Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න

ඇය කිසිදු හඬක් නොනගා අපට "සුබ උදෑසනක් වේවා" යි කීවාය.

මෙය හතර බීරී කථාවකැයි ඔබට සිතෙනු ඇත.

සත්තකින්ම......

එය එවැනි කථාවක්මය. ඇය බිහිරිය. නැතිනම් ශ්‍රවණාබාධිතය. එනිසාම ඇය කථා කිරීමට නොදන්නීය. තේරෙන භාෂාවෙන්ම කියයි නම් ගොළුය.

ඇය අපට සුබ උදෑසනක් වේවායි කීවේ හස්ත භාෂාවෙනි. තමන්ට ඇවැසි දේ කියන්නට ඇය දෑත් ඇඟිළි ඒ මේ අත නෙක අයුරින් විහිදන්නීය.

එය මට පෙනුනේ පිච්ච මලක් සුළඟේ නැලවෙන්නාක් මෙනි. පිච්ච මලට හඬක් නැත. නමුත් එය හැඩෙන් අඩු නැත. ඔහේ සුළඟේ වැනෙමින් සුන්දරත්වයේ, සියුමැලි බවේ, අහිංසක දඟකාර බවේ සුවඳ කැවූ කථාවක් නිහඬව කියයි.

ඇයද පිච්ච මලක්මය. දෛවය විසින් ඇයට හඬක් දී නැතිද, එයට ද හිලව් වන්නට මෙන් රුව දී ඇත. ලැ-ජාව මුසුවූ බැල්මකින් අපේ පැමිණීමට සිනහවකින් ස්තුති කරන අතරම ඇය, ගෙදර බඩපිස්සියට හිමි අහිංසක දඟකාර බවකින් අක්කලා සහ අම්මාට තමන්ගේ භාෂාවෙන් මොනවාදෝ පවසන්නීය. සුළඟේ වැනෙන පිච්ච මලත්, හස්ත භාෂාවෙන් කථාකරන ඇයත් අතර වෙනස කිම...

අපට අවැසි නුදුරේම දිනයක මේ "පිච්ච මල" අපට ඇගේ හඬින්ම "සුබ උදෑසනක් වේවා" යි කියනු ඇසීමටය.

ඇය 23 හැවිරිදිය. නම නිර්මලා වසන්ති කුමාරිය.

අපූරුවට ගැලපෙන නමකි. එහෙත් ශ්‍රවණාබාධිත බවෙන් මේ කුමරියගේ වසන්තය මදක් ඈත් කර ඇත. ඒ වසන්තය පූදින්නේ ඇගේ හඬ ඉපැදුණු දවසකය.

ඈ වෙසෙන්නේද ඇය වැනිම පරිසරයකය. නුවරඑළි දිස්ත්‍රික්කයේ එක් අන්තයක පිහිටි ඒ පරිසරය ඒ සා සුන්දරය. සප්ත කන්‍යා කඳුවැටිය පෙනෙන නොපෙනෙන මායිමේය. ලක්ෂපාන දියඇල්ලට පහළින්ය. ඇගේ නිවසට වම් පසින්, එකට යාවූ දැවැන්ත කණු තුනක් කෙළින් කළ අයුරින් පෙනෙන දළ බෑවුමක් සහිත කඳු පංතියකි. වළ සහිත බිමක තනා ඇති ඈ වෙසෙන නිවස මෙන්ම අවට නිවෙස්ද වටවී ඇත්තේ තේ යායකිනි.

උපාලි සේනාධීර නම් වන නිර්මලාගේ පියාගේ එකම ආදායම සපයා දෙනුයේ ද ගේ පසුපසට වන්නට ඇති කුඩා තේ කට්ටියෙනි. උපාලි සහ ගුණරත්න මැණිකේ දෙපලට සිටිනුයේ දූවරුම තිදෙනෙකි.

වැඩිමල් දියණිය ශාන්ති ලතා උගත්, නමුත් රැකියා විරහිත තරුණියකි. බැරි අමාරුකම් මධ්‍යයේ උපකාරක පංතියකට හෝ නොගොස් යෙහෙළියක විසින් ලබාදෙන සටහන් ප්‍රයෝජනයට ගනිමින් ඇය බාහිර උපාධි අවසාන වසර දක්වා පැමිණ සිටින්නීය. ඇය විවාහකය. නමුත් ඇගේ සැමියා හදිසි අනතුරකට ලක්ව කකුලට සිදුවූ තදබල හානියකින් රැකියාවක් කර නොහැකිව නිවෙසට වී සිටියි. දෙවැනි දියණිය නිදර්ශනී අවිවාහක විද්‍යාපීඨ ගුරුවරියකි. නිවෙසේ එකම ස්ථිර ආදායම ඇගෙන් වුවද මේ වන විට ඇයටද පඩිය ලෙස ලැබෙන්නේ සොච්චමකි. (ඒ ඇයිදැයි මෙම සටහන අතරතුර සඳහන් කරමි)

ලෝකය යනු දුකක්මැයි කියන්නාක් මෙන් උපාලිද කලක සිට රෝගීවී සිටියි. ඒ හේතුවෙන් දැන් ඔහුගේ එක් කණක් ඇසෙන්නේ නැත. ඔහු නිතර ක්ලාන්තය කර ඇද වැටේ.

මේ පවුලට පිරිමියකුගේ සවිය පිහිටාම නැතිවා සේය. ලොකු දුව ශාන්තිලතාගේ ස්වාමිපුරුෂයාටද තවම කකුල බිම තබා හරියට යමක් කළ නොහැකිය. තවත් වසර 5 කින් ඔහුගේ අනතුරට පත් පාදයේ තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි වෛද්‍යවරු පවසති. උපාලි කොයි මොහොතේ ක්ලාන්තය කරනු ඇතිදැයි කිව නොහැක.

එසේ තිබියදී පිරිමියකුගේ සවියක්, හව්හරණක් නොමැති මේ කුටුම්භයේ කාන්තාවන් හෙවත් මව ගුණරත්න මැණිකේ,ලොකු දුව ශාන්තිලතා සහ දෙවැනි දුව නිදර්ශනී මහා සංග්‍රාමයක් අරඹා සිටිති. කාන්තාවකගේ ආත්ම ශක්තිය මේ සා දැවැන්තදැයි සිතෙන තරමට ඒ සංග්‍රාමය ප්රබලය. තරුණ වියේ දියණියන් දෙදෙනෙකු සහ මැදිවියේ මවක මෙවැනි සංග්‍රාමයක යෙදෙන්නේ දැයි විටෙක ඔබට අදහාගන්නට නොහැකි වනු ඇත. එහෙත් එය සහතික සත්‍යයකි. කුමක්ද මේ මහා සංග්‍රාමය...?

ඒ නිර්මලාට හඬක් දීමේ සංග්‍රාමයයි. ඒ සංග්‍රාමය ජයගනුයේ අවම වශයෙන් රුපියල් ලක්ෂ 18 1/2 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ විටය. ඒ මුදල සොයා මේ මවත් දියණියන් තිදෙනාත් මගට බැස්සාහ. එය ඔබ දැනගත යුතුම කථාවකි. ඔබත් මමත් සිටින මේ සමාජයේ අහිංසක අසරණ "සහෝදරියන්" පිරිසක් හඬක් නොනඟන සා පැටවියකට හඬක් සොයා පාරට බැසගත් ඒ ගමනේ විඳින්නට වූ අත්දැකීම් ද නිර්මලා නම් නිහඬ කාර්යශූර දියණියගේ දිවිය ද මේ දිගහැරෙනුයේ ඒ අවසානයේ ඔබටද අවස්ථාවක් ලබාදෙමිනි.

උපාලිගේ පවුලේ තෙවැනි දියණිය ලෙසින් නිර්මලා උපදින විට ඇගේ පිරිපුන් සුන්දරත්වයක් මිස කිසිදු වෙනසක් ඇතැයි කිසිවෙකුට දැනුනේ නැත. එහෙත් ඇය කෙමෙන් වැඩෙත්ම ශරීරවලට ප්‍රතිචාර නොදෙන බවක් දිස්වන්නට වුණි. ඇගේ "වෙනසක්" වන බව සොයාගත්තේ එවිටය. එහෙත් එයට පිළියමක් යෙදීමේ හැකියාවක් හෝ එම තත්ත්වයෙන් ඇයව මුදාගැනීමේ හැකියාවක් ඇති බවක් හද්දා පිටිසර ගම්මානයක වෙසෙන ඔව්හු නොදත්තෝය. පාසල් විය පැමිණි පසු ඇය ගමේ පාසල වන මාදෙනිය මහා විද්‍යාලයට ගියාය. එවැනි දරුවන් වෙනුවෙන් විශේෂ ඉගැන්වීම් ඒකකයක් නොතිබූ එම පාසලේ හතරවැනි වසර දක්වා ඉගෙනගත් නිර්මලා පසුව මෙවැනි දරුවන් වෙනුවෙන් වන මහනුවර දොඩම්වල විදුහලේ සාමාන්‍ය පෙළ දක්වා නේවාසිකව ඉගෙනුම ලැබුවාය. එතැනින් ඇය හස්ත භාෂාව සහ අනෙකුත් අවශ්‍ය දෑ උගත්තාය.

නිර්මලා මෙම භාෂාව ඉගෙනගනිත්ම නිවාඩුවට ගෙදර පැමිණි විට විශේෂයෙන් අක්කලා දෙදෙනාට සහ පවුලේ උදවියට එම භාෂාව ඉගැන්වුවාය. පාඩම් වැඩක් හෝ ගෙදර වැඩක් පළක් හේතුවෙන් හෝ අක්කා කෙනෙකු ඇගේ "හස්ත භාෂා පාඩමට" උනන්දුවෙන් ඇහුම්කන් නොදෙන බවක් ඇයට හැඟුණු විට මහා දුකකින් ඇය ගෙදර උදවිය සමග "තරහ වී" සිටියාය. මන්ද ඇය පවුලේ හුදෙකලා වන්නට අකමැති වූ බැවිනි. සියල්ලන් සමඟ සාමාන්‍ය ආකාරයේ, නැතිනම් නොඅඩු අදහස් හුවමාරුවක් ඇයට අවැසි විය. එය තේරුම්ගත් ඇගේ පවුලේ සියල්ලෝ දැන් නිර්මලාගේ උදව්වෙන්ම හස්ත භාෂාව උගත්තෝය.

නිර්මලා මේ අතර තවත් බොහෝ දේ උගත්තාය. ඒ සීදූවේ පිහිටි විශේෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙනි.

නිර්මලා සහජයෙන්ම නිර්මාණශීලීය. එයට එම වෘත්තීය පුහුණුවෙන් මනා පන්නරයක් ලැබිණි. උපතින්ම ගෙනා චිත්‍ර ඇඳීමේ දක්ෂතාව, ඉඳිකටුව සහ නූලෙන් කරන චිත්‍ර හැකියාවක් බවට වර්ධනය කරගත්තාය. ඇය අත්කම් සහ මැහුම් ගෙතුම් වැඩ මැනවින් උගත්තාය. නිර්මලාලාගේ ගේ කැදැල්ලේ සියලු විසිතුරු අංග නිර්මාණය වී ඇත්තේ ඇය අතිනි. ඒවා අපූරු, සියුම්, සංයමය කැටිවූ නිර්මාණයන්ය. චිත්‍ර කලාව ඇගේ ජීවිතයේ කොටසකි. ඇගේ චිත්‍ර එකතුවේ එක් චිත්රයක "ස්පයිඩර් මෑන්"ව ඇඳ තිබේ. එයින් අපට පෙනෙන්නේ නිර්මලා නම් පොඩිත්තියයි. තවත් චිත්රයක ඇය සුරූපි හින්දි නිළියක්ව ඇඳ තිබේ. එයින් අප දුටුවේ නිර්මලා නම් යෞවනියයි. තවත් චිත්රයක සුන්දර පරිසරයක් ඇඳ ඇත. එයින් නිර්මලා නම් සෞන්දර්යවාදිනියව පෙනෙයි. තවත් චිත්රයක ඇය දිය කිඳුරියක් ඇඳ ඇත. එයින් නම් අප දුටුවේ නිර්මලාවමය.....

නිර්මලා කිසිවිටෙක නිකම් හිඳින්නියක් නොවේ. ඇය හැම මොහොතේම වැඩක යෙදෙන්නීය. පිරිසිඳු බව පිළිවෙල ඇය ඉහළින්ම අගයන්නීය. සිය නිවස කුරුළු කැදැල්ලක් මෙන් පිළිවෙලට සහ පිරිසිදුව තබා ඇත්තේ ඇය විසිනි. ඉතා රසවත් ලෙස කෑම පිසීමට දන්නා ඇය ගෙදර අන් සියල්ලගේම රස නහරද පිනවන්නීය.

ඇයට උච්චාරණය කළ නොහැකි වුවද ඇය ඉංග්‍රීසි භාෂාවද දන්නීය. ඉංග්‍රීසි බසින් සරළව යමක් ලියා තම අදහස් අන් කෙනෙකුට කීමට තරම් ඇගේ භාෂා දැනුම ඉහළය

අනේ.... ඇයට අඩුවක් වේ නම් ඒ හඬම පමණි.

ඒ හඬ ඇයට දී ඇයව සර්වසම්පූර්ණ කළ හැකි බව මේ නිවසේ උදවිය දැනගත්තේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය විසිනි. ඒ සඳහා සැත්කමක් කළ යුතු බවත් අදාළ සැත්කම සිදුකර, ඇසීමේ හැකියාව සලස්වා, පසුව කථන චිකිත්සාව සඳහා යොමුකළ විට නිර්මලාගේ විසි තුන් වසරක නිහඬ දිවිය නිමවා ඔබේ මව, ඔබේ යෙහෙළිය, ඔබේ සොයුරිය, ඔබේ දියනය මෙන් ඇය ද කථා කරනු ඇත. එය මොන තරම් අපූරු සිහිනයක් ද....

මේ නුදුරේදීම සැබෑ කරගත හැකි සිහිනයකි. එහෙත් ඒ සඳහා පහළ මධ්‍යම පංතික පවුලක උපන් නිර්මලාට මුදල් තිබුණේ නැත. මේ සැත්කම ගැන වෛද්‍ය උපදෙස් ලබාගෙන වසරකට වැඩි කලක් ගතවුව ද එකලම උපාලිගේ හඳුනා නොගත් එම රෝගී තත්ත්වය මතුවීම හේතුවෙන් පළමුව ඉක්මනින් ඔහුට ස්ථිර ප්‍රතිකාරයක් ලබාදීම පිණිස නිර්මලාගේ සැත්කම පමා කරනු හැරෙන්නට වෙන කරන්නට දෙයක් මේ පවුලේ අයට නොමැතිවිය.

අද වන විට නිර්මලාගේ සැත්කම සඳහා වන වියදම රුපියල් දහ අට ලක්ෂ හතලිස් පන්දහසක (18,45,000) මුදලකි. ඒ සැත්කමෙහි උපකරණවලට වැයවන මුදලය. මෙය සිදුකෙරෙන්නේ කොළඹ ජාතික රෝහලේ බැවින් ඒ සඳහා අතිරේක සැත්කම් ගාස්තුවක් අය නොවේ. (යම් හෙයකින් මෙය පෞද්ගලික රෝහලක සිදුකළේ නම් ලක්ෂ 22ක් ඉක්මවූ මුදලක් සොයාගැනීමට සිදුවන්නේය) එහෙත් මේ සැත්කම මෙයට මාස කිsහිපයක පෙර කළේ නම් රුපියල් ලක්ෂ 16කට මදක් වැඩි මුදලකින් එය කරගැනීමේ හැකියාව තිබුණි. නමුත් ඉතා ශීඝ්‍රයෙන් දිනෙන් දිනම මේ උපකරණ මිල ඉහළ යන නිසා දැන් තවත් ලක්ෂ 3කට වැඩි මුදලක් අතිරේකව සොයාගැනීමට සිදුව තිබේ. එබැවින් ඉතා ඉක්මනින්ම මේ සැත්කම සිදුකිරීමට නොහැකි වුවහොත් නිර්මලාලා තවත් මුදල් අමාරුවක වටෙනු නියතය.

එහෙත් ලක්ෂ 18 1/2ක වියදම කෙසේ හෝ සොයාගනිමින් අපි නිර්මලාව සුවපත්කරගන්නෙමුයි ඇගේ අක්කලා දෙපළ සහ මව පෙර සඳහන් කළ ඒ "දිරිය කතුන්ගේ සංග්‍රාමය" අරඹන්නේ මෙයට මාස 3කට පෙරය.

පළමුව ඔවුන් කළේ ඒ වෙනුවෙන් තමන්ගේ "සබ්බ සකල මනාව" එක්කාසු කිරීමය. මෙහිදී පොඩි අක්කා,නිදර්ශනී ඇගේ පඩියෙන් ලබාගත හැකි උපරිම ණය මුදල හෙවත් රුපියල් ලක්ෂ 4 1/2ක් සපයා දුන්නාය. ඇය සොච්චම් වැටුපක් හිමි ගුරුවරියක් බව අප සටහනේ පෙර සඳහන් කළේ වැටුපෙන් ඒ ණය මුදල් ගෙවී යන බැවිනි. මේ අතර අනුනට පමණක් මේ බර පටවා තමන් නිකම්ම නොසිටිය යුතු යෑයි සිතූ නිර්මලා ඇඟළුම් කම්හලක රැකියාවකට ගියාය. මෙලෙස තමන් සතු සියල්ල එක්කාසු කළ පසුවද තවත් බොහෝ මුදලක් සොයාගත යුතුව ඇති බව මේ අයට පෙනුණි.

ඔවුහු දැවැන්ත තීරණයක් ගත්හ. ඒ ටිකට් පත් අලෙවි කර ඉතිරි මුදල සොයාගැනීමටය.

මහ මග යන මිනිසුන්ගෙන් මුදල් යෑදීම උගත් තරුණියකට සිත් නොදෙන්නක් වුවද තම නැගණිය වෙනුවෙන් මේ උතුම් සොයුරියෝ එයට හිත හදා ගත්හ. තම ස්වාමිපුරුෂයාට ඔහුගේ රෝගී තත්ත්වයත් සමඟ මේ සඳහා දායක වීමට නොහැකි වුවද තමන් මව් පිය දෙදෙනාගේම වගකීම යුතුකම කරට ගනිමින් ගුණරත්න මැණිකේ මේ කාර්යයේදී දියණියන් හට නායිකාව වුණාය.

ඔවුන් පළමුවෙන් වාහනයක් සූදානම් කරගනිමින් ටිකට් විකිණීම පිණිස කැලණිය පුදබිමට පැමිණීමට සැලසුම් කරගත්තාය. එදා ඒ ගමනට උපාලිද එකතු විය. එහෙත් ගමනේ මැදකට පැමිණි පසු උපාලිගේ රෝගී තත්ත්වය නැවත මතුවිය. ගමන එතැනින් අහවර කර ඔහුව රෝහල්ගත කිරීමට ඔවුනට සිදුවිය.

අනතුරව ඈත පෙදෙසකට යැම වෙනුවට ළඟ තැනකට යැම යහපතැයි ඔව්හු තීරණය කළහ. ඒ අනුව සිරිපා පාමුල නල්ලතන්නියට ඔවුන් ගියේ සැදැහැවතුන් අපට අනුකම්පා කරනු ඇතැයි යන විශ්වසායෙනි. සුමන සමන් දෙවියන් අසරණ අපගේ මේ පිරිසිදු උත්සාහයට ආශිර්වාද කරනු ඇතැයි විශ්වාසයෙනි. මෙයට මාසයකට පමණ පෙර ඔවුන් ඒ ගමන අරඹා බොහෝ විට සති අන්ත දිනයන්හී එහි ගියේය. මෙවැනි ගමනකට වාහනයක් කුළියට ගෙන හෝ පිරිසක් සමඟ යැමද වියදම් අධික කටයුතත්ක් වූයෙන් මව සහ දියණියන් තිදෙනා පාරේ බසයෙනි එහි ගියේ.

මේ අතර තමන්ට මේ මුදල සොයාගැනීමට කාරුණික මිනිසුන්ගේ උපකාරය ලැබෙන බවට වූ විශ්වාසයෙන්ම සැත්කම සඳහා නිර්මලාව සූදානම් කරවීමටද ඔව්හු කටයුතු කළහ. එයට ප්‍රථම වරින් වර නිර්මලාට එන්නත් තුනක් ලබාදිය යුතු අතර ඉකුත් සතිය වන විට ඒ එන්තත් තුනම ලබාදී අවසන් විය. එයටම අදාළව රුපියල් 15,000ක මිලක් වන විශේෂ කර්ණ සංවේදී උපකරණයක්ද මිලට ගෙන එය නිර්මලාට පළඳා ඇත. මේ එන්නත් 3 ලබාදී අවසන් වීමෙන් පසු ඉක්මනින්ම ඇයව සැත්කමට බඳුන් කළ යුත්තේය. වැඩි කලක් ගතවුවහොත් නැවත මුල සිට මේ සියල්ලට සූදානම් වීමට සිදුවනු ඇත.

නුවරඑලි දිස්ත්‍රකික්යේ, තම පළාතේ දේශපාලන බලවතුන්ගෙන් මෙයට උදව් ඉල්ලූ විට ඔවුන්ගෙන් බහුතරය කළේ මේ අසරණයන්ට "මහා පරිමාන" බලාපොරොත්තු දී කාර්යාලගානේ ඔවුන්ව රස්තියාදු කර පසුව සියල්ල අමතක කර දැමීමය. වරෙක ඔවුන් ආධාර බලාපොරොත්තුවෙන් දිනපතා පුවත්පතක සැකෙවින් පුවතක් පළ කළහ. එහිදී බොහෝ පිරිස් මහා උනන්දුවකින් කථා කළද සියල්ල වචන වලට පමණක් සීමා විය. සත පහක් හෝ බැංකු ගිණුමට වැටී තිබුණේ නැත. ඒ වෙනුවට නැති කරදර රැසක් නම් ඔවුන් සොයා පැමිණියේය. නිර්මලාගේ ලොකු අක්කාගේ දුරකථන අංකය එහි සඳහන්ව තිබූ අතර අවස්ථාවාදී වංචනිකයන් සහ තිරිසන් කුපාඩියන්ගේ කරදරකාරී ඇමතුම් වලින් ගැලවීම පිණිස අවසානයේ සිය දුරකථන අංකයද පසෙක දැමීමට ඇයට සිදුවිය.

මෙහිදී පැවිද්දෙකු යෑයි කථා කළ අයෙක් තමන්ට විදෙස් පැවිදි පිරිස් සමඟ සබඳතා ඇතැයිද, ඒ පිsරිස් වලට මෙය දැනුම් දී ආධාර ලබාදිය හැකි යෑයිද පවසා ඒ සඳහා ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබාගැනීම පිණිස තම දුරකථන අංකයට "රී ලෝඩ්" එවන ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් අනන්‍යතාවයක් දැනගැනීමෙන් තොරව එසේ කිරීමට නොහැකි බව නිර්මලාගේ ගෙදර උදවිය පැවසූ පසු මෙය "රී ලෝඩ්" තර්ජනයක් බවට පත්ව ඇත.

ලෝකය එලෙසය. දුදනන්ගෙන් පිරී ඇත. එහෙව් කලෙක නොදන්නා නගර වල ආධාර ඉල්ලා යැම අනාරක්ෂිතය. ඒවායේ හව්හරණක් ගැන විශ්වාසයක් තැබිය නොහැක. එනිසාය ඔවුන් වැඩි ඈතක නොවූ නල්ලතන්නියට ගියේ.

ඔවුන්ගේ එම අත්දැකීම් මනා සමාජ විවරණයක් වැන්න. "උදව් කරන අය වැඩිපුරම ගන්නේ විස්සේ පනහේ ටිකට්. අපි හොඳට බලලා තිබෙනවා අපිට ආධාර කරන අයගෙන් වැඩි දෙනෙක් සල්ලිකාර උදවිය නෙමෙයි. පිටින් බැලූවහම හොඳට සල්ලි තියෙනවා වගේ පේන අයගෙන් අහම්බෙන් කෙනෙක් විතරයි ආධාරයක් දෙන්නේ"

ශාන්තිලතා කියන මේ කථාවේ තේරුම පොඩි මිනිහාගේ දුක දැනෙන්නේ පොඩි මිනිහාටම පමණක් බවද?

"අද කාලේ මේ විදිහට ගොඩක් ජාවාරම් තියෙනවනේ මහත්තයෝ. ඒ නිසත් මිනිස්සු එහෙම දෙයක් විදිහටම අපි ගැනත් බලන වෙලාවල් තියෙනවා. වෙලාවකට අපි හරිම අසරණයි. මිනිස්සුන්ගෙන් බැනුම් අහලා දරාගන්න බැරිව පාරෙ අයිනේ ලෑලි තට්ටු ගාවට ගිහින් අඬලා තියෙනවා. වෙන මිනිස්සු නම් කමක් නැහැ, දවසක් නංගිට (නිර්මලාගේ දෙවැනි අක්කාට) හාමුදුරු කෙනෙක් හොඳටම බැන්නා"

එදවස හිඟන්නියක් බඩගින්නට කෑම ටික සොයාගැනීමේ අටියෙන් භික්ෂුණීත්වයට පැමිණි කල, ඇයට අහර පමණක් නොව අවසානයේ නිවන කරාද ගෙනයැමට තරම් කාරුණික වූ ශාසනයකි මේ. එහෙව් ශාසනයක ධජය දරමින් අනුන්ගෙන් උපකාරයක් ඉල්ලනු දැක මෙලෙස තරුණියකට බැණ වැදී අසරණ කිරීමට තරම් ඒ හිමියන් දරුණු වීද?

චීවරය පමණක් නොවේ, සමාජය ඉදිරියේ සිල්රෙදි පෙරවාගෙන සිටින සමහරක් මහතුන්ගේ සිල් රෙද්ද යට ඇති කෙලෙස් කන්ද විවර වූ මොහොතකි මේ.

එය නල්ලතන්නියේ පිහිටි සුප්‍රසිද්ධ ආලේපයක් තවරන සමාගමකි. එහිදී බැතිමතුන්ට එම ආලේපය තවරන්නේ මහා සමාජ සද්කාර්යයක් කරන්නා සේ පෙන්වමින් විනා එය තවත් එක් "මාර්කටිං පාරක්" බව කිසිසේත් නොහැඟෙන අයුරකිනි.

දිනක් මේ සමාගමේ හිමිකරු හෙවත් ඒ සුප්‍රසිද්ධ වෙද මහත්තයා සිරිපා වඳින්නට පැමිණි වගක් නිර්මලාගේ මවට සැල විය. ඒ වන නල්ලතන්නියේ සිටි ඇය දූවරුන්ද සමඟින් ඉහළට නැග්ගාය. එදින උදේ වේලද, දවල් වේලද අහිමිවී බැරි මරගාතේ හාමතේ ඉක්මන් ගමනින් ඔවුන් ඉහළට නැග්ගේ මේ "තරු පහේ සමාජ සේවකයා" තමන්ට සැලකිය යුතු උපකාරයක් කරනු ඇතිය යන බලාපොරොත්තුවෙනි.

එහෙත් සිදුවූයේ කුමක්ද?

"ඒ මහත්තයා අපෙන් ඇහුවා මොකද ආවේ කියලා. අපි මෙහෙම සැත්කමකට ආධාරයක් ඉල්ලගෙන ආවේ කියලා ලිපි ගොනුව පෙන්නුවා. එතකොට ඒකෙ තිබුණා කලින් ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 16ක් කියලා තිබුණ ලියුම. මහත්තයා වෙන මොකුත් ඇහුවේ නැහැ. "හිතුවද මේක ආධාර දෙන තැනක් කියලා. මෙන්න ලක්ෂ 16ක් ඉල්ලගෙන ඇවිත්. මේ ඇවිල්ල බලන්න මෙන්න ලක්ෂ 16ක් ඉල්ලනවා....." කියලා වටපිටාවේ ඉන්න හැමෝම එතැනට එක්කාසු වන විදිහට කෑ ගහලා අපිට අන්තිම කැත විදිහට කථා කළා මහත්තයෝ. අපි හැරිලා ආවේ අඬ අඬා. ඇයි මහත්තයෝ මේ සල්ලි හොයන්නේ අපිට කන්නද? මේ දරුවව ගොඩ ගන්න නේද?"

ගුණරත්න මැණිකේ කඳුලක් පිටවීම ආයාසයෙන් වලක්වා ගනිමින් ඒ කථාව පවසා අවසන් කළද එය අවසානයේ අසරණ සුසුමක් වා තලයට මුදා හැරියාය.

තරුණ දියණියකට හඬක් දීමට මවක ගන්නා උත්සාහය හමුවේ ඒ ආලේපකරුවාගේ ආටෝපය දියවගොස් අසික්කිතබව එලියට ආවේ එසේය.

"මේ වැඩේට සල්ලි හොයද්දී අපිට තිබෙන එකම දේ තමයි මහත්තයෝ ඉවසීම. එදා මට දරුවෝ අඬ අඬා කිව්වා "ඇයි අම්මේ අපිට මෙහෙම වුනේ. අනේ දැන් ආයෙත් මෙතන ඉන්න පුළුවන් කමක් නෑ. අපි යමු අම්මේ ගෙදර" කියලා. තරුණ ගෑණු දරුවන්ට ඒ වගේ දේවල් දරාගන්න අමාරුයි මහත්තයෝ. ඒත් මම, අපි නංගි වෙනුවෙන් මේ හිතේ අමාරු ඉවසගම්මු කියලා ඒ අයගෙ හිත හදලා පල්ලෙහාට ඇවිත් ආපහු ආධාර එකතුකරන්න පටන්ගත්තා"

"ඒ වගේම මහත්තයෝ හරිම අනුකම්පාවෙන් උදව් කරන උදවියත් ඉන්නවා. ගොඩක් වෙලාවට තරුණ දරුවෝ හරි කරුණාවන්තයි. සමහර වෙලාවට පළමුවෙන්ම ඒ අය දුවලට විහිළු කරනවා දන්නෙ නැතිව. ඒත් අපේ ඇත්ත කතාව දැනගත්තහම ඒ අය පසුතැවෙනවා. අවංකවම උදව් කරනවා. මේ ගමේ අයත් මේ වැඩේට තමන්ට පුළුවන් විදිහට උදව් කරනවා. ඒ වගේ අයගෙ අනුකම්පාවෙන් තමයි අපට මේ තරමින්වත් මුදලක් එකතුකරගන්න ලැබුණේ. ජනාධිපති අරමුදලිනුත් මුදලක් දෙනවා කියලා තියෙනවා"

මේ වන විට තමන් ණය ආදිය ලබාගනිමින් සොයාගත් මුදලද, එකතුකර ඇති ආධාර මුදල්ද, ජනාධිපති අරමුදලින් ලැබෙන බව සඳහන් මුදල්ද යන සියල්ල සැලකීමේදී රුපියල් දශ ලක්ෂයකට මදක් වැඩි මුදලක් ඔවුන් සතුය. ඉතිරිව ඇත්තේ තවත් ලක්ෂ 8ක පමණ මුදලක් සොයාගැනීමය. සැත්කම කළ පසු කථන චිකිත්සාව ආදී දෑ සඳහාද අතිරේකව මුදලක් සොයා ගත යුතුය.

මේ රටේ සිටින කෝටි දෙකකට ආසන්න මිනිසුන් අතරින් 800ක් තරම් සුළු පිරිසක් රුපියල් 1000 බැගින් දායක වේ නම් මේ මුදල සපයාගත හැකිය. උපන්දින උත්සවයක් වෙනුවෙන් පුපුරා යන බැලුමට , දැවී දියව යන ඉටිපන්දමට, දිවට මොහොතක රසයක් මවා ගිලී යන රසමසවුලක, නිවෙන පත්තුවෙන එලියක තාවකාලික සුවය පිණිස වන වියදම නිර්මලාට හඬක් මැවීම පිණිස පිරිනැමිය හැකිනම් ඔබේ ජීවිත කාලය පුරා ඒ උපන්දිනය අමතකවේද? මෙරට ප්‍රසිද්ධ සමාගමක සමාජ සත්කාරක අංශයකට මේ මුදල "මහ ගාණක්"ද?

ඇඟේ හඬ ඔබ වන්න. ඇගේ අසීම ඔබ වන්න. ඔබ ඇගේ ස්වරාළ වලට පණ දෙන්න. ඇගේ කර්ණ සංවේදන ස්නායු වල සංවේදී බව ඔබ වන්න. සංවේදී වන්න. අප පුවත්පතක් සහ කර්තෘ මණ්ඩලයක් ලෙසින් මේ සඳහා උපරිමය කැපවන්නෙමු. ඔබ අප සමඟ එකතුවන්න. මේ පිච්ච මල කථාකරන අපූරුව විඳිගන්න.....

අමතක කරන්න එපා. ඇය මේ වන විට සැත්කමට පෙරාතුව ලබාදෙන එන්නත් සියල්ල රැගෙන ලබාගෙන අවසන්. ඒ නිසා ඉක්මනටම කළ හැකි සියල්ලම කරමු.

ඉන්ද්‍රජිත් සුබසිංහ (දිවයින පුවත්පත)

ඡායාරූප - ධම්මික සල්වතුර

සටහන

නිර්මලාගේ කතාව කියවූ ඔබ හැමට සුළු මුදලකින් හෝ ඇයට හඬක් දීමට දායකවිය හැක. ඔබගේ උදව් උපකාර ඇතුව නිර්මලා කෙදිනක හෝ කතා කළහොත් ඔබට දැනෙන සතුට කෙතරම්දැයි සිතා බලන්න..

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අප නිර්මලාගේ සොයුරිය ඇමතුවා. එහිදී ඇය කියා සිටියේ මසක් වැනි කෙටි කලක් තුලදී ලක්ෂ අටක් පමණ මුදලක් සෙවීමට ඔවුන්ට සිදුව ඇති බවයි. එම ඉලක්කය ඔවුන්ට තවමත් සිහිනයක් බවද ඔවුන් අපට පැවසිය. එම සිහිනය යතාර්ථයක් කිරීමට අවශ්‍යය සහයෝගය අප ලබාදෙන බව අප පාඨක ඔබ වෙනුවෙන් ඔවුන්ට සපථ කළෙමු.

නිර්මලාගේ ගිණුම් අංකය - 302-2-001-6-0009724

(ඒ. ඩී. නිර්මලා වසන්ති කුමාරි - මහජන බැංකුව, ගිනිගත්හේන ශාඛාව)

වැඩි විස්තර විමසිය හැකි දුරකථන අංකය - 071-3679443

[QUOTE="රාවණා, post: 12283438, member: 268263"] [b]නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න[/b] [SIZE="3"] ඇය කිසිදු හඬක් නොනගා අපට "සුබ උදෑසනක් වේවා" යි කීවාය. මෙය හතර බීරී කථාවකැයි ඔබට සිතෙනු ඇත. සත්තකින්ම...... එය එවැනි කථාවක්මය. ඇය බිහිරිය. නැතිනම් ශ්‍රවණාබාධිතය. එනිසාම ඇය කථා කිරීමට නොදන්නීය. තේරෙන භාෂාවෙන්ම කියයි නම් ගොළුය. ඇය අපට සුබ උදෑසනක් වේවායි කීවේ හස්ත භාෂාවෙනි. තමන්ට ඇවැසි දේ කියන්නට ඇය දෑත් ඇඟිළි ඒ මේ අත නෙක අයුරින් විහිදන්නීය. එය මට පෙනුනේ පිච්ච මලක් සුළඟේ නැලවෙන්නාක් මෙනි. පිච්ච මලට හඬක් නැත. නමුත් එය හැඩෙන් අඩු නැත. ඔහේ සුළඟේ වැනෙමින් සුන්දරත්වයේ, සියුමැලි බවේ, අහිංසක දඟකාර බවේ සුවඳ කැවූ කථාවක් නිහඬව කියයි. ඇයද පිච්ච මලක්මය. දෛවය විසින් ඇයට හඬක් දී නැතිද, එයට ද හිලව් වන්නට මෙන් රුව දී ඇත. ලැ-ජාව මුසුවූ බැල්මකින් අපේ පැමිණීමට සිනහවකින් ස්තුති කරන අතරම ඇය, ගෙදර බඩපිස්සියට හිමි අහිංසක දඟකාර බවකින් අක්කලා සහ අම්මාට තමන්ගේ භාෂාවෙන් මොනවාදෝ පවසන්නීය. සුළඟේ වැනෙන පිච්ච මලත්, හස්ත භාෂාවෙන් කථාකරන ඇයත් අතර වෙනස කිම... අපට අවැසි නුදුරේම දිනයක මේ "පිච්ච මල" අපට ඇගේ හඬින්ම "සුබ උදෑසනක් වේවා" යි කියනු ඇසීමටය. ඇය 23 හැවිරිදිය. නම නිර්මලා වසන්ති කුමාරිය. අපූරුවට ගැලපෙන නමකි. එහෙත් ශ්‍රවණාබාධිත බවෙන් මේ කුමරියගේ වසන්තය මදක් ඈත් කර ඇත. ඒ වසන්තය පූදින්නේ ඇගේ හඬ ඉපැදුණු දවසකය. ඈ වෙසෙන්නේද ඇය වැනිම පරිසරයකය. නුවරඑළි දිස්ත්‍රික්කයේ එක් අන්තයක පිහිටි ඒ පරිසරය ඒ සා සුන්දරය. සප්ත කන්‍යා කඳුවැටිය පෙනෙන නොපෙනෙන මායිමේය. ලක්ෂපාන දියඇල්ලට පහළින්ය. ඇගේ නිවසට වම් පසින්, එකට යාවූ දැවැන්ත කණු තුනක් කෙළින් කළ අයුරින් පෙනෙන දළ බෑවුමක් සහිත කඳු පංතියකි. වළ සහිත බිමක තනා ඇති ඈ වෙසෙන නිවස මෙන්ම අවට නිවෙස්ද වටවී ඇත්තේ තේ යායකිනි. උපාලි සේනාධීර නම් වන නිර්මලාගේ පියාගේ එකම ආදායම සපයා දෙනුයේ ද ගේ පසුපසට වන්නට ඇති කුඩා තේ කට්ටියෙනි. උපාලි සහ ගුණරත්න මැණිකේ දෙපලට සිටිනුයේ දූවරුම තිදෙනෙකි. වැඩිමල් දියණිය ශාන්ති ලතා උගත්, නමුත් රැකියා විරහිත තරුණියකි. බැරි අමාරුකම් මධ්‍යයේ උපකාරක පංතියකට හෝ නොගොස් යෙහෙළියක විසින් ලබාදෙන සටහන් ප්‍රයෝජනයට ගනිමින් ඇය බාහිර උපාධි අවසාන වසර දක්වා පැමිණ සිටින්නීය. ඇය විවාහකය. නමුත් ඇගේ සැමියා හදිසි අනතුරකට ලක්ව කකුලට සිදුවූ තදබල හානියකින් රැකියාවක් කර නොහැකිව නිවෙසට වී සිටියි. දෙවැනි දියණිය නිදර්ශනී අවිවාහක විද්‍යාපීඨ ගුරුවරියකි. නිවෙසේ එකම ස්ථිර ආදායම ඇගෙන් වුවද මේ වන විට ඇයටද පඩිය ලෙස ලැබෙන්නේ සොච්චමකි. (ඒ ඇයිදැයි මෙම සටහන අතරතුර සඳහන් කරමි) ලෝකය යනු දුකක්මැයි කියන්නාක් මෙන් උපාලිද කලක සිට රෝගීවී සිටියි. ඒ හේතුවෙන් දැන් ඔහුගේ එක් කණක් ඇසෙන්නේ නැත. ඔහු නිතර ක්ලාන්තය කර ඇද වැටේ. මේ පවුලට පිරිමියකුගේ සවිය පිහිටාම නැතිවා සේය. ලොකු දුව ශාන්තිලතාගේ ස්වාමිපුරුෂයාටද තවම කකුල බිම තබා හරියට යමක් කළ නොහැකිය. තවත් වසර 5 කින් ඔහුගේ අනතුරට පත් පාදයේ තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි වෛද්‍යවරු පවසති. උපාලි කොයි මොහොතේ ක්ලාන්තය කරනු ඇතිදැයි කිව නොහැක. එසේ තිබියදී පිරිමියකුගේ සවියක්, හව්හරණක් නොමැති මේ කුටුම්භයේ කාන්තාවන් හෙවත් මව ගුණරත්න මැණිකේ,ලොකු දුව ශාන්තිලතා සහ දෙවැනි දුව නිදර්ශනී මහා සංග්‍රාමයක් අරඹා සිටිති. කාන්තාවකගේ ආත්ම ශක්තිය මේ සා දැවැන්තදැයි සිතෙන තරමට ඒ සංග්‍රාමය ප්රබලය. තරුණ වියේ දියණියන් දෙදෙනෙකු සහ මැදිවියේ මවක මෙවැනි සංග්‍රාමයක යෙදෙන්නේ දැයි විටෙක ඔබට අදහාගන්නට නොහැකි වනු ඇත. එහෙත් එය සහතික සත්‍යයකි. කුමක්ද මේ මහා සංග්‍රාමය...? ඒ නිර්මලාට හඬක් දීමේ සංග්‍රාමයයි. ඒ සංග්‍රාමය ජයගනුයේ අවම වශයෙන් රුපියල් ලක්ෂ 18 1/2 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ විටය. ඒ මුදල සොයා මේ මවත් දියණියන් තිදෙනාත් මගට බැස්සාහ. එය ඔබ දැනගත යුතුම කථාවකි. ඔබත් මමත් සිටින මේ සමාජයේ අහිංසක අසරණ "සහෝදරියන්" පිරිසක් හඬක් නොනඟන සා පැටවියකට හඬක් සොයා පාරට බැසගත් ඒ ගමනේ විඳින්නට වූ අත්දැකීම් ද නිර්මලා නම් නිහඬ කාර්යශූර දියණියගේ දිවිය ද මේ දිගහැරෙනුයේ ඒ අවසානයේ ඔබටද අවස්ථාවක් ලබාදෙමිනි. උපාලිගේ පවුලේ තෙවැනි දියණිය ලෙසින් නිර්මලා උපදින විට ඇගේ පිරිපුන් සුන්දරත්වයක් මිස කිසිදු වෙනසක් ඇතැයි කිසිවෙකුට දැනුනේ නැත. එහෙත් ඇය කෙමෙන් වැඩෙත්ම ශරීරවලට ප්‍රතිචාර නොදෙන බවක් දිස්වන්නට වුණි. ඇගේ "වෙනසක්" වන බව සොයාගත්තේ එවිටය. එහෙත් එයට පිළියමක් යෙදීමේ හැකියාවක් හෝ එම තත්ත්වයෙන් ඇයව මුදාගැනීමේ හැකියාවක් ඇති බවක් හද්දා පිටිසර ගම්මානයක වෙසෙන ඔව්හු නොදත්තෝය. පාසල් විය පැමිණි පසු ඇය ගමේ පාසල වන මාදෙනිය මහා විද්‍යාලයට ගියාය. එවැනි දරුවන් වෙනුවෙන් විශේෂ ඉගැන්වීම් ඒකකයක් නොතිබූ එම පාසලේ හතරවැනි වසර දක්වා ඉගෙනගත් නිර්මලා පසුව මෙවැනි දරුවන් වෙනුවෙන් වන මහනුවර දොඩම්වල විදුහලේ සාමාන්‍ය පෙළ දක්වා නේවාසිකව ඉගෙනුම ලැබුවාය. එතැනින් ඇය හස්ත භාෂාව සහ අනෙකුත් අවශ්‍ය දෑ උගත්තාය. නිර්මලා මෙම භාෂාව ඉගෙනගනිත්ම නිවාඩුවට ගෙදර පැමිණි විට විශේෂයෙන් අක්කලා දෙදෙනාට සහ පවුලේ උදවියට එම භාෂාව ඉගැන්වුවාය. පාඩම් වැඩක් හෝ ගෙදර වැඩක් පළක් හේතුවෙන් හෝ අක්කා කෙනෙකු ඇගේ "හස්ත භාෂා පාඩමට" උනන්දුවෙන් ඇහුම්කන් නොදෙන බවක් ඇයට හැඟුණු විට මහා දුකකින් ඇය ගෙදර උදවිය සමග "තරහ වී" සිටියාය. මන්ද ඇය පවුලේ හුදෙකලා වන්නට අකමැති වූ බැවිනි. සියල්ලන් සමඟ සාමාන්‍ය ආකාරයේ, නැතිනම් නොඅඩු අදහස් හුවමාරුවක් ඇයට අවැසි විය. එය තේරුම්ගත් ඇගේ පවුලේ සියල්ලෝ දැන් නිර්මලාගේ උදව්වෙන්ම හස්ත භාෂාව උගත්තෝය. නිර්මලා මේ අතර තවත් බොහෝ දේ උගත්තාය. ඒ සීදූවේ පිහිටි විශේෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙනි. නිර්මලා සහජයෙන්ම නිර්මාණශීලීය. එයට එම වෘත්තීය පුහුණුවෙන් මනා පන්නරයක් ලැබිණි. උපතින්ම ගෙනා චිත්‍ර ඇඳීමේ දක්ෂතාව, ඉඳිකටුව සහ නූලෙන් කරන චිත්‍ර හැකියාවක් බවට වර්ධනය කරගත්තාය. ඇය අත්කම් සහ මැහුම් ගෙතුම් වැඩ මැනවින් උගත්තාය. නිර්මලාලාගේ ගේ කැදැල්ලේ සියලු විසිතුරු අංග නිර්මාණය වී ඇත්තේ ඇය අතිනි. ඒවා අපූරු, සියුම්, සංයමය කැටිවූ නිර්මාණයන්ය. චිත්‍ර කලාව ඇගේ ජීවිතයේ කොටසකි. ඇගේ චිත්‍ර එකතුවේ එක් චිත්රයක "ස්පයිඩර් මෑන්"ව ඇඳ තිබේ. එයින් අපට පෙනෙන්නේ නිර්මලා නම් පොඩිත්තියයි. තවත් චිත්රයක ඇය සුරූපි හින්දි නිළියක්ව ඇඳ තිබේ. එයින් අප දුටුවේ නිර්මලා නම් යෞවනියයි. තවත් චිත්රයක සුන්දර පරිසරයක් ඇඳ ඇත. එයින් නිර්මලා නම් සෞන්දර්යවාදිනියව පෙනෙයි. තවත් චිත්රයක ඇය දිය කිඳුරියක් ඇඳ ඇත. එයින් නම් අප දුටුවේ නිර්මලාවමය..... නිර්මලා කිසිවිටෙක නිකම් හිඳින්නියක් නොවේ. ඇය හැම මොහොතේම වැඩක යෙදෙන්නීය. පිරිසිඳු බව පිළිවෙල ඇය ඉහළින්ම අගයන්නීය. සිය නිවස කුරුළු කැදැල්ලක් මෙන් පිළිවෙලට සහ පිරිසිදුව තබා ඇත්තේ ඇය විසිනි. ඉතා රසවත් ලෙස කෑම පිසීමට දන්නා ඇය ගෙදර අන් සියල්ලගේම රස නහරද පිනවන්නීය. ඇයට උච්චාරණය කළ නොහැකි වුවද ඇය ඉංග්‍රීසි භාෂාවද දන්නීය. ඉංග්‍රීසි බසින් සරළව යමක් ලියා තම අදහස් අන් කෙනෙකුට කීමට තරම් ඇගේ භාෂා දැනුම ඉහළය අනේ.... ඇයට අඩුවක් වේ නම් ඒ හඬම පමණි. ඒ හඬ ඇයට දී ඇයව සර්වසම්පූර්ණ කළ හැකි බව මේ නිවසේ උදවිය දැනගත්තේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චන්ද්‍ර ජයසූරිය විසිනි. ඒ සඳහා සැත්කමක් කළ යුතු බවත් අදාළ සැත්කම සිදුකර, ඇසීමේ හැකියාව සලස්වා, පසුව කථන චිකිත්සාව සඳහා යොමුකළ විට නිර්මලාගේ විසි තුන් වසරක නිහඬ දිවිය නිමවා ඔබේ මව, ඔබේ යෙහෙළිය, ඔබේ සොයුරිය, ඔබේ දියනය මෙන් ඇය ද කථා කරනු ඇත. එය මොන තරම් අපූරු සිහිනයක් ද.... මේ නුදුරේදීම සැබෑ කරගත හැකි සිහිනයකි. එහෙත් ඒ සඳහා පහළ මධ්‍යම පංතික පවුලක උපන් නිර්මලාට මුදල් තිබුණේ නැත. මේ සැත්කම ගැන වෛද්‍ය උපදෙස් ලබාගෙන වසරකට වැඩි කලක් ගතවුව ද එකලම උපාලිගේ හඳුනා නොගත් එම රෝගී තත්ත්වය මතුවීම හේතුවෙන් පළමුව ඉක්මනින් ඔහුට ස්ථිර ප්‍රතිකාරයක් ලබාදීම පිණිස නිර්මලාගේ සැත්කම පමා කරනු හැරෙන්නට වෙන කරන්නට දෙයක් මේ පවුලේ අයට නොමැතිවිය. අද වන විට නිර්මලාගේ සැත්කම සඳහා වන වියදම රුපියල් දහ අට ලක්ෂ හතලිස් පන්දහසක (18,45,000) මුදලකි. ඒ සැත්කමෙහි උපකරණවලට වැයවන මුදලය. මෙය සිදුකෙරෙන්නේ කොළඹ ජාතික රෝහලේ බැවින් ඒ සඳහා අතිරේක සැත්කම් ගාස්තුවක් අය නොවේ. (යම් හෙයකින් මෙය පෞද්ගලික රෝහලක සිදුකළේ නම් ලක්ෂ 22ක් ඉක්මවූ මුදලක් සොයාගැනීමට සිදුවන්නේය) එහෙත් මේ සැත්කම මෙයට මාස කිsහිපයක පෙර කළේ නම් රුපියල් ලක්ෂ 16කට මදක් වැඩි මුදලකින් එය කරගැනීමේ හැකියාව තිබුණි. නමුත් ඉතා ශීඝ්‍රයෙන් දිනෙන් දිනම මේ උපකරණ මිල ඉහළ යන නිසා දැන් තවත් ලක්ෂ 3කට වැඩි මුදලක් අතිරේකව සොයාගැනීමට සිදුව තිබේ. එබැවින් ඉතා ඉක්මනින්ම මේ සැත්කම සිදුකිරීමට නොහැකි වුවහොත් නිර්මලාලා තවත් මුදල් අමාරුවක වටෙනු නියතය. එහෙත් ලක්ෂ 18 1/2ක වියදම කෙසේ හෝ සොයාගනිමින් අපි නිර්මලාව සුවපත්කරගන්නෙමුයි ඇගේ අක්කලා දෙපළ සහ මව පෙර සඳහන් කළ ඒ "දිරිය කතුන්ගේ සංග්‍රාමය" අරඹන්නේ මෙයට මාස 3කට පෙරය. පළමුව ඔවුන් කළේ ඒ වෙනුවෙන් තමන්ගේ "සබ්බ සකල මනාව" එක්කාසු කිරීමය. මෙහිදී පොඩි අක්කා,නිදර්ශනී ඇගේ පඩියෙන් ලබාගත හැකි උපරිම ණය මුදල හෙවත් රුපියල් ලක්ෂ 4 1/2ක් සපයා දුන්නාය. ඇය සොච්චම් වැටුපක් හිමි ගුරුවරියක් බව අප සටහනේ පෙර සඳහන් කළේ වැටුපෙන් ඒ ණය මුදල් ගෙවී යන බැවිනි. මේ අතර අනුනට පමණක් මේ බර පටවා තමන් නිකම්ම නොසිටිය යුතු යෑයි සිතූ නිර්මලා ඇඟළුම් කම්හලක රැකියාවකට ගියාය. මෙලෙස තමන් සතු සියල්ල එක්කාසු කළ පසුවද තවත් බොහෝ මුදලක් සොයාගත යුතුව ඇති බව මේ අයට පෙනුණි. ඔවුහු දැවැන්ත තීරණයක් ගත්හ. ඒ ටිකට් පත් අලෙවි කර ඉතිරි මුදල සොයාගැනීමටය. මහ මග යන මිනිසුන්ගෙන් මුදල් යෑදීම උගත් තරුණියකට සිත් නොදෙන්නක් වුවද තම නැගණිය වෙනුවෙන් මේ උතුම් සොයුරියෝ එයට හිත හදා ගත්හ. තම ස්වාමිපුරුෂයාට ඔහුගේ රෝගී තත්ත්වයත් සමඟ මේ සඳහා දායක වීමට නොහැකි වුවද තමන් මව් පිය දෙදෙනාගේම වගකීම යුතුකම කරට ගනිමින් ගුණරත්න මැණිකේ මේ කාර්යයේදී දියණියන් හට නායිකාව වුණාය. ඔවුන් පළමුවෙන් වාහනයක් සූදානම් කරගනිමින් ටිකට් විකිණීම පිණිස කැලණිය පුදබිමට පැමිණීමට සැලසුම් කරගත්තාය. එදා ඒ ගමනට උපාලිද එකතු විය. එහෙත් ගමනේ මැදකට පැමිණි පසු උපාලිගේ රෝගී තත්ත්වය නැවත මතුවිය. ගමන එතැනින් අහවර කර ඔහුව රෝහල්ගත කිරීමට ඔවුනට සිදුවිය. අනතුරව ඈත පෙදෙසකට යැම වෙනුවට ළඟ තැනකට යැම යහපතැයි ඔව්හු තීරණය කළහ. ඒ අනුව සිරිපා පාමුල නල්ලතන්නියට ඔවුන් ගියේ සැදැහැවතුන් අපට අනුකම්පා කරනු ඇතැයි යන විශ්වසායෙනි. සුමන සමන් දෙවියන් අසරණ අපගේ මේ පිරිසිදු උත්සාහයට ආශිර්වාද කරනු ඇතැයි විශ්වාසයෙනි. මෙයට මාසයකට පමණ පෙර ඔවුන් ඒ ගමන අරඹා බොහෝ විට සති අන්ත දිනයන්හී එහි ගියේය. මෙවැනි ගමනකට වාහනයක් කුළියට ගෙන හෝ පිරිසක් සමඟ යැමද වියදම් අධික කටයුතත්ක් වූයෙන් මව සහ දියණියන් තිදෙනා පාරේ බසයෙනි එහි ගියේ. මේ අතර තමන්ට මේ මුදල සොයාගැනීමට කාරුණික මිනිසුන්ගේ උපකාරය ලැබෙන බවට වූ විශ්වාසයෙන්ම සැත්කම සඳහා නිර්මලාව සූදානම් කරවීමටද ඔව්හු කටයුතු කළහ. එයට ප්‍රථම වරින් වර නිර්මලාට එන්නත් තුනක් ලබාදිය යුතු අතර ඉකුත් සතිය වන විට ඒ එන්තත් තුනම ලබාදී අවසන් විය. එයටම අදාළව රුපියල් 15,000ක මිලක් වන විශේෂ කර්ණ සංවේදී උපකරණයක්ද මිලට ගෙන එය නිර්මලාට පළඳා ඇත. මේ එන්නත් 3 ලබාදී අවසන් වීමෙන් පසු ඉක්මනින්ම ඇයව සැත්කමට බඳුන් කළ යුත්තේය. වැඩි කලක් ගතවුවහොත් නැවත මුල සිට මේ සියල්ලට සූදානම් වීමට සිදුවනු ඇත. නුවරඑලි දිස්ත්‍රකික්යේ, තම පළාතේ දේශපාලන බලවතුන්ගෙන් මෙයට උදව් ඉල්ලූ විට ඔවුන්ගෙන් බහුතරය කළේ මේ අසරණයන්ට "මහා පරිමාන" බලාපොරොත්තු දී කාර්යාලගානේ ඔවුන්ව රස්තියාදු කර පසුව සියල්ල අමතක කර දැමීමය. වරෙක ඔවුන් ආධාර බලාපොරොත්තුවෙන් දිනපතා පුවත්පතක සැකෙවින් පුවතක් පළ කළහ. එහිදී බොහෝ පිරිස් මහා උනන්දුවකින් කථා කළද සියල්ල වචන වලට පමණක් සීමා විය. සත පහක් හෝ බැංකු ගිණුමට වැටී තිබුණේ නැත. ඒ වෙනුවට නැති කරදර රැසක් නම් ඔවුන් සොයා පැමිණියේය. නිර්මලාගේ ලොකු අක්කාගේ දුරකථන අංකය එහි සඳහන්ව තිබූ අතර අවස්ථාවාදී වංචනිකයන් සහ තිරිසන් කුපාඩියන්ගේ කරදරකාරී ඇමතුම් වලින් ගැලවීම පිණිස අවසානයේ සිය දුරකථන අංකයද පසෙක දැමීමට ඇයට සිදුවිය. මෙහිදී පැවිද්දෙකු යෑයි කථා කළ අයෙක් තමන්ට විදෙස් පැවිදි පිරිස් සමඟ සබඳතා ඇතැයිද, ඒ පිsරිස් වලට මෙය දැනුම් දී ආධාර ලබාදිය හැකි යෑයිද පවසා ඒ සඳහා ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබාගැනීම පිණිස තම දුරකථන අංකයට "රී ලෝඩ්" එවන ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් අනන්‍යතාවයක් දැනගැනීමෙන් තොරව එසේ කිරීමට නොහැකි බව නිර්මලාගේ ගෙදර උදවිය පැවසූ පසු මෙය "රී ලෝඩ්" තර්ජනයක් බවට පත්ව ඇත. ලෝකය එලෙසය. දුදනන්ගෙන් පිරී ඇත. එහෙව් කලෙක නොදන්නා නගර වල ආධාර ඉල්ලා යැම අනාරක්ෂිතය. ඒවායේ හව්හරණක් ගැන විශ්වාසයක් තැබිය නොහැක. එනිසාය ඔවුන් වැඩි ඈතක නොවූ නල්ලතන්නියට ගියේ. ඔවුන්ගේ එම අත්දැකීම් මනා සමාජ විවරණයක් වැන්න. "උදව් කරන අය වැඩිපුරම ගන්නේ විස්සේ පනහේ ටිකට්. අපි හොඳට බලලා තිබෙනවා අපිට ආධාර කරන අයගෙන් වැඩි දෙනෙක් සල්ලිකාර උදවිය නෙමෙයි. පිටින් බැලූවහම හොඳට සල්ලි තියෙනවා වගේ පේන අයගෙන් අහම්බෙන් කෙනෙක් විතරයි ආධාරයක් දෙන්නේ" ශාන්තිලතා කියන මේ කථාවේ තේරුම පොඩි මිනිහාගේ දුක දැනෙන්නේ පොඩි මිනිහාටම පමණක් බවද? "අද කාලේ මේ විදිහට ගොඩක් ජාවාරම් තියෙනවනේ මහත්තයෝ. ඒ නිසත් මිනිස්සු එහෙම දෙයක් විදිහටම අපි ගැනත් බලන වෙලාවල් තියෙනවා. වෙලාවකට අපි හරිම අසරණයි. මිනිස්සුන්ගෙන් බැනුම් අහලා දරාගන්න බැරිව පාරෙ අයිනේ ලෑලි තට්ටු ගාවට ගිහින් අඬලා තියෙනවා. වෙන මිනිස්සු නම් කමක් නැහැ, දවසක් නංගිට (නිර්මලාගේ දෙවැනි අක්කාට) හාමුදුරු කෙනෙක් හොඳටම බැන්නා" එදවස හිඟන්නියක් බඩගින්නට කෑම ටික සොයාගැනීමේ අටියෙන් භික්ෂුණීත්වයට පැමිණි කල, ඇයට අහර පමණක් නොව අවසානයේ නිවන කරාද ගෙනයැමට තරම් කාරුණික වූ ශාසනයකි මේ. එහෙව් ශාසනයක ධජය දරමින් අනුන්ගෙන් උපකාරයක් ඉල්ලනු දැක මෙලෙස තරුණියකට බැණ වැදී අසරණ කිරීමට තරම් ඒ හිමියන් දරුණු වීද? චීවරය පමණක් නොවේ, සමාජය ඉදිරියේ සිල්රෙදි පෙරවාගෙන සිටින සමහරක් මහතුන්ගේ සිල් රෙද්ද යට ඇති කෙලෙස් කන්ද විවර වූ මොහොතකි මේ. එය නල්ලතන්නියේ පිහිටි සුප්‍රසිද්ධ ආලේපයක් තවරන සමාගමකි. එහිදී බැතිමතුන්ට එම ආලේපය තවරන්නේ මහා සමාජ සද්කාර්යයක් කරන්නා සේ පෙන්වමින් විනා එය තවත් එක් "මාර්කටිං පාරක්" බව කිසිසේත් නොහැඟෙන අයුරකිනි. දිනක් මේ සමාගමේ හිමිකරු හෙවත් ඒ සුප්‍රසිද්ධ වෙද මහත්තයා සිරිපා වඳින්නට පැමිණි වගක් නිර්මලාගේ මවට සැල විය. ඒ වන නල්ලතන්නියේ සිටි ඇය දූවරුන්ද සමඟින් ඉහළට නැග්ගාය. එදින උදේ වේලද, දවල් වේලද අහිමිවී බැරි මරගාතේ හාමතේ ඉක්මන් ගමනින් ඔවුන් ඉහළට නැග්ගේ මේ "තරු පහේ සමාජ සේවකයා" තමන්ට සැලකිය යුතු උපකාරයක් කරනු ඇතිය යන බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවූයේ කුමක්ද? "ඒ මහත්තයා අපෙන් ඇහුවා මොකද ආවේ කියලා. අපි මෙහෙම සැත්කමකට ආධාරයක් ඉල්ලගෙන ආවේ කියලා ලිපි ගොනුව පෙන්නුවා. එතකොට ඒකෙ තිබුණා කලින් ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 16ක් කියලා තිබුණ ලියුම. මහත්තයා වෙන මොකුත් ඇහුවේ නැහැ. "හිතුවද මේක ආධාර දෙන තැනක් කියලා. මෙන්න ලක්ෂ 16ක් ඉල්ලගෙන ඇවිත්. මේ ඇවිල්ල බලන්න මෙන්න ලක්ෂ 16ක් ඉල්ලනවා....." කියලා වටපිටාවේ ඉන්න හැමෝම එතැනට එක්කාසු වන විදිහට කෑ ගහලා අපිට අන්තිම කැත විදිහට කථා කළා මහත්තයෝ. අපි හැරිලා ආවේ අඬ අඬා. ඇයි මහත්තයෝ මේ සල්ලි හොයන්නේ අපිට කන්නද? මේ දරුවව ගොඩ ගන්න නේද?" ගුණරත්න මැණිකේ කඳුලක් පිටවීම ආයාසයෙන් වලක්වා ගනිමින් ඒ කථාව පවසා අවසන් කළද එය අවසානයේ අසරණ සුසුමක් වා තලයට මුදා හැරියාය. තරුණ දියණියකට හඬක් දීමට මවක ගන්නා උත්සාහය හමුවේ ඒ ආලේපකරුවාගේ ආටෝපය දියවගොස් අසික්කිතබව එලියට ආවේ එසේය. "මේ වැඩේට සල්ලි හොයද්දී අපිට තිබෙන එකම දේ තමයි මහත්තයෝ ඉවසීම. එදා මට දරුවෝ අඬ අඬා කිව්වා "ඇයි අම්මේ අපිට මෙහෙම වුනේ. අනේ දැන් ආයෙත් මෙතන ඉන්න පුළුවන් කමක් නෑ. අපි යමු අම්මේ ගෙදර" කියලා. තරුණ ගෑණු දරුවන්ට ඒ වගේ දේවල් දරාගන්න අමාරුයි මහත්තයෝ. ඒත් මම, අපි නංගි වෙනුවෙන් මේ හිතේ අමාරු ඉවසගම්මු කියලා ඒ අයගෙ හිත හදලා පල්ලෙහාට ඇවිත් ආපහු ආධාර එකතුකරන්න පටන්ගත්තා" "ඒ වගේම මහත්තයෝ හරිම අනුකම්පාවෙන් උදව් කරන උදවියත් ඉන්නවා. ගොඩක් වෙලාවට තරුණ දරුවෝ හරි කරුණාවන්තයි. සමහර වෙලාවට පළමුවෙන්ම ඒ අය දුවලට විහිළු කරනවා දන්නෙ නැතිව. ඒත් අපේ ඇත්ත කතාව දැනගත්තහම ඒ අය පසුතැවෙනවා. අවංකවම උදව් කරනවා. මේ ගමේ අයත් මේ වැඩේට තමන්ට පුළුවන් විදිහට උදව් කරනවා. ඒ වගේ අයගෙ අනුකම්පාවෙන් තමයි අපට මේ තරමින්වත් මුදලක් එකතුකරගන්න ලැබුණේ. ජනාධිපති අරමුදලිනුත් මුදලක් දෙනවා කියලා තියෙනවා" මේ වන විට තමන් ණය ආදිය ලබාගනිමින් සොයාගත් මුදලද, එකතුකර ඇති ආධාර මුදල්ද, ජනාධිපති අරමුදලින් ලැබෙන බව සඳහන් මුදල්ද යන සියල්ල සැලකීමේදී රුපියල් දශ ලක්ෂයකට මදක් වැඩි මුදලක් ඔවුන් සතුය. ඉතිරිව ඇත්තේ තවත් ලක්ෂ 8ක පමණ මුදලක් සොයාගැනීමය. සැත්කම කළ පසු කථන චිකිත්සාව ආදී දෑ සඳහාද අතිරේකව මුදලක් සොයා ගත යුතුය. මේ රටේ සිටින කෝටි දෙකකට ආසන්න මිනිසුන් අතරින් 800ක් තරම් සුළු පිරිසක් රුපියල් 1000 බැගින් දායක වේ නම් මේ මුදල සපයාගත හැකිය. උපන්දින උත්සවයක් වෙනුවෙන් පුපුරා යන බැලුමට , දැවී දියව යන ඉටිපන්දමට, දිවට මොහොතක රසයක් මවා ගිලී යන රසමසවුලක, නිවෙන පත්තුවෙන එලියක තාවකාලික සුවය පිණිස වන වියදම නිර්මලාට හඬක් මැවීම පිණිස පිරිනැමිය හැකිනම් ඔබේ ජීවිත කාලය පුරා ඒ උපන්දිනය අමතකවේද? මෙරට ප්‍රසිද්ධ සමාගමක සමාජ සත්කාරක අංශයකට මේ මුදල "මහ ගාණක්"ද? ඇඟේ හඬ ඔබ වන්න. ඇගේ අසීම ඔබ වන්න. ඔබ ඇගේ ස්වරාළ වලට පණ දෙන්න. ඇගේ කර්ණ සංවේදන ස්නායු වල සංවේදී බව ඔබ වන්න. සංවේදී වන්න. අප පුවත්පතක් සහ කර්තෘ මණ්ඩලයක් ලෙසින් මේ සඳහා උපරිමය කැපවන්නෙමු. ඔබ අප සමඟ එකතුවන්න. මේ පිච්ච මල කථාකරන අපූරුව විඳිගන්න..... අමතක කරන්න එපා. ඇය මේ වන විට සැත්කමට පෙරාතුව ලබාදෙන එන්නත් සියල්ල රැගෙන ලබාගෙන අවසන්. ඒ නිසා ඉක්මනටම කළ හැකි සියල්ලම කරමු. ඉන්ද්‍රජිත් සුබසිංහ (දිවයින පුවත්පත) ඡායාරූප - ධම්මික සල්වතුර ___________________________________________________________________________________ සටහන නිර්මලාගේ කතාව කියවූ ඔබ හැමට සුළු මුදලකින් හෝ ඇයට හඬක් දීමට දායකවිය හැක. ඔබගේ උදව් උපකාර ඇතුව නිර්මලා කෙදිනක හෝ කතා කළහොත් ඔබට දැනෙන සතුට කෙතරම්දැයි සිතා බලන්න.. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අප නිර්මලාගේ සොයුරිය ඇමතුවා. එහිදී ඇය කියා සිටියේ මසක් වැනි කෙටි කලක් තුලදී ලක්ෂ අටක් පමණ මුදලක් සෙවීමට ඔවුන්ට සිදුව ඇති බවයි. එම ඉලක්කය ඔවුන්ට තවමත් සිහිනයක් බවද ඔවුන් අපට පැවසිය. එම සිහිනය යතාර්ථයක් කිරීමට අවශ්‍යය සහයෝගය අප ලබාදෙන බව අප පාඨක ඔබ වෙනුවෙන් ඔවුන්ට සපථ කළෙමු. ___________________________________________________________________________________ නිර්මලාගේ ගිණුම් අංකය - 302-2-001-6-0009724 (ඒ. ඩී. නිර්මලා වසන්ති කුමාරි - මහජන බැංකුව, ගිනිගත්හේන ශාඛාව) වැඩි විස්තර විමසිය හැකි දුරකථන අංකය - 071-3679443 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom