Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිල් නෙතු !!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය මාර්ගයේ පටු බව නැති වූ වහාම මෙත්මගේ බාහුවෙන් අත ඉවතට ගත්තාය. මඟක් යනවිටත් ඔවුන් අතර කතා බහක් සිදු වුනේ නැත. කට්ටිය පහළට වී ඔවුන් එනතෙක් බලා සිටියහ. පසුව සියල්ල ලහි ලහියෙම පල්ලම බසින්නට වූයේ ඊලඟට කෑම සඳහා ග්‍රෙගරි වැව්තාවුල්ලට යාමටයි. දහවල් 1 පමණ වන විට ඔවුන් ග්‍රෙගරි වැවට ආ අතර ඔවුනට කෑම ගැනීමට පැය භාගයක කාලයක් දී තිබුනි. සියල්ලෝම කෑම බෙදා හදාගෙන කෑවහ. පිරිමි ළමුන් තුන් හතර දෙනා එක මුලක් බැගින් කන හෙයින් ඔවුනට බෙදා හදා ගැනීමට අවශ්‍යතාවක් වූයේ නැත.

කිරි නිෂ්පාදනාගාරය නැරඹීමේදී ඒ ගැන විස්තර කියා දීමට වෙනම කෙනෙක් පැමිණි අතර ඔවුනට පැහැදිලිව හා සිත්ගන්නාසුළු ලෙස ඒ ඒ ක්‍රියාකාරකම් විස්තර කලේය. පසුව ඔවුන් දෙනුන් ගාල් කර ඇති පෙදෙසට හා තණ බිම් පෙදස නැරඹීමේද නිරත විය. සවස් යාමය වන විට සියල්ලන්ටම මදක් තෙහෙට්ටු ගතිය දැනෙන්නට විය. නමුත් පාසලට එන තුරුම ඔවුන් ගීත ගායනා කිරීම නම් මදකට හෝ නැවත්තුවේ නැත. රාත්‍රී 7.30 පමණ වන විට පාසලට පැමිණි පසු ඔවුන් දුක්බරව විසිර ගියහ. නමුත් යොමාලි හා මෙත්ම තනි වූයේ යොමාලිගේ පියාට හදිසි ගමනක් යෙදී ඇති නිසා යොමාලි මෙත්ම සමඟ ගෙදර පැමිණෙන බව පැවසූ නිසාය. කට්ටියන්ටම යන්නම් කියා පවසා අනෙක් පස හැරෙන විට උදේශනී ඔහුට අත වනනු පෙනිනි. ඔහු එ දෙස බලා නොදැක්කා මෙන් කිසිත් නොකර නැවත යොමාලි ලඟට ගියේය.

“අපේ ගෙදරට පයින් ගිහින් බයික් එකේ යමු ඕගොල්ලන්ගේ දිහාට”

“එහෙම හොඳයි. මං හින්දා කරදරේ නේද?”

“මේ වෙලාවට වත් උදව්වක් නොකරන යාළුවෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?”

ඔවුන් මදක් දුර වචනයක්වත් නොදොඩා ගියහ. නමුත් යොමාලිගේ හිතේ තිබූ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට කලින් සිටම සිතා වුන්නාය.

“මෙත්ම මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා”

“කොහොමද?”

“මෙත්ම ඇයි උදේශනී එක්ක වචනයක් වත් තාම කතා නොකරන්නේ?”

“මං කියලා තියෙනවා නේද මගේ එක්ක ඕවා කතා කරන්න එපා කියලා?”

“වඩාගෙන යන්න හොඳයි නම්,කකුල් මසාජ් කරන්න හොඳයි නම් කතා කරාම ඇයි මොකද ඒ ගැන?”

“මේ අහන්න යොමාලී. ඔයත් දන්නවා මාත් දන්නවා සිද්ධ වුනේ මොකක්ද කියලා. මං හිතන්නේ ඔයයි මමයි විතරමයි දන්නවා ඇත්තෙ වුනේ මොකක්ද කියලා. ඔයා හොඳටම දන්නවා වැරද්දකට දඬුවම් විඳින්න මම පොඩ්ඩක්වත් බයක් අකැමත්තක් නෑ. නමුත් වැරද්දක් නොකර දඬුවමක් දෙද්දී මම ඒව ගැන හිතන්නෙත් කොහොමද කියලා දන්නවානේ. මොකද අපි අද ඊයේ ඉඳලා දන්න අය නෙමෙයිනේ. ඒක මගේ හැටියක්”

“ඒත් මේක අස්වාභාවිකයි වගේ තේරෙන් නැද්ද?”

“මොකක්ද අස්වාභාවික?”

“ඒ ළමයව මඟ ඇරලා ඉන්නවා නම් ඒක එක දෙයක්.මෙත්ම එහෙම නෙමෙයිනේ”

“දැන් යොමාලි කියන්නේ මට උදේශනීව මඟ අරින්න කියලද? හරි මං මග ඇරලා ඉන්නම්. ප්‍රශ්නයක් නෑ”

“ඕකනේ ඉතින් ඔයත් එක්ක බැරි. පොඩ්ඩ ඇත්තම් යන්නේ වෙන කොහෙද. එහෙම නෙමෙයි. මම නම් කියන්නේ ඔය දේවල් අමතක කරලා කතා කරන්න කියලා”

“අපි තිරිසන්නුනේ යොමාලී. තිරිසන්නු එක්ක කන්න, කතා කරන්න හොඳ නෑනේ”

“පිස්සු අනේ ඔයාටත්. ඒ ළමයට තරහා ගිය නිසා එහෙම කියන්න ඇත්තේ.”

“තමන්ගේ වගේම අනික් අයගෙත් තියෙන්නේ රිදෙන හිතක් කියලා ඇයි දන් නැද්ද ඔච්චරටම”

“තරහා ගියාම ඕවා ඔලුවට එන් නෑ මෙත්ම. පේන් නැද්ද ඔයාට තරහා ගියාම. කල්පනා කරලා බලන්න”

“බලමුකො. තිරිසන්නුයි මනුස්සයොයි එකට කන කාලෙක එයා එක්ක කතා කරයි සමහරවිට”

“ඒක මේ කපේ වෙයි කියලා හිතනවද?”

“වුනත් එකයි මට නැතත් එකයි.”

එයින් පසු ඇය තවත් ඒ ගැන හාරාවුස්සන්නට ගියේ නැත, දැනටමත් බොහෝ දේ ඔහුගෙන් අසා ඇත. තවත් මානසිකව ඔහුට කරදර කිරීම නොමනාය.

“බයික් එකේ හුළන් නැත්තම් අපේ දිහා තමා නවතින්න වෙන්නේ”

“ආපෝ එහෙම බෑ. පයින් හරි යනවා”

“ඉතින් මගේ කාමරේ ඉන්න පුළුවන්නේ”

“මට බෑ එක ඇදේ නිදා ගන්න”

“කවුද හලෝ ඔයාට නිදා ගන්න ඇඳ දෙන්නේ?? ඕනෙම නම් පැදුරක් දෙන්නම් බිම එලාගෙන නිදා ගන්න”

“අනේ යනවා යන්න”

ගෙදරට පැමිණ හෙල්මට් දෙකත් රැගෙන ඔහු යොමාලිට එකක් දී අනෙක ඔහු පැලඳගත්තේය.

“හා හා. දැන් කට්ටිය අල්ලගන්න හයියෙන්”

“අනේ මේ හයියෙන් නම් යන්න එපා ඔන්න”

“පිස්සුද හලෝ මොන හයියෙන්ද? අනූවට වැඩියෙන් යන් නෑ”

“අනේ මේ. මාව බස්සලා යන්න එහෙනම්”

“යං යං පිස්සු නැතුව. මං හෙමින් යන්නම්”

යොමාලිව ගෙදරට ඇරලුව ඔහු නැවත ගෙදර එන්නට පිටත් වුනේය. උදේශනීගේ නිවස පිහිටා තිබුනේද එම මාර්ගයේමය. ඇගේ නිවස අසලින් යන විට ඉබේටම වාගේ වේගය අඩු විය. ඔහු විපරම් කලේ ඇගේ චායාවක් වත් පෙනේද යන්නයි. නමුත් හැල හොල්මනක්වත් නැත. සමහර විට ගමන් මහන්සිය නිසා ඇය නින්දට යන්නට ඇත. ඔහු ගෙදර ඇවිත් ඉක්මනටම නින්දට ගියේ ඇඟේ තිබු තෙහෙට්ටු ගතිය නිසාවෙනි.

පසුදා සෙනසුරාදා දවසක් වුවද උදෑසනම නැගිටින්නට වූයේ පන්ති යාමට තිබූ හෙයිනි. රත්‍රීයේ දැමු නින්ද නිසා ඇඟේ තෙහෙට්ටු ගතිය බොහෝ සෙයින් අඩුවී තිබිණි.

“මචං ඊයේ මරු කපල් එකක් හිටියානේ අම්බුළුවාවේ” කෙමිල් මෙත්මට බයිටක් දීමට කට හදනා බව ජනින්දට වැටහිනි.

“අම්මට සිරි. අපි දැක්කේ නෑනේ. කොයි හරියෙද?”

“උඩම වගේ බං. බලන්න එපැයි. අතින් අල්ලගෙන. පිස්සු හැදෙන සඳ”

“ශික්. මං කලින් ගියානේ බං. අපරාදේ හිටියා නම් බලා ගන්න තිබ්බා.”

“උඹ කාටද හින්ට් ගහන්නේ?” මෙත්ම ඇසුවේය.

“ගිය අය දන්නවා ඇතිනේ”

“අල්ලගන්න දෙයක් නැතිව කෙනෙක්ගේ අතින් අල්ලපු පලියට කපල් එකක් කියන සිරිතක් තියෙනද බං. අනික උදේශනී එක්ක බලද්දි මං කවුද බං. ඒකිට දැනටත් කොල්ලෙක් ඇති. මෙහාට එන්න කලින් හිටපු පැත්තේ සිද්ධි අපි දන් නෑනේ.”

“කොල්ලෙක් ඉන්නවා හෝ නැතා හෝ අපිට අදාල නෑ. අපි දැක්ක දේ කිව්වේ”

“උඹලගේ මනස්ගාත බං. විකාර නැතිව මෙන්න මෙහෙන් ඉඳින්”

“හරි හරි මස්සිනා. අපි ඉන්නෙත් මෙහෙමනේ”

සඳුදා පාසලේදී කට්ටිය ගමන මතකවර්ජනය කරමින්, උසුළු විසුලු කරමින් සිටි අතර පන්තිභාර ගුරුවරයා ලිපියක්ද රැගෙන පන්ති කාමරයට පැමිණියේය.

“ළමයි, පේරාදෙණිය විශ්ව විද්‍යාලෙන් පවත්වන තරඟයක් තියෙනවා.විද්‍යා දැනුම මිනුම තරඟයක්. අපේ විද්‍යා අංශෙ පන්ති 5න් එක පංතියකින් ගැහැණු ළමය පිරිමි ළමයා ගානේ දෙන්නෙක් තෝරලා 10 දෙනෙක් යවනවා. මේ පංතියෙන් තෝරන්න යන්නේ ඊලඟට දෙන ඇඟයීමෙන් ලකුණු වැඩියෙන්ම ගන්න ගෑණු ළමයටයි පිරිමි ළමයටයි.ඊලඟ මාසේ දෙවෙනිදා තියෙන්නේ.”

“අනේ බං අපිට නම් ඕවට යන්න බෑ. මොන මඟුල් අහයිද දන් නෑනේ.” ජනියා ගත් කටටම පැවසීය

“පොඩි ට්‍රයි එකක් හරි දීපන් බං. කොහොම වෙයිද දන් නෑනේ.”

කෙසේ හෝ ඇගයීමට ළමුන්ගෙන් පිළිතුරු සැපයුන අතර වැඩිම ලකුණු ලබා සිටියේ පිරිමි ළමුන් දෙදෙනෙකි. නමුත් ගහැණු ළමයෙක් අනිවාර්ය කර ඇති නිසා වැඩිම ලකුණු ගත් ගැහැණු ළමයාට එම ස්ථානය හිමි විය. එම ස්ථාන දෙක අහඹුවෙන් හෝ මෙත්මට හා උදේශනීට හිමි වී තිබුණි.

“ඔයාලට රැස්වීමකට කතා කරයි ලබන සතියේ. මතක ඇතුව සහභාගී වෙන්න.” පන්ති භාර ගුරුතුමා ඔවුනට පැවසීය.

ඊලඟ මස දෙවෙනිදා වන විට ළමුන් 10 දෙනා සූදානම් වී සිටි අතර ඔවුනට උපදෙස් ඒ ඒ ආකරයට ලැබී තිබිණ.

“මේක කණ්ඩායම් තරඟයක් විදියට තමයි පැවැත්වෙන්නේ. දෙන්නා දෙන්නා ඉන්න කණ්ඩායම්. හැම කණ්ඩායමකටම ප්‍රශ්න් පත්‍රයක් ලැබෙනවා. පැය 3ක එකක්. ඒක සාකච්ඡා කරලා විසඳන්න ඕනේ. කෑම ගෙදරින් ගේන්න. ත්‍යාග ප්‍රධාන උත්සවේ එදාම තියෙන නිසා එන්න හවස් වෙයි”

සාකච්ඡා කර විසඳීම යන්න ඇසූ විට උදේශනීට තරු පෙණිනි. මෙත්ම සමඟ කෙසේ සාකච්ඡා කරන්නද? එන විදියකට මුහුණ දීමට ඇය සිතා ගත්තාය.

සාකච්චා කර තිබූ පරිදි සියල්ලෝම 9 වන විට පාසල අසලට පැමිණ සිටි අතර මෙත්ම කිසිවක් නොමැතිව හිස් අතින් පැමිණ සිටීම උදේශනිට ප්‍රෙහෙලිකාවක් විය. නමුත් තවකෙකු ඇසූ ප්‍රශ්නයක් නිසා ඇයට එහි පිළිතුර ලැබිනි.

“මොකද බං උඹ අත්දෙක වන වන ආවේ?”

“ගේන්න විශේෂ දෙයක් නෑනේ බං. අයි ඩී එක පර්ස් එකේ. එච්චරනේ ඕනේ”

“ඇයි යකෝ කෑම එකක්, වතුර බෝතලයක්?”

“කැන්ටින් තියෙන්නේ බං එහෙ ඇති වෙන්න”

“එහෙනම් ඉතින් අවුලක් නෑ”

පේරාදෙණිය බසයට නැගි සියලු දෙනා හැකි හැකි අයුරින් ඉඳගත්හ. සියල්ල මෙහෙය වීමට රසායන විද්යාභාර ගුරුතුමා සිටි නිසා එය ළමුන්ට මහත් අස් වැසිල්ලක් විය. ළමුන් සියල්ල කණ්ඩායම් ලෙස හිඳ ගත් නිසා මෙත්මට සිදු වුනේද උදේශනී අසල හිඳ ගැනීමටයි. ඔහු මේ හාහා පුරා කියා තම වයසේ ගැහැණු ළමයෙක් සමඟ එක අසුනේ යන පළවෙනි අවස්ථාව විය. සබකෝලයක් ඇති නොවුනත් පැහැදිලි කිරීමට අමාරු සිතුවිල්ලකින් ඔහුගේ සිත පිරී ගොස් තිබිණි.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිතූ තරම් අමාරු නොවිනි. මන්ද යත් දෙදෙනාම සැලකිය යුතු ලෙස දැනුම තිබූ අය බැවින් සාකච්චා කිරිමට දෙයක් නොතිබුණ ගානය. පැය 3 කට කලින් ප්‍රශ්න පත්‍රය ඉවර කල නිසා ඔවුන් දෙදෙනාට යන්නට තැනක්ද නොවීය. නැගිට යන්නටද නොහැක, ඒත් බලා සිටීමටද නොහැක. කෙසේ හෝ විනාඩි කිහිපය ගෙවී ගියේ වෙනදාට වඩා හෙමින් යැයි මෙත්මට සිතුනි. කාල වේලාව ඉවර වූ වහාම මෙත්ම නැගිට එළියට ගියේය. උදේශනි කලේ බලා හිඳිම පමණි. ඔවුන් සමඟ ගිය අනෙක් අයද එළියට එන තෙක් ඇය සිටියාය. පසුව විවේක කාලයක් ලැබුණ හෙයින් ඔවුන් කෑම සඳහා කැමති කැමති තැන් වලට ගියහ. උදේශනීට මහා පාලුවක් දැනින. අනෙක් ළමුන් සියල්ල ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න ගැන කෑකෝ ගසමින් සිටියහ. ඇය පමණක් තනි වී සිටියාය.

ඇය වෙනමම පාලු තැනක බංකුවක් ලඟට ගියේ බිඳුනු සිතෙනි. ඇයට කන්නට කැමැත්තක් තිබුනේද නැත. මවට අසනීප නිසා උදේ පාන්දර නැගිට කෑම ඉව්වේද ඇයයි. ඇය බංකුවේ හිඳගෙන ඉස්සරහා තිබූ පොකුණ දෙස බලා සිටියාය. ඉලංදාරියා ඒ දෙස බලා සිටින්නට ඇත. උදේශනී සිතුවේ ඔහු කැන්ටිමට යන්නට ඇති කියාමුත් ඔහුද උන්නේ කිසිත් කිරීමට කැමැත්තක් නැතිවමය. කුමක්දෝ හේතුවක් නිසා ඔහුද ගොස් ඇය ලඟින් වාඩි විය. ඔහු කැන්ටිමට ගොස් නැති බව ඇයට වැටහිනි. මන්ද යත් මෙතරම් ඉක්මනින් කෑම කා එන්නට නොහැකි බැවිනි.

ඇය කිසි කතාවක් නොමැතිවම ඇගේ සහ මෙත්මගේ මැද්දෙ තිබෙන ඉඩ කඩෙහි බත් පත දිග හැරියාය. බත්පත් දිග හරින විට මෙත්මට මතක් වූයේ පරණ සිද්ධියයි.

‘මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම’ ඔහුට ඒ වදන මතක් විය. ඔහු එතනින් නැගිට යන්නට හැදුවේය.ඔහුගේ හැටි දන්නා නිසා උදේශනි ඔහුගේ අතකින් අල්ලා ඔහු යන එක නැවැත්වූවාය.

“ඉන්න”

අත ගසා දමා යන්නට සිතුවත් එය නොහොඹිනා යැයි ඔහුට සිතිනි. එ නිසා ඔහු කුමක්හෝ වන්නට කියා සිටීමට තීරණය කලේය. ඇය වචනයක්වත් නොකියා බත්පත අනන්නට පටන් ගත්තාය. ඇත්තය. ඔහුට කීවත් කන්න කියා, ඔහු නොකන බව ඇය සක් සුදක් සේ දැන වුන්නාය. නමුත් කෑම ටික අනා පළමු කට ලං කලේ ඇය මෙත්මගේ මුවටයි. සිදුවන්නේ කුමක්දැයි කියා ඔහුට වැටහීමක් තිබ්බේ නැත. එහෙයින් ඔහු ගල් ගැසී මෙන් බලා වුන්නේය.

“කන්න”

ඔහු තවමත් ඇය දෙස බලා සිටියි.

“මගේ අතින්මයි හැදුවේ. මං දන්නවා එදා අරම දෙයක් කියලා අද මෙහෙම දෙයක් කරන එක මෝඩකමක් කියලා. කමක් නෑ. කන්න. කෑවේ නැත්තම් මං කන්නෙත් නෑ”

“කන්න ඉතින්” ඇය ඔහුගේ මුව ලඟටම අත ලං කළෙය. මොන හේතුවකටදෝ ඉලංදාරියා ඒ බත් කට මුවට දමා ගත්තේය. ඔහු බිම බලාගෙන බත්කට කන්නට විය.ඔහු සෑහෙන්න වෙලා කල්පනා කරමින් හප හප සිට පසුව එය ගිල්ලේය. ඔහු කුමක් හෝ පැවසීමට කට සාදන බව පෙනිනි

“කෑම ටික රහයි”

ඒ මාස ගණනකට පසු ඉලංදාරියා ඇයට කී පළමු වචන කිහිපය විය. ඇගේ නිල් නෙතු වලට කඳුලු ආවේ නිරායාසයෙනි. ඇයට එවෙලේ හඬන්නට සිතුනත් ඇය අමාරුවෙන් හෝ වාවාගෙන සිටියාය. ඇගේ දෙකම්මුල් හරහා කඳුලු බේරෙනු මෙත්ම බලා සිටියේය.

“මාස කීයකට පස්සෙද මේ”

“හරියටම කියනවා නම් මාස 5යි දවස් 22යි” මෙත්ම පැවසුවේය.

ඔහු එය හරියටම මතක තබාගෙන වුන්නේ ඇයි දැයි කියා උදේශනී පුදුම වූවාය.

“ඇයි එක පාරටම කතා කරන්න හිතුනේ?”

“තිරිසන්නු එක්ක කන දවසට කතා කරන්න කියලා හිටියේ” මෙත්ම පැවසුවේ අහක බලාගෙනය.

“ප්ලීස් ඔය කතාව අදින් පස්සේ කවදාවත් ආයේ මතක් කරන්න එපා. පොරොන්දු වෙන්න. මතක් කරන් නෑ කියලා”

“ආයේ කියන් නෑ”

ඇය බත් පතෙන් වැඩි හරියක් කැව්වේ මෙත්මටයි. ඇයට බඩගින්න කොහෙන් ගියාද නැත. මෙත්මද හිතුවාට වඩා කෑවේ ඇය කැවූ නිසා වන්නට ඇත. ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ඔවුන් දෙපළ තෙවන ස්ථානය හිමි කරගත් බවට කියවිනි. දෙදෙනාටම ලෝකඩ පදක්කම් දෙකකුත් සහතික පත් දෙකකුත් ලැබිණි. අනෙකුත් සාමාජිකයන්ගෙන් සුභ පැතුම්ද ලැබිණි.

නැවත එන ගමනේදී ඔවුන් අතර කතා බහක් සිදු නොවුන ගාණය. ඔවුන් තම තමන්ගේ ලෝකවල තනිවී සිටියහ. උදේශනීගේ සිතට මාහ බරකින් නිදහස් වූවා සේ දැණිනි.

“ඊයේ හරි වැඩේනේ වුනේ” යොමාලිව පාසලේදී හමු වූ විගස උදේශනී කලින් දින සිදුවීම කීමට උත්සුක වූවාය.

“දෙන්නා කතා නැතිව ලියලා 3 වෙනි තැන ගත්තා”

“ඒකත් එකක්. යොමාලි කොහොමද ඒක දන්නේ?”

“ඊයේ මොකද වුනේ අහන්න මෙත්මට මම කතා කරා එතකොටයි කිව්වේ”

“මොනවද කිව්වේ?”

“ඕක තමා”

“ඕක විතරද කිව්වේ?”

“ඔව්”

“වෙන මොකුත්ම කිව්වේ නැද්ද?”

“ඊයේ මෙත්ම මං එක්ක කතා කලා”

“මොකක්?”

“ඔව්” ඇය ඊයේ දින සිදූ වූ දෙය අකුරක් නෑර යොමාලිට පැවසීය.

“හරි හොරෙක් තමා. මට වචනයක්වත් කිව්වෙ නෑනේ මූ”

‘අරූ මූ කියන්න එපා එයාට”

“අප්පා දැන් බලහල්ලකො තියෙන වෙනස”

ඇය සිනාසුනා විනා කිසිත් කිව්වේ නැත.

නොදැනිම සති කිහිපයක් පොත පත අතරේ සිරවිනි. සියල්ල යහ අතට හැරී තිබුණි. උදේශනි, මෙත්ම සතුටින් එදිනෙදා කටයුතු වල නියැලී උන්හ.

“මට හෙට ඔයාව ටිකක් හම්බවෙන්න ඕනේ” මෙත්ම හදිසියේම පැමිණ උදේශනීට පැවසීය.

“හෙට?”

“ඔව්”

“ ඇයි මේ හදිස්සියෙ?”

“හදිස්සියක් නෑ”

“ම්…… හෙට කීයටද?”

“4ට විතර. ගෙදරින් අවුලක් නෑනේ?”

“ගෙදරින් නම් අවුලක් නෑ”

“4ට අතන ආපිකෝ එක ගාව ෆාමසි එක ඉස්සරහින් ඉන්න”

“මොකටද?”

“නිකමට”

“නිකන් වෙන්න බෑ”

“ඔයා එන්නකෝ”

ඇය ප්‍රෙහෙලිකාවක් වුන්නේ මෙත්ම හදිසියේම එන්න කිව්වේ ඇයිද යන්නයි. නමුත් ඇය ඒ ගන නොසිතා ඔහු හමුවීමට ගියාය. පුදුමයකට ඔහු පැමිණියේ බයිසිකලයෙනි. හෙල්මට් එක උදේශනී අතට දෙන විට ඇය ඔහුට රැව්වාය.

“දැන්වත් කියන්නකෝ යන්නේ කොහෙද කියලා?”

“ගියාම බලමු”

“කියන්න. මං අම්මව ශේප් කරන් ආවේ අමාරුවෙන්. අක්කා තමා බේරගන්න ඉන්නේ හැමදාම”

“අක්ක මට සප් එක දෙනවා කොහොමත්” මෙත්ම කොලරය උස්සා පැවසීය.

මෙත්ම සහ උදේශනී අතර කුමක් හෝ හුටපටයක් තිබෙන බව උදේශනීගේ අක්කා දැන සිටියාය. මෙත්ම ගැන දැනගත් පසු ඇය ඔහු ගැන පැහැදී සිටි නිසාඒ ගැන නැඟනියට කිසි දොසක් කීවේ නැත.

ඔහු අරෙහෙන් මෙහෙන් දමා ගියේ ඔහුගේ අර ප්‍රියතම ස්ථානයටය. ගල් කන්දටය.

“එන්නකෝ නගින්න මේක උඩට”

“අම්මෝ එච්චර උඩ?”

“නැග්ගම තේරෙයි එච්චර උස නෑ කියලා”

ඔවුන් දෙදෙන එයට ගොඩ වුනහ. පළමු වර නිසා උදේශනී මදක් තිගැස්සී වුන්නාය.

“ෂා. හරි ලස්සනයි මෙතන. අව්වත් නැති නිසා ශෝක්” ඇය හාත්පසට අත දිගු කර පැවසුවාය.

“ඒකනේ කියන්නේ” ඔවුන් දෙපළ වාඩි විය.

“ඉතින් දැන් ඇයි එන්න කිව්වේ?”

“මෙන්න මේකට” යැයි පවසා මෙත්ම උදේශනීගේ උකුලේ හොවා හොඳට හරි බරි ගැහී බිම දිගාවිනි.

“අපෝ. ඔච්චරටම ආසද?” ඇය ආදරයෙන් මෙත්මගේ හිස පිරිමදිමින් ඇසුවාය.

“නැත්තම්. හැමදාම ඉන්න තිබ්බ නම් කියලා හිතෙනවා”

“එහෙනම් ඉමු හැමදාම”

“හොඳට හිටියි හැමදාම හිටියොත්”

“ඇයි?”

“ඇයි කියන්නේ විභාගයක් කියලා දෙයක් එනවා නේද?”

“එනවා….. ඉතින්?”

“ඉතින් කියන්නේ හැමදාම මෙහෙම හිටපුවම ඒකට ලියන්නේ මෙහෙම හිටපු ඒවා ගැනද?”

“එහෙම ලියන්නත් හිතෙනවා දැන් නම්”

ඔවුන් ඔවුන්ගේ ලෝකයේ බොහෝ වේලා තනිවී සිටියහ. උදේශනීව ගෙනත් ඇරලවා මෙත්ම කෙමිල්ට වහා දුරකථන ඇමතුමක් ගත්තේය.

“හෙලෝ”

“මචං මං මෙත්ම”

“ඇයි මචෝ?”

“නෑ බං. මං උදේශනීට මගේ හිතේ තියෙන දේ කියන්න කියලා බැලුවේ”

“ගොනෝ. තව මොන හිතේ තියෙන මඟුල් කියන්නද? තොපි දෙන්නා දැනට ඉන්නෙත් බැඳපු උන් දෙන්නෙක් වගේනේ”

“නෑ බං. මං තාම ඒකිට ආදරෙයි කියලාවත්, ඒකි මට තාම ආදරෙයි කියලාවත් නෑ”

“හරියට ආදරේ කරනවා නම් කිය කිය ඉන් නෑ බං. වචන වල නෙමෙයිනේ ආදරේ තියෙන්නේ”

“එහෙම නෙමෙයි බං. එක පාරක් හරි එහෙම කියනකන් හිතට අවුල් බං. උඹටත් තේරෙයි වුන දවසකට”

“දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ?”

“මගේ උපන්දිනේ බං අනිද්දා. එදාට කියන්න කියලා ඉන්නේ”

“හරි. උඹට මගෙන් මොනා හරි උදව්වක් ඕනේ නම් කියපන්. මං කරන්නම්”

“උදේශනිට තෑග්ගක් වගේ මොකක් හරි ගන්න ඕනේ. වරෙන් මං එක්ක ගන්න යන්න හෙට”

“එළ. මං එන්නම්. ක්ලාස් ඇරිලා යමන් එහෙනම්”

“තෑන්ක්ස් මචං”

පසුදා ඔවුන් පංති ඇරී ගියේ රන් ආභරණ කඩයකටයි. මෙත්ම ඇයට තෑගි දීමට කරාඹූ යුගලක් ගැනීම නුවණට හුරු යැයි තීරණය කලේය. මුද්දක් දෙන්නට ඔවුන් තවම ලාබාල නිසා ඔහුට එය එතරම් සිතට ඇල්ලූ නැති නිසා කරාඹු යුගලය ගැනීම ගැන කෙමිල්ද සතුටු විය.

පසුදා එය දෙන්නේ කෙසේද? දෙන විට කියන්නේ කුමක් ද යන්න ඔහු දහස් වරක් සිතෙන් කල්පනා කරේය. පසුව හොඳ විදියක් සිතට ආ පසු එය සිතෙන් සෑහෙන වරක් කියා නින්දට ගියේය. පසුදා උදෑසන යහළුවන්ගෙන් උපන්දින සුභ පැතුම් සෑහෙන ප්‍රමාණයක් තිබුණද ඇගේ සුභ පැතුම ඒ අතරේ තිබුණේ නැත.

‘හම්බ වුනාම කියන්න හිතන් ඇති’ ඔහු හිත සනසාගත්තේය.

උදෑසන 8ට පමණ ජංගම දුරකථනය නාද වනු ඔහුට ඇසිණි.

“හෙලෝ මල්ලි” කවුරුන්හෝ එහා පැත්තේ කතා කරන කෙනා හොඳටම අඬනු ඇසිනි.

“හෙලෝ, කවුද මේ?”

“මල්ලි, මම උදේශනීගේ අක්කා”

“කියන්න අක්කේ, ඇයි මේ අඬන්නේ?”

“අනේ මල්ලි කොහොම කියන්නද? ඊයේ රෑ උදේශනී ඇක්සිඩන්ට් වෙලා කොළඹ ගෙනාවා”

එය ඇසූ මෙත්මගේ සර්වාංඟයම හිරිවැටී ගියේය.

“අනේ අක්කේ මගේ කෙල්ලට මොකද?”

“දන් නෑ මල්ලී. ඊයේ නුවරින් කොළඹට ඇඩ්මිට් කරා රෑම. අයි සී යූ එකේ”

“මං දැන් එනවා අක්කේ”

ඔහුට ඇඬෙන්නට විය. ‘අනේ මගෙ කෙල්ල’

ඔහු අද ඇයට පවසන්නට හිටි දේවල් බොඳ වී යන්නාක් මෙන් ඔහුට දැනුනි. ඉබාගාතේ මෙන් පැමිණි ඔහු කොළඹ ඒසී බසයකට නැඟුනේ හොඳ සිහියකින් නොවේ. හිතේ තිබූ පීඩනය නිසා දෝ ඔහුට නින්ද යන්නට ඇත.

“ලෙඩාට සිහිය ඇවිත්. වට පිට බලනවා.”

කැඩී කැඩී ඇසුනු වචන පෙළ සිහියට නඟන්න මෙත්ම උත්සහා කරේය. ඔහුගේ හිස පසුපසින් දෙසින් දැඩි කැක්කුමක් ගෙන දුනි. ඒ මදිවට උගුර වේලී කෙළ ගිලින්නට බැරි ගතියක් දැනුණි. දොස්තරවරයෙක් සහ හෙදියන් කිහිප දෙනෙක් සිටිනු පෙනිනි

“වතුර” ඔහුට කියා ගැනීමට හැකි වුනේ එපමණකි.

“එක පාර වතුර ගොඩක් බොන්න හොඳ නෑ පුතේ. මේ ටික බොන්න එතකන්”

කරුණවන්ත කටහඬක් ඇසින. පසුව හැන්දකින් මෙත්මට වතුර ස්වල්පයක් ලැබුණි. සිදු වී ඇති දේ පිළිබඳ ඔහුට සිහි වූයේ ඉන් පසුවයි.

“උදේශනී” ඔහු කෑ ගැසුවේය. නමුත් හඬ පිටවූයේ නැත. ඔහුගෙ දෙනෙතින් කඳුලු වැගිරෙන්නට විය..

“කලබල වෙන්න එපා පුතේ.”

“කලබල නොවී කොහොමද?” ඔහු හඬන්නට විය

“පුතා එදා හදිස්සි වුනා වැඩියි. එදා ඒ ට්‍රොලියේ ගෙනාවේ උදේශනි නෙමෙයි”

“ඒත් මං දැක්කනේ එයාගේ අත පහතට වැටෙනවා”

“ඒ දැරිවි උදේශනී නෙමෙයි පුතේ.වෙන ගෑණු ළමයෙක්. පුතා කලබලා වුනේ නිකරුනේ ඒ වෙලාවේ. පුතා ඒ උදේශනී කියලා රැවටුන ගෑනු ළමයා බේරගන්න බැරිවුනා. නමුත් උදේශනීට ප්‍රශ්නයක් නෑ”

“ඒ කියන්නේ උදේශනී ඉන්නවද තාම?”

“ඒ ළමයට දැන් හොඳයි පුතේ. පුතා බය නොවී ඉන්න”

“මට බලන්න ඕනේ එයාව”

“දවස් තුනක් පුතාට සිහිය තිබ්බේ නෑ. වැටෙද්දී ඔලුව වැදුන නිසා අපි හැමෝම බයවෙලා හිටියේ. ඒ මදිවට පුතාට සිහිය ආවෙත් නෑ”

“තව ටිකකින් අම්මලට ඔයාව බලන්න දෙනවා”

පැය කිහිපයකට පසුව ඔහුව බැලීමට ඉඩ ලැබිනි. මුලින්ම දුවගෙන ආවේ ඔහුගේ මවයි. ඇගේ දෑස් වලින් කඳූලු කැට වැටෙනු පෙනිණි.

“කොහොමද පුතේ දැන්?”

“දැන් හොඳයි අම්මේ”

“මං දවස් තුනක් සිහි නැතිව හිටියද?”

“ඔව් පුතේ. අපි බයවෙලා හිටියේ. ඔලුව වැදිලා තිබ්බ විදියට. අනික පුතා කලබල වෙලා තිබුණෙත් නිකරුණෙ”

“මං හිතුවේ ඒ එයාමයි කියලා අම්මේ. ඒ වෙලේ මොනවා වුනාද දන්නෑ”

“ඉන්න දැන් එයි ඒ දැරිවිත්”

“කෝ තාත්තා?”

“තාත්තා ෆෝම්ස් වගයක් ෆිල් කරන්න ගියා ඩොක්ටර් එක්ක.”

“මෙත්ම” ඔහුගේ නම ඒ ළයාන්විත කටහඬෙන් අසන්නට ඔහු ආසා කලේ අද ඊයේක නොවේ. ඔහු ඇය දෙස බලා සිටියා විනා කිසිවක් කීවේ නැත. ඇය පැමිණ සිටියේ ඇගේ අක්කා සමඟයි. උදේශනීගේ මව හා පියාද ඔවුන් සමඟ පැමිණ සිටියහ. ඔහුට ලැජ්ජා සිතුනේ එවිටයි.

උදේශනීගේ මව පැමිණ මෙත්මගේ ඔලුව අත ගෑවාය.

“පුතේ දැන් කොහොමද?”

“හොඳයි ඇන්ටි” ඔහු සිනාසෙන්නට වෙර දරමින් පැවසුවේය.

“කලබල වුනා නේද?”

ඔහු එයට කිසිත් නොකියා ලැජ්ජාශීලී සිනාවක් පෑවේය.

“අම්මේ” උදේශනී තම මවට කතා කලාය. පසුව කණට රහසින් කුමක්ද කී පසු ඇගේ මව, පියාව සහ අක්කාව රැගෙන එළියට ගියාය. ඇයට තනිවන්නට වුවමනා ඇත.

මෙත්මගේ මවද එය තේරුම් ගන්නට ඇත. ඇය මෙත්ම දෙස බලා අමුතුවට සිනාසී උදේශනීගේද හිතා අතගාගෙන එළියට ගියාය.

මෙත්ම ලඟට පැමිණි උදේශනී ඇගේ හිස ඔහුගේ පපුවේ හොවා හඬන්නට පටන් ගත්තාය. ඇය දුක සිර කරගෙන ඉන්නට ඇත. සෑහෙන්න වෙලාවක් යනතුරුම ඇය හැඬුවාය.

“ඇති දැන්. මට මූණ බලන්න ඕනේ”

ඇය කඳුලු පිසදා මෙත්ම දෙස බැලුවාය.

"ඇයි මේ රෝද පුටුවේ?"

"සතියක් යනකන් ඇවිදින්න එපා කිව්වා"

“මම හිතුවා මම ජීවත් වෙන එකක් නෑ කියලා” මෙත්ම පැවසුවේය

“මේ ඉන්නේ හොඳට ජීවත් වෙලා ඔයා”

“මගේ ජීවිතේ ඔයා. ඒකෙන් තේරුම් ගන්න කිව්ව දේ”

ඇගේ නිල් නෙතු යුවල හකුළුවා මුහුණ ඇල කර ලස්සනට සිනාසුනාය. පසුව ඇය නැවත ආදරයෙන් මෙත්මගේ පපුවේ හිස හොවා ගත්තාය.

~නිල් නෙතු නිමා විය~

කතාව ලිවීමේදී මා දිරිගැන්වූ සියලු දෙනාටත්, පරක්කු වෙච්ච එකට බැන බැන මේක දාන්න මාව උනන්දු කල හැම දෙනාටත්, කමෙන්ටුවකින් සහයෝගය දුන් සියලු දෙනාටත්. එකී නොකී අන් හැම දෙනාටත් මාගෙ හද පිරි තුතු. තවත් කතාවකින් හමු වෙමු

[QUOTE="^Night Fury^, post: 14455277, member: 327587"] [SIZE="4"]ඇය මාර්ගයේ පටු බව නැති වූ වහාම මෙත්මගේ බාහුවෙන් අත ඉවතට ගත්තාය. මඟක් යනවිටත් ඔවුන් අතර කතා බහක් සිදු වුනේ නැත. කට්ටිය පහළට වී ඔවුන් එනතෙක් බලා සිටියහ. පසුව සියල්ල ලහි ලහියෙම පල්ලම බසින්නට වූයේ ඊලඟට කෑම සඳහා ග්‍රෙගරි වැව්තාවුල්ලට යාමටයි. දහවල් 1 පමණ වන විට ඔවුන් ග්‍රෙගරි වැවට ආ අතර ඔවුනට කෑම ගැනීමට පැය භාගයක කාලයක් දී තිබුනි. සියල්ලෝම කෑම බෙදා හදාගෙන කෑවහ. පිරිමි ළමුන් තුන් හතර දෙනා එක මුලක් බැගින් කන හෙයින් ඔවුනට බෙදා හදා ගැනීමට අවශ්‍යතාවක් වූයේ නැත. කිරි නිෂ්පාදනාගාරය නැරඹීමේදී ඒ ගැන විස්තර කියා දීමට වෙනම කෙනෙක් පැමිණි අතර ඔවුනට පැහැදිලිව හා සිත්ගන්නාසුළු ලෙස ඒ ඒ ක්‍රියාකාරකම් විස්තර කලේය. පසුව ඔවුන් දෙනුන් ගාල් කර ඇති පෙදෙසට හා තණ බිම් පෙදස නැරඹීමේද නිරත විය. සවස් යාමය වන විට සියල්ලන්ටම මදක් තෙහෙට්ටු ගතිය දැනෙන්නට විය. නමුත් පාසලට එන තුරුම ඔවුන් ගීත ගායනා කිරීම නම් මදකට හෝ නැවත්තුවේ නැත. රාත්‍රී 7.30 පමණ වන විට පාසලට පැමිණි පසු ඔවුන් දුක්බරව විසිර ගියහ. නමුත් යොමාලි හා මෙත්ම තනි වූයේ යොමාලිගේ පියාට හදිසි ගමනක් යෙදී ඇති නිසා යොමාලි මෙත්ම සමඟ ගෙදර පැමිණෙන බව පැවසූ නිසාය. කට්ටියන්ටම යන්නම් කියා පවසා අනෙක් පස හැරෙන විට උදේශනී ඔහුට අත වනනු පෙනිනි. ඔහු එ දෙස බලා නොදැක්කා මෙන් කිසිත් නොකර නැවත යොමාලි ලඟට ගියේය. “අපේ ගෙදරට පයින් ගිහින් බයික් එකේ යමු ඕගොල්ලන්ගේ දිහාට” “එහෙම හොඳයි. මං හින්දා කරදරේ නේද?” “මේ වෙලාවට වත් උදව්වක් නොකරන යාළුවෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?” ඔවුන් මදක් දුර වචනයක්වත් නොදොඩා ගියහ. නමුත් යොමාලිගේ හිතේ තිබූ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට කලින් සිටම සිතා වුන්නාය. “මෙත්ම මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා” “කොහොමද?” “මෙත්ම ඇයි උදේශනී එක්ක වචනයක් වත් තාම කතා නොකරන්නේ?” “මං කියලා තියෙනවා නේද මගේ එක්ක ඕවා කතා කරන්න එපා කියලා?” “වඩාගෙන යන්න හොඳයි නම්,කකුල් මසාජ් කරන්න හොඳයි නම් කතා කරාම ඇයි මොකද ඒ ගැන?” “මේ අහන්න යොමාලී. ඔයත් දන්නවා මාත් දන්නවා සිද්ධ වුනේ මොකක්ද කියලා. මං හිතන්නේ ඔයයි මමයි විතරමයි දන්නවා ඇත්තෙ වුනේ මොකක්ද කියලා. ඔයා හොඳටම දන්නවා වැරද්දකට දඬුවම් විඳින්න මම පොඩ්ඩක්වත් බයක් අකැමත්තක් නෑ. නමුත් වැරද්දක් නොකර දඬුවමක් දෙද්දී මම ඒව ගැන හිතන්නෙත් කොහොමද කියලා දන්නවානේ. මොකද අපි අද ඊයේ ඉඳලා දන්න අය නෙමෙයිනේ. ඒක මගේ හැටියක්” “ඒත් මේක අස්වාභාවිකයි වගේ තේරෙන් නැද්ද?” “මොකක්ද අස්වාභාවික?” “ඒ ළමයව මඟ ඇරලා ඉන්නවා නම් ඒක එක දෙයක්.මෙත්ම එහෙම නෙමෙයිනේ” “දැන් යොමාලි කියන්නේ මට උදේශනීව මඟ අරින්න කියලද? හරි මං මග ඇරලා ඉන්නම්. ප්‍රශ්නයක් නෑ” “ඕකනේ ඉතින් ඔයත් එක්ක බැරි. පොඩ්ඩ ඇත්තම් යන්නේ වෙන කොහෙද. එහෙම නෙමෙයි. මම නම් කියන්නේ ඔය දේවල් අමතක කරලා කතා කරන්න කියලා” “අපි තිරිසන්නුනේ යොමාලී. තිරිසන්නු එක්ක කන්න, කතා කරන්න හොඳ නෑනේ” “පිස්සු අනේ ඔයාටත්. ඒ ළමයට තරහා ගිය නිසා එහෙම කියන්න ඇත්තේ.” “තමන්ගේ වගේම අනික් අයගෙත් තියෙන්නේ රිදෙන හිතක් කියලා ඇයි දන් නැද්ද ඔච්චරටම” “තරහා ගියාම ඕවා ඔලුවට එන් නෑ මෙත්ම. පේන් නැද්ද ඔයාට තරහා ගියාම. කල්පනා කරලා බලන්න” “බලමුකො. තිරිසන්නුයි මනුස්සයොයි එකට කන කාලෙක එයා එක්ක කතා කරයි සමහරවිට” “ඒක මේ කපේ වෙයි කියලා හිතනවද?” “වුනත් එකයි මට නැතත් එකයි.” එයින් පසු ඇය තවත් ඒ ගැන හාරාවුස්සන්නට ගියේ නැත, දැනටමත් බොහෝ දේ ඔහුගෙන් අසා ඇත. තවත් මානසිකව ඔහුට කරදර කිරීම නොමනාය. “බයික් එකේ හුළන් නැත්තම් අපේ දිහා තමා නවතින්න වෙන්නේ” “ආපෝ එහෙම බෑ. පයින් හරි යනවා” “ඉතින් මගේ කාමරේ ඉන්න පුළුවන්නේ” “මට බෑ එක ඇදේ නිදා ගන්න” “කවුද හලෝ ඔයාට නිදා ගන්න ඇඳ දෙන්නේ?? ඕනෙම නම් පැදුරක් දෙන්නම් බිම එලාගෙන නිදා ගන්න” “අනේ යනවා යන්න” ගෙදරට පැමිණ හෙල්මට් දෙකත් රැගෙන ඔහු යොමාලිට එකක් දී අනෙක ඔහු පැලඳගත්තේය. “හා හා. දැන් කට්ටිය අල්ලගන්න හයියෙන්” “අනේ මේ හයියෙන් නම් යන්න එපා ඔන්න” “පිස්සුද හලෝ මොන හයියෙන්ද? අනූවට වැඩියෙන් යන් නෑ” “අනේ මේ. මාව බස්සලා යන්න එහෙනම්” “යං යං පිස්සු නැතුව. මං හෙමින් යන්නම්” යොමාලිව ගෙදරට ඇරලුව ඔහු නැවත ගෙදර එන්නට පිටත් වුනේය. උදේශනීගේ නිවස පිහිටා තිබුනේද එම මාර්ගයේමය. ඇගේ නිවස අසලින් යන විට ඉබේටම වාගේ වේගය අඩු විය. ඔහු විපරම් කලේ ඇගේ චායාවක් වත් පෙනේද යන්නයි. නමුත් හැල හොල්මනක්වත් නැත. සමහර විට ගමන් මහන්සිය නිසා ඇය නින්දට යන්නට ඇත. ඔහු ගෙදර ඇවිත් ඉක්මනටම නින්දට ගියේ ඇඟේ තිබු තෙහෙට්ටු ගතිය නිසාවෙනි. පසුදා සෙනසුරාදා දවසක් වුවද උදෑසනම නැගිටින්නට වූයේ පන්ති යාමට තිබූ හෙයිනි. රත්‍රීයේ දැමු නින්ද නිසා ඇඟේ තෙහෙට්ටු ගතිය බොහෝ සෙයින් අඩුවී තිබිණි. “මචං ඊයේ මරු කපල් එකක් හිටියානේ අම්බුළුවාවේ” කෙමිල් මෙත්මට බයිටක් දීමට කට හදනා බව ජනින්දට වැටහිනි. “අම්මට සිරි. අපි දැක්කේ නෑනේ. කොයි හරියෙද?” “උඩම වගේ බං. බලන්න එපැයි. අතින් අල්ලගෙන. පිස්සු හැදෙන සඳ” “ශික්. මං කලින් ගියානේ බං. අපරාදේ හිටියා නම් බලා ගන්න තිබ්බා.” “උඹ කාටද හින්ට් ගහන්නේ?” මෙත්ම ඇසුවේය. “ගිය අය දන්නවා ඇතිනේ” “අල්ලගන්න දෙයක් නැතිව කෙනෙක්ගේ අතින් අල්ලපු පලියට කපල් එකක් කියන සිරිතක් තියෙනද බං. අනික උදේශනී එක්ක බලද්දි මං කවුද බං. ඒකිට දැනටත් කොල්ලෙක් ඇති. මෙහාට එන්න කලින් හිටපු පැත්තේ සිද්ධි අපි දන් නෑනේ.” “කොල්ලෙක් ඉන්නවා හෝ නැතා හෝ අපිට අදාල නෑ. අපි දැක්ක දේ කිව්වේ” “උඹලගේ මනස්ගාත බං. විකාර නැතිව මෙන්න මෙහෙන් ඉඳින්” “හරි හරි මස්සිනා. අපි ඉන්නෙත් මෙහෙමනේ” සඳුදා පාසලේදී කට්ටිය ගමන මතකවර්ජනය කරමින්, උසුළු විසුලු කරමින් සිටි අතර පන්තිභාර ගුරුවරයා ලිපියක්ද රැගෙන පන්ති කාමරයට පැමිණියේය. “ළමයි, පේරාදෙණිය විශ්ව විද්‍යාලෙන් පවත්වන තරඟයක් තියෙනවා.විද්‍යා දැනුම මිනුම තරඟයක්. අපේ විද්‍යා අංශෙ පන්ති 5න් එක පංතියකින් ගැහැණු ළමය පිරිමි ළමයා ගානේ දෙන්නෙක් තෝරලා 10 දෙනෙක් යවනවා. මේ පංතියෙන් තෝරන්න යන්නේ ඊලඟට දෙන ඇඟයීමෙන් ලකුණු වැඩියෙන්ම ගන්න ගෑණු ළමයටයි පිරිමි ළමයටයි.ඊලඟ මාසේ දෙවෙනිදා තියෙන්නේ.” “අනේ බං අපිට නම් ඕවට යන්න බෑ. මොන මඟුල් අහයිද දන් නෑනේ.” ජනියා ගත් කටටම පැවසීය “පොඩි ට්‍රයි එකක් හරි දීපන් බං. කොහොම වෙයිද දන් නෑනේ.” කෙසේ හෝ ඇගයීමට ළමුන්ගෙන් පිළිතුරු සැපයුන අතර වැඩිම ලකුණු ලබා සිටියේ පිරිමි ළමුන් දෙදෙනෙකි. නමුත් ගහැණු ළමයෙක් අනිවාර්ය කර ඇති නිසා වැඩිම ලකුණු ගත් ගැහැණු ළමයාට එම ස්ථානය හිමි විය. එම ස්ථාන දෙක අහඹුවෙන් හෝ මෙත්මට හා උදේශනීට හිමි වී තිබුණි. “ඔයාලට රැස්වීමකට කතා කරයි ලබන සතියේ. මතක ඇතුව සහභාගී වෙන්න.” පන්ති භාර ගුරුතුමා ඔවුනට පැවසීය. ඊලඟ මස දෙවෙනිදා වන විට ළමුන් 10 දෙනා සූදානම් වී සිටි අතර ඔවුනට උපදෙස් ඒ ඒ ආකරයට ලැබී තිබිණ. “මේක කණ්ඩායම් තරඟයක් විදියට තමයි පැවැත්වෙන්නේ. දෙන්නා දෙන්නා ඉන්න කණ්ඩායම්. හැම කණ්ඩායමකටම ප්‍රශ්න් පත්‍රයක් ලැබෙනවා. පැය 3ක එකක්. ඒක සාකච්ඡා කරලා විසඳන්න ඕනේ. කෑම ගෙදරින් ගේන්න. ත්‍යාග ප්‍රධාන උත්සවේ එදාම තියෙන නිසා එන්න හවස් වෙයි” සාකච්ඡා කර විසඳීම යන්න ඇසූ විට උදේශනීට තරු පෙණිනි. මෙත්ම සමඟ කෙසේ සාකච්ඡා කරන්නද? එන විදියකට මුහුණ දීමට ඇය සිතා ගත්තාය. සාකච්චා කර තිබූ පරිදි සියල්ලෝම 9 වන විට පාසල අසලට පැමිණ සිටි අතර මෙත්ම කිසිවක් නොමැතිව හිස් අතින් පැමිණ සිටීම උදේශනිට ප්‍රෙහෙලිකාවක් විය. නමුත් තවකෙකු ඇසූ ප්‍රශ්නයක් නිසා ඇයට එහි පිළිතුර ලැබිනි. “මොකද බං උඹ අත්දෙක වන වන ආවේ?” “ගේන්න විශේෂ දෙයක් නෑනේ බං. අයි ඩී එක පර්ස් එකේ. එච්චරනේ ඕනේ” “ඇයි යකෝ කෑම එකක්, වතුර බෝතලයක්?” “කැන්ටින් තියෙන්නේ බං එහෙ ඇති වෙන්න” “එහෙනම් ඉතින් අවුලක් නෑ” පේරාදෙණිය බසයට නැගි සියලු දෙනා හැකි හැකි අයුරින් ඉඳගත්හ. සියල්ල මෙහෙය වීමට රසායන විද්යාභාර ගුරුතුමා සිටි නිසා එය ළමුන්ට මහත් අස් වැසිල්ලක් විය. ළමුන් සියල්ල කණ්ඩායම් ලෙස හිඳ ගත් නිසා මෙත්මට සිදු වුනේද උදේශනී අසල හිඳ ගැනීමටයි. ඔහු මේ හාහා පුරා කියා තම වයසේ ගැහැණු ළමයෙක් සමඟ එක අසුනේ යන පළවෙනි අවස්ථාව විය. සබකෝලයක් ඇති නොවුනත් පැහැදිලි කිරීමට අමාරු සිතුවිල්ලකින් ඔහුගේ සිත පිරී ගොස් තිබිණි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිතූ තරම් අමාරු නොවිනි. මන්ද යත් දෙදෙනාම සැලකිය යුතු ලෙස දැනුම තිබූ අය බැවින් සාකච්චා කිරිමට දෙයක් නොතිබුණ ගානය. පැය 3 කට කලින් ප්‍රශ්න පත්‍රය ඉවර කල නිසා ඔවුන් දෙදෙනාට යන්නට තැනක්ද නොවීය. නැගිට යන්නටද නොහැක, ඒත් බලා සිටීමටද නොහැක. කෙසේ හෝ විනාඩි කිහිපය ගෙවී ගියේ වෙනදාට වඩා හෙමින් යැයි මෙත්මට සිතුනි. කාල වේලාව ඉවර වූ වහාම මෙත්ම නැගිට එළියට ගියේය. උදේශනි කලේ බලා හිඳිම පමණි. ඔවුන් සමඟ ගිය අනෙක් අයද එළියට එන තෙක් ඇය සිටියාය. පසුව විවේක කාලයක් ලැබුණ හෙයින් ඔවුන් කෑම සඳහා කැමති කැමති තැන් වලට ගියහ. උදේශනීට මහා පාලුවක් දැනින. අනෙක් ළමුන් සියල්ල ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න ගැන කෑකෝ ගසමින් සිටියහ. ඇය පමණක් තනි වී සිටියාය. ඇය වෙනමම පාලු තැනක බංකුවක් ලඟට ගියේ බිඳුනු සිතෙනි. ඇයට කන්නට කැමැත්තක් තිබුනේද නැත. මවට අසනීප නිසා උදේ පාන්දර නැගිට කෑම ඉව්වේද ඇයයි. ඇය බංකුවේ හිඳගෙන ඉස්සරහා තිබූ පොකුණ දෙස බලා සිටියාය. ඉලංදාරියා ඒ දෙස බලා සිටින්නට ඇත. උදේශනී සිතුවේ ඔහු කැන්ටිමට යන්නට ඇති කියාමුත් ඔහුද උන්නේ කිසිත් කිරීමට කැමැත්තක් නැතිවමය. කුමක්දෝ හේතුවක් නිසා ඔහුද ගොස් ඇය ලඟින් වාඩි විය. ඔහු කැන්ටිමට ගොස් නැති බව ඇයට වැටහිනි. මන්ද යත් මෙතරම් ඉක්මනින් කෑම කා එන්නට නොහැකි බැවිනි. ඇය කිසි කතාවක් නොමැතිවම ඇගේ සහ මෙත්මගේ මැද්දෙ තිබෙන ඉඩ කඩෙහි බත් පත දිග හැරියාය. බත්පත් දිග හරින විට මෙත්මට මතක් වූයේ පරණ සිද්ධියයි. ‘මිනිස්සුයි තිරිසනුයි එකට කන් නෑනේ මෙත්ම’ ඔහුට ඒ වදන මතක් විය. ඔහු එතනින් නැගිට යන්නට හැදුවේය.ඔහුගේ හැටි දන්නා නිසා උදේශනි ඔහුගේ අතකින් අල්ලා ඔහු යන එක නැවැත්වූවාය. “ඉන්න” අත ගසා දමා යන්නට සිතුවත් එය නොහොඹිනා යැයි ඔහුට සිතිනි. එ නිසා ඔහු කුමක්හෝ වන්නට කියා සිටීමට තීරණය කලේය. ඇය වචනයක්වත් නොකියා බත්පත අනන්නට පටන් ගත්තාය. ඇත්තය. ඔහුට කීවත් කන්න කියා, ඔහු නොකන බව ඇය සක් සුදක් සේ දැන වුන්නාය. නමුත් කෑම ටික අනා පළමු කට ලං කලේ ඇය මෙත්මගේ මුවටයි. සිදුවන්නේ කුමක්දැයි කියා ඔහුට වැටහීමක් තිබ්බේ නැත. එහෙයින් ඔහු ගල් ගැසී මෙන් බලා වුන්නේය. “කන්න” ඔහු තවමත් ඇය දෙස බලා සිටියි. “මගේ අතින්මයි හැදුවේ. මං දන්නවා එදා අරම දෙයක් කියලා අද මෙහෙම දෙයක් කරන එක මෝඩකමක් කියලා. කමක් නෑ. කන්න. කෑවේ නැත්තම් මං කන්නෙත් නෑ” “කන්න ඉතින්” ඇය ඔහුගේ මුව ලඟටම අත ලං කළෙය. මොන හේතුවකටදෝ ඉලංදාරියා ඒ බත් කට මුවට දමා ගත්තේය. ඔහු බිම බලාගෙන බත්කට කන්නට විය.ඔහු සෑහෙන්න වෙලා කල්පනා කරමින් හප හප සිට පසුව එය ගිල්ලේය. ඔහු කුමක් හෝ පැවසීමට කට සාදන බව පෙනිනි “කෑම ටික රහයි” ඒ මාස ගණනකට පසු ඉලංදාරියා ඇයට කී පළමු වචන කිහිපය විය. ඇගේ නිල් නෙතු වලට කඳුලු ආවේ නිරායාසයෙනි. ඇයට එවෙලේ හඬන්නට සිතුනත් ඇය අමාරුවෙන් හෝ වාවාගෙන සිටියාය. ඇගේ දෙකම්මුල් හරහා කඳුලු බේරෙනු මෙත්ම බලා සිටියේය. “මාස කීයකට පස්සෙද මේ” “හරියටම කියනවා නම් මාස 5යි දවස් 22යි” මෙත්ම පැවසුවේය. ඔහු එය හරියටම මතක තබාගෙන වුන්නේ ඇයි දැයි කියා උදේශනී පුදුම වූවාය. “ඇයි එක පාරටම කතා කරන්න හිතුනේ?” “තිරිසන්නු එක්ක කන දවසට කතා කරන්න කියලා හිටියේ” මෙත්ම පැවසුවේ අහක බලාගෙනය. “ප්ලීස් ඔය කතාව අදින් පස්සේ කවදාවත් ආයේ මතක් කරන්න එපා. පොරොන්දු වෙන්න. මතක් කරන් නෑ කියලා” “ආයේ කියන් නෑ” ඇය බත් පතෙන් වැඩි හරියක් කැව්වේ මෙත්මටයි. ඇයට බඩගින්න කොහෙන් ගියාද නැත. මෙත්මද හිතුවාට වඩා කෑවේ ඇය කැවූ නිසා වන්නට ඇත. ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ඔවුන් දෙපළ තෙවන ස්ථානය හිමි කරගත් බවට කියවිනි. දෙදෙනාටම ලෝකඩ පදක්කම් දෙකකුත් සහතික පත් දෙකකුත් ලැබිණි. අනෙකුත් සාමාජිකයන්ගෙන් සුභ පැතුම්ද ලැබිණි. නැවත එන ගමනේදී ඔවුන් අතර කතා බහක් සිදු නොවුන ගාණය. ඔවුන් තම තමන්ගේ ලෝකවල තනිවී සිටියහ. උදේශනීගේ සිතට මාහ බරකින් නිදහස් වූවා සේ දැණිනි. “ඊයේ හරි වැඩේනේ වුනේ” යොමාලිව පාසලේදී හමු වූ විගස උදේශනී කලින් දින සිදුවීම කීමට උත්සුක වූවාය. “දෙන්නා කතා නැතිව ලියලා 3 වෙනි තැන ගත්තා” “ඒකත් එකක්. යොමාලි කොහොමද ඒක දන්නේ?” “ඊයේ මොකද වුනේ අහන්න මෙත්මට මම කතා කරා එතකොටයි කිව්වේ” “මොනවද කිව්වේ?” “ඕක තමා” “ඕක විතරද කිව්වේ?” “ඔව්” “වෙන මොකුත්ම කිව්වේ නැද්ද?” “ඊයේ මෙත්ම මං එක්ක කතා කලා” “මොකක්?” “ඔව්” ඇය ඊයේ දින සිදූ වූ දෙය අකුරක් නෑර යොමාලිට පැවසීය. “හරි හොරෙක් තමා. මට වචනයක්වත් කිව්වෙ නෑනේ මූ” ‘අරූ මූ කියන්න එපා එයාට” “අප්පා දැන් බලහල්ලකො තියෙන වෙනස” ඇය සිනාසුනා විනා කිසිත් කිව්වේ නැත. නොදැනිම සති කිහිපයක් පොත පත අතරේ සිරවිනි. සියල්ල යහ අතට හැරී තිබුණි. උදේශනි, මෙත්ම සතුටින් එදිනෙදා කටයුතු වල නියැලී උන්හ. “මට හෙට ඔයාව ටිකක් හම්බවෙන්න ඕනේ” මෙත්ම හදිසියේම පැමිණ උදේශනීට පැවසීය. “හෙට?” “ඔව්” “ ඇයි මේ හදිස්සියෙ?” “හදිස්සියක් නෑ” “ම්…… හෙට කීයටද?” “4ට විතර. ගෙදරින් අවුලක් නෑනේ?” “ගෙදරින් නම් අවුලක් නෑ” “4ට අතන ආපිකෝ එක ගාව ෆාමසි එක ඉස්සරහින් ඉන්න” “මොකටද?” “නිකමට” “නිකන් වෙන්න බෑ” “ඔයා එන්නකෝ” ඇය ප්‍රෙහෙලිකාවක් වුන්නේ මෙත්ම හදිසියේම එන්න කිව්වේ ඇයිද යන්නයි. නමුත් ඇය ඒ ගන නොසිතා ඔහු හමුවීමට ගියාය. පුදුමයකට ඔහු පැමිණියේ බයිසිකලයෙනි. හෙල්මට් එක උදේශනී අතට දෙන විට ඇය ඔහුට රැව්වාය. “දැන්වත් කියන්නකෝ යන්නේ කොහෙද කියලා?” “ගියාම බලමු” “කියන්න. මං අම්මව ශේප් කරන් ආවේ අමාරුවෙන්. අක්කා තමා බේරගන්න ඉන්නේ හැමදාම” “අක්ක මට සප් එක දෙනවා කොහොමත්” මෙත්ම කොලරය උස්සා පැවසීය. මෙත්ම සහ උදේශනී අතර කුමක් හෝ හුටපටයක් තිබෙන බව උදේශනීගේ අක්කා දැන සිටියාය. මෙත්ම ගැන දැනගත් පසු ඇය ඔහු ගැන පැහැදී සිටි නිසාඒ ගැන නැඟනියට කිසි දොසක් කීවේ නැත. ඔහු අරෙහෙන් මෙහෙන් දමා ගියේ ඔහුගේ අර ප්‍රියතම ස්ථානයටය. ගල් කන්දටය. “එන්නකෝ නගින්න මේක උඩට” “අම්මෝ එච්චර උඩ?” “නැග්ගම තේරෙයි එච්චර උස නෑ කියලා” ඔවුන් දෙදෙන එයට ගොඩ වුනහ. පළමු වර නිසා උදේශනී මදක් තිගැස්සී වුන්නාය. “ෂා. හරි ලස්සනයි මෙතන. අව්වත් නැති නිසා ශෝක්” ඇය හාත්පසට අත දිගු කර පැවසුවාය. “ඒකනේ කියන්නේ” ඔවුන් දෙපළ වාඩි විය. “ඉතින් දැන් ඇයි එන්න කිව්වේ?” “මෙන්න මේකට” යැයි පවසා මෙත්ම උදේශනීගේ උකුලේ හොවා හොඳට හරි බරි ගැහී බිම දිගාවිනි. “අපෝ. ඔච්චරටම ආසද?” ඇය ආදරයෙන් මෙත්මගේ හිස පිරිමදිමින් ඇසුවාය. “නැත්තම්. හැමදාම ඉන්න තිබ්බ නම් කියලා හිතෙනවා” “එහෙනම් ඉමු හැමදාම” “හොඳට හිටියි හැමදාම හිටියොත්” “ඇයි?” “ඇයි කියන්නේ විභාගයක් කියලා දෙයක් එනවා නේද?” “එනවා….. ඉතින්?” “ඉතින් කියන්නේ හැමදාම මෙහෙම හිටපුවම ඒකට ලියන්නේ මෙහෙම හිටපු ඒවා ගැනද?” “එහෙම ලියන්නත් හිතෙනවා දැන් නම්” ඔවුන් ඔවුන්ගේ ලෝකයේ බොහෝ වේලා තනිවී සිටියහ. උදේශනීව ගෙනත් ඇරලවා මෙත්ම කෙමිල්ට වහා දුරකථන ඇමතුමක් ගත්තේය. “හෙලෝ” “මචං මං මෙත්ම” “ඇයි මචෝ?” “නෑ බං. මං උදේශනීට මගේ හිතේ තියෙන දේ කියන්න කියලා බැලුවේ” “ගොනෝ. තව මොන හිතේ තියෙන මඟුල් කියන්නද? තොපි දෙන්නා දැනට ඉන්නෙත් බැඳපු උන් දෙන්නෙක් වගේනේ” “නෑ බං. මං තාම ඒකිට ආදරෙයි කියලාවත්, ඒකි මට තාම ආදරෙයි කියලාවත් නෑ” “හරියට ආදරේ කරනවා නම් කිය කිය ඉන් නෑ බං. වචන වල නෙමෙයිනේ ආදරේ තියෙන්නේ” “එහෙම නෙමෙයි බං. එක පාරක් හරි එහෙම කියනකන් හිතට අවුල් බං. උඹටත් තේරෙයි වුන දවසකට” “දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ?” “මගේ උපන්දිනේ බං අනිද්දා. එදාට කියන්න කියලා ඉන්නේ” “හරි. උඹට මගෙන් මොනා හරි උදව්වක් ඕනේ නම් කියපන්. මං කරන්නම්” “උදේශනිට තෑග්ගක් වගේ මොකක් හරි ගන්න ඕනේ. වරෙන් මං එක්ක ගන්න යන්න හෙට” “එළ. මං එන්නම්. ක්ලාස් ඇරිලා යමන් එහෙනම්” “තෑන්ක්ස් මචං” පසුදා ඔවුන් පංති ඇරී ගියේ රන් ආභරණ කඩයකටයි. මෙත්ම ඇයට තෑගි දීමට කරාඹූ යුගලක් ගැනීම නුවණට හුරු යැයි තීරණය කලේය. මුද්දක් දෙන්නට ඔවුන් තවම ලාබාල නිසා ඔහුට එය එතරම් සිතට ඇල්ලූ නැති නිසා කරාඹු යුගලය ගැනීම ගැන කෙමිල්ද සතුටු විය. පසුදා එය දෙන්නේ කෙසේද? දෙන විට කියන්නේ කුමක් ද යන්න ඔහු දහස් වරක් සිතෙන් කල්පනා කරේය. පසුව හොඳ විදියක් සිතට ආ පසු එය සිතෙන් සෑහෙන වරක් කියා නින්දට ගියේය. පසුදා උදෑසන යහළුවන්ගෙන් උපන්දින සුභ පැතුම් සෑහෙන ප්‍රමාණයක් තිබුණද ඇගේ සුභ පැතුම ඒ අතරේ තිබුණේ නැත. ‘හම්බ වුනාම කියන්න හිතන් ඇති’ ඔහු හිත සනසාගත්තේය. උදෑසන 8ට පමණ ජංගම දුරකථනය නාද වනු ඔහුට ඇසිණි. “හෙලෝ මල්ලි” කවුරුන්හෝ එහා පැත්තේ කතා කරන කෙනා හොඳටම අඬනු ඇසිනි. “හෙලෝ, කවුද මේ?” “මල්ලි, මම උදේශනීගේ අක්කා” “කියන්න අක්කේ, ඇයි මේ අඬන්නේ?” “අනේ මල්ලි කොහොම කියන්නද? ඊයේ රෑ උදේශනී ඇක්සිඩන්ට් වෙලා කොළඹ ගෙනාවා” එය ඇසූ මෙත්මගේ සර්වාංඟයම හිරිවැටී ගියේය. “අනේ අක්කේ මගේ කෙල්ලට මොකද?” “දන් නෑ මල්ලී. ඊයේ නුවරින් කොළඹට ඇඩ්මිට් කරා රෑම. අයි සී යූ එකේ” “මං දැන් එනවා අක්කේ” ඔහුට ඇඬෙන්නට විය. ‘අනේ මගෙ කෙල්ල’ ඔහු අද ඇයට පවසන්නට හිටි දේවල් බොඳ වී යන්නාක් මෙන් ඔහුට දැනුනි. ඉබාගාතේ මෙන් පැමිණි ඔහු කොළඹ ඒසී බසයකට නැඟුනේ හොඳ සිහියකින් නොවේ. හිතේ තිබූ පීඩනය නිසා දෝ ඔහුට නින්ද යන්නට ඇත. [CENTER]*****************[/CENTER] “ලෙඩාට සිහිය ඇවිත්. වට පිට බලනවා.” කැඩී කැඩී ඇසුනු වචන පෙළ සිහියට නඟන්න මෙත්ම උත්සහා කරේය. ඔහුගේ හිස පසුපසින් දෙසින් දැඩි කැක්කුමක් ගෙන දුනි. ඒ මදිවට උගුර වේලී කෙළ ගිලින්නට බැරි ගතියක් දැනුණි. දොස්තරවරයෙක් සහ හෙදියන් කිහිප දෙනෙක් සිටිනු පෙනිනි “වතුර” ඔහුට කියා ගැනීමට හැකි වුනේ එපමණකි. “එක පාර වතුර ගොඩක් බොන්න හොඳ නෑ පුතේ. මේ ටික බොන්න එතකන්” කරුණවන්ත කටහඬක් ඇසින. පසුව හැන්දකින් මෙත්මට වතුර ස්වල්පයක් ලැබුණි. සිදු වී ඇති දේ පිළිබඳ ඔහුට සිහි වූයේ ඉන් පසුවයි. “උදේශනී” ඔහු කෑ ගැසුවේය. නමුත් හඬ පිටවූයේ නැත. ඔහුගෙ දෙනෙතින් කඳුලු වැගිරෙන්නට විය.. “කලබල වෙන්න එපා පුතේ.” “කලබල නොවී කොහොමද?” ඔහු හඬන්නට විය “පුතා එදා හදිස්සි වුනා වැඩියි. එදා ඒ ට්‍රොලියේ ගෙනාවේ උදේශනි නෙමෙයි” “ඒත් මං දැක්කනේ එයාගේ අත පහතට වැටෙනවා” “ඒ දැරිවි උදේශනී නෙමෙයි පුතේ.වෙන ගෑණු ළමයෙක්. පුතා කලබලා වුනේ නිකරුනේ ඒ වෙලාවේ. පුතා ඒ උදේශනී කියලා රැවටුන ගෑනු ළමයා බේරගන්න බැරිවුනා. නමුත් උදේශනීට ප්‍රශ්නයක් නෑ” “ඒ කියන්නේ උදේශනී ඉන්නවද තාම?” “ඒ ළමයට දැන් හොඳයි පුතේ. පුතා බය නොවී ඉන්න” “මට බලන්න ඕනේ එයාව” “දවස් තුනක් පුතාට සිහිය තිබ්බේ නෑ. වැටෙද්දී ඔලුව වැදුන නිසා අපි හැමෝම බයවෙලා හිටියේ. ඒ මදිවට පුතාට සිහිය ආවෙත් නෑ” “තව ටිකකින් අම්මලට ඔයාව බලන්න දෙනවා” පැය කිහිපයකට පසුව ඔහුව බැලීමට ඉඩ ලැබිනි. මුලින්ම දුවගෙන ආවේ ඔහුගේ මවයි. ඇගේ දෑස් වලින් කඳූලු කැට වැටෙනු පෙනිණි. “කොහොමද පුතේ දැන්?” “දැන් හොඳයි අම්මේ” “මං දවස් තුනක් සිහි නැතිව හිටියද?” “ඔව් පුතේ. අපි බයවෙලා හිටියේ. ඔලුව වැදිලා තිබ්බ විදියට. අනික පුතා කලබල වෙලා තිබුණෙත් නිකරුණෙ” “මං හිතුවේ ඒ එයාමයි කියලා අම්මේ. ඒ වෙලේ මොනවා වුනාද දන්නෑ” “ඉන්න දැන් එයි ඒ දැරිවිත්” “කෝ තාත්තා?” “තාත්තා ෆෝම්ස් වගයක් ෆිල් කරන්න ගියා ඩොක්ටර් එක්ක.” “මෙත්ම” ඔහුගේ නම ඒ ළයාන්විත කටහඬෙන් අසන්නට ඔහු ආසා කලේ අද ඊයේක නොවේ. ඔහු ඇය දෙස බලා සිටියා විනා කිසිවක් කීවේ නැත. ඇය පැමිණ සිටියේ ඇගේ අක්කා සමඟයි. උදේශනීගේ මව හා පියාද ඔවුන් සමඟ පැමිණ සිටියහ. ඔහුට ලැජ්ජා සිතුනේ එවිටයි. උදේශනීගේ මව පැමිණ මෙත්මගේ ඔලුව අත ගෑවාය. “පුතේ දැන් කොහොමද?” “හොඳයි ඇන්ටි” ඔහු සිනාසෙන්නට වෙර දරමින් පැවසුවේය. “කලබල වුනා නේද?” ඔහු එයට කිසිත් නොකියා ලැජ්ජාශීලී සිනාවක් පෑවේය. “අම්මේ” උදේශනී තම මවට කතා කලාය. පසුව කණට රහසින් කුමක්ද කී පසු ඇගේ මව, පියාව සහ අක්කාව රැගෙන එළියට ගියාය. ඇයට තනිවන්නට වුවමනා ඇත. මෙත්මගේ මවද එය තේරුම් ගන්නට ඇත. ඇය මෙත්ම දෙස බලා අමුතුවට සිනාසී උදේශනීගේද හිතා අතගාගෙන එළියට ගියාය. මෙත්ම ලඟට පැමිණි උදේශනී ඇගේ හිස ඔහුගේ පපුවේ හොවා හඬන්නට පටන් ගත්තාය. ඇය දුක සිර කරගෙන ඉන්නට ඇත. සෑහෙන්න වෙලාවක් යනතුරුම ඇය හැඬුවාය. “ඇති දැන්. මට මූණ බලන්න ඕනේ” ඇය කඳුලු පිසදා මෙත්ම දෙස බැලුවාය. "ඇයි මේ රෝද පුටුවේ?" "සතියක් යනකන් ඇවිදින්න එපා කිව්වා" “මම හිතුවා මම ජීවත් වෙන එකක් නෑ කියලා” මෙත්ම පැවසුවේය “මේ ඉන්නේ හොඳට ජීවත් වෙලා ඔයා” “මගේ ජීවිතේ ඔයා. ඒකෙන් තේරුම් ගන්න කිව්ව දේ” ඇගේ නිල් නෙතු යුවල හකුළුවා මුහුණ ඇල කර ලස්සනට සිනාසුනාය. පසුව ඇය නැවත ආදරයෙන් මෙත්මගේ පපුවේ හිස හොවා ගත්තාය. [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]~නිල් නෙතු නිමා විය~[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]කතාව ලිවීමේදී මා දිරිගැන්වූ සියලු දෙනාටත්, පරක්කු වෙච්ච එකට බැන බැන මේක දාන්න මාව උනන්දු කල හැම දෙනාටත්, කමෙන්ටුවකින් සහයෝගය දුන් සියලු දෙනාටත්. එකී නොකී අන් හැම දෙනාටත් මාගෙ හද පිරි තුතු. තවත් කතාවකින් හමු වෙමු[/CENTER][/COLOR][/SIZE] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom