Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා අපිට

"හූ.. ඇද්ද තොපිට.... දැං පාස්ද? (Who enough for yous..........now pass?)"

කියා කෝචොක් දාන එක කියලයි. ඒ අතරෙ ප්‍රංශය, ඉතාලිය, ජරමනිය, ආදී රටවල සුද්දො, ඕමාන් කුවේට් අඩුබාබි සවුදියරාබි ආදී මැදපෙරදිග රටවල්වලට ගෘහ සේවිකා ඇබෑර්තු වගේ රටවල ඉන්න ඔලුවෙ කඩවැස්ම බැඳගත් තම්බි, පකිස්තානේ හෙරොයින් වවන තම්බි, ඇෆ්ගනිස්තානේ බෙලි කපන තම්බි, නේපාලේ කඳු නගිනා ෂරපා නාටාමිලා, ඉන්දියාවේ පරිප්පු හේං ගොවියෝ, මාල දිවයිනේ කරෝල වාඩිවල එව්වෝ සේරමත් තම තමන්ගෙ බාසාවෙන් කෝචොක් දාලා අපේ රටට අනුරාධපුරෙං පහලට වස්තරයක් අඳින්න නැතිකර පුත්තලමෙන් උඩ හරියේ දැලි ගාන්නත් පුළුවං.

ඒ නිසා ඉස්කෝලෙ යන, ඉගෙනගන්නා ළමයින් දවසේ පැය විසිහතරෙම ඇස් දෙක ඇරගෙන අච්චු පොත් ටිකටත් ලියන පොත් ටිකටත් අනිමිස ලෝචන පූජාව කරන්න ඕන. ඒ පූජාව කරන වෙලාව වැඩිවන තරමට වාර විභාගයේ ලකුණු වැඩිවෙනවා. එක වාරයක් ඩිංගක්වත් ඇහැ පියවන්නෙ නැතුව පොත්ම පාඩං කලොත් පන්තියේ පලවෙනියා නොවෙයි බාගවෙනියා නැත්තං බින්දු වෙනියා වෙන්නත් පුළුවං.

උපන්දා ඉඳං මේ වෙනකං මට නිදාගන්න හම්බවෙලා තියෙන පැය ගාණ බැලුවම මට හිතෙන්නේ මං පහුගිය ආත්මෙක කාගේ හරි නින්දට බාධා වෙන අකුසලයක් කරල තියෙනව කියල. සමහර විට තනි බැට්ටි කෑල්ලෙං වැඩ කරන

"කිඤි කිඤික් කිඤි කිඤික්"

කියා මහ පාන්දර කැකිරි පලමින් මිනිස්සුන් ඇහැරවන රුපියල් හැටේ එලාම් ඔරලෝසුව හදන්නට ඇත්තේ මං වෙන්න ඇති. එහෙමත් නැත්තං එළිවෙන පාන්දර වෙනකං තියෙන සංගීත ප්‍රසංග සංවිධායකයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තං සිකුරුටි මහත්තුරුන්ට නිදාගන්නට නොදී රෑ මැදියමේ ඇහැරවන ඕඅයිසීයෙක් වෙන්න ඇති. ඇඳ මකුණෙක්, සයිලන්සරය ගලෝලා බීට් එක තියෙන කටක් අමුණා ගත් ටූ ස්ට්‍රොක් මදුරුවෙක් වෙලා හිටියා වෙන්නත් පුළුවන්. ඒ කොයිහැටි වෙතත් මට මතක ඇති කාලේ ඉඳං නින්දයි මායි අතර සම්බන්දෙ බළලෙකුයි වතුරයි අතර සම්බන්ධෙටත් වඩා දුරයි.

මට වයස අවුරුදු දහයක් විතර වෙනකං මගේ නින්දට කෙලින්ම බලපෑවේ කලු මාමාගේ කසිප්පු වඩියේ සාන්ද්‍රණය. හැන්දෑවේ තුන හතර වෙද්දි තාත්තා ගෙදරින් දොට්ට බැහැල යනවත් එක්කම අම්මගෙයි මගෙයි පෙර සූදානම පටං ගන්නව. අම්මා විගහට බතක් හොද්දක් හදන අතරේ මං පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න තියෙන පොත්ටික පොත් බෑක් එකකට දාගෙන ඉස්කෝලෙ අඳින කලිසමත් කමිසෙත් පත්තර පිටුවක ඔතල ඒකටම දාගෙන ඊටත් උඩිං සපත්තු කබල් දෙකත් තියල හිර කරල බෑක් එක වහල ගෙනිහිං ගෙට උඩු පැත්තේ කැකිල්ල ගාලේ හංගනව. ඉටිපන්දං කොට කෑල්ලකුයි, පොල්කට්ටකුයි, ගිනිපෙට්ටියකුත් ඒ කිට්ටුවම හංගනව. අපේ තාත්තට දෙපයට තාර පෑගෙන්න බැරි හේතුවක් තිවුන හින්ද උන්දැ වැඩිමනක් ගමන් ගියේ අඩි පාරවල්වල විතරයි. ඒ හංදා තාත්තා මහපාරෙන් ඇවිත් ගෙට උඩු පැත්තෙං කන්ද දිගේ පහලට එන්නෑ. ඒ කියන්නෙ අපි බඩු හංගන පාරෙ තාත්ත එන්නෑ.

උයාගන්නා හොද්දයි බතයි මොකක් වුනත් ඇඳිරි වැටෙන්න කලින්ම එයිං පුලුවං තරං අපේ බඩට ගිල්ලන අම්මා ඊළඟට රැක්මේ බලා ඉන්නෙ තාත්තා එනකං. ගුණතිලක මාමලාගේ කොස් ගහ යටින් උන්දෑ මතුවෙන හැටි බලා ඉන්නා අපිට පළවෙනි දැක්මෙන්ම තාත්තා ගිලල තියෙන කසිප්පු ප්‍රමාණෙ හිතාගන්න පුළුවං. සරම හරියක් වගේ උඩට උස්සාගෙන නයික් ලාංඡනේ හදාගෙන මඩේ යනව වගේ එනව නං එදාට අම්මට බඩ කට පුරා හම්බවෙනව. ඒ වගේ දවසට ඉඩක් ලැබිච්චි ගමං නංගිවත් කිහිල්ලෙ ගහගන්න අම්මා මාවත් අරගෙන ගෙදරින් පැනගන්නව. ඒ ගමංම කලිං මග තියපු පොත් බෑක් එක, ඉටිපන්දං, පොල්කටු, ගිනිපෙට්ටියත් කැකිල්ල ගාලෙං ඇදගන්නව. එහෙම පැනගන්න අපි අම්මගෙ මහගෙදරට, චන්දරේ මාමලාගේ ගෙදරට, හාමිලවත්තෙ පේම නැන්දලාගේ ගෙදරට, හංසනීලගෙ ගෙදරට හරි අපිට හොඳයි කියල හිතෙනා ගමේ වෙනිං ගෙදරකට හරි යනව. ඒ වගේ ගෙදරකට ගිහිං දොරට තට්ටු කරල හරියන් නෑ.

"නංගියේ."

"සුනිල් මල්ලියේ"

"පේමක්කේ"

ආදී වසයෙන් දහ පාලොස් ගමනක් හරි කෑගහන්න ඕන. එහෙම කෑ ගහන අතරේ ගෙදර අය මේ කතා කරන්නෙ කවුද කියල රහසෙං සාකච්ඡා කරනව. එතකං අපි කෑ ගහනව. ඒ අතරෙ අම්මා මං ලව්වත් කෑ ගස්සනව.

"නැංදේ,

"සුනී මාමේ"

"පේම නැංදේ"

ආං එතකොට ගෙදර කවුරු හරි දොර පොල්ලක් හරි කැපෙන ආවුදයක් හරි අරගෙන දොර ගාවට ඇවිල්ල ගේ ඇතුලෙ ඉඳං මෙහෙම අහනව.

"කවුද?"

එතකොට අපෙ අම්මා උත්තර දෙනව.

"අපි අපි මේ අපි"

"අපි කියන්නෙ කවුද?"

"අපි මේ අපි අපි"

ආයිමත් ගේ ඇතුලෙ කට්ටිය රහසිං කතා වෙනව. ඒ අතරෙ අම්මා මගෙ කොන්දට ඇඟිල්ලෙං අනිනව.

"කතා කරපිය භූරුවො. අපි කියහං"

මට යකා වැහෙනව.

"අපි කියල හරියන්නෑ. අපි කවුද කියල නම කියන්න ඕනි"

"ඉතිං තෝ කියහංකො"

"මට බෑ අම්ම කියන්න"

"මං තොගෙ බෙල්ල මිරිකන්න කලිං කියපිය"

අන්තිමට මං අපේ නං ගං ඇතුවම කියනව.

"නැන්දෙ අපි මේ සෝම්පාලලෑ ගෙදර සුරංගයියම්මයි"

ආං එතකොට ගෙදර අය හිරෙං නිදහස් වුනා වගේ දොර ඇරල දොර පොලු, පිහිය, කිනිසි එහෙම හංගගන්නව. අපි ගෙට ඇතුල්වෙනව.

ටික වෙලාවක් වැල්වටාරං කියවල ඉවසං ඉන්න බැරිම තැන ගෙදර අය අපි ආපු කාරනේ අහනව.

"මොකද අක්කෙ මේ රෑවෙලා."

ඒ වගෙ වෙලාවට අපේ අම්මා දෙන්නෙ එකම එක උත්තරයයි.

"මොකවක් නෑ අපි මේ නිකං ආවා"

මහ රෑ ජාමේ අත දරුවෙකුත් වඩාගෙන, නීල් ආම්ස්ට්‍රෝං එක්ක හඳට ගොඩබැස්ස තරං විසාල බෑග් එකක් පිටේ එල්ලාගත්තු ළමයෙකුත් අතිං ඇදගෙන ගෑනියෙක් ගෙයින් දොට්ට බහින්නේ නිකං නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරුං යනව. ඒ වුනාට අපේ අම්මා කටේ තොලේ නොගෑවී බොරු කියන්නේ 'ගෙදර මිනිහගෙ නම්බුව' බේරගන්න. අම්මා හිතන හැටියට එහෙම කීවාම ඒ ගෙදර අයත් "මේ නං ඇත්තම තමා" කියල හිතාගෙන තාත්තගෙ නම්බුව බේරනවා. ඒ වුනාට වැඩිකල් නොගිහින් අපි තුන්දෙනා මහ රෑ ජාමේ ගෙවල්වලට කඩාවදින්නේ 'මහ එකා' බීගෙන ඇවිත් හිංදා කියල හැමෝම දැනගත්තා.

මේ වගේ මහ රෑට නිකං යන ගමන්වලදී අම්මගෙ මහගෙදරට ගියොත් එදාට

"තොට ඕනමයි කියල කොරගත්ත මගුල තමා ඔය"

කියල ආතගෙන් බැනුං අහගන්න පුළුවං. අනික් ගෙවල්වල අය නං අම්මාට 'ඔය මිනිහා අතෑරලා ආණ්ඩුවෙ ඉඩමක පැලක් අටවං ජීවත් වෙන්න' කියලා උපදෙස් දෙනව. මේ කාගෙන් නමුත් අවවාද උපදෙස් අරගෙන තියෙන හැටියට පැදුරු කඩමල්ලක් එලාගෙන නිදාගන්න කොට රෑ දහයත් පහු වෙනවා. පස්සෙ කාලෙදි මේ විදිහට යන්න තැනක් නැතුව ග්‍රාමසේවක කාර්යාලෙ ඉස්තෝප්පුවෙ රෑ එලිවෙනකං නිදාගත්ත මං පහුවදා උදේ ඉස්කෝලෙට ගිහින් ශිෂ්‍යත්ව විභාගේ ලියල ලකුණු එකසිය හැටක් ගත්තෙ දෛවයේ සරදමකින්ද, ඉරණමේ කෝචොක් එකකින්දැයි මට තේරුං ගන්න අමාරුයි.

සමහර දවස්වලට තාත්තගෙන් බේරිලා ගෙදරිං පැනගන්න වෙන්නෙ අම්මට උන්දැගෙං ගුටි හත අටක් ලැබිලා දතක් දෙකක් කැඩිලා මූණත් ඉදිමුණාට පස්සෙ. ඒ වගේ දවස්වලට තඩිස්සි මූණක්, ලේ හැලෙන කටක් පේන්න තියෙද්දි ගෙදරකට ගිහිං

"අපි මේ නිකං ආවෙ"

කියා අමුවෙන්ම බොරු කියන්න බැරි හන්දා අපි පාර අයිනේ වහල දාපු කඩ පිලක, ගහක් යට, කාගේ හරි ඉඩමක හදපු මඩුවක, එහෙමත් නැතිනම් නිකම්ම එළිමහනේ ඉඳගෙන උඩ බලාගෙන ඉර පායනකං බලා ඉන්නවා. නංගිට හීතල හැදෙනවට අම්මාගේ සාය ඒකිට පෙරෝල අම්මා යට සාය පිටින් ඉන්නව. පැදුරක් වෙනුවට පිටේ ඇනෙන ගල්, කොට්ටෙ වෙනුවට පොත් බෑග් එක ඔලුවට තියාගෙන උඩ බලාගෙන හිටියත් ඒ වෙලාවට හිතේ බයක් නෑ. ඒත් ඒ වගේ දවස්වලට පින්නත් එක්ක එන හීතලයි, මැසි මදුරුවො ඉහ ඉද්දර කවි කිය කියා කොනිත්තන හින්දයි, අම්මා සැරෙන් සැරේ

"ඔය මිනිහගෙ අඬු හතර කැඩෙන්නෑනෙ දෙයියම්පල්ල"

"ඔය හුජ්ජ පෙරන ගස් බල්ලන්ට හොඳස්සිද්දවෙන්නෙපා"

වගේ පුපුරා හැලෙන ගමං

"හනී.... සිදෙනෝ"

කියල බෙරිහන් දෙන හන්දයි මගේ නින්ද ඉස්කෝලෙ ඉන්ටෝල් එකටත් වඩා කොට වෙනව.

පහුවදා එළිවෙන පාන්දරට දොලකින්, පිටවේල්ලකින්, කාණුවකින් නැත්තං මොකක් හරි දිය වලකින් මූණ අතපය හෝදගෙන, වැලි ටිකකිං, කෝටු කෑල්ලකිං දත මැදගෙන, ඉස්කෝලෙ ඇඳුම ඇඳගන්න මං ඉස්කෝලෙට යද්දී අම්මා මගේ කලිසමයි කමිසෙයි දෙකත් ඔතාගෙන නංගිවත් වඩාගෙන ගෙදර යනවා. ඒ වෙලාවට තාත්තගෙ වෙරි බැහැල. එදාට උදේට බඩට මොනවත් නැති හින්දත්, දවල්ට දත්මිටි වගේ බර ආහාරයක් ගැනීම හින්දත් දවාලට නින්ද මගේ අහලකටවත් එන්නෙ නෑ.

සමහර දවස්වලට තාත්තගෙ වෙරි අඩුයි. එදාට ගෙදරින් පැනල යන්න තරං අවදානමක් නෑ. ඒත් එදාටත් අපිට නින්දක් නිදාගන්නට බැරි වෙන්නෙ තාත්තගෙ කියවිල්ල අහං ඉන්න වෙන හින්ද. දම්ම පදයෙ එක ගාතාවකිං පැයක් හමාරක බණක් කියන්න හාමුදුරුවන්ට පුළුවං වෙනව වගේම අපේ තාත්තටත් යක්කු ගස් නගිනකං කියවන්න එක වචනයක් වැරදුනහම ඇති. හේතුවක් නැති වුනත් හේතුවක් හැදෙන කං තාත්තා අම්මගෙ පවුලෙ අයට බණිනවා.

"තොපේ පවුලෙ හැත්ත වගේ එවුන්ට තමා බොල හාමුදුරුවො බණටත් කියන්නෙ "හොන්තු ඥාතියො" කියල. ක්හ්ං. ආ...න්නේකයි හේතුව. අර තොපේ පවුලෙ උගතෙක් ඉන්නෙ ගුරෙක්. අහං උගෙං ඌ දන්නවද කියල ඒකවත්. ක්හ්ං. ආ...න්නේකයි හේතුව."

ඒ කියවිල්ල ඉවර වෙන්නෙ තාත්තා ඉඳගෙන ඉන්න පුටුව උඩම නින්ද ගිහින් ඇදගෙන වැටෙන්න ගියාට පස්සෙ. ඒ වගේ වෙලාවට උන්දෑ අපේ ඇඟට කඩා පනිනව

"තොපි මං මේ පුටුව පල්ලෙ වැහ්ල බෙල්ල කැල්ල මැර්ල යනකංද බලා හිටියෙ"

සමහර දවස්වලට තාත්තාගේ වාසනාවට වලියට හොඳ හේතුවක් හම්බුවෙනව. එදාට අපේ අහල පහල මිනිස්සුත් වසලා හමාරයි. තාත්තා අම්මාගේ බෙල්ලෙං අල්ලා ලිප උඩට තල්ලු කරල කැත්තෙන් කොටන්න හදනකොට නංගිත් මාත් අඬු හතර හතර අතට විහිදගෙන ගිරියටින් බෙරිහන් දෙනව. ඒ සද්දෙට වලිය නැවතුනේ නැතොත් ගේ ඇතුලේ සද්ද පූජාව නංගිට බාරදීල ගෙදරින් දොට්ට බහින මං යටිගිරියෙන් කෑ ගහගෙන හෙලපල්ලට දුවනව

"වීසේල වාවේ... වෙල්ල චාච්චා අව්වාව වලලෝ"

ඒ සද්දෙට අහල පහල ගෙවල්වල මිනිස්සු තමුන්ගේ ගේ ඇතුලේ පත්තුවෙන එකම කුප්පි ලාම්පුවත් නිමලා 'ඒ අය දුර ගමනක් ගිහින්. ගෙදර කවුරුවත් නැති' බව පෙන්නනව. ඒ වුනාට තමුන්ගේ ලොකු එකා මිනියක් මරණ බව ඇහෙනකොට ආච්චි අම්මා තිරේ උඩට උස්සල එලිය වැඩි කරපු කුප්පි ලාම්පුවත් අරගෙන මහගෙදර දොර ඇරගෙන එළියට පනින්නේ නැන්දාටත් පියසේන මාමාටත් බැණගෙන

"වරෙව් බොල. අර පොඩියෙකා කෑ ගහන්නෙ මොකද බලපිය"

නැන්දත් කුස්සියෙ තියෙන ලාම්පු කුප්පිය අරගෙන ඇවිත් ආච්චි අම්මගෙ ලාම්පුවෙ දැල්ලෙං ටිකක් ණයට අරගෙන ආච්චි අම්ම එක්කම ගෙයින් දොට්ට බහිනව. මෙලහට අම්මගෙ බෙල්ලයි කඳයි වෙන්වෙලා ඇති කියල හිතාගෙන සිහිය නැතිවෙන තරමට බය වෙලා ආපහු ගෙදරට දුවන මගෙ පිටිපස්සෙං ආච්චි අම්මයි නැන්දයි දුවනව. නැන්දයි ආච්චි අම්මයි අපේ මිදුලට ගොඩ වෙද්දි අම්මා නංගිවත් ඇදගෙන ගෙයින් දොට්ට පනිනව. ඒ පස්සෙං දොට්ට බහින තාත්තව ආච්චි අම්මට අහුවෙනව.

"මොකද්ද ලොකු එකෝ තෝ මේ කොරන අලජ්ජ වැඩේ"

"අම්මට වැඩහ්නෑ අම්මෙ මං මුංව මට්ටු කොන්නේව ක්හ්ං.."

"තෝ මෙතන මිනී මරාගත්තං අර පැටවු බලන්නෙ කවුද බොල"

නැන්දත් මැද්දට පනිනව.

"ලොකුවයියෙ උඹට මේ හොඳිං කියන්නෙ අරකිට ගහන්නෙපා"

"තෝ කවුද බොල මට චන්ඩිකං දාන්න ක්හ්ං.."

"ඉනඩුවයියාවයි මේ බල්ලෙක් හැදුවනෙ මාත්"

"ඉතිං උඹ මා උපංකොටම බෙල්ල මිරිකන්නෙපෑ ක්හ්ං.."

"දැං උනක් වප්පිහියක් තියේ නං තොගෙ බොකු දොට්ට අදිනව තමා බොල"

ඒ වලිය අතරෙ අම්මයි මායි නංගියි ඔලුව හැරිච්ච අතේ පුලුවං තරං දුවනව. එදාටත් අපේ රෑ ගෙවෙන්නෙ අගුපිලක නැත්තං ගහක් යට. එදාට බය යට කරගෙන නැගිටින කේන්තිය එක්ක මං අම්මට පොරොන්දුවක් දෙනව.

"අම්ම මට දිප්පිහිය මැද දෙන්න. මං හෙට ඕකා බුදියපු ගමං හොරෙම්ම බෙල්ල කපන්නං. ඊට පස්සෙ අම්මටයි නංගිටයි දලු ටිකක් කඩාගෙන කාල බීල හිටියැකි"

"උඹ හිටහං පුතේ මං ඕකට වහ ටිකක් දෙන්නං මැරිල යන්න. උඹ ඉගෙන ගනිං"

"අම්ම හිරේ යන්න ඕන්නෑ. මං ඕකව මරල පිහියත් ඇරං ගිහිං පොලිසියට කියන්නං මහ එකා අම්මට තඩිගහන හංද මං ඌ මැරුව කියල."

"එහෙම නැත්තං අර ගාතාවෙ 'පීතු පාදං නමාමහං' කියල තියෙනව වගේ ඕකගෙ කකුල නමල මැහුව නං හරි"

ඒ විදිහට සංසාරෙ කැරකෙනව වගේ අවුරුදු ගානක් ගුටි කකා නිදි මරාගෙන ගස් ගල් යට ජීවත් වුනත් මට තාත්තට පිහියෙං අනින්න බැරිවුනා. අම්මත් හැමදාම බොරු කිය කියා 'මිනිහගෙ නම්බුව' බේරුව. එක පාරක් විතරක් ඇවිදගන්න බැරිවෙන්න ගුටි කාපු අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්ච හන්දා පොලිස්සියෙ ඇන්ටරියක් වැටුනා. අම්මා ඉස්පිරිතාලෙං ගෙදර ආපු ගමං පොලිස්සියට ගිහිං

"මට කිසි අමාරුවක් නෑ."

කියල පොලිස්සියෙ රාලහාමිලගෙනුයි ඇන්ටරි ලියන පොලිස් හාමිනේගෙනුයි බැනුං අහගෙන ඇන්ටරිය අයිං කරගත්තා. අපිව ආයිමත් ගුටි කන චක්කරේ මුලට වැටුනා. ඒ කාලෙ වෙද්දි සිස්සත්වෙ පාස් වෙච්ච උෂ්නෙ ඔලුවට ගහපු මම ජයන්තියෙං ජාතික පාසලට මාරු වුනා. එතනදි හම්බුවෙච්ච එක යාලුවෙක් මාව තමුන්ගෙ ගෙදර නවත්තගත්තා. එදා ඉඳං අවුරුදු තුනක් යනකං රෑ නමයෙ ඉඳං උදේ පහට වෙනකං එක පිම්මෙ නිදාගන්න මගෙ නින්ද කැඩුනෙ හීනෙං බය වුනොත් විතරයි. ඒත් එක්කම අපේ තාත්තත් බීගෙන ඇහිල්ලා රණ්ඩු කරන එක නැති වුනාලු.

source https://yanhella.blogspot.com/2018/06/blog-post.html

[QUOTE="rangana26, post: 23349818, member: 461943"] [b]නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං[/b] [COLOR="Blue"][SIZE="6"]නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං[/SIZE] [SIZE="4"] නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා අපිට "හූ.. ඇද්ද තොපිට.... දැං පාස්ද? (Who enough for yous..........now pass?)" කියා කෝචොක් දාන එක කියලයි. ඒ අතරෙ ප්‍රංශය, ඉතාලිය, ජරමනිය, ආදී රටවල සුද්දො, ඕමාන් කුවේට් අඩුබාබි සවුදියරාබි ආදී මැදපෙරදිග රටවල්වලට ගෘහ සේවිකා ඇබෑර්තු වගේ රටවල ඉන්න ඔලුවෙ කඩවැස්ම බැඳගත් තම්බි, පකිස්තානේ හෙරොයින් වවන තම්බි, ඇෆ්ගනිස්තානේ බෙලි කපන තම්බි, නේපාලේ කඳු නගිනා ෂරපා නාටාමිලා, ඉන්දියාවේ පරිප්පු හේං ගොවියෝ, මාල දිවයිනේ කරෝල වාඩිවල එව්වෝ සේරමත් තම තමන්ගෙ බාසාවෙන් කෝචොක් දාලා අපේ රටට අනුරාධපුරෙං පහලට වස්තරයක් අඳින්න නැතිකර පුත්තලමෙන් උඩ හරියේ දැලි ගාන්නත් පුළුවං. ඒ නිසා ඉස්කෝලෙ යන, ඉගෙනගන්නා ළමයින් දවසේ පැය විසිහතරෙම ඇස් දෙක ඇරගෙන අච්චු පොත් ටිකටත් ලියන පොත් ටිකටත් අනිමිස ලෝචන පූජාව කරන්න ඕන. ඒ පූජාව කරන වෙලාව වැඩිවන තරමට වාර විභාගයේ ලකුණු වැඩිවෙනවා. එක වාරයක් ඩිංගක්වත් ඇහැ පියවන්නෙ නැතුව පොත්ම පාඩං කලොත් පන්තියේ පලවෙනියා නොවෙයි බාගවෙනියා නැත්තං බින්දු වෙනියා වෙන්නත් පුළුවං. උපන්දා ඉඳං මේ වෙනකං මට නිදාගන්න හම්බවෙලා තියෙන පැය ගාණ බැලුවම මට හිතෙන්නේ මං පහුගිය ආත්මෙක කාගේ හරි නින්දට බාධා වෙන අකුසලයක් කරල තියෙනව කියල. සමහර විට තනි බැට්ටි කෑල්ලෙං වැඩ කරන "කිඤි කිඤික් කිඤි කිඤික්" කියා මහ පාන්දර කැකිරි පලමින් මිනිස්සුන් ඇහැරවන රුපියල් හැටේ එලාම් ඔරලෝසුව හදන්නට ඇත්තේ මං වෙන්න ඇති. එහෙමත් නැත්තං එළිවෙන පාන්දර වෙනකං තියෙන සංගීත ප්‍රසංග සංවිධායකයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තං සිකුරුටි මහත්තුරුන්ට නිදාගන්නට නොදී රෑ මැදියමේ ඇහැරවන ඕඅයිසීයෙක් වෙන්න ඇති. ඇඳ මකුණෙක්, සයිලන්සරය ගලෝලා බීට් එක තියෙන කටක් අමුණා ගත් ටූ ස්ට්‍රොක් මදුරුවෙක් වෙලා හිටියා වෙන්නත් පුළුවන්. ඒ කොයිහැටි වෙතත් මට මතක ඇති කාලේ ඉඳං නින්දයි මායි අතර සම්බන්දෙ බළලෙකුයි වතුරයි අතර සම්බන්ධෙටත් වඩා දුරයි. මට වයස අවුරුදු දහයක් විතර වෙනකං මගේ නින්දට කෙලින්ම බලපෑවේ කලු මාමාගේ කසිප්පු වඩියේ සාන්ද්‍රණය. හැන්දෑවේ තුන හතර වෙද්දි තාත්තා ගෙදරින් දොට්ට බැහැල යනවත් එක්කම අම්මගෙයි මගෙයි පෙර සූදානම පටං ගන්නව. අම්මා විගහට බතක් හොද්දක් හදන අතරේ මං පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න තියෙන පොත්ටික පොත් බෑක් එකකට දාගෙන ඉස්කෝලෙ අඳින කලිසමත් කමිසෙත් පත්තර පිටුවක ඔතල ඒකටම දාගෙන ඊටත් උඩිං සපත්තු කබල් දෙකත් තියල හිර කරල බෑක් එක වහල ගෙනිහිං ගෙට උඩු පැත්තේ කැකිල්ල ගාලේ හංගනව. ඉටිපන්දං කොට කෑල්ලකුයි, පොල්කට්ටකුයි, ගිනිපෙට්ටියකුත් ඒ කිට්ටුවම හංගනව. අපේ තාත්තට දෙපයට තාර පෑගෙන්න බැරි හේතුවක් තිවුන හින්ද උන්දැ වැඩිමනක් ගමන් ගියේ අඩි පාරවල්වල විතරයි. ඒ හංදා තාත්තා මහපාරෙන් ඇවිත් ගෙට උඩු පැත්තෙං කන්ද දිගේ පහලට එන්නෑ. ඒ කියන්නෙ අපි බඩු හංගන පාරෙ තාත්ත එන්නෑ. උයාගන්නා හොද්දයි බතයි මොකක් වුනත් ඇඳිරි වැටෙන්න කලින්ම එයිං පුලුවං තරං අපේ බඩට ගිල්ලන අම්මා ඊළඟට රැක්මේ බලා ඉන්නෙ තාත්තා එනකං. ගුණතිලක මාමලාගේ කොස් ගහ යටින් උන්දෑ මතුවෙන හැටි බලා ඉන්නා අපිට පළවෙනි දැක්මෙන්ම තාත්තා ගිලල තියෙන කසිප්පු ප්‍රමාණෙ හිතාගන්න පුළුවං. සරම හරියක් වගේ උඩට උස්සාගෙන නයික් ලාංඡනේ හදාගෙන මඩේ යනව වගේ එනව නං එදාට අම්මට බඩ කට පුරා හම්බවෙනව. ඒ වගේ දවසට ඉඩක් ලැබිච්චි ගමං නංගිවත් කිහිල්ලෙ ගහගන්න අම්මා මාවත් අරගෙන ගෙදරින් පැනගන්නව. ඒ ගමංම කලිං මග තියපු පොත් බෑක් එක, ඉටිපන්දං, පොල්කටු, ගිනිපෙට්ටියත් කැකිල්ල ගාලෙං ඇදගන්නව. එහෙම පැනගන්න අපි අම්මගෙ මහගෙදරට, චන්දරේ මාමලාගේ ගෙදරට, හාමිලවත්තෙ පේම නැන්දලාගේ ගෙදරට, හංසනීලගෙ ගෙදරට හරි අපිට හොඳයි කියල හිතෙනා ගමේ වෙනිං ගෙදරකට හරි යනව. ඒ වගේ ගෙදරකට ගිහිං දොරට තට්ටු කරල හරියන් නෑ. "නංගියේ." "සුනිල් මල්ලියේ" "පේමක්කේ" ආදී වසයෙන් දහ පාලොස් ගමනක් හරි කෑගහන්න ඕන. එහෙම කෑ ගහන අතරේ ගෙදර අය මේ කතා කරන්නෙ කවුද කියල රහසෙං සාකච්ඡා කරනව. එතකං අපි කෑ ගහනව. ඒ අතරෙ අම්මා මං ලව්වත් කෑ ගස්සනව. "නැංදේ, "සුනී මාමේ" "පේම නැංදේ" ආං එතකොට ගෙදර කවුරු හරි දොර පොල්ලක් හරි කැපෙන ආවුදයක් හරි අරගෙන දොර ගාවට ඇවිල්ල ගේ ඇතුලෙ ඉඳං මෙහෙම අහනව. "කවුද?" එතකොට අපෙ අම්මා උත්තර දෙනව. "අපි අපි මේ අපි" "අපි කියන්නෙ කවුද?" "අපි මේ අපි අපි" ආයිමත් ගේ ඇතුලෙ කට්ටිය රහසිං කතා වෙනව. ඒ අතරෙ අම්මා මගෙ කොන්දට ඇඟිල්ලෙං අනිනව. "කතා කරපිය භූරුවො. අපි කියහං" මට යකා වැහෙනව. "අපි කියල හරියන්නෑ. අපි කවුද කියල නම කියන්න ඕනි" "ඉතිං තෝ කියහංකො" "මට බෑ අම්ම කියන්න" "මං තොගෙ බෙල්ල මිරිකන්න කලිං කියපිය" අන්තිමට මං අපේ නං ගං ඇතුවම කියනව. "නැන්දෙ අපි මේ සෝම්පාලලෑ ගෙදර සුරංගයියම්මයි" ආං එතකොට ගෙදර අය හිරෙං නිදහස් වුනා වගේ දොර ඇරල දොර පොලු, පිහිය, කිනිසි එහෙම හංගගන්නව. අපි ගෙට ඇතුල්වෙනව. ටික වෙලාවක් වැල්වටාරං කියවල ඉවසං ඉන්න බැරිම තැන ගෙදර අය අපි ආපු කාරනේ අහනව. "මොකද අක්කෙ මේ රෑවෙලා." ඒ වගෙ වෙලාවට අපේ අම්මා දෙන්නෙ එකම එක උත්තරයයි. "මොකවක් නෑ අපි මේ නිකං ආවා" මහ රෑ ජාමේ අත දරුවෙකුත් වඩාගෙන, නීල් ආම්ස්ට්‍රෝං එක්ක හඳට ගොඩබැස්ස තරං විසාල බෑග් එකක් පිටේ එල්ලාගත්තු ළමයෙකුත් අතිං ඇදගෙන ගෑනියෙක් ගෙයින් දොට්ට බහින්නේ නිකං නෙවෙයි කියල ඕන කෙනෙක්ට තේරුං යනව. ඒ වුනාට අපේ අම්මා කටේ තොලේ නොගෑවී බොරු කියන්නේ 'ගෙදර මිනිහගෙ නම්බුව' බේරගන්න. අම්මා හිතන හැටියට එහෙම කීවාම ඒ ගෙදර අයත් "මේ නං ඇත්තම තමා" කියල හිතාගෙන තාත්තගෙ නම්බුව බේරනවා. ඒ වුනාට වැඩිකල් නොගිහින් අපි තුන්දෙනා මහ රෑ ජාමේ ගෙවල්වලට කඩාවදින්නේ 'මහ එකා' බීගෙන ඇවිත් හිංදා කියල හැමෝම දැනගත්තා. මේ වගේ මහ රෑට නිකං යන ගමන්වලදී අම්මගෙ මහගෙදරට ගියොත් එදාට "තොට ඕනමයි කියල කොරගත්ත මගුල තමා ඔය" කියල ආතගෙන් බැනුං අහගන්න පුළුවං. අනික් ගෙවල්වල අය නං අම්මාට 'ඔය මිනිහා අතෑරලා ආණ්ඩුවෙ ඉඩමක පැලක් අටවං ජීවත් වෙන්න' කියලා උපදෙස් දෙනව. මේ කාගෙන් නමුත් අවවාද උපදෙස් අරගෙන තියෙන හැටියට පැදුරු කඩමල්ලක් එලාගෙන නිදාගන්න කොට රෑ දහයත් පහු වෙනවා. පස්සෙ කාලෙදි මේ විදිහට යන්න තැනක් නැතුව ග්‍රාමසේවක කාර්යාලෙ ඉස්තෝප්පුවෙ රෑ එලිවෙනකං නිදාගත්ත මං පහුවදා උදේ ඉස්කෝලෙට ගිහින් ශිෂ්‍යත්ව විභාගේ ලියල ලකුණු එකසිය හැටක් ගත්තෙ දෛවයේ සරදමකින්ද, ඉරණමේ කෝචොක් එකකින්දැයි මට තේරුං ගන්න අමාරුයි. සමහර දවස්වලට තාත්තගෙන් බේරිලා ගෙදරිං පැනගන්න වෙන්නෙ අම්මට උන්දැගෙං ගුටි හත අටක් ලැබිලා දතක් දෙකක් කැඩිලා මූණත් ඉදිමුණාට පස්සෙ. ඒ වගේ දවස්වලට තඩිස්සි මූණක්, ලේ හැලෙන කටක් පේන්න තියෙද්දි ගෙදරකට ගිහිං "අපි මේ නිකං ආවෙ" කියා අමුවෙන්ම බොරු කියන්න බැරි හන්දා අපි පාර අයිනේ වහල දාපු කඩ පිලක, ගහක් යට, කාගේ හරි ඉඩමක හදපු මඩුවක, එහෙමත් නැතිනම් නිකම්ම එළිමහනේ ඉඳගෙන උඩ බලාගෙන ඉර පායනකං බලා ඉන්නවා. නංගිට හීතල හැදෙනවට අම්මාගේ සාය ඒකිට පෙරෝල අම්මා යට සාය පිටින් ඉන්නව. පැදුරක් වෙනුවට පිටේ ඇනෙන ගල්, කොට්ටෙ වෙනුවට පොත් බෑග් එක ඔලුවට තියාගෙන උඩ බලාගෙන හිටියත් ඒ වෙලාවට හිතේ බයක් නෑ. ඒත් ඒ වගේ දවස්වලට පින්නත් එක්ක එන හීතලයි, මැසි මදුරුවො ඉහ ඉද්දර කවි කිය කියා කොනිත්තන හින්දයි, අම්මා සැරෙන් සැරේ "ඔය මිනිහගෙ අඬු හතර කැඩෙන්නෑනෙ දෙයියම්පල්ල" "ඔය හුජ්ජ පෙරන ගස් බල්ලන්ට හොඳස්සිද්දවෙන්නෙපා" වගේ පුපුරා හැලෙන ගමං "හනී.... සිදෙනෝ" කියල බෙරිහන් දෙන හන්දයි මගේ නින්ද ඉස්කෝලෙ ඉන්ටෝල් එකටත් වඩා කොට වෙනව. පහුවදා එළිවෙන පාන්දරට දොලකින්, පිටවේල්ලකින්, කාණුවකින් නැත්තං මොකක් හරි දිය වලකින් මූණ අතපය හෝදගෙන, වැලි ටිකකිං, කෝටු කෑල්ලකිං දත මැදගෙන, ඉස්කෝලෙ ඇඳුම ඇඳගන්න මං ඉස්කෝලෙට යද්දී අම්මා මගේ කලිසමයි කමිසෙයි දෙකත් ඔතාගෙන නංගිවත් වඩාගෙන ගෙදර යනවා. ඒ වෙලාවට තාත්තගෙ වෙරි බැහැල. එදාට උදේට බඩට මොනවත් නැති හින්දත්, දවල්ට දත්මිටි වගේ බර ආහාරයක් ගැනීම හින්දත් දවාලට නින්ද මගේ අහලකටවත් එන්නෙ නෑ. සමහර දවස්වලට තාත්තගෙ වෙරි අඩුයි. එදාට ගෙදරින් පැනල යන්න තරං අවදානමක් නෑ. ඒත් එදාටත් අපිට නින්දක් නිදාගන්නට බැරි වෙන්නෙ තාත්තගෙ කියවිල්ල අහං ඉන්න වෙන හින්ද. දම්ම පදයෙ එක ගාතාවකිං පැයක් හමාරක බණක් කියන්න හාමුදුරුවන්ට පුළුවං වෙනව වගේම අපේ තාත්තටත් යක්කු ගස් නගිනකං කියවන්න එක වචනයක් වැරදුනහම ඇති. හේතුවක් නැති වුනත් හේතුවක් හැදෙන කං තාත්තා අම්මගෙ පවුලෙ අයට බණිනවා. "තොපේ පවුලෙ හැත්ත වගේ එවුන්ට තමා බොල හාමුදුරුවො බණටත් කියන්නෙ "හොන්තු ඥාතියො" කියල. ක්හ්ං. ආ...න්නේකයි හේතුව. අර තොපේ පවුලෙ උගතෙක් ඉන්නෙ ගුරෙක්. අහං උගෙං ඌ දන්නවද කියල ඒකවත්. ක්හ්ං. ආ...න්නේකයි හේතුව." ඒ කියවිල්ල ඉවර වෙන්නෙ තාත්තා ඉඳගෙන ඉන්න පුටුව උඩම නින්ද ගිහින් ඇදගෙන වැටෙන්න ගියාට පස්සෙ. ඒ වගේ වෙලාවට උන්දෑ අපේ ඇඟට කඩා පනිනව "තොපි මං මේ පුටුව පල්ලෙ වැහ්ල බෙල්ල කැල්ල මැර්ල යනකංද බලා හිටියෙ" සමහර දවස්වලට තාත්තාගේ වාසනාවට වලියට හොඳ හේතුවක් හම්බුවෙනව. එදාට අපේ අහල පහල මිනිස්සුත් වසලා හමාරයි. තාත්තා අම්මාගේ බෙල්ලෙං අල්ලා ලිප උඩට තල්ලු කරල කැත්තෙන් කොටන්න හදනකොට නංගිත් මාත් අඬු හතර හතර අතට විහිදගෙන ගිරියටින් බෙරිහන් දෙනව. ඒ සද්දෙට වලිය නැවතුනේ නැතොත් ගේ ඇතුලේ සද්ද පූජාව නංගිට බාරදීල ගෙදරින් දොට්ට බහින මං යටිගිරියෙන් කෑ ගහගෙන හෙලපල්ලට දුවනව "වීසේල වාවේ... වෙල්ල චාච්චා අව්වාව වලලෝ" ඒ සද්දෙට අහල පහල ගෙවල්වල මිනිස්සු තමුන්ගේ ගේ ඇතුලේ පත්තුවෙන එකම කුප්පි ලාම්පුවත් නිමලා 'ඒ අය දුර ගමනක් ගිහින්. ගෙදර කවුරුවත් නැති' බව පෙන්නනව. ඒ වුනාට තමුන්ගේ ලොකු එකා මිනියක් මරණ බව ඇහෙනකොට ආච්චි අම්මා තිරේ උඩට උස්සල එලිය වැඩි කරපු කුප්පි ලාම්පුවත් අරගෙන මහගෙදර දොර ඇරගෙන එළියට පනින්නේ නැන්දාටත් පියසේන මාමාටත් බැණගෙන "වරෙව් බොල. අර පොඩියෙකා කෑ ගහන්නෙ මොකද බලපිය" නැන්දත් කුස්සියෙ තියෙන ලාම්පු කුප්පිය අරගෙන ඇවිත් ආච්චි අම්මගෙ ලාම්පුවෙ දැල්ලෙං ටිකක් ණයට අරගෙන ආච්චි අම්ම එක්කම ගෙයින් දොට්ට බහිනව. මෙලහට අම්මගෙ බෙල්ලයි කඳයි වෙන්වෙලා ඇති කියල හිතාගෙන සිහිය නැතිවෙන තරමට බය වෙලා ආපහු ගෙදරට දුවන මගෙ පිටිපස්සෙං ආච්චි අම්මයි නැන්දයි දුවනව. නැන්දයි ආච්චි අම්මයි අපේ මිදුලට ගොඩ වෙද්දි අම්මා නංගිවත් ඇදගෙන ගෙයින් දොට්ට පනිනව. ඒ පස්සෙං දොට්ට බහින තාත්තව ආච්චි අම්මට අහුවෙනව. "මොකද්ද ලොකු එකෝ තෝ මේ කොරන අලජ්ජ වැඩේ" "අම්මට වැඩහ්නෑ අම්මෙ මං මුංව මට්ටු කොන්නේව ක්හ්ං.." "තෝ මෙතන මිනී මරාගත්තං අර පැටවු බලන්නෙ කවුද බොල" නැන්දත් මැද්දට පනිනව. "ලොකුවයියෙ උඹට මේ හොඳිං කියන්නෙ අරකිට ගහන්නෙපා" "තෝ කවුද බොල මට චන්ඩිකං දාන්න ක්හ්ං.." "ඉනඩුවයියාවයි මේ බල්ලෙක් හැදුවනෙ මාත්" "ඉතිං උඹ මා උපංකොටම බෙල්ල මිරිකන්නෙපෑ ක්හ්ං.." "දැං උනක් වප්පිහියක් තියේ නං තොගෙ බොකු දොට්ට අදිනව තමා බොල" ඒ වලිය අතරෙ අම්මයි මායි නංගියි ඔලුව හැරිච්ච අතේ පුලුවං තරං දුවනව. එදාටත් අපේ රෑ ගෙවෙන්නෙ අගුපිලක නැත්තං ගහක් යට. එදාට බය යට කරගෙන නැගිටින කේන්තිය එක්ක මං අම්මට පොරොන්දුවක් දෙනව. "අම්ම මට දිප්පිහිය මැද දෙන්න. මං හෙට ඕකා බුදියපු ගමං හොරෙම්ම බෙල්ල කපන්නං. ඊට පස්සෙ අම්මටයි නංගිටයි දලු ටිකක් කඩාගෙන කාල බීල හිටියැකි" "උඹ හිටහං පුතේ මං ඕකට වහ ටිකක් දෙන්නං මැරිල යන්න. උඹ ඉගෙන ගනිං" "අම්ම හිරේ යන්න ඕන්නෑ. මං ඕකව මරල පිහියත් ඇරං ගිහිං පොලිසියට කියන්නං මහ එකා අම්මට තඩිගහන හංද මං ඌ මැරුව කියල." "එහෙම නැත්තං අර ගාතාවෙ 'පීතු පාදං නමාමහං' කියල තියෙනව වගේ ඕකගෙ කකුල නමල මැහුව නං හරි" ඒ විදිහට සංසාරෙ කැරකෙනව වගේ අවුරුදු ගානක් ගුටි කකා නිදි මරාගෙන ගස් ගල් යට ජීවත් වුනත් මට තාත්තට පිහියෙං අනින්න බැරිවුනා. අම්මත් හැමදාම බොරු කිය කියා 'මිනිහගෙ නම්බුව' බේරුව. එක පාරක් විතරක් ඇවිදගන්න බැරිවෙන්න ගුටි කාපු අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්ච හන්දා පොලිස්සියෙ ඇන්ටරියක් වැටුනා. අම්මා ඉස්පිරිතාලෙං ගෙදර ආපු ගමං පොලිස්සියට ගිහිං "මට කිසි අමාරුවක් නෑ." කියල පොලිස්සියෙ රාලහාමිලගෙනුයි ඇන්ටරි ලියන පොලිස් හාමිනේගෙනුයි බැනුං අහගෙන ඇන්ටරිය අයිං කරගත්තා. අපිව ආයිමත් ගුටි කන චක්කරේ මුලට වැටුනා. ඒ කාලෙ වෙද්දි සිස්සත්වෙ පාස් වෙච්ච උෂ්නෙ ඔලුවට ගහපු මම ජයන්තියෙං ජාතික පාසලට මාරු වුනා. එතනදි හම්බුවෙච්ච එක යාලුවෙක් මාව තමුන්ගෙ ගෙදර නවත්තගත්තා. එදා ඉඳං අවුරුදු තුනක් යනකං රෑ නමයෙ ඉඳං උදේ පහට වෙනකං එක පිම්මෙ නිදාගන්න මගෙ නින්ද කැඩුනෙ හීනෙං බය වුනොත් විතරයි. ඒත් එක්කම අපේ තාත්තත් බීගෙන ඇහිල්ලා රණ්ඩු කරන එක නැති වුනාලු. source [URL="https://yanhella.blogspot.com/2018/06/blog-post.html"]https://yanhella.blogspot.com/2018/06/blog-post.html[/URL] [/SIZE][/COLOR][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom