Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නැළවිල්ලෙන් මරු දුටු කිරිකැටියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැළවිල්ලෙන් මරු දුටු කිරිකැටියා

නිතර වේගයෙන් නළවා නිදිකරවීමෙන් දරුවා මියගිහින්

දුලංජනී හා සෙනරත් පවුලට එකතුවූ කුලුඳුල් දරුවා දෙව්මිණය. ඔහු දේව දූතයෙකු මෙන් ලස්සන නිසාම එම නම දෙමාපියෝ තැබූහ. දුලංජනී හා සෙනරත් යුවළම සේවය කළේ පෞද්ගලික බැංකුවකය. දරුවාට මාස තුනක් වන තුරු නිවාඩු තිබුණත් ඉන්පසු ඇයට දරුවා කාගේ හෝ බාරයට පත්කර සේවයට යන්නට සිදුවිය. මෙහෙකාරියක සොයා ගන්නා තෙක් මාස දෙකක් පමණ දුලංජනීගේ මව දරුවා බලා ගත්තාය. ඉන්පසු දරුවා භාර වූයේ මෙහෙකාරියකටය. ඇය සරෝජාය.

සරෝජාද දරුවාට ආදරෙන් සැලකූ නිසා දෙමාපියන්ට ඇය ගැන බියක් තිබුණේ නැත. එහෙත් පුංචි දෙව්මිණ එන්න එන්නම දඟකාර විය. නිදාගන්නට මැළි විය. ඒ නිසා සරෝජාට ඔහු නිදිකරවන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. පිරිමි දරුවෙකු නිසා ඔහු මෙවෙැනි වෙනස්කම් පෙන්වන්නේ යැයි දෙමාපියෝ සිතූහ. දුලංජනී සෙනසුරාදා ඉරිදා ගෙදර සිටි නිසා සරෝජාට එය මහත් සහනයක් විය.

දරුවාට මාස නවයක්ද සපිරුණි. අවුරුද්ද පිරෙන්නට තිබෙන්නේ තවත් මාස තුනකි. තව මාසයකින් දෙකකින් ඔහු ඇවිදින්නට පටන් ගනු ඇත. පුංචි පුතු ඇවිදින දිනය එළැඹෙන තෙක් දුලංජනීලා මහත් බලාපොරොත්තුවෙන් බලා සිටියහ.

එදින සෙනසුරාදාවක් විය. පුංචි දෙව්මිණ මවගෙන් කිරි බිව්වේ ඇගේ කෙස්වලින් අදිමින් හුරතල් වෙමිනි. එහෙත් හිටිගමන් ඔහු අසාමාන්‍ය ලෙස දඟලන්නට විය. ක්ෂණයෙන් ඔහු දරදඬුවිය. අපස්මාර ලක්ෂණ පෙන්නුම් කරන්නට වූයෙන් දුලංජනීලා බියට පත්වූහ. වහාම වාහනයක් ගෙන්වා ගෙන දරුවා රෝහලට රැගෙන ගියහ. වෛද්‍යවරු මහත් වෙහෙසක් දැරුවද දෙව්මිණගේ ජීවිතය බේරාගන්නට නොහැකි විය. ඔහු දෙමාපියන්ගෙන් පමණක් නොව තවමත් හරිහැටි දැක නැති මුළු ලෝකයෙන්ම සමුගෙන ගියේය.

මරණයට හේතුව කුමක්දැයි වෛද්‍යවරුන්ට සිතාගත නොහැකි විය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිරුර යොමු කරනු ලැබීය.

අධිකරණ වෛද්‍යවරයා දෙව්මිණගේ සිරුර මතුපිටින් නිරීක්ෂණය කළේය. සිරුරේ කිසිම තැළුමක් හෝ තුවාලයක් හෝ කිසිවක් නොවීය. උරහිස ආසන්නයෙන් දෑතේම උඩ බාහුවල තැළුම් ලකුණු දෙකක් පමණක් දැකිය හැකි විය. එය ඇති විය හැකි ආකාරය සම්බන්ධයෙන් සැකයක් හිතේ රඳවාගත් අධිකරණ වෛද්‍යවරයා සිරුර කපා පරීක්ෂා කිරිම ඇරඹුවේය. අපස්මාර තත්ත්වයක් ඇති වූ නිසා මුලින්ම හිස් කබල කපා පරීක්ෂා කිරීම ඇරඹුවේය.

හිසෙහි මතුපිට සම ඉවත් කර පරීක්ෂා කළද කිසිම තුවාලයක් තැළුමක් නොවීය. ඉන්පසු හිස් කබල කපා පරීක්ෂා කළේය. එහිදි හිස් කබළට ඇතුළතින් පවතින ආවරණයත්, මොළයත් පිටින් පවතින ආවරණයත් දෙකම අතරේ ලේ ගැලීමක් දක්නට ලැබිණ. ඒ ලේ ගැලීම සිදුව තිබුණේ හිසෙහි දෙපැත්තෙනි. එනම් කන්දෙකට ඉහළින් වන්නටය. එසේම මොළයට පිටින් වන ආවරණයත් මොළයත් අතර හිසේ ඉදිරිපසින්ද ලේ ගැලීමක් දැකිය හැකි විය.

මොළයේ වූ ලේ ගැලීම් අනුව යම් නිගමනයකට එළැඹි අධිකරණ වෛද්‍යවරයා දරුවාගේ ඇස් හා මොළය ෆෝමලින්වල සති දෙකක බහා තබා පරීක්ෂා කළේය. එහිදී මොළයේ මුල එනම් හිසේ පිටුපසින් මොළය හා සුෂුම්නාව සම්බන්ධවන ස්ථානයේද කුඩා ලේ ගැලීමක් දැකිය හැකි විය. පසුව ඇස් පරීක්ෂා කළේය. එහිදී ඇසේ කාචයට පිටුපසින් ඇසේ පෙනීම ලබාදෙන ස්ථානයට ගමන් කරන රුධිර වාහිනිවලින්ද ලේ ගැලීම් සිදුව තිබෙනු දැකිය හැකි විය.

මෙවැනි ලේ ගැලීම් සිදුවිය හැකි ආකාර දෙකකි. එක් ආකාරයක් වන්නේ හිස තදින් කිසියම් ඝන පෘෂ්ටයක වැදීමෙන් සිදුවිය හැකි ලේ ගැලීමකි. එවැනි දෙයක් සිදුවූයේ නම් හිසේ මතුපිට සීරිම් හෝ තැළුම් තුවාල දකින්ට ලැබිය යුතුය. එහෙත් එවැනි තුවාල කිසිවක් දරුවා සතුව නොවීය.

දෙවැන්න නම් මෙවැනි කුඩා දරුවෙකුගේ හිස් කබල තුළ මොළයේ පිහිටිමේ විශේෂ ස්වභාවය සමග සම්බන්ධ වන කාරණාවකි. අවුරුද්දකට වඩා කුඩා දරුවෙකුගේ හිස සිරුරේ සාමාන්‍ය පිහිටිමට වඩා තරමක් විශාලය. එසේම ඔහුගේ බෙල්ලේ මාංශ පේශි දුර්වලය. දරුවාට හිස කඳ මත කෙළින් තබාගත නොහැකි වන්නේ ඒ නිසාය. මෙවැනි දරුවන්ගේ මෙන්ම වයෝවෘද්ධ අයගේද හිස් කබලේ ඇතුළත ආවරණය ඉතාමත් තුනී හා හිස්කබලටම ඇලී තිබෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නේය. කුඩා දරුවන්ගේ හිස් කබලේ ඇතුළත රළු රැළි සහිත ගතිය අඩුය. මොළය හා හිස් කබල අතර පරතරය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පිහිටීමට වඩා වැඩිය. හිස් කබල හා මොළය අතර රුධිර නාළිකාවලින් සම්බන්ධ වී තිබේ.

කුඩා දරුවෙකු නළවන විට දණහිස් මත තබාගෙන ඉහළට පහළට වේගයෙන් සෙලවීමේදී හෝ කොට්ටයක් මත තබා උරහිස් දෙක දෙපැත්තෙන් අල්ලා වේගයෙන් සෙලවීමේදී හෝ මොළය වේගයෙක් ඔළු කට්ටේ එහාට මෙහාට පැද්දේ. එසේ වන්නේ ඔවුන්ගේ හිස් කබල හා මොළය අතර වන අවකාශය නැතහොත් හිස් ඉඩ වැඩිවීම නිසාය. හුස්ම ගැනීම හා හෘද ස්පන්දනය පාලනය කරන ස්නායු පිහිටා තිබෙන්නේ මොළයේ මුලය. හිස වේගයෙන් ඉහළ පහළ යාම නිසා මොළයේ මුල සිට හෘදය වස්තුවට රුධිරය ගෙන යන නහර ඇකිළීම හා දිගහැරීම සිදුවේ. එයින් හුස්ම ගැනීමේ වේගය අඩුවේ. හුස්ම ගැනීමේ වේගය අඩුවීම නිසා මොළයට රුධිර සැපයුම අඩු වේ. එයින් මොළයට ඔක්සිජන් සැපයුමද අඩු වේ. එවිට වෙහෙසකර ගතියක් ඇති වේ. දරුවා වේගයෙන් හොළවන විට නින්ද යන්නේ ඒ නිසාය.

මෙසේ දිගින් දිගට සිදුවන විට ස්නායු තෙරපීම්වලින් හා රුධිර වාහිනීවල පුපුරායාම් නිසා දරුවාගේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් වේ. තරමක් දඟකාර ගති පෙන්වූ දරුවා වඩාත් දඟකාර හෝ හිතුවක්කාර ගති පෙන්වීමට හෝ ඇතැම් විට උදාසීන ගති පෙන්වීමට හෝ හැකියාව තිබේ. මේ කුමක් වුවද එය සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකීම සුදුසු වන්නේ නැත.

හිස වේගයෙන් ඉහළට පහළට සෙලවීම නිසා හිස් කබල හා මොළය අතර සම්බන්ධ වී තිබෙන රුධිර නාළිකා පුපුරායාමට ඉඩ තිබේ. දෙව්මිණගේ මොළයේ ස්ථාන කීපයකදී දක්නට ලැබුණේ එසේ සිදුවූ ලේ නහරවල පුපුරායාම් නිසා වූ ලේ ගැලීම්ය. එසේම ඇස්වලට සම්බන්ධ රුධිර නාළිකාවලටද ඒ බලපෑම ඇති විය හැකිය.

දෙව්මිණගේ උරහිස් අසළින් උඩබාහුවේ දක්නට ලැබුණ තැළුම් තුවාලවලින් පෙන්නුම් කළේ කිසිවෙකු විසින් දෑත් දෙපසින් අල්ලා ඔහුව වේගයෙන් සොලවා ඇති බවය.

ඒ අනුව මේ මරණය දරුවා වේගයෙන් සොලවමින් නිදි කරවීමට උත්සාහ දැරීම නිසා සිදුවුවක් නිගමනය කළේය. ඒ අනුව මෙහෙකාරිය වූ සරෝජාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තේය. එහිදි දරුවා තරමක් දඟකාර වූ නිසා ඔහු නිදිකරවීම පහසු නොවුයෙන් මෙලෙස සැමදාමත් කොට්ටය මත තබාගෙන වේගයෙන් සොලවා නිදි කරවන බව ඇය ප්‍රකාශ කළාය. එසේම පසුකාලීනව ඔහුගේ දඟකාරකම් වැඩිවිම නිසා පසුගියදා ඔහුව නිදි කරවීමට මහත් අපහසු වූ බවද ඔහුගේ උරහිස්වලින් තදින් අල්ලා සෙලවීමෙන් නිදිකරවූ බවත් ඇය පිළිගත්තාය.

[QUOTE="malakadss, post: 25146402, member: 179884"] [b]නැළවිල්ලෙන් මරු දුටු කිරිකැටියා[/b] [SIZE="5"][B]නිතර වේගයෙන් නළවා නිදිකරවීමෙන් දරුවා මියගිහින් [/B][/SIZE] [SIZE="3"]දුලංජනී හා සෙනරත් පවුලට එකතුවූ කුලුඳුල් දරුවා දෙව්මිණය. ඔහු දේව දූතයෙකු මෙන් ලස්සන නිසාම එම නම දෙමාපියෝ තැබූහ. දුලංජනී හා සෙනරත් යුවළම සේවය කළේ පෞද්ගලික බැංකුවකය. දරුවාට මාස තුනක් වන තුරු නිවාඩු තිබුණත් ඉන්පසු ඇයට දරුවා කාගේ හෝ බාරයට පත්කර සේවයට යන්නට සිදුවිය. මෙහෙකාරියක සොයා ගන්නා තෙක් මාස දෙකක් පමණ දුලංජනීගේ මව දරුවා බලා ගත්තාය. ඉන්පසු දරුවා භාර වූයේ මෙහෙකාරියකටය. ඇය සරෝජාය. සරෝජාද දරුවාට ආදරෙන් සැලකූ නිසා දෙමාපියන්ට ඇය ගැන බියක් තිබුණේ නැත. එහෙත් පුංචි දෙව්මිණ එන්න එන්නම දඟකාර විය. නිදාගන්නට මැළි විය. ඒ නිසා සරෝජාට ඔහු නිදිකරවන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. පිරිමි දරුවෙකු නිසා ඔහු මෙවෙැනි වෙනස්කම් පෙන්වන්නේ යැයි දෙමාපියෝ සිතූහ. දුලංජනී සෙනසුරාදා ඉරිදා ගෙදර සිටි නිසා සරෝජාට එය මහත් සහනයක් විය. දරුවාට මාස නවයක්ද සපිරුණි. අවුරුද්ද පිරෙන්නට තිබෙන්නේ තවත් මාස තුනකි. තව මාසයකින් දෙකකින් ඔහු ඇවිදින්නට පටන් ගනු ඇත. පුංචි පුතු ඇවිදින දිනය එළැඹෙන තෙක් දුලංජනීලා මහත් බලාපොරොත්තුවෙන් බලා සිටියහ. එදින සෙනසුරාදාවක් විය. පුංචි දෙව්මිණ මවගෙන් කිරි බිව්වේ ඇගේ කෙස්වලින් අදිමින් හුරතල් වෙමිනි. එහෙත් හිටිගමන් ඔහු අසාමාන්‍ය ලෙස දඟලන්නට විය. ක්ෂණයෙන් ඔහු දරදඬුවිය. අපස්මාර ලක්ෂණ පෙන්නුම් කරන්නට වූයෙන් දුලංජනීලා බියට පත්වූහ. වහාම වාහනයක් ගෙන්වා ගෙන දරුවා රෝහලට රැගෙන ගියහ. වෛද්‍යවරු මහත් වෙහෙසක් දැරුවද දෙව්මිණගේ ජීවිතය බේරාගන්නට නොහැකි විය. ඔහු දෙමාපියන්ගෙන් පමණක් නොව තවමත් හරිහැටි දැක නැති මුළු ලෝකයෙන්ම සමුගෙන ගියේය. මරණයට හේතුව කුමක්දැයි වෛද්‍යවරුන්ට සිතාගත නොහැකි විය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිරුර යොමු කරනු ලැබීය. අධිකරණ වෛද්‍යවරයා දෙව්මිණගේ සිරුර මතුපිටින් නිරීක්ෂණය කළේය. සිරුරේ කිසිම තැළුමක් හෝ තුවාලයක් හෝ කිසිවක් නොවීය. උරහිස ආසන්නයෙන් දෑතේම උඩ බාහුවල තැළුම් ලකුණු දෙකක් පමණක් දැකිය හැකි විය. එය ඇති විය හැකි ආකාරය සම්බන්ධයෙන් සැකයක් හිතේ රඳවාගත් අධිකරණ වෛද්‍යවරයා සිරුර කපා පරීක්ෂා කිරිම ඇරඹුවේය. අපස්මාර තත්ත්වයක් ඇති වූ නිසා මුලින්ම හිස් කබල කපා පරීක්ෂා කිරීම ඇරඹුවේය. හිසෙහි මතුපිට සම ඉවත් කර පරීක්ෂා කළද කිසිම තුවාලයක් තැළුමක් නොවීය. ඉන්පසු හිස් කබල කපා පරීක්ෂා කළේය. එහිදි හිස් කබළට ඇතුළතින් පවතින ආවරණයත්, මොළයත් පිටින් පවතින ආවරණයත් දෙකම අතරේ ලේ ගැලීමක් දක්නට ලැබිණ. ඒ ලේ ගැලීම සිදුව තිබුණේ හිසෙහි දෙපැත්තෙනි. එනම් කන්දෙකට ඉහළින් වන්නටය. එසේම මොළයට පිටින් වන ආවරණයත් මොළයත් අතර හිසේ ඉදිරිපසින්ද ලේ ගැලීමක් දැකිය හැකි විය. මොළයේ වූ ලේ ගැලීම් අනුව යම් නිගමනයකට එළැඹි අධිකරණ වෛද්‍යවරයා දරුවාගේ ඇස් හා මොළය ෆෝමලින්වල සති දෙකක බහා තබා පරීක්ෂා කළේය. එහිදී මොළයේ මුල එනම් හිසේ පිටුපසින් මොළය හා සුෂුම්නාව සම්බන්ධවන ස්ථානයේද කුඩා ලේ ගැලීමක් දැකිය හැකි විය. පසුව ඇස් පරීක්ෂා කළේය. එහිදී ඇසේ කාචයට පිටුපසින් ඇසේ පෙනීම ලබාදෙන ස්ථානයට ගමන් කරන රුධිර වාහිනිවලින්ද ලේ ගැලීම් සිදුව තිබෙනු දැකිය හැකි විය. මෙවැනි ලේ ගැලීම් සිදුවිය හැකි ආකාර දෙකකි. එක් ආකාරයක් වන්නේ හිස තදින් කිසියම් ඝන පෘෂ්ටයක වැදීමෙන් සිදුවිය හැකි ලේ ගැලීමකි. එවැනි දෙයක් සිදුවූයේ නම් හිසේ මතුපිට සීරිම් හෝ තැළුම් තුවාල දකින්ට ලැබිය යුතුය. එහෙත් එවැනි තුවාල කිසිවක් දරුවා සතුව නොවීය. දෙවැන්න නම් මෙවැනි කුඩා දරුවෙකුගේ හිස් කබල තුළ මොළයේ පිහිටිමේ විශේෂ ස්වභාවය සමග සම්බන්ධ වන කාරණාවකි. අවුරුද්දකට වඩා කුඩා දරුවෙකුගේ හිස සිරුරේ සාමාන්‍ය පිහිටිමට වඩා තරමක් විශාලය. එසේම ඔහුගේ බෙල්ලේ මාංශ පේශි දුර්වලය. දරුවාට හිස කඳ මත කෙළින් තබාගත නොහැකි වන්නේ ඒ නිසාය. මෙවැනි දරුවන්ගේ මෙන්ම වයෝවෘද්ධ අයගේද හිස් කබලේ ඇතුළත ආවරණය ඉතාමත් තුනී හා හිස්කබලටම ඇලී තිබෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නේය. කුඩා දරුවන්ගේ හිස් කබලේ ඇතුළත රළු රැළි සහිත ගතිය අඩුය. මොළය හා හිස් කබල අතර පරතරය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පිහිටීමට වඩා වැඩිය. හිස් කබල හා මොළය අතර රුධිර නාළිකාවලින් සම්බන්ධ වී තිබේ. කුඩා දරුවෙකු නළවන විට දණහිස් මත තබාගෙන ඉහළට පහළට වේගයෙන් සෙලවීමේදී හෝ කොට්ටයක් මත තබා උරහිස් දෙක දෙපැත්තෙන් අල්ලා වේගයෙන් සෙලවීමේදී හෝ මොළය වේගයෙක් ඔළු කට්ටේ එහාට මෙහාට පැද්දේ. එසේ වන්නේ ඔවුන්ගේ හිස් කබල හා මොළය අතර වන අවකාශය නැතහොත් හිස් ඉඩ වැඩිවීම නිසාය. හුස්ම ගැනීම හා හෘද ස්පන්දනය පාලනය කරන ස්නායු පිහිටා තිබෙන්නේ මොළයේ මුලය. හිස වේගයෙන් ඉහළ පහළ යාම නිසා මොළයේ මුල සිට හෘදය වස්තුවට රුධිරය ගෙන යන නහර ඇකිළීම හා දිගහැරීම සිදුවේ. එයින් හුස්ම ගැනීමේ වේගය අඩුවේ. හුස්ම ගැනීමේ වේගය අඩුවීම නිසා මොළයට රුධිර සැපයුම අඩු වේ. එයින් මොළයට ඔක්සිජන් සැපයුමද අඩු වේ. එවිට වෙහෙසකර ගතියක් ඇති වේ. දරුවා වේගයෙන් හොළවන විට නින්ද යන්නේ ඒ නිසාය. මෙසේ දිගින් දිගට සිදුවන විට ස්නායු තෙරපීම්වලින් හා රුධිර වාහිනීවල පුපුරායාම් නිසා දරුවාගේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් වේ. තරමක් දඟකාර ගති පෙන්වූ දරුවා වඩාත් දඟකාර හෝ හිතුවක්කාර ගති පෙන්වීමට හෝ ඇතැම් විට උදාසීන ගති පෙන්වීමට හෝ හැකියාව තිබේ. මේ කුමක් වුවද එය සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකීම සුදුසු වන්නේ නැත. හිස වේගයෙන් ඉහළට පහළට සෙලවීම නිසා හිස් කබල හා මොළය අතර සම්බන්ධ වී තිබෙන රුධිර නාළිකා පුපුරායාමට ඉඩ තිබේ. දෙව්මිණගේ මොළයේ ස්ථාන කීපයකදී දක්නට ලැබුණේ එසේ සිදුවූ ලේ නහරවල පුපුරායාම් නිසා වූ ලේ ගැලීම්ය. එසේම ඇස්වලට සම්බන්ධ රුධිර නාළිකාවලටද ඒ බලපෑම ඇති විය හැකිය. දෙව්මිණගේ උරහිස් අසළින් උඩබාහුවේ දක්නට ලැබුණ තැළුම් තුවාලවලින් පෙන්නුම් කළේ කිසිවෙකු විසින් දෑත් දෙපසින් අල්ලා ඔහුව වේගයෙන් සොලවා ඇති බවය. ඒ අනුව මේ මරණය දරුවා වේගයෙන් සොලවමින් නිදි කරවීමට උත්සාහ දැරීම නිසා සිදුවුවක් නිගමනය කළේය. ඒ අනුව මෙහෙකාරිය වූ සරෝජාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තේය. එහිදි දරුවා තරමක් දඟකාර වූ නිසා ඔහු නිදිකරවීම පහසු නොවුයෙන් මෙලෙස සැමදාමත් කොට්ටය මත තබාගෙන වේගයෙන් සොලවා නිදි කරවන බව ඇය ප්‍රකාශ කළාය. එසේම පසුකාලීනව ඔහුගේ දඟකාරකම් වැඩිවිම නිසා පසුගියදා ඔහුව නිදි කරවීමට මහත් අපහසු වූ බවද ඔහුගේ උරහිස්වලින් තදින් අල්ලා සෙලවීමෙන් නිදිකරවූ බවත් ඇය පිළිගත්තාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom