Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් නෙතු [Compete Story]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙත්මගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවිය. දරදඬු සිතකට හැඟීමක් එහෙමට එන්නේ නැත. ඔහු කිසිවක් නොවු ගාණට තමා ඉඳගන්නා තැනට ගොස් ඩෙස්කය මත තබා තිබූ පොත් ටික බෑගයට දැමුවේය. බෑගය වසා ජනේලයෙන් පිටත බලාගෙන සිටින්නට විය.

“මෙත්ම” විජේරත්න සර් ඔහුගේ අවධානය වෙනතක ඇති නිසා නැවත කතා කලේය. මේ සිදුවීම නිසා මෙත්ම තවදු එම ගුරුවරයාව ගණන් නොගන්නා බව කවුරුත් දන්නා කරුණකි. ඉලංදාරියා අඩුම වශයෙන් හැරී බැලුවේ වත් නැත. මුරණ්ඩු කමේ හිණි පෙත්තටම නැගි ඔහු වැනි අයෙක්ව ලේසියෙන් හික්මීමට බැරි බව විජේරත්න සර් සක් සුදක් සේ දැන සිටි හෙයින් ඔහු ඊට වඩා මෙතමව අස්වසන්නට ගියේද නැත. කාල පරිච්ඡේද දෙක අවසන් විය. විජේරත්න සර් ගිය සැනින්ම වගේ මෙත්ම බෑගයේ කර පටි දමාගෙන සිටගත්තේ අන් සියල්ල මවිත කරමින්. කෙතරම් දඟ වැඩ කරත් ඔහු කවදාවත් ඉස්කෝලෙන් පැන නැත. ඔහුගේ හැටි දන්නා ජනියා සහ කෙමිල් පවා වචනයක් කීවේ නැත. වචනයක්වත් නොදෙඩූ ඔහු පඩි දෙක බැස සියල්ලන්ට නොපෙනී ගියේය.

ඉන්පසුව පංතියේ සියල්ලගේම මාතෘකාව වූයේ මෙත්මගේ සිද්ධියයි. ඔහුගේ යාළුවන්ට පවා සිදුවූ දේ ගැන වැටහීමක් තිබුනේ නැත. මේ සියල්ල සන්සුන් වන විට විට එක් සිතක් පමණක් තවමත් යකාගේ කම්හල මෙන් විය. ඒ නම් උදේශනීයි. සියල්ල සිදු වූයේ තමා නිසා යන හැඟීම පළමු වරට ඇය තුළට පිවිසිනි. තමා අර වදන් කියූ විට මෙත්මගෙ දෑසේ බැල්ම, අංශ භාරගෙන් ගුටිකන විට ඔහුගේ දෑස ඇයට මැවි මැවී පෙනිනි. ඔහු පංතියේ දොරකඩින් පිට වු අයුරුද ඇයට නැවත් සිහි විය. මුලදී නම් පුංචි සතුටක් සිතට නො ආවාමත් නොවේ. නමුත් දැන් ඊට වඩා සිය දහස් වාරයක් දුකය. එවැනි දරදඬු සිතකට එලෙස සිදුවීම හොඳයැයි බලෙන්ම, ආයාසයෙන් හැඟීමක් ගෙන ඇය සටහනක් කියවන්නට විය. විෂයට අදාල ගුරුභවතා පැමිණ නැති බව කවුදෝ කෑ ගසා කියනු ඇසිනි. ඉන් පසුව පංතියේ එකම ගාල ගෝට්ටියකි. එක් එක් අය තම තමන්ට රිසි සේ කෑ ගසන්නට විය. බොහෝ දෙනා තවමත් මෙත්මගේ සිද්ධිය ගැන කතා බස් කරයි. උදේශනීටද ඒ ගැන කතා කරන්නට සිතුනත් යොමාලි මේ වනතුරුත් ඇය සමඟ වචනයක් වත් කතා නොකල නිසා, කතාව ආරම්භයට මුල පිරීමට අදි මදි කරමින් වුන්නාය. ඉවසීමට බැරිම තැන උදේශනී කතාවට මුල පිරුවාය.

“මෙත්මට නම් පිස්සු නේද?”

“හ්ම්”

යොමාලි කෙටි පිළිතුරක් දී නිහඬ වූවාය.

පිස්සෙක්. නිකරුනේ විහින් ගුටි කෑවා බොරු වැඩකට”

“හ්ම්” නැවතත් ඇගෙන් එම පිළිතුරමය

“මොකද යොමාලි අනේ වෙලා තියෙන්නේ? හැම එකටම හ්ම් හ්ම් කියන්නේ”

“හ්ම් හ්ම් තමා මට කියන්න වෙලා තියෙන්නේ මේ වැඩ දැක්කම”

ඇය මෙත්මට දුන් පොරොන්දුව නිසා කිසිවක් කීමට බැරිය.

“මොකද අනේ වෙලා තියෙන්නේ. කොහෙවත් ඉන්න පිස්සෙක් නිසා ඇයි මේ ඔයා අප්සට් එකෙන් ඉන්නේ?”

උදේශනීගේ කතාවට යොමාලිට ඉවසුම් නැති විය. තවත් මෙය හංඟා සිටීමෙන් මෙය දික් ගැසෙයි.

“මේ අහන්න උදේශනී.මේක මම කියන් නෑ කියලා මෙත්මට පොරොන්දු වුනා. නමුත් මේ සිද්දිය මෙහෙම කෙලවර වෙයි කියලා දන්නවා නම් මං කීයටවත් මේක නොකිය ඉන්නෑ.”

මොනවද යොමාලි මේ කියන්නේ? මට තේරෙන් නෑ කිසි දෙයක්”

“ ඔයා දවාලේ කෑව බත් එක ගත්තේ මම නෙමෙයි මෙත්ම. උඹ බඩගින්නේ කියලා දැනගත්තු වෙලේම අරන් දුන්නා. මම ගත්ත එකක් කියලා කියන්න කිව්වේ උඹ නොකාවි කියලයි.”

“බොරු කියන්න එපා යොමාලි”

“බොරු නෙමෙයි.මට මේක නොකිය ඉන්න බැරි තැනටම ඔයා ගෙනාවා. මට මෙත්ම ගැන දුකයි. වැරද්දක් කරලා දඬුවමක් හම්බුනා වගේ නෙමෙයිනේ. මංදා. මාත් මේකට වැරදිකාරියක් කියලා හිතෙනවා”

එය ඇසී උදේශනීගේ මුහුණ මලක් පරවී යන්නාක් මෙන් මුකුලිත විය. ඇයට මෙය අදහා ගැනීමට නොහැකිව පුටුවේ පසුපසට හේත්තු වී කල්පනා කරන්නට වූවාය.මඳ වේලාවකට පෙර සිදූ වූ සියල්ල ඇයට නැවත් සිහි විය.හිස්ව තිබෙන මෙත්මගේ පුටුව දුටු විට ඇගේ ගත නිකං හිරිවැටී ගිය කලෙක මෙන් දැනෙන්නට විය. අද දිනට දෙවන වතාවටත් කඳුලැල ඇගේ දෙකම්මුල් තෙත් කරන්නට විය.යොමාලි ඒ දෙස බලාගෙන සිටියා විනා වචනයකදු නොකිව්වාය.

“අනේ දෙයියනේ , ඇයි මම එහෙම කලේ”

ඇය ඩෙස්කය මත ඔලුව තබා ගත්තාය.

ගෙදර ගිය මෙත්ම ඇඳ සිටි ඇදුම් පිටින්ම ඇඳට පැන සිදුවූ සියල්ල අමතක වීමට යයි සිතා නින්දක් දැම්මේය. ගණන් පංතිය ගැන මතක් වුයේ හවස් වී නැවත නැගිට්ට පසුවය. පංතිය පටන් ගන්නා වේලාවේ කෑලිත් දැන් සෙවිමට නැත. එහෙත් ඔහු කොහේදෝ යන්නට කඩි මුඩියේ ඇඳුමක් දාගන්නට විය. බයිසිකලයට නැගි ඔහු හෙල්මටයත් දමාගෙන හිස හැරුනු අතේ යන්නෙකු මෙන් ඔහේ යන්නට විය. අවසානයේදී නැවතුනේ ඔහුගේ ප්‍රියතම ස්ථානයකය. ඒ නම් නිවසට මද දුරකින් පිහිටි කුඩා කන්දයි. එයට ඔවුන් විසින්ම ගල්කන්ද යනුවෙන් නමක් පටබැඳ තිබිනි. මංද යත් කන්ද මුදුනේ විශාල ගල් පොත්තක් තිබුණු හෙයිනි. ඉලංදාරියා මෙයට ආසා කලේ කල්පනා කර සිත නිදහස් කර ගැනීමට අගනාම නිස්කලංක තැනක් නිසාමය. මුදුනට නැගි ඔහු ක්ෂිතිජය දෙස බලාගෙන වාඩි වුයේ සියලු ප්‍රශ්න අමතක කොට යන අදිටන් ඇතිවය. වෙන ගෑණු ළමයෙක් එය කීවා නම් මෙලස වද නොවන බව මෙත්ම දනියි. නමුත් එය ඇයගේ මුවින් පිටවීම ඔහුට දරාගත නොහැකි විය. අනිත් ගැහැණු ළමුන්ගේ නොදුටු සුන්දරත්වයක් සැම විටම මෙත්ම ඇය තුලින් දුටුවේය. ප්‍රසිද්ධියේ ඇයව අගය නොකලත් ඇගේ බොහෝ ලද බොලඳකම් වලට ඔහු ඇලුම් කලේය. ඔහුගේ සිතට තවමත් මෙය වද දෙන්නේ එ නිසා වන්නට ඇත.

හවස පංති නොපැමිණිම පිලිබඳ මෙත්මගේ යහලුවන්ට තිබුනේ අවිනිශ්චිත හැඟීමකි. මොන වැඩ කරත් ඔහු පාඩම් වැඩ අත පසු කරන අයෙක් නොවේ. ඊටත් වඩා උදේශනී ඒ ගැන දුක් වෙමින් සිටියාය.

“මෙත්ම ඇවිත් නෑ වගේ නේද?”

“මට පේන්නෙත් ඒ වගේ තමා.”

“අපි මේකට මොකද කරන්නේ යොමාලි. මං එහෙම දෙයක් කිව්වේ කිසි දෙයක් දැනගෙන නෙමෙයිනේ.”

“දැන හෝ නොදැන හෝ දැන් කියලා ඉවරනේ. උඹටම තමා මේවා බේරගන්න වෙන්නේ”

“මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.”

උදේශනී කල්පනා කරේ මෙත්මට පසුවදා මුහුණ දෙන්නේ කෙසේද කියාය. නිකමටවත් ඔහු දිහා බැලීමට බිය වන ඇය මෙවන් තත්වයකදී කෙසේ නම් එය කරාවිද යන්න ඇයටත් තිබූ ප්‍රෙහෙලිකාවකි.

පසුවදා හිමිදිරියේම ඇය පාසලට ගියේ යොමාලි සමඟ නැවතත් කල යුත්තේ කුමක්ද යන්න කතාබස් කරගැනීමටය. නමුත් අවාසනාවකට යොමාලි වෙනදා මෙන් කලින් පැමිණ සිටියේද නැත. යොමාලි මෙන්ම මෙත්මගේද සේයාවක් නොවිය. ඔහු කොහොමත් උදේ කැන්ටිමේ හෝ පිට්ටනියේ කරක් ගසයි. එම නිසා පැමිණිම නිශ්චය කල නොහැක. ඇය තනිව හිඳ කල්පනා කරන්නට විය. පංතියේ එකා දෙන්න පිරෙන්නට විය. යොමාලිද පැමිණියාය. නමුත් ඒවන විටත් මෙත්මගේ වග තුගක්වත් නොවීය. මෙත්මගේ පුටුව දකින විට ඇයට පෙර සිද්දිය මතක් වෙයි. මෙත්ම පැමිණියේ සීනුව නාද කර ගාථා කීමට ඔන්න මෙන්න තිබියදීය. වට පිට නොබැලූ ඔහු කෙලින්ම ගොස් ඔහුගේ ඩෙස්කය මත බෑගය දමා ගාථා කීමට සූදානම් විය.

ගාථා කියා කෙලින්ම වැඩ පටන් ගත් නිසා ඇයට මෙත්ම ලඟට යාමට හැකියාවක් තිබුනේ නැත. අවසානයේදී ගුරුවරයා පංතියෙන් පිටතට යනතුරු සිටීමට ඇයට සිදු විය. ඇය කෙමෙන් කෙමෙන් මෙත්ම ලඟට ගියාය. ඊයේ සිද්ධිය සමඟ ඇය දැන් මේ කරන්න යන දේ ගැන අන් අයට වැටහීමක් තිබුනේද නැත.

“මෙත්ම”

ඉලංදාරියා ඇයව මායිම් කලේ නැත.

“මෙත්ම” ඇය නැවතත් කතා කලාය.

පුටුවෙන් නැගිට සිටි ඉලංදාරියා කිසිවක් නොකියා පංතියෙන් පිටතට ගියේය. බලාපොරොත්තු සුන් වූ ඇය නැවත ඇගේ පුටුව ලඟට ගියාය. මෙත්මගේ ක්‍රියා කලාපය ගැන යොමාලිට නම් පුදුමයක් නොවිනි. මංද යත් ඇය මෙත්ම ගැන නියමාකාරයෙන් දැන සිටියාය. ඔහුට යමක් එපා නම් එය කුමක් වුවත් ඔහුට කම් නැත. එය ඔහුට එපාමය. එය අද ඊයේ පටන් ගත් දෙයක් නොව කුඩා කල සිටම ඔහුගෙන් පිළිබිඹු වූ දෙයක්ය.

“කෙමිල් මෙහෙ වරෙන්.” මෙත්ම කෙමිල්ව ලං කර ගත්තේය

“දිග කොන්ඩේගෙයි මගෙයි තියෙන ප්‍රශ්නෙට උඹලා ගෑවෙන්න එපා හරි. මං එක්ක ඒ ගැන ආයෙ කතා කරන්නත් එපා. ඒ ගැන උඹලා ඒකි එක්ක කතා කරන්න යන්නත් එපා” ඔහුගේ වචන ස්ථීර විය.

දිනෙන් දින ගෙවිනි. මෙත්මගෙන් සමාවක් නැති බව ඇයට තේරුම් ගොස් තිබිනි. ඇය තවත් ඔහුගෙන් සමාව ගැනීමට ගියේද නැත. මේ අතර නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට ලහි ලහියේ කට්ටිය සූදානම් වෙමින් සිටියි. මෙත්ම ඇතුලු කණ්ඩායමද බරටම වැඩ භාරගෙන තිබූ නිසා පංතියේ සිටීමට ඔවුනට කාලයක් නොවීය. ඔවුන් තමන්ට අයත් නිවාස ගොඩ නැගීමට සියල්ල සුදානම් කරන ලදියි. ගැහැණු ළමුන්ට තිබුණේ ඒවාගේ සැරසිලි කටයුතු භාරවය. මෙත්ම සහ උදේශනී නිවාස දෙකක සිටි නිසා ඔවුන් දෙදෙනාට මහත් අස් වැසිල්ලක් විය. මංද යත් ඔහුව දකින දකින් වාරයක් පාසා ඇය අපහසුතාවට පත්වන් බැවිනි. ඇය තම නිවාසයේ කටයුතු වලට ගිය මුල්ම දිනයේදී ඇයට වෙනත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය.

“ආ…. මෙයත් අපේ හවුස් එකේද?” නාරද පැවසුවේය.

“චූටි… ඔයා අපේ හවුස් එකේ කියලා දන්නවා නම් මං කලින්ම ඕඩර් කරනවානේ” තවත් කටකාර කොල්ලෙක් පැවසීය.

ඇය මහත් අපහසුතාවකට පත වූවාය. ඇය ඔවුන්ව දන්නා අයද නොවේ. බොහො විට මොවුන් කලා හෝ වානිජ කරන සිසුන් වන්නට ඇත. ඇය ඉක්මනින් එතනින් ඈත් වීමට සැදුවාය.

“ආ…කොහෙද චූටි යන්නේ? එහෙම ලේසියෙන් යන්න දෙන්න පුළුවන්ද?”

“ප්ලීස්. මම ආවේ හවුස් එකේ ඩෙකරේටින් වැඩ වලට. මට ඒ වැඩ ටික කරන්න යන්න දෙන්න” ඇය මුහුණෙන් තරහක් පෙන්වා ඇසුවාය.

“අප්පට සිරි, මේකිගේ සයිස් බලපල්ලකෝ. අළුතෙන් නේද ආවේ? වැඩිය සද්ද එපා හරි”

“එක්ස් කියුස්මී” ඇය බලෙන් මෙන් ඔවුන්ගෙන් මිදී වෙනතකට ගියාය.

“වෙන කිසි කෙල්ලෙක් දාපු නැති පාට් එකක් මේකි මට දැම්මා එහෙනම්.දෙන්නම්කෝ වැඩක්” නාරද දත්මිටි කමින් තමාට කියා ගත්තේය. කෙසේ හෝ නාරද ඇයට ලංවීමට උත්සහ කරත් සෑම අවස්ථාවකම ඇය ඔහුව මග හැර ගියාය. වෙනත් වැඩක් යෙදී ඇති බව පවසා ඔහුගෙන් ගැලවීය. ඔහුව තඹේකටවත් මායිම් නොකලාය. එ නිසාම ඔහු ඇයට පාඩමක් ඉගැන්වීමට තරයේ සිතාගෙන වුන්නේය.

“පුතේ, පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?” ගුරුවරියකගේ කටහඬ ඇසී මෙත්ම පිටිපස්ස බැලුවේය.

“මොකක්ද මිස්?”

“අපේ දුවට අද සනීප නෑ. එයා බාර අරන් තිබ්බා ඕකිඩ් මල් වගයක් හවුස් එකට. කවුද මේ උදේශනී කියලා ගෑණු ළමයෙක්ට දෙන්න කියලා කිව්වා. මට හොය හොය ඉන්න වෙලාව නැති නිසයි මෙත්ම පුතාට දෙන්නේ. ඔන්න වරද්දන් නැතිව දෙන්න හොඳද?” මෙත්මගෙන් උත්තරයක් ලැබෙනතුරු වත් නොසිට ගුරුතුමිය යන්නට ගියාය. කුමක් කරම්ද කියා මෙත්ම වට පිට බැලුවද හරි හමන් මිතුරෙකු සොයා ගැනීමට නොවීය. වගකීමකින් පැවරූ දෙයක් නිසා වෙන කා අතේවත් යැවීමටත් නොහැක.

“ශික්. මටම මේ බාල්දිය වැටුනනේ”

අහල පහල කෙමිල් තියා ජනින්දවත් නැත. අමාරුවෙන් හෝ උදේශනී වෙත යාමට මෙත්මට සිදු විය. ඔහු යන විට ඇය සැරසිලි කටයුතු වල නියැලී වුන්නාය. ඔහු ලඟට ගියද ඇයට කතා කලේ නැත. ඇය සමඟ කතා නොකිරීමට ඔහු තරයේ සිතා වුන්නේය. ඔහු ඇය දෙස බලා සිටින්නට විය. ඇය ගොක් කොල වලින් සෑදු කුඩා සැරසිලි බිත්ත්යේ ගසමින් සිටියාය. සියුම් ඇඟිලි තුඩු වලින් ගෙන ලතාවකට ඒවා බිත්තියේ සවිකරයි. වරෙක මිටිය ඇගේ ඇඟිලි තුඩුවල වදින්නට ඇත. ඇය “ඌයි” කියමුන් ඇඟිල්ල සූප්පු කරන්නට වුවාය. ටික වෙලාවක් එලෙසම සිට නැවත වැඩේ කරන්නට පටන් ගත්තාය. ඔහු පුදුම විය. ඇයට වට පිට ගැන ගාණක්වත් නැත. සමහර විට ඇය වුවමනාවෙන්ම මේ දේ කරනවා වන්නට ඇත. ටික වෙලාවකින් ඇය කරමින් සිටි දේ පසෙකලා බිත්තිය දෙස බලා සිටියාය. පසුව ඇය මෙත්මව සූදානමෙන් සිටි අයෙක් මෙන් පසු පසට හැරුණාය. මෙත්ම කලේ ඇය දෙස බලා සිටීම පමණි. ඇයද එලෙසම සිටියාය. මෙත්ම ඇයට මල් ටික දිගු කලේය. ඇය අන්ද මන්ද වී බැලුවේ මෙත්ම ඇයට මල් දෙන්නේ මංද යැයි බලමිනි. කුමන හේතුවක් නිසා හෝ ඇය එය අතට ගත්තාය. කොහෙදෝ සිට නාරද එතැනට පැමිණියේ වාසනාවකට හෝ අවසනවකට දැයි කිව නොහැක.

“ අපි එක්ක ටිකක් කතා කරන්න බැරි අය වෙන කට්ටියන්ගෙන් මලුත් ගන්නවා එහෙනම්”

ඔහු උදේශනීට ඇනුම් පදයක් කීවේට. මෙත්ම කිසි ගාණක් නොගෙන නැවත් හැරී පිට්ටනිය දිගේ නොපෙනී ගියේය. ඇය මල් ටික අතට ගත්තාය. ප්ලාස්ටික් මල් නිසා කල් තබා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු නැත.මල් ටික දිග හැරුණු පසුව වැටුනු කඩදාසිය කියවීමෙන් ඇයට මේ මල් වල තේරුම වැටහිනි. නමුත් මෙත්ම ඇය කරා පැමිණ එය බාර දීම ගැන ඇයට සිතා ගැනීමට නොහැකි විය.

පසුදා තිබුනේ එහි තීන්ත ගෑම් සහ අනෙකුත් අලංකරණ කටයුතු විය.අනෙකුත් නිවාස වල මෙන්ම උදේශනීගේ නිවාසයේද වැඩ කටයුතු ලහි ලහියේම සිදු වෙමින් තිබිණ. නාරද ඇතුලු ඔහුගේ සඟයන් උඩ නැගගෙන තීන්ත ගෑම අරඹා තිබිනි. උදේශනී සහ ඇගේ යෙහෙලියන් කිහිප දෙනෙකු තවත් සැරසිලි කටයුතු වල නිරත වී සිටියහ. නාරද සිටියේ හරියටම උදේශනීට ඉහළිනි. ඔහුට කුරිරු අදහසක් පහළ විය. තීන්ත බාල්දියේ නිල් පැහැ තීන්ත ඉතිරි වී තිබිනි. එක්වරම උඩ ගිය තීන්ත බාල්දිය උදේශනීගේ ඇඟට වැටිනි. එක්වරම පසුපසින් පැමිණි අතකින් උදේශනීව පිටුපසට ඇද්ද නිසා තීන්ත බාල්දිය ඇගේ ඇඟට නොවැටී බිම වැටිනි. නමුත් බිම වැටීමේදී විසිරුණු තින්ත ඇගේ ගවුමේ තැවරිනි. ඇය එක්වරම බැලුවේ ඇයව ඇද්දේ කවුරුන්ද යන්නයි.දඩබ්බර දෑසින් බලා සිටියේ වෙන කවුරුත් නොව මෙත්මය. ඔහුගේ දෑත් කිටි කිටියේ තද වෙමින් තිබින.

“අරූ වැඩේ කෑවනේ” නාරද ලඟ වුන් එකාට කීවේය.

“මචං මොකද කියන්නේ, නෙලමුද අල්ලං. කොහොමත් මූ උඹේ එකටමනේ අර අදින්නෙත්”

නාරද නැග සිටි තැනින් බිමට බැස මෙත්ම ලඟට පැමිණියේය.

“මොකද උඹ දත්මිටි කන්නේ?” මෙත්ම රවාගෙන සිටි නිසා නාරද ඇසුවේය.

“ලැජ්ජ නැති වැඩ කරන්න එපා යකෝ” මෙත්මද කිසිවක් ගණනකට නොගෙනම පැවසුවේය.

“මොනවද ලැජ්ජ නැති වැඩ?”

“කරපු එකා දන්නවනේ ලැජ්ජ නැති වැඩ මොනවද කියලා. මීට පස්සේ ඒවා බෑ හරි”

“ඇයි තමුසේ මොනවා කරන්නද නැත්තම්”

“කරන දේ ගැන මම කිය කිය ඉන් නෑ”

“එහෙමද? හා එහෙනම් කරමුකෝ බලන්න” කියමින් ඔහු උදේශනීගේ අතකින් ඇද්දේය. මෙත්ම මොහොතකට නිසල විය. නාරදගෙන් අත මුදවා ගැනීමට ඇය වැරෙන් දැඟලුවාය. අවසානයේ ඇය කඳුලු පිරි දෙනෙතින් මෙත්ම දෙස බැලුවාය. මෙත්මගේ දෑස ගිනියම් විය. වේගයෙන් ගිය දකුණු කකුල නාරදගේ බඩ හරහා වැදිනි. පසු පසට විසික් වී ගිය ඔහු බිම වැටිනි. ඔහුගේ තව සඟගෙයෙක් සහයට පැමිණියද මෙත්මගේ රළු බැල්මෙන් ඔහු එතනම නැවතිනි.

“ගහපන් යකෝ. තොපි ගෑණුද තවත් බලං ඉන්නේ.” නාරද බඩ අල්ලගෙනම ඔහුගේ නැවතුන මිතුරාට බැන වදින්නට විය.

එක්වරම නාරදේ මිතුරන් දෙදෙනෙක්ම මෙත්මට ගැසීමට ලංවිය. මෙත්ම එක් අයෙකුට ගැසුවත් පසු පසින් ආ අනෙක් කෙනා දුන් පහරට සමබරතාව නැතිවී බිම වැටුනේය. එවිට නාරදද ඇවිත් පහර දෙන්නට විය. උදේශනී හඬමින් බලා සිටියා විනා ඇයට වෙන කල දෙයක් නොවීය. කෙසේ හෝ නැගිට සිටි මෙත්මද ගැටුම ඇතෑරියේම නැත. නැවට නාරදගේ බෙල්ලෙන් අල්ලගත් ඔහු අත මිට මොලවා නාරදගේ මුහුණට ගැසීය. කෙසේ හෝ තුන් දෙනෙක් සමඟ පොර බදන එක ඔහු හට ලේසි පහසු කාරණාවක් නොවූයේ නැවත් එකෙක් දුන් පහරක් නිසා ඔහු ගොස් සදමින් තිබූ නිවාසයේ වැදීම නිසා පැත්තක් කඩාගෙනම ඔහු උඩට වැටීමයි. සිදුවූයේ නාරදවත් එතන සිටි කවුරුන්වත් නොසිතූ දෙයකි. පුවක් කොට වලින් රාමුව ගසන නිසා ඔහු මතට පුවක් කොට කිහිපයක් වැටී තිබින. ඔහුට ටිකක් අමාරු යැයි තේරුන නිසා නාරද සහ පිරිස ඉක්මනින් ඒවා ඉවත් කර දැමීය. උදේශනී සැනින් මෙත්ම ලඟට දුව ගියාය.

මෙත්ම අමාරුවෙන් නැගිටීමට හැදුවද එය කිරිමට ඔහුට අපහසු විය. ඔහුගේ ඔලුව පැලී ලේ ගලමින් තිබුනු අතර එය දුටු නාරදට හීන් දාඩිය දැම්මේය. ඔහුට නැගිටීමට නොහැකි බව දුටු උදේශනී ඔහුගේ හිස තම උකුල මත තබාගත්තාය.

“අනේ, කාට හරි ඉක්මනින් එන්න කියන්න” ඇය කෑ ගැසුවද ඇගේ මුවින් වචන පිට වුනේ කැඩි කැඩීය. ඇය පුලුවන් වෙර යොදා කෑගැසුවද ඇගේ මුවින් ශබ්දය පිට වූයේ නැත. එකෙකු දිව යනු පෙනිනි. මුහුණ පුරාම ලේ තැවරී තිබුණ නිසා ඇය ඉක්මනින් ලේන්සුව ගෙන ඔහුගේ මුහුණ පිස දැම්මාය.

“කාට හරි ඉක්මනින් එන්න කියන්න. ගොඩක් ලේ එනවා”

ඇය අමාරුවෙන් වචන ගලපා එවිට කිව්වාය. නාරදද එවිට දිව යන්නට විය.

“අනේ ඇයි දෙයියනේ ගහගත්තේ” ඇය හඬමින් මෙත්මගේ ඔලුව අතගෑවාය. අමාරුව තිබියදී හෝ මෙත්ම නැගිට ගැනීමට වෙර දැරුවේය. නමුදු එය හුදෙක්ම වෙර දැරීමකට පමණක් සීමා විය.

[QUOTE="^Night Fury^, post: 14457559, member: 327587"] [SIZE="3"]මෙත්මගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවිය. දරදඬු සිතකට හැඟීමක් එහෙමට එන්නේ නැත. ඔහු කිසිවක් නොවු ගාණට තමා ඉඳගන්නා තැනට ගොස් ඩෙස්කය මත තබා තිබූ පොත් ටික බෑගයට දැමුවේය. බෑගය වසා ජනේලයෙන් පිටත බලාගෙන සිටින්නට විය. “මෙත්ම” විජේරත්න සර් ඔහුගේ අවධානය වෙනතක ඇති නිසා නැවත කතා කලේය. මේ සිදුවීම නිසා මෙත්ම තවදු එම ගුරුවරයාව ගණන් නොගන්නා බව කවුරුත් දන්නා කරුණකි. ඉලංදාරියා අඩුම වශයෙන් හැරී බැලුවේ වත් නැත. මුරණ්ඩු කමේ හිණි පෙත්තටම නැගි ඔහු වැනි අයෙක්ව ලේසියෙන් හික්මීමට බැරි බව විජේරත්න සර් සක් සුදක් සේ දැන සිටි හෙයින් ඔහු ඊට වඩා මෙතමව අස්වසන්නට ගියේද නැත. කාල පරිච්ඡේද දෙක අවසන් විය. විජේරත්න සර් ගිය සැනින්ම වගේ මෙත්ම බෑගයේ කර පටි දමාගෙන සිටගත්තේ අන් සියල්ල මවිත කරමින්. කෙතරම් දඟ වැඩ කරත් ඔහු කවදාවත් ඉස්කෝලෙන් පැන නැත. ඔහුගේ හැටි දන්නා ජනියා සහ කෙමිල් පවා වචනයක් කීවේ නැත. වචනයක්වත් නොදෙඩූ ඔහු පඩි දෙක බැස සියල්ලන්ට නොපෙනී ගියේය. ඉන්පසුව පංතියේ සියල්ලගේම මාතෘකාව වූයේ මෙත්මගේ සිද්ධියයි. ඔහුගේ යාළුවන්ට පවා සිදුවූ දේ ගැන වැටහීමක් තිබුනේ නැත. මේ සියල්ල සන්සුන් වන විට විට එක් සිතක් පමණක් තවමත් යකාගේ කම්හල මෙන් විය. ඒ නම් උදේශනීයි. සියල්ල සිදු වූයේ තමා නිසා යන හැඟීම පළමු වරට ඇය තුළට පිවිසිනි. තමා අර වදන් කියූ විට මෙත්මගෙ දෑසේ බැල්ම, අංශ භාරගෙන් ගුටිකන විට ඔහුගේ දෑස ඇයට මැවි මැවී පෙනිනි. ඔහු පංතියේ දොරකඩින් පිට වු අයුරුද ඇයට නැවත් සිහි විය. මුලදී නම් පුංචි සතුටක් සිතට නො ආවාමත් නොවේ. නමුත් දැන් ඊට වඩා සිය දහස් වාරයක් දුකය. එවැනි දරදඬු සිතකට එලෙස සිදුවීම හොඳයැයි බලෙන්ම, ආයාසයෙන් හැඟීමක් ගෙන ඇය සටහනක් කියවන්නට විය. විෂයට අදාල ගුරුභවතා පැමිණ නැති බව කවුදෝ කෑ ගසා කියනු ඇසිනි. ඉන් පසුව පංතියේ එකම ගාල ගෝට්ටියකි. එක් එක් අය තම තමන්ට රිසි සේ කෑ ගසන්නට විය. බොහෝ දෙනා තවමත් මෙත්මගේ සිද්ධිය ගැන කතා බස් කරයි. උදේශනීටද ඒ ගැන කතා කරන්නට සිතුනත් යොමාලි මේ වනතුරුත් ඇය සමඟ වචනයක් වත් කතා නොකල නිසා, කතාව ආරම්භයට මුල පිරීමට අදි මදි කරමින් වුන්නාය. ඉවසීමට බැරිම තැන උදේශනී කතාවට මුල පිරුවාය. “මෙත්මට නම් පිස්සු නේද?” “හ්ම්” යොමාලි කෙටි පිළිතුරක් දී නිහඬ වූවාය. පිස්සෙක්. නිකරුනේ විහින් ගුටි කෑවා බොරු වැඩකට” “හ්ම්” නැවතත් ඇගෙන් එම පිළිතුරමය “මොකද යොමාලි අනේ වෙලා තියෙන්නේ? හැම එකටම හ්ම් හ්ම් කියන්නේ” “හ්ම් හ්ම් තමා මට කියන්න වෙලා තියෙන්නේ මේ වැඩ දැක්කම” ඇය මෙත්මට දුන් පොරොන්දුව නිසා කිසිවක් කීමට බැරිය. “මොකද අනේ වෙලා තියෙන්නේ. කොහෙවත් ඉන්න පිස්සෙක් නිසා ඇයි මේ ඔයා අප්සට් එකෙන් ඉන්නේ?” උදේශනීගේ කතාවට යොමාලිට ඉවසුම් නැති විය. තවත් මෙය හංඟා සිටීමෙන් මෙය දික් ගැසෙයි. “මේ අහන්න උදේශනී.මේක මම කියන් නෑ කියලා මෙත්මට පොරොන්දු වුනා. නමුත් මේ සිද්දිය මෙහෙම කෙලවර වෙයි කියලා දන්නවා නම් මං කීයටවත් මේක නොකිය ඉන්නෑ.” මොනවද යොමාලි මේ කියන්නේ? මට තේරෙන් නෑ කිසි දෙයක්” “ ඔයා දවාලේ කෑව බත් එක ගත්තේ මම නෙමෙයි මෙත්ම. උඹ බඩගින්නේ කියලා දැනගත්තු වෙලේම අරන් දුන්නා. මම ගත්ත එකක් කියලා කියන්න කිව්වේ උඹ නොකාවි කියලයි.” “බොරු කියන්න එපා යොමාලි” “බොරු නෙමෙයි.මට මේක නොකිය ඉන්න බැරි තැනටම ඔයා ගෙනාවා. මට මෙත්ම ගැන දුකයි. වැරද්දක් කරලා දඬුවමක් හම්බුනා වගේ නෙමෙයිනේ. මංදා. මාත් මේකට වැරදිකාරියක් කියලා හිතෙනවා” එය ඇසී උදේශනීගේ මුහුණ මලක් පරවී යන්නාක් මෙන් මුකුලිත විය. ඇයට මෙය අදහා ගැනීමට නොහැකිව පුටුවේ පසුපසට හේත්තු වී කල්පනා කරන්නට වූවාය.මඳ වේලාවකට පෙර සිදූ වූ සියල්ල ඇයට නැවත් සිහි විය.හිස්ව තිබෙන මෙත්මගේ පුටුව දුටු විට ඇගේ ගත නිකං හිරිවැටී ගිය කලෙක මෙන් දැනෙන්නට විය. අද දිනට දෙවන වතාවටත් කඳුලැල ඇගේ දෙකම්මුල් තෙත් කරන්නට විය.යොමාලි ඒ දෙස බලාගෙන සිටියා විනා වචනයකදු නොකිව්වාය. “අනේ දෙයියනේ , ඇයි මම එහෙම කලේ” ඇය ඩෙස්කය මත ඔලුව තබා ගත්තාය. ගෙදර ගිය මෙත්ම ඇඳ සිටි ඇදුම් පිටින්ම ඇඳට පැන සිදුවූ සියල්ල අමතක වීමට යයි සිතා නින්දක් දැම්මේය. ගණන් පංතිය ගැන මතක් වුයේ හවස් වී නැවත නැගිට්ට පසුවය. පංතිය පටන් ගන්නා වේලාවේ කෑලිත් දැන් සෙවිමට නැත. එහෙත් ඔහු කොහේදෝ යන්නට කඩි මුඩියේ ඇඳුමක් දාගන්නට විය. බයිසිකලයට නැගි ඔහු හෙල්මටයත් දමාගෙන හිස හැරුනු අතේ යන්නෙකු මෙන් ඔහේ යන්නට විය. අවසානයේදී නැවතුනේ ඔහුගේ ප්‍රියතම ස්ථානයකය. ඒ නම් නිවසට මද දුරකින් පිහිටි කුඩා කන්දයි. එයට ඔවුන් විසින්ම ගල්කන්ද යනුවෙන් නමක් පටබැඳ තිබිනි. මංද යත් කන්ද මුදුනේ විශාල ගල් පොත්තක් තිබුණු හෙයිනි. ඉලංදාරියා මෙයට ආසා කලේ කල්පනා කර සිත නිදහස් කර ගැනීමට අගනාම නිස්කලංක තැනක් නිසාමය. මුදුනට නැගි ඔහු ක්ෂිතිජය දෙස බලාගෙන වාඩි වුයේ සියලු ප්‍රශ්න අමතක කොට යන අදිටන් ඇතිවය. වෙන ගෑණු ළමයෙක් එය කීවා නම් මෙලස වද නොවන බව මෙත්ම දනියි. නමුත් එය ඇයගේ මුවින් පිටවීම ඔහුට දරාගත නොහැකි විය. අනිත් ගැහැණු ළමුන්ගේ නොදුටු සුන්දරත්වයක් සැම විටම මෙත්ම ඇය තුලින් දුටුවේය. ප්‍රසිද්ධියේ ඇයව අගය නොකලත් ඇගේ බොහෝ ලද බොලඳකම් වලට ඔහු ඇලුම් කලේය. ඔහුගේ සිතට තවමත් මෙය වද දෙන්නේ එ නිසා වන්නට ඇත. හවස පංති නොපැමිණිම පිලිබඳ මෙත්මගේ යහලුවන්ට තිබුනේ අවිනිශ්චිත හැඟීමකි. මොන වැඩ කරත් ඔහු පාඩම් වැඩ අත පසු කරන අයෙක් නොවේ. ඊටත් වඩා උදේශනී ඒ ගැන දුක් වෙමින් සිටියාය. “මෙත්ම ඇවිත් නෑ වගේ නේද?” “මට පේන්නෙත් ඒ වගේ තමා.” “අපි මේකට මොකද කරන්නේ යොමාලි. මං එහෙම දෙයක් කිව්වේ කිසි දෙයක් දැනගෙන නෙමෙයිනේ.” “දැන හෝ නොදැන හෝ දැන් කියලා ඉවරනේ. උඹටම තමා මේවා බේරගන්න වෙන්නේ” “මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.” උදේශනී කල්පනා කරේ මෙත්මට පසුවදා මුහුණ දෙන්නේ කෙසේද කියාය. නිකමටවත් ඔහු දිහා බැලීමට බිය වන ඇය මෙවන් තත්වයකදී කෙසේ නම් එය කරාවිද යන්න ඇයටත් තිබූ ප්‍රෙහෙලිකාවකි. පසුවදා හිමිදිරියේම ඇය පාසලට ගියේ යොමාලි සමඟ නැවතත් කල යුත්තේ කුමක්ද යන්න කතාබස් කරගැනීමටය. නමුත් අවාසනාවකට යොමාලි වෙනදා මෙන් කලින් පැමිණ සිටියේද නැත. යොමාලි මෙන්ම මෙත්මගේද සේයාවක් නොවිය. ඔහු කොහොමත් උදේ කැන්ටිමේ හෝ පිට්ටනියේ කරක් ගසයි. එම නිසා පැමිණිම නිශ්චය කල නොහැක. ඇය තනිව හිඳ කල්පනා කරන්නට විය. පංතියේ එකා දෙන්න පිරෙන්නට විය. යොමාලිද පැමිණියාය. නමුත් ඒවන විටත් මෙත්මගේ වග තුගක්වත් නොවීය. මෙත්මගේ පුටුව දකින විට ඇයට පෙර සිද්දිය මතක් වෙයි. මෙත්ම පැමිණියේ සීනුව නාද කර ගාථා කීමට ඔන්න මෙන්න තිබියදීය. වට පිට නොබැලූ ඔහු කෙලින්ම ගොස් ඔහුගේ ඩෙස්කය මත බෑගය දමා ගාථා කීමට සූදානම් විය. ගාථා කියා කෙලින්ම වැඩ පටන් ගත් නිසා ඇයට මෙත්ම ලඟට යාමට හැකියාවක් තිබුනේ නැත. අවසානයේදී ගුරුවරයා පංතියෙන් පිටතට යනතුරු සිටීමට ඇයට සිදු විය. ඇය කෙමෙන් කෙමෙන් මෙත්ම ලඟට ගියාය. ඊයේ සිද්ධිය සමඟ ඇය දැන් මේ කරන්න යන දේ ගැන අන් අයට වැටහීමක් තිබුනේද නැත. “මෙත්ම” ඉලංදාරියා ඇයව මායිම් කලේ නැත. “මෙත්ම” ඇය නැවතත් කතා කලාය. පුටුවෙන් නැගිට සිටි ඉලංදාරියා කිසිවක් නොකියා පංතියෙන් පිටතට ගියේය. බලාපොරොත්තු සුන් වූ ඇය නැවත ඇගේ පුටුව ලඟට ගියාය. මෙත්මගේ ක්‍රියා කලාපය ගැන යොමාලිට නම් පුදුමයක් නොවිනි. මංද යත් ඇය මෙත්ම ගැන නියමාකාරයෙන් දැන සිටියාය. ඔහුට යමක් එපා නම් එය කුමක් වුවත් ඔහුට කම් නැත. එය ඔහුට එපාමය. එය අද ඊයේ පටන් ගත් දෙයක් නොව කුඩා කල සිටම ඔහුගෙන් පිළිබිඹු වූ දෙයක්ය. “කෙමිල් මෙහෙ වරෙන්.” මෙත්ම කෙමිල්ව ලං කර ගත්තේය “දිග කොන්ඩේගෙයි මගෙයි තියෙන ප්‍රශ්නෙට උඹලා ගෑවෙන්න එපා හරි. මං එක්ක ඒ ගැන ආයෙ කතා කරන්නත් එපා. ඒ ගැන උඹලා ඒකි එක්ක කතා කරන්න යන්නත් එපා” ඔහුගේ වචන ස්ථීර විය. දිනෙන් දින ගෙවිනි. මෙත්මගෙන් සමාවක් නැති බව ඇයට තේරුම් ගොස් තිබිනි. ඇය තවත් ඔහුගෙන් සමාව ගැනීමට ගියේද නැත. මේ අතර නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට ලහි ලහියේ කට්ටිය සූදානම් වෙමින් සිටියි. මෙත්ම ඇතුලු කණ්ඩායමද බරටම වැඩ භාරගෙන තිබූ නිසා පංතියේ සිටීමට ඔවුනට කාලයක් නොවීය. ඔවුන් තමන්ට අයත් නිවාස ගොඩ නැගීමට සියල්ල සුදානම් කරන ලදියි. ගැහැණු ළමුන්ට තිබුණේ ඒවාගේ සැරසිලි කටයුතු භාරවය. මෙත්ම සහ උදේශනී නිවාස දෙකක සිටි නිසා ඔවුන් දෙදෙනාට මහත් අස් වැසිල්ලක් විය. මංද යත් ඔහුව දකින දකින් වාරයක් පාසා ඇය අපහසුතාවට පත්වන් බැවිනි. ඇය තම නිවාසයේ කටයුතු වලට ගිය මුල්ම දිනයේදී ඇයට වෙනත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය. “ආ…. මෙයත් අපේ හවුස් එකේද?” නාරද පැවසුවේය. “චූටි… ඔයා අපේ හවුස් එකේ කියලා දන්නවා නම් මං කලින්ම ඕඩර් කරනවානේ” තවත් කටකාර කොල්ලෙක් පැවසීය. ඇය මහත් අපහසුතාවකට පත වූවාය. ඇය ඔවුන්ව දන්නා අයද නොවේ. බොහො විට මොවුන් කලා හෝ වානිජ කරන සිසුන් වන්නට ඇත. ඇය ඉක්මනින් එතනින් ඈත් වීමට සැදුවාය. “ආ…කොහෙද චූටි යන්නේ? එහෙම ලේසියෙන් යන්න දෙන්න පුළුවන්ද?” “ප්ලීස්. මම ආවේ හවුස් එකේ ඩෙකරේටින් වැඩ වලට. මට ඒ වැඩ ටික කරන්න යන්න දෙන්න” ඇය මුහුණෙන් තරහක් පෙන්වා ඇසුවාය. “අප්පට සිරි, මේකිගේ සයිස් බලපල්ලකෝ. අළුතෙන් නේද ආවේ? වැඩිය සද්ද එපා හරි” “එක්ස් කියුස්මී” ඇය බලෙන් මෙන් ඔවුන්ගෙන් මිදී වෙනතකට ගියාය. “වෙන කිසි කෙල්ලෙක් දාපු නැති පාට් එකක් මේකි මට දැම්මා එහෙනම්.දෙන්නම්කෝ වැඩක්” නාරද දත්මිටි කමින් තමාට කියා ගත්තේය. කෙසේ හෝ නාරද ඇයට ලංවීමට උත්සහ කරත් සෑම අවස්ථාවකම ඇය ඔහුව මග හැර ගියාය. වෙනත් වැඩක් යෙදී ඇති බව පවසා ඔහුගෙන් ගැලවීය. ඔහුව තඹේකටවත් මායිම් නොකලාය. එ නිසාම ඔහු ඇයට පාඩමක් ඉගැන්වීමට තරයේ සිතාගෙන වුන්නේය. “පුතේ, පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?” ගුරුවරියකගේ කටහඬ ඇසී මෙත්ම පිටිපස්ස බැලුවේය. “මොකක්ද මිස්?” “අපේ දුවට අද සනීප නෑ. එයා බාර අරන් තිබ්බා ඕකිඩ් මල් වගයක් හවුස් එකට. කවුද මේ උදේශනී කියලා ගෑණු ළමයෙක්ට දෙන්න කියලා කිව්වා. මට හොය හොය ඉන්න වෙලාව නැති නිසයි මෙත්ම පුතාට දෙන්නේ. ඔන්න වරද්දන් නැතිව දෙන්න හොඳද?” මෙත්මගෙන් උත්තරයක් ලැබෙනතුරු වත් නොසිට ගුරුතුමිය යන්නට ගියාය. කුමක් කරම්ද කියා මෙත්ම වට පිට බැලුවද හරි හමන් මිතුරෙකු සොයා ගැනීමට නොවීය. වගකීමකින් පැවරූ දෙයක් නිසා වෙන කා අතේවත් යැවීමටත් නොහැක. “ශික්. මටම මේ බාල්දිය වැටුනනේ” අහල පහල කෙමිල් තියා ජනින්දවත් නැත. අමාරුවෙන් හෝ උදේශනී වෙත යාමට මෙත්මට සිදු විය. ඔහු යන විට ඇය සැරසිලි කටයුතු වල නියැලී වුන්නාය. ඔහු ලඟට ගියද ඇයට කතා කලේ නැත. ඇය සමඟ කතා නොකිරීමට ඔහු තරයේ සිතා වුන්නේය. ඔහු ඇය දෙස බලා සිටින්නට විය. ඇය ගොක් කොල වලින් සෑදු කුඩා සැරසිලි බිත්ත්යේ ගසමින් සිටියාය. සියුම් ඇඟිලි තුඩු වලින් ගෙන ලතාවකට ඒවා බිත්තියේ සවිකරයි. වරෙක මිටිය ඇගේ ඇඟිලි තුඩුවල වදින්නට ඇත. ඇය “ඌයි” කියමුන් ඇඟිල්ල සූප්පු කරන්නට වුවාය. ටික වෙලාවක් එලෙසම සිට නැවත වැඩේ කරන්නට පටන් ගත්තාය. ඔහු පුදුම විය. ඇයට වට පිට ගැන ගාණක්වත් නැත. සමහර විට ඇය වුවමනාවෙන්ම මේ දේ කරනවා වන්නට ඇත. ටික වෙලාවකින් ඇය කරමින් සිටි දේ පසෙකලා බිත්තිය දෙස බලා සිටියාය. පසුව ඇය මෙත්මව සූදානමෙන් සිටි අයෙක් මෙන් පසු පසට හැරුණාය. මෙත්ම කලේ ඇය දෙස බලා සිටීම පමණි. ඇයද එලෙසම සිටියාය. මෙත්ම ඇයට මල් ටික දිගු කලේය. ඇය අන්ද මන්ද වී බැලුවේ මෙත්ම ඇයට මල් දෙන්නේ මංද යැයි බලමිනි. කුමන හේතුවක් නිසා හෝ ඇය එය අතට ගත්තාය. කොහෙදෝ සිට නාරද එතැනට පැමිණියේ වාසනාවකට හෝ අවසනවකට දැයි කිව නොහැක. “ අපි එක්ක ටිකක් කතා කරන්න බැරි අය වෙන කට්ටියන්ගෙන් මලුත් ගන්නවා එහෙනම්” ඔහු උදේශනීට ඇනුම් පදයක් කීවේට. මෙත්ම කිසි ගාණක් නොගෙන නැවත් හැරී පිට්ටනිය දිගේ නොපෙනී ගියේය. ඇය මල් ටික අතට ගත්තාය. ප්ලාස්ටික් මල් නිසා කල් තබා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු නැත.මල් ටික දිග හැරුණු පසුව වැටුනු කඩදාසිය කියවීමෙන් ඇයට මේ මල් වල තේරුම වැටහිනි. නමුත් මෙත්ම ඇය කරා පැමිණ එය බාර දීම ගැන ඇයට සිතා ගැනීමට නොහැකි විය. පසුදා තිබුනේ එහි තීන්ත ගෑම් සහ අනෙකුත් අලංකරණ කටයුතු විය.අනෙකුත් නිවාස වල මෙන්ම උදේශනීගේ නිවාසයේද වැඩ කටයුතු ලහි ලහියේම සිදු වෙමින් තිබිණ. නාරද ඇතුලු ඔහුගේ සඟයන් උඩ නැගගෙන තීන්ත ගෑම අරඹා තිබිනි. උදේශනී සහ ඇගේ යෙහෙලියන් කිහිප දෙනෙකු තවත් සැරසිලි කටයුතු වල නිරත වී සිටියහ. නාරද සිටියේ හරියටම උදේශනීට ඉහළිනි. ඔහුට කුරිරු අදහසක් පහළ විය. තීන්ත බාල්දියේ නිල් පැහැ තීන්ත ඉතිරි වී තිබිනි. එක්වරම උඩ ගිය තීන්ත බාල්දිය උදේශනීගේ ඇඟට වැටිනි. එක්වරම පසුපසින් පැමිණි අතකින් උදේශනීව පිටුපසට ඇද්ද නිසා තීන්ත බාල්දිය ඇගේ ඇඟට නොවැටී බිම වැටිනි. නමුත් බිම වැටීමේදී විසිරුණු තින්ත ඇගේ ගවුමේ තැවරිනි. ඇය එක්වරම බැලුවේ ඇයව ඇද්දේ කවුරුන්ද යන්නයි.දඩබ්බර දෑසින් බලා සිටියේ වෙන කවුරුත් නොව මෙත්මය. ඔහුගේ දෑත් කිටි කිටියේ තද වෙමින් තිබින. “අරූ වැඩේ කෑවනේ” නාරද ලඟ වුන් එකාට කීවේය. “මචං මොකද කියන්නේ, නෙලමුද අල්ලං. කොහොමත් මූ උඹේ එකටමනේ අර අදින්නෙත්” නාරද නැග සිටි තැනින් බිමට බැස මෙත්ම ලඟට පැමිණියේය. “මොකද උඹ දත්මිටි කන්නේ?” මෙත්ම රවාගෙන සිටි නිසා නාරද ඇසුවේය. “ලැජ්ජ නැති වැඩ කරන්න එපා යකෝ” මෙත්මද කිසිවක් ගණනකට නොගෙනම පැවසුවේය. “මොනවද ලැජ්ජ නැති වැඩ?” “කරපු එකා දන්නවනේ ලැජ්ජ නැති වැඩ මොනවද කියලා. මීට පස්සේ ඒවා බෑ හරි” “ඇයි තමුසේ මොනවා කරන්නද නැත්තම්” “කරන දේ ගැන මම කිය කිය ඉන් නෑ” “එහෙමද? හා එහෙනම් කරමුකෝ බලන්න” කියමින් ඔහු උදේශනීගේ අතකින් ඇද්දේය. මෙත්ම මොහොතකට නිසල විය. නාරදගෙන් අත මුදවා ගැනීමට ඇය වැරෙන් දැඟලුවාය. අවසානයේ ඇය කඳුලු පිරි දෙනෙතින් මෙත්ම දෙස බැලුවාය. මෙත්මගේ දෑස ගිනියම් විය. වේගයෙන් ගිය දකුණු කකුල නාරදගේ බඩ හරහා වැදිනි. පසු පසට විසික් වී ගිය ඔහු බිම වැටිනි. ඔහුගේ තව සඟගෙයෙක් සහයට පැමිණියද මෙත්මගේ රළු බැල්මෙන් ඔහු එතනම නැවතිනි. “ගහපන් යකෝ. තොපි ගෑණුද තවත් බලං ඉන්නේ.” නාරද බඩ අල්ලගෙනම ඔහුගේ නැවතුන මිතුරාට බැන වදින්නට විය. එක්වරම නාරදේ මිතුරන් දෙදෙනෙක්ම මෙත්මට ගැසීමට ලංවිය. මෙත්ම එක් අයෙකුට ගැසුවත් පසු පසින් ආ අනෙක් කෙනා දුන් පහරට සමබරතාව නැතිවී බිම වැටුනේය. එවිට නාරදද ඇවිත් පහර දෙන්නට විය. උදේශනී හඬමින් බලා සිටියා විනා ඇයට වෙන කල දෙයක් නොවීය. කෙසේ හෝ නැගිට සිටි මෙත්මද ගැටුම ඇතෑරියේම නැත. නැවට නාරදගේ බෙල්ලෙන් අල්ලගත් ඔහු අත මිට මොලවා නාරදගේ මුහුණට ගැසීය. කෙසේ හෝ තුන් දෙනෙක් සමඟ පොර බදන එක ඔහු හට ලේසි පහසු කාරණාවක් නොවූයේ නැවත් එකෙක් දුන් පහරක් නිසා ඔහු ගොස් සදමින් තිබූ නිවාසයේ වැදීම නිසා පැත්තක් කඩාගෙනම ඔහු උඩට වැටීමයි. සිදුවූයේ නාරදවත් එතන සිටි කවුරුන්වත් නොසිතූ දෙයකි. පුවක් කොට වලින් රාමුව ගසන නිසා ඔහු මතට පුවක් කොට කිහිපයක් වැටී තිබින. ඔහුට ටිකක් අමාරු යැයි තේරුන නිසා නාරද සහ පිරිස ඉක්මනින් ඒවා ඉවත් කර දැමීය. උදේශනී සැනින් මෙත්ම ලඟට දුව ගියාය. මෙත්ම අමාරුවෙන් නැගිටීමට හැදුවද එය කිරිමට ඔහුට අපහසු විය. ඔහුගේ ඔලුව පැලී ලේ ගලමින් තිබුනු අතර එය දුටු නාරදට හීන් දාඩිය දැම්මේය. ඔහුට නැගිටීමට නොහැකි බව දුටු උදේශනී ඔහුගේ හිස තම උකුල මත තබාගත්තාය. “අනේ, කාට හරි ඉක්මනින් එන්න කියන්න” ඇය කෑ ගැසුවද ඇගේ මුවින් වචන පිට වුනේ කැඩි කැඩීය. ඇය පුලුවන් වෙර යොදා කෑගැසුවද ඇගේ මුවින් ශබ්දය පිට වූයේ නැත. එකෙකු දිව යනු පෙනිනි. මුහුණ පුරාම ලේ තැවරී තිබුණ නිසා ඇය ඉක්මනින් ලේන්සුව ගෙන ඔහුගේ මුහුණ පිස දැම්මාය. “කාට හරි ඉක්මනින් එන්න කියන්න. ගොඩක් ලේ එනවා” ඇය අමාරුවෙන් වචන ගලපා එවිට කිව්වාය. නාරදද එවිට දිව යන්නට විය. “අනේ ඇයි දෙයියනේ ගහගත්තේ” ඇය හඬමින් මෙත්මගේ ඔලුව අතගෑවාය. අමාරුව තිබියදී හෝ මෙත්ම නැගිට ගැනීමට වෙර දැරුවේය. නමුදු එය හුදෙක්ම වෙර දැරීමකට පමණක් සීමා විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom