නාරිලතා / Habenaria crinifera

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    නාරිලතා / Habenaria crinifera

    08C693EC-647C-4753-BD17-A4BD3B7A53E5.jpeg

    සොබාදහම විසින් නිර්මාණය කරන්නා වූ චිත්තාකර්ෂණීය නිර්මාණ වල ඇති අපූර්වත්වය නිසාම ඒ දෙස බලන විට අපට හැඟෙන්නේ අදහා ගත නොහැකි විෂ්මය ජනක හැගීමකි. මිනිසා මෙන්ම ජීවී අජීවී සියලු දෙනාගේ බිහිවීමට හේතු වන්නේ ද සොබාදහමයි.

    සොබාදහම් මාතාවගේ සුන්දරත්වය අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට පුෂ්ප විශේෂ සමත්වන්නේ සුවඳ විහිදුවමින් සියළු දෙනාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වන්නා වූ වර්ණ රටා හේතුවෙනි. නාරිලතා සහ ලියතඹරා යන නාමයෙන් හඳුන්වන කාන්තා දේහ ලක්ෂණ විදහා දක්වන පුෂ්ප විශේෂය සියළු දෙනා අසා සිටියත් සියළු දෙනාගේ සිත් තුළ ඇත්තේ මනංකල්පිත පුෂ්පයකි. මෙම නාරිලතා පුෂ්ප විශේෂයේ ඇති දුර්ලභ බාවය නිසාම මෙය මනංකල්පිත පුෂ්පයක් වී ඇත.

    නාරිලතා පුෂ්පයේ සුන්දරත්වය දුටු ගීත රචකයන් නිසා ජනප්‍රිය වුවද මෙම පුෂ්පය ඉන්දියවේ හිමාලය ප්‍රදේශයට පමණක් සීමා වූ පුෂ්ප විශේෂයක් බවට මත පල වීමෙන් නාරිලතා පුෂ්පය ශ්‍රී ලංකාවේ පැවතියද එය පිළිගැනිමට ඇතමෙකු මැලිකමක් දක්වයි.

    පූෂ්ප ලෝකයේ ඉහල ස්ථානයක් හිමිකර ගන්නා ඕකිඩ් පවුලට අයත් මෙම නාරිලතා හෙවත් ලියතඹරා පුෂ්ප විශේෂය Habenaria crinifera යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. විද්‍යාත්මක වර්ගීකරනය සැලකීමේදී ශාක(Plantae) රාජධානියේ ඕකිඩේසි(Orchidaceae) පවුලට අයත් ඕකිඩොයිඩ් (Orchidoideae) උප පවුලේ හබෙනාරියා (Habenaria) කුලයට මෙම ශාක විශේෂය අයත්වේ.

    ඉතාමත් දුර්ලභ පුෂ්ප විශේෂයක් වන මෙම විශේෂය දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අ තුළ වාර් ථා වී ඇති. ශ්‍රී ලංකාව තුල habenaria විශේෂ 11ක් පමණ දැනට වාර්තා වී ඇති අතර එයින් විශේෂ හතරක් ශ්‍රී ලංකාවට පමණක් ආවේනික බව වාර්ථා වී ඇත.

    ශ්‍රී ලංකාව තුළ පහත රට තෙත් කලාපයේ ස්භාවිකව හට ගන්නා මෙම පුෂ්ප විශේෂය ඉතාමත් දුර්ලභ වන්නේ මෙය ශාඛයක් ලෙස හට හටගනු ලබන්නේ මල් හට ගන්නා කාලයට පමණක් වීම නිසාවෙනි. මල් හට ගත් පසු මල් කිනිත්ත සමඟින් ක්‍රමයෙන් වේලී ගොස් ශාකය මැරී යයි. නමුත් අල නොමැරී පවතින අතර මල් හට ගන්නා කාලයට නැවතත් ශාකය හට ගනී. බොහෝ විට අලය සමඟින් පත්‍රයක් දෙකක් දැකිය හැකි වේ.

    කුඩා පඳුරු වශයෙන් හටගන්නා මෙම ඕකිඩ් විශේෂයෙහි එක් ශාඛයක එක් මල් කිනිත්තක් හට ගනී. අඟල් පහකට හයකට සීමා වන ශාඛය මල් කිනිත්ත සමඟින් අඩි එකහමාරක දෙකක උසකින් යුක්ත වේ. වසරේ මැයි මස සිට සැප්තැම්බර් මාස තුළ ඇතිවන වර්ෂාවත් සමඟ මෙම ශාඛයේ මල්දැක ගත හැකි වේ. දීප්තිමත් සුදු වර් ණයෙන් යුක්ත මෙම මල් කිනිත්තක මල් දහයක පහළොවක ප්‍රමාණයක් දැකගත හැකි වේ. එක මලක ප්‍රමාණය සෙන්ටිමීටර තුනත් හතරක් වන අතර පොකුරු වශයෙන් පවතින විට කාගෙත් සිත් ඇද ගැනීමට සමත් වේ.

    ශ්‍රී ලංකාව තුළ මෙම නාරිලතා පුෂ්පයේ ඡායාරූපයක් යොදා ගනිමින් 1994 වර් ෂයේදී habenaria crinifera නමින් රුපියල් 17.00 ක වටිනාකමින් යුත් මුද්දරක් පවා නිකුත් කර ඇත. අලංකාර පුෂ්ප විශේෂයක් මෙන්ම විශාල ඖෂදීය ගුණයක් මෙම ශාඛයේ තුළ අන්තර් ගතව ඇති බව හඳුනා ගෙන ඇත.

    Copied පේශල පසන් කරුණාරත්න
     

    Attachments

    • 42C8C16A-2644-4E79-9BDE-5A4114BB8D39.jpeg
      42C8C16A-2644-4E79-9BDE-5A4114BB8D39.jpeg
      148.6 KB · Views: 122