනේ. ප්‍රශ්න කරනවනේ. අහපු ප්‍රශ්නෙට පිළිතුර මෙහෙමයි. ඔය නාඩි වාක්‍ය ගැන සැක කරන බොහෝ දෙනා ඒ ගැන දන්නේ නැහැ. හරි අවබෝධයක් නැහැ. විස්තර දන්නෙත් නැහැ. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මාත් මුල්ම දවසේ නාඩි වාක්‍ය ගැන සැක හිතින් තමයි හිටියේ. එම නිසා මම අනුන් කරන මේ ප්‍රශ්න කිරීම් ගැන පුදුම වෙන්නේ නැහැ. ඒක සාධාරණයි. මුන්නැහේ කීවා අපෙන්ම ප්‍රශ්න අහලා අපෙන්ම උත්තර අරගෙන, නැවත අපටම කියනවා කියලා ඒ අගස්ති කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය. ඔබට මේ නාඩි වාක්‍ය කොලේ තියෙන භාෂාව කියවන්න පුළුවන් නම් තමන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් පිටපත තමුන්ටම සොයා ගන්න පුලුවන්. මේ නාඩි වාක්‍ය කියවන්නන් කරන්නේ නාඩි වාක්‍ය තල්පතේ ඇති භාෂාව ඔබ නොදන්නා නිසා ඒවා කියවන එකයි. ඔබේ නාඩි වාක්‍ය තල්පත ඔබට සොයා ගැනීමට උදව් කිරීමයි. සමහර විට දෙමළෙන් ඇති ඒ වාක්‍ය පරිවර්තනය කරන කොට පරිවර්තකයා ඒ ප්‍රකාශය ප්‍රශ්නයක් විදිහට ඔබෙන් අහනවා වෙන්න ඇති. නමුත් මුල් ග්‍රන්ථවල එහෙම ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි තියෙන්නේ. ශ්ලෝක විදිහටයි තියෙන්නෙ. මේ එක නාඩි වාක්‍ය ක්‍රමයක් පමණයි. මුල් කාණ්ඩය සොයා ගත්තට පස්සේ ඉතිරි සියලුම විස්තර වර්තමානය, අනාගතය, පෙර භවය, මතුභවය, මරණය සිදුවන දිනය, විවාහ වන කාලය, විවාහ වෙන්නේ කුමන පළාතකින්ද ආදී හැම දෙයක්ම ඔබෙන් විස්තර අහලා දැනගෙන නෙවෙයි ඒ ඇත්තෝ කියන්නේ. මේ කාණ්ඩයේ දැක්වෙන දේවල් ඒ ඇත්තෝ කියන්නේ තල්පතේ ඇති විස්තරයි. තව නාඩි ක්‍රමයක් තියෙනවා, ඔබ ඒ ඇත්තන්ට ඔබේ කේන්ද්‍ර පිටපත දුන්නම ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගේ පුස්තකාලයෙන් ඒ කේන්ද්‍රයට ගැළපෙන තල්පත් මිටියෙන් ඔබේ නම, දෙමවුපියන්ගෙ නම්, බිරිඳගේ නම ආදිය කියවනවා. අනියම් බිරිඳක් ඉන්නවා නම් ඇයගේ නමත් කියනවා. ඔබ එක වචනයක්වත් කිවයුතු නැහැ. තවත් නාඩි ක්‍රමයක් තියනවා මට මතකයි කමලමුණි නාඩි වාක්‍ය. ඒ නාඩි වාක්‍ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මහපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ විස්තරයක් කියන්නම්. කමලමූර්ති නාඩි වාක්‍යයෙන් ද මම නාඩි කියෙව්වා. ඒ මගේ දකුණු අතේ මාපටැඟිල්ලෙන් සටහන් ලබාගෙන. මට සම්පූර්ණ විස්තරයක් දුන්නා. එක වචනයක්වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ. අනෙක් අයගෙනුත් ඒ වගේමයි. ප්‍රශ්න කිසිවක් අහන්නේ නැහැ. පිරිමි පාර්ශ්වයේ දකුණු මාපටැඟිල්ලේ සටහනකුත්, කාන්තා පාර්ශ්වයේ වම් මහපටැඟිල්ලේ සටහනකුත් ලබාගෙන විස්තර කියනවා. මේ ක්‍රමය නම් මට හරිම පුදුමයි. විශ්මිතයි. ප්රශ්නය : ස්වාමිනී, සමහරුන්ට තමාගේ විවාහය පිළිබඳ කියෑවෙන හත්වැනි පරිච්ඡේ¨දය ගැන විමසුවහම කෙළින්ම විවාහ වන අයගේ නම හෝ පදිංචි ස්ථානය පිළිබඳ කියන්නේ නැහැ. ඉන්න දිශාව, ගෙදර තොරතුරු මාර්ග සලකුණු, නමත් කියන්නේ ව්‍යංගයෙන්. සෘෂිවරුන් ඇයි මේ ප්‍රශ්න කෙළින්ම නොකියන්නේ. නාහිමි : මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක් මහත්මයා, ඉන්දියාව කියන්නේ මහ විශාල රටක්. විවිධ ජාතිවල, කුලවල භාෂා කතා කරන පිරිසක් ඉන්න රටක්. කුලවාදය ඉන්දියාවේ තදින්ම තියනවා. සමහර විට සෘෂින් වහන්සේලා විවාහය වගේ දේවල් කෙළින්ම නොකියා, ව්‍යංගයෙන් කියලා තියෙන්නේ ආරක්ෂාව නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් එක උසස් කුලයක කෙනෙකුගේ විවාහය කර්මානුරූපීව සිද්ධ වෙන්නේ තියෙන්නේ ඉතාම පහත් කුලයක කෙනෙකු සමග නම් අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා හෝ තැනැත්තිය සොයාගෙන ගිහිල්ලා ඒ පවුලේ ඇත්තෝ ඒ තැනැත්තා විනාශ කරනවා ඒ විවාහ අවස්ථාව නැති කිරීමට, එම අවස්ථාව වෙනස් කරන්න, එම නිසයි මේ විදිහට වාක්‍ය නාඩි කියන්න ඇත්තෙ. ඉස්සර වුණත් අපේ රටේ රාජ කුමාරවරු සැඩොල් කාන්තාවන් විවාහ කරගත් අවස්ථාවන් තියනවානේ. පණ්ඩුකාභය රජතුමාගේ කතාව වුණත් මේ පිළිබඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. මට තවත් කරුණක් මුන්නැහේට කියන්න තියනවා. සමහර අයගේ නාඩි වාක්‍ය කියවා ගෙන යනකොට, රටේ පාලකයට වන අතුරු අන්තරා සහ රටේ ඇතිවන අර්බුද පිළිබඳවත් සඳහන් වනවා. මේක විශේෂ අවස්ථාවක්. ඔබේ රටේ නායකයා මේ වසරේ දී මිය යනවා. ඊට පස්සේ ඔබේ කාර්යය ඉටුවෙනවා කියලා. සමහර නාඩි වාක්‍යවලින් කිය වෙනවා. මේවා අධ්‍යයනය කළොත් රටක ඉරණම පිළිබඳ පූර්ව දැන ගැනීමක් ලබාගෙන රටට සෙතක් වන අයුරින් කටයුතු කිරීමේ අවස්ථාවක් තියෙනවා. ප්රශ්නය : ස්වාමිනී, අපි දීර්ඝ වශයෙන් කතා කළේ, නාඩි වාක්‍ය, නාඩි වාක්‍ය ක්‍රම, ඒවා ලියෑවුණේ කොහොමද, අපි නාඩි වාක්‍ය ලබා ගන්න ක්‍රම ආදිය පිළිබඳවයි. දැන් ස්වාමිනී, මේ නාඩි වාක්‍ය අපි දැන ගත්තේ ඔබ වහන්සේ විසින් පතපොත සඟරාවලට ලියන ලද ලිපි ලේඛන නිසයි. ස්වාමිනී, අවසරයි, නාඩි වාක්‍ය පිළිබඳ ඔබ වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් මොනවද? නාහිමි : හොඳයි, මෙහෙමයි සිද්ධ වුණේ. මට ඕන කරලා තිබුණා මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍ර කොපිය නිවැරදිව සකස් කර ගන්න. නාඩි වාක්‍ය මූලාශ්‍රයෙන් ඔවුන් මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍රය නිවැරදිව ලබා දුන්නා. උපන් දිනය ආදී විස්තර සමූහයක්. මේ දක්වා ඔවුන් විසින් මා ගැන කියා තිබූ අනාගත වාක්‍ය සියල්ල ඉතාම නිවැරදියි. සත්‍යයි.(1992) ප්රශ්නය : නාඩි වාක්‍ය ඔබ වහන්සේ විසින්ම අත්දැකීමෙන්ම ලබා ගත්තද ස්වාමීනි. balangoda1නාහිමි : හොඳයි මම මේ සියලු කතන්දර විස්තරය ඔබට කියන්නම්. මුලින්ම මම නාඩි වාක්‍ය ගැන වැඩි විස්තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන යම්තම් අහලා තිබුණා විතරයි. නමුත් මම ඒවා විශ්වාස කළේ නැහැ. වරක් 1952 දී කල්කටාවේ මලබාර් පළාතේ පදිංචි වෙලා ඉන්න මගේ මිත්‍ර බෞද්ධ නීතිඥයෙක් වන මන්ජන් රාමන්ලාල් මහත්මයාගේ ආරාධනාවක් පිට කල්කටාවට යන අතරතුර මදුරාසියේ මහාබෝධි සමාගමට අයත් මධ්‍යස්ථානයක නතර වුණා. ඒ දවස්වල එම ආයතනයේ භාරකාරයා හැටියට සිටියේ පූජ්‍ය නීලවක්කේ සෝමානන්ද හාමුදුරුවෝ. අපි රාත්‍රි කාලයේ එක එක දේවල් ගැන කතා කරමින් ඉන්න කොට මං ඇහුවා උන්වහන්සේගෙන්, උන්වහන්සේ දන්න දක්ෂ ජ්‍යෙdතිර්වේදියෙක් එහෙම ඉන්නවද කියල මගේ කේන්ද්‍රය නිවැරදිව හදා ගන්න පුළුවන්. උන්වහන්සේ මගෙන් ඇහුවා ඇයි එහෙම කෙනෙක් ගැන අහන්නේ කියලා. මං කිව්වා මම ටිකක් ජ්‍යෙdතිෂ්‍ය ගැන දන්නවා. මගේ දැනීමේ හැටියට මගේ කේන්දරය මට පිළිගන්න අමාරුයි. මගේ කේන්දරය හරි මදියි. කේන්දරයේ මොකක් හරි වරදක් තියෙනවා. ඒක මට නිවැරදි කර ගන්න ඕනෑ කියල. එතකොට උන්වහන්සේ කිව්වා ඇයි ඕකට ඔච්චර කරදර වෙන්නේ. ශාස්ත්‍රකාරයන් පස්සේ යන්නේ. ඔබ වහන්සේ කෙළින්ම නාඩි වාක්‍ය කියන මධ්‍යස්ථානයට ගියාම නිවැරදි කේන්දරය ගන්න පුළුවන් කියලා. මං ඇහුවා මොනවද නාඩි වාක්‍ය කියන්නෙ කියලා. උන්වහන්සේ කිව්වා පුරාණයේ සිටි සෘෂිවරුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන නියම සත්‍ය අනාගත වාක්‍ය සමූහයක් කියලා. මේ සෘෂිවරු ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ඉන්දියාවේ මීට අවුරුදු 5000 කට 6000කට පෙර කාලයේ. මේ අය බොහෝ දෙනෙකුගේ අනාගතය පිළිබඳ විස්තර ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට ඔබ වහන්සේගේ නමත් ඒ අතර තියෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතත් ලබා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ කිව්වා. ඒත් මං සිටියේ සැකෙන්. මං ඇහුවා කොහොමද, කවදද යන්න පුළුවන් කියලා. උන්වහන්සේ කිව්වා හොඳයි හෙට උදේ හිල් දානෙන් පස්සේ අපි එයා හමුවෙන්න යමු කියලා. අපි දෙන්න ගියා ඒ අය හමුවෙන්න. අපි ගියේ මදුරාසියේ රායි පෙටාරෝඩ් කියන පැත්තට. අපි දැක්කා මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. එම ස්ථානයේ බෝඩ් එකක් ගහලා තිබුණා. "කෞමාර නාඩි ජ්‍යෙdaතිෂ්‍ය මධ්‍යස්ථානය" " කෞමාර නාඩි ඇස්ලොජිකල් බියුරෝ" කියලා. මේ ස්ථානය තිබුණේ මදුරාසියේ රායි පෙටාරෝඩ් පොලීසිය ළඟ. අපි ඒ ස්ථානයට ඇතුළු වුණා. ඒක විශාල ශාලාවක්. අපි දැක්කා මනුස්සයෙක් බිම එළාගත්ත පැදුරක් උඩ ඉඳගෙන තවත් මනුස්සයෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේ මනුස්සයා බොහොම සරල සාමාන්‍ය දෙමළ මනුස්සයෙක්. හරියට නාඩාර් කෙනෙකු වගේ. මේ වගේ මනුෂ්‍යයෙකුට මේ වගේ ශ්‍රේෂ්ඨ වැඩක් කරන්න පුළුවන්ද කියලා මට විශාල සැකයක් මතු වුණා. මං හිතුවා කමක් නෑ ගිහිං බලමු කියලා. අපි ඇතුළට ගියා. ඔහු දෙමළෙන් කතා කළා. ඒ තැනැත්තාට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. නීලවක්කේ හාමුදුරුවෝ මා ගැන මොකුත්ම කිව්වේ නෑ. මේ හාමුදුරුවන්ට නිවැරදි කේන්දර කොපිය ලබා ගන්න ඕන කියලා විතරයි කිව්වේ. ඒ තැනැත්තාට ටිකක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔහු මගෙන් ඇහුවා කේන්දරයක් නැද්ද කියලා. මං කිව්වා මට කේන්දරයක් තියෙනවා. ඒත් ඒක මට සැකයි කියලා. ඔහු මට කිව්වා, මට සහතික කරලා කියන්න බැහැ ඔබ වහන්සේගේ කේන්දර පිටපත මගේ ලිපි ලේඛන අතරේ තිබෙනවද කියලා. මට හම්බ වුණොත් දෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කේන්දර පිටපතයි, ජීවිත විස්තරයයි සියලුම දේ. ඒකට මං සෙවීමේ ගාස්තුව හැටියට රුපියල් පහක් ගන්නවා. කේන්දර කොපිය ලැබුණත් නැතත් මේ සෙවීමේ ගාස්තුව ආපහු දෙන්නේ නැහැ කියල. මං කිව්වා කමක් නෑ. මං රුපියල් පහක් දුන්නා. ඊට පස්සේ ඒ තැනැත්තා මගේ දකුණු අතේ අල්ල පරීක්ෂා කරන්න පටන් ගත්තා. ප්රශ්නය : ඒ ඔබ වහන්සේගේ පළමු අත්දැකීමද ස්වාමීනි ? නාහිමි : ඔව් ඒ මගේ පළමුවෙනි අත්දැකීම. ඒ වගේ අත්දැකීමක් මට මීට පෙර කිසිදිනෙක ලැබිලා නැහැ. ඒ තැනැත්තා මගේ අල්ල පරීක්ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ වහන්සේගේ අතේ "සරිත්තෝම්බර් සර්වමාල්" රේඛාව තියෙනවා කියලා. ඊට පස්සේ ඔහු කාමරයට ගිහිල්ලා පරණ කුඩා තල්පත් මිටියක් ගෙනල්ලා පිටු පෙරළන්න පටන් ගත්තා. "සරිත්තෝම්බර් රේඛාව" හම්බ වෙනකල්. ප්රශ්නය : ඒ අර පරණ තල්පත් මිටියෙන්ම ද ස්වාමීනි, නාහිමි : ඔව් පරණ තල් අත් පිටපතකින්. මම තේරුම් ගත්තා ඒක ලියලා තිබුණේ අ, ආ, ඉ, ඊ කියන අකාරාදි පිළිවෙළට කියලා. පිටු පෙරළමින් සිටි ඔහුට හම්බ වුණා අර නම තියෙන පිටුව. "සරිත්තෝම්බර් සර්වමාල්" කියන රේඛාව තියෙන කොළේ. ඊට පස්සේ ඒ කොළේ තියෙන දේවල් කියවන්න පටන් ගත්තා. මේ රේඛාවේ හැටියට ඔබේ නම "කුංචන්" මහත්තයන්. ප්රශ්නය : කුංචන් මහත්තයන් කියලා? නාහිමි : මං පුංචි කාලේ කුඩා දරුවෙක් විදිහට ඉන්න කොට මට කතා කෙරුවේ පුංචිමහත්තයා කියලා. ඒකෙන් මං ඉගෙන ගත්ත දෙයක් තමයි පුංචි කියන වචනය දෙමළෙන් ආපු කුංචන් කියන වචනයෙන් බිඳී ආපු වචනයක් විදිහට. මම කිව්වා ඔබ කියන දෙය හරියි කියලා. ඔබට තවත් දෙවැනි නමකුත් තියෙනවා. ඒ මොකක්ද කියලා මං ඇහැව්වා. "විලියම්" මං පුංචි දවස්වල අනෙක් අය අතරේ ගැවසෙන කොට මට විහිළුවට වගේ විලියම් කියලා කතා කෙරුවා. ඒක තමයි දෙවැනි නම. ඊළඟට ඔහු කිව්වා ඔබට තවත් තුන්වැනි නමකුත් තියෙනවා කියලා. 'සරණ ගවේශී' ඒ මොහොත වනතුරු කිසිම කෙනෙක් ඒ නම දැනගෙන සිටියේ නැහැ. අඩුම තරමින් නීලවක්කේ සෝමානන්ද හාමුදුරුවෝවත් ඒ නම දැනගෙන හිටියේ නෑ මේ නම මට තැබුවේ මගේ උපාධ්‍යයන් වහන්සේ විසින් ඒ නම දැනගෙන හිටියේ අපි දෙන්නා විතරයි. ප්රශ්නය : ඔබ වහන්සේට මේ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණේ දකුණු ඉන්දියාවේදී ද ස්වාමීනි, නාහිමි : ඔව් පළමු වතාවට. මෛත්‍රී රත්නායක [URL="http://www.elakiri.com/forum/divaina.com/sunday/index.php/visheshanga2/716-2017-10-22-08-36-67"]divaina.com/sunday/index.php/visheshanga2/716-2017-10-22-08-36-67[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom