Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නැවත මිනිසත් බව ලැබිය හැක්කේ කෙසේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයන් කුසල් හෝ පින් කරනා හේතු තුනක් තිබේ. ඒ මෙලොව ජීවිතය සැපවත් කරගැනීම, පරලොව ජීවිතය සුගතිගාමී කර ගැනීම හා නිවන් දැකීම සඳහාය. සුගතිගාමී වීම යනුවෙන් අදහස් කරන්නේ මීළඟ ජීවිතය නැතහොත් භවය මිනිසකු සේ මෙලොව එළිය දැකීම හෝ දෙව්ලොව හෝ බඹලොව ඉපදීමය. පින් කිරීමෙන් අනතුරුව දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලැබේවාෘ යි ප්‍රාර්ථනා කරන්නේ එම නිසාය. මෙයින් බඹලොව ඉපදීමට නම් අඩුම වශයෙන් භාවනාකොට ප්‍රථම ධ්‍යානය හෝ ලබා සිටිය යුතුය. එය බොහෝ විට දැනට සිදු නොවන්නක් බව ප්‍රායෝගිකව පෙනීයයි. එමනිසා බොහෝ දෙනාගේ පැතුම මිනිසකු වීම හෝ දෙවියකු වීම විය යුතුය. මෙයිනුත් වැඩිදෙනකුගේ අභිප්‍රාය මිනිසත් බව ලැබීම බව පෙනීයයි. එයට හේතු දෙකක් ඇත පළමුවැන්න දෙවියකු වීම වඩාත් අපහසු කාරණයක් වීමය. දෙවැන්න දෙවියකු වීමට ඇති අකැමැත්ත හෝ මිනිසත් බව ලැබීම වඩාත් උචිත බව සිතීම හෝ තේරුම් ගැනීමය. මෙහි දෙවැන්න විග්රහ කර බැලීම වඩාත් වැදගත් යෑයි සලකමි.

යම්කිසි පුද්ගලයකුගෙන් ඔබ දෙව්ලොව ඉපදීමට කැමැති මන්දයි විමසුවහොත් ඊට ලැබෙන පිළිතුර සැපවිඳීමට යෑයි කියනු නොඅනුමානය. පිනක් දහමක් කර දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිර්වාණ සම්පත්තිය පතන්නේ එම නිසාය. දෙව් ලොව සැප නොවිඳ නිවන් සුව පතන්නෝ ඉතාමත් විරලය. ඒ අනුව දෙව්ලොව ඉපදීමේ එAකායන බලාපොරොත්තුව සැප විඳීමය. එමනිසා දෙව්ලොව ඇති සැප කුමක්දැයි සොයා බැලිය යුතුව ඇත. දිව්‍ය ලෝකයේ උපත ලබන්නේ ඕපපාතිකවය ළමා කාලයක් නැත. එම නිසා ඉගෙනීමට වෙහෙස මහන්සියක් උවමනා නැත. වාසය කිරීමට ගව්ගණන් උස සියලුq සැප සම්පතින් අනූන මාලිගා උත්පත්තියත් සමඟම පහළ වේ. නිවාස සෑදීමට දුක් විඳීමට වුවමනා නැත. පරිවාර ජනයා එමටය. අතිශය රූපසම්පත්තියෙන් හෙබි දිව්‍යාංගනාවන් අසීමිතව සිටින බැවින් ස්ත්‍රී සැපසම්පත් පිළිබඳවද ප්‍රශ්නයක් නැත. දූ දරුවන් විවාහ කරදීමේ ගැටලු නැත. සුවඳ ආඝ්‍රාණයෙන් ඉතා සියුම් ආහාර ගන්නා බැවින් ආහාර සපයා ගැනීමේ හෝ ඉවුම් පිහුම් ප්‍රශ්න නැත. අහසින් යන එන බැවින් ගමනා ගමන ප්‍රශ්න නැත. ලෙඩ දුක් ප්‍රශ්න නැත. මුළු කාලයම ක්‍රීඩාවෙන් හා කම් සැපය විඳිමින් සිටින බැවින් මානසික ප්‍රශ්නද නැත. මේ ඉතාමත් කෙටියෙන් දිව්‍යලෝක සැප සම්පත්ය.

මේ සියල්ල සත්‍යවශයෙන්ම සැපසම්පත් දැයි වීමසා බැලිය යුතුය. මිනිසාට පමණක් නොව සතා සිව්sපාවාටද ඇති උදාර සම්පතක් සතුටක් වන්නේ දරු සම්පතය. කුඩා දරුවකුගේ දරු සුරතල් මොනතරම් ආශ්චර්යජනකද? දරුවන් ඇතියවුන් පමණක් නොව නැති අයද මේ ගැන හොඳාකාර දන්නේය. ඒ සැපය දෙව්ලොව තිබේද? සෘතු දෙකකින් හටගත් දේව ශරීරය සියුම් නිසාත් කර්මය බලවත් නිසාත් එක ආහාර වේලවක්වත් නොමැතිව දෙවියකුට ජීවත්විය නොහැකිය. ආහාර ගන්නා වේලාව මොහොතක්වත් පමා කළොත් රත්වූ ගලකට හෙලූ ගිතෙල් මෙන් ශරීරය දියවේ. එමනිසා ආහාර වේලක් හෝ නොගතහොත් වන්නේ නිරපරාදේ චුතවීමටය. ගව් ගණන් විශාල කාමර දස දහස් ගණනක් ඇති වීමානයක ඇති සැපය කුමක්ද? පොත පතෙහි සඳහන් වන පරිදි දෙව්ලොව මෛථුනය පහත දැක්වේ. චාතූර්මහාරාජිකයේ ලිංගික ක්‍රියාවලියක් ඇත. තාවතිංසයෙහි ඇත්තේ වැළඳ ගැනීම පමණය. තුසිතයෙහි අතින් ඇල්ලීම පමණි. නිම්මානරතියෙහි සිනාසීම පමණී. පරනිම්මිතයෙහි දර්ශනය පමණි. දෙව් ලොව ශුක්‍රාණු මෝචනයක් නොමැත. වායුවක් පමණක් නික්මේ. මෛථුනයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැන්නක්ද?

සැපයක් යෑයි සැලකුවද දෙව්ලොව ඇති වඩාත්ම අවාසිය වන්නේ කුසල් කිරීමට අවස්ථාවක් නෙෙලැබීමය. දන්දීමට අවස්ථාවක් නැත. ධර්ම දේශනාවකට සවන් දීමට අවස්ථාවක් නැත. භාවනාවක් නැත. කඨින පිංකම් නැත. සිව්පසය පූජා කිරීමට කෙනෙක් නැත. වෙහෙර විහාර ළිං පොකුණු සාදාදී පිං කිරීමට අවස්ථාවක් නැත. දස කුසල් දස පුණ්‍යක්‍රියා කිරීමට අවස්ථාවක් නැත. ධර්මය ඉගෙන ගැනීමේ අවස්ථාවක් නැත. භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීමක් නැත. සිදුවන එකම දෙය වන්නේ සැප විඳීම සඳහා පින ඉවර වීමය. සරල උදාහරණයක් වන්නේ රැකියාවක් නොකර ආදායම් මාර්ගයන් නොමැතිව බැංකු ගිණුමෙන් මුදල් ගෙන ජීවත්වී බැංකු ගිණුම ඉවරවී හිඟමනට වැටීම හා සමාන වීමය.

දෙව්ලොව ඉපදී ආයුෂ ගෙවීමෙන් චුතවී යන දෙවිවරුන්ගෙන් නැවත සුගතියක ඉපදෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක් බවත් නිරයේ සහ තිරිසන් ආත්මයේ ඉපදෙන ප්‍රමාණය බහුල බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ එම නිසාය. මෙය පැහැදිලි කිරීම සඳහා බුදුරජානන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් මෙසේ වීමසීය. සිය මහපටැඟිල්ලේ නියපොත්තට පස් බිඳක් ගත් බුදුරජාණන් වහන්සේ ආනන්දය මගේ නියපොත්තේ ඇති පස් ප්‍රමාණයද මහ පොළොවෙහි ඇති පස් ප්‍රමාණයද වැඩියෑයි ඇසීය. භාග්‍යවතුන් වහන්ස මහපොළොවෙහි ඇති පස් ප්‍රමාණය අතිමහත් යෑයි ආනන්ද තෙරුන් පැවසීය. ආනන්දය එසේම දෙව්ලොව ඉපදී චුතව සුගතියක නැවත උපදින ප්‍රමාණය මාගේ ඇඟිල්ලෙහි ඇති පස් පිඬමෙන් ඉතාම අල්පයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ සියල්ල සලකා බලනවිට අප දෙව්ලොව ඉපදීමට වඩා පැතිය යුත්තේ නැවත මිනිසකු වී ඉපදීමටය.

අප එසේ නැවත මිනිසකු වී ඉපදිය යුත්තේ සියලුම සත්ත්වයනට වඩා මිනිසත් බව උතුම් නිසාය. තුන් ලෝකයේම ඇති ඉතාම උසස්ම උපත හා පදවිය බුද්ධත්වයයි. ඒ අවස්ථාව ලබාගත හැක්කේ මිනිසකුට පමණි. උසස්ම ගිහි පදවිය වන්නේ සක්විති රජකමය. ඒ රජකම ලැබිය හැක්කේ මිනිසකුට පමණි. රහත්භාවය ලබා සසර කෙටිකර ගත හැක්කේ මිනිසුන්ටය. (ශුද්ධාවාස බ්‍රහ්ම ලේdකයේ උපදින අනාගාමිකයින්ද එහිදී රහත්භාවය ලැබිය හැකි බව පොත පතෙහි සඳහන් වේ.) පින් කළ හැක්කේ මිනිසුනට පමණි. තමන්ගේ උත්සාහයෙන් දියුණුq විය හැක්කේ මිනිසුනට පමණි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල නරකයන්හි ප්‍රේත අසුර නිකායන්හි උපත ලැබූවිට ඒවායේ ආයුෂ අවුරුදු ලක්ෂ ගණන් බැවින් ඒවායින් මිදීමට ගත වන කාලය අතිමහත්ය. බුදුන් දැකීමට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබෙන අවස්ථාව ඉතාමත් විරලය. එA අනුව වටිනාම උත්පත්තිය මිනිසකු ලෙස උපත ලැබීමය.

එහෙත් මිනිසකු ලෙස උපත ලැබීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එය එතරම්ම දුර්ලභය. අපහසුය. බුදුරජාණන් වහන්සේ මෙලොවදී ලබා ගැනීමට ඇති දුර්ලභම කාරණා පහක් වදාරන ලදී. 'දුල්ලභංච මනුස්සත්ත' යනුවෙන් දෙAශනා කරන ලද්දේ මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභ කාරණාවක් බවය. එය සනාථ කිරීමට මිනිසත් බව ලැබීම අප කවුරුත් දන්නා කණ කැස්බා විය සිදුරෙන් අහස බැලීමේ උපමාව දේශනා කරන ලද්දේ සම්මා සම්බුදු රජාණන් වහන්සේය. මෙම උපමාවම මිනිසත් බව ලැබීම කෙතරම් දුලබද යන්න වටහා ගැනීමට ප්රමාණවත්ය. විය ගහ යනුq ගොනුන් බානක් සීසෑම සඳහා උපයෝගී කර ගැනීමට භාවිත කරන නගුලට එකට බැඳ ගැනීමට හෝ බර තරත්තයක එකට බැඳ ගැනීමට කරට බැඳීමට යොදා ගන්නා ලීයකි. මෙහි ගොනුන් බැඳීමට උපයෝගී කරගන්නා ලණුqව ඇතුළු කිරීමට සිදුරක් ඇති අතර විය සිදුර යනුවෙන් හඳුන්වන්නේ එයයි. මෙම විය ගහ ඉතාම තද දැව වර්ගයකින් සාදන බැවින් කාලාන්තරයක් පාවිච්චි කළ හැකි වන අතර පහසුවෙන් දිරාපත් නොවේ. තවදුරටත් භාවිත කිරීමට නොහැකි වූ විට කැලයට විසිකිරීම ගොවියාගේ සිරිතය. තද ලීයක් බැවින් එය පහසුවෙන් දිරාපත් නොවේ. තවත් කාලාන්තරයක් අව්වට, වැස්සට දිරාපත් නොවී කැලයේ තිබී වර්ෂාපතනයන්හිදී දිය පහරකට හසුවීs ගසාගෙන ගොස් ඇළ දොළ තරණය කොට ගංගාවකට වැටිය හැක. එයද නැවත ගොඩබිමකට නොවැටුණහොත් ගංගාව දිගේ මුහුදට වැටිය හැක. එය මුහුදේදී රළ පහරට අසුවෙමින් නිරන්තරව ඉහළ පහළ යමින් සෙලවෙමින් පවතී. මෙවන් අවස්ථාවක මුහුදේ පීනනා කැස්බෑවකු එම විය ගසේ විය සිදුරෙන් හිස දමා අහස බැලීම කිසිදාක සිදුවිය නොහැකි තරම් අතිශය විරල සිදුවීමකි. ඒ රළ පහරට නිරන්තරවම ඉහළ පහළ යන නිසා හිස දමන විට ඉවත්වන නිසාය. මිනිසත් බව ලැබීමත් එවන් අසීරුම දුර්ලභම කාර්යයකි.

එවන් අතිශය දුර්ලභ මිනිස් ජීවිතයක් අප සියලු දෙනාම දැනට ලබාගෙන ඇත. එම අවස්ථාව නැවත ලබාගත හැක්කේ කෙසේද ? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද ? ඒ සඳහා කාමාවචර ලෝකයක ජීවත්වන සත්ත්වයින් වශයෙන් අප කාමාවචර කුසල් කළ යුතුය. කාමාවචර කුසල් යනු කාමාවචර කුසල් සිත් ඇතිවන පුණ්‍ය කර්මයෝය. බුදුදහම අනුව අපට සිත් 89 ක් ඇතිවන බව අභිධර්මයෙහි දැක්වේ. මෙයින් සිත් 54 ක් කාමාවචර ලෝකයට අයත්වන අතර එයිනුත් මනුෂ්‍ය ආත්මයක් ලැබීමට උපකාරි වන සිත් ඇත්තේ 24 කි. මෙම සිත් 24 අටමහා කුසල් සිත් 8ක් ද විපාක සිත් 8 ක් ද ක්‍රියා සිත් 8 ක් ද ලෙස වර්ගීකරණය කර ඇති අතර කුසලයක් කිරීමේදී ඇතිවන්නේ මහා කුසල් සිත් 8 ය. අප මේ අට මහා කුසල් සිත් ඇතිවන අයුරින් පුණ්‍ය කර්මයන් කළ යුතුය.

දස පුණ්‍යක්‍රියා කරන විට කුසල් සිත් ඇතිවේ. දානය, ශීලය, භාවනාව, අපචායන (ගරුකළ යුත්තන්ට ගරුකිරීම), වෙයHdවච්ච (වතාවත් කිරීම), පත්තිදානය (පින්දීම), පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම), ධර්මශ්රවණය, ධර්ම දේශණා කිරීම හා දිට්ඨි-ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිsදු කිරීම දස පුණ්‍ය ක්‍රියා ලෙස හැඳින්වේ. මෙම කුසල් කිරීමේදී උත්කෘෂ්ඨ කුසලයන් වීමට වග බලා ගතයුතුය. නැතහොත් මිනිසත් බව ලබාගත නොහැක. කුසලයක් කිරීමේදී එහි විපාකයන් කොටස් 3 කට වෙන් කර දැක්විය හැක. ඒ ප්‍රනීත නැතහොත් උත්කෘෂ්ට මධ්‍යම හා හීන වශයෙනි. උත්කෘෂ්ට කුසලයක් වන්නේ අලෝභ, ආදෝස හා අමෝහ යන කුසල මූල තුනෙන්ම කරන කුසලයන්ය. ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ලැබෙන්නේ එවිටය. අමෝහ මූලය නොමැතිව කුසලය සිදු කළහොත් ලැබෙන්නේ ද්විහේතුක ප්‍රතිසන්ධියකි. එනම් මිනිසත් බව ලැබුවත් බුද්ධිමත්, ප්‍රඥාවන්ත පුද්ගලයෙක් නොවේ. එම නිසා කුසල් කරන සෑම විටකම කුසලයේ ආනිශංස දැන ඤාණසම්ප්රයුක්තව කිරීමට වගබලාගත යුතුය. කුසලය අහේතුක වූ විට මිනිසත් බව ලැබිය හැකි වුවත් ඔවුන් අංගවිකල අඳ ගොළු බිහිsරි කෙළතොලු, පන්ඩුක, නපුංසක ආදීන් විය හැකිය. මෙවන් අඩු ලුහුඬු සහිත මිනිසුන් වශයෙන් උපත ලබන්නේ අකුසල විපාකවලින් බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් එය නිවැරදි නොවේ. මිනිසත් බවක් ලබන්නේ කුසල විපාකයකින් පමණමය. වෙනසට හේතුව කුසලය අසම්පූර්ණ වීමය. එමනිසා අප කරන සෑම කුසලයක්ම ත්‍රිහේතුක කුසලයක් කර ගැනීමට වග බලා ගත යුතුය.

අනෙක් වැදගත් කාරණය වන්නේ කුසල් නම් අප සැමදාම කළ යුතු බවය. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පහත සඳහන් ගාථාවෙන් එA බව ස්ථුට වේ.

පුඤ්ඤං චෙ පුරිසෝ කයිරා කයිරා තේථං පුනප්පුනං

තුම්හි චන්ද කයිරාථ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ

යමෙක් පින් කරන්නේ නම් සැමදා කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැත්තම් එහි ආශාව වත් තබාගත යුතුය. මන්ද එය පින් රැස්කිරීමට හේතු වන නිසාය.

මෙම පින්දහම්වලට අමතරව අප ලෞකික ජීවිතයේ අනුගමනය කළයුතු රැකිය යුතු ගුණාංග රාශියක්ද තිබේ. මහා මංගල සූත්‍රයේ සඳහන් මංගල කරුණු 38 ද, සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් යුතුකම් 61 ද, සතර සංග්‍රහ වස්තූන්ද අප රැකිය යුතුය මිනිසත්බව නැවත ලැබීමට ඒවාද අපට මහෝපකාරී වේ

[QUOTE="asliyanage, post: 25948594, member: 8764"] බෞද්ධයන් කුසල් හෝ පින් කරනා හේතු තුනක් තිබේ. ඒ මෙලොව ජීවිතය සැපවත් කරගැනීම, පරලොව ජීවිතය සුගතිගාමී කර ගැනීම හා නිවන් දැකීම සඳහාය. සුගතිගාමී වීම යනුවෙන් අදහස් කරන්නේ මීළඟ ජීවිතය නැතහොත් භවය මිනිසකු සේ මෙලොව එළිය දැකීම හෝ දෙව්ලොව හෝ බඹලොව ඉපදීමය. පින් කිරීමෙන් අනතුරුව දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලැබේවාෘ යි ප්‍රාර්ථනා කරන්නේ එම නිසාය. මෙයින් බඹලොව ඉපදීමට නම් අඩුම වශයෙන් භාවනාකොට ප්‍රථම ධ්‍යානය හෝ ලබා සිටිය යුතුය. එය බොහෝ විට දැනට සිදු නොවන්නක් බව ප්‍රායෝගිකව පෙනීයයි. එමනිසා බොහෝ දෙනාගේ පැතුම මිනිසකු වීම හෝ දෙවියකු වීම විය යුතුය. මෙයිනුත් වැඩිදෙනකුගේ අභිප්‍රාය මිනිසත් බව ලැබීම බව පෙනීයයි. එයට හේතු දෙකක් ඇත පළමුවැන්න දෙවියකු වීම වඩාත් අපහසු කාරණයක් වීමය. දෙවැන්න දෙවියකු වීමට ඇති අකැමැත්ත හෝ මිනිසත් බව ලැබීම වඩාත් උචිත බව සිතීම හෝ තේරුම් ගැනීමය. මෙහි දෙවැන්න විග්රහ කර බැලීම වඩාත් වැදගත් යෑයි සලකමි. යම්කිසි පුද්ගලයකුගෙන් ඔබ දෙව්ලොව ඉපදීමට කැමැති මන්දයි විමසුවහොත් ඊට ලැබෙන පිළිතුර සැපවිඳීමට යෑයි කියනු නොඅනුමානය. පිනක් දහමක් කර දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිර්වාණ සම්පත්තිය පතන්නේ එම නිසාය. දෙව් ලොව සැප නොවිඳ නිවන් සුව පතන්නෝ ඉතාමත් විරලය. ඒ අනුව දෙව්ලොව ඉපදීමේ එAකායන බලාපොරොත්තුව සැප විඳීමය. එමනිසා දෙව්ලොව ඇති සැප කුමක්දැයි සොයා බැලිය යුතුව ඇත. දිව්‍ය ලෝකයේ උපත ලබන්නේ ඕපපාතිකවය ළමා කාලයක් නැත. එම නිසා ඉගෙනීමට වෙහෙස මහන්සියක් උවමනා නැත. වාසය කිරීමට ගව්ගණන් උස සියලුq සැප සම්පතින් අනූන මාලිගා උත්පත්තියත් සමඟම පහළ වේ. නිවාස සෑදීමට දුක් විඳීමට වුවමනා නැත. පරිවාර ජනයා එමටය. අතිශය රූපසම්පත්තියෙන් හෙබි දිව්‍යාංගනාවන් අසීමිතව සිටින බැවින් ස්ත්‍රී සැපසම්පත් පිළිබඳවද ප්‍රශ්නයක් නැත. දූ දරුවන් විවාහ කරදීමේ ගැටලු නැත. සුවඳ ආඝ්‍රාණයෙන් ඉතා සියුම් ආහාර ගන්නා බැවින් ආහාර සපයා ගැනීමේ හෝ ඉවුම් පිහුම් ප්‍රශ්න නැත. අහසින් යන එන බැවින් ගමනා ගමන ප්‍රශ්න නැත. ලෙඩ දුක් ප්‍රශ්න නැත. මුළු කාලයම ක්‍රීඩාවෙන් හා කම් සැපය විඳිමින් සිටින බැවින් මානසික ප්‍රශ්නද නැත. මේ ඉතාමත් කෙටියෙන් දිව්‍යලෝක සැප සම්පත්ය. මේ සියල්ල සත්‍යවශයෙන්ම සැපසම්පත් දැයි වීමසා බැලිය යුතුය. මිනිසාට පමණක් නොව සතා සිව්sපාවාටද ඇති උදාර සම්පතක් සතුටක් වන්නේ දරු සම්පතය. කුඩා දරුවකුගේ දරු සුරතල් මොනතරම් ආශ්චර්යජනකද? දරුවන් ඇතියවුන් පමණක් නොව නැති අයද මේ ගැන හොඳාකාර දන්නේය. ඒ සැපය දෙව්ලොව තිබේද? සෘතු දෙකකින් හටගත් දේව ශරීරය සියුම් නිසාත් කර්මය බලවත් නිසාත් එක ආහාර වේලවක්වත් නොමැතිව දෙවියකුට ජීවත්විය නොහැකිය. ආහාර ගන්නා වේලාව මොහොතක්වත් පමා කළොත් රත්වූ ගලකට හෙලූ ගිතෙල් මෙන් ශරීරය දියවේ. එමනිසා ආහාර වේලක් හෝ නොගතහොත් වන්නේ නිරපරාදේ චුතවීමටය. ගව් ගණන් විශාල කාමර දස දහස් ගණනක් ඇති වීමානයක ඇති සැපය කුමක්ද? පොත පතෙහි සඳහන් වන පරිදි දෙව්ලොව මෛථුනය පහත දැක්වේ. චාතූර්මහාරාජිකයේ ලිංගික ක්‍රියාවලියක් ඇත. තාවතිංසයෙහි ඇත්තේ වැළඳ ගැනීම පමණය. තුසිතයෙහි අතින් ඇල්ලීම පමණි. නිම්මානරතියෙහි සිනාසීම පමණී. පරනිම්මිතයෙහි දර්ශනය පමණි. දෙව් ලොව ශුක්‍රාණු මෝචනයක් නොමැත. වායුවක් පමණක් නික්මේ. මෛථුනයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැන්නක්ද? සැපයක් යෑයි සැලකුවද දෙව්ලොව ඇති වඩාත්ම අවාසිය වන්නේ කුසල් කිරීමට අවස්ථාවක් නෙෙලැබීමය. දන්දීමට අවස්ථාවක් නැත. ධර්ම දේශනාවකට සවන් දීමට අවස්ථාවක් නැත. භාවනාවක් නැත. කඨින පිංකම් නැත. සිව්පසය පූජා කිරීමට කෙනෙක් නැත. වෙහෙර විහාර ළිං පොකුණු සාදාදී පිං කිරීමට අවස්ථාවක් නැත. දස කුසල් දස පුණ්‍යක්‍රියා කිරීමට අවස්ථාවක් නැත. ධර්මය ඉගෙන ගැනීමේ අවස්ථාවක් නැත. භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීමක් නැත. සිදුවන එකම දෙය වන්නේ සැප විඳීම සඳහා පින ඉවර වීමය. සරල උදාහරණයක් වන්නේ රැකියාවක් නොකර ආදායම් මාර්ගයන් නොමැතිව බැංකු ගිණුමෙන් මුදල් ගෙන ජීවත්වී බැංකු ගිණුම ඉවරවී හිඟමනට වැටීම හා සමාන වීමය. දෙව්ලොව ඉපදී ආයුෂ ගෙවීමෙන් චුතවී යන දෙවිවරුන්ගෙන් නැවත සුගතියක ඉපදෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක් බවත් නිරයේ සහ තිරිසන් ආත්මයේ ඉපදෙන ප්‍රමාණය බහුල බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ එම නිසාය. මෙය පැහැදිලි කිරීම සඳහා බුදුරජානන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් මෙසේ වීමසීය. සිය මහපටැඟිල්ලේ නියපොත්තට පස් බිඳක් ගත් බුදුරජාණන් වහන්සේ ආනන්දය මගේ නියපොත්තේ ඇති පස් ප්‍රමාණයද මහ පොළොවෙහි ඇති පස් ප්‍රමාණයද වැඩියෑයි ඇසීය. භාග්‍යවතුන් වහන්ස මහපොළොවෙහි ඇති පස් ප්‍රමාණය අතිමහත් යෑයි ආනන්ද තෙරුන් පැවසීය. ආනන්දය එසේම දෙව්ලොව ඉපදී චුතව සුගතියක නැවත උපදින ප්‍රමාණය මාගේ ඇඟිල්ලෙහි ඇති පස් පිඬමෙන් ඉතාම අල්පයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ සියල්ල සලකා බලනවිට අප දෙව්ලොව ඉපදීමට වඩා පැතිය යුත්තේ නැවත මිනිසකු වී ඉපදීමටය. අප එසේ නැවත මිනිසකු වී ඉපදිය යුත්තේ සියලුම සත්ත්වයනට වඩා මිනිසත් බව උතුම් නිසාය. තුන් ලෝකයේම ඇති ඉතාම උසස්ම උපත හා පදවිය බුද්ධත්වයයි. ඒ අවස්ථාව ලබාගත හැක්කේ මිනිසකුට පමණි. උසස්ම ගිහි පදවිය වන්නේ සක්විති රජකමය. ඒ රජකම ලැබිය හැක්කේ මිනිසකුට පමණි. රහත්භාවය ලබා සසර කෙටිකර ගත හැක්කේ මිනිසුන්ටය. (ශුද්ධාවාස බ්‍රහ්ම ලේdකයේ උපදින අනාගාමිකයින්ද එහිදී රහත්භාවය ලැබිය හැකි බව පොත පතෙහි සඳහන් වේ.) පින් කළ හැක්කේ මිනිසුනට පමණි. තමන්ගේ උත්සාහයෙන් දියුණුq විය හැක්කේ මිනිසුනට පමණි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල නරකයන්හි ප්‍රේත අසුර නිකායන්හි උපත ලැබූවිට ඒවායේ ආයුෂ අවුරුදු ලක්ෂ ගණන් බැවින් ඒවායින් මිදීමට ගත වන කාලය අතිමහත්ය. බුදුන් දැකීමට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබෙන අවස්ථාව ඉතාමත් විරලය. එA අනුව වටිනාම උත්පත්තිය මිනිසකු ලෙස උපත ලැබීමය. එහෙත් මිනිසකු ලෙස උපත ලැබීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එය එතරම්ම දුර්ලභය. අපහසුය. බුදුරජාණන් වහන්සේ මෙලොවදී ලබා ගැනීමට ඇති දුර්ලභම කාරණා පහක් වදාරන ලදී. 'දුල්ලභංච මනුස්සත්ත' යනුවෙන් දෙAශනා කරන ලද්දේ මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභ කාරණාවක් බවය. එය සනාථ කිරීමට මිනිසත් බව ලැබීම අප කවුරුත් දන්නා කණ කැස්බා විය සිදුරෙන් අහස බැලීමේ උපමාව දේශනා කරන ලද්දේ සම්මා සම්බුදු රජාණන් වහන්සේය. මෙම උපමාවම මිනිසත් බව ලැබීම කෙතරම් දුලබද යන්න වටහා ගැනීමට ප්රමාණවත්ය. විය ගහ යනුq ගොනුන් බානක් සීසෑම සඳහා උපයෝගී කර ගැනීමට භාවිත කරන නගුලට එකට බැඳ ගැනීමට හෝ බර තරත්තයක එකට බැඳ ගැනීමට කරට බැඳීමට යොදා ගන්නා ලීයකි. මෙහි ගොනුන් බැඳීමට උපයෝගී කරගන්නා ලණුqව ඇතුළු කිරීමට සිදුරක් ඇති අතර විය සිදුර යනුවෙන් හඳුන්වන්නේ එයයි. මෙම විය ගහ ඉතාම තද දැව වර්ගයකින් සාදන බැවින් කාලාන්තරයක් පාවිච්චි කළ හැකි වන අතර පහසුවෙන් දිරාපත් නොවේ. තවදුරටත් භාවිත කිරීමට නොහැකි වූ විට කැලයට විසිකිරීම ගොවියාගේ සිරිතය. තද ලීයක් බැවින් එය පහසුවෙන් දිරාපත් නොවේ. තවත් කාලාන්තරයක් අව්වට, වැස්සට දිරාපත් නොවී කැලයේ තිබී වර්ෂාපතනයන්හිදී දිය පහරකට හසුවීs ගසාගෙන ගොස් ඇළ දොළ තරණය කොට ගංගාවකට වැටිය හැක. එයද නැවත ගොඩබිමකට නොවැටුණහොත් ගංගාව දිගේ මුහුදට වැටිය හැක. එය මුහුදේදී රළ පහරට අසුවෙමින් නිරන්තරව ඉහළ පහළ යමින් සෙලවෙමින් පවතී. මෙවන් අවස්ථාවක මුහුදේ පීනනා කැස්බෑවකු එම විය ගසේ විය සිදුරෙන් හිස දමා අහස බැලීම කිසිදාක සිදුවිය නොහැකි තරම් අතිශය විරල සිදුවීමකි. ඒ රළ පහරට නිරන්තරවම ඉහළ පහළ යන නිසා හිස දමන විට ඉවත්වන නිසාය. මිනිසත් බව ලැබීමත් එවන් අසීරුම දුර්ලභම කාර්යයකි. එවන් අතිශය දුර්ලභ මිනිස් ජීවිතයක් අප සියලු දෙනාම දැනට ලබාගෙන ඇත. එම අවස්ථාව නැවත ලබාගත හැක්කේ කෙසේද ? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද ? ඒ සඳහා කාමාවචර ලෝකයක ජීවත්වන සත්ත්වයින් වශයෙන් අප කාමාවචර කුසල් කළ යුතුය. කාමාවචර කුසල් යනු කාමාවචර කුසල් සිත් ඇතිවන පුණ්‍ය කර්මයෝය. බුදුදහම අනුව අපට සිත් 89 ක් ඇතිවන බව අභිධර්මයෙහි දැක්වේ. මෙයින් සිත් 54 ක් කාමාවචර ලෝකයට අයත්වන අතර එයිනුත් මනුෂ්‍ය ආත්මයක් ලැබීමට උපකාරි වන සිත් ඇත්තේ 24 කි. මෙම සිත් 24 අටමහා කුසල් සිත් 8ක් ද විපාක සිත් 8 ක් ද ක්‍රියා සිත් 8 ක් ද ලෙස වර්ගීකරණය කර ඇති අතර කුසලයක් කිරීමේදී ඇතිවන්නේ මහා කුසල් සිත් 8 ය. අප මේ අට මහා කුසල් සිත් ඇතිවන අයුරින් පුණ්‍ය කර්මයන් කළ යුතුය. දස පුණ්‍යක්‍රියා කරන විට කුසල් සිත් ඇතිවේ. දානය, ශීලය, භාවනාව, අපචායන (ගරුකළ යුත්තන්ට ගරුකිරීම), වෙයHdවච්ච (වතාවත් කිරීම), පත්තිදානය (පින්දීම), පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම), ධර්මශ්රවණය, ධර්ම දේශණා කිරීම හා දිට්ඨි-ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිsදු කිරීම දස පුණ්‍ය ක්‍රියා ලෙස හැඳින්වේ. මෙම කුසල් කිරීමේදී උත්කෘෂ්ඨ කුසලයන් වීමට වග බලා ගතයුතුය. නැතහොත් මිනිසත් බව ලබාගත නොහැක. කුසලයක් කිරීමේදී එහි විපාකයන් කොටස් 3 කට වෙන් කර දැක්විය හැක. ඒ ප්‍රනීත නැතහොත් උත්කෘෂ්ට මධ්‍යම හා හීන වශයෙනි. උත්කෘෂ්ට කුසලයක් වන්නේ අලෝභ, ආදෝස හා අමෝහ යන කුසල මූල තුනෙන්ම කරන කුසලයන්ය. ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ලැබෙන්නේ එවිටය. අමෝහ මූලය නොමැතිව කුසලය සිදු කළහොත් ලැබෙන්නේ ද්විහේතුක ප්‍රතිසන්ධියකි. එනම් මිනිසත් බව ලැබුවත් බුද්ධිමත්, ප්‍රඥාවන්ත පුද්ගලයෙක් නොවේ. එම නිසා කුසල් කරන සෑම විටකම කුසලයේ ආනිශංස දැන ඤාණසම්ප්රයුක්තව කිරීමට වගබලාගත යුතුය. කුසලය අහේතුක වූ විට මිනිසත් බව ලැබිය හැකි වුවත් ඔවුන් අංගවිකල අඳ ගොළු බිහිsරි කෙළතොලු, පන්ඩුක, නපුංසක ආදීන් විය හැකිය. මෙවන් අඩු ලුහුඬු සහිත මිනිසුන් වශයෙන් උපත ලබන්නේ අකුසල විපාකවලින් බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් එය නිවැරදි නොවේ. මිනිසත් බවක් ලබන්නේ කුසල විපාකයකින් පමණමය. වෙනසට හේතුව කුසලය අසම්පූර්ණ වීමය. එමනිසා අප කරන සෑම කුසලයක්ම ත්‍රිහේතුක කුසලයක් කර ගැනීමට වග බලා ගත යුතුය. අනෙක් වැදගත් කාරණය වන්නේ කුසල් නම් අප සැමදාම කළ යුතු බවය. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පහත සඳහන් ගාථාවෙන් එA බව ස්ථුට වේ. පුඤ්ඤං චෙ පුරිසෝ කයිරා කයිරා තේථං පුනප්පුනං තුම්හි චන්ද කයිරාථ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ යමෙක් පින් කරන්නේ නම් සැමදා කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැත්තම් එහි ආශාව වත් තබාගත යුතුය. මන්ද එය පින් රැස්කිරීමට හේතු වන නිසාය. මෙම පින්දහම්වලට අමතරව අප ලෞකික ජීවිතයේ අනුගමනය කළයුතු රැකිය යුතු ගුණාංග රාශියක්ද තිබේ. මහා මංගල සූත්‍රයේ සඳහන් මංගල කරුණු 38 ද, සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් යුතුකම් 61 ද, සතර සංග්‍රහ වස්තූන්ද අප රැකිය යුතුය මිනිසත්බව නැවත ලැබීමට ඒවාද අපට මහෝපකාරී වේ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom