Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියම කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලි මෑණියන්ගේ දියමන්ති මාලය හොරකම් කළ හොරාට දුන් අපූරු තීන්දුව

දෙයක් වේ නම් එය වඩාත්ම සුදුස්සාටම ලැබිය යුතුය

භාරතයේ කේරළ ප්‍රාන්තයේ එක්තරා ග්‍රාමීය පොලිසියක ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය හමුවට සැකකරුවකු ඉදිරිපත් කෙරිණි.

දිගු කලකින් නොකැපූ හිසකෙස් හා රැවුලකින්ද කෘෂ වී ගිය ශරීරයකින්ද, අසරණ අහිංසක බයාදු පෙනුමකින්ද දුර්වර්ණව ගිය කඩමලූ ඇඳුමකින්ද යුතු ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාව වූයේ එම ප්‍රදේශයේ එක්තරා දේවාලයක වැඩවසන විවිධ ප්රාතිහාර්යයන් පානා බවට ප්‍රකට සර්ව බලධාරි දේව මෑණියන් වහන්සේගේ ගෙල පලන්දා තිබූ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලය සොරකම් කිරීමයි.

තමා සේවය කරන දේවාලයේ දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ ගෙල පලන්දා තිබූ කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලය අතුරුදන්ව ඇති බව එම දේවාලයේ පූසාරි තැන විසින් තමාට පැමිණිලි කළ බවත්, එම සැකකරු අවේලාවකදී එම දේවාලයේ සිට පැන දුවනවා තමා දුටු බවට පැමිණිලිකරු තම පැමිණිල්ලේ සඳහන් කර තිබූ බවත්, ඒ අනුව තමා එම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත් එම ප්‍රශ්න කිරීමේදී සැකකරුගෙන් කිසිදු සැකකටයුතු තොරතුරක් නොලැබුණු බවත් පසුව සාම්ප්‍රදායික ක්‍රම සහ විධි භාවිත කරමින් ප්‍රශ්න කරද්දී ලත් තොරතුරු අනුව ගොස් ඔහුගේ ගෙපැලෙහි කුස්සියේ ලිප යට වළදමා තිබූ එකී දියමන්ති මාලය සොයා ගැනීමට තමාට හැකිවූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අන්ත දුගී පුද්ගලයකු වූ සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙක් පෙනී නොසිටියේය.

‘‘යුෂ්මතා මෙම චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද? ‘‘විනිසුරු තේජාන්විත උස් ස්වරයෙන් ඇසීය.

‘‘මා දේව මෑණියන්ගේ දියමන්ති මාලය සොරකම් කළේ නෑ ස්වාමීනී’’ සැකකරු පහත් හඬින් කොඳුළේය.

සැකකරුගේ මළානික දෙනෙතින් ගිලිහී මසින් තොර දෙකපුල් දිගේ රූරා පහළට ගලාගිය කඳුළු කැට කිහිපයක් අධිකරණ

ගෙබිමට පතිත වූ අයුරු විනිසුරු දුටුවේය. එහෙත් හෘදය සාක්ෂිය නීතිය හමුවේ පරාජය විය. සැකකරුට එරෙහිව ඇති චෝදනාව එතරම්ම බලවත් බැවිනි.

‘‘තමා දෙසතියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙම අධිකරණය නියෝග කරනවා.’’ තෝල්ක මුදලි තැන උස් හඬින් කෑ ගසා කීවේය.

‘‘අනේ හාමුදුරුවනේ මගේ අසරණ දරු පැටව් පස්දෙනා බඩගින්නෙ මැරිලා යාවි. ලෙඩ පැදුරෙ ඉන්න මගේ අසරණ ගෑනි...’’ සැකකරුට කියන්නට ලැබුණේ එපමණකි. බන්ධනාගාර නිලධාරියෙක් පැමිණ ඔහුගේ බොටුවෙන් අල්ලා ඔහුව තල්ලූ කරගෙන

ගොස් අධිකරණයේ තිබූ සිර මැදිරියේ ගාල් කළේය.

අධිකරණයේ සිටි කිසිම කෙනකුගේ අනුකම්පාව අසරණයා වෙත යොමු නොවීය. එහෙත් එදිනට පෙරදින භාරතයේ

අග විනිසුරු අභිමුඛයේ දිවුරුම්දී එදින එම අධිකරණයේ සේවය සඳහා පැමිණ සිටි තරුණ නවක නීතිඥයාගේ දැඩි අවධානය ඔහු වෙත යොමුව තිබෙන අයුරු කිසිවකු නොදුටු සෙයකි.

නීතිඥයා පසුදිනම බන්ධනාගාරය වෙත ගොස් එම සැකකරු මුණගැසුණේය.

‘‘මම කැමැතියි තමා වෙනුවෙන් නොමිලේ පෙනී සිටින්න.’’ ඔහු කියත්ම අසරණයා ඔහුට කෘතඥ පූර්වක බැල්මකින් සංග්‍රහ කොට බිම බලාගත්තේය.’’

නීතිඥයා ඔහුට උපදෙස් රැුසක් දුන්නේය. ඒවා තරයේම පිළිපදින ලෙසට ඔහුට දැඩිව අවධාරණය කළේය. විනිසුරු හමුවේ තම අසරණභාවය හා දුප්පත්කම හැකිතාක් දුරට ප්‍රදර්ශනය කරන ලෙසට කීවේය. හේ බයාදු ලෙස හිස සලමින් එකඟතාව පළ කළේය.

ඊළඟ නඩු දිනය එළැඹියේය. තෝල්ක මුදලි තැන උස් හඬින් කෑ ගසා සැකකරුගේ නම කීවේය. බන්ධනාගාර නිලධාරියෙක් අධිකරණ සිර මැදිරියේ යකඩ දොර විවෘත කර සැකකරු එළියට ගෙන හේ විත්ති කූඩුවට නැංවීය.

‘‘මෙම සැකකරු වෙනුවෙන් මම නොමිලේ පෙනී සිටිනවා ස්වාමීනි’’ යටකී තරුණ නවක නීතිඥයා හුනස්නෙන් නැඟිට විනිසුරුට හිස නමා ආචාර කොට එසේ කියද්දී අධිකරණයේ අසුන්ගෙන සිටි සියලූම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඔහු දෙස බලමින් සිනාසුනහ. ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගන්නවා පෙනිණි. සමහර නීතිඥවරු තමා අසල අසුන්ගෙන සිටි සිය වෘත්තීය සගයන්ගේ කනට ලංවී මොනවාදෝ කියනවා පෙනිණි.

නඩු විභාගය ඇරැුඹිණි. සාක්ෂි දීම සඳහා මුලින්ම කැඳවන ලද්දේ අදාළ පැමිණිල්ල කළ එම දේවාලයේ පූසාරි තැනය.

‘‘මම එදා දේවාලයේ දෛනික කටයුතු අවසන් කරලා රාත්‍රි දහයට විතර දේවාලයේ දොරවල් වහලා රාත්‍රි ආහාරය සඳහා ගෙදර ගියා ස්වාමීනි. පැය භාගයකදී විතර මම ආපහු ආවා. දේවාලයේ ප්‍රධාන දොර ඇරදාලා තිබුණා මම ඈත තියාම දැක්කා. මේ සැකකරු දේවාලයේ ඇතුළේ ඉඳල එළියට එනවා මා දැක්කා. මා දුටු ඔහු පැන දිව්වා. මා දේවාලයේ ඇතුළට ගිහින් හැම තැනම පරීක්ෂා කළා. දේව මාතාවගේ ගෙල පලන්දා තිබූ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලය අතුරුදන්ව තිබුණා. මම ඒ වෙලාවෙම ගිහින් පොලිසියට පැමිණිලි කළා ස්වාමීනි’’ පූසාරි තැන එසේ කියා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි තරුණ නවක නීතිඥයා නැගී සිටියේය. එවිටද අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඔහුට සිනාසුනහ. ඔවුනොවුන්ගේ කන්වලට ළංවී යම් යම් උපහාසාත්මක වදන් කෙඳිරූහ.

නීතිඥයා - තමා පූසාරි හැටියට මේ දේවාලයේ වැඩ භාරගත්තේ කොයි කාලයේද?

පූසාරි - මීට අවුරුදු තිස් පහකට විතර ඉහතදී ස්වාමීනි

නීතිඥයා - තමන්ගේ දේවාලයේ වැඩ වසන විවිධ ප්රාතිහාර්යයන් පානා බවට රටේම ප්‍රසිද්ධ සර්වබලධාරී යැයි කියන ඔය දේව මෑණියන්ගේ පිහිට පතා ඈත පළාත් වලින් පවා බැතිමතුන් එනවාද?

පූසාරි - එහෙමයි ස්වාමීනි

නීතිඥයා - එසේ පැමිණෙන බැතිමතුන් දේව මෑණියන්ගෙන් යම් යම් ඉල්ලීම් කරමින් නොයෙකුත් භාණ්ඩ දේව මෑණියන් හට පූජා කිරීමට පොරොන්දු වෙනවාද?

පූසාරි - එහෙමයි ස්වාමීනි.

නීතිඥයා - තමාගේ දේව මෑණියෝ එම ඉල්ලීම් ඉෂ්ට කර දෙනවාද?

පූසාරි - එහෙමයි ස්වාමීනි

නීතිඥයා - එවිට ප්‍රීතියට පත්වෙන බැතිමතුන් තම තමන් පොරොන්දු වූ පූජා භාණ්ඩ ගෙනවිත් දේව මෑණියන්ට පූජා කරනවාද?

පූසාරි - එහෙමයි ස්වාමීනි. අතුරුදන්වූ එම දියමන්ති මාලයත් එසේ පූජා කළ එකක් ස්වාමීනි.

නීතිඥයා - කවුද ඒ දියමන්ති මාලය පූජා කළේ?

පූසාරි - මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ස්වාමීනි.

නීතිඥයා - කුමක්ද ඔහු දේව මෑණියන්ගෙන් කළ ඉල්ලීම?

පූසාරි - එම කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳට දරුවන් නෑ ස්වාමීනි. ඔවුන් විවාහ වෙලා අවුරුදු දහයයි. ඒත් දරුවන් නෑ. දේව මෑණියන් දස මසකදී ඇයට දරුවෙක් ලබාදුන්නා ස්වාමීනි.

නීතිඥයා - කෙසේද තමන්ගේ දේව මෑණියන් එය කළේ?

පූසාරි - දේව මෑණියෝ එම කාන්තාවට තමන් සමීපයට කථා කළා. ඇගේ කුස සුරතින් තෙවරක් පිරිමැද තම දෑත් අහසට ඔසවා මේ කාන්තාවට දරු සම්පත් පහල වේවා කියා මහ හඬින් ප්‍රාර්ථනා කළා. එම ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා.

නීතිඥ - දේව මෑණියන් අන්ත දුගී අසරණ පුද්ගලයන් හට පිහිට වෙනවාද?

පූසාරි - එතුමිය වැඩි වශයෙන් පිහිට වෙන්නේ එවන් දුගී දුප්පත් අයට තමයි ස්වාමීනි.

නීතිඥයා - එවන් දුගී දුප්පත් අසරණයන්ගේ දුක් ගැනවිලි අසා දේව මාතාව කඳුළු වගුරමින් වැළපෙන අයුරු තමා දැක තියෙනවාද?

පූසාරි - එහෙමයි ස්වාමීනි, එවන් අවස්ථා දහස් ගණනක් මා දැක තියෙනවා.

නීතිඥයා - තමාගේ සර්වබලධාරී දේව මෑණියන් විශ්මිත ප්රාතිහාර්යයන් පානා බවට මුළු භාරතය පුරා ප්‍රසිද්ධයි.

පූසාරි - එහෙමයි ස්වාමීනි.

නීතිඥයා - එම ප්රාතිහාර්යයන් තමා තම දෙනෙතින් දැකලා තම දෙකන් වලින්ම ශ්‍රවණය කරලා තියෙනවාද?

පූසාරි - එවන් ප්රාතිහාර්යයන් දහස් ගණන් මා දැක අසා තියෙනවා ස්වාමීනි.

නීතිඥයා - තමා අවසන් වරට දුටු දේව මෑණියන්ගේ ප්රාතිහාර්යය කුමක්ද?

පූසාරි - ඉවසිය නොහැකි දරුණු හිසරදයකින් පෙළෙන කුඩා දැරියක් මහ හඬින් විලාප නගමින් දේවාලයට දිවගෙන ආවා. දේව මෑණියන් අනෙකුත් බැතිමතුන් පසෙකට කර ඇය තමන් වෙතට කැඳවා ඇගේ හිස තම සුරතින් පිරිමැද්දා. වසර ගණනාවක් තිස්සේ මුළු රටේම ඉන්න ඉහළම වෛi විශේෂඥයන්ගෙන් පවා ප්‍රතිකාර ගෙන සුව නොවූ ඇගේ එම දරුණු හිසරදය ක්ෂණයෙන් සුවවුණා ස්වාමීනි.

පූසාරි තැනගේ සාක්ෂි දීම එතැනින් අවසන් විය. ඉන් අනතුරුව සැකකරු ඇමතූ විනිසුරු ඔහුගෙන් නිදහසට කරුණු විමසුවේය. ඔහු කඳුළු සලමින් සිය දුක්බර කථාව ඇරැුඹුවේය.

‘‘ස්වාමීනි, මම අන්ත අසරණ දුගියෙක්. රෝගියෙක්. මට හරිහමන් රස්සාවක් නෑ. වැඩක් පලක් කරන්න ශක්තියක් නෑ. මට දරුවො පස්දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනාම පාසල් යන වයසෙ. ඇඳුම් පැලඳුම් පොත්පත් නැති නිසා පාසල් යවන්න විධියක් නෑ. අපට ගෙයක් නෑ. ආණ්ඩුවෙ ඉඩමක අනවසරයෙන් අටවාගත් පැල්පතකයි අපි ජීවත් වෙන්නෙ. කොයි මොහොතේ අපිව එලවා දාවිද කියන්න බෑ. මගේ බිරිඳට අංශභාගෙ. පැදුරු කබලක වැතිරිලයි ඉන්නෙ. අපි හත්දෙනා දවස් ගණන් බඩගින්නෙ ඉන්නවා. මට ඒ දවස හොඳට මතකයි. දරුවො පස්දෙනාම බඩගින්නෙ අඬනවා. මට බලාගෙන ඉන්න බෑ. පියෙක් හැටියට මම කොහොම ඉවසන්නද ස්වාමීනි. මම ඒ වේදනාව කොහොම හරි ඉවසාගෙන හිටියා ස්වාමීනි. මොන තරම් නැති බැරිකම් තිබුණත් මම කවදාවත්ම සොරකම් නම් කරලා නෑ ස්වාමීනි. මම දේව මෑණියන්ට මගේ දුක කියන්න හිතාගෙන දේවාලයට ගියා. දේවාලයේ දොර වසා තිබුණා. මම දේවාලය ඉදිරිපිට දණින් වැටීගෙන දේව මෑණියන්ට මගේ දුක කීවා. දේවාලයේ දොර ඉබේම ඇරුණා. දේව මෑණියන් මට ඇතුළට කතා කළා. මම ඇතුළට ගිහින් එතුමියගේ දෙපා ළඟ දනින් වැටී මගේ දුක කිව්වා. එතුමියගේ දෑස් වලින් කඳුළු කඩාවැටෙන හැටි මම දැක්කා. එතුමිය මාත් සමඟ වැළපුනා. කොපමණ අගහිඟකම් තිබුණත් මම සොරකම් නොකරන එක ගැන එතුමිය මට ප්‍රශංසා කළා ස්වාමීනි. ඒ උත්තමාවිය තමාගේ දෑතින් තම ගෙල බැඳි දියමන්ති මාලය ගලවා මට දුන්නා ස්වාමීනි. ඒක විකුණලා සල්ලි අරගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන දරුවන්ට හොඳට කන්න අදින්න දීලා ඒ දරුවො පාසල් යවලා රටට වැඩදායි හොඳ පුරවැසියන් කරන්න කීවා. බිරිඳගේ අසනීපයත් එතුමිය සුව කරනවා කීවා. මට කීමට ඇත්තේ එපමණයි ස්වාමීනි මා සොරකමක් නම් කළේ නෑ නෑමයි ස්වාමීනි’’ සැකකරු එසේ තම නිදහසට කරුණු කියා සිටියේය.

නවක නීතිඥයා යළි නැගී සිටියේය.

‘‘ස්වාමීනි, අසරණයන්ගේ දුක අසා මේ සර්වබලධාරි දේව මෑණියන්ගේ හිත උණුවෙනවා. එතුමිය විශ්මයජනක ප්රාතිහාර්යයන් පානා බව වසර තිස්පහක් තිස්සේ මෙම දේවාලයේ සේවය කරන පූසාරි තැන සහතික කර කියා සිටියා. මේ අන්ත අසරණ දුගියාගේ දුක අසා එතුමියගේ හිත උණුවුණා ස්වාමීනි. එතුමිය මොහුත් සමඟ වැළපුණා. එතුමිය තමන්ට කිසිම පලක් ප්‍රයෝජනයක් නැති තම දියමන්ති මාලය ගලවා මේ දුගියාට දන් දුන්නා ස්වාමීනි. මොහු එතුමිය තමන්ට දන් දුන් මාලය භාරගත්තා මිස සොරකම් කළේ නෑ ස්වාමීනි.’’ නීතිඥයා තම සේවා දායකයා වෙනුවෙන් එසේ කරුණු දැක්වීය.

විනිසුරු සාක්ෂි කූඩුවේ සිටි පූසාරි තැන ඇමතුවේය. ‘‘මෙම සැකකරු කියන කථාව තමා පිළිගන්නවාද? නැත්නම් ඔහු තමාගේ දේව මෑණියන්ගේ දියමන්ති මාලය සොරකම් කරලාද?’’

පූසාරි තැන බිම බලාගෙන නිහඬව සිටියේය.

‘‘තමා මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවාද නැත්නම් අසත්‍ය සාක්ෂිදීමේ චෝදනාව මත තමාට සිරදඬුවමක් නියම කරන්නද?’’ විනිසුරු උස් හඬින් ඇසීය.

‘‘ස්වාමීනි සැකකරු කී කතාව සම්පූර්ණ සත්‍යයක් ලෙස මම පිළිගන්නවා.’’ බියට පත් පූසාරි තැන පහත් හඬින් කීවේය.

‘‘මෙම අධිකරණය මෙම සැකකරු නිදහස් කරනවා. එසේම මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති ඒ දියමන්ති මාලය එහි වත්මන් අයිතිකරු වන මෙම සැකකරුට භාරදෙන ලෙසටද මම නියෝග කරනවා.’’ විනිසුරු තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නොබෝදා දිවුරුම් දුන් ඒ නවක නීතිඥයාට උපහාසාත්මකව සිනාසුනු ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ට කටඋත්තර නැති වූ සෙයකි.

බරපතළ සොරකමක් පිළිබඳ චෝදනාවෙන් නිදහස පමණක් නොව එසේ සොරකම් කරන ලද කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලයද ලද සැකකරු තමාට එම වාසනාව හිමිකර දුන් එම නීතිඥයාට දණ ගසා වැඳ අධිකරණයෙන් නික්ම ගියේය. ඒ තමා ලද එම අගනා වස්තුවද දෑතින් පපුවට තුරුලූ කරගෙනය.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

[QUOTE="tokkaputha, post: 25157102, member: 546526"] [SIZE="4"][/SIZE][B][SIZE="3"][COLOR="Black"][COLOR="Red"][SIZE="4"]කාලි මෑණියන්ගේ දියමන්ති මාලය හොරකම් කළ හොරාට දුන් අපූරු තීන්දුව [/SIZE][/COLOR][SIZE="4"] [COLOR="Blue"]දෙයක් වේ නම් එය වඩාත්ම සුදුස්සාටම ලැබිය යුතුය[/COLOR] [/SIZE] භාරතයේ කේරළ ප්‍රාන්තයේ එක්තරා ග්‍රාමීය පොලිසියක ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය හමුවට සැකකරුවකු ඉදිරිපත් කෙරිණි. දිගු කලකින් නොකැපූ හිසකෙස් හා රැවුලකින්ද කෘෂ වී ගිය ශරීරයකින්ද, අසරණ අහිංසක බයාදු පෙනුමකින්ද දුර්වර්ණව ගිය කඩමලූ ඇඳුමකින්ද යුතු ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාව වූයේ එම ප්‍රදේශයේ එක්තරා දේවාලයක වැඩවසන විවිධ ප්රාතිහාර්යයන් පානා බවට ප්‍රකට සර්ව බලධාරි දේව මෑණියන් වහන්සේගේ ගෙල පලන්දා තිබූ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලය සොරකම් කිරීමයි. තමා සේවය කරන දේවාලයේ දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ ගෙල පලන්දා තිබූ කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලය අතුරුදන්ව ඇති බව එම දේවාලයේ පූසාරි තැන විසින් තමාට පැමිණිලි කළ බවත්, එම සැකකරු අවේලාවකදී එම දේවාලයේ සිට පැන දුවනවා තමා දුටු බවට පැමිණිලිකරු තම පැමිණිල්ලේ සඳහන් කර තිබූ බවත්, ඒ අනුව තමා එම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත් එම ප්‍රශ්න කිරීමේදී සැකකරුගෙන් කිසිදු සැකකටයුතු තොරතුරක් නොලැබුණු බවත් පසුව සාම්ප්‍රදායික ක්‍රම සහ විධි භාවිත කරමින් ප්‍රශ්න කරද්දී ලත් තොරතුරු අනුව ගොස් ඔහුගේ ගෙපැලෙහි කුස්සියේ ලිප යට වළදමා තිබූ එකී දියමන්ති මාලය සොයා ගැනීමට තමාට හැකිවූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. අන්ත දුගී පුද්ගලයකු වූ සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙක් පෙනී නොසිටියේය. ‘‘යුෂ්මතා මෙම චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද? ‘‘විනිසුරු තේජාන්විත උස් ස්වරයෙන් ඇසීය. ‘‘මා දේව මෑණියන්ගේ දියමන්ති මාලය සොරකම් කළේ නෑ ස්වාමීනී’’ සැකකරු පහත් හඬින් කොඳුළේය. සැකකරුගේ මළානික දෙනෙතින් ගිලිහී මසින් තොර දෙකපුල් දිගේ රූරා පහළට ගලාගිය කඳුළු කැට කිහිපයක් අධිකරණ ගෙබිමට පතිත වූ අයුරු විනිසුරු දුටුවේය. එහෙත් හෘදය සාක්ෂිය නීතිය හමුවේ පරාජය විය. සැකකරුට එරෙහිව ඇති චෝදනාව එතරම්ම බලවත් බැවිනි. ‘‘තමා දෙසතියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙම අධිකරණය නියෝග කරනවා.’’ තෝල්ක මුදලි තැන උස් හඬින් කෑ ගසා කීවේය. ‘‘අනේ හාමුදුරුවනේ මගේ අසරණ දරු පැටව් පස්දෙනා බඩගින්නෙ මැරිලා යාවි. ලෙඩ පැදුරෙ ඉන්න මගේ අසරණ ගෑනි...’’ සැකකරුට කියන්නට ලැබුණේ එපමණකි. බන්ධනාගාර නිලධාරියෙක් පැමිණ ඔහුගේ බොටුවෙන් අල්ලා ඔහුව තල්ලූ කරගෙන ගොස් අධිකරණයේ තිබූ සිර මැදිරියේ ගාල් කළේය. අධිකරණයේ සිටි කිසිම කෙනකුගේ අනුකම්පාව අසරණයා වෙත යොමු නොවීය. එහෙත් එදිනට පෙරදින භාරතයේ අග විනිසුරු අභිමුඛයේ දිවුරුම්දී එදින එම අධිකරණයේ සේවය සඳහා පැමිණ සිටි තරුණ නවක නීතිඥයාගේ දැඩි අවධානය ඔහු වෙත යොමුව තිබෙන අයුරු කිසිවකු නොදුටු සෙයකි. නීතිඥයා පසුදිනම බන්ධනාගාරය වෙත ගොස් එම සැකකරු මුණගැසුණේය. ‘‘මම කැමැතියි තමා වෙනුවෙන් නොමිලේ පෙනී සිටින්න.’’ ඔහු කියත්ම අසරණයා ඔහුට කෘතඥ පූර්වක බැල්මකින් සංග්‍රහ කොට බිම බලාගත්තේය.’’ නීතිඥයා ඔහුට උපදෙස් රැුසක් දුන්නේය. ඒවා තරයේම පිළිපදින ලෙසට ඔහුට දැඩිව අවධාරණය කළේය. විනිසුරු හමුවේ තම අසරණභාවය හා දුප්පත්කම හැකිතාක් දුරට ප්‍රදර්ශනය කරන ලෙසට කීවේය. හේ බයාදු ලෙස හිස සලමින් එකඟතාව පළ කළේය. ඊළඟ නඩු දිනය එළැඹියේය. තෝල්ක මුදලි තැන උස් හඬින් කෑ ගසා සැකකරුගේ නම කීවේය. බන්ධනාගාර නිලධාරියෙක් අධිකරණ සිර මැදිරියේ යකඩ දොර විවෘත කර සැකකරු එළියට ගෙන හේ විත්ති කූඩුවට නැංවීය. ‘‘මෙම සැකකරු වෙනුවෙන් මම නොමිලේ පෙනී සිටිනවා ස්වාමීනි’’ යටකී තරුණ නවක නීතිඥයා හුනස්නෙන් නැඟිට විනිසුරුට හිස නමා ආචාර කොට එසේ කියද්දී අධිකරණයේ අසුන්ගෙන සිටි සියලූම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඔහු දෙස බලමින් සිනාසුනහ. ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගන්නවා පෙනිණි. සමහර නීතිඥවරු තමා අසල අසුන්ගෙන සිටි සිය වෘත්තීය සගයන්ගේ කනට ලංවී මොනවාදෝ කියනවා පෙනිණි. නඩු විභාගය ඇරැුඹිණි. සාක්ෂි දීම සඳහා මුලින්ම කැඳවන ලද්දේ අදාළ පැමිණිල්ල කළ එම දේවාලයේ පූසාරි තැනය. ‘‘මම එදා දේවාලයේ දෛනික කටයුතු අවසන් කරලා රාත්‍රි දහයට විතර දේවාලයේ දොරවල් වහලා රාත්‍රි ආහාරය සඳහා ගෙදර ගියා ස්වාමීනි. පැය භාගයකදී විතර මම ආපහු ආවා. දේවාලයේ ප්‍රධාන දොර ඇරදාලා තිබුණා මම ඈත තියාම දැක්කා. මේ සැකකරු දේවාලයේ ඇතුළේ ඉඳල එළියට එනවා මා දැක්කා. මා දුටු ඔහු පැන දිව්වා. මා දේවාලයේ ඇතුළට ගිහින් හැම තැනම පරීක්ෂා කළා. දේව මාතාවගේ ගෙල පලන්දා තිබූ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලය අතුරුදන්ව තිබුණා. මම ඒ වෙලාවෙම ගිහින් පොලිසියට පැමිණිලි කළා ස්වාමීනි’’ පූසාරි තැන එසේ කියා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි තරුණ නවක නීතිඥයා නැගී සිටියේය. එවිටද අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඔහුට සිනාසුනහ. ඔවුනොවුන්ගේ කන්වලට ළංවී යම් යම් උපහාසාත්මක වදන් කෙඳිරූහ. නීතිඥයා - තමා පූසාරි හැටියට මේ දේවාලයේ වැඩ භාරගත්තේ කොයි කාලයේද? පූසාරි - මීට අවුරුදු තිස් පහකට විතර ඉහතදී ස්වාමීනි නීතිඥයා - තමන්ගේ දේවාලයේ වැඩ වසන විවිධ ප්රාතිහාර්යයන් පානා බවට රටේම ප්‍රසිද්ධ සර්වබලධාරී යැයි කියන ඔය දේව මෑණියන්ගේ පිහිට පතා ඈත පළාත් වලින් පවා බැතිමතුන් එනවාද? පූසාරි - එහෙමයි ස්වාමීනි නීතිඥයා - එසේ පැමිණෙන බැතිමතුන් දේව මෑණියන්ගෙන් යම් යම් ඉල්ලීම් කරමින් නොයෙකුත් භාණ්ඩ දේව මෑණියන් හට පූජා කිරීමට පොරොන්දු වෙනවාද? පූසාරි - එහෙමයි ස්වාමීනි. නීතිඥයා - තමාගේ දේව මෑණියෝ එම ඉල්ලීම් ඉෂ්ට කර දෙනවාද? පූසාරි - එහෙමයි ස්වාමීනි නීතිඥයා - එවිට ප්‍රීතියට පත්වෙන බැතිමතුන් තම තමන් පොරොන්දු වූ පූජා භාණ්ඩ ගෙනවිත් දේව මෑණියන්ට පූජා කරනවාද? පූසාරි - එහෙමයි ස්වාමීනි. අතුරුදන්වූ එම දියමන්ති මාලයත් එසේ පූජා කළ එකක් ස්වාමීනි. නීතිඥයා - කවුද ඒ දියමන්ති මාලය පූජා කළේ? පූසාරි - මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ස්වාමීනි. නීතිඥයා - කුමක්ද ඔහු දේව මෑණියන්ගෙන් කළ ඉල්ලීම? පූසාරි - එම කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳට දරුවන් නෑ ස්වාමීනි. ඔවුන් විවාහ වෙලා අවුරුදු දහයයි. ඒත් දරුවන් නෑ. දේව මෑණියන් දස මසකදී ඇයට දරුවෙක් ලබාදුන්නා ස්වාමීනි. නීතිඥයා - කෙසේද තමන්ගේ දේව මෑණියන් එය කළේ? පූසාරි - දේව මෑණියෝ එම කාන්තාවට තමන් සමීපයට කථා කළා. ඇගේ කුස සුරතින් තෙවරක් පිරිමැද තම දෑත් අහසට ඔසවා මේ කාන්තාවට දරු සම්පත් පහල වේවා කියා මහ හඬින් ප්‍රාර්ථනා කළා. එම ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. නීතිඥ - දේව මෑණියන් අන්ත දුගී අසරණ පුද්ගලයන් හට පිහිට වෙනවාද? පූසාරි - එතුමිය වැඩි වශයෙන් පිහිට වෙන්නේ එවන් දුගී දුප්පත් අයට තමයි ස්වාමීනි. නීතිඥයා - එවන් දුගී දුප්පත් අසරණයන්ගේ දුක් ගැනවිලි අසා දේව මාතාව කඳුළු වගුරමින් වැළපෙන අයුරු තමා දැක තියෙනවාද? පූසාරි - එහෙමයි ස්වාමීනි, එවන් අවස්ථා දහස් ගණනක් මා දැක තියෙනවා. නීතිඥයා - තමාගේ සර්වබලධාරී දේව මෑණියන් විශ්මිත ප්රාතිහාර්යයන් පානා බවට මුළු භාරතය පුරා ප්‍රසිද්ධයි. පූසාරි - එහෙමයි ස්වාමීනි. නීතිඥයා - එම ප්රාතිහාර්යයන් තමා තම දෙනෙතින් දැකලා තම දෙකන් වලින්ම ශ්‍රවණය කරලා තියෙනවාද? පූසාරි - එවන් ප්රාතිහාර්යයන් දහස් ගණන් මා දැක අසා තියෙනවා ස්වාමීනි. නීතිඥයා - තමා අවසන් වරට දුටු දේව මෑණියන්ගේ ප්රාතිහාර්යය කුමක්ද? පූසාරි - ඉවසිය නොහැකි දරුණු හිසරදයකින් පෙළෙන කුඩා දැරියක් මහ හඬින් විලාප නගමින් දේවාලයට දිවගෙන ආවා. දේව මෑණියන් අනෙකුත් බැතිමතුන් පසෙකට කර ඇය තමන් වෙතට කැඳවා ඇගේ හිස තම සුරතින් පිරිමැද්දා. වසර ගණනාවක් තිස්සේ මුළු රටේම ඉන්න ඉහළම වෛi විශේෂඥයන්ගෙන් පවා ප්‍රතිකාර ගෙන සුව නොවූ ඇගේ එම දරුණු හිසරදය ක්ෂණයෙන් සුවවුණා ස්වාමීනි. පූසාරි තැනගේ සාක්ෂි දීම එතැනින් අවසන් විය. ඉන් අනතුරුව සැකකරු ඇමතූ විනිසුරු ඔහුගෙන් නිදහසට කරුණු විමසුවේය. ඔහු කඳුළු සලමින් සිය දුක්බර කථාව ඇරැුඹුවේය. ‘‘ස්වාමීනි, මම අන්ත අසරණ දුගියෙක්. රෝගියෙක්. මට හරිහමන් රස්සාවක් නෑ. වැඩක් පලක් කරන්න ශක්තියක් නෑ. මට දරුවො පස්දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනාම පාසල් යන වයසෙ. ඇඳුම් පැලඳුම් පොත්පත් නැති නිසා පාසල් යවන්න විධියක් නෑ. අපට ගෙයක් නෑ. ආණ්ඩුවෙ ඉඩමක අනවසරයෙන් අටවාගත් පැල්පතකයි අපි ජීවත් වෙන්නෙ. කොයි මොහොතේ අපිව එලවා දාවිද කියන්න බෑ. මගේ බිරිඳට අංශභාගෙ. පැදුරු කබලක වැතිරිලයි ඉන්නෙ. අපි හත්දෙනා දවස් ගණන් බඩගින්නෙ ඉන්නවා. මට ඒ දවස හොඳට මතකයි. දරුවො පස්දෙනාම බඩගින්නෙ අඬනවා. මට බලාගෙන ඉන්න බෑ. පියෙක් හැටියට මම කොහොම ඉවසන්නද ස්වාමීනි. මම ඒ වේදනාව කොහොම හරි ඉවසාගෙන හිටියා ස්වාමීනි. මොන තරම් නැති බැරිකම් තිබුණත් මම කවදාවත්ම සොරකම් නම් කරලා නෑ ස්වාමීනි. මම දේව මෑණියන්ට මගේ දුක කියන්න හිතාගෙන දේවාලයට ගියා. දේවාලයේ දොර වසා තිබුණා. මම දේවාලය ඉදිරිපිට දණින් වැටීගෙන දේව මෑණියන්ට මගේ දුක කීවා. දේවාලයේ දොර ඉබේම ඇරුණා. දේව මෑණියන් මට ඇතුළට කතා කළා. මම ඇතුළට ගිහින් එතුමියගේ දෙපා ළඟ දනින් වැටී මගේ දුක කිව්වා. එතුමියගේ දෑස් වලින් කඳුළු කඩාවැටෙන හැටි මම දැක්කා. එතුමිය මාත් සමඟ වැළපුනා. කොපමණ අගහිඟකම් තිබුණත් මම සොරකම් නොකරන එක ගැන එතුමිය මට ප්‍රශංසා කළා ස්වාමීනි. ඒ උත්තමාවිය තමාගේ දෑතින් තම ගෙල බැඳි දියමන්ති මාලය ගලවා මට දුන්නා ස්වාමීනි. ඒක විකුණලා සල්ලි අරගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන දරුවන්ට හොඳට කන්න අදින්න දීලා ඒ දරුවො පාසල් යවලා රටට වැඩදායි හොඳ පුරවැසියන් කරන්න කීවා. බිරිඳගේ අසනීපයත් එතුමිය සුව කරනවා කීවා. මට කීමට ඇත්තේ එපමණයි ස්වාමීනි මා සොරකමක් නම් කළේ නෑ නෑමයි ස්වාමීනි’’ සැකකරු එසේ තම නිදහසට කරුණු කියා සිටියේය. නවක නීතිඥයා යළි නැගී සිටියේය. ‘‘ස්වාමීනි, අසරණයන්ගේ දුක අසා මේ සර්වබලධාරි දේව මෑණියන්ගේ හිත උණුවෙනවා. එතුමිය විශ්මයජනක ප්රාතිහාර්යයන් පානා බව වසර තිස්පහක් තිස්සේ මෙම දේවාලයේ සේවය කරන පූසාරි තැන සහතික කර කියා සිටියා. මේ අන්ත අසරණ දුගියාගේ දුක අසා එතුමියගේ හිත උණුවුණා ස්වාමීනි. එතුමිය මොහුත් සමඟ වැළපුණා. එතුමිය තමන්ට කිසිම පලක් ප්‍රයෝජනයක් නැති තම දියමන්ති මාලය ගලවා මේ දුගියාට දන් දුන්නා ස්වාමීනි. මොහු එතුමිය තමන්ට දන් දුන් මාලය භාරගත්තා මිස සොරකම් කළේ නෑ ස්වාමීනි.’’ නීතිඥයා තම සේවා දායකයා වෙනුවෙන් එසේ කරුණු දැක්වීය. විනිසුරු සාක්ෂි කූඩුවේ සිටි පූසාරි තැන ඇමතුවේය. ‘‘මෙම සැකකරු කියන කථාව තමා පිළිගන්නවාද? නැත්නම් ඔහු තමාගේ දේව මෑණියන්ගේ දියමන්ති මාලය සොරකම් කරලාද?’’ පූසාරි තැන බිම බලාගෙන නිහඬව සිටියේය. ‘‘තමා මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවාද නැත්නම් අසත්‍ය සාක්ෂිදීමේ චෝදනාව මත තමාට සිරදඬුවමක් නියම කරන්නද?’’ විනිසුරු උස් හඬින් ඇසීය. ‘‘ස්වාමීනි සැකකරු කී කතාව සම්පූර්ණ සත්‍යයක් ලෙස මම පිළිගන්නවා.’’ බියට පත් පූසාරි තැන පහත් හඬින් කීවේය. ‘‘මෙම අධිකරණය මෙම සැකකරු නිදහස් කරනවා. එසේම මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති ඒ දියමන්ති මාලය එහි වත්මන් අයිතිකරු වන මෙම සැකකරුට භාරදෙන ලෙසටද මම නියෝග කරනවා.’’ විනිසුරු තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. නොබෝදා දිවුරුම් දුන් ඒ නවක නීතිඥයාට උපහාසාත්මකව සිනාසුනු ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ට කටඋත්තර නැති වූ සෙයකි. බරපතළ සොරකමක් පිළිබඳ චෝදනාවෙන් නිදහස පමණක් නොව එසේ සොරකම් කරන ලද කෝටි දෙකහමාරක් වටිනා දියමන්ති මාලයද ලද සැකකරු තමාට එම වාසනාව හිමිකර දුන් එම නීතිඥයාට දණ ගසා වැඳ අධිකරණයෙන් නික්ම ගියේය. ඒ තමා ලද එම අගනා වස්තුවද දෑතින් පපුවට තුරුලූ කරගෙනය. [COLOR="DarkOrchid"]කේ. ඩබ්ලිව්. ගුණවර්ධන[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom