Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
නියුමෝනියා රෝග ලක්ෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියුමෝනියාවේ දී පෙනහළු වල ගර්ත තරලයකින් පිරෙයි. මෙමගින් රුධිරයෙන් පරිවහනය වන ඔක්සිජන් වලට බාධකයක් සලසයි. වම් පසින් පිහිටි ගර්තය නිරෝගි එකක් වන අතර දකුණු පස පිහිටි ගර්තය නියුමෝනියාවේ දී මෙන් තරලයකින් පිරී පවතී.

ආසාදිත නියුමෝනියා රෝගයෙන් බොහෝ අවස්ථාවලදී කොළ හෝ කහ පැහැති සෙම උත්පාදනය කරන කැස්සකින් සහ ඇග සීතල කර වෙවිළීමක් ඇති කරන අධික උණකින් පීඩා විදිති. හුස්ම ගැනීමේ අපහසුතාවද බහුලව දක්නට ඇති අතර හුස්ම ඉහළ පහළ ගැනීමේදී සහ කහින විට පපුවෙහි ඇති වන, පිහියකින් අනින්නාක් මෙන් දැනෙන තදබල පපුවෙහි වේදනාවද ඉන් එක් රෝග ලක්ෂණයක් වේ. ඇතැම් රෝගීන්ගේ කැස්ස සමග ලේ පිටවන අතර හිසරදය අධික ලෙස දහඩිය දැමීම සහ සම සිසිල්වීම ද ඇතිවේ. අනෙකුත් රෝග ලක්ෂණ නම් කෑම අරුචිය ඇග පත වේදනාව සම නිල් පැහැවීම, වමනය, ඔක්කාරය, හන්දිපත් හා මස්පිඩු වේදනාව සහ මානසික තත්ත්වයේ ඇතිවන වෙනස් වීම් ද දක්නට ඇත. වඩාත් සුලබව දක්නට නොලැබෙන නියුමෝනියා වර්ගවල උදා - ලීජනෙල්ලා (Legion Ella)නියුමෝනියාවේදී බඩෙහි කැක්කුම , පාචනය, ඇති වන අතර ක්ෂය රෝගයේ දී ඇතිවන නියුමෝනියා තත්ත්වයේ දී (Tuberculosis Pneumonia) සහ නියුමෝසිස්ටිස් (Pneumocystis) නියුමෝනියාවේදී කෙට්ටුවීම සහ රාත්රියේදී අධිකව දහඩිය දැමීමද ඇතිවේ. බොහෝ වයස් ගත පුද්ගලයින්ගේ නියුමෝනියා රෝග ලක්ෂණ දර්ශීය ආකාරයෙන් වෙනස්වේ. ඔවුන්ගේ සිහිකල්පනාවේ වෙනස්වීම් ඇතිවිය හැකි අතර සිරුරෙහි සමබරතාවය නොමැති වීමෙන් වැටීම් වලටද ලක්විය හැකිය. ළදරුවන්ට ඇතිවන නියුමෝනියාවේ දී ඉහතින් සදහන් කරන ලද රෝග ලක්ෂණ බොහොමයක් දක්නට ඇතත් බොහෝ අවස්ථාවලදී ඔවුන් අධික නිදිමත ගතියකින් සහ කෑම රුචිය අඩුවීමකින් පිඩා විදිති.

නියුමෝනියා රෝග ලක්ෂණ ඇති විට වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. වෛද්‍ය වරයෙකු මගින් රෝගියෙකු පරීක්ෂා කිරීමේදී උණ ඇති බව හෝ ඇතැම් අවස්ථාවලදී සිරුරේ උෂ්ණත්වය අඩුවීම, ශ්වසනවේගය වැඩිවීම, රුධිර පීඩනය අඩුවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, රුධිරයෙහි ඔක්සිජන් සංතෘප්තතාව අඩුවීම, ඇති බව නිරීක්ෂණය කිරීම මගින් නියුමෝනියාව ඇති බවට නිගමනයකට එළඹේ. අධික ලෙස හුස්ම ගැනීමට අපහසුතාවය ඇති, සිහිවිකල් වු, සම නිල්පැහැ ගැන්වුනු රෝගීන්ට වහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

සිරුර පරීක්ෂාකර බැලීමේදී පෙනහළු වල තත්ත්වය ඇතැම් විට සාමාන්‍යය නිරෝගී තත්ත්වයක පැවතිය හැකිය. නමුත් ඇතැම් අවස්ථා වලදී උරස් කුහරයෙහි බලපෑමට ලක්වු පෙනහැල්ල ඇති කොටසෙහි හුස්ම ගැනීමේදී ඇති වන පිම්බීම අඩුවීම සහ වෙද නලාවක් මගින් ශ්‍රවණය කිරීමේදී හුස්ම ගැනීමේ රටාවෙහි ඇති වන වෙනස්වීම් (Bronchial Breathing) දක්නට හැක. බලපෑමට ලක්වු පෙනහල්ල පිහිටා ඇති උරස් කුහරයේ කොටස වෙත ඇගිල්ලෙන් තට්ටු කිරීමේ දී අතට දැනෙන කම්පනය මෙහිදී වැඩි වන අතර ස්වර පරාසයෙහි (Vocal Resonance) වැඩිවීමක් ද සංවේදනය වේ. ඉහත සදහන් කරන ලද ලක්ෂණයන් නියුමෝනියාව නිෂ්චිත වශයෙන් නිර්ණය කිරීමට ප්‍රමාණවත් නොවන අතර නොයෙකුත් සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇති අන්දමට වෛද්‍යවරු දෙදෙනකු විසින් එකම රෝගීයා පරීක්ෂා කිරීමේ දී පවා එකිනෙකට වෙනස් වු නිර්ණයන් වෙත පැමිණේ.

ප්‍රතිකාර ක්‍රම

බහුතරයක් වු නියුමෝනියා රෝගීන් හට රෝහල් ගත කිරීමකින් තොරව ප්‍රතිකාර ලබාදිය හැක. මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ප්‍රතිජීවක වර්ග, විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කිරීම ඇතුළු නිවසේදී ලබාදෙන සත්කාර මගින් පමණක් පුර්ණ සුවය ලබාගත හැකිය. කෙසේ වුවත් හුස්ම ගැනීමේ අපහසුතා ඇති, වයස්ගත, වෙනත් නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයෙකුට නියුමෝනියාව වැලඳුනු අවස්ථා වලදී ඉහත කී මට්ටමින් ඔබ්බට ගිය ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වේ. රෝග ලක්ෂණ වඩාත් දරුණු අතට පත්වේ නම්, නිවසේ දී ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වලට රෝගියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් සහ සංකූලතාවයන් ඇති වන්නේ නම් රෝගියා බොහෝ අවස්ථා වලදී රෝහල් ගත කල යුතුය.

බැක්ටීරියාවන් මගින් ඇති වන නියුමෝනියාව සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතුය. වෛරස මගින් ඇති වන නියුමෝනියාව සඳහා ප්‍රතිජීවක වර්ග භාවිතා නොකළද වෛරස මගින් විනාශයට පත්වු පෙනහළු වල ද්විතීකව බැක්ටීරියා මගින් වන ආසාදන වළක්වා ගැනීම සඳහා ප්‍රතිජීවක වර්ග යොදා ගැනේ. රෝගියා සදහා සුදුසු ප්‍රතිජීවක වර්ගය තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් සැලකිල්ලට ගැනෙයි. ඒවානම්, නියුමොනියාවේ වර්ගය , නියුමෝනියාව ඇති කිරීමට තුඩුදුන් ක්ෂුද්‍ර ජීවී විශේෂය සහ අදාල රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යන කරුණුය. නියුමෝනියාව සදහා ප්‍රතිකාර කිරීමේදී ඒ සදහා තුඩුදුන් ක්ෂුද්‍ර ජීවි විශේෂය සහ එහි ප්‍රතිජීවක කෙරෙහි සංවේදීතාවය සැළකිල්ලට ගත යුතු වේ. කෙසේ වුවද පුළුල් අධ්‍යයනයන් අවසානයේදී පවා නියුමෝනියාව ඇති කිරීම සදහා විශේෂිත වු හේතුවක් සොයාගෙන ඇත්තේ සියයට 50 ක් වු පුද්ගලයන්ගේ පමණි. නියුමෝනියාව වඩාත් දරුණු තත්ත්වයට පත් වු පුද්ගලයන් හට ප්‍රතිකාර කිරීම ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතු අතර එහිදී රසායනාගාර වාර්තාවලට ප්‍රථම වෛද්‍ය වරයා විසින් අනුමාන කොට ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ බහුල වශයෙන් ලබාදෙන ප්‍රතිජීවක වර්ගය ඇමොක්සිලීන් වන අතර ඇතැම් අවස්ථා වලදී ක්ලැරිත් රෝමයිසීන් නම් ප්රතිජීවකයද මේ සඳහා එකතු කරනු ලැබේ. පෙනිසිලීන් සඳහා ආසාත්මිකතාවක් දක්වන රෝගීන්ට ඇමොක්සිලීන් වෙනුවට එරිත්‍රෝමයිසීන් නම් ප්‍රතිජීවකය ලබාදේ. උතුරු ඇමරිකාවේ දර්ශීය නොවන (Atypical) නියුමෝනියාව වඩාත් බහුල වෙමින් පවතින අතර ඒ සදහා ඇමොක්සිලීන් වෙනුවට ප්‍රථම පෙල ප්‍රතිකාර ක්‍රම වශයෙන් ඇසිත්‍රෝමයිසීන්, ක්ලැරිත් රෝමයිසීන් සහ ෆ්ලුරෝක්විනලෝන් යන ප්‍රතිජීවක ඖෂධ භාවිතයට ගැනේ. සාමාන්‍යයෙන් ප්‍රතිකාර ලබාදිය යුතු කාලසීමාව දින 7 සිට 10 දක්වා යයි සම්මත වුවද දින තුනක් වැනි කෙටි කාලයක් තුළ ලබාදෙන ප්‍රතිකාර ක්‍රම රෝගය සුව වීම සඳහා ප්‍රමාණවත් බවට සාක්ෂි ඇත.

රෝහල් ආශ්‍රිතව ආසාදනය වන නියුමෝනියාව සඳහා වැන්කෝමයිසීන්, තුන්වන සහ හතරවන පරම්පරා වලට අයත් සෙෆලොස්පොරීන්, කාබපෙනම්, ෆ්ලුරෝක්විනලෝන් සහ ඇමයිනෝ ග්ලයිකෝසයිඩ් යන ප්‍රතිජීවක වර්ග භාවිතයට ගැනේ. මෙම ප්‍රතිජීවක වර්ග සාමාන්‍යයෙන් ශිරාගත කරනු ලැබේ. බොහෝ අවස්ථා වලදී නියුමෝනියාව ඇති කිරීමට සම්භාවිතාවයක් ඇති සියළුම ක්ෂුද්‍ර ජීවීන් වර්ග එකවර විනාශ කිරීම සදහා ප්‍රතිජීවක වර්ග කිහිපයක් එකම අවස්ථාවකදී ලබාදේ. එක් රෝහලකින් තවත් රෝහලක් මෙම ප්‍රතිජීවක ඖෂධ තෝරා ගැනීමේ රටාව අනුව වෙනස්වෙයි. එසේ වන්නේ අදාල රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් වන අතර ඔවුන්ගේ ප්‍රතිජීවක කෙරෙහි දක්වන ප්රතිරෝධිතාවද විවිධ වන බැවිනි.

නියුමෝනියාව නිසා හුස්ම ගැනීමට අපහසු වන රෝගීන්ට බාහිරව ඔක්සිජන් ලබාදීම අත්‍යවශ්‍ය වේ. අධිකව රෝගී වූ අය සඳහා දැඩිසත්කාර ඒකකයක් තුළ කෘතිම ශ්වසනය ලබාදිය යුතුය.

Influenza A වෛරසය මගින් ආසාදනය වු නියුමෝනියා රෝගීන් රීමැන්ටඩීන් හෝ ඇමැන්ටඩීන් යන ඖෂධ මගින් ද Influenza A හෝ Influenza B නියුමෝනියා රෝගීන් Oseltamivir සහ Zanamivir යන ඖෂධ මගින් ද ප්‍රතිකාර කළ හැක. මෙම ප්‍රතිකාර ක්‍රම වාසිදායක වනුයේ රෝග ලක්ෂණ මතුවී පැය 48 ක් තුළ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කලහොත් පමණි. කුරුළු උණ ඇති කරන H5N1 Influenza ප්‍රභේදය රීමැන්ටඩීන් සහ ඇමැන්ටඩීන් යන ඖෂධ සඳහා ප්‍රතිරෝධි වේ. SARS කොරෝනා වෛරසය, ඇඩිනෝවෛරස, හන්ටාවෛරස හෝ පැරාඉන්ෆ්ලුවෙන්සා වෛරස මගින් ඇති කරන නියුමෝනියාව සඳහා ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් හඳුනාගෙන නොමැත.

නියුමෝනියා රෝගය වළක්වා ගැනීම

ආසාදිත නියුමෝනියා වළක්වා ගැනීම සදහා ක්‍රම කිහිපයක් වේ. නියුමෝනියාව ඇතිවීම සදහා අවධානමක් සහිත රෝග ඇති පුද්ගලයින් සදහා නිසි පරිදි ප්‍රතිකාර ලබාදීම මගින් ඔවුනට නියුමෝනියාව ඇති වීම වළක්වාගත හැකිය. (උදා - ඒඩ්ස් රෝගීන්) දුම්පානයෙන් වැළකීම වැදගත් වනුයේ එමගින් පෙනහළු වලට වන හානිය අවමකරගත හැකි බැවිනි. මීට අමතරව සිගරට් දුම මගින් නියුමෝනියාවට එරෙහිව සිරුරෙහි ඇති ස්වභාවික ආරක්ෂක යාන්ත්රණයට ද බාධා ඇතිවේ.

සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇති අන්දමට අලුත උපන් බිළිදුන්හට නියුමෝනියාව ඇතිවීම වළක්වාගැනීමට විවිධ ක්‍රම ඇත. ගර්භණී මවුවරුන් තුළ Group B Streptococcus සහ Chlamydia trachoma is යන ක්ෂුද්‍ර ජීවි ඇති බවට පරීක්ෂා කොට අදාල ප්‍රතිජීවක වර්ග දරු ප්‍රසූතියට ප්‍රථම ලබාදීම මගින් බිළිදුන් තුළ නියුමෝනියාව ඇති වීම අවම කරගත හැකිය. ප්‍රසුති අවස්ථාවේදී දරුවාගේ මුඛය තුළ ඇති අපද්‍රව්‍යයන් චුෂණය කොට ඉවත් කිරීම මගින් ද නියුමෝනියාව වළක්වා ගත හැකිය.

කුඩා ළමුන්ගේ සහ වැඩිහිටියන් තුළ නියුමෝනියාව වළක්වා ගැනීම සදහා එන්නත් භාවිතා කිරීම වැදගත් ස්ථානයක් ගනී. ඉපදී මුල් වසර තුළ Homophiles influenza සහ Streptococcus pneumonia යන ක්ෂ්‍රද්‍ර ජීවීන්ට එරෙහිව එන්නත් ලබාදීම මගින් ඒ හා අදාල නියුමෝනියාව වළක්වා ගත හැකිය. කුඩා ළමුන්ට Streptococcus pneumonia සදහා එන්නත් ලබාදීම මගින් වැඩිහිටියන් වෙතද රෝගය ආසාදනය වීම අවම කර ගත හැකි වන්නේ වැඩිහිටියන්ට රෝගය බෝවනුයේ කුඩා ළමුන්ගෙන් වන බැවිනි. වැඩිහිටියන් සදහා ද Streptococcus pneumonia සදහා එන්නතක් පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 65 ට වැඩි සියලුම නිරෝගී පුද්ගලයන් සදහා, ශ්වසන පද්ධතියේ රෝග ඇති වැඩිහිටියන් සදහා, හෘද රෝග සහිත, දියවැඩියාව සහිත , සිරෝසීස් රෝගයෙන් පීඩා විදින සහ ශල්‍ය කර්ම මගින් ප්ලීහාව ඉවත් කරන ලද රෝගීන් සදහා මෙම එන්නත නිර්දේශ කෙරේ. වසර 5 කට හෝ 10 කට පසු නැවත ප්‍රතිශක්ති කරණය ලබාගැනීමද අත්‍යවශ්‍ය වේ.

Streptococcus pneumonia එන්නත ලබාදෙන සියලුම රෝගීන් හට වාර්ෂිකව influenza එන්නත ද ලබාදිය යුතුය. මීට අමතරව සෞඛ්‍ය වෘත්තිකයන්, අදාල රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නිවැසියන් සහ ගර්භණී මවුවරුන් ඉහත කී එන්නත ලබාගත යුතුය. Influenza වසංගත රෝග තත්ත්වයක් පවතින අවස්ථා වලදී ඇමැන්ටඩීන්, රිමැන්ටඩීන්, Zanamivir සහ Oseltamivar යන ඖෂධ රෝගය වළක්වා ගැනීමට උපකාරීවේ.

[QUOTE="leeroxxroxx, post: 26364463, member: 419938"] [JUSTIFY]නියුමෝනියාවේ දී පෙනහළු වල ගර්ත තරලයකින් පිරෙයි. මෙමගින් රුධිරයෙන් පරිවහනය වන ඔක්සිජන් වලට බාධකයක් සලසයි. වම් පසින් පිහිටි ගර්තය නිරෝගි එකක් වන අතර දකුණු පස පිහිටි ගර්තය නියුමෝනියාවේ දී මෙන් තරලයකින් පිරී පවතී. ආසාදිත නියුමෝනියා රෝගයෙන් බොහෝ අවස්ථාවලදී කොළ හෝ කහ පැහැති සෙම උත්පාදනය කරන කැස්සකින් සහ ඇග සීතල කර වෙවිළීමක් ඇති කරන අධික උණකින් පීඩා විදිති. හුස්ම ගැනීමේ අපහසුතාවද බහුලව දක්නට ඇති අතර හුස්ම ඉහළ පහළ ගැනීමේදී සහ කහින විට පපුවෙහි ඇති වන, පිහියකින් අනින්නාක් මෙන් දැනෙන තදබල පපුවෙහි වේදනාවද ඉන් එක් රෝග ලක්ෂණයක් වේ. ඇතැම් රෝගීන්ගේ කැස්ස සමග ලේ පිටවන අතර හිසරදය අධික ලෙස දහඩිය දැමීම සහ සම සිසිල්වීම ද ඇතිවේ. අනෙකුත් රෝග ලක්ෂණ නම් කෑම අරුචිය ඇග පත වේදනාව සම නිල් පැහැවීම, වමනය, ඔක්කාරය, හන්දිපත් හා මස්පිඩු වේදනාව සහ මානසික තත්ත්වයේ ඇතිවන වෙනස් වීම් ද දක්නට ඇත. වඩාත් සුලබව දක්නට නොලැබෙන නියුමෝනියා වර්ගවල උදා - ලීජනෙල්ලා (Legion Ella)නියුමෝනියාවේදී බඩෙහි කැක්කුම , පාචනය, ඇති වන අතර ක්ෂය රෝගයේ දී ඇතිවන නියුමෝනියා තත්ත්වයේ දී (Tuberculosis Pneumonia) සහ නියුමෝසිස්ටිස් (Pneumocystis) නියුමෝනියාවේදී කෙට්ටුවීම සහ රාත්රියේදී අධිකව දහඩිය දැමීමද ඇතිවේ. බොහෝ වයස් ගත පුද්ගලයින්ගේ නියුමෝනියා රෝග ලක්ෂණ දර්ශීය ආකාරයෙන් වෙනස්වේ. ඔවුන්ගේ සිහිකල්පනාවේ වෙනස්වීම් ඇතිවිය හැකි අතර සිරුරෙහි සමබරතාවය නොමැති වීමෙන් වැටීම් වලටද ලක්විය හැකිය. ළදරුවන්ට ඇතිවන නියුමෝනියාවේ දී ඉහතින් සදහන් කරන ලද රෝග ලක්ෂණ බොහොමයක් දක්නට ඇතත් බොහෝ අවස්ථාවලදී ඔවුන් අධික නිදිමත ගතියකින් සහ කෑම රුචිය අඩුවීමකින් පිඩා විදිති. නියුමෝනියා රෝග ලක්ෂණ ඇති විට වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. වෛද්‍ය වරයෙකු මගින් රෝගියෙකු පරීක්ෂා කිරීමේදී උණ ඇති බව හෝ ඇතැම් අවස්ථාවලදී සිරුරේ උෂ්ණත්වය අඩුවීම, ශ්වසනවේගය වැඩිවීම, රුධිර පීඩනය අඩුවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, රුධිරයෙහි ඔක්සිජන් සංතෘප්තතාව අඩුවීම, ඇති බව නිරීක්ෂණය කිරීම මගින් නියුමෝනියාව ඇති බවට නිගමනයකට එළඹේ. අධික ලෙස හුස්ම ගැනීමට අපහසුතාවය ඇති, සිහිවිකල් වු, සම නිල්පැහැ ගැන්වුනු රෝගීන්ට වහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. සිරුර පරීක්ෂාකර බැලීමේදී පෙනහළු වල තත්ත්වය ඇතැම් විට සාමාන්‍යය නිරෝගී තත්ත්වයක පැවතිය හැකිය. නමුත් ඇතැම් අවස්ථා වලදී උරස් කුහරයෙහි බලපෑමට ලක්වු පෙනහැල්ල ඇති කොටසෙහි හුස්ම ගැනීමේදී ඇති වන පිම්බීම අඩුවීම සහ වෙද නලාවක් මගින් ශ්‍රවණය කිරීමේදී හුස්ම ගැනීමේ රටාවෙහි ඇති වන වෙනස්වීම් (Bronchial Breathing) දක්නට හැක. බලපෑමට ලක්වු පෙනහල්ල පිහිටා ඇති උරස් කුහරයේ කොටස වෙත ඇගිල්ලෙන් තට්ටු කිරීමේ දී අතට දැනෙන කම්පනය මෙහිදී වැඩි වන අතර ස්වර පරාසයෙහි (Vocal Resonance) වැඩිවීමක් ද සංවේදනය වේ. ඉහත සදහන් කරන ලද ලක්ෂණයන් නියුමෝනියාව නිෂ්චිත වශයෙන් නිර්ණය කිරීමට ප්‍රමාණවත් නොවන අතර නොයෙකුත් සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇති අන්දමට වෛද්‍යවරු දෙදෙනකු විසින් එකම රෝගීයා පරීක්ෂා කිරීමේ දී පවා එකිනෙකට වෙනස් වු නිර්ණයන් වෙත පැමිණේ.[/JUSTIFY] [HEADING=1][JUSTIFY][JUSTIFY]ප්‍රතිකාර ක්‍රම[/JUSTIFY][/JUSTIFY][/HEADING] [JUSTIFY]බහුතරයක් වු නියුමෝනියා රෝගීන් හට රෝහල් ගත කිරීමකින් තොරව ප්‍රතිකාර ලබාදිය හැක. මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ප්‍රතිජීවක වර්ග, විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කිරීම ඇතුළු නිවසේදී ලබාදෙන සත්කාර මගින් පමණක් පුර්ණ සුවය ලබාගත හැකිය. කෙසේ වුවත් හුස්ම ගැනීමේ අපහසුතා ඇති, වයස්ගත, වෙනත් නොයෙකුත් රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයෙකුට නියුමෝනියාව වැලඳුනු අවස්ථා වලදී ඉහත කී මට්ටමින් ඔබ්බට ගිය ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වේ. රෝග ලක්ෂණ වඩාත් දරුණු අතට පත්වේ නම්, නිවසේ දී ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වලට රෝගියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් සහ සංකූලතාවයන් ඇති වන්නේ නම් රෝගියා බොහෝ අවස්ථා වලදී රෝහල් ගත කල යුතුය. බැක්ටීරියාවන් මගින් ඇති වන නියුමෝනියාව සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතුය. වෛරස මගින් ඇති වන නියුමෝනියාව සඳහා ප්‍රතිජීවක වර්ග භාවිතා නොකළද වෛරස මගින් විනාශයට පත්වු පෙනහළු වල ද්විතීකව බැක්ටීරියා මගින් වන ආසාදන වළක්වා ගැනීම සඳහා ප්‍රතිජීවක වර්ග යොදා ගැනේ. රෝගියා සදහා සුදුසු ප්‍රතිජීවක වර්ගය තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් සැලකිල්ලට ගැනෙයි. ඒවානම්, නියුමොනියාවේ වර්ගය , නියුමෝනියාව ඇති කිරීමට තුඩුදුන් ක්ෂුද්‍ර ජීවී විශේෂය සහ අදාල රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය යන කරුණුය. නියුමෝනියාව සදහා ප්‍රතිකාර කිරීමේදී ඒ සදහා තුඩුදුන් ක්ෂුද්‍ර ජීවි විශේෂය සහ එහි ප්‍රතිජීවක කෙරෙහි සංවේදීතාවය සැළකිල්ලට ගත යුතු වේ. කෙසේ වුවද පුළුල් අධ්‍යයනයන් අවසානයේදී පවා නියුමෝනියාව ඇති කිරීම සදහා විශේෂිත වු හේතුවක් සොයාගෙන ඇත්තේ සියයට 50 ක් වු පුද්ගලයන්ගේ පමණි. නියුමෝනියාව වඩාත් දරුණු තත්ත්වයට පත් වු පුද්ගලයන් හට ප්‍රතිකාර කිරීම ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතු අතර එහිදී රසායනාගාර වාර්තාවලට ප්‍රථම වෛද්‍ය වරයා විසින් අනුමාන කොට ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ බහුල වශයෙන් ලබාදෙන ප්‍රතිජීවක වර්ගය ඇමොක්සිලීන් වන අතර ඇතැම් අවස්ථා වලදී ක්ලැරිත් රෝමයිසීන් නම් ප්රතිජීවකයද මේ සඳහා එකතු කරනු ලැබේ. පෙනිසිලීන් සඳහා ආසාත්මිකතාවක් දක්වන රෝගීන්ට ඇමොක්සිලීන් වෙනුවට එරිත්‍රෝමයිසීන් නම් ප්‍රතිජීවකය ලබාදේ. උතුරු ඇමරිකාවේ දර්ශීය නොවන (Atypical) නියුමෝනියාව වඩාත් බහුල වෙමින් පවතින අතර ඒ සදහා ඇමොක්සිලීන් වෙනුවට ප්‍රථම පෙල ප්‍රතිකාර ක්‍රම වශයෙන් ඇසිත්‍රෝමයිසීන්, ක්ලැරිත් රෝමයිසීන් සහ ෆ්ලුරෝක්විනලෝන් යන ප්‍රතිජීවක ඖෂධ භාවිතයට ගැනේ. සාමාන්‍යයෙන් ප්‍රතිකාර ලබාදිය යුතු කාලසීමාව දින 7 සිට 10 දක්වා යයි සම්මත වුවද දින තුනක් වැනි කෙටි කාලයක් තුළ ලබාදෙන ප්‍රතිකාර ක්‍රම රෝගය සුව වීම සඳහා ප්‍රමාණවත් බවට සාක්ෂි ඇත. රෝහල් ආශ්‍රිතව ආසාදනය වන නියුමෝනියාව සඳහා වැන්කෝමයිසීන්, තුන්වන සහ හතරවන පරම්පරා වලට අයත් සෙෆලොස්පොරීන්, කාබපෙනම්, ෆ්ලුරෝක්විනලෝන් සහ ඇමයිනෝ ග්ලයිකෝසයිඩ් යන ප්‍රතිජීවක වර්ග භාවිතයට ගැනේ. මෙම ප්‍රතිජීවක වර්ග සාමාන්‍යයෙන් ශිරාගත කරනු ලැබේ. බොහෝ අවස්ථා වලදී නියුමෝනියාව ඇති කිරීමට සම්භාවිතාවයක් ඇති සියළුම ක්ෂුද්‍ර ජීවීන් වර්ග එකවර විනාශ කිරීම සදහා ප්‍රතිජීවක වර්ග කිහිපයක් එකම අවස්ථාවකදී ලබාදේ. එක් රෝහලකින් තවත් රෝහලක් මෙම ප්‍රතිජීවක ඖෂධ තෝරා ගැනීමේ රටාව අනුව වෙනස්වෙයි. එසේ වන්නේ අදාල රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් වන අතර ඔවුන්ගේ ප්‍රතිජීවක කෙරෙහි දක්වන ප්රතිරෝධිතාවද විවිධ වන බැවිනි. නියුමෝනියාව නිසා හුස්ම ගැනීමට අපහසු වන රෝගීන්ට බාහිරව ඔක්සිජන් ලබාදීම අත්‍යවශ්‍ය වේ. අධිකව රෝගී වූ අය සඳහා දැඩිසත්කාර ඒකකයක් තුළ කෘතිම ශ්වසනය ලබාදිය යුතුය. Influenza A වෛරසය මගින් ආසාදනය වු නියුමෝනියා රෝගීන් රීමැන්ටඩීන් හෝ ඇමැන්ටඩීන් යන ඖෂධ මගින් ද Influenza A හෝ Influenza B නියුමෝනියා රෝගීන් Oseltamivir සහ Zanamivir යන ඖෂධ මගින් ද ප්‍රතිකාර කළ හැක. මෙම ප්‍රතිකාර ක්‍රම වාසිදායක වනුයේ රෝග ලක්ෂණ මතුවී පැය 48 ක් තුළ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කලහොත් පමණි. කුරුළු උණ ඇති කරන H5N1 Influenza ප්‍රභේදය රීමැන්ටඩීන් සහ ඇමැන්ටඩීන් යන ඖෂධ සඳහා ප්‍රතිරෝධි වේ. SARS කොරෝනා වෛරසය, ඇඩිනෝවෛරස, හන්ටාවෛරස හෝ පැරාඉන්ෆ්ලුවෙන්සා වෛරස මගින් ඇති කරන නියුමෝනියාව සඳහා ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් හඳුනාගෙන නොමැත.[/JUSTIFY] [HEADING=1][JUSTIFY][JUSTIFY]නියුමෝනියා රෝගය වළක්වා ගැනීම[/JUSTIFY][/JUSTIFY][/HEADING] [JUSTIFY]ආසාදිත නියුමෝනියා වළක්වා ගැනීම සදහා ක්‍රම කිහිපයක් වේ. නියුමෝනියාව ඇතිවීම සදහා අවධානමක් සහිත රෝග ඇති පුද්ගලයින් සදහා නිසි පරිදි ප්‍රතිකාර ලබාදීම මගින් ඔවුනට නියුමෝනියාව ඇති වීම වළක්වාගත හැකිය. (උදා - ඒඩ්ස් රෝගීන්) දුම්පානයෙන් වැළකීම වැදගත් වනුයේ එමගින් පෙනහළු වලට වන හානිය අවමකරගත හැකි බැවිනි. මීට අමතරව සිගරට් දුම මගින් නියුමෝනියාවට එරෙහිව සිරුරෙහි ඇති ස්වභාවික ආරක්ෂක යාන්ත්රණයට ද බාධා ඇතිවේ. සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇති අන්දමට අලුත උපන් බිළිදුන්හට නියුමෝනියාව ඇතිවීම වළක්වාගැනීමට විවිධ ක්‍රම ඇත. ගර්භණී මවුවරුන් තුළ Group B Streptococcus සහ Chlamydia trachoma is යන ක්ෂුද්‍ර ජීවි ඇති බවට පරීක්ෂා කොට අදාල ප්‍රතිජීවක වර්ග දරු ප්‍රසූතියට ප්‍රථම ලබාදීම මගින් බිළිදුන් තුළ නියුමෝනියාව ඇති වීම අවම කරගත හැකිය. ප්‍රසුති අවස්ථාවේදී දරුවාගේ මුඛය තුළ ඇති අපද්‍රව්‍යයන් චුෂණය කොට ඉවත් කිරීම මගින් ද නියුමෝනියාව වළක්වා ගත හැකිය. කුඩා ළමුන්ගේ සහ වැඩිහිටියන් තුළ නියුමෝනියාව වළක්වා ගැනීම සදහා එන්නත් භාවිතා කිරීම වැදගත් ස්ථානයක් ගනී. ඉපදී මුල් වසර තුළ Homophiles influenza සහ Streptococcus pneumonia යන ක්ෂ්‍රද්‍ර ජීවීන්ට එරෙහිව එන්නත් ලබාදීම මගින් ඒ හා අදාල නියුමෝනියාව වළක්වා ගත හැකිය. කුඩා ළමුන්ට Streptococcus pneumonia සදහා එන්නත් ලබාදීම මගින් වැඩිහිටියන් වෙතද රෝගය ආසාදනය වීම අවම කර ගත හැකි වන්නේ වැඩිහිටියන්ට රෝගය බෝවනුයේ කුඩා ළමුන්ගෙන් වන බැවිනි. වැඩිහිටියන් සදහා ද Streptococcus pneumonia සදහා එන්නතක් පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 65 ට වැඩි සියලුම නිරෝගී පුද්ගලයන් සදහා, ශ්වසන පද්ධතියේ රෝග ඇති වැඩිහිටියන් සදහා, හෘද රෝග සහිත, දියවැඩියාව සහිත , සිරෝසීස් රෝගයෙන් පීඩා විදින සහ ශල්‍ය කර්ම මගින් ප්ලීහාව ඉවත් කරන ලද රෝගීන් සදහා මෙම එන්නත නිර්දේශ කෙරේ. වසර 5 කට හෝ 10 කට පසු නැවත ප්‍රතිශක්ති කරණය ලබාගැනීමද අත්‍යවශ්‍ය වේ. Streptococcus pneumonia එන්නත ලබාදෙන සියලුම රෝගීන් හට වාර්ෂිකව influenza එන්නත ද ලබාදිය යුතුය. මීට අමතරව සෞඛ්‍ය වෘත්තිකයන්, අදාල රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නිවැසියන් සහ ගර්භණී මවුවරුන් ඉහත කී එන්නත ලබාගත යුතුය. Influenza වසංගත රෝග තත්ත්වයක් පවතින අවස්ථා වලදී ඇමැන්ටඩීන්, රිමැන්ටඩීන්, Zanamivir සහ Oseltamivar යන ඖෂධ රෝගය වළක්වා ගැනීමට උපකාරීවේ.[/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom