Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිදන් හොරුන් විනශ කල උරුමය - බුදුපටුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපනුන් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුවේ තිබී සොයාගත් මහායාන බුදු පිළිම තුන

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කට්ටුව ඇති වට්ටාරම විහාරස්ථානයට නුදුරින් පිහිටි කොටියාගල ගම්මානය ශුෂ්ක කලාපීය පරිසරයක් ඇති ලාහුගල හා යාල වනභූමි සීමාවලට සමීප ගම්මානයකි. විලඔය මගින් පෝෂණය කරන, ගොයම් හා බඩ ඉරිඟු ජීවනෝපාය කරගත් ගැමි දිවිෙපවෙතක් ඇති එම ප්‍රදේශයේ ජනතාව පවා නොදන්න අබිරහස් ඔවුන් අසල තිබේ. එය නමින් ‘‘බුදු පටුන’’ වේ. විලඔය ඝන කැලයක් මැදින් ගලාගෙන ගොස් පානමින් මුහුදට වැටන අතර අලි, කොටි, වලසුන් සේම වල් ඌරන්, මුවන්, ගෝනුන් වාසය කරන සක්‍රීය ශුෂ්ක වන පියස තුළ එක් ඉසව්වක පිහිටි දැවැන්ත ගල් පර්වතයක් මත නෙළුෑ පිිළිම වහන්සේ තුන් නමක් පිහිටි ඉසවුව ‘‘බුදු පටුන’’ යැයි හඳුන්වයි.

[MEDIA=youtube]8PKc_oD0Ucs[/MEDIA]

ඈත අතීතයේ මහායාන දහම පිළිබඳ ප්‍රසිද්ධ වූයේ අභයගිරිය වූ අතර චීන ජාතික ෆා-හිං භික්ෂුව සිරිලකට පැමිණි පසු ප්‍රථමයෙන් වැඩම කළේ අභයගිරියට බව සඳහන්ය. මන්ද චීනය හා ජපානය මහායාන ධර්මය ආශ්රිත වැදගත් දේ වන හෙයිනි. එකල අභයගිරියේ භික්ෂුන් වහන්සේලා 5000 ක් පමණ වැඩ සිටි බව සඳහන්ය.

ඊට අමතරව ලංකාවේ මහායාන දහම වඩාත් දැකිය හැක්කේ මොනරාගල වැල්ලවායේ පිහිටි ‘‘බුදුරුවගල’’ වේ. ක්‍රි.ව. 7-9 වර්ෂවලට අයත් මහායාන පිළිම ලෙස පිළිගත් මේවා සප්ත මහායාන මූර්ති ලෙස හඳුන්වයි. මෙහි මධ්‍යයේ ප්‍රධාන බුදුරුවට අමතරව දෙපසින් පරිවාර පිළිම තුන බැගින් පිළිම සයක් දක්නට ලැබේ. අඩි 50ක් පණ උසැති ප්‍රධාන බුදු රුවට පසෙකින් අවලෝකීතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට තාරා දේවියගේ හා සුධන බෝසතුන්ගේ ප්‍රතිමා දෙකක්ද, අනෙක් පසින් මෛත්‍රී බෝසතුන් මැදිකොට වජ්රුපාණි බෝසත් රුවක් හා හඳුනා නොගත් වෙනත් රුවක්ද දක්නට ලැබේ. පවතින තනි කළුගලක ඉදිරියට නෙලා ආ ලෙස නෙළා ඇති මෙම බුදු පිළිම අතර මධ්‍යයේ පිහිටි පිළිමය අර්ධ උන්නතියට ගලෙහි ඉස්මතුෙකට හුණු බදාමයෙන් සිවුර රැළි ගන්වා නෙලා ඇත.

මිනිසා අදහන දෙවියන් වැඳුම් පිදුම් කිරීමේ අදිටනින් පිළිම නෙළීම ඇරැඹි අතර ලොව පළමු බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමා නෙළීමේ ගෞරවය හිමිවන්නේ භාරතීය කලාකරුවාටයි. භාරතය බුද්ධ ප්‍රතිමා නෙළීම ඇරඹූ අතර ඊට එවකට පාලකයන් වූ බිම්බිසාර සහ අශෝක රජු ඉමහත් දායකත්වයක් සපයන ලදී. බුදුන් පරිනිර්වාණයෙන් සියවස් 5 ක් පමණ යනතුරු කිසිඳු බුදුරුවක් පිළිමයකට ගොඩ නැගුනේ නැති නමුත් ඉන්පසු මිනිස් රුවට සමාන අයුරින් බුදු පිළිම නෙළීමට පටන්ගෙන ඇත. ගන්ධාර හා මථුරා කරා සම්ප්‍රදායන් සමාරම්භය භාරත ඉතිහාසයේ වැදගත් කාලයන්වන අතර ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් පසු කනිෂ්ක රජුගෙන් ඊට මහත් රුකුලක් අත්විය. කෙසේ නමුත් බුදු පිළිම නෙළීම කලාවට ග්‍රීක පිළිමවල යම් සම්භවයක් ඇති බව බුද්ධ ප්‍රතිමා අධ්‍යයනයේදී පැහැදිලි වෙයි. ඇපලෝ දෙවියාගේ හිසට සමානකම් ලෙසත්, කෙස් ෙරාද, අස්වාභාවික කෙටි පාද හා අත් සංවරව සිරුරට ළංව තිබීම හා කෝමල සිරුර ආදී ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැක. නමුත් ඇෆ්ගනිස්තාන් හා තලේබාන් හි සොයාගත් පිළිම ඊට යම් විරුද්ධ වෙනසක් සහිත විය.

ථෙරවාදී බුදු දහම ප්‍රකට අප දේශය තුළ මොනරාගල ආශ්‍රිතව පිහිටි බුදුරුව වලත් බුදුපටුනත් අතර යම් ඓතිහසික අබිරහසක් සඟවා ඇති බව නිගමනය කළ හැක. තවද බුදු පටුන යනු තවමත් සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණය නොකෙරූ ස්ථානයක් වන අතර එම ස්ථානයට ළඟාවීමද විටෙක මරණාසන්න අත්දැකීම් ලැබිය හැකි ගමනකි. කොටියාගල ගම්මානය කෙළවරින් ගලායන විල ඔයට පැමිණ ගඟ දිගේ ගඟ ගලන දකුණු දෙසට කි.මී. 15ක් පමණ යා යුතුය. වර්ෂා කාලවලදී ගංදිය පිරී පවතින බැවින් ළඟා වීම කළ නොහැක. නමුත් වැසි රහිත කාලවලදී වැල්ල පෑෙදන තෙක්ම විල ඔය සිඳෙන නමුත් බොහෝ ස්ථානවල අඩි දෙක තුන ගැඹුරට ගඟේ වතුර පිරුණු ස්ථාන දක්නට ලැබේ. ගඟ දෙපස මහා වනාන්තරය වන අතර එහි ප්‍රධාන මාංශ භක්ෂක සතුන් යුගලයක්වන වලසා සහ කොටියා (පන්තෙර පර්දාස් කොටියා) වාසය කර ඇති තවත් වන අලි බහුලවන අතර ගංදියේ මිනීමරු කිඹුලන්ද වාසය කරන බව මතක තබා ගන්න.

කොක්කුන්ගේ ආර පසු කොට තවත් ගඟ දිෙග් යනවිට පැහැදිලිව හඳුනාගත හැකි ගලක් ප්‍රබල මං සලකුණක් ලෙස හමුවේ. ‘‘ගොයම් කොලේ ගල’’ ලෙස හඳුන්වන එම ස්ථානය ගමනේ අවසානය වන අතර ඊට නුදුරින් පිහිටි කැලයට පිවිස ‘‘බුදු පටුන’’ නම් බුදුපිළිම පිහිටි මෙම ස්ථානය දැකගත හැකිය.

වර්ෂ 1985 දී ප්‍රථම වරට මෙම පිළිම ගවේෂණයේ යෙදුණේ ජපන් කණ්ඩායමක් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් පමණි. එම ජපන් කණ්ඩායම යනු හෝ සෙයි සරසවියේ පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් වූ අතර ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්වය මත බුදුපටුන ගවේෂණයේ එවකට ඔවුන් යෙදුණි. එහිදී එම බුදු පිළිම තුනෙහිම හිස් පැහැදිලිව තිබූ අතර, ගල් පර්වත නෙරා එන ලෙස නෙළා තිබූ එම පිළිම පිහිටි ප්‍රදේශය පිරිසිදු ෙකාට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලි වේ. තවද එහිදී පරිවාරි පිළිම දෙක බඳ කොටස හා දෑත් යම්තාක් පැහැදිලිව තිබුණද නැවත 1992 වසරේදී මෙම පිළිම නැවතත් ජපන් පුරාවිද්‍යා කණ්ඩායමක් සමගින් ලාංකේය පුරාවිද්වතුන් ගොස් බලනකල ඒවා යම්තාක් දුරකට නිදන් හොරුන් මගින් විනාශ කොට තිබුණි.

වසර 7 කට පසු නැවතත් බුදුපටුන වෙත යන විට නිදන් හොරුන් විසින් වම් පස පිහිටි බෝධිසත්ව පිළිමයේ හිස කඩා දමා තිබූ අතර ප්‍රධාන බුදුරුවේ හිස විනාශ කොට තිබුණි. තවද පිළිමවල දෑත් සහ බඳ කොටසද විනාශ වීමකට ලක්ව තිබූ අතර මධ්‍යය පිළිමයේ සිවුරු කොටසද අර්ධ විනාශයට ලක්ව තිබී ඇත. කෙසේ නමුත් අද වන විට වම් පස බුදුපිළිම හා මධ්‍යම බුදුරුවේ හිස් මුළුමනින්ම විනාශ වී තිබූ අතර සිවුරද විනාශ ෙකාට තිබුණි. දකුණු පස බෝධිසත්ව පිළිමය පමණක් පැහැදිලිව හඳුනාගත හැකි මුහුණු තිබූ අතර පරිවාර පිළිම යුගලයේ පාද කොටසද පැහැදිලිව තිබුණි. පරිවාර පිළිම දෙකට ඉහළින් ගල් ආවරණ තිබෙන අතර වම් පිළිමයට පසෙකින් පිළිම නෙළුෑ ප්‍රදේශයේ අවසන් කර ඇති බවට හඳුනාගත හැකි ලෙස කොටස වෙන්කර තිබේ. ගල් පර්වතය නෙළමින් බුදුපිළිම වහන්සේ මතු කරගෙන ඇති අතර මෙපමණ දුෂ්කර වන පියසක මෙලෙසින් බුදු පිළිම නෙලා තිබීම අබිරහසක් බව අප සමග ගිය ගම්වැසියෙකු පැවසුවේය. වට්ටාරාම පුද බිමද පුරාවිද්‍යාත්මක වැදගත් සාක්ෂි හමුවූ ස්ථානයක් වන නමුත් මෙම බුදු පටුන පිහිටියේ ඊට කි.මී. 20ක් පමණ දුර විලඔය හරහා ගොස් පිහිටි ඝන මූකලානේය. කිසිඳු ජනාවාසයක් පිළිබඳ කිසිඳු සටහනක් හෝ සාක්ෂියක් එම ප්‍රදේශයේ හමුවී නැති අතර ගමේ පැරැණ්නන් පවසන පරිදි ඔවුන්ගේ පරම්පරා කිසිවක් එපමණ ඝන කැලයේ ජීවත් නොවූහ.

බුදුරුවගල දෙපස පිහිටි මූර්ති තුන්වැනිම පිහිටි බුදුපටුනේ පිළිම තුළ ප්‍රධාන බුදු රුවට දෙපසින් පිහිටියේ අවලෝකිකේෂ්වර බුද්ධ ප්‍රතිමා වීම විශේෂත්වයකි. බුදුපටුන පිළිබඳ පුවත්පතක පළවූ මුල්ම ලිපිය ඉරිදා ලංකාදීප පුවත්පතේ 1993 වසරේ සැප්තැම්බර් 12 වැනිදා පළවූ අතර එහිදී බුදුපටුනේ ඡායාරූප ප්‍රථමයෙන්ම දේශයට අනාවරණය කෙරුණේ රත්නපුරේ ජයන්ත විජේරත්න හේරත් මහතා විසිනි. ඒ ජපන් මිත්‍රත්ව පදනම යටතේ කළ දෙවන ගවේෂණයෙන් මාස කිහිපයකට පසුවය.

ලංකාවේ බොහෝ භික්ෂූන් හා බුදුදහම ආශ්‍රිතව සිරිලක් ව්‍යාප්ත අධ්‍යයනය කරන බොහෝමයක් විද්වතුන් තවමත් ‘‘බුදුපටුන’’ පිළිබඳව දන්නේ නැත. අවට ගම්මානවල පිරිස හෝ කොටියාගල අවට පිහිටි විහාරස්ථානවල භික්ෂූන් පවා තවමත් බුදුපටුනට ගොස් එම පිළිම වහන්සේලා දැක නොමැත. එසේම මොනරාගල හා ගලබැද්ද පුරාවිද්‍යා කාර්යාලයේ පිරිස පවා මෙම ස්ථානය ගැන නොදන්නා බව අප විමසීම් කළ විට දැනගත්හ. එසේ නම් ජපන් කණ්ඩායමකට මීට වසර 32කට පමණ පෙර මෙම ස්ථානය පිළිබඳ දැනගත්තේ කෙසේද. ඔවුන් සිදුකළ ගවේෂණවල නිගමනයන් මොනවාදැයි සඳහනක් සොයාගත නොහැක. අතීතේ සජීවීව දැකගත හැකි වන්නේ ඝන වනාන්තරයක සැඟව තිබෙන බුදු පිළිම වහන්සේලා පමණි. නමුත් ඒවාද කාලයාගේ ඇවෑමෙන් නිදන් හොරු සහ ජාවාරම්කරුවන් විනාශ කරමින් පවතියි.

බුදු පටුන වෙත යන ගමන ඌව පළාෙතන් ආරම්භ කළද බුදු පටුන භූගෝලීය ලෙස පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ කුඩුම්බිගල අභයභූමියේ උතුරු සීමාවට වන්නට පිහිටි දැවැන්ත වනපියස මධ්‍යයේය. ඊට අසල්වැසි වන්නේ ලාහුගල වනෝද්‍යානය වේ. බුදුපටුන පිහිටි ප්‍රදේශයේ දැවැන්ත වළවල් හාරා ඇත. නිදන් හොරුන් විසින් එම ප්‍රෙද්ශය දැඩි ලෙස කැණීම් සිදුකරනු ලැබ ඇති අතර නිශ්චිතවම පැරැණි යැයි කිව නොහැකි යම් නටඹුන් අවට දැකගත හැක. බුදුපිළිම නෙළා ඇති ගලේම පාද පිහිටියේ වේදිකාවක වැනි ලෙසය. දැවැන්ත රූස්ස ගස්වල කොළ වැටී ප්‍රෙද්ශයන් පිළිම වහන්සේලාත් වසාගෙන තිබූ අතර ඒ සියල්ල පිරිසිදු කළ පසු පිළිම නෙළුෑ ආකාරය හා සබැඳි කැටයම් පැහැදිලිව දැකගත හැක. නමුත් බෙෙහා් ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණි.

මහ වනයක වැනසෙමින් පවතින ‘‘බුදු පටුන’’ ලංකාවේ මහායාන බුදුදහමේ සම්බන්ධතාව කියාපාන තවත් කදිම උදාහරණයකි. නමුත් නිදන් හොරුන් සහ ගංජා හේන් වගාකරුවන්ගේත් අනවසර ගස් කපන්නන්ගේත් ඇසට හසුවීම නිසා අකාලයේ වසර 32 ක් තුළ ක්‍රමිකව විනාශයට ලක්වුණි. තවදුරටත් මේවා සංරක්ෂණය නොවුණහොත් තවත් වසර කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම මේවා විනාශ වී යනු නොඅනුමානය. මේ අවට කැලය තවදුරටත් නිරීක්ෂණය කරන්නේ නම් තවත් නටබුන් හෝ සාධක හමු විය හැකි අතර ජනාවාසයක් ඈත අතීතයේ නොතිබූ මෙලෙස බුදු පිළිම නිර්මාණය විය නොහැකි හෙයින් තවත් මානව ශිෂ්ඨාචාරයක සාක්ෂි හා තොරතුරු සොයා ගත හැකි බව ගවේෂණයේ යෙදුණු අපට පැහැදිලි විය.

ලංකාවේ නොවිසඳුණු අබිරහස් ගොන්නට බුදු පටුනද අයත් වන අතර බුදු දහමේ මහායානික බලපෑම් ඌව පළාතේ මොනරාගල ආශ්‍රිතව තදින් ව්‍යාප්තව තිබූ බවද බුදුරුවගල හා බුදුපටුනේ පැහැදිලි සාක්ෂි මගින් සනාථකර ගත හැක. නමුත් ක්‍රමවත් පුරාවිද්‍යා ගවේෂණයක් බුදුපටුනට අවශ්‍ය වේ. මන්ද නිදන් හොරු හෑරූ වළවල් සහ අසල පිහිටි වෙනත් වලවල් ආශ්‍රිතව යම් නටබුන් තිබිය හැකි බව අප දුටු අතර ප්‍රදේශය තුළ පවතින පාරිසරික රටාවද යම් ආකාරයක ගුප්ත බවක් ඉසිලීය. සමස්ත ගමන පුරා මාංශ භක්ෂක සතෙකු මුණ නොගැසුණද ගඟ දිගේ කොටින්ගේ, අලින්ගේ පාසලකුණු ඕනෑතරම් දක්න ලැබුණි. ගස් මත පහුරු ගාමින් නැගගත් වලස් සලකුණද වල් ඌරන්ගේ සලකුණු හා ගෝන්නුගේ මළකුණුද අපට දක්නට ලැබිණ. ‘‘බුදු පටුන’’ අබිරහස් සොයාගෙන ලාංකේය බුදු දහම් ඉතිහාසයේ අලුත් පරිචයක් ලීමට හැකිවෙතැයි අපේක්ෂා කළ අපි පුරා දොළොස්පායක ගමන නිමාවට පත්කරමින් නැවතත් කොටියාගලට පැමිණියෙමු.

විශේෂ ස්තූතිය - වට්ටාරාම විහාරස්ථානාධිපති හිමියන්ට හා විජයරත්නම් ගනේෂ් කුමාර් මහතාට

සංචාරක සටහන හා ඡායරූප

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

උපුටා ගැනීම - ලංකාදීප

[QUOTE="Dead Cupid, post: 29437343, member: 118969"] [CENTER][B][SIZE=5]ජපනුන් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුවේ තිබී සොයාගත් මහායාන බුදු පිළිම තුන[/SIZE][/B] [/CENTER] මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කට්ටුව ඇති වට්ටාරම විහාරස්ථානයට නුදුරින් පිහිටි කොටියාගල ගම්මානය ශුෂ්ක කලාපීය පරිසරයක් ඇති ලාහුගල හා යාල වනභූමි සීමාවලට සමීප ගම්මානයකි. විලඔය මගින් පෝෂණය කරන, ගොයම් හා බඩ ඉරිඟු ජීවනෝපාය කරගත් ගැමි දිවිෙපවෙතක් ඇති එම ප්‍රදේශයේ ජනතාව පවා නොදන්න අබිරහස් ඔවුන් අසල තිබේ. එය නමින් ‘‘බුදු පටුන’’ වේ. විලඔය ඝන කැලයක් මැදින් ගලාගෙන ගොස් පානමින් මුහුදට වැටන අතර අලි, කොටි, වලසුන් සේම වල් ඌරන්, මුවන්, ගෝනුන් වාසය කරන සක්‍රීය ශුෂ්ක වන පියස තුළ එක් ඉසව්වක පිහිටි දැවැන්ත ගල් පර්වතයක් මත නෙළුෑ පිිළිම වහන්සේ තුන් නමක් පිහිටි ඉසවුව ‘‘බුදු පටුන’’ යැයි හඳුන්වයි. [CENTER] [MEDIA=youtube]8PKc_oD0Ucs[/MEDIA] [/CENTER] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_adf1d19274.jpg[/IMG] ඈත අතීතයේ මහායාන දහම පිළිබඳ ප්‍රසිද්ධ වූයේ අභයගිරිය වූ අතර චීන ජාතික ෆා-හිං භික්ෂුව සිරිලකට පැමිණි පසු ප්‍රථමයෙන් වැඩම කළේ අභයගිරියට බව සඳහන්ය. මන්ද චීනය හා ජපානය මහායාන ධර්මය ආශ්රිත වැදගත් දේ වන හෙයිනි. එකල අභයගිරියේ භික්ෂුන් වහන්සේලා 5000 ක් පමණ වැඩ සිටි බව සඳහන්ය. ඊට අමතරව ලංකාවේ මහායාන දහම වඩාත් දැකිය හැක්කේ මොනරාගල වැල්ලවායේ පිහිටි ‘‘බුදුරුවගල’’ වේ. ක්‍රි.ව. 7-9 වර්ෂවලට අයත් මහායාන පිළිම ලෙස පිළිගත් මේවා සප්ත මහායාන මූර්ති ලෙස හඳුන්වයි. මෙහි මධ්‍යයේ ප්‍රධාන බුදුරුවට අමතරව දෙපසින් පරිවාර පිළිම තුන බැගින් පිළිම සයක් දක්නට ලැබේ. අඩි 50ක් පණ උසැති ප්‍රධාන බුදු රුවට පසෙකින් අවලෝකීතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට තාරා දේවියගේ හා සුධන බෝසතුන්ගේ ප්‍රතිමා දෙකක්ද, අනෙක් පසින් මෛත්‍රී බෝසතුන් මැදිකොට වජ්රුපාණි බෝසත් රුවක් හා හඳුනා නොගත් වෙනත් රුවක්ද දක්නට ලැබේ. පවතින තනි කළුගලක ඉදිරියට නෙලා ආ ලෙස නෙළා ඇති මෙම බුදු පිළිම අතර මධ්‍යයේ පිහිටි පිළිමය අර්ධ උන්නතියට ගලෙහි ඉස්මතුෙකට හුණු බදාමයෙන් සිවුර රැළි ගන්වා නෙලා ඇත. මිනිසා අදහන දෙවියන් වැඳුම් පිදුම් කිරීමේ අදිටනින් පිළිම නෙළීම ඇරැඹි අතර ලොව පළමු බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමා නෙළීමේ ගෞරවය හිමිවන්නේ භාරතීය කලාකරුවාටයි. භාරතය බුද්ධ ප්‍රතිමා නෙළීම ඇරඹූ අතර ඊට එවකට පාලකයන් වූ බිම්බිසාර සහ අශෝක රජු ඉමහත් දායකත්වයක් සපයන ලදී. බුදුන් පරිනිර්වාණයෙන් සියවස් 5 ක් පමණ යනතුරු කිසිඳු බුදුරුවක් පිළිමයකට ගොඩ නැගුනේ නැති නමුත් ඉන්පසු මිනිස් රුවට සමාන අයුරින් බුදු පිළිම නෙළීමට පටන්ගෙන ඇත. ගන්ධාර හා මථුරා කරා සම්ප්‍රදායන් සමාරම්භය භාරත ඉතිහාසයේ වැදගත් කාලයන්වන අතර ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් පසු කනිෂ්ක රජුගෙන් ඊට මහත් රුකුලක් අත්විය. කෙසේ නමුත් බුදු පිළිම නෙළීම කලාවට ග්‍රීක පිළිමවල යම් සම්භවයක් ඇති බව බුද්ධ ප්‍රතිමා අධ්‍යයනයේදී පැහැදිලි වෙයි. ඇපලෝ දෙවියාගේ හිසට සමානකම් ලෙසත්, කෙස් ෙරාද, අස්වාභාවික කෙටි පාද හා අත් සංවරව සිරුරට ළංව තිබීම හා කෝමල සිරුර ආදී ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැක. නමුත් ඇෆ්ගනිස්තාන් හා තලේබාන් හි සොයාගත් පිළිම ඊට යම් විරුද්ධ වෙනසක් සහිත විය. ථෙරවාදී බුදු දහම ප්‍රකට අප දේශය තුළ මොනරාගල ආශ්‍රිතව පිහිටි බුදුරුව වලත් බුදුපටුනත් අතර යම් ඓතිහසික අබිරහසක් සඟවා ඇති බව නිගමනය කළ හැක. තවද බුදු පටුන යනු තවමත් සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණය නොකෙරූ ස්ථානයක් වන අතර එම ස්ථානයට ළඟාවීමද විටෙක මරණාසන්න අත්දැකීම් ලැබිය හැකි ගමනකි. කොටියාගල ගම්මානය කෙළවරින් ගලායන විල ඔයට පැමිණ ගඟ දිගේ ගඟ ගලන දකුණු දෙසට කි.මී. 15ක් පමණ යා යුතුය. වර්ෂා කාලවලදී ගංදිය පිරී පවතින බැවින් ළඟා වීම කළ නොහැක. නමුත් වැසි රහිත කාලවලදී වැල්ල පෑෙදන තෙක්ම විල ඔය සිඳෙන නමුත් බොහෝ ස්ථානවල අඩි දෙක තුන ගැඹුරට ගඟේ වතුර පිරුණු ස්ථාන දක්නට ලැබේ. ගඟ දෙපස මහා වනාන්තරය වන අතර එහි ප්‍රධාන මාංශ භක්ෂක සතුන් යුගලයක්වන වලසා සහ කොටියා (පන්තෙර පර්දාස් කොටියා) වාසය කර ඇති තවත් වන අලි බහුලවන අතර ගංදියේ මිනීමරු කිඹුලන්ද වාසය කරන බව මතක තබා ගන්න. [IMG width="1004px"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_05b1155503.jpg[/IMG] කොක්කුන්ගේ ආර පසු කොට තවත් ගඟ දිෙග් යනවිට පැහැදිලිව හඳුනාගත හැකි ගලක් ප්‍රබල මං සලකුණක් ලෙස හමුවේ. ‘‘ගොයම් කොලේ ගල’’ ලෙස හඳුන්වන එම ස්ථානය ගමනේ අවසානය වන අතර ඊට නුදුරින් පිහිටි කැලයට පිවිස ‘‘බුදු පටුන’’ නම් බුදුපිළිම පිහිටි මෙම ස්ථානය දැකගත හැකිය. වර්ෂ 1985 දී ප්‍රථම වරට මෙම පිළිම ගවේෂණයේ යෙදුණේ ජපන් කණ්ඩායමක් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් පමණි. එම ජපන් කණ්ඩායම යනු හෝ සෙයි සරසවියේ පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් වූ අතර ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්වය මත බුදුපටුන ගවේෂණයේ එවකට ඔවුන් යෙදුණි. එහිදී එම බුදු පිළිම තුනෙහිම හිස් පැහැදිලිව තිබූ අතර, ගල් පර්වත නෙරා එන ලෙස නෙළා තිබූ එම පිළිම පිහිටි ප්‍රදේශය පිරිසිදු ෙකාට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලි වේ. තවද එහිදී පරිවාරි පිළිම දෙක බඳ කොටස හා දෑත් යම්තාක් පැහැදිලිව තිබුණද නැවත 1992 වසරේදී මෙම පිළිම නැවතත් ජපන් පුරාවිද්‍යා කණ්ඩායමක් සමගින් ලාංකේය පුරාවිද්වතුන් ගොස් බලනකල ඒවා යම්තාක් දුරකට නිදන් හොරුන් මගින් විනාශ කොට තිබුණි. වසර 7 කට පසු නැවතත් බුදුපටුන වෙත යන විට නිදන් හොරුන් විසින් වම් පස පිහිටි බෝධිසත්ව පිළිමයේ හිස කඩා දමා තිබූ අතර ප්‍රධාන බුදුරුවේ හිස විනාශ කොට තිබුණි. තවද පිළිමවල දෑත් සහ බඳ කොටසද විනාශ වීමකට ලක්ව තිබූ අතර මධ්‍යය පිළිමයේ සිවුරු කොටසද අර්ධ විනාශයට ලක්ව තිබී ඇත. කෙසේ නමුත් අද වන විට වම් පස බුදුපිළිම හා මධ්‍යම බුදුරුවේ හිස් මුළුමනින්ම විනාශ වී තිබූ අතර සිවුරද විනාශ ෙකාට තිබුණි. දකුණු පස බෝධිසත්ව පිළිමය පමණක් පැහැදිලිව හඳුනාගත හැකි මුහුණු තිබූ අතර පරිවාර පිළිම යුගලයේ පාද කොටසද පැහැදිලිව තිබුණි. පරිවාර පිළිම දෙකට ඉහළින් ගල් ආවරණ තිබෙන අතර වම් පිළිමයට පසෙකින් පිළිම නෙළුෑ ප්‍රදේශයේ අවසන් කර ඇති බවට හඳුනාගත හැකි ලෙස කොටස වෙන්කර තිබේ. ගල් පර්වතය නෙළමින් බුදුපිළිම වහන්සේ මතු කරගෙන ඇති අතර මෙපමණ දුෂ්කර වන පියසක මෙලෙසින් බුදු පිළිම නෙලා තිබීම අබිරහසක් බව අප සමග ගිය ගම්වැසියෙකු පැවසුවේය. වට්ටාරාම පුද බිමද පුරාවිද්‍යාත්මක වැදගත් සාක්ෂි හමුවූ ස්ථානයක් වන නමුත් මෙම බුදු පටුන පිහිටියේ ඊට කි.මී. 20ක් පමණ දුර විලඔය හරහා ගොස් පිහිටි ඝන මූකලානේය. කිසිඳු ජනාවාසයක් පිළිබඳ කිසිඳු සටහනක් හෝ සාක්ෂියක් එම ප්‍රදේශයේ හමුවී නැති අතර ගමේ පැරැණ්නන් පවසන පරිදි ඔවුන්ගේ පරම්පරා කිසිවක් එපමණ ඝන කැලයේ ජීවත් නොවූහ. බුදුරුවගල දෙපස පිහිටි මූර්ති තුන්වැනිම පිහිටි බුදුපටුනේ පිළිම තුළ ප්‍රධාන බුදු රුවට දෙපසින් පිහිටියේ අවලෝකිකේෂ්වර බුද්ධ ප්‍රතිමා වීම විශේෂත්වයකි. බුදුපටුන පිළිබඳ පුවත්පතක පළවූ මුල්ම ලිපිය ඉරිදා ලංකාදීප පුවත්පතේ 1993 වසරේ සැප්තැම්බර් 12 වැනිදා පළවූ අතර එහිදී බුදුපටුනේ ඡායාරූප ප්‍රථමයෙන්ම දේශයට අනාවරණය කෙරුණේ රත්නපුරේ ජයන්ත විජේරත්න හේරත් මහතා විසිනි. ඒ ජපන් මිත්‍රත්ව පදනම යටතේ කළ දෙවන ගවේෂණයෙන් මාස කිහිපයකට පසුවය. ලංකාවේ බොහෝ භික්ෂූන් හා බුදුදහම ආශ්‍රිතව සිරිලක් ව්‍යාප්ත අධ්‍යයනය කරන බොහෝමයක් විද්වතුන් තවමත් ‘‘බුදුපටුන’’ පිළිබඳව දන්නේ නැත. අවට ගම්මානවල පිරිස හෝ කොටියාගල අවට පිහිටි විහාරස්ථානවල භික්ෂූන් පවා තවමත් බුදුපටුනට ගොස් එම පිළිම වහන්සේලා දැක නොමැත. එසේම මොනරාගල හා ගලබැද්ද පුරාවිද්‍යා කාර්යාලයේ පිරිස පවා මෙම ස්ථානය ගැන නොදන්නා බව අප විමසීම් කළ විට දැනගත්හ. එසේ නම් ජපන් කණ්ඩායමකට මීට වසර 32කට පමණ පෙර මෙම ස්ථානය පිළිබඳ දැනගත්තේ කෙසේද. ඔවුන් සිදුකළ ගවේෂණවල නිගමනයන් මොනවාදැයි සඳහනක් සොයාගත නොහැක. අතීතේ සජීවීව දැකගත හැකි වන්නේ ඝන වනාන්තරයක සැඟව තිබෙන බුදු පිළිම වහන්සේලා පමණි. නමුත් ඒවාද කාලයාගේ ඇවෑමෙන් නිදන් හොරු සහ ජාවාරම්කරුවන් විනාශ කරමින් පවතියි. බුදු පටුන වෙත යන ගමන ඌව පළාෙතන් ආරම්භ කළද බුදු පටුන භූගෝලීය ලෙස පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ කුඩුම්බිගල අභයභූමියේ උතුරු සීමාවට වන්නට පිහිටි දැවැන්ත වනපියස මධ්‍යයේය. ඊට අසල්වැසි වන්නේ ලාහුගල වනෝද්‍යානය වේ. බුදුපටුන පිහිටි ප්‍රදේශයේ දැවැන්ත වළවල් හාරා ඇත. නිදන් හොරුන් විසින් එම ප්‍රෙද්ශය දැඩි ලෙස කැණීම් සිදුකරනු ලැබ ඇති අතර නිශ්චිතවම පැරැණි යැයි කිව නොහැකි යම් නටඹුන් අවට දැකගත හැක. බුදුපිළිම නෙළා ඇති ගලේම පාද පිහිටියේ වේදිකාවක වැනි ලෙසය. දැවැන්ත රූස්ස ගස්වල කොළ වැටී ප්‍රෙද්ශයන් පිළිම වහන්සේලාත් වසාගෙන තිබූ අතර ඒ සියල්ල පිරිසිදු කළ පසු පිළිම නෙළුෑ ආකාරය හා සබැඳි කැටයම් පැහැදිලිව දැකගත හැක. නමුත් බෙෙහා් ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණි. [CENTER][/CENTER] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_6ee8d95323.jpg[/IMG] මහ වනයක වැනසෙමින් පවතින ‘‘බුදු පටුන’’ ලංකාවේ මහායාන බුදුදහමේ සම්බන්ධතාව කියාපාන තවත් කදිම උදාහරණයකි. නමුත් නිදන් හොරුන් සහ ගංජා හේන් වගාකරුවන්ගේත් අනවසර ගස් කපන්නන්ගේත් ඇසට හසුවීම නිසා අකාලයේ වසර 32 ක් තුළ ක්‍රමිකව විනාශයට ලක්වුණි. තවදුරටත් මේවා සංරක්ෂණය නොවුණහොත් තවත් වසර කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම මේවා විනාශ වී යනු නොඅනුමානය. මේ අවට කැලය තවදුරටත් නිරීක්ෂණය කරන්නේ නම් තවත් නටබුන් හෝ සාධක හමු විය හැකි අතර ජනාවාසයක් ඈත අතීතයේ නොතිබූ මෙලෙස බුදු පිළිම නිර්මාණය විය නොහැකි හෙයින් තවත් මානව ශිෂ්ඨාචාරයක සාක්ෂි හා තොරතුරු සොයා ගත හැකි බව ගවේෂණයේ යෙදුණු අපට පැහැදිලි විය. ලංකාවේ නොවිසඳුණු අබිරහස් ගොන්නට බුදු පටුනද අයත් වන අතර බුදු දහමේ මහායානික බලපෑම් ඌව පළාතේ මොනරාගල ආශ්‍රිතව තදින් ව්‍යාප්තව තිබූ බවද බුදුරුවගල හා බුදුපටුනේ පැහැදිලි සාක්ෂි මගින් සනාථකර ගත හැක. නමුත් ක්‍රමවත් පුරාවිද්‍යා ගවේෂණයක් බුදුපටුනට අවශ්‍ය වේ. මන්ද නිදන් හොරු හෑරූ වළවල් සහ අසල පිහිටි වෙනත් වලවල් ආශ්‍රිතව යම් නටබුන් තිබිය හැකි බව අප දුටු අතර ප්‍රදේශය තුළ පවතින පාරිසරික රටාවද යම් ආකාරයක ගුප්ත බවක් ඉසිලීය. සමස්ත ගමන පුරා මාංශ භක්ෂක සතෙකු මුණ නොගැසුණද ගඟ දිගේ කොටින්ගේ, අලින්ගේ පාසලකුණු ඕනෑතරම් දක්න ලැබුණි. ගස් මත පහුරු ගාමින් නැගගත් වලස් සලකුණද වල් ඌරන්ගේ සලකුණු හා ගෝන්නුගේ මළකුණුද අපට දක්නට ලැබිණ. ‘‘බුදු පටුන’’ අබිරහස් සොයාගෙන ලාංකේය බුදු දහම් ඉතිහාසයේ අලුත් පරිචයක් ලීමට හැකිවෙතැයි අපේක්ෂා කළ අපි පුරා දොළොස්පායක ගමන නිමාවට පත්කරමින් නැවතත් කොටියාගලට පැමිණියෙමු. [B]විශේෂ ස්තූතිය - වට්ටාරාම විහාරස්ථානාධිපති හිමියන්ට හා විජයරත්නම් ගනේෂ් කුමාර් මහතාට [/B] [B]සංචාරක සටහන හා ඡායරූප [/B] [B]ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු [/B] [CENTER][B][SIZE=7]උපුටා ගැනීම - [URL='https://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B8%E0%B7%84-%E0%B6%9D%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B6%9A-%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B6%AB-%E0%B6%B6%E0%B6%AF-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8/57-519948']ලංකාදීප[/URL][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom