Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය

නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය

එක්දහස් අටසිය අසූ තුනේ දෙසැම්බර් මාසයේ දිනයකි. රන්දොඹේ වැස්ලියන් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්වුණේ එදිනය. තෑගි බෙදා දීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ, විදුහල්පති ජේ.එච්. ඩැරල් පියතුමාය. හතරවන පන්තියට හිමි සියලුම තෑගි ලබා ගන්නා කාල වර්ණ සිරුරකින් යුත් එකම සිසුවෙක් වෙත ඩැරල් පියතුමාගේ අවධානය යොමු විය.

පුතා ලැබුණ තෑගි ගෙනියන්න කරත්තයක් ගොනවෙ නැතිද? සතරවන පන්තියට හිමි අවසාන ත්‍යාගය ද රැගෙන ආපසු යෑමට සැරසුන සිසුවාගෙන් ඩැරල් පියතුමා විමසීය. කිසිවක් නොකියූ සිසුවා රිච්මන්ඩ් විදුහල්පතිවරයා වෙත අවිහිංසක සිනහවක් පෑවේය.

ඩැරල් පියතුමා එම සිසුවාව අගය කිරීම වචනවලට පමණක් සීමා නොකළේය.

දකුණු පළාතේ දක්ෂම ශිෂ්‍යයාට පිරිනැමෙන ශිෂ්‍යත්ව විභාගයට මේ ළමයව එකතු කරන්න. රිච්මන්ඩ් විදුහල්පති ජේ.එච්. ඩැරල් පියතුමා වෙස්ලියන් විදුහල්පතිතුමන්ට පැවැසීය.

අපේ සීයා ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයට ස්ථානගත වූයේ ඒ මොහොතෙයි. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ එකම දියණියගේ එකම දියණිය තවත් ලෙසකින් හැඳින්නුවහොත් මුනුබුරු මිනිබිරි පරම්පරාවේ වැඩිමල්ම මිනිබිරිය හසිතා කෞෂලයි (සෙනෙවිරත්න) බාලසූරිය පැවැසුවාය.

එක්දහස් අටසිය අසූ හතරේ ඔක්තෝබර් මාසෙ දහතුන්වෙනිදා හික්කඩුව වෑවල වී බදු වලව්වේ තමයි අපේ සීයා උපන්නේ හසිතා බාලසූරිය තම සීයා පිළිබඳව සිය මතක ගබඩාවේ තැන්පත්ව තිබූ තොතුරු හෙළි කරන්නට වූවාය.

එක්දහස් නවසිය එකේදී ඔහු කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම සාමාර්ථයේ ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල ප්‍රථමයා වීමෙනි. එය රිච්මන්ඩ් විදුහලට පමණක් නොව මුළු මහත් ලංකාවටම ලබාදුන් විශාල ගෞරවයක් විය. අනතුරුව දකුණු පළාතේ දක්ෂතම සිසුවාට හිමි පාක් ශිෂ්‍යත්වයද ඔහුට දිනා ගැනීමට හැකි විය. පසුව ඔහු රිච්මන්ඩ් විදුහලේම ගණිත ගුරුවරයා වශයෙන් එහි ආචාර්ය මණ්ඩලයට එකතු විය. රිච්මන්ඩ් විදුහලෙන් ඉවත්ව මොරටුව වේල්ස් කුමර විදුහලේ අර්ධ කාලීන ගුරුවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර කොළඹ නීති විද්‍යාලයේ ඉගෙනීමේ කටයුතුද කරන ලදී. එය මල් ඵල ගැන්වූයේ 1910දී එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දීමෙනි.

එතුමා එක්දහස් නවසිය විසි දෙකේදී විවාහ වෙනවා. ආච්චිගෙ නම ඊඩින් වීරසූරිය. ඇය හඟුරන්කෙත දෙනිකේගම උපන් කෙනෙක්. මුත්තගේ නම වාසල මුදලි ජෝන් චාල්ස් වීරසූරිය. රන්දෙනිගල සටනට සම්බන්ධ වෙච්ච පරම්පරාවක්. ආච්චිගේ සහෝදරයෙක් තමයි එන්. වීරසූරිය. ඒ කියන්නේ වික්‍රම වීරසූරියගේ තාත්තා. වික්‍රම වීරසූරිය අපේ අම්මගෙ ඇවැස්ස මස්සිනා. හසිතා තම පරම්පරාවේ තොරතුරු විස්තර කරන්නට වූවාය.

සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර පවුලේ දරුවන් දෙදෙනෙකු විය. පුතා චිත්රාංජන ස්වරාජ් විජේකෝන් කන්නන්ගරය. දුව කුසුමාවතී විජේකෝන් සෙනෙවිරත්නය. ඇය හසිතාගේ මවය.

ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය.

රාජ්‍ය මන්ත්‍රණ සභා කාලෙ එහි මන්ත්‍රීවරුන් සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් තමයි මන්ත්‍රණ සභාවට යන්න ඕනේ. ඒත් අපේ සීයා ගියේ ජාතික ඇඳුමෙන් සැරසිලා එතැනත් ප්‍රමුඛයා වුණේ සියා. හසිතා පවසයි.

අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කන්නන්ගර මහතා ඉටු කළ සුවිශේෂම කාර්යය නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීමය.

නිදහස් අධ්‍යාපන පනත පිළිබඳව කන්නන්ගර මහතා වරක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මෙසේ පැවැසීය.

නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන්නට මා අදහස් කළේ සියලුම ශිෂ්‍යයන්ට දුප්පත් පොහොසත්, උසස් පහත් භේදකමක් නැතිව ඉගෙනීම ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීමටය. ඒ කාලයේ උසස් අධ්‍යාපනය සීමා වෙලා තිබුණේ ධනවත් පක්ෂයටත්, පාලකයන්ටත් තමන්ගේ අදහස් උදහස් මුදුන් පමුණුවාගන්නට පිරිසක් පිළියෙල කරන්නයි. සිංහලට මුල් තැන දීමේ මුල් පියවර ගත්තාය කිව්වේ ඒ නිසයි. පාඨශාලාවල ප්‍රථම පන්තිවල ශිෂ්‍යයාගේ මව් භාෂාව ඔවුන්ට ඉගැන්වීමේ මාධ්‍යය විය යුතුයි. තුන්වෙනි පන්තියේ පටන් ඉහළට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය දෙවන භාෂාව ලෙස ඉගැන්විය යුතුයි. මේ පනතින් ලැබෙන මාහැඟි ප්‍රතිඵල කවුරුත් දන්නවා. ඒ අතරම මට දොස් නගන ටික දෙනෙක් අතරින් පතර නැතැයි කියා කියන්න බැහැ. ඒ අය කියනවා කන්නන්ගර මහත්තයා නිසා අපට වැඩකාරයෙක්වත් ගහක ගෙඩියක් කඩන්න කෙනෙක්වත් හොයාගන්න බැහැය කියා. එහෙම කිව්වත් ඒ අයම දන්නවා මේ පනතින් අපේ රටට ඇති වුණ ශාන්තිය ආශිර්වාදය.

නිදහස් අධ්‍යාපන පනත ගෙනාව වෙලාවෙ අපේ සීයට නොයෙකුත් විරුද්ධවාදීකම් ඇති වුණා. අම්මා කියනවා ඒ දවස්වල සීයාව මරනවය කියල තර්ජනය කරපු පෝස්ට් කාර්ඩ් පවා එව්වාය කියල හසිතා පවසන්නේ ඇයගේ සීයා වන කන්නන්ගර මහතාට නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කිරීමේදී එල්ලවූ අභියෝග පිළිබඳවය.

1947 පැවැති මහ මැතිවරණයෙන් එතුමා නියෝජනය කළ මතුගම ආසනයෙන් පරාජයට පත්විය. 1950 දී එතුමා දේශපාලනයෙන් ඉවත්වී ඉන්දුනීසියාවේ තානාපති වශයෙන් යවනු ලැබිය. වසර දෙකකට පසු නැවත ලංකාවට පැමිණ අගලවත්ත ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි මුත් එතුමාට ලැබුණේ එතුමා මහත් සේවාවක් සිදුකළ අධ්‍යාපන අමාත්‍ය ධුරය නොව පළාත් පාලන අමාත්‍ය ධුරයය.

සීයා මුල ඉඳලම හිටියෙ එයාගෙ දුව, අපේ අම්මා එක්කයි. පළාත් පාලන ඇමැති කාලෙ ඉඳලා තියෙන්නේ මැකාර්ති පාරෙ ඇමැති නිල නිවසේයි. මගේ උප්පැන්න සහතිකේ උපන් ස්ථානය ලෙස සටහන් වෙලා තියෙන්නේ අංක 117, මැකාර්ති පාර, කොළඹ කියලා. දැන් චාරිකාරාමය තියෙන්නේ ඒ ස්ථානයේ තමයි. හසිතා අතීත තොරතුරු සිහිපත් කරමින් පැවසුවාය.

ධුර කාලයේ ඇවෑමෙන් ඇමැති නිවසින් ඉවත්වූ කන්නන්ගර හිටපු ඇමැතිවරයා ජීවත් වූයේ ඔහුගේ දියණිය ජීවත් වූ කුලී නිවාසවලය.

අද නාගරික මන්ත්‍රී ධුරයක් ලැබූවත් ටික කාලයකින් යාන වාහන ඉඩකඩම් ගන්නවා. ඒත් අපේ සීයා ගෙයක්වත් නැති කෙනෙක් විදියටයි අවසාන කාලය ගත කළේ. සීයා අන්තිම කාලෙ හිටිය අපි ඉන්න ගෙයත් අපේ තාත්තා ගත්තෙ බැංකු ණයකින්. හසිතා මේ විස්තර කරන්නේ වසර ගණනාවක් ඇමැතිකම් කළ පුද්ගලයෙකුගේ වත්කම් පිළිබඳවය.

එක්දහස් නවසිය පනස් නවය කාලෙ ඉඩම ගත්තෙ රුපියල් හැත්තෑ පන්දහකට. සීයා අම්මට දුන්න රුපියල් විසිපන්දහයි, බැංකුවෙන් රුපියල් පනස් දහකුයි දාලයි ඉඩම ගත්තේ. මාසෙට රුපියල් තුන්සියය ගානෙ අසූ එකේ අපි බඳිනකම්ම බැංකු ණය ගෙව්වා. හසිතා පැවැසුවේ ශ්‍රී ලංකාව මතෛක් බිහිකර තිබෙන දේශපාලනඥයන් අතරින් මහජනයාට වැඩිම සේවය කළ දේශපාලනඥයාට ඔහුගේ ජීවිතයේ අවසාන සමයේ හිසට සෙවණක් නිර්මාණය වූ අන්දම පිළිබඳවය.

අපේ සීයා හරිම නිහතමානී පුද්ගලයෙක්. ඔහු හිටපු ඇමැතිවරයෙක්ය කියල හඳුන්වා දෙන්න තරම්වත් ඉදිරිපත් නොවුණ කෙනෙක්. මට මතකයි, මාව විශාඛා විද්‍යාලයට ඇතුළත් කිරීමේ පරීක්ෂණයට ගිය දවස.

ඒ, එක්දහස් නවසිය පනස් නවයේ වසරය. හසිතාව පහළ බාලාංශයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණේ එම වසරේය. ඇයට සමීපතම පාසල වූයේ කොළඹ විශාඛා විදුහලය. ඔවුන් පදිංචි නිවසේ සිට විශාඛා විදුහලට බඹ කීපයකි. හසිතාගේ පියා එවකට ගාල්ල කඩවත් සතර ආදායම් පාලක නිලධාරීවරයාය.

මගේ සම්මුඛ පරීක්ෂණයට විශාඛා විද්‍යාලයට යන්න ඕන දවසේ තාත්තට නොගිහින්ම බැරි රාජකාරි කටයුත්තක් නිසා තාත්තා ගාලු ගියා. මම සීයගේ අතේ එල්ලිලා ඉස්කෝලෙට ගියා. අතීත තොරතුරු හසිතා පවසන්නේ සොම්නසිනි.

විදුහල්පතිනියගේ කාර්යාල කාමරේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට තමන්ගේ වාරය එළඹෙන තුරු දෙමාපියෝ කාර්යාලය ඉදිරිපිට සිටගෙන සිටියහ. නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ හිටපු අධ්‍යාපන ඇමැතිතුමා තම ලොකු මිනිබිරියව පහළ බාලාංශයට ඇතුළු කිරීමේ සම්මුඛ පරීක්ෂණයට වාරය එළඹෙන තුරු පෝලිමේ සිටගෙන සිටින්නට විය.

පැය භාගයක් විතර හිටගෙන ඉන්නකොට එතැනින් යන්න ආපු ටීචර් කෙනෙක් සීයාව අඳුනගෙන ඔෆිස් එක ඇතුළට එක්කරගෙන ගියා. ඒ විතරක් නොවෙයි ඒ දවස්වල විශාඛා විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපති එන්.ඊ. වීරසූරිය අපේ ආච්චිගේ මල්ලි. අපි එයාටවත් කියන්න ගියේ නැහැ අපි විශාඛාවට ඉල්ලුම් කළාය කියලා. හසිතා විස්තර කරන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ පරපුරක නොසෙල්වන පුරුෂාර්ථයන් පිළිබඳවය.

හසිතා බාලසූරිය පවසන ලෙස කන්නන්ගර මහතා ගණිතය විෂයට අතිශය දක්ෂයකු වූවා සේම නක්ෂත්රය පිළිබඳවද හසල දැනුමකින් යුක්ත අයෙකු විය.

අපි ඔක්කොගෙම කේන්දර හැදුවේ සීයා. ඒ වගේම සීයා සෙත් කවි හදන්නත් හරි දක්ෂයි. හසිතා පවසන්නීය. ඇය පවසන සිරිමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විවාහයේදී පෝරුව මත සිටි නව යුවළට අෂ්ටක ගායනා කළේ කන්නන්ගර මහතාය.

දේශපාලනයෙන් වස්තුව මිල මුදල් උපයා නොගත් සීයා අවසාන කාලය ගත කළේ ආර්ථික අමාරුකම් එක්ක හසිතා පවසන ලෙස ඇයගේ මව රජයට ලිපි ගණනාවක් ලියා අවසානයේ රුපියල් දහදාහක් පමණක් කන්නන්ගර මහතාට රජයෙන් ලබා දී ඇත.

එක පාරක් සීයට බේත් ගන්න සල්ලි නැතිව සීයගේ මඟුල් මුද්ද උකස් තියන්නත් අම්මට සිද්ධ වුණා. කන්නන්ගර ඇමැතිතුමාගේ අවසාන කාලය ගතවූයේ එවැනි ආර්ථික අපහසුතා මැදය.

මේ අතර සිදු වූ ෙදෙවෝපගත සිද්ධීන් කීපයකි. හසිතාගේ පියා බද්යුදීන් මොහොමඩ් අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළේය. එහිදී ඔහුට ලැබුණ කාමරය සහ රාජකාරි මේසයද, කන්නන්ගර මහතා ඇමැතිවරයෙකු ලෙස සේවය කළ කාලයේ භාවිත කළ කාමරය හා මේසයම විය. හසිතා දැනටත් භාවිත කරන්නේ කන්නන්ගර මහතා ඇමැතිවරයෙකු ලෙස සිටිනා කාලයේ ඔහුට ලැබුණ රාජකාරි දුරකථනයයි. ඔහුගෙන් පසු එම දුරකථනය පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙකු වූ හසිතාගේ පියා වෙත මාරු කෙරුණි. ඔහුගෙන් පසු පරිපාලන සේවයේ ඉහළ නිල දැරූ හසිතා වෙත එය ලැබි තිබේ.

1969 සැප්තැම්බර් 23 වන දින සීයා කොළඹ මහ ඉස්පිරිතාලෙදි මියගියා. අපේ තාත්තා උදේ බලන්න යනකම්වත්, හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මියගිය බව කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මහ ඉස්පිරිතාලෙ සාමාන්‍ය ඇඳක් උඩ මියගිය හිටපු අධ්‍යාපන ඇමැතිවරයගෙ උපැස් යුවළත්, සෙරෙප්පු දෙකත්, හොරකම් කරලා හසිතා පැවැසුවේ ඈත ගම් නියම් ගම් සිසාරා ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට ඉගෙනීම ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට මග පාදා දුන් පරමාදර්ශී යුග පුරුෂයෙකුට ජාතිය සැලකූ ආකාරය පිළිබඳවය.

පීටර් කැනියුට් පෙරේරා

[QUOTE="araki, post: 22783963, member: 360239"] [b]නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය[/b] [SIZE=5][B]නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය[/B] [/SIZE] [SIZE=5] එක්දහස් අටසිය අසූ තුනේ දෙසැම්බර් මාසයේ දිනයකි. රන්දොඹේ වැස්ලියන් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්වුණේ එදිනය. තෑගි බෙදා දීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ, විදුහල්පති ජේ.එච්. ඩැරල් පියතුමාය. හතරවන පන්තියට හිමි සියලුම තෑගි ලබා ගන්නා කාල වර්ණ සිරුරකින් යුත් එකම සිසුවෙක් වෙත ඩැරල් පියතුමාගේ අවධානය යොමු විය. පුතා ලැබුණ තෑගි ගෙනියන්න කරත්තයක් ගොනවෙ නැතිද? සතරවන පන්තියට හිමි අවසාන ත්‍යාගය ද රැගෙන ආපසු යෑමට සැරසුන සිසුවාගෙන් ඩැරල් පියතුමා විමසීය. කිසිවක් නොකියූ සිසුවා රිච්මන්ඩ් විදුහල්පතිවරයා වෙත අවිහිංසක සිනහවක් පෑවේය. ඩැරල් පියතුමා එම සිසුවාව අගය කිරීම වචනවලට පමණක් සීමා නොකළේය. දකුණු පළාතේ දක්ෂම ශිෂ්‍යයාට පිරිනැමෙන ශිෂ්‍යත්ව විභාගයට මේ ළමයව එකතු කරන්න. රිච්මන්ඩ් විදුහල්පති ජේ.එච්. ඩැරල් පියතුමා වෙස්ලියන් විදුහල්පතිතුමන්ට පැවැසීය. අපේ සීයා ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයට ස්ථානගත වූයේ ඒ මොහොතෙයි. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ එකම දියණියගේ එකම දියණිය තවත් ලෙසකින් හැඳින්නුවහොත් මුනුබුරු මිනිබිරි පරම්පරාවේ වැඩිමල්ම මිනිබිරිය හසිතා කෞෂලයි (සෙනෙවිරත්න) බාලසූරිය පැවැසුවාය. එක්දහස් අටසිය අසූ හතරේ ඔක්තෝබර් මාසෙ දහතුන්වෙනිදා හික්කඩුව වෑවල වී බදු වලව්වේ තමයි අපේ සීයා උපන්නේ හසිතා බාලසූරිය තම සීයා පිළිබඳව සිය මතක ගබඩාවේ තැන්පත්ව තිබූ තොතුරු හෙළි කරන්නට වූවාය. එක්දහස් නවසිය එකේදී ඔහු කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම සාමාර්ථයේ ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල ප්‍රථමයා වීමෙනි. එය රිච්මන්ඩ් විදුහලට පමණක් නොව මුළු මහත් ලංකාවටම ලබාදුන් විශාල ගෞරවයක් විය. අනතුරුව දකුණු පළාතේ දක්ෂතම සිසුවාට හිමි පාක් ශිෂ්‍යත්වයද ඔහුට දිනා ගැනීමට හැකි විය. පසුව ඔහු රිච්මන්ඩ් විදුහලේම ගණිත ගුරුවරයා වශයෙන් එහි ආචාර්ය මණ්ඩලයට එකතු විය. රිච්මන්ඩ් විදුහලෙන් ඉවත්ව මොරටුව වේල්ස් කුමර විදුහලේ අර්ධ කාලීන ගුරුවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර කොළඹ නීති විද්‍යාලයේ ඉගෙනීමේ කටයුතුද කරන ලදී. එය මල් ඵල ගැන්වූයේ 1910දී එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දීමෙනි. එතුමා එක්දහස් නවසිය විසි දෙකේදී විවාහ වෙනවා. ආච්චිගෙ නම ඊඩින් වීරසූරිය. ඇය හඟුරන්කෙත දෙනිකේගම උපන් කෙනෙක්. මුත්තගේ නම වාසල මුදලි ජෝන් චාල්ස් වීරසූරිය. රන්දෙනිගල සටනට සම්බන්ධ වෙච්ච පරම්පරාවක්. ආච්චිගේ සහෝදරයෙක් තමයි එන්. වීරසූරිය. ඒ කියන්නේ වික්‍රම වීරසූරියගේ තාත්තා. වික්‍රම වීරසූරිය අපේ අම්මගෙ ඇවැස්ස මස්සිනා. හසිතා තම පරම්පරාවේ තොරතුරු විස්තර කරන්නට වූවාය. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර පවුලේ දරුවන් දෙදෙනෙකු විය. පුතා චිත්රාංජන ස්වරාජ් විජේකෝන් කන්නන්ගරය. දුව කුසුමාවතී විජේකෝන් සෙනෙවිරත්නය. ඇය හසිතාගේ මවය. ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය. රාජ්‍ය මන්ත්‍රණ සභා කාලෙ එහි මන්ත්‍රීවරුන් සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් තමයි මන්ත්‍රණ සභාවට යන්න ඕනේ. ඒත් අපේ සීයා ගියේ ජාතික ඇඳුමෙන් සැරසිලා එතැනත් ප්‍රමුඛයා වුණේ සියා. හසිතා පවසයි. අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කන්නන්ගර මහතා ඉටු කළ සුවිශේෂම කාර්යය නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීමය. නිදහස් අධ්‍යාපන පනත පිළිබඳව කන්නන්ගර මහතා වරක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මෙසේ පැවැසීය. නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන්නට මා අදහස් කළේ සියලුම ශිෂ්‍යයන්ට දුප්පත් පොහොසත්, උසස් පහත් භේදකමක් නැතිව ඉගෙනීම ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීමටය. ඒ කාලයේ උසස් අධ්‍යාපනය සීමා වෙලා තිබුණේ ධනවත් පක්ෂයටත්, පාලකයන්ටත් තමන්ගේ අදහස් උදහස් මුදුන් පමුණුවාගන්නට පිරිසක් පිළියෙල කරන්නයි. සිංහලට මුල් තැන දීමේ මුල් පියවර ගත්තාය කිව්වේ ඒ නිසයි. පාඨශාලාවල ප්‍රථම පන්තිවල ශිෂ්‍යයාගේ මව් භාෂාව ඔවුන්ට ඉගැන්වීමේ මාධ්‍යය විය යුතුයි. තුන්වෙනි පන්තියේ පටන් ඉහළට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය දෙවන භාෂාව ලෙස ඉගැන්විය යුතුයි. මේ පනතින් ලැබෙන මාහැඟි ප්‍රතිඵල කවුරුත් දන්නවා. ඒ අතරම මට දොස් නගන ටික දෙනෙක් අතරින් පතර නැතැයි කියා කියන්න බැහැ. ඒ අය කියනවා කන්නන්ගර මහත්තයා නිසා අපට වැඩකාරයෙක්වත් ගහක ගෙඩියක් කඩන්න කෙනෙක්වත් හොයාගන්න බැහැය කියා. එහෙම කිව්වත් ඒ අයම දන්නවා මේ පනතින් අපේ රටට ඇති වුණ ශාන්තිය ආශිර්වාදය. නිදහස් අධ්‍යාපන පනත ගෙනාව වෙලාවෙ අපේ සීයට නොයෙකුත් විරුද්ධවාදීකම් ඇති වුණා. අම්මා කියනවා ඒ දවස්වල සීයාව මරනවය කියල තර්ජනය කරපු පෝස්ට් කාර්ඩ් පවා එව්වාය කියල හසිතා පවසන්නේ ඇයගේ සීයා වන කන්නන්ගර මහතාට නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කිරීමේදී එල්ලවූ අභියෝග පිළිබඳවය. 1947 පැවැති මහ මැතිවරණයෙන් එතුමා නියෝජනය කළ මතුගම ආසනයෙන් පරාජයට පත්විය. 1950 දී එතුමා දේශපාලනයෙන් ඉවත්වී ඉන්දුනීසියාවේ තානාපති වශයෙන් යවනු ලැබිය. වසර දෙකකට පසු නැවත ලංකාවට පැමිණ අගලවත්ත ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි මුත් එතුමාට ලැබුණේ එතුමා මහත් සේවාවක් සිදුකළ අධ්‍යාපන අමාත්‍ය ධුරය නොව පළාත් පාලන අමාත්‍ය ධුරයය. සීයා මුල ඉඳලම හිටියෙ එයාගෙ දුව, අපේ අම්මා එක්කයි. පළාත් පාලන ඇමැති කාලෙ ඉඳලා තියෙන්නේ මැකාර්ති පාරෙ ඇමැති නිල නිවසේයි. මගේ උප්පැන්න සහතිකේ උපන් ස්ථානය ලෙස සටහන් වෙලා තියෙන්නේ අංක 117, මැකාර්ති පාර, කොළඹ කියලා. දැන් චාරිකාරාමය තියෙන්නේ ඒ ස්ථානයේ තමයි. හසිතා අතීත තොරතුරු සිහිපත් කරමින් පැවසුවාය. ධුර කාලයේ ඇවෑමෙන් ඇමැති නිවසින් ඉවත්වූ කන්නන්ගර හිටපු ඇමැතිවරයා ජීවත් වූයේ ඔහුගේ දියණිය ජීවත් වූ කුලී නිවාසවලය. අද නාගරික මන්ත්‍රී ධුරයක් ලැබූවත් ටික කාලයකින් යාන වාහන ඉඩකඩම් ගන්නවා. ඒත් අපේ සීයා ගෙයක්වත් නැති කෙනෙක් විදියටයි අවසාන කාලය ගත කළේ. සීයා අන්තිම කාලෙ හිටිය අපි ඉන්න ගෙයත් අපේ තාත්තා ගත්තෙ බැංකු ණයකින්. හසිතා මේ විස්තර කරන්නේ වසර ගණනාවක් ඇමැතිකම් කළ පුද්ගලයෙකුගේ වත්කම් පිළිබඳවය. එක්දහස් නවසිය පනස් නවය කාලෙ ඉඩම ගත්තෙ රුපියල් හැත්තෑ පන්දහකට. සීයා අම්මට දුන්න රුපියල් විසිපන්දහයි, බැංකුවෙන් රුපියල් පනස් දහකුයි දාලයි ඉඩම ගත්තේ. මාසෙට රුපියල් තුන්සියය ගානෙ අසූ එකේ අපි බඳිනකම්ම බැංකු ණය ගෙව්වා. හසිතා පැවැසුවේ ශ්‍රී ලංකාව මතෛක් බිහිකර තිබෙන දේශපාලනඥයන් අතරින් මහජනයාට වැඩිම සේවය කළ දේශපාලනඥයාට ඔහුගේ ජීවිතයේ අවසාන සමයේ හිසට සෙවණක් නිර්මාණය වූ අන්දම පිළිබඳවය. අපේ සීයා හරිම නිහතමානී පුද්ගලයෙක්. ඔහු හිටපු ඇමැතිවරයෙක්ය කියල හඳුන්වා දෙන්න තරම්වත් ඉදිරිපත් නොවුණ කෙනෙක්. මට මතකයි, මාව විශාඛා විද්‍යාලයට ඇතුළත් කිරීමේ පරීක්ෂණයට ගිය දවස. ඒ, එක්දහස් නවසිය පනස් නවයේ වසරය. හසිතාව පහළ බාලාංශයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණේ එම වසරේය. ඇයට සමීපතම පාසල වූයේ කොළඹ විශාඛා විදුහලය. ඔවුන් පදිංචි නිවසේ සිට විශාඛා විදුහලට බඹ කීපයකි. හසිතාගේ පියා එවකට ගාල්ල කඩවත් සතර ආදායම් පාලක නිලධාරීවරයාය. මගේ සම්මුඛ පරීක්ෂණයට විශාඛා විද්‍යාලයට යන්න ඕන දවසේ තාත්තට නොගිහින්ම බැරි රාජකාරි කටයුත්තක් නිසා තාත්තා ගාලු ගියා. මම සීයගේ අතේ එල්ලිලා ඉස්කෝලෙට ගියා. අතීත තොරතුරු හසිතා පවසන්නේ සොම්නසිනි. විදුහල්පතිනියගේ කාර්යාල කාමරේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට තමන්ගේ වාරය එළඹෙන තුරු දෙමාපියෝ කාර්යාලය ඉදිරිපිට සිටගෙන සිටියහ. නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ හිටපු අධ්‍යාපන ඇමැතිතුමා තම ලොකු මිනිබිරියව පහළ බාලාංශයට ඇතුළු කිරීමේ සම්මුඛ පරීක්ෂණයට වාරය එළඹෙන තුරු පෝලිමේ සිටගෙන සිටින්නට විය. පැය භාගයක් විතර හිටගෙන ඉන්නකොට එතැනින් යන්න ආපු ටීචර් කෙනෙක් සීයාව අඳුනගෙන ඔෆිස් එක ඇතුළට එක්කරගෙන ගියා. ඒ විතරක් නොවෙයි ඒ දවස්වල විශාඛා විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපති එන්.ඊ. වීරසූරිය අපේ ආච්චිගේ මල්ලි. අපි එයාටවත් කියන්න ගියේ නැහැ අපි විශාඛාවට ඉල්ලුම් කළාය කියලා. හසිතා විස්තර කරන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ පරපුරක නොසෙල්වන පුරුෂාර්ථයන් පිළිබඳවය. හසිතා බාලසූරිය පවසන ලෙස කන්නන්ගර මහතා ගණිතය විෂයට අතිශය දක්ෂයකු වූවා සේම නක්ෂත්රය පිළිබඳවද හසල දැනුමකින් යුක්ත අයෙකු විය. අපි ඔක්කොගෙම කේන්දර හැදුවේ සීයා. ඒ වගේම සීයා සෙත් කවි හදන්නත් හරි දක්ෂයි. හසිතා පවසන්නීය. ඇය පවසන සිරිමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විවාහයේදී පෝරුව මත සිටි නව යුවළට අෂ්ටක ගායනා කළේ කන්නන්ගර මහතාය. දේශපාලනයෙන් වස්තුව මිල මුදල් උපයා නොගත් සීයා අවසාන කාලය ගත කළේ ආර්ථික අමාරුකම් එක්ක හසිතා පවසන ලෙස ඇයගේ මව රජයට ලිපි ගණනාවක් ලියා අවසානයේ රුපියල් දහදාහක් පමණක් කන්නන්ගර මහතාට රජයෙන් ලබා දී ඇත. එක පාරක් සීයට බේත් ගන්න සල්ලි නැතිව සීයගේ මඟුල් මුද්ද උකස් තියන්නත් අම්මට සිද්ධ වුණා. කන්නන්ගර ඇමැතිතුමාගේ අවසාන කාලය ගතවූයේ එවැනි ආර්ථික අපහසුතා මැදය. මේ අතර සිදු වූ ෙදෙවෝපගත සිද්ධීන් කීපයකි. හසිතාගේ පියා බද්යුදීන් මොහොමඩ් අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළේය. එහිදී ඔහුට ලැබුණ කාමරය සහ රාජකාරි මේසයද, කන්නන්ගර මහතා ඇමැතිවරයෙකු ලෙස සේවය කළ කාලයේ භාවිත කළ කාමරය හා මේසයම විය. හසිතා දැනටත් භාවිත කරන්නේ කන්නන්ගර මහතා ඇමැතිවරයෙකු ලෙස සිටිනා කාලයේ ඔහුට ලැබුණ රාජකාරි දුරකථනයයි. ඔහුගෙන් පසු එම දුරකථනය පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙකු වූ හසිතාගේ පියා වෙත මාරු කෙරුණි. ඔහුගෙන් පසු පරිපාලන සේවයේ ඉහළ නිල දැරූ හසිතා වෙත එය ලැබි තිබේ. 1969 සැප්තැම්බර් 23 වන දින සීයා කොළඹ මහ ඉස්පිරිතාලෙදි මියගියා. අපේ තාත්තා උදේ බලන්න යනකම්වත්, හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මියගිය බව කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මහ ඉස්පිරිතාලෙ සාමාන්‍ය ඇඳක් උඩ මියගිය හිටපු අධ්‍යාපන ඇමැතිවරයගෙ උපැස් යුවළත්, සෙරෙප්පු දෙකත්, හොරකම් කරලා හසිතා පැවැසුවේ ඈත ගම් නියම් ගම් සිසාරා ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට ඉගෙනීම ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට මග පාදා දුන් පරමාදර්ශී යුග පුරුෂයෙකුට ජාතිය සැලකූ ආකාරය පිළිබඳවය. පීටර් කැනියුට් පෙරේරා[/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom