Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-නිට්ටෑ දසුනේ මිථ්‍යාව, ප්‍රබන්ධය හා සත̴්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-නිට්ටෑ දසුනේ මිථ්‍යාව, ප්‍රබන්ධය හා සත්&#820

මේ දිනවල නිට්ටෑවන් ගැන ජනමාධ්‍යවලින් සීමාව ඉක්මවූ ප්‍රචාර සිදු වෙමින් පවතී. පළමුව රූපවාහිනි හා පත්තරවලින් ඇරඹුණ මේ ප්‍රචාරය දැන් ගුවන්විදුලි නාළිකාවලට හා වෙබ් මාධ්‍යවලට ද පැතිර ඇත.

[YOUTUBE]y-3cl6kN7Qg[/YOUTUBE]

[YOUTUBE]ahRZ_U5zZPY[/YOUTUBE]

[YOUTUBE]eydkNoi1QlY[/YOUTUBE]

[YOUTUBE]G_4ZoCMp8t8[/YOUTUBE]

නිට්ටෑවන් යෑයි සැලකිය හැකි කුඩා මිනිසුන් විශේෂයක් දුටු බව කියන ගැමියන් පාදක කරගනිමින් මේ කතිකාව වර්ධනය වී තිබේ.

මෑතක දී නිට්ටෑවන් පිළිබද ප්‍රබන්ධ කෘතියක් බිහි කළ, ඊට පෙර, මානවයන් පිළිබද ගවේෂණ සිදු කර ඇති සමාජ විද්‍යා පර්යේෂකයකු, මනෝ විද්‍යා උපදේශකයකු හා කථිකාචාර්යවරකු ලෙස අත්දැකීම් ඇති මේ ලේඛකයාට පැවසිය හැක්කේ මේ නිට්ටෑවන් දුටු බවට කියෑවෙන කතාව පට්ටපල් බොරුවක් වීමට පවතින ඉඩකඩ වැඩි බවයි.

[YOUTUBE]UPJmmLyamYA[/YOUTUBE]

මෙවැනි සිද්ධිවලට සන්නිවේදන පර්යේෂණ ක්‍රියාදාමය තුළ කියන්නේ මාධ්‍ය ප්‍රබන්ධ කියා ය. මාධ්‍ය ප්‍රබන්ධ හා විවිධ කරුණු මත බිහි වේ. ඇතැම් විට ඒවා දේශපාලන අරමුණු සහිත ව බිහි වේ. සමහර විට ජනමාධ්‍යවලට වෙන මාතෘකා නැති ව ගිය විට, ගුවන් කාලය, විකාශ කාලය, මුද්‍රණ අවකාශය අලෙවි කරගන්නට ද මෙවැනි දේ කෙරෙයි.

සමහර විට ප්‍රාථමික ව වෙනත් පිරිසක් යම් අරමුණක් ඉටු කරගන්නට යත්න දරන විට ද්විතීයික ව ජනමාධ්‍ය ඒ හරහා මෙවැනි මාධ්‍ය ප්‍රබන්ධ මැවෙනු දක්නට හැකි ය.

මේ ප්‍රබන්ධ මගින්, ප්‍රබන්ධය බිහි කරන්නට මුල් වූ පිරිසට මෙන්ම මාධ්‍යවලට ද වාසි ලැබේ. දැනට ලැබී තිබෙන ඇතැම් තොරතුරු අනුව අනුමාන කළ හැකි වන්නේ කිසියම් සංවිධානාත්මක කල්ලියක් අරමුණුසහගත ව මේ නිට්ටෑ හමුව පිළිබද කතාව ව්‍යාප්ත කිරීමේ යෙදී සිටින බව ය. ඇතැමුන්ට අනුව කිසියම් තහනම් වගාවක යෙදෙන පිරිස් සිය වගා ප්‍රදේශවලට ගැමියන් ඇතුළු වීම වළක්වනු පිණිස මේ කතාව ගොතා ඇත.

අම්පාර වැනි ප්‍රදේශවල කංසා හේන් වවන ජාවාරම්කරුවන්ට පවතින ලොකු ම තර්ජනය වන්නේ අහම්බෙන් හෝ ගවයන් දක්කාගෙන යන, දර කඩන ගම්මුන් එම හේන් ඉසව් වෙත අවතීර්ණ වීම ය. මෙසේ එන අය බොහෝ විට පොලිසියට ඝෘජු ව ම ඔත්තු දීම හෝ වෙනත් අයකුට මේ හේන් ගැන පැවසීමෙන් වක්‍ර ව පොලිසියට තොරතුරු දීමට සහාය වීම කරති. එහෙයින් කංසා හේන්කාරයන්ට මේ ගම්මුන්ගේ පැමිණීම ලොකු හිරිහැරයකි. එනිසා මෙවැනි කතාවක් මැව්වා වන්නටත් පුළුවන.

අම්පාර, අනුරාධපුර පැත්තෙන් මතු වූ නිට්ටෑ ප්‍රබන්ධ සම්බන්ධයෙන් මේ ආකාර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ හැකි වුව ද කුලියාපිටියෙන් වාර්තා වූ සිද්ධි ගැන කිව යුත්තේ කුමක් දැයි පැහැදිලි නැත.

කුලියාපිටිය නිට්ටෑ වාසභුමියක් ව පැවැති බවට ජනප්රවාදයේ වත් සදහනක් නොමැත.

2011 දී ප්‍රකාශයට පත් කළ "මං නිට්ටෑවෙක්" පොත ලිවීම සදහා මෙන්ම වෙනත් අධ්‍යයන අවශ්‍යතා ද පෙරදැරි කරගෙන ඊට වසර කිහිපයකට පෙර මේ ලේඛකයා විසින් අම්පාර ප්‍රදේශයේ ස්ථාන කීපයක නිට්ටෑවන් පිළිබද විමර්ශනයක් සිදු කරන ලදි. මූලික ව ම ඒ ප්‍රදේශවල ජනතාව ගෙන් නිට්ටෑවන් පිළිබදව ප්‍රශ්න කළ ද ඔවුන් කිsවකුත් නිට්ටෑවන් දැක තිබුණේ නැත.

කෙසේ වෙතත් නිට්ටෑවන් හෝ කුරු මිනිසුන් හෝ ගැන පැවැති ජනප්‍රවාද ඔවුන් දැන සිටි බව විමර්ශනනයේ දී පෙනී ගියේ ය. එහෙත් ඒ කිසිදු තොරතුරක් නිට්ටෑවන් සිටි බව සනාථ කරන්නක් නො වේ. මීට වඩා විධිමත් අධ්‍යයනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරනු ලැබ තිබේ. ඔවුන්ගේ අධ්‍යයනයේ ප්‍රතිඵල ද ඉහත විමර්ශනය ප්‍රතික්ෂේප නො කරයි.

ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළි ව තිබුණේ ද මේ දුටුවා යෑයි කියන දර්ශන අතීතයේ විසුවා යෑයි කියන නිට්ටෑවන්ට අදාළ නො වන බවයි.

කෙසේ වෙතත් නිට්ටෑවන් ගැන අපගේ සාහිත්‍යයේ තොරතුරු රැසක් පවතියි. පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය රහිත වුව ද මුඛ පරම්පරාගත කතාවල නිට්ටෑවෝ සිටිති. අම්පාරට අදාළ ව කළ විමර්ශනයට අමතර ව මේ ලේඛකයා රාජ්‍ය විශ්වවිද්‍යාල පුස්තකාලවල ද ජාතික පුස්තකාලයේ හා ජාතික ලේඛනාගාරයේ ද ම් පිළිබද තොරතුරු පිරික්සා ඇත. එහෙත් නිට්ටෑවන් පිළිබද පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂ්‍ය කිසිවක් සොයාගත නොහැකි විය.

නිට්ටෑවන් පිළිබදව පළමු වරට අදහසක් ඉදිරිපත් කර ඇත්තේ මහා දාර්ශනික ප්ලිනි (Pliny the elder) විසිනි.

නිට්ටෑවන් යනු ලංකාවේ වෙසන කුරුමිටි මිනිසුන් විශේෂයක් බව ප්ලිනි පැවසුවේ මීට සියවස් විස්සකට පෙර දී ය.

ප්ලිනිට අනුව නිට්ටෑවන් මිනිස් හැඩය ම ගත්, වදුරන්ට ද යම් සමානකමක් ඇති කුරුමිටි මානව වර්ගයකි. නිට්ටෑ පිරිමින් අඩි හතරක් පමණ උස් වූ බව වාර්තා වේ. මේ කුරුමිටි මිනිසුන්ට වලිගයක් නො තිබූ බව ද, ඔවුන් ද්විපාද සංචරණයෙහි සමතුන් වූ බව ද ප්ලිනි වාර්තා කොට ඇත. එසේ ම නිට්ටෑවන්ට දුඹුරු ලෝම සමක් වූ බව ද මේ තොරතුරුවලට ඇතුළත් ය.

බ්‍රිතාන්‍ය පාලන සමයෙහි ලංකාවට පැමිණි සිවිල් සේවකයකු වූ හියූ නෙවිල් නමැති සුදු ජාතිකයා ද නිට්ටෑවන් ගැන විස්තර කොට තිබේ. 1886 දී හියූ නෙවිල් ලංකාවේ නිට්ටෑවන් විස්තර කළේ සතුන් මරා කන, කැළෑවේ වෙසෙන නපුරු මානව විශේෂයක් ලෙස ය. නෙවිල් නිට්ටෑවන් ගැන විස්තර ලබාගෙන තිබුණේ පානම පත්තුවේ විසූ වැද්දන් වෙතිනි. ඊට අමතර ව කිසිදු පොසිල සාක්ෂ්‍යයක් හෝ වෙනත් විද්‍යාත්මක සාක්ෂ්‍ය හෝ නෙවිල් ඉදිරිපත් නො කරයි.

නිට්ටෑවන්ගේ බාහිර ස්වරූපය සම්බන්ධයෙන් හියූ නෙවිල්ගේ වාර්තාවේ ඇත්තේ ද ප්ලිනි විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ම ය. නිට්ටෑවන්ගේ උස සම්බන්ධයෙන් ප්ලිනි කී තොරතුරු නෙවිල්ගේ වාර්තාවකින් ද තහවුරු වේ. වැද්දන් මේ නිට්ටෑවන්ට බියෙන් පසු වූ බව නෙවිල්ගේ අදහසයි. ඊට හේතුව නිට්ටෑවන් වැදි ගම්මානවලට වැද කුඩා දරුවන් ස්ත්‍රීන් හා අබල දුබල වූ අය පැහැරගෙන ඒමයි. එසේ ම දඩයමේ තනි ව ම ගිය වැද්දන් කැළය මැද දී නිට්ටෑවන්ගේ දඩයම් බවට පත් වූ අවස්ථා ද තිබිණි. මේ නිසා නිට්ටෑවා වැද්දන්ගේ පොදු සතුරා බවට පත් ව තිබිණි. අවස්ථානුකූල ව මිනිසුන් මරා කෑව ද නිට්ටෑවන්ගේ දෛනික ආහාර වේල සමන්විත වූයේ පලතුරු, අල, කැස්බෑවුන්, පළගැටියන්, මී පැණි යනාදියෙනි. නිරතුරු ව ම මී පැණිවලට නිට්ටෑවන් හා වැද්දන් අතර සටන් ඇති විය.

නිට්ටෑවන් ඇදුම් ඇද නො සිටි බවක් හියූ නෙවිල් කියයි. එහෙත් ඇතැමුන් පවසන්නේ නිට්ටෑවන් ද වැද්දන් සේ ම කොළ අතුවලින් විලි වසාගෙන සිට බවයි. නිට්ටෑවෝ ගස් යට මෙන් ම ගස් මත ද රාත්‍රිය ගත කළ හ. සමහර විට ඔවුහු ගස් මත අතු එක් කොට සෙවිලි සකසාගත් හ. ඇතැම් විට පොළොව මත ලී කෝටු ගසා ඒ මත අතු සෙවිලි කොට ප්‍රාථමික ගණයේ පැල්පත් සාදාගත් හ. එහෙත් නිට්ටෑවෝ ගුහා තුළ සාමූහික ව විසීමට වැඩිපුර කැමැත්ත දැක්වූ හ. හියූ නෙවිල්ට අනුව නිට්ටෑවන් විසූ එවැනි ප්‍රකට ගුහාවක් වන්නේ ලේනම ගුහාවයි.

නිට්ටෑවන්ට භාෂාවක් පැවතියා ද යන්න ගැන මතභේද පවතී. බොහෝ විද්වතුන් පවසන්නේ නිට්ටෑවන්ට සන්නිවේදනයක් පැවතිය ද අපගේ මෙන් දියුණු භාෂාවක් නො පැවැති බවයි. එහෙත් හියූ නෙවිල්ගේ මතය ඊට වෙනස් ය. නිට්ටෑවන්ට දියුණු බසක් පැවැති බව ඔහුගේ මතයයි. ඒ බස සිංහල, දෙමළ හෝ වැදි බස හෝ නො වේ. හියූ නෙවිල්ට අනුව එය තෙළෝගු (Telegu) භාෂාවට සමාන එකකි.

නිට්ටෑවන්ගේ අවසානය පිළිබදව ද නෙවිල් වැදගත් මතයක් ඉදිරිපත් කරයි. ඒ ද වැද්දන්ගේ ලබාගත් තොරතුරු මගින් නිර්මාණය කළ මතයකි. වැද්දන් සියලු ම නිට්ටෑවන් ගුහාවකට කොටු කර ගුහාවට ගිනි තබා මරා දැමූ බව එම මතයයි. නිට්ටෑවන්ට පලා යන්නට නොහැකි වන පරිදි වැද්දොa ගුහාව වටා රැකවල් ලා සිටිය හ. මෙලෙස වැද්දන් නිට්ටෑ සංහතිය ම සමූලඝාතනය කරන ලදැයි නෙවිල් කියයි. එහෙත් ඒ මතයේ සත්‍යතාව ගැන සැක උපදී. මන්ද යත් නිට්ටෑවන් සියලු දෙනා ගුහාවක් තුළට කොටු කරගත් බව පිළිගන්නට අපහසු කරුණකි.

හියූ නෙවිල් ගෙන් පසු ෆෙඩ්රික් ලුවිස්, ආර්. එල්. ස්පිටල්, ඔස්මන් හිල් වැනි විදේශීය විද්වතුන් මෙන්ම නන්දදේව විඡේසේකර වැනි දේශීය විද්වතුන් ද නිට්ටෑවන් ගැන අදහස් දක්වා තිබේ. ලුවිස් නිට්ටෑවන් විස්තර කර ඇත්තේ ගස් උඩ හා ගුහාවල වෙසෙන කුරුමිටි මිනිසුන් විශේෂයක් ලෙස ය. ඔවුන් සම්පූර්ණ නිරුවතින් කැළයේ හැසිරෙන බව ලුවිස් පවසා ඇත. ලුවිස්ගේ වාර්තාවල ඇත්තේ නිට්ටෑවන් ඉබ්බන්, හාවන් හා ලේනුන් ආහාරයට ගන්නා බව ය. ඔවුන් කණ්ඩායම් ලෙස විසූ බව ද ඔහු කියයි. එසේ ම නිට්ටෑවන් දහ අට වැනි සියවසේ අග භාගය තෙක් ම මෙරට කැළෑවල විසූ බව ලුවිස්ගේ අදහසයි. කෙසේ වෙතත් ආර්. එල්. ස්පිටල් පවසන්නේ නිට්ටෑවන් ගැන පුවත් හුදු ෆැන්ටසියක් පමණක් වන බවයි.

(උපුටාගැනීම - මං නිට්ටෑවෙක් - 2011 ගොඩගේ ප්‍රකාශන- පි. 93-94)

මෑතක දී නිට්ටෑවන් පිළිබදව පළ කරන ලද විශිෂ්ටතම කෘතියක් ලෙස ලැරී ජැපර්ගේ The Ape Man of Sri Lanka හැදින්විය හැකි ය. වෙනත් බොහෝ කර්තෘවරු පර්යේෂකයන් හා ඉතිහාසඥයන් නිට්ටෑවන් මිථ්‍යාවක් සේ සලකා බැහැර කරද්දී ලැරී ජැපර් එය සත්‍යයක් විය හැකි බව පෙන්වා දෙයි. ඒ බවට Evedence for Nittawo පරිච්ඡේදය සාක්ෂ්‍ය දරයි. එම පරිච්ඡේදයට අනුව එක්තරා කාලයක දී නිට්ටෑවන් නිශ්චිත ව ම වාසය කොට ඇත. එසේ වුවත් ලැරී ජැපර් පවසන්නේ වර්තමානයේ නිට්ටෑවා ස්ථිර ව ම සිටිනවා ද නැද්ද කියා කිව නොහැකි බවයි. නිට්ටෑවා නො දන්නා වානරයකු හෝ ආදි මනුෂ්‍යයකු හෝ විය හැකි බව ලැරී ජැපර් පවසයි. ඔහු ද නිට්ටෑවන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සදහා ප්ලිනිගේ ප්‍රකාශ උපුටා දක්වයි.

මනෝ විද්‍යාත්මක ගැටලු හා මත්වීම්

මනෝවිද්‍යාත්මක දෘෂ්ටියකින් මේ ගැටලුව දෙස බලන විට මෙය ආකාර කිහිපයකට විග්රහ කළ හැකි ය. පළමුවැන්න නම් අවධානය දිනාගැනීම පිණිස පුද්ගලයන් මෙවැනි දේ කරන බවයි. ඇත්තෙන් ම කුරු මිනිසකු (කුරු මිනිස්සු සමාජයේ සිටිති) දුටු අයකු මේ ගැන අතිශයෝක්තියෙන් කියා රූපවාහිනියෙන් ප්‍රචාරයක් ලද විට අනෙක් අය ද ඒ ප්‍රචාරය ලැබීමේ අරමුණෙන් මේ දේ කරන්නට ඉඩ තිබේ. දුර්වල සිත් ඇති අය විශේෂයෙන් ම කාන්තාවන් තම මානසික ව්‍යාකූලතා හේතු කොටගෙන ඒවා නිට්ටෑවා මත ප්රක්ෂේපණය කරන්නට ඉඩ ඇත. මන්ද යත් කළු කුමාරයා දුටුවා කියන කතුන්ට සමාජයේ විශේෂ අවධානයක් යොමු වේ. එවැනි අවධානයක් තමන්ට ලබාගැනීමට මේ දේවල් කරන්නට ඉඩ තිබේ. පසුගිය දිනවල නිට්ටෑවන් දුටු බහුතරය කතුන් බව අප අමතක කළ යුතු නො වේ.

මේ පිළිබද තවත් විග්‍රහයක් වන්නේ මත්ද්‍රව්‍ය හෝ වඩාත් බලවත් මත්පැන් වර්ග පානය කළ විට පුද්ගලයන් දෘෂ්ටි මායාවලට ගොදුරු වීමයි. තව ද දැඩි අව් රශ්මියෙහි සිටින පුද්ගලයන්ට ද මානසික රෝගීන්ට ද මෙවැනි දෘෂ්ටි මායා ඇති වේ.

කැලණිය විශ්වවිද්‍යාලයයේ

පාරිසරික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය

මනෝඡ් ප්‍රසන්න රත්නායක

BSc, MA, MPhil.

[QUOTE="IKL, post: 24298505, member: 567503"] [b]-නිට්ටෑ දසුනේ මිථ්‍යාව, ප්‍රබන්ධය හා සත̴්[/b] [CENTER][IMG]https://i.imgur.com/ub0IKmA.jpg[/IMG][/CENTER] [SIZE=3]මේ දිනවල නිට්ටෑවන් ගැන ජනමාධ්‍යවලින් සීමාව ඉක්මවූ ප්‍රචාර සිදු වෙමින් පවතී. පළමුව රූපවාහිනි හා පත්තරවලින් ඇරඹුණ මේ ප්‍රචාරය දැන් ගුවන්විදුලි නාළිකාවලට හා වෙබ් මාධ්‍යවලට ද පැතිර ඇත.[/SIZE] [CENTER][YOUTUBE]y-3cl6kN7Qg[/YOUTUBE] [YOUTUBE]ahRZ_U5zZPY[/YOUTUBE] [YOUTUBE]eydkNoi1QlY[/YOUTUBE] [YOUTUBE]G_4ZoCMp8t8[/YOUTUBE][/CENTER] [SIZE=3]නිට්ටෑවන් යෑයි සැලකිය හැකි කුඩා මිනිසුන් විශේෂයක් දුටු බව කියන ගැමියන් පාදක කරගනිමින් මේ කතිකාව වර්ධනය වී තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/HQzgy2m.jpg[/IMG] [/CENTER] [SIZE=3]මෑතක දී නිට්ටෑවන් පිළිබද ප්‍රබන්ධ කෘතියක් බිහි කළ, ඊට පෙර, මානවයන් පිළිබද ගවේෂණ සිදු කර ඇති සමාජ විද්‍යා පර්යේෂකයකු, මනෝ විද්‍යා උපදේශකයකු හා කථිකාචාර්යවරකු ලෙස අත්දැකීම් ඇති මේ ලේඛකයාට පැවසිය හැක්කේ මේ නිට්ටෑවන් දුටු බවට කියෑවෙන කතාව පට්ටපල් බොරුවක් වීමට පවතින ඉඩකඩ වැඩි බවයි.[/SIZE] [CENTER][YOUTUBE]UPJmmLyamYA[/YOUTUBE][/CENTER] [SIZE=3]මෙවැනි සිද්ධිවලට සන්නිවේදන පර්යේෂණ ක්‍රියාදාමය තුළ කියන්නේ මාධ්‍ය ප්‍රබන්ධ කියා ය. මාධ්‍ය ප්‍රබන්ධ හා විවිධ කරුණු මත බිහි වේ. ඇතැම් විට ඒවා දේශපාලන අරමුණු සහිත ව බිහි වේ. සමහර විට ජනමාධ්‍යවලට වෙන මාතෘකා නැති ව ගිය විට, ගුවන් කාලය, විකාශ කාලය, මුද්‍රණ අවකාශය අලෙවි කරගන්නට ද මෙවැනි දේ කෙරෙයි. සමහර විට ප්‍රාථමික ව වෙනත් පිරිසක් යම් අරමුණක් ඉටු කරගන්නට යත්න දරන විට ද්විතීයික ව ජනමාධ්‍ය ඒ හරහා මෙවැනි මාධ්‍ය ප්‍රබන්ධ මැවෙනු දක්නට හැකි ය. මේ ප්‍රබන්ධ මගින්, ප්‍රබන්ධය බිහි කරන්නට මුල් වූ පිරිසට මෙන්ම මාධ්‍යවලට ද වාසි ලැබේ. දැනට ලැබී තිබෙන ඇතැම් තොරතුරු අනුව අනුමාන කළ හැකි වන්නේ කිසියම් සංවිධානාත්මක කල්ලියක් අරමුණුසහගත ව මේ නිට්ටෑ හමුව පිළිබද කතාව ව්‍යාප්ත කිරීමේ යෙදී සිටින බව ය[B]. ඇතැමුන්ට අනුව කිසියම් තහනම් වගාවක යෙදෙන පිරිස් සිය වගා ප්‍රදේශවලට ගැමියන් ඇතුළු වීම වළක්වනු පිණිස මේ කතාව ගොතා ඇත.[/B] [B]අම්පාර වැනි ප්‍රදේශවල කංසා හේන් වවන ජාවාරම්කරුවන්ට පවතින ලොකු ම තර්ජනය වන්නේ අහම්බෙන් හෝ ගවයන් දක්කාගෙන යන, දර කඩන ගම්මුන් එම හේන් ඉසව් වෙත අවතීර්ණ වීම ය. මෙසේ එන අය බොහෝ විට පොලිසියට ඝෘජු ව ම ඔත්තු දීම හෝ වෙනත් අයකුට මේ හේන් ගැන පැවසීමෙන් වක්‍ර ව පොලිසියට තොරතුරු දීමට සහාය වීම කරති. එහෙයින් කංසා හේන්කාරයන්ට මේ ගම්මුන්ගේ පැමිණීම ලොකු හිරිහැරයකි. එනිසා මෙවැනි කතාවක් මැව්වා වන්නටත් පුළුවන.[/B] අම්පාර, අනුරාධපුර පැත්තෙන් මතු වූ නිට්ටෑ ප්‍රබන්ධ සම්බන්ධයෙන් මේ ආකාර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ හැකි වුව ද කුලියාපිටියෙන් වාර්තා වූ සිද්ධි ගැන කිව යුත්තේ කුමක් දැයි පැහැදිලි නැත. කුලියාපිටිය නිට්ටෑ වාසභුමියක් ව පැවැති බවට ජනප්රවාදයේ වත් සදහනක් නොමැත. 2011 දී ප්‍රකාශයට පත් කළ "මං නිට්ටෑවෙක්" පොත ලිවීම සදහා මෙන්ම වෙනත් අධ්‍යයන අවශ්‍යතා ද පෙරදැරි කරගෙන ඊට වසර කිහිපයකට පෙර මේ ලේඛකයා විසින් අම්පාර ප්‍රදේශයේ ස්ථාන කීපයක නිට්ටෑවන් පිළිබද විමර්ශනයක් සිදු කරන ලදි. මූලික ව ම ඒ ප්‍රදේශවල ජනතාව ගෙන් නිට්ටෑවන් පිළිබදව ප්‍රශ්න කළ ද ඔවුන් කිsවකුත් නිට්ටෑවන් දැක තිබුණේ නැත. කෙසේ වෙතත් නිට්ටෑවන් හෝ කුරු මිනිසුන් හෝ ගැන පැවැති ජනප්‍රවාද ඔවුන් දැන සිටි බව විමර්ශනනයේ දී පෙනී ගියේ ය. එහෙත් ඒ කිසිදු තොරතුරක් නිට්ටෑවන් සිටි බව සනාථ කරන්නක් නො වේ. මීට වඩා විධිමත් අධ්‍යයනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරනු ලැබ තිබේ. ඔවුන්ගේ අධ්‍යයනයේ ප්‍රතිඵල ද ඉහත විමර්ශනය ප්‍රතික්ෂේප නො කරයි. ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළි ව තිබුණේ ද මේ දුටුවා යෑයි කියන දර්ශන අතීතයේ විසුවා යෑයි කියන නිට්ටෑවන්ට අදාළ නො වන බවයි. කෙසේ වෙතත් නිට්ටෑවන් ගැන අපගේ සාහිත්‍යයේ තොරතුරු රැසක් පවතියි. පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය රහිත වුව ද මුඛ පරම්පරාගත කතාවල නිට්ටෑවෝ සිටිති. අම්පාරට අදාළ ව කළ විමර්ශනයට අමතර ව මේ ලේඛකයා රාජ්‍ය විශ්වවිද්‍යාල පුස්තකාලවල ද ජාතික පුස්තකාලයේ හා ජාතික ලේඛනාගාරයේ ද ම් පිළිබද තොරතුරු පිරික්සා ඇත. එහෙත් නිට්ටෑවන් පිළිබද පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂ්‍ය කිසිවක් සොයාගත නොහැකි විය. නිට්ටෑවන් පිළිබදව පළමු වරට අදහසක් ඉදිරිපත් කර ඇත්තේ මහා දාර්ශනික ප්ලිනි (Pliny the elder) විසිනි. නිට්ටෑවන් යනු ලංකාවේ වෙසන කුරුමිටි මිනිසුන් විශේෂයක් බව ප්ලිනි පැවසුවේ මීට සියවස් විස්සකට පෙර දී ය. ප්ලිනිට අනුව නිට්ටෑවන් මිනිස් හැඩය ම ගත්, වදුරන්ට ද යම් සමානකමක් ඇති කුරුමිටි මානව වර්ගයකි. නිට්ටෑ පිරිමින් අඩි හතරක් පමණ උස් වූ බව වාර්තා වේ. මේ කුරුමිටි මිනිසුන්ට වලිගයක් නො තිබූ බව ද, ඔවුන් ද්විපාද සංචරණයෙහි සමතුන් වූ බව ද ප්ලිනි වාර්තා කොට ඇත. එසේ ම නිට්ටෑවන්ට දුඹුරු ලෝම සමක් වූ බව ද මේ තොරතුරුවලට ඇතුළත් ය. බ්‍රිතාන්‍ය පාලන සමයෙහි ලංකාවට පැමිණි සිවිල් සේවකයකු වූ හියූ නෙවිල් නමැති සුදු ජාතිකයා ද නිට්ටෑවන් ගැන විස්තර කොට තිබේ. 1886 දී හියූ නෙවිල් ලංකාවේ නිට්ටෑවන් විස්තර කළේ සතුන් මරා කන, කැළෑවේ වෙසෙන නපුරු මානව විශේෂයක් ලෙස ය. නෙවිල් නිට්ටෑවන් ගැන විස්තර ලබාගෙන තිබුණේ පානම පත්තුවේ විසූ වැද්දන් වෙතිනි. ඊට අමතර ව කිසිදු පොසිල සාක්ෂ්‍යයක් හෝ වෙනත් විද්‍යාත්මක සාක්ෂ්‍ය හෝ නෙවිල් ඉදිරිපත් නො කරයි. නිට්ටෑවන්ගේ බාහිර ස්වරූපය සම්බන්ධයෙන් හියූ නෙවිල්ගේ වාර්තාවේ ඇත්තේ ද ප්ලිනි විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ම ය. නිට්ටෑවන්ගේ උස සම්බන්ධයෙන් ප්ලිනි කී තොරතුරු නෙවිල්ගේ වාර්තාවකින් ද තහවුරු වේ. වැද්දන් මේ නිට්ටෑවන්ට බියෙන් පසු වූ බව නෙවිල්ගේ අදහසයි. ඊට හේතුව නිට්ටෑවන් වැදි ගම්මානවලට වැද කුඩා දරුවන් ස්ත්‍රීන් හා අබල දුබල වූ අය පැහැරගෙන ඒමයි. එසේ ම දඩයමේ තනි ව ම ගිය වැද්දන් කැළය මැද දී නිට්ටෑවන්ගේ දඩයම් බවට පත් වූ අවස්ථා ද තිබිණි. මේ නිසා නිට්ටෑවා වැද්දන්ගේ පොදු සතුරා බවට පත් ව තිබිණි. අවස්ථානුකූල ව මිනිසුන් මරා කෑව ද නිට්ටෑවන්ගේ දෛනික ආහාර වේල සමන්විත වූයේ පලතුරු, අල, කැස්බෑවුන්, පළගැටියන්, මී පැණි යනාදියෙනි. නිරතුරු ව ම මී පැණිවලට නිට්ටෑවන් හා වැද්දන් අතර සටන් ඇති විය. නිට්ටෑවන් ඇදුම් ඇද නො සිටි බවක් හියූ නෙවිල් කියයි. එහෙත් ඇතැමුන් පවසන්නේ නිට්ටෑවන් ද වැද්දන් සේ ම කොළ අතුවලින් විලි වසාගෙන සිට බවයි. නිට්ටෑවෝ ගස් යට මෙන් ම ගස් මත ද රාත්‍රිය ගත කළ හ. සමහර විට ඔවුහු ගස් මත අතු එක් කොට සෙවිලි සකසාගත් හ. ඇතැම් විට පොළොව මත ලී කෝටු ගසා ඒ මත අතු සෙවිලි කොට ප්‍රාථමික ගණයේ පැල්පත් සාදාගත් හ. එහෙත් නිට්ටෑවෝ ගුහා තුළ සාමූහික ව විසීමට වැඩිපුර කැමැත්ත දැක්වූ හ. හියූ නෙවිල්ට අනුව නිට්ටෑවන් විසූ එවැනි ප්‍රකට ගුහාවක් වන්නේ ලේනම ගුහාවයි. නිට්ටෑවන්ට භාෂාවක් පැවතියා ද යන්න ගැන මතභේද පවතී. බොහෝ විද්වතුන් පවසන්නේ නිට්ටෑවන්ට සන්නිවේදනයක් පැවතිය ද අපගේ මෙන් දියුණු භාෂාවක් නො පැවැති බවයි. එහෙත් හියූ නෙවිල්ගේ මතය ඊට වෙනස් ය. නිට්ටෑවන්ට දියුණු බසක් පැවැති බව ඔහුගේ මතයයි. ඒ බස සිංහල, දෙමළ හෝ වැදි බස හෝ නො වේ. හියූ නෙවිල්ට අනුව එය තෙළෝගු (Telegu) භාෂාවට සමාන එකකි. නිට්ටෑවන්ගේ අවසානය පිළිබදව ද නෙවිල් වැදගත් මතයක් ඉදිරිපත් කරයි. ඒ ද වැද්දන්ගේ ලබාගත් තොරතුරු මගින් නිර්මාණය කළ මතයකි. වැද්දන් සියලු ම නිට්ටෑවන් ගුහාවකට කොටු කර ගුහාවට ගිනි තබා මරා දැමූ බව එම මතයයි. නිට්ටෑවන්ට පලා යන්නට නොහැකි වන පරිදි වැද්දොa ගුහාව වටා රැකවල් ලා සිටිය හ. මෙලෙස වැද්දන් නිට්ටෑ සංහතිය ම සමූලඝාතනය කරන ලදැයි නෙවිල් කියයි. එහෙත් ඒ මතයේ සත්‍යතාව ගැන සැක උපදී. මන්ද යත් නිට්ටෑවන් සියලු දෙනා ගුහාවක් තුළට කොටු කරගත් බව පිළිගන්නට අපහසු කරුණකි. හියූ නෙවිල් ගෙන් පසු ෆෙඩ්රික් ලුවිස්, ආර්. එල්. ස්පිටල්, ඔස්මන් හිල් වැනි විදේශීය විද්වතුන් මෙන්ම නන්දදේව විඡේසේකර වැනි දේශීය විද්වතුන් ද නිට්ටෑවන් ගැන අදහස් දක්වා තිබේ. ලුවිස් නිට්ටෑවන් විස්තර කර ඇත්තේ ගස් උඩ හා ගුහාවල වෙසෙන කුරුමිටි මිනිසුන් විශේෂයක් ලෙස ය. ඔවුන් සම්පූර්ණ නිරුවතින් කැළයේ හැසිරෙන බව ලුවිස් පවසා ඇත. ලුවිස්ගේ වාර්තාවල ඇත්තේ නිට්ටෑවන් ඉබ්බන්, හාවන් හා ලේනුන් ආහාරයට ගන්නා බව ය. ඔවුන් කණ්ඩායම් ලෙස විසූ බව ද ඔහු කියයි. එසේ ම නිට්ටෑවන් දහ අට වැනි සියවසේ අග භාගය තෙක් ම මෙරට කැළෑවල විසූ බව ලුවිස්ගේ අදහසයි. කෙසේ වෙතත් ආර්. එල්. ස්පිටල් පවසන්නේ නිට්ටෑවන් ගැන පුවත් හුදු ෆැන්ටසියක් පමණක් වන බවයි. [B][SIZE=2](උපුටාගැනීම - මං නිට්ටෑවෙක් - 2011 ගොඩගේ ප්‍රකාශන- පි. 93-94)[/SIZE][/B] [/SIZE][SIZE=3]මෑතක දී නිට්ටෑවන් පිළිබදව පළ කරන ලද විශිෂ්ටතම කෘතියක් ලෙස ලැරී ජැපර්ගේ The Ape Man of Sri Lanka හැදින්විය හැකි ය. වෙනත් බොහෝ කර්තෘවරු පර්යේෂකයන් හා ඉතිහාසඥයන් නිට්ටෑවන් මිථ්‍යාවක් සේ සලකා බැහැර කරද්දී ලැරී ජැපර් එය සත්‍යයක් විය හැකි බව පෙන්වා දෙයි. ඒ බවට Evedence for Nittawo පරිච්ඡේදය සාක්ෂ්‍ය දරයි. එම පරිච්ඡේදයට අනුව එක්තරා කාලයක දී නිට්ටෑවන් නිශ්චිත ව ම වාසය කොට ඇත. එසේ වුවත් ලැරී ජැපර් පවසන්නේ වර්තමානයේ නිට්ටෑවා ස්ථිර ව ම සිටිනවා ද නැද්ද කියා කිව නොහැකි බවයි. නිට්ටෑවා නො දන්නා වානරයකු හෝ ආදි මනුෂ්‍යයකු හෝ විය හැකි බව ලැරී ජැපර් පවසයි. ඔහු ද නිට්ටෑවන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සදහා ප්ලිනිගේ ප්‍රකාශ උපුටා දක්වයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [B]මනෝ විද්‍යාත්මක ගැටලු හා මත්වීම්[/B] මනෝවිද්‍යාත්මක දෘෂ්ටියකින් මේ ගැටලුව දෙස බලන විට මෙය ආකාර කිහිපයකට විග්රහ කළ හැකි ය. පළමුවැන්න නම් අවධානය දිනාගැනීම පිණිස පුද්ගලයන් මෙවැනි දේ කරන බවයි. ඇත්තෙන් ම කුරු මිනිසකු (කුරු මිනිස්සු සමාජයේ සිටිති) දුටු අයකු මේ ගැන අතිශයෝක්තියෙන් කියා රූපවාහිනියෙන් ප්‍රචාරයක් ලද විට අනෙක් අය ද ඒ ප්‍රචාරය ලැබීමේ අරමුණෙන් මේ දේ කරන්නට ඉඩ තිබේ. දුර්වල සිත් ඇති අය විශේෂයෙන් ම කාන්තාවන් තම මානසික ව්‍යාකූලතා හේතු කොටගෙන ඒවා නිට්ටෑවා මත ප්රක්ෂේපණය කරන්නට ඉඩ ඇත. මන්ද යත් කළු කුමාරයා දුටුවා කියන කතුන්ට සමාජයේ විශේෂ අවධානයක් යොමු වේ. එවැනි අවධානයක් තමන්ට ලබාගැනීමට මේ දේවල් කරන්නට ඉඩ තිබේ. පසුගිය දිනවල නිට්ටෑවන් දුටු බහුතරය කතුන් බව අප අමතක කළ යුතු නො වේ. මේ පිළිබද තවත් විග්‍රහයක් වන්නේ මත්ද්‍රව්‍ය හෝ වඩාත් බලවත් මත්පැන් වර්ග පානය කළ විට පුද්ගලයන් දෘෂ්ටි මායාවලට ගොදුරු වීමයි. තව ද දැඩි අව් රශ්මියෙහි සිටින පුද්ගලයන්ට ද මානසික රෝගීන්ට ද මෙවැනි දෘෂ්ටි මායා ඇති වේ.[/SIZE] [B]කැලණිය විශ්වවිද්‍යාලයයේ පාරිසරික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය මනෝඡ් ප්‍රසන්න රත්නායක BSc, MA, MPhil.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom