Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා - 2019 /10/20

අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා.

ඒ මම.

බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.

දෙමව්පියන් මා වෙනුවෙන් දුක් වින්දත් මා ඔවුන් වෙනුවෙන් කළ දෙයක් නැහැ. බොහෝ විට මා කෙළේ ඔවුන් කැමැත්තක් නොදැක් වූ දේ. මගේ භාර්යාවටත් මා යහපත් සැමියකු වී නැහැ. අප අවුරුදු හතළිස්අටක් දීග කන්නේ ඇගේ ඉවසීම නිසා ම පමණයි. මගේ දරුවන්ටත් මගෙන් යුතුකම් ඉටු වී නැහැ. පළමු වරට මා රැකියාව නැති කර ගත්තේ ලොකු පුතාට අවුරුදු තුනක් පමණ වන විට. දෙවැනි වර රැකියාව අහිමි වන විට චූටි දුවට වයස අවුරුදු තුනයි. දරුවන් තිදෙනාම හදා වඩා ගත්තේ ඔවුන්ගේ මවයි. මේ සියල්ල ගැන මා කණගාටු වෙනවා.

මා මෙය ලියන්නේ උපන් දිනයක් කියන එක වැදගත් නිසා නො වෙයි. මා මරණයට කිට්ටු නිසා. මට කිව යුතු බොහොමයක් තියෙනවා. ඒත් ඒ සියල්ල ලියන්න මෙහි ලියන්න බැහැ. මේ ලිපිය දැක කිසිවකු මට සුබ පතන්න ඕනත් නැහැ. දීර්ඝායු පැතුවත් වැඩක් නැහැ. ගෙනා ආයුෂ ඉවර වුණාම මා යන්න යනවා. එදාටත් මා ගැන කිසිවක් කිසිවකු කියන්න ඕන නැහැ. මා නරක තැනක ඉපදෙන්න පුළුවන්. මගේ දරුවන් මට පින් පමුණුවාවි.

මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට වඩා උගතුන් බුද්ධිමතුන් රාශියක් මෙරට ඉන්නවා. මා උගතුන්ට හා බුද්ධිමතුන්ට අකමැතියි. ඔවුනුත් මට අකමැතියි. මගෙන් රටටවත් දැනුමටවත් කිසි සේවයක් කෙරී නැහැ. උගතුන් බුද්ධිමතුන් දැනුමට යමක් එකතු කරනවා. මා එසේ එකතු කර නැහැ. මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තත් මා අසාර්ථක වෙලා.

මට නිවන කියන්නේ දැනුමෙන් ඉවත් වීමයි. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීමයි. එහෙම කිව්ව ම බෞද්ධයන් ය කියන අය විරුද්ධ වෙනවා. මා කන්න හදනවා. ඒත් පුනබ්භවයක් නැහැ කියන අයට කිසිවක් කියන්නේ නැහැ. එසේ කියන අය ප්‍රාඥයන් නිසා වෙන්න ඇති.

මා ආ ගමනක් නැහැ. නිවේදක නිවේදිකාවන් ඇතැමුන්ගෙන් අහනවා ඔබ ආ ගමන ගැන කියන්න පුළුවන් මොනවා ද කියා. ඔවුන් මගෙන් නම් එහෙම අහන එකක් නැහැ. ඒ ඔවුන්ට අනුව මා ගමනක් ඇවිත් නැති නිසා වෙන්න පුළුවන්. මට බලාපොරොත්තුවක් තිබුණා. ඒ විද්‍යාඥයකු වීමට. එහෙත් එසේ වීමට නොහැකි බව මට තේරුණා. මා ආ ගමනක් හෝ ගිය ගමනක් හෝ නැහැ. මා සසර ගමනේ නම් යෙදී ඉන්නවා. එහි අවුරුදු හැත්තෑපහක් කියන එක නොගිණිය හැකි කාලයක්

කොහොමටත් මා ජනමාධ්‍යවේදීන්ට කැමති නැහැ. ඔවුනුත් මට කැමති නැහැ. ඒ ඔවුන් උගතුන් බුද්ධිමතුන් ප්‍රබුද්ධයන් වීමත් මා එසේ නොවීමත් නිසා වෙන්න ඕන. එඩ්මන්ඩ් රණසිංහ මහතා උපාලි පුවත්පත්වල ප්‍රධාන සංස්කාරක ධුරය දරද්දී නම් මට ඒ පුවත්පත්වල ඉඩක් දුන්නා. ගාමිණී සුමනසේකර හා ගාමිණී වීරකෝන් ද මට ඉඩ ලබා දුන්නා. එහෙත් දැන් ඉන්න ප්රබුද්ධයන්ට මගේ ලිපි අප්රබුද්ධයි. අනෙක් පුවත්පත් ගැන කියා වැඩක් නැහැ. විද්‍යුත් මාධ්‍යත් එසේමයි. දෙරණ මාධ්‍ය නම් මට ඉඳහිට උපකාර කරනවා. ඒ දිලිත් නිසා වෙන්න ඇති.

මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට අනුව මා අන්තවාදියෙක්, මිථ්‍යා මත පතුරවන්නෙක්, දෙවියන් ඉන්න බව කියන්නෙක්, මාහැඟි විද්‍යාව ප්රතික්ෂෙප කරන මුග්ධයෙක්, විද්‍යාත්මක ක්‍රමය යනු හිතළු ගෙතීමක් පමණක් බවත් විද්‍යාව පට්ටපල් බොරු පමණක් බවත් කියමින් දරුවන් මුළා කරන්නෙක්, විද්‍යාව ප්රතික්ෂෙප කරමින් හදවත් සැත්කමක් කර ගත් බොරු කාරයෙක්, දේශප්‍රේමය හිසින් ගත් තක්කඩියෙක්, ගණිතය, විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුදුදහම ගැන කිසිවක් නොදැන, මූලාශ්‍ර නොදී විකාර කියවන්නෙක්. මා උගතකු හෝ බුද්ධිමතකු හෝ නොවීම ගැන මා කුමක් කරන්න ද?

මට මූලාශ්‍ර දෙන්න බැහැ. මගේ මතකය ඉතා දුර්වලයි. මට කුඩා කළ කවි ගාථා කට පාඩම් කරන්න බැහැ. දැන් කොහොමටවත් බැහැ. මේ කට පාඩම් අධ්‍යාපනයේ විභාග සමත් වුණේ කොහොමද කියන එකත් තරමක ප්‍රශ්නයක්. මට විස්තර මතක නැහැ. මා දන්නේ සාරය හා සංකල්පය පමණයි.

මා ඇත්ත කියා දෙයක් ඇති බව පිළිගන්නේ නැහැ. සියල්ල බොරු. සමහර ඒවා පට්ටපල් බොරු. මෙහි බොරු යන්න යොදන්නේ ඇත්ත කියන එකේ විරුද්ධාර්ථය ලෙස නො වෙයි. එහි ශූන්‍ය කියන අදහසක් තියෙනවා. සියල්ල අපේ නිර්මාණ, අපේ ගෙතීම්. අප ඇති ලෝකයක් තේරුම් ගන්නවා නො වෙයි. නැති ලෝකයක් නිර්මාණය කරනවා. අප සංගත ලෝකයක් නිර්මාණය කරන්න හදනවා. එහෙත් අපට එය කරන්න බැහැ. අප අසංගත ලෝක නිර්මාණය කර ගෙන එහි ජීවත් වෙනවා. අප ජීවත්වන්නේ පරස්පරවල. දේශපාලනඥයන්ට මෙතරම් ඉඩකඩක් ලැබෙන්නේ ඒ නිසයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් මේ කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට තේරෙන්නෙත් නැහැ.

මට කැමති අය ඉන්නේ ඉතා ටික දෙනයි. මගේ විැද්ධවාදීන් මට කොහොමටවත් කැමති නැහැ. ජාතික ව්‍යාපාරයේ ඉන්න අයගෙනුත් බහුතරය මට කැමති නැහැ. ඒ මගේ වරදක් නිසා වෙන්න ඕන. අනෙක් උගතුන් බුද්ධිමතුන් පමණක් නොවෙයි ජාතික ව්‍යාපාරයේ උගතුන් හා බුද්ධිමතුනුත් මා වැඩක් කර ඇතැයි පිළිගන්නේ නැහැ. ඒ කිසිවකු මා කර ඇති කිසි දෙයක් අගයා නැහැ. ගුණදාස අමරසේකර කිසි දිනෙක ප්රසිද්ධියේවත් පෞද්ගලිකවවත් මා කළ හොඳක් ගැන කියා නැහැ. ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක, ඕමාරේ කස්සප අනුනාහිමියන් හැරෙන්න මා ගැන ඇගයීමක් ප්‍රසිද්ධියේ කරන භික්ෂූන් වහන්සේ නමක නැහැ. ජාතික ව්‍යාපාරයේ කිසිම ගිහියකු ප්‍රසිද්ධියේ කිසිම ඇගයීමක් කර නැහැ. ඇගයීමට තරම් දෙයක් මා කර නැතිවා වෙන්න පුළුවන්

මට මේ රට ගැන කණගාටුයි. සිංහල බෞද්ධයන් ගැන කණගාටුයි. ඔවුන් තම සංස්කෘතියේ අගය දන්නේ නැහැ. පුහු දේශපාලනඥයන් පසුපස යනවා. බුදුහාමුදුරුවන් නොදැනුමක් දැනුමක් ලෙස දේශනා කිරීමෙන් කෙළේ අපට නොදැනුම සඳහා මග පෙන්වීමක්. ඒ නොදැනුම අති ශ්‍රෙෂ්ඨයි. ඒ නෙදැනුම ඇසුරෙන් ජීවත්වීම සඳහා දැනුම නිර්මාණය කර ගන්නත් පුළුවන්. පස්වැනි සියවසට පෙර අප එසේ කර තිබෙනවා. ශූන්‍යය සඳහා හල් කිරීම සංකේතය නිර්මාණය කිරීම අපේ අති විශිෂ්ඨ කාර්යයක්. ඒ ගැන මා කොතෙක් කිව්වත් මෙරට උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අවධානය එයට යොමු කරවන්න බැහැ.

මිහිඳු හිමියන් කෙළේ මෙරට බුදුසසුන පිහිටුවීම. බුදුදහම එයට පෙරත් මෙරට තිබුණා. බෞද්ධයනුත් හිටියා. භික්ෂූන් වහන්සෙත් භික්ෂූණින් වහන්සේත් වැඩ වාසය කළා. එහෙත් බුදුසසුනක් තිබුණේ නැහැ. ගැමුණු රජුගෙන් පසු බුද්ධශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අප වැඩ කළා. එහෙත් බුදුසසුනට බමුණන් ඇතුල් වෙලා තියෙනවා. මෙරට බ්‍රාහ්මණයන් බලවත් පිරිසක් ව ඉඳ තියෙනවා. බුදුසසුනේ බමුණන් අප නොහිතන්නන් බවට පත් කළා. පස්වැනි සියවසෙන් පසු අපට හිතන්න බැහැ.

බුදුසසුනේ තරම් ස්ත්රීන්ට පුරුෂයන්ට මෙන් සමාන තැනක් දෙන වෙන තැනක් ලෝකයේ කිසිම රටක නැහැ. අප කියන්නේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියලයි. එහෙත් අද ඒ තත්වය තරමක් වෙනස් වෙලා. ඒ බමුණන් සසුනට රිංගීමේ ප්‍රතිඵලයක්. අප ඊනියා කාන්තා විමුක්තිවාදිනියන් වෙන්න ඕන නැහැ. බටහිර රටවල කාන්තාවන්ට ඇති නිදහසක් නැහැ.

අපට නොදැනුම අවශ්‍ය නිවනට. එතෙක් දැනුම අවශ්‍යයයි. සිංහල බුද්ධාගම බමුණන් අතට පත්වන තුරු අප දැනුම නිර්මාණය කළා. දැන් එය නැවතිලා. අප දේශපාලනඥයන්ට රැවටෙනවා. ඒ අපේ දැනුමේ අඩුපඩුවක් නිසා සිදුවෙන්නක්. සිංහලයන් අද යමක් දැන ගන්නේ ප්රත්යක්ෂයෙන් පමණයි. බෝම්බ පිපිරෙන්න කලින් ඒ ගැන අපට කියන්න බැහැ. මා කියන්නේ බුද්ධි අංශ ගැන නොවෙයි.

මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ සාර්ථක වී නැහැ. උගතුන් හා බුද්ධිමතුන් මා ප්රතික්ෂෙප කළා. මා සෑම අතින් ම පාහේ අසාර්ථක පුද්ගලයෙක්. මා තව අවුරුදු කිහිපයක් ජීවත් වේවි. මා මිය ගිය පසු මා අමතක කරන්න. මා පිටරටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ.

ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි.

ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය.

[QUOTE="හෙළයෙක්, post: 29783838, member: 503645"] නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා - 2019 /10/20 අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්. දෙමව්පියන් මා වෙනුවෙන් දුක් වින්දත් මා ඔවුන් වෙනුවෙන් කළ දෙයක් නැහැ. බොහෝ විට මා කෙළේ ඔවුන් කැමැත්තක් නොදැක් වූ දේ. මගේ භාර්යාවටත් මා යහපත් සැමියකු වී නැහැ. අප අවුරුදු හතළිස්අටක් දීග කන්නේ ඇගේ ඉවසීම නිසා ම පමණයි. මගේ දරුවන්ටත් මගෙන් යුතුකම් ඉටු වී නැහැ. පළමු වරට මා රැකියාව නැති කර ගත්තේ ලොකු පුතාට අවුරුදු තුනක් පමණ වන විට. දෙවැනි වර රැකියාව අහිමි වන විට චූටි දුවට වයස අවුරුදු තුනයි. දරුවන් තිදෙනාම හදා වඩා ගත්තේ ඔවුන්ගේ මවයි. මේ සියල්ල ගැන මා කණගාටු වෙනවා. මා මෙය ලියන්නේ උපන් දිනයක් කියන එක වැදගත් නිසා නො වෙයි. මා මරණයට කිට්ටු නිසා. මට කිව යුතු බොහොමයක් තියෙනවා. ඒත් ඒ සියල්ල ලියන්න මෙහි ලියන්න බැහැ. මේ ලිපිය දැක කිසිවකු මට සුබ පතන්න ඕනත් නැහැ. දීර්ඝායු පැතුවත් වැඩක් නැහැ. ගෙනා ආයුෂ ඉවර වුණාම මා යන්න යනවා. එදාටත් මා ගැන කිසිවක් කිසිවකු කියන්න ඕන නැහැ. මා නරක තැනක ඉපදෙන්න පුළුවන්. මගේ දරුවන් මට පින් පමුණුවාවි. මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට වඩා උගතුන් බුද්ධිමතුන් රාශියක් මෙරට ඉන්නවා. මා උගතුන්ට හා බුද්ධිමතුන්ට අකමැතියි. ඔවුනුත් මට අකමැතියි. මගෙන් රටටවත් දැනුමටවත් කිසි සේවයක් කෙරී නැහැ. උගතුන් බුද්ධිමතුන් දැනුමට යමක් එකතු කරනවා. මා එසේ එකතු කර නැහැ. මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තත් මා අසාර්ථක වෙලා. මට නිවන කියන්නේ දැනුමෙන් ඉවත් වීමයි. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීමයි. එහෙම කිව්ව ම බෞද්ධයන් ය කියන අය විරුද්ධ වෙනවා. මා කන්න හදනවා. ඒත් පුනබ්භවයක් නැහැ කියන අයට කිසිවක් කියන්නේ නැහැ. එසේ කියන අය ප්‍රාඥයන් නිසා වෙන්න ඇති. මා ආ ගමනක් නැහැ. නිවේදක නිවේදිකාවන් ඇතැමුන්ගෙන් අහනවා ඔබ ආ ගමන ගැන කියන්න පුළුවන් මොනවා ද කියා. ඔවුන් මගෙන් නම් එහෙම අහන එකක් නැහැ. ඒ ඔවුන්ට අනුව මා ගමනක් ඇවිත් නැති නිසා වෙන්න පුළුවන්. මට බලාපොරොත්තුවක් තිබුණා. ඒ විද්‍යාඥයකු වීමට. එහෙත් එසේ වීමට නොහැකි බව මට තේරුණා. මා ආ ගමනක් හෝ ගිය ගමනක් හෝ නැහැ. මා සසර ගමනේ නම් යෙදී ඉන්නවා. එහි අවුරුදු හැත්තෑපහක් කියන එක නොගිණිය හැකි කාලයක් කොහොමටත් මා ජනමාධ්‍යවේදීන්ට කැමති නැහැ. ඔවුනුත් මට කැමති නැහැ. ඒ ඔවුන් උගතුන් බුද්ධිමතුන් ප්‍රබුද්ධයන් වීමත් මා එසේ නොවීමත් නිසා වෙන්න ඕන. එඩ්මන්ඩ් රණසිංහ මහතා උපාලි පුවත්පත්වල ප්‍රධාන සංස්කාරක ධුරය දරද්දී නම් මට ඒ පුවත්පත්වල ඉඩක් දුන්නා. ගාමිණී සුමනසේකර හා ගාමිණී වීරකෝන් ද මට ඉඩ ලබා දුන්නා. එහෙත් දැන් ඉන්න ප්රබුද්ධයන්ට මගේ ලිපි අප්රබුද්ධයි. අනෙක් පුවත්පත් ගැන කියා වැඩක් නැහැ. විද්‍යුත් මාධ්‍යත් එසේමයි. දෙරණ මාධ්‍ය නම් මට ඉඳහිට උපකාර කරනවා. ඒ දිලිත් නිසා වෙන්න ඇති. මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට අනුව මා අන්තවාදියෙක්, මිථ්‍යා මත පතුරවන්නෙක්, දෙවියන් ඉන්න බව කියන්නෙක්, මාහැඟි විද්‍යාව ප්රතික්ෂෙප කරන මුග්ධයෙක්, විද්‍යාත්මක ක්‍රමය යනු හිතළු ගෙතීමක් පමණක් බවත් විද්‍යාව පට්ටපල් බොරු පමණක් බවත් කියමින් දරුවන් මුළා කරන්නෙක්, විද්‍යාව ප්රතික්ෂෙප කරමින් හදවත් සැත්කමක් කර ගත් බොරු කාරයෙක්, දේශප්‍රේමය හිසින් ගත් තක්කඩියෙක්, ගණිතය, විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුදුදහම ගැන කිසිවක් නොදැන, මූලාශ්‍ර නොදී විකාර කියවන්නෙක්. මා උගතකු හෝ බුද්ධිමතකු හෝ නොවීම ගැන මා කුමක් කරන්න ද? මට මූලාශ්‍ර දෙන්න බැහැ. මගේ මතකය ඉතා දුර්වලයි. මට කුඩා කළ කවි ගාථා කට පාඩම් කරන්න බැහැ. දැන් කොහොමටවත් බැහැ. මේ කට පාඩම් අධ්‍යාපනයේ විභාග සමත් වුණේ කොහොමද කියන එකත් තරමක ප්‍රශ්නයක්. මට විස්තර මතක නැහැ. මා දන්නේ සාරය හා සංකල්පය පමණයි. මා ඇත්ත කියා දෙයක් ඇති බව පිළිගන්නේ නැහැ. සියල්ල බොරු. සමහර ඒවා පට්ටපල් බොරු. මෙහි බොරු යන්න යොදන්නේ ඇත්ත කියන එකේ විරුද්ධාර්ථය ලෙස නො වෙයි. එහි ශූන්‍ය කියන අදහසක් තියෙනවා. සියල්ල අපේ නිර්මාණ, අපේ ගෙතීම්. අප ඇති ලෝකයක් තේරුම් ගන්නවා නො වෙයි. නැති ලෝකයක් නිර්මාණය කරනවා. අප සංගත ලෝකයක් නිර්මාණය කරන්න හදනවා. එහෙත් අපට එය කරන්න බැහැ. අප අසංගත ලෝක නිර්මාණය කර ගෙන එහි ජීවත් වෙනවා. අප ජීවත්වන්නේ පරස්පරවල. දේශපාලනඥයන්ට මෙතරම් ඉඩකඩක් ලැබෙන්නේ ඒ නිසයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් මේ කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට තේරෙන්නෙත් නැහැ. මට කැමති අය ඉන්නේ ඉතා ටික දෙනයි. මගේ විැද්ධවාදීන් මට කොහොමටවත් කැමති නැහැ. ජාතික ව්‍යාපාරයේ ඉන්න අයගෙනුත් බහුතරය මට කැමති නැහැ. ඒ මගේ වරදක් නිසා වෙන්න ඕන. අනෙක් උගතුන් බුද්ධිමතුන් පමණක් නොවෙයි ජාතික ව්‍යාපාරයේ උගතුන් හා බුද්ධිමතුනුත් මා වැඩක් කර ඇතැයි පිළිගන්නේ නැහැ. ඒ කිසිවකු මා කර ඇති කිසි දෙයක් අගයා නැහැ. ගුණදාස අමරසේකර කිසි දිනෙක ප්රසිද්ධියේවත් පෞද්ගලිකවවත් මා කළ හොඳක් ගැන කියා නැහැ. ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක, ඕමාරේ කස්සප අනුනාහිමියන් හැරෙන්න මා ගැන ඇගයීමක් ප්‍රසිද්ධියේ කරන භික්ෂූන් වහන්සේ නමක නැහැ. ජාතික ව්‍යාපාරයේ කිසිම ගිහියකු ප්‍රසිද්ධියේ කිසිම ඇගයීමක් කර නැහැ. ඇගයීමට තරම් දෙයක් මා කර නැතිවා වෙන්න පුළුවන් මට මේ රට ගැන කණගාටුයි. සිංහල බෞද්ධයන් ගැන කණගාටුයි. ඔවුන් තම සංස්කෘතියේ අගය දන්නේ නැහැ. පුහු දේශපාලනඥයන් පසුපස යනවා. බුදුහාමුදුරුවන් නොදැනුමක් දැනුමක් ලෙස දේශනා කිරීමෙන් කෙළේ අපට නොදැනුම සඳහා මග පෙන්වීමක්. ඒ නොදැනුම අති ශ්‍රෙෂ්ඨයි. ඒ නෙදැනුම ඇසුරෙන් ජීවත්වීම සඳහා දැනුම නිර්මාණය කර ගන්නත් පුළුවන්. පස්වැනි සියවසට පෙර අප එසේ කර තිබෙනවා. ශූන්‍යය සඳහා හල් කිරීම සංකේතය නිර්මාණය කිරීම අපේ අති විශිෂ්ඨ කාර්යයක්. ඒ ගැන මා කොතෙක් කිව්වත් මෙරට උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අවධානය එයට යොමු කරවන්න බැහැ. මිහිඳු හිමියන් කෙළේ මෙරට බුදුසසුන පිහිටුවීම. බුදුදහම එයට පෙරත් මෙරට තිබුණා. බෞද්ධයනුත් හිටියා. භික්ෂූන් වහන්සෙත් භික්ෂූණින් වහන්සේත් වැඩ වාසය කළා. එහෙත් බුදුසසුනක් තිබුණේ නැහැ. ගැමුණු රජුගෙන් පසු බුද්ධශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අප වැඩ කළා. එහෙත් බුදුසසුනට බමුණන් ඇතුල් වෙලා තියෙනවා. මෙරට බ්‍රාහ්මණයන් බලවත් පිරිසක් ව ඉඳ තියෙනවා. බුදුසසුනේ බමුණන් අප නොහිතන්නන් බවට පත් කළා. පස්වැනි සියවසෙන් පසු අපට හිතන්න බැහැ. බුදුසසුනේ තරම් ස්ත්රීන්ට පුරුෂයන්ට මෙන් සමාන තැනක් දෙන වෙන තැනක් ලෝකයේ කිසිම රටක නැහැ. අප කියන්නේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියලයි. එහෙත් අද ඒ තත්වය තරමක් වෙනස් වෙලා. ඒ බමුණන් සසුනට රිංගීමේ ප්‍රතිඵලයක්. අප ඊනියා කාන්තා විමුක්තිවාදිනියන් වෙන්න ඕන නැහැ. බටහිර රටවල කාන්තාවන්ට ඇති නිදහසක් නැහැ. අපට නොදැනුම අවශ්‍ය නිවනට. එතෙක් දැනුම අවශ්‍යයයි. සිංහල බුද්ධාගම බමුණන් අතට පත්වන තුරු අප දැනුම නිර්මාණය කළා. දැන් එය නැවතිලා. අප දේශපාලනඥයන්ට රැවටෙනවා. ඒ අපේ දැනුමේ අඩුපඩුවක් නිසා සිදුවෙන්නක්. සිංහලයන් අද යමක් දැන ගන්නේ ප්රත්යක්ෂයෙන් පමණයි. බෝම්බ පිපිරෙන්න කලින් ඒ ගැන අපට කියන්න බැහැ. මා කියන්නේ බුද්ධි අංශ ගැන නොවෙයි. මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ සාර්ථක වී නැහැ. උගතුන් හා බුද්ධිමතුන් මා ප්රතික්ෂෙප කළා. මා සෑම අතින් ම පාහේ අසාර්ථක පුද්ගලයෙක්. මා තව අවුරුදු කිහිපයක් ජීවත් වේවි. මා මිය ගිය පසු මා අමතක කරන්න. මා පිටරටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ. ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි. ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom