නිදහසට පසු බිහිවු විශිශ්ටතම නායකයා
ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත්කමක් උසුලනා රටකි. ලොව සුළුතර ජනකොට්ඨාශයක් වන සිංහල ජනකොට්ඨාශයේ නිජභූමිය ලෙස වසර 2500කට අධික කාලයක් පුරාවට ආරක්ෂා වෙමින් පැවතී මේ භූමිය. ඊටම අනන්‍ය වූ බුදු දහම සුරක්ෂිත කොට ගනිමින් මේ පැමිණි ඉදිරිගමන ඇගයීමකට ලක් කළ යුතුය. වාර්තාගත හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මත ගොඩනැගෙන දත්තයන් අනුව මෙරට තුල ලොව අන් කිසි රටක් හා සමකළ නොහැකි අති විශිෂ්ඨ වාරි තාක්ෂණයකින් සමන්විත විය. වඩාත් පුදුමය වන්නේ. ද්‍රවිඩ, මුස්ලිම් හා හින්දු බලපෑම් මධ්‍යයේ මේ පැමිණි ඉදිරිගමන ය. අවාසනාවට හෝ වාසනාවට ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී බලයට නතු විය. අධිරාජ්‍යවාදී බලපෑමට යටත් වීමට වර්ෂ දෙදහස් ගණනකට ප්‍රථමයෙන් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන ලද කල්හි මෙම භූමියට එල්ලවූ අභියෝග හමුවේ දේශපාලනික හා සාමාජීය වශයෙන් බිඳ වැටෙමින් නැවත නැගිටිමින් ඉදිරියට ගෙන ඒමට එවකට දේශපාලකයින් වූ ප්‍රබුද්ධ ඒකාධිපති රාජ්‍ය පාලකයින් සමත්විය. අනුරාධපුර, පොළොන්නරු යන ශ්‍රේෂ්ඨ යුගයන්ගෙන් පසුව එළැඹි අනිකුත් යුගයන් තුළ ශ්‍රී ලංකා රාජ්‍යය කෙමෙන් බිඳ වැටීමට ලක් වන්නට විය. බල ලෝභීත්වය උදෙසා මේ භූමිය කොටස් කරගැනීම. සහෝදරයා මරා රජවීම. පුතුන් තිදෙනා සිය පියා මරවා රාජ්‍යය කොටස් කර ගැනීම වැනි නොයෙකුත් රාජ්‍ය කූටෝපක්‍රම භාවිතයෙන් මෙම භූමිය භේද භින්න වූ අතර, නැවතත් එක්සත් වීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ බව අතිශයෝක්තියක් නොවේ. 1818, 1848 වැනි වර්ෂවල සිය නිදහස වෙනුවෙන් සටන් කරන්නට දේශීය ජනයා සිය හිස එසවිය. නමුත් බ්‍රිතාන්‍යයන් සතුවූ දැඩි යුදමය ශක්තිය හා ඔවුන් අනුගමනය කරන ලද අති බිහිසුනු මර්ධනයන්ගේ ප්‍රතිපලයක් ලෙස තැන තැන ඇතිවූ කැරලි මර්ධනයට ලක්වූවා. මින් ඉදිරියට බ්‍රිතාන්‍ය පාලනය සෙලවීමට තරම් වූ විමුක්ති අරගලයන් නිර්මාණය නොවූ අතර, බ්‍රිතාන්‍ය හා වෙනත් බටහිර රටවල අධ්‍යාපනය ලබා පැමිණි සිංහල, දමිළ, මුස්ලිම් බුද්ධිමතුන්, දේශීය ජනතාවගේ නායකත්වය ගනිමින්, අයිතිවාසිකම් උදෙසා නිරායුධය ඉදිරියට පැමිණි අතර අනතුරුව 1948 කිසිදු යුදමය අරගලයකින් තොරව නාමික නිදහස ලංකාවට හිමිවූවා. ඉන් අනතුරුව 1972 දී පූර්ණ නිදහස හිමිවූ අතර. මාගේ මතය වන්නේ නම්, අප නිදහස් දිනය ලෙස ඇත්ත වශයෙන්ම සැමරිය යුතුව යුතුව තිබූයේ 1972 මැයි 22 වෙනිදා බවයි. කෙසේ නමුත් අසල්වැයි රාජ්‍ය වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිය නිදහස ලබාගත් ආකාරය පිළිබඳව යම් යම් සමානකම් තිබූ නමුත් බොහෝ අවස්ථාවන්හි පරස්පර විරෝධී බවක් පෙන්නුම් කරයි.
ඉන්දියාව, බ්‍රිතාන්‍ය වෙළඳ භාණ්ඩ වර්ජනය කරන ලදී
ඔවුන්, ඉංග්‍රීසි නම් භාවිතා කරන ලද්දේ නැත
සියල්ල සඳහා දේශය පෙරට තබමින් කටයුතු කරන ලදී
නමුත් ශ්‍රී ලංකාව සිය නිදහස ලබා ගැනීමේදී…
වෙළඳ භාණ්ඩ වර්ජනය කරන ලද්දේ නැත
සැමවිටම සාමකාමීව කටයුතු කරන ලදී
බොහෝ සිංහල නායකයන් ඉංග්‍රීසි නම් භාවිතා කරන ලදී (හින්දු හා මුස්ලිම් නායකයන් එසේ සිදු කරන ලද්දේ නැත)
නිදහස ලබා ගැනීම වෙනුවෙන් කැපවූ අප නායකයන්ට අනිවාර්යයෙන්ම අපගේ ගෞරවය හිමි විය යුතු බවට 100%ක් එකඟ වෙමි. මේ උත්සාය ඔවුන්ට නිගරුවක් කිරීමට නොවේ.
ඉන්දියාව සිය පුරවැසියා තුල දේශ හිතෛශී භාවය දියුණු කරන ලද අතර, වර්තමානයේ ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ලෝක බලවතකුගේ තත්ත්වයක් ඔවුන් නිර්මාණය කරගෙන ඇත. නමුත් එයට හාත්පසින්ම වෙනස් වූ ශ්‍රී ලංකාව තුල නැවතත් දේශපාලනික කුලල් කා ගැනීම් ඉස්මතු විය. දේශ හිතෛශී බාවය ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඈත් වන්නට විය. උතුරේ ත්‍රස්තවාදය ඉස්මතු වූ අතර දකුණු ප්‍රදේශයේ තරුණ අසහනය ඉස්මතු විය. මෑත කාලය වන විට අධික ණය බරක් ඉසිලීමට සිදුව ඇති අතර එවකට ශ්‍රී ලංකාව සිය පූර්වාදර්ශය කරගනිමින් දියුණු වූ සිංගප්පූරු රාජ්‍යය වර්තමාන ලෝකයේ අති දැවැන්ත පෞරුෂයකි.
අපට වුනේ මොකක්ද?
බල ලෝභීත්වය හා මුදල් වෙනුවෙන් සිය දේශය පාවාදීම නිසාවෙන් ලංකාව සීඝ්‍ර අවපාතයකට ලක්විය.
උතුරේ ත්‍රස්තවාදය, දකුණේ දේශපාලන බල අරගලය, ලෝක ආර්ථික කඩාවැටීම සහ සුනාමි ඛේදවාචකයට මුහුන දී එයින් ගොඩඑමින් සිටි ශ්‍රී ලංකාවට නව නායකත්වයක් අවශ්‍ය විය. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ නිදහස් පක්ෂය එක්වී නව රාජ්‍ය නායකයෙක් නිර්මාණය කරන ලදී…
ඔහු අන් කවරෙකුත් නොව අතිගරු ජනධිපති මහින්ද රාජපක්ෂය. එතුමා විසින් විශිෂ්ඨ දේශපාලනික නායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. ඒ මේ ආකාරයෙනි.
1. ශ්‍රී ලංකාවේ දියුණුවට ඇති එකම බාධකය යුද්ධය බව වටහාගනිමින්, ත්‍රස්තවාදය අවසන් කිරීමේ මහා ක්‍රියාදාමය දියත් කිරීම. අද වන විට අප එහි අවසානයක් දකිමින් සිටිමු
2. යුද්ධය, යුද්ධය යැයි නොකියා රටේ දියුණුව උදෙසා වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවීම
1. වර්තමානය වන විට අභ්‍යන්තර මාර්ග පද්ධතිය විශාල දියුණුවක් ලබමින් සිටී
2. හම්බන්තොට ජත්‍යන්තර වරය ඉදිවෙමින් පවතී
3. ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ තාක්ෂණය උපයෝගී කරගනිමින් මාර්ග තදබදය හා ඉන්ධන අපතේ යෑම අවම කිරීම වෙනුවෙන් ගුවන් පාලම් ඉදිකිරීම ඇරඹීම
4. කෙරවලපිටිය විදුලි බලාගාරය
5. සිනමාවේ ඉදිරිගමනට ඉතාමත් වැදගත් වන තිස්සමහාරාමයේ ඉදිවන නව සිනමා ගම්මානය ඉදි කිරීම
6. මුදාගත් නැගෙනහිර ප්‍රදේශය සීඝ්‍ර දියුණුවකට ලක් කිරීම
7. ලංකාව පුරා නැණසල මධ්‍යස්ථාන ඉදි කිරිම
8. අඩපණව තිබූ ලංගම සේවාවන් යම් තාක් දුරකට උසස් කිරීම
9. දුම්රිය ගමනාගමනය යම් තාක් දුරකට උසස් කිරීම
10. උඩමත්තල ගුවන් තොටුපල ඉදිකිරී
11. කොළඹට සීමාවී තිබු දියුණුව වෙනත් ප්‍රදේශ වලට ගෙනයාම
3. සැඟවී තිබූ දේශ හිතෛශීත්වය ඉස්මතු වීම. (මෙය වෙනත් කාරණා සඳහා යොදාගැනීම නම් කණගාටුවට කරුණකි. ඒ පිළිබඳව වෙනම කතා කළ යුතුය. නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ දේශ හිතෛශීත්වය ඉස්මතු වීම සාධනීය ලක්ෂණයකි)
4. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් නිර්මාණය වීමේ සම්භාවිතාව ඉතාමත් අවමය. එබැවින් විපක්ෂයෙන් කොටසක් කඩා ආණ්ඩුපක්ෂය ස්ථාවර කරගැනීම ඉතාමත් වැදගත් දේශපාලන ක්‍රමෝපායකි.
5. රටේ පුරවැසියා එක් අරමුණකට රැගෙන ඒමට සමත්විය
6. විදේශ බලපෑම් අවමයකට පත් කරගැනීමට සමත්විය
7. ඇමරිකාවට ප්‍රතිපක්ෂ ඉරානය වැනි රටවල් සමඟ මිත්‍ර සම්බන්ඳතා වැඩි දියුණු කරගැනීමට සමත්වූ අතර, ඇමරිකාව සමඟද යහපත් විදේශ ප්‍රතිපත්තියකට අනුගතව සිටීම
කෙසේ නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය හරහා පහත දෑ සිදුවිය. එය රටෙහි අනාගතයට සෘජුව හෝ වක්‍රව බලපානු ඇත.
* ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වේ. නමුත් වර්තමාන විපක්ෂය කෑලි වලට වෙන්වී අවසානය. එබැවින් ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමට තවත් අවුරුදු දහයක, පහළොවක කාල සීමාව තුලදී නොහැකි වනු ඇත.
* මිහින් එයාර් සිදුවීම
* දේශයේ තුන්වල ජන බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ වෙන් කිරීම. මෙයද එක්තරා ආකාරයක ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. පෙර සිටි නායකයන් තුවක්කුවෙන් මෙල්ල කිරීමට උත්සාහගත් මෙම පෙරමුණ අභීතව නැගී සිටිමින්, රටේ තීරණාත්මක අවස්ථාවන්හිදී “තුරුම්පුවක්” වෙමින් විශාල සේවාවක් ඉටු කරන ලදී. නමුත් මෙම පක්ෂයද අද ඇද වැටී අවසානය. එහෙයින් තුන් වන බලවේගයක් ගොඩ නැගීමේ සම්භාවිතාවද අවමයකට ළඟ වෙමින් පවතින සෙයකි.
දැන් මේ අවාසි හා වාසි සියල්ල සැසඳිය යුතුය. ප්‍රමාණයෙන් වැඩි වාසිද? අවාසිද? යන්න අප තීරණය කළ යුතුය. එය තීරණය කිරීමට ඔබට අවස්ථාව ලබා දෙමින් මම මෙයින් නිහඬ වෙමි.