Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවනට උපකාරී කුසල කර්මයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවනට උපකාරී කුසල කර්මයක්

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.

ස්වභාවයෙන් අකුසල් උල්පතක් වන ඔබ ගන්නා සෑම ආහාර වේලක්ම, නිවනට උපකාරී කුසල කර්මයක් බවට පත් කර ගන්න කැමතිද?

[ATTACH]68326[/ATTACH]

ලෝකයේ ජීවත් වන අති බහුතරයක් සත්වයෝම ආහාරය සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ට යොදා ගෙන සිටින බරහසක් නොවේ. තමා ජීවත් වන්නේ කෑමටම යයි විශ්වාස කිරීමට තරම් ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි එදිනෙදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්නෙමු, දියර ආහාර අපි පානය කරන්නෙමු, අයිස් ක්‍රීම් වැනි මෙළෙක් ආහාර වර්ග දිව ගා පරිභෝග කරන්නෙමු. මේ කුමන ආකාරයෙන් පවතින ආහාරයකට වුවද තිලෝගුරු ශ්‍රී සම්බුදු පියාණන් යොදා ඇත්තේ එක් වර්ගීකරණයක් පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි.

යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ ගස්සන්නෙමු.

ආහාරවර්ගය -> උපදවන දෙය

1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ.

2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි

3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප, අරූප භවයේ) ප්‍රතිසන්ධියයි.

4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි

අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි.

කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස් ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය.

ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින් කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින් මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.

ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්රත්යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි.

ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන් ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි.

“මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!.

මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය.

ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය

ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය

ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය.

මාගේ මේ ආහාර ප්රත්යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා!

source - dahamvila6

[QUOTE="Glonass16, post: 21611885, member: 559002"] [b]නිවනට උපකාරී කුසල කර්මයක්[/b] [CENTER][SIZE="2"]:yes::yes:මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.:yes::yes:[/SIZE] [CENTER] [/CENTER] [B][SIZE="4"]ස්වභාවයෙන් අකුසල් උල්පතක් වන ඔබ ගන්නා සෑම ආහාර වේලක්ම, නිවනට උපකාරී කුසල කර්මයක් බවට පත් කර ගන්න කැමතිද? :cool:[/SIZE][/B] [SIZE="3"] [ATTACH]68326._xfImport[/ATTACH][/SIZE][/CENTER][SIZE="3"] ලෝකයේ ජීවත් වන අති බහුතරයක් සත්වයෝම ආහාරය සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ට යොදා ගෙන සිටින බරහසක් නොවේ. තමා ජීවත් වන්නේ කෑමටම යයි විශ්වාස කිරීමට තරම් ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි එදිනෙදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්නෙමු, දියර ආහාර අපි පානය කරන්නෙමු, අයිස් ක්‍රීම් වැනි මෙළෙක් ආහාර වර්ග දිව ගා පරිභෝග කරන්නෙමු. මේ කුමන ආකාරයෙන් පවතින ආහාරයකට වුවද තිලෝගුරු ශ්‍රී සම්බුදු පියාණන් යොදා ඇත්තේ එක් වර්ගීකරණයක් පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි. යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ ගස්සන්නෙමු. ආහාරවර්ගය -> උපදවන දෙය 1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ. 2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි 3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප, අරූප භවයේ) ප්‍රතිසන්ධියයි. 4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි. කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස් ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය. ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින් කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින් මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි. ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්රත්යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි. ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන් ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි. “මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!. මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය. මාගේ මේ ආහාර ප්රත්යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා! [/SIZE] source - dahamvila6 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom