Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැති වූ වස්තුව සොයා දෙන කාලි අම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැති වූ වස්තුව සොයා දෙන කාලි අම්මා

2003 අවුරුද්දේ දවසක අපේ පවුලේ සාමාජිකයෙකුගේ වාහනය මංකොල්ල කෑවා.

හොරකම සිද්ධ වෙලා විනාඩි කීපයක් ඇතුලත දුරකථනයෙන් පොලීසියට දැනුම් දීලා ඊලග මිනිත්තුවේ බයික් වලින් අපේ අය අතුරුගිරිය පොලීසියට යනකොට පොලිස් කණ්ඩායමක් ජීප් එකට තල්ලු ස්ටාට් දානවලු මේ ගැන විමර්ශන කරන්න එන්න. කොහොම උනත් අදටත් ඒක අතුරුගිරිය පොලීසියේ X ෆයිල් එකක්.

ඔය සිද්ධියෙන් පවුලට ලොකු බලපෑමක් උනා.

අපි අමාරුවෙන් ඔලුව උස්සමින් හිටියෙ. වාහනේට රක්ෂණයක් තිබුනෙත් නෑ. හැමෝම තම තමන්ට කරන්න පුලුවන් දේවල් කළා.

ඔය අතරෙ යෝජනා වුන දෙයක් තමයි දේව පිහිට යැදීම. මම පුද්ගලිකව ඒ වගේ දේවල් විශ්වාස නොකරපු මනුස්සයෙක්. නමුත් හොඳයි කියලා මිනිස්සු කියන සමහර දේවාල වලට ගිහින් බලන වගකීම මටත් පැවරුනා. ( වැඩිහිටි අයත් තැන් තැන් වල ගියා)

පවුලේ කාරනයක් නිසාත් ඒවා ගැන හොයාබැලීමට තිබුන දැඩි උනන්දුව නිසාත් මම එහෙම තැන් කීපෙකට ගියා.

අපිට හොඳ ඔත්තුවක් ලැබුනා නාරාහේන්පිට ප්‍රදේශයේ හිතවත් ව්යාපාරික්ගෙන්, ඔහු දැනගෙන හිටපු ගරාජයක අයිතිකරුගේ වාහනය නැති වෙලා දේවාලෙක පිහිටෙන් ඒක හොයාගෙන තිබුනා. ඒ ගරාජ් හිමිකරුගෙන් ඒ ගැන තොරතුරු අහගෙන පහුවදාම ගමන පිටත් උනා.

ඒක කාලි මෑනියන්ගෙ බලයෙන් වැඩ කරන දේවාලයක්. කෑගල්ලෙ හෙට්ටිමුල්ලට ගිහින් එතනින් හැරිලා අන්තිමට පටු පාරක අමාරුවෙන් තමයි ඒ දේවාලෙට යන්න තිබුනෙ.

මම උදෙන්ම ගියා. ඒ වෙනකොටත් විශාල සෙනගක් ඇවිල්ලා. මිනිස්සු එතෙන්ට ආවෙ ගෞරව භක්ති පූර්වකව පේ වෙලා. තුන් දවසක් මස් මාලු පිලී නොකා.

ඒ කාලෙ මම නිර්මාංශිකව කැලැන්ඩර් වර්ශයක් ගත කරමින් හිටියෙ. ඒ නිසා මට කොහොමත් ගැටළුවක් ඇති උනේ නෑ.

දේවාලෙ වැඩකටයුතු පටන්ගන්න කලින් කපු තැන හම්බවෙන්න මට අවස්තාවක් හම්බ උනා. මම කපු මහත්තයා කියලා ඇමතුවා කියලා දේවාලෙ වැඩ පටන්ගන්න කලින්ම උන්දැට කාලි අම්මා ආවේස උනා. මෙහෙ කපුවො නෑ ඉන්නෙ කාලි මෑනියෝ කියලා බොහෝම සැරට කිව්වා. නමුත් ඔය කතා බහ අතරතුර මගේ පදිංචිය කොහෙද කියලා මෑනියෝ මගෙන් අහගත්තා.

ඒක බොහෝම සුන්දර පරිසරයක තිබුන තැනක්. කපුවා නොහොත් මෑනියන්ගෙ ගෙදර කොටසකම තමයි දේවාලෙ තිබුනෙ. එතනට පහලින් වෙලක් තිබුනා. දේවාලෙට ආසන්නයෙන්ම වෙල අද්දර ඇලකුත්, ඊට ඈතට වෙන්න ගොඩැල්ලක බෝධියකුත් තිබුනා. බෝධියට යන්න වෙල මැද්දෙන් අඩි පාරක් තිබුනා.

දේවාලෙ වැඩ පටන් ගත්තෙ මෑනියන්ගෙ තරුණ පුත්‍රයා කරපු පැහැදිලි කිරීමකට පස්සෙ.

පැහැදිලි කිරීම -

" කවුරුවත් තමන් ආපු කාරනාව මෙතන කියන්න එපා, මෑනියෝ වතාවත් ඉවර කරලා ආවේසෙ ලැබුවට පස්සෙ තමන්ගෙ නම හරි, තමන් ආපු කාරනේ හරි, තමුන්ගෙ ගමේ නම හරි කියනවා, එතකොට නැගිටලා ඉස්සරහට එන්න ඕන, ඇවිත් පඬුරු මේ හෙප්පුවේ තියලා ඉස්සරහින් වාඩි වෙන්න, තමුන් ආපු කාරනේ ඉෂ්ට සිද්ධ වෙයි"

ඉතාම ආසන්න වශයෙන් ඔන්න ඔය වගේ එකක් තමයි කිව්වෙ.

දේවාලෙ කටයුතු පටන් ගත්තා.

ආවේස උනාට පස්සෙ කපුවගෙ පිරිමි හඬ වෙනස් වෙලා අමාරුවෙන් අර්ධ ගෑනු හඬකින් කතා කරන්න පටන් ගත්තා. ඒ කාලි අම්මා වෙන්ඩ ඇති. අර අර්ධ ස්ත්‍රී හඬින් මෑනියෝ ආපු අයගේ නම්, ගම්, ආපු කාරනා එහෙම කියලා කතා කරනවා. "නඩුවක් සම්බන්ධයෙන් ආපු කෙනා එන්න" කියලා ඇදලා පැදලා කිව්වම කීප දෙනෙක් නැගිටිනවා. මෑනියො මද සිනහා පාලා අභය මුද්‍රාව වගේ අතත් උස්සලා "ඉඩං නඩුවට ආපු කෙනාටයි මෑනියෝ කතා කරන්නෙ" කියලා මැනියෝම කියනවා.

එතකොට දෙන්නෙක් ඉතුරු වෙන්න අනික් අය වාඩි වෙනවා. මෑනියෝ අභය මුද්‍රාව වෙනස් කරලා දෙන්නගෙන් එක්කෙනෙකුට දබරැගිල්ල දික් කරලා කියනවා "තමුන්ටයි එන්න කියන්නෙ" කියලා. එයා එනවා, අනික් කෙනා වාඩි වෙනවා.දැන් අපේ කාලි මෑනියෝ තමන්ගේ බුද්ධි මහිමයෙන් හොයාගෙන තියනවා නඩු සම්බන්ධයෙන් දේව පිහිට ඉල්ලන්න ආවෙ කවුද, ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් දැනගන්න ආව අනිත් කෙනා කවුද වගේ වගේ වැදගත් තොරතුරු ගොන්නක්ම. මේ විදිහටම රැකියා,විදේශ රැකියා, අධ්‍යාපන කටයුතු, සැමියා / බිරිඳ හැර යාම වගේ අනේකවිධ කාරණා වලට පිහිටක් පතාගෙන ආපු මිනිස්සුන්ව තමන්ගේ බුද්ධි මහිමයේ බලයෙන් එතුමිය තෝරා බේරා වෙන් කරගන්නවා. ඒ අතරෙ ආවතේව කාරයොත් නිරන්තරේ ලඟ රැඳුනා. නඩුවලට ආපු අනික් අයට කාලි අම්මා කතා කෙරුවෙ පැය ගානක් ගිහිල්ලා. ඒ වෙද්දී අලුතෙන් සෙනග ඇවිල්ලා. මෑනියෝ ඇඟිල්ල දික් කරලා "නඩුවක් සම්බන්ධයෙන් නේද ආවෙ"?, "අසවල් කාරනේට නේද ආවෙ" ? කියලා කලින් තෝරාගත්ත අයගෙන් එක එල්ලේ අහද්දී පස්සෙ ආපු මිනිස්සු කටවල් ඇරගෙන පුදුම වෙලා බලං ඉන්නවා.

භය නොවී කොහොමද කාලි අම්මගෙ ආනුභාවෙට.

ගමේ නම සහ පුද්ගල නම් කියලා කතා කිරීම ඊට වෙනස්. නමින් කතා කරපු අය මෑනියන්ගෙ පිහිට පතාගෙන කාලයක් තිස්සේ එන අය කියලා ඒ අය එක්ක කරපු කතාබහෙන් තේරුම් ගන්න පුලුවන් උනා.

ගම් වල නම් කියලා කතා කළේ ඉතාම අඩු පිරිසකට. මේ දේවල් බලාගෙන ඉන්න එක හරි විනෝදයි. පාලුවක් කම්මැලි කමක් දැනෙන්නෙත් නෑ.

ඔය අතරෙ ගෙදර වහලෙට රිලවු රංචුවක් පැන්නා. එකෙක් දඩස් ගාලා පැන්න සද්දෙට කාලි මෑනියෝ ගැස්සිලා ඒ පැත්ත බලලා ලඟ හිටපු පුතාට කිව්වා "ඛේටා පොඩ්ඩක් බලන්න"

කියලා. මොන කාලි වැහිලා හිටියත් මොකෝ වහලෙ බිඳුනොත් හෙම ඒ ගැන නොබැලුව එක ගැන ගෙදර කාලි පරළ වෙයි කියලා භද්‍රකාලී බය වෙන්න ඇති.

කාලි මෑනියෝ නිතරම පුතාව ඇමතුවේ ඛේටා කියලා. ඒ හින්දි චිත්‍රපටි ලංකාවෙ රූපවාහිනිය ආක්‍රමණය කරපු කාලෙ. බේටා කියන වචනෙ නිතර ඇහුනා. මම හිතන්නෙ නිවාඩු පාඩු වෙලාවට හින්දි චිත්‍රපටි බලද්දී කාලිට #බේටා ඇහෙන්න ඇත්තෙ #ඛේටා වගේ. ඕවා බල බල කාලෙ ගත උනා.

මට කතා කරනකොට හුඟක් හැන්දෑ උනා.

"ගම #### කියලයි කියන්නෙ" කියලා තාලෙට කියලයි මට කතා කෙරුවෙ. මම වටපිට බැලුවා කවුරුවත් නැගිට්ටෙ නෑ, එතකොට මෑනියෝ "තමුන්ටයි මේ කතා කරන්නෙ" කියලා ටිකක් සද්දෙන් කිවුවා. මම බුලත් කොලේක තියලා රුපියල් 77.50 ක් ( ඒ ගාන හරියටම තියන්න ඕන )

ලොකු හෙප්පුව උඩ තියලා වාඩි උනා. මේ වෙනකොට නම, ගම, ආපු කාරණාව වගේ දේවල් කියලා ඉදිරියට ගෙන්නුවත් සමහර මිනිස්සුන්ගෙ ගැටළුව මොකක්ද කියලා නිවැරදි තොරතුරක් හොයාගන්න බැරි උනාම එහෙම අයගෙන් ඊලඟට ප්‍රශ්න අහන විදිහ සහ තොරතුරු හොයාගන්න විදිහ ගැන මට අවබෝධයක් තිබුනා. ඒ නිසා මගේ කටින් නෙවෙයි කාලි අම්මගෙ බලයෙන්ම මගේ ගැටළුව හොයාගන්නකං ( ඛේටා මුලින්ම කියපු ව්දිහට ) කට පරිස්සමෙන් කතා කරන්න වගබලාගත්තා.

කාලි ( සිනා කටින්) - උඹට කොහෙද යන්ට ඕන ?

මම - කොහෙවත් නෑ

කාලි - ඇයි උඹට ඉගෙනගන්ට පියාඹලා යන්ට ඕන නේද ? ( එතකොට මගේ වයස 23 යි )

මම - නෑ

කාලි - ලඟදි ඉෂ්ඨ කරගන්ට බලාපොරොත්තුවක් තියනවා නේද, ඒක ගැන අහන්ට නේද ආවෙ ?

මම - නෑ

ඔය විදිහට ප්‍රශ්න ගනනාවක් ඇහුවා. මමත් දෙයියන්ටම කාරණාව හොයාගන්න කියලා මගේ කටින් හේතුව අල්ලගන්න බැරි වෙන විදිහට උත්තර දුන්නා. අන්තිමට කාලි මෑනියන්ට කේන්ති ගියා. මොකක්ද උඹට වෙන්ට ඕන ? කියලා කෙලින්ම ඇහුවා. මම කිව්වම "වාහනයක් නැති වෙලා ඒ ගැන අහන්නයි ආවෙ" කියලා කාලිට තවත් කවුදෝ යස්සයෙකුත් ආවේස උනා.

"මං ඉස්සෙල්ලා ඇහුවා නේද උඹට කොහෙද යන්ට ඕන කියා, උඹ නෑ කිව්වෙ, දැන් තොට ඒ නැති වෙච්ච වාහනේ හොයන්ට යන්ට ඕන නැද්ද බොල" ....?

මට තේරුනා මේකා මිනිස්සු ඉස්සරහ ආයෙත් ලස්සනට බෝලෙ මගේ පැත්තට පාස් කෙරුවා කියලා. දැන් මේක අහන මිනිස්සු හිතන්නෙ මගේ ගැටළුව දැනගෙන කාලි ඒ ප්ර්ශ්නය ඇහුවා කියලා, හැබැයි ඒ වෙනකොට මටත් යාන්තමට කවුදෝ ආවේස වෙලා හිටියෙ. මම කිවුවා "ඒ ගැන පොලීසියට කියලා තියෙන්නේ වාහනේ කොහෙද තියෙන්නේ කියලා වැඩි යමක් දැනගන්න පුලුවන්ද බලන්නයි මෙහාට ආවෙ" කියලා.

මෑනියෝ දකුනතින් අමුතු මුද්‍රාවක් පාන ගමන් වමත පොඩි දේවාල කුටියට දාලා මලකඩ කාපු පරණ කඩුවක් ගත්තා, අරගෙන මගේ දිහාට දික් කරලා "කට්ට කාලී තෝව මෙතන පෙති ගහන්ට කලිං බැහු පරයා මේ පිං බිමෙං එලියට" කියපි.

ඒ කඩුවෙන් පාරක් කන මිනිහෙක් දෙවිදිහකට මැරෙන්න පුලුවන්.

දෑත බදලා ඔලුවට පාරක් ගැහුවොත් කඩුව මොට නිසා තැලිලා මැරෙනවා. වෙන තැනකට වැදුනොත් ටෙටනස් හැදිලා පස්සෙ මැරෙනවා.

මට ඒ එක විදිහකටවත් මැරෙන්න බෑ බයයි.

කඩුවෙන් ගහයි කියන බයට මගේ ඇඟ හීතල උනා, අනික දෙයියන්ගෙ අඩවියේ.

හැබැයි හොරෙකුට නිකං සල්ලි පුදලා එන්න හිත හදාගන්නත් බෑ. යන්න නැගිටලා තත්පර කීපයක් කාලි දිහා බලං හිටියා. උන්දැ කඩුව අතේ තියාගෙන තාම බණිනවා. වෙන ඕනෑම දේකට මූණ දෙන්න හිත හදාගෙන ඉස්සරහට ගිහිං කාලි ඉස්සරහ හෙප්පුවේ තියපු මගේ 77.50 ගත්තා. පිටිපස්සෙ සෙනග නිසා කාලි ලඟින්මයි එලියට යන්න උනෙත්. ඇස් කොනෙන් කඩුව දිහා බලාගෙන එලියට බැහැලා යද්දිත් ඇහෙනවා " කාලිව විහිලුවට ගත්තු ගෙරියා බුලත් කොලෙත් අරං පල" කිය කිය බණිනවා. කෝප කාලිගෙන් කඩුපාරක් නොකා එදා යංතං ගෙදර ආවා.

ඒ කතාව එතනිං ඉවරයි.

පහුගිය දවසක, කොරෝනාව නසන්න ආධ්‍යාත්මික බලයෙන් හෙල ඔසුවක් හොයාගත්ත කාලි අම්මා කෙනෙක් ශ්‍රී මහා බෝධි මූලයට පැණි වක්කරන්න දුන්නෙ නෑ කියලා අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ ඉදිරියේ පරළ වුන හැටි දැකලා මට මේ පරණ සිද්ධිය මතක් උනා. නායක හාමුදුරුවන්ට පෙන්නපු ඒ හස්ත මුද්‍රාව මට හොඳට මතක තිබුනා. රූපය සහ කටහඬත් අවුරුදු 17 කට කලින් දැක්ක කාලි මෑනියෝ ගැන මට තිබුන මතකෙට බොහෝ සමානයි. පොඩ්ඩක් මහත් වෙලා වගේ තිබුන එක විතරයි එකම වෙනස. කෝකටත් කියලා හරියටම තහවුරු කරගන්න මම අර පරණ සම්බන්ධකම් ඔස්සේ ආයෙත් හරියටම හොයලා බැලුවා. කියන්න සංතෝසයි මේ එයාම තමයි. එදා කඩු කාලි තමයි මෙදා පැණි කාලි.මේ ලියන්නෙ ඒක 100% ක් තහවුරු කරගත්තට පස්සෙ. ඒක තහවුරු කරගන්න අර කියපු ගරාජ් හිමිකාරායට කතා කරපු වෙලාවෙ ඒ මහත්මයා මේ කාලි ගැන ලොකු භක්තියකින් කතා කළේ. මම අහන්නත් කලින් "අනේ අපේ මෑනියෝ නේ අර කොරෝනා පැණිය හැදුවෙත්" කියලා කිව්වෙ භක්ති පූර්වකව.

ඔහොම තමයි මේ රටේ සමහර තක්කඩියො මිනිස්සුන්ගෙ දුක පාවිච්චි කරලා තමන් ගොඩ යන්නෙ. එදා මට හිතුනෙ මේ මනුස්සයා තනිකරම බොරු කාරයෙක් කියලා, නමුත් හාමුදුරුවෝ ඉස්සරහ හැසිරුණු විදිහ දැක්කම හිතෙනවා වෙන මානසික අවුලකුත් තියනවා කියලා. කොහොම උනත් ගඟේ වැටුන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වා වගේ බයෙන් අසරණ උන මිනිස්සු පිහිටක් ලබන්න ඕනම දෙයක් ක්රනවා. මේ වගේ කපටියෝ ඒ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නවා. හැමදාමත් වෙන්නෙ ඒකයි.

කවුරු හරි අහනවා නං අර ගරාජ් එකේ වාහනේ කොහොමද කාලි බලෙන් හොයාගත්තෙ කියලා ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ වගේ මිනිස්සු ගල් 100 ක් ගහනකොට එකක් ඉලක්කෙට වදින්න පුලුවන්. ඒ වගේ ඉලක්කෙට වදින ඒවගෙන් තමයි මේ තක්කඩි තමන්ගේ ප්රතිරූප ගොඩනගාගන්නෙ.

Whatsapp eken awe. Aththa naththa nam danne na.

[QUOTE="dilshan87, post: 25998926, member: 91015"] නැති වූ වස්තුව සොයා දෙන කාලි අම්මා 2003 අවුරුද්දේ දවසක අපේ පවුලේ සාමාජිකයෙකුගේ වාහනය මංකොල්ල කෑවා. හොරකම සිද්ධ වෙලා විනාඩි කීපයක් ඇතුලත දුරකථනයෙන් පොලීසියට දැනුම් දීලා ඊලග මිනිත්තුවේ බයික් වලින් අපේ අය අතුරුගිරිය පොලීසියට යනකොට පොලිස් කණ්ඩායමක් ජීප් එකට තල්ලු ස්ටාට් දානවලු මේ ගැන විමර්ශන කරන්න එන්න. කොහොම උනත් අදටත් ඒක අතුරුගිරිය පොලීසියේ X ෆයිල් එකක්. 😁 ඔය සිද්ධියෙන් පවුලට ලොකු බලපෑමක් උනා. අපි අමාරුවෙන් ඔලුව උස්සමින් හිටියෙ. වාහනේට රක්ෂණයක් තිබුනෙත් නෑ. හැමෝම තම තමන්ට කරන්න පුලුවන් දේවල් කළා. ඔය අතරෙ යෝජනා වුන දෙයක් තමයි දේව පිහිට යැදීම. මම පුද්ගලිකව ඒ වගේ දේවල් විශ්වාස නොකරපු මනුස්සයෙක්. නමුත් හොඳයි කියලා මිනිස්සු කියන සමහර දේවාල වලට ගිහින් බලන වගකීම මටත් පැවරුනා. ( වැඩිහිටි අයත් තැන් තැන් වල ගියා) පවුලේ කාරනයක් නිසාත් ඒවා ගැන හොයාබැලීමට තිබුන දැඩි උනන්දුව නිසාත් මම එහෙම තැන් කීපෙකට ගියා. අපිට හොඳ ඔත්තුවක් ලැබුනා නාරාහේන්පිට ප්‍රදේශයේ හිතවත් ව්යාපාරික්ගෙන්, ඔහු දැනගෙන හිටපු ගරාජයක අයිතිකරුගේ වාහනය නැති වෙලා දේවාලෙක පිහිටෙන් ඒක හොයාගෙන තිබුනා. ඒ ගරාජ් හිමිකරුගෙන් ඒ ගැන තොරතුරු අහගෙන පහුවදාම ගමන පිටත් උනා. ඒක කාලි මෑනියන්ගෙ බලයෙන් වැඩ කරන දේවාලයක්. කෑගල්ලෙ හෙට්ටිමුල්ලට ගිහින් එතනින් හැරිලා අන්තිමට පටු පාරක අමාරුවෙන් තමයි ඒ දේවාලෙට යන්න තිබුනෙ. මම උදෙන්ම ගියා. ඒ වෙනකොටත් විශාල සෙනගක් ඇවිල්ලා. මිනිස්සු එතෙන්ට ආවෙ ගෞරව භක්ති පූර්වකව පේ වෙලා. තුන් දවසක් මස් මාලු පිලී නොකා. ඒ කාලෙ මම නිර්මාංශිකව කැලැන්ඩර් වර්ශයක් ගත කරමින් හිටියෙ. ඒ නිසා මට කොහොමත් ගැටළුවක් ඇති උනේ නෑ. දේවාලෙ වැඩකටයුතු පටන්ගන්න කලින් කපු තැන හම්බවෙන්න මට අවස්තාවක් හම්බ උනා. මම කපු මහත්තයා කියලා ඇමතුවා කියලා දේවාලෙ වැඩ පටන්ගන්න කලින්ම උන්දැට කාලි අම්මා ආවේස උනා. මෙහෙ කපුවො නෑ ඉන්නෙ කාලි මෑනියෝ කියලා බොහෝම සැරට කිව්වා. නමුත් ඔය කතා බහ අතරතුර මගේ පදිංචිය කොහෙද කියලා මෑනියෝ මගෙන් අහගත්තා. ඒක බොහෝම සුන්දර පරිසරයක තිබුන තැනක්. කපුවා නොහොත් මෑනියන්ගෙ ගෙදර කොටසකම තමයි දේවාලෙ තිබුනෙ. එතනට පහලින් වෙලක් තිබුනා. දේවාලෙට ආසන්නයෙන්ම වෙල අද්දර ඇලකුත්, ඊට ඈතට වෙන්න ගොඩැල්ලක බෝධියකුත් තිබුනා. බෝධියට යන්න වෙල මැද්දෙන් අඩි පාරක් තිබුනා. දේවාලෙ වැඩ පටන් ගත්තෙ මෑනියන්ගෙ තරුණ පුත්‍රයා කරපු පැහැදිලි කිරීමකට පස්සෙ. පැහැදිලි කිරීම - " කවුරුවත් තමන් ආපු කාරනාව මෙතන කියන්න එපා, මෑනියෝ වතාවත් ඉවර කරලා ආවේසෙ ලැබුවට පස්සෙ තමන්ගෙ නම හරි, තමන් ආපු කාරනේ හරි, තමුන්ගෙ ගමේ නම හරි කියනවා, එතකොට නැගිටලා ඉස්සරහට එන්න ඕන, ඇවිත් පඬුරු මේ හෙප්පුවේ තියලා ඉස්සරහින් වාඩි වෙන්න, තමුන් ආපු කාරනේ ඉෂ්ට සිද්ධ වෙයි" ඉතාම ආසන්න වශයෙන් ඔන්න ඔය වගේ එකක් තමයි කිව්වෙ. දේවාලෙ කටයුතු පටන් ගත්තා. ආවේස උනාට පස්සෙ කපුවගෙ පිරිමි හඬ වෙනස් වෙලා අමාරුවෙන් අර්ධ ගෑනු හඬකින් කතා කරන්න පටන් ගත්තා. ඒ කාලි අම්මා වෙන්ඩ ඇති. අර අර්ධ ස්ත්‍රී හඬින් මෑනියෝ ආපු අයගේ නම්, ගම්, ආපු කාරනා එහෙම කියලා කතා කරනවා. "නඩුවක් සම්බන්ධයෙන් ආපු කෙනා එන්න" කියලා ඇදලා පැදලා කිව්වම කීප දෙනෙක් නැගිටිනවා. මෑනියො මද සිනහා පාලා අභය මුද්‍රාව වගේ අතත් උස්සලා "ඉඩං නඩුවට ආපු කෙනාටයි මෑනියෝ කතා කරන්නෙ" කියලා මැනියෝම කියනවා. එතකොට දෙන්නෙක් ඉතුරු වෙන්න අනික් අය වාඩි වෙනවා. මෑනියෝ අභය මුද්‍රාව වෙනස් කරලා දෙන්නගෙන් එක්කෙනෙකුට දබරැගිල්ල දික් කරලා කියනවා "තමුන්ටයි එන්න කියන්නෙ" කියලා. එයා එනවා, අනික් කෙනා වාඩි වෙනවා.දැන් අපේ කාලි මෑනියෝ තමන්ගේ බුද්ධි මහිමයෙන් හොයාගෙන තියනවා නඩු සම්බන්ධයෙන් දේව පිහිට ඉල්ලන්න ආවෙ කවුද, ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් දැනගන්න ආව අනිත් කෙනා කවුද වගේ වගේ වැදගත් තොරතුරු ගොන්නක්ම. මේ විදිහටම රැකියා,විදේශ රැකියා, අධ්‍යාපන කටයුතු, සැමියා / බිරිඳ හැර යාම වගේ අනේකවිධ කාරණා වලට පිහිටක් පතාගෙන ආපු මිනිස්සුන්ව තමන්ගේ බුද්ධි මහිමයේ බලයෙන් එතුමිය තෝරා බේරා වෙන් කරගන්නවා. ඒ අතරෙ ආවතේව කාරයොත් නිරන්තරේ ලඟ රැඳුනා. නඩුවලට ආපු අනික් අයට කාලි අම්මා කතා කෙරුවෙ පැය ගානක් ගිහිල්ලා. ඒ වෙද්දී අලුතෙන් සෙනග ඇවිල්ලා. මෑනියෝ ඇඟිල්ල දික් කරලා "නඩුවක් සම්බන්ධයෙන් නේද ආවෙ"?, "අසවල් කාරනේට නේද ආවෙ" ? කියලා කලින් තෝරාගත්ත අයගෙන් එක එල්ලේ අහද්දී පස්සෙ ආපු මිනිස්සු කටවල් ඇරගෙන පුදුම වෙලා බලං ඉන්නවා. භය නොවී කොහොමද කාලි අම්මගෙ ආනුභාවෙට. ගමේ නම සහ පුද්ගල නම් කියලා කතා කිරීම ඊට වෙනස්. නමින් කතා කරපු අය මෑනියන්ගෙ පිහිට පතාගෙන කාලයක් තිස්සේ එන අය කියලා ඒ අය එක්ක කරපු කතාබහෙන් තේරුම් ගන්න පුලුවන් උනා. ගම් වල නම් කියලා කතා කළේ ඉතාම අඩු පිරිසකට. මේ දේවල් බලාගෙන ඉන්න එක හරි විනෝදයි. පාලුවක් කම්මැලි කමක් දැනෙන්නෙත් නෑ. ඔය අතරෙ ගෙදර වහලෙට රිලවු රංචුවක් පැන්නා. එකෙක් දඩස් ගාලා පැන්න සද්දෙට කාලි මෑනියෝ ගැස්සිලා ඒ පැත්ත බලලා ලඟ හිටපු පුතාට කිව්වා "ඛේටා පොඩ්ඩක් බලන්න" කියලා. මොන කාලි වැහිලා හිටියත් මොකෝ වහලෙ බිඳුනොත් හෙම ඒ ගැන නොබැලුව එක ගැන ගෙදර කාලි පරළ වෙයි කියලා භද්‍රකාලී බය වෙන්න ඇති. 😁😁 කාලි මෑනියෝ නිතරම පුතාව ඇමතුවේ ඛේටා කියලා. ඒ හින්දි චිත්‍රපටි ලංකාවෙ රූපවාහිනිය ආක්‍රමණය කරපු කාලෙ. බේටා කියන වචනෙ නිතර ඇහුනා. මම හිතන්නෙ නිවාඩු පාඩු වෙලාවට හින්දි චිත්‍රපටි බලද්දී කාලිට #බේටා ඇහෙන්න ඇත්තෙ #ඛේටා වගේ. ඕවා බල බල කාලෙ ගත උනා. මට කතා කරනකොට හුඟක් හැන්දෑ උනා. "ගම #### කියලයි කියන්නෙ" කියලා තාලෙට කියලයි මට කතා කෙරුවෙ. මම වටපිට බැලුවා කවුරුවත් නැගිට්ටෙ නෑ, එතකොට මෑනියෝ "තමුන්ටයි මේ කතා කරන්නෙ" කියලා ටිකක් සද්දෙන් කිවුවා. මම බුලත් කොලේක තියලා රුපියල් 77.50 ක් ( ඒ ගාන හරියටම තියන්න ඕන ) ලොකු හෙප්පුව උඩ තියලා වාඩි උනා. මේ වෙනකොට නම, ගම, ආපු කාරණාව වගේ දේවල් කියලා ඉදිරියට ගෙන්නුවත් සමහර මිනිස්සුන්ගෙ ගැටළුව මොකක්ද කියලා නිවැරදි තොරතුරක් හොයාගන්න බැරි උනාම එහෙම අයගෙන් ඊලඟට ප්‍රශ්න අහන විදිහ සහ තොරතුරු හොයාගන්න විදිහ ගැන මට අවබෝධයක් තිබුනා. ඒ නිසා මගේ කටින් නෙවෙයි කාලි අම්මගෙ බලයෙන්ම මගේ ගැටළුව හොයාගන්නකං ( ඛේටා මුලින්ම කියපු ව්දිහට ) කට පරිස්සමෙන් කතා කරන්න වගබලාගත්තා. කාලි ( සිනා කටින්) - උඹට කොහෙද යන්ට ඕන ? මම - කොහෙවත් නෑ කාලි - ඇයි උඹට ඉගෙනගන්ට පියාඹලා යන්ට ඕන නේද ? ( එතකොට මගේ වයස 23 යි ) මම - නෑ කාලි - ලඟදි ඉෂ්ඨ කරගන්ට බලාපොරොත්තුවක් තියනවා නේද, ඒක ගැන අහන්ට නේද ආවෙ ? මම - නෑ ඔය විදිහට ප්‍රශ්න ගනනාවක් ඇහුවා. මමත් දෙයියන්ටම කාරණාව හොයාගන්න කියලා මගේ කටින් හේතුව අල්ලගන්න බැරි වෙන විදිහට උත්තර දුන්නා. අන්තිමට කාලි මෑනියන්ට කේන්ති ගියා. මොකක්ද උඹට වෙන්ට ඕන ? කියලා කෙලින්ම ඇහුවා. මම කිව්වම "වාහනයක් නැති වෙලා ඒ ගැන අහන්නයි ආවෙ" කියලා කාලිට තවත් කවුදෝ යස්සයෙකුත් ආවේස උනා. "මං ඉස්සෙල්ලා ඇහුවා නේද උඹට කොහෙද යන්ට ඕන කියා, උඹ නෑ කිව්වෙ, දැන් තොට ඒ නැති වෙච්ච වාහනේ හොයන්ට යන්ට ඕන නැද්ද බොල" ....? මට තේරුනා මේකා මිනිස්සු ඉස්සරහ ආයෙත් ලස්සනට බෝලෙ මගේ පැත්තට පාස් කෙරුවා කියලා. දැන් මේක අහන මිනිස්සු හිතන්නෙ මගේ ගැටළුව දැනගෙන කාලි ඒ ප්ර්ශ්නය ඇහුවා කියලා, හැබැයි ඒ වෙනකොට මටත් යාන්තමට කවුදෝ ආවේස වෙලා හිටියෙ. මම කිවුවා "ඒ ගැන පොලීසියට කියලා තියෙන්නේ වාහනේ කොහෙද තියෙන්නේ කියලා වැඩි යමක් දැනගන්න පුලුවන්ද බලන්නයි මෙහාට ආවෙ" කියලා. මෑනියෝ දකුනතින් අමුතු මුද්‍රාවක් පාන ගමන් වමත පොඩි දේවාල කුටියට දාලා මලකඩ කාපු පරණ කඩුවක් ගත්තා, අරගෙන මගේ දිහාට දික් කරලා "කට්ට කාලී තෝව මෙතන පෙති ගහන්ට කලිං බැහු පරයා මේ පිං බිමෙං එලියට" කියපි. ඒ කඩුවෙන් පාරක් කන මිනිහෙක් දෙවිදිහකට මැරෙන්න පුලුවන්. දෑත බදලා ඔලුවට පාරක් ගැහුවොත් කඩුව මොට නිසා තැලිලා මැරෙනවා. වෙන තැනකට වැදුනොත් ටෙටනස් හැදිලා පස්සෙ මැරෙනවා. මට ඒ එක විදිහකටවත් මැරෙන්න බෑ බයයි. කඩුවෙන් ගහයි කියන බයට මගේ ඇඟ හීතල උනා, අනික දෙයියන්ගෙ අඩවියේ. හැබැයි හොරෙකුට නිකං සල්ලි පුදලා එන්න හිත හදාගන්නත් බෑ. යන්න නැගිටලා තත්පර කීපයක් කාලි දිහා බලං හිටියා. උන්දැ කඩුව අතේ තියාගෙන තාම බණිනවා. වෙන ඕනෑම දේකට මූණ දෙන්න හිත හදාගෙන ඉස්සරහට ගිහිං කාලි ඉස්සරහ හෙප්පුවේ තියපු මගේ 77.50 ගත්තා. පිටිපස්සෙ සෙනග නිසා කාලි ලඟින්මයි එලියට යන්න උනෙත්. ඇස් කොනෙන් කඩුව දිහා බලාගෙන එලියට බැහැලා යද්දිත් ඇහෙනවා " කාලිව විහිලුවට ගත්තු ගෙරියා බුලත් කොලෙත් අරං පල" කිය කිය බණිනවා. කෝප කාලිගෙන් කඩුපාරක් නොකා එදා යංතං ගෙදර ආවා. ඒ කතාව එතනිං ඉවරයි. පහුගිය දවසක, කොරෝනාව නසන්න ආධ්‍යාත්මික බලයෙන් හෙල ඔසුවක් හොයාගත්ත කාලි අම්මා කෙනෙක් ශ්‍රී මහා බෝධි මූලයට පැණි වක්කරන්න දුන්නෙ නෑ කියලා අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ ඉදිරියේ පරළ වුන හැටි දැකලා මට මේ පරණ සිද්ධිය මතක් උනා. නායක හාමුදුරුවන්ට පෙන්නපු ඒ හස්ත මුද්‍රාව මට හොඳට මතක තිබුනා. රූපය සහ කටහඬත් අවුරුදු 17 කට කලින් දැක්ක කාලි මෑනියෝ ගැන මට තිබුන මතකෙට බොහෝ සමානයි. පොඩ්ඩක් මහත් වෙලා වගේ තිබුන එක විතරයි එකම වෙනස. කෝකටත් කියලා හරියටම තහවුරු කරගන්න මම අර පරණ සම්බන්ධකම් ඔස්සේ ආයෙත් හරියටම හොයලා බැලුවා. කියන්න සංතෝසයි මේ එයාම තමයි. එදා කඩු කාලි තමයි මෙදා පැණි කාලි.මේ ලියන්නෙ ඒක 100% ක් තහවුරු කරගත්තට පස්සෙ. ඒක තහවුරු කරගන්න අර කියපු ගරාජ් හිමිකාරායට කතා කරපු වෙලාවෙ ඒ මහත්මයා මේ කාලි ගැන ලොකු භක්තියකින් කතා කළේ. මම අහන්නත් කලින් "අනේ අපේ මෑනියෝ නේ අර කොරෝනා පැණිය හැදුවෙත්" කියලා කිව්වෙ භක්ති පූර්වකව. ඔහොම තමයි මේ රටේ සමහර තක්කඩියො මිනිස්සුන්ගෙ දුක පාවිච්චි කරලා තමන් ගොඩ යන්නෙ. එදා මට හිතුනෙ මේ මනුස්සයා තනිකරම බොරු කාරයෙක් කියලා, නමුත් හාමුදුරුවෝ ඉස්සරහ හැසිරුණු විදිහ දැක්කම හිතෙනවා වෙන මානසික අවුලකුත් තියනවා කියලා. කොහොම උනත් ගඟේ වැටුන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වා වගේ බයෙන් අසරණ උන මිනිස්සු පිහිටක් ලබන්න ඕනම දෙයක් ක්රනවා. මේ වගේ කපටියෝ ඒ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නවා. හැමදාමත් වෙන්නෙ ඒකයි. කවුරු හරි අහනවා නං අර ගරාජ් එකේ වාහනේ කොහොමද කාලි බලෙන් හොයාගත්තෙ කියලා ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ වගේ මිනිස්සු ගල් 100 ක් ගහනකොට එකක් ඉලක්කෙට වදින්න පුලුවන්. ඒ වගේ ඉලක්කෙට වදින ඒවගෙන් තමයි මේ තක්කඩි තමන්ගේ ප්රතිරූප ගොඩනගාගන්නෙ. Whatsapp eken awe. Aththa naththa nam danne na. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom