Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
නැවුම් සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴

**අස්වැන්න නමැති බ්ලොගයෙන් උපුටාගත්තකි.

රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්

මෑත කාලයේ ගීත කීපයක් සම්බන්ධයෙන් facebook සමාජ ජාලය ඔස්සේත්, විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින් පවතින සංවාද මගින් අපේ මනසත් සෙසු රසිකයන්ගේ මනසත් අවුල් ජාලයක පටලවමින් සිටී. දශක කීපයත් තිස්සේ අපේ සිත් නිවා පහන් කළ මේ ගීත සම්බන්ධයෙන් හිතලු මත ගොඩනැගූ අර්ථ ශූන්‍ය සහ පදනම් විරහිත විචාර සුභාවිත ගීත තවතවත් අගාධයටම යොමු කරවන්නක්. එසේ පදනම් විරහිත ඒ වගේම අර්ථ ශූන්‍ය පැටලිලි සහිත අර්ථ නිරූපණ වලට හසුවූ ඒ ගීත අතර සුනිල් එදිරිසිංහ ගැයූ සදකඩ පහණක කැටයම් ඔපලා ගීතයත්, ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රුවක් ඇදෙනවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගහක මල් පිපිලා ගීතයත් නූතන ගී රසිකයන් විසින් මෙසේ පදනම් විරහිත අරුත් සපයාගත් ගීත අතර මුල් තැනක තිබේ.

ඒ රසිකයන්ගේ මානයන්ට හසුවූ මේ අගනා ගීතවලින් ලිංගික අත්දැකීම් විදහා දැක්වෙන බවත් ඒ අතරින් රුවක් ඇදෙනවා ගීතයත්, ගහක මල් පිපිලා ගීතයත් සමලිංක සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙන ගුජුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළි දැක්වීමක් බව සෘජුවම කියන්න සිදුවෙනව. මේ ගීත පිළිබදව ඇතිවූ සංවාද සහ ඒවායේ සම්බන්ධතා අරුත් නිවැරදිද යන්න බෙහෝ දෙනෙකු විසින් විමසන්නට පෙළඹුණේ එසේ පදනම් විරහිතව ඇතිවූ අර්ථ නිරූපණ හේතුවෙන්.

ඒ නිසා විටන් විට මේ ගීත තුන ගැනම අස්වැන්නෙන් නිවැරදි අර්ථ නිරූපණයක් ගෙන එන්න සූදානම්. ඒ නිසා මුලින්ම මේ ගීත අතරින් “රුවක් ඇදෙනවා” ගීතය බිහිවූ අයුරුත්, එහි පසුබිමත් වඩාත් හොඳින් දන්නා නිසා එහි පළමු පියවර වශයෙන් මේ ගීතය සහ එහි පසුබිම අදහස් දක්වන්නට මේ හොඳම කාලය එළඹ ඇති බව සිතුන නිසාත් මේ ගීතය ගැන සෘජුවම මවිසින් අදහසක් ඉදිරිපත් කරනවාට වඩා ගීතයේ නිර්මාතෘවරයාගෙන්ම ඒ පිළිබඳ විමසා අදහසක් ඉදිරිපත් කිරීම වඩා හොඳ පැහැදිලි කිරීමක් වනු ඇත.

රුවක් ඇදෙනවා ගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්. ඔහු අපට සිටින විශිෂ්ඨ ගීත රචකයෙක්. සිංහල සුභාවිත ගීයට සම්භාව්‍ය සාහිත්‍යයේ සරල රසාස්වාදයත්, ගැඹුරු බෞද්ධ සාහිත්‍යයේ සරල රසාස්වාදයත් මුසුකළ විශිෂ්ඨයෙක්. අගනුවරින් බැහැරව ගීත සාහිත්‍යයට වැඩිම ගීත ගණනක් එකතු කරළ රජරට සේවයේ ගීතමය පිබිදීම ඔස්සේ ගීත රචනයට පිවිස නුවර කලාවියේ සිට සිංහල ගීතය පෝෂණය කරන්නට මහින්ද දිසානායකයන් ගන්නා වෙහෙස ගැන සිංහල ගීතයේ එක ස්වර්ණමය පරිච්ඡේදයක් ලියන්න පුලුවන්.

එසේ සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගී පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධ සාහිතයයේ සේයාවක ඇල්ම බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී රුවක් ඇදෙනවා ගීතය ගැන විමසුවෙමි.

“රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ”

මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය.

“මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි.

“ඔව්, මේ ගීතය මගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත් තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්. ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේ සිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක් බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේ ගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසට හාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙ රසිකත්වයට යම් පමණක හානියක් කරලා.

ගීතයක් ගැන ඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්න තමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක් ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරු කරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදින හිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත් නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.”

මහින්ද දිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරු පිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇති මියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන් සිට කියන්නේ මගේ බසිනි.

“අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි.

පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි.

අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය. එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන් කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය.

හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි. තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි.

රාත්‍රියේ අදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමිණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය.

මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු හෙමින් හඬ අවදි කළේය.

“මල්ලි ඇයි මේ.....?”

“නෑ... නිකං...”

හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.

“වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ?”

මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි.

“මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......”

“අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි”

යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද බිඳුණු හඬකින් අවදි කළේය.

“නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න එපා... ආපහු හිතපන්”

මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......”

මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නට වස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි.

මේ කතාව විතරක් නෙවෙයි මේ ගැන කපුගේ ලියපු සටහනක් තියෙනවා පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ “පහන නිවී දොළොස් මහේ” පොතේ “මානව ප්රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය” කියල අපූරු සටහනක්. ඒකෙත් රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටි කියල තියෙනවා.

මහින්ද දිසානායකයන් මගේ හිත තවත් අතකට යොමු කළේය. මේ කපුගේ රුවක් ඇදෙනවා ගීතය සම්බන්ධයෙන් තබා ඇති ඒ රසවත් සටහනයි. ඒ සටහන ඒ අයුරින්ම මෙසේ උපුටා දක්වමි.

“ 1981 දී මා රජරට සේවයට පැමිණි මුල් කාලයේදී දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායක ගීතයක් රචනා කරගෙන පැමිණියේය. අනතුරුව එහි තනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය.

මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස

කාගෙ රුවදෝ ඇඳෙන්නේ

නිමේෂයකින් ඔබට සැසඳෙන

හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලණුවනි ඔබ

කිමද මධු විත සොයන්නේ

නුරා දාහය නැත නිවෙන්නේ

එයිනි දුක් ගිනි දළු දමන්නේ

ජීවිතේ දියවී යා නොදී

වෙනින් ඔරුවක නැග යමන්නේ

දෙතුන් වරක් මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට මගේ කාර්යයේ අපහසුවක් දැනිණ.

“..... රුවක් ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකද කියන්නේ?......”

මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව ගැයූ ඒ ගීතයයි.”

රුවක් ඇදෙනවා කවුදෝ එනවා

මීවිත ඇඳරිය දෑස වසනවා

හද පොදි බැඳි දුක දියකර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ

කිම තොල මීවිත පොඟවන්නේ

නුරා විරහ ගිනි නිවා දමන්නයි

සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරා ගිනි මී පොද වැටිලා

හතර වටින් දළු ලා එනවා

අවන් හලේ මී විත තනි කරලා

වරෙන් මලේ පියවර නගලා

ගීපදමාලාව: මහින්ද දිසානායක

සංගීතය: විශාරද ගුණදාස කපුගේ

ගැයුම: විශාරද ගුණදාස කපුගේ සහ

කරුණාරත්න දිවුල්ගනේ

සාර්ථක ගීතයක් බිහිවිම පිනිස ගීත රචකයගේ සහ සංගීත රචකයාගේ සංයෝග අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගීත රචකයා තුළ උපදින සංකල්පය ගීතයක් ලෙස බිහිවන්නේ ඒ සංයෝගයේ අග්‍රඵලය ලෙසටය.

ඒ කාලේ ඔය විදියට බිහිවුණ ඒ ගීතයට ඒ යුගයෙත් විවිධ විවේචන තිබුණා නේද? මම මහින්ද දිසානායකයන්ගෙන් යළි විමසීමි.

ඔව්. ඔය ගීතය බිහිවෙච්ච මුල් කාලෙ පේරාදෙණිය සරසවිය හරහා ගොඩනැගුණ විචාර කලාව තුළින් රුවක් ඇදෙනවා ගීය දැඩි විවේචනයට බඳුන් වුණා. එතැනදි පේරාදෙණි විචාර කලාව හරහා මතු වුණ එක කාරණයක් තමයි හොඳට බොන මිනිහෙක් කොහෙමද තවත් බොන මිනිහෙකුට බොන්න එපා කියල උපදෙස් දෙන්නෙ කියන කාරණය. ඒක කොයි තරම් දුරට සදාචාරාත්මකද? ඒ කොයිතරම් ශිෂ්ඨ සම්පන්න කාරණයක්ද එහෙමත් නැත්නම් බොන කෙනෙක් තවත් බොන කෙනෙකුට එහෙම කියන්න අයිතියක් තියෙනවාද කියන කාරණය තුළ බොහෝ මත ගැටුම් මේ ගීයට විවේචන විදියට ආවා.

ඒ තැනැත්තා මොන තරම් මධු විතට ඇබ්බැහි වූවත් එහි විපාක ඔහු හොඳින් අත්විඳිනව. ඔහුට එයින් මිදිමට නොහැකි වූ තැන ඔහු වැටුණ අගාධයේ ගැඹුරු අඳුර දකිමින් තමයි තවත් කෙනෙකුට එයි වැලකෙන්න කියන්නෙ. ඔහු ඒ ක්රියාවේ නියැලුනත් තව කෙනෙකුට එහි ආදීනව කියා දීමේ වරදක් මා දකින්නේ නැහැ. මා උත්සාහ කළෙත් ඒ ටික රුවක් ඇදෙනවා ගීතයෙන් කියන්නයි.”

මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ගැන මා සමග හඬ අවදිකළේ ඒ අයුරින්. වර්තමානයේ මේ ගීතය සමලිංගිකයන් දෙදෙනෙකුගේ අත්දැකිමක් බවට හැඟවෙන හරසුන් මුග්ධ විචාර හෝ අදහස්වලට දීමට ඇති පිළිතුර එයයි. එහෙම බිහිවූ ගීත වල අරුත් හිතෙන හිතෙන පරිදි කාලයෙන් කාලයෙන් කාලයට වෙනස් කළ හොත් ගීතයට සිදුවන හානිය වඩා බරපතල ය. ඒ නිසා මෙවන් ගීත ගැන අදහස් සමාජ ගත කිරීමේදී වඩා වගකීමක් අප සතුව ඇති බව වගකීමෙන් යුතුව ඇතිබව පිළිගත යුතුය.

[QUOTE="maxboysl, post: 19734323, member: 346679"] [B][COLOR="Blue"][SIZE="4"][U]෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴[/U][/SIZE][/COLOR][/B] [COLOR="Red"][SIZE="5"][B]**අස්වැන්න නමැති බ්ලොගයෙන් උපුටාගත්තකි. [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][B][SIZE="4"]රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක් මෑත කාලයේ ගීත කීපයක් සම්බන්ධයෙන් facebook සමාජ ජාලය ඔස්සේත්, විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින් පවතින සංවාද මගින් අපේ මනසත් සෙසු රසිකයන්ගේ මනසත් අවුල් ජාලයක පටලවමින් සිටී. දශක කීපයත් තිස්සේ අපේ සිත් නිවා පහන් කළ මේ ගීත සම්බන්ධයෙන් හිතලු මත ගොඩනැගූ අර්ථ ශූන්‍ය සහ පදනම් විරහිත විචාර සුභාවිත ගීත තවතවත් අගාධයටම යොමු කරවන්නක්. එසේ පදනම් විරහිත ඒ වගේම අර්ථ ශූන්‍ය පැටලිලි සහිත අර්ථ නිරූපණ වලට හසුවූ ඒ ගීත අතර සුනිල් එදිරිසිංහ ගැයූ සදකඩ පහණක කැටයම් ඔපලා ගීතයත්, ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රුවක් ඇදෙනවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගහක මල් පිපිලා ගීතයත් නූතන ගී රසිකයන් විසින් මෙසේ පදනම් විරහිත අරුත් සපයාගත් ගීත අතර මුල් තැනක තිබේ. ඒ රසිකයන්ගේ මානයන්ට හසුවූ මේ අගනා ගීතවලින් ලිංගික අත්දැකීම් විදහා දැක්වෙන බවත් ඒ අතරින් රුවක් ඇදෙනවා ගීතයත්, ගහක මල් පිපිලා ගීතයත් සමලිංක සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙන ගුජුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළි දැක්වීමක් බව සෘජුවම කියන්න සිදුවෙනව. මේ ගීත පිළිබදව ඇතිවූ සංවාද සහ ඒවායේ සම්බන්ධතා අරුත් නිවැරදිද යන්න බෙහෝ දෙනෙකු විසින් විමසන්නට පෙළඹුණේ එසේ පදනම් විරහිතව ඇතිවූ අර්ථ නිරූපණ හේතුවෙන්. ඒ නිසා විටන් විට මේ ගීත තුන ගැනම අස්වැන්නෙන් නිවැරදි අර්ථ නිරූපණයක් ගෙන එන්න සූදානම්. ඒ නිසා මුලින්ම මේ ගීත අතරින් “රුවක් ඇදෙනවා” ගීතය බිහිවූ අයුරුත්, එහි පසුබිමත් වඩාත් හොඳින් දන්නා නිසා එහි පළමු පියවර වශයෙන් මේ ගීතය සහ එහි පසුබිම අදහස් දක්වන්නට මේ හොඳම කාලය එළඹ ඇති බව සිතුන නිසාත් මේ ගීතය ගැන සෘජුවම මවිසින් අදහසක් ඉදිරිපත් කරනවාට වඩා ගීතයේ නිර්මාතෘවරයාගෙන්ම ඒ පිළිබඳ විමසා අදහසක් ඉදිරිපත් කිරීම වඩා හොඳ පැහැදිලි කිරීමක් වනු ඇත. රුවක් ඇදෙනවා ගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්. ඔහු අපට සිටින විශිෂ්ඨ ගීත රචකයෙක්. සිංහල සුභාවිත ගීයට සම්භාව්‍ය සාහිත්‍යයේ සරල රසාස්වාදයත්, ගැඹුරු බෞද්ධ සාහිත්‍යයේ සරල රසාස්වාදයත් මුසුකළ විශිෂ්ඨයෙක්. අගනුවරින් බැහැරව ගීත සාහිත්‍යයට වැඩිම ගීත ගණනක් එකතු කරළ රජරට සේවයේ ගීතමය පිබිදීම ඔස්සේ ගීත රචනයට පිවිස නුවර කලාවියේ සිට සිංහල ගීතය පෝෂණය කරන්නට මහින්ද දිසානායකයන් ගන්නා වෙහෙස ගැන සිංහල ගීතයේ එක ස්වර්ණමය පරිච්ඡේදයක් ලියන්න පුලුවන්. එසේ සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගී පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධ සාහිතයයේ සේයාවක ඇල්ම බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී රුවක් ඇදෙනවා ගීතය ගැන විමසුවෙමි. “රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ” මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය. “මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි. “ඔව්, මේ ගීතය මගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත් තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්. ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේ සිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක් බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේ ගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසට හාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙ රසිකත්වයට යම් පමණක හානියක් කරලා. ගීතයක් ගැන ඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්න තමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක් ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරු කරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදින හිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත් නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.” මහින්ද දිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරු පිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇති මියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන් සිට කියන්නේ මගේ බසිනි. “අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි. පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි. අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය. එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන් කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය. හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි. තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි. රාත්‍රියේ අදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමිණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය. මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු හෙමින් හඬ අවදි කළේය. “මල්ලි ඇයි මේ.....?” “නෑ... නිකං...” හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි. “වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ?” මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි. “මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......” “අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි” යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද බිඳුණු හඬකින් අවදි කළේය. “නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න එපා... ආපහු හිතපන්” මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......” මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නට වස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි. මේ කතාව විතරක් නෙවෙයි මේ ගැන කපුගේ ලියපු සටහනක් තියෙනවා පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ “පහන නිවී දොළොස් මහේ” පොතේ “මානව ප්රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය” කියල අපූරු සටහනක්. ඒකෙත් රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටි කියල තියෙනවා. මහින්ද දිසානායකයන් මගේ හිත තවත් අතකට යොමු කළේය. මේ කපුගේ රුවක් ඇදෙනවා ගීතය සම්බන්ධයෙන් තබා ඇති ඒ රසවත් සටහනයි. ඒ සටහන ඒ අයුරින්ම මෙසේ උපුටා දක්වමි. “ 1981 දී මා රජරට සේවයට පැමිණි මුල් කාලයේදී දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායක ගීතයක් රචනා කරගෙන පැමිණියේය. අනතුරුව එහි තනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය. මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස කාගෙ රුවදෝ ඇඳෙන්නේ නිමේෂයකින් ඔබට සැසඳෙන හිතවතෙකි ඔබ දකින්නේ භද්‍ර යෞවන මලණුවනි ඔබ කිමද මධු විත සොයන්නේ නුරා දාහය නැත නිවෙන්නේ එයිනි දුක් ගිනි දළු දමන්නේ ජීවිතේ දියවී යා නොදී වෙනින් ඔරුවක නැග යමන්නේ දෙතුන් වරක් මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට මගේ කාර්යයේ අපහසුවක් දැනිණ. “..... රුවක් ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකද කියන්නේ?......” මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව ගැයූ ඒ ගීතයයි.” රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ කිම තොල මීවිත පොඟවන්නේ නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ නැගුණු නුරා ගිනි මී පොද වැටිලා හතර වටින් දළු ලා එනවා අවන් හලේ මී විත තනි කරලා වරෙන් මලේ පියවර නගලා ගීපදමාලාව: මහින්ද දිසානායක සංගීතය: විශාරද ගුණදාස කපුගේ ගැයුම: විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ සාර්ථක ගීතයක් බිහිවිම පිනිස ගීත රචකයගේ සහ සංගීත රචකයාගේ සංයෝග අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගීත රචකයා තුළ උපදින සංකල්පය ගීතයක් ලෙස බිහිවන්නේ ඒ සංයෝගයේ අග්‍රඵලය ලෙසටය. ඒ කාලේ ඔය විදියට බිහිවුණ ඒ ගීතයට ඒ යුගයෙත් විවිධ විවේචන තිබුණා නේද? මම මහින්ද දිසානායකයන්ගෙන් යළි විමසීමි. ඔව්. ඔය ගීතය බිහිවෙච්ච මුල් කාලෙ පේරාදෙණිය සරසවිය හරහා ගොඩනැගුණ විචාර කලාව තුළින් රුවක් ඇදෙනවා ගීය දැඩි විවේචනයට බඳුන් වුණා. එතැනදි පේරාදෙණි විචාර කලාව හරහා මතු වුණ එක කාරණයක් තමයි හොඳට බොන මිනිහෙක් කොහෙමද තවත් බොන මිනිහෙකුට බොන්න එපා කියල උපදෙස් දෙන්නෙ කියන කාරණය. ඒක කොයි තරම් දුරට සදාචාරාත්මකද? ඒ කොයිතරම් ශිෂ්ඨ සම්පන්න කාරණයක්ද එහෙමත් නැත්නම් බොන කෙනෙක් තවත් බොන කෙනෙකුට එහෙම කියන්න අයිතියක් තියෙනවාද කියන කාරණය තුළ බොහෝ මත ගැටුම් මේ ගීයට විවේචන විදියට ආවා. ඒ තැනැත්තා මොන තරම් මධු විතට ඇබ්බැහි වූවත් එහි විපාක ඔහු හොඳින් අත්විඳිනව. ඔහුට එයින් මිදිමට නොහැකි වූ තැන ඔහු වැටුණ අගාධයේ ගැඹුරු අඳුර දකිමින් තමයි තවත් කෙනෙකුට එයි වැලකෙන්න කියන්නෙ. ඔහු ඒ ක්රියාවේ නියැලුනත් තව කෙනෙකුට එහි ආදීනව කියා දීමේ වරදක් මා දකින්නේ නැහැ. මා උත්සාහ කළෙත් ඒ ටික රුවක් ඇදෙනවා ගීතයෙන් කියන්නයි.” මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ගැන මා සමග හඬ අවදිකළේ ඒ අයුරින්. වර්තමානයේ මේ ගීතය සමලිංගිකයන් දෙදෙනෙකුගේ අත්දැකිමක් බවට හැඟවෙන හරසුන් මුග්ධ විචාර හෝ අදහස්වලට දීමට ඇති පිළිතුර එයයි. එහෙම බිහිවූ ගීත වල අරුත් හිතෙන හිතෙන පරිදි කාලයෙන් කාලයෙන් කාලයට වෙනස් කළ හොත් ගීතයට සිදුවන හානිය වඩා බරපතල ය. ඒ නිසා මෙවන් ගීත ගැන අදහස් සමාජ ගත කිරීමේදී වඩා වගකීමක් අප සතුව ඇති බව වගකීමෙන් යුතුව ඇතිබව පිළිගත යුතුය.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom