Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ප්රත්යක්ෂ අවබෝධය අගය කරන නමුත් හුදෙක් පිළිගැනීමෙන් ක්‍රියා කරන බවක් පෙනෙනවා. ඉහත ඇති කරුණු ලියුවේ ඔබේම ප්රත්යක්ෂ අවබෝධයකින් නම් කමක් නැහැ (එසේ නොවේයැයි කියන්න මම ඔබ ගැන දන්නෙත් නැහැනේ). නමුත් කිසිම හේතු විස්තරයක් නැතිව "උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත." යැයි ඔබ පවසා ඇති නිසා මම අනුමාන කරනවා ඔබ බුදු පියානන් පැවසූ "යමෙක් කියන දේ කියන පමනින් පිළිගැනීම කරන්න එපා" යැයි යන්න නොසලකා හැර හුදෙක් පිළිගැනීම නිසාම "උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත." යැයි ප්‍රකාශ කරන්න ඇති බව.

මගේ අනුමානය හරි හෝ වැරදි විය හැකියී. එනමුත් මම බුදු පියානන් පැවසූ ආකාරයට දහම් වටහා ගන්න උත්සාහ ගන්නා නිසා හුදෙක් අන් අය පිළිගත්තාට මේ දන්කන්දේ ධම්මරතන හිමියන් පවසන දහම් නිර්මල බුදු දහමයැයි මම පිළිගන්නේ නැහැ. මම ගලපා බලා තමයි තීරනය කරන්නේ.

ඉතින් මේ නිසා මම මේ හිමියන් විසින් රචිත ඔබ ගෙන හැර දැක්වූ "නාම - රූප දැක නිවනට" යන 2008 වසරේ මුද්‍රිත පොත මුල සිට අගටම කියවා ත්‍රිපීටක දහම් සමග ගැලපේදැයි බැලුවා. මම මේ පොතට වඩාත් ගැලපෙන නමක් ලෙස "නාම - රූප නොදැක නිරයට" යන නම වඩා උචිත බව කියන්න කැමතියී.

මේසා බොරු සාගරයක් සදහන් පොතක් කියෙව්වාමයි. මේක හෙන ගහන අපරාධයක්. මම "හෙන ගහන අපරාධයක්" ලෙස කියන්නේ මේ විපතට පත් හිමියන්ට හෙන ගැසියන් යන අදහසින් නොවෙයි. විපතට පත් වූවන් ඉන් මුදවා ගන්නවා විනා බුදු පියානන්ගේ දහම් වෙන කුමකටද? යම් දවසක මේ හිමියන් තමනුත් පටලවාගෙන සද්ධර්මය මේ ආකාරයට ප්‍රකාශ කොට අන් බොහෝ හුදෙක් තර්කයෙන් හෝ පිළිගැනීමෙන් හෝ සත්‍ය සත්‍ය ලෙස දැකිය හැකියැයි හිතනා පිරිසක් හෝ ත්‍රිපිටකයේ කුමක් ඇත්දැයි නොදන්නා අයට ධර්මයය යැයි අධර්මයයක්ම ප්‍රකාශ කිරීම තමන් කර ඇතැයි තේරුම් ගත්තොත් මේ හිමියන්ම තමන් කර ඇති දේ බරපතල කම දැක හෙන ගැසීමෙන් යම් දුකකට පත්වෙයිනම් එය නිරයේ වැටී මහත් දුක් විදීමට වඩා සැපක්මයැයි සිතාවි.

හැබැයි මේ වසර 2008 ටේ මුද්‍රිත පොතක්. ඉතින් මේ හිමියන් මෙකල නිවැරදි බවකට පැමිණ ඉන්න පුළුවන්. ඒ නිසා කරුණු හරි හැටි නොදැන චෝදනා කිරීම සුදුසු නැහැ. හැබැයි කලින් දැක්වූ නාම - රූප ගැන MP3 එක අවුල් (ඒකත් පරණ එකක්). මේ "නාම - රූප දැක නිවනට" යන පරණ පොතේ ඇති කරුණු ඊටත් වඩා අවුල්. මම අවුල් කියන්නේ මේ පොතෙත් ඇත්තේ ත්‍රිපිටක ධර්මයට පටහැනි සහ පටලැවීමෙන් හිතා ගත් බොහෝම ලාමක කාරනාවන් වල එකතුවක් නිසා. සමහරක් තැන් වල ත්‍රිපිටක දහමට ගැලපෙන සහ පටලැවීමක් නැති දහම් කරුණු අඩංගුයි. හැබැයි මේ පොතේ ඇති බොහෝ කරුණු ලාමක, අවුල්, පටලවාගත් නිසා කියන කරුණු. ලියා ඇති ආකාරයට මේ හිමියන් නිවන් අවබෝධ කලා යැයි ඇති හැගීමකින් ලියා ඇති බවක් පෙනනවා. එහෙම හිතුවානම් ඉතින් විපතකටම තමයි පත්වී ඇත්තේ. එය එසේ යැයි විමසීමක් නොකර පිළිගන්නා අයත් අධර්මයක්ම තමයි ඉතින් ධර්මය යැයි පිළිගන්නේ.

කැමති කෙනෙක් විමසීමක් නොකර හුදෙක් පිළිගැනීම සුදුසු යැයි සිතනවා නම් එය කර ගත්තාට මට කරන්න දෙයක් නැහැ. නමුත් කැමති කෙනෙන් බුදු පියානන් පැවසූ ආකාරයට විමසා බලන්න උත්සාහ කරනවා නම් මේ හිමියන් කලකට පෙර (වසර 6 කට පමණ පෙර) පවසා ඇති මේ දහම් කරුණු කිනම් හේතු නිසා ලාමක දැයි පෙන්වා දීම සුදුසු යැයි මම සිතනවා. පංච උපාදාන ස්කන්ධය අවුල්ව දේශනා කර ඇති නිසා නිවන් අවබෝධය කෙසේ වෙතත් සෝවාන් ඵලයවත් මෙම හිමියන් ලබා නොගෙන ඇති බව මම කියන්න කැමතියී. මේ අවුල්කර ගැනීම ප්රත්යක්ෂ අවබෝධය යැයි සිතන අයට හුදෙක් පිළිගැනීමෙන් මිසක් අවබෝධයෙන් එසේ කියන්න හැකියාවක් නැහැ.

මනා සේ බුදු පියානන් දේශනා කර ඇති සද්ධර්මය පටලවාගත්විට සිදුවන එක දෙයක් තමයි පැටලීම නිසා තමන් එක ආකාරයකට කියන දේ තමන් විසින්ම වෙනත් ආකාරයට ප්‍රතික්ෂේප කිරීම. බොහෝ විට සිදුවන්නේ යම් කරුණක් යම් වචන ගොන්නක් පාවිච්චි කර යම් අරුතක් ඇති ලෙස පැවසීමත්, එම කරුණම අනවබෝධය නිසා වෙනත් වචන ගොන්නක් පාවිච්චි කර කලින් පැවසූ අරුත නැතිවී යන ලෙස පැවසීමත්. අනවබෝධය නිසා තමන් විසින් හරි යැයි කී දේම තමන් විසින්ම වැරදියැයි කියන බවක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. පටලවා ගත් අරුත් ඇති වචන හරබයක් පමණයි සිදුවන්නේ. පැහැදිලි අවබෝධයක් හෝ විමසා බැලීමක් නොකර කියන කොයි දේත් හරියැයි සිතන අය ඉතින් ඒ පටලැවිල්ල ප්රත්යක්ෂ අවබෝධය ලෙස පිළිගන්නවා. ඉතින් ඒ අයත් පටලැවෙනවා.

හැබැයි අරුත් පැත්තක තිබ්බත් මේ පොත කියවන විට වචනයෙනුත් පටලැවීම් දකින්න පුළුවන්. මේ බලන්න:

පිටු අංක 33 (PDF 20): ඒ නිසා සංඥාව පහළ වීමට හේතු පාදක වන ප්‍රධානතම කරුණ තමයි අවිද්‍යාව. ඵස්ස ඒකට ළඟින්ම හේතු වන උපකාර වන ධර්මය.

පිටු අංක 46 (PDF 26): සංඥාවත් හේතූන් නිසයි හට ගන්නේ. ප්‍රධාන වශයෙන් ඵස්ස තිබෙන්න ඕනෑ. අවිද්‍යාව තිබෙන්න ඕනෑ කියලා කලින් මං කීවා.

යමෙක් මෙසේ සදහන් කරන විට ප්රත්යක්ෂ අවබෝධයෙන් කියන්නේ යැයි කෙනෙක් හිතනවා නම් මුළාවක්මයි. මොකද උඩ ප්‍රකාශය හරිනම් යට ප්‍රකාශය වැරදියී. යට එක හරිනම් උඩ එක වැරදියී. ඉතින් මේවාට ප්රත්යක්ෂ අවබෝධය කියන අය තේරුම් ගන්න ඕනෑ යතාභූත ඥානය කෙසේ වෙතත් සාමාන්‍ය අවබෝධයෙන්වත් දහම් ගලපා බලා සුළුවෙන් හෝ නිවැරදි බුදු දහම කුමක්දැයි වටහාගන්න. තේරෙනවා ඇතිනේ කියන්නන් කියන පමනින් පිළිගන්න ගියාම සිද්ධ වෙන දේ. නුවනැත්තෝ වචනයක් වැරදුනොත් බුදු දහමට සිදුවන්නේ කුමක්දැයි මේ උදාහරනය දැක හෝ අවබෝධ කර ගනිත්වා! පටලැව්වොත් අමිල බුදු දහම තමන් විසින් නසනවා පමණක් නොවෙයි අන් අයට එය අවබෝධයට ඇති මාර්ගයත් අවුල් කර දමනවා. ක්‍රියා කරන්නේ තමන් අන් අයට හොදක් කරනවා කියලා හිතාගෙන තමයි. නමුත් නොදැනුවත්කම නිසා වෙන්නේ කුමක්ද? තමනුත් විපතේ, අන් බොහෝ අයත් විපතේ.

මේ හිමියන් මහා හෑල්ලක් ප්‍රකාශ කරලා තියෙන්නේ පිටු අංක 33නේ ආකාරය පදනම් කරගෙන. එනම් සංඥාවට ප්‍රධාන හේතුව අවිද්‍යාව යැයි ඉදිරිපත් කිරීමෙන්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පහල කතාව (පිටු අංක 46) මුද්‍රණ දෝෂයක් නිසා වෙන්න ඇතී කියලා. එය විය හැකියී තමයි. නමුත් බුදු පියානන් දක්වන්නේ යට එකම තමයි නිවැරදි කියා (එනම් යට එක නොවෙයි වැරදි වාක්‍යය). ත්‍රිපිටකයේ සූත්‍ර බොහෝ ගනනක (සමහරක් විට තැන් 50-100කටත් වඩා ඇති) දැක්වෙන්නේ සංඥාවට හේතුව නම් ඵස්ස ලෙස. සංඥාවට හේතුව ලෙස අවිද්‍යාව යැයි ප්‍රකාශ කිරීම වැරදියැයි මට හිතෙන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පාදයේ පුරුක් ස්වභාවය නිසා (එකකට එකක් හේතු ලෙස පෙළ ගැසුනු කරුණු ගනනාවක් දක්වන නිසා - transitive dependency නිසා). බොහෝ සූත්‍ර වල මුල ඇත්තේ අවිද්‍යාව (අවිද්‍යාවටත් හේතු දක්වන සූත්‍ර තියෙනවා). නමුත් පංච උපාදාන ස්කන්ධයේ සංඥාවට හේතුව ඵස්ස යැයිද හේතු ඵල ලෙසින් පංච උපාදාන ස්කන්ධය නුවනින් විමසීමේදී එසේ විමසන්න යැයි බුදු පියානන් සදහන් කොට තියෙනවා. මෙතන පැටළුනොත් නාම/රූප සහ විඥානය ගලපාගන්න අපහසු වෙනවා. සංඥාවට සමුදය වන කරුන පටලවා ගත්තාම ඵස්ස නිරෝධයෙන් සංඥාව නිරෝධය වන බවත් පටලවා ගන්නවා. ඉතින් සද්ධර්මයේ නැති කාරනාම ගැන හෑලි ලිවීම තමයි සිදුවන්නේ. අන්තිමට නාම/රූප ක්‍රියා කාරිත්වය මේ යැයි පටලැවිල්ලක්ම ප්‍රකාශ කරනවා. අන්තිමට අපට තේරුම් ගන්න ඉතිරි වන්නේ අවිද්‍යාව නිසා තමයි ඔක්කෝම වන්නේ, හැබැයි ඒ කියන අවිද්‍යාව මොකක්ද කියලා අපට කියා ගන්න, හිතාගන්න, අවබෝධ කරගන්න බැරිවෙනවා. මොකද බුදු පියානන් මනා සේ දේශනා කල සද්ධර්මය අනවබෝධය නිසා විහින් විනාස කර ගැනීම හේතුවෙන්.

මේ උඩ කාරනාව හරි යැයි හිතාගෙන මේ හිමියන් රහතන් වහන්සේට සංඥාව නැතය (මොකද අවිද්‍යාව ප්‍රහානය කර ඇති නිසා), නමුත් උත්සාහයක් ගත්තොත් සංඥාව ඇති කර ගත හැකියැයි පවසා තියෙනවා. ඒ කියන්නේ මෙතුමන් කියන ආකාරයට අවිද්‍යාව නැති කරගත් කෙනෙක් උත්සාහ කලොත් නැවත අවිද්‍යාව ඇතිකරගෙන සංඥාව ඇතිකර ගන්න පුළුවන් වෙන්න ඕනෑ - මොකද මේ හිමියන් කියන්නේ සංඥාව පහළ වීමට ප්‍රධානම කාරනය අවිද්‍යාව කියලානේ. මේ පටලවාගෙන කියන ආකාරයට බුදු පියානන් ඇතුළු රහතුන් වහන්සේලා පළමුව අවිද්‍යාව ප්‍රහානය කරලා ඊට පසුව නැවත අවිද්‍යාව ඇතිකරගෙන තමයි දහම් දෙසලා තියෙන්නේ! පුළුවන්ද මෙහෙම ලාමක කතා ගොතාගෙන මනා සේ බුදු පියානන් දෙසා ඇති සද්ධර්මය පවතිත්දී ඊට ප්‍රතිවිරුද දේවල් පවසන්න? පටලවා ගත්තෝ පටලවාගැනීම ප්‍රකාශ කරද්දී බුදු පියානන්ම පැවසූ ආකාරයට විමසා බලන අයටම තමයි මේ පටලවාගැනීමක් කරගෙන ඇත්තේ කියලා දකින්න පුළුවන්. ඉතින් පෙර ඔබ හිතුවානම් කියන්නෝ කියන්නන් වාලේ පිළිගත්තොත් හරි කියලා, දැන්වත් තේරුම් ගන්න ඇයි බුදු පියානන් එසේ නොකරන්න යැයි පවසා ඇත්තේ කියලා. මේ මම කියන දේවලුත් එලෙසම ඔබ විමසා බැලුවේ නැත්නම් මම හරිද, වැරදීද කියලා තේරුම් ගැනීම කෙසේ වෙතත් තමන්ට සද්ධර්මය අවබෝධ කර ගන්න නම් බැහැ. මොකද නුවනින් විමසීම ඕනෑමයි තමන් ගොඩ යන්න නම්. බුදු පියානන් පැවසූ නිවැරදිම දේ උවත් හුදෙක් පිළිගත්තාට තමන් ගොඩ යන්නේ නැහැ. විමසීමෙන්ම තමන් විසින් දැක්කොත් තමයි, අඩු නැතිව අවබෝධ කලොත් තමයි ගොඩ යන්න පුළුවන් වන්නේ.

මේ අවුල් සහගත නාම/රූප කතන්දරේ සත්වයන්ගේ සලායතනයන්ගේ අන්තිම ආයතනය වන මනායතනයේ ස්ඵර්ෂය හැර දමා දහම් විස්තර කර ඇත්තේ. මොකද පටලැවීම නිසා මනායතනයේ ස්ඵර්ෂය නිසා හටගන්නා කරුණුත් ස්ඵර්ෂය නැතිව ඇතිවන ලෙසට මේ හිමියන් දේශනා කර ඇත්තේ. උදාහරනයකට මේ හිමියන් පවසනවා විඥානය නිසා සංඥාව ඇතිවන බවත්, එම සංඥාවට අනුව වේදනාව ඇතිවන බවත්, එම වේදනාව නිසා ආපහු සංඥාව ඇතිවන බවත් (මෙන්න සංඥාවට ඉහත හේතු වලට අමතරව තුන් වන හේතුවකුත් මේ හිමියන් දක්වනවා - එනම් වේදනාව නිසා සංඥාව ඇතිවන ලෙස) ආදී ලෙසින්. අහෝ පටලවා ගත් නිසා මේ අන්තිමට කියා ඇත්තේ (එනම් වේදනාව නිසා සංඥාව ඇතිවන බව පැවසීම) මුල පැටලීම නිසා ඉන් පසුවත් පටලැවීමක්! මේ ගෞතම බුදුන් දෙසූ සද්ධර්මය නම් නොවේ!

එමපනක්යෑ... මේ පටලැවිල්ලට මේ හිමියන්ට පටලවා ගත් සාක්කිත් ඉදිරිපත් කර තියෙනවා. පිටු අංක 30 (PDF 19) හි මෙසේ තියෙනවා: "යං වේදේති, තං සඤ්ජානාති" ලෙස. මේ හිමියන් මේ ගෙන හැර දක්වන්නේ මජ්ජිම නිකායේ පළමු පොතේ මධුපිණ්ඩික සූත්‍රයේ වදන් පෙලක්. මෙතන වේදනාව සහ සංඥාව අතර ඇති හේතු ඵල ස්වභාවය දැක්වෙන්නේ නැහැ. එනම් මේ වදන් පෙලින් වේදනාව නිසා සංඥාව ඇතිවන බව නොවෙයි කියවෙන්නේ. මේ කියවෙන්නේ වේදනාවක් ඇත්නම් සංඥාවක් ඇති බව (වේදනාවේ පැනවීමක් ඇති විට සංඥාවේ පැනවීමක් ඇති බව). උපමාවක් දෙන්නම්: ඔබ පුතා යැයි සංකල්පයක් ඇතැයි සිතුවොත් ඔබට පියා යැයි සංකල්පයකුත් උවමනා වෙනවා. එනම් පුතෙක් පනවනවාද, පියෙකුත් පනවනවා (මව ගැන උනත් හිතන්න පුළුවන්). ඉතින් වචන මෙහෙම පිළිවෙලට කිව්වා කියලා, මෙසේ පැනවීමක් කල පමනින් කෙනෙක් හිතුවොත් මේ කියන්නේ පුතා නිසා පියා හටගන්නවා කියලා ඒ මොන මුලාවක්ද? මේ හිමියන් වේදනාව නිසා සංඥාව ඇතිවන බව මේ පටලවාගැනීම නිසයි පවසා තිබෙන්නේ.

මජ්ජිම නිකායේ පළමු පොතේම මහා වේදල්ල සූත්රයේත් මේ වදන් වලට ආසන්න වදන් පෙළක් පවතිනවා. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ පාලියෙන් එය සදහන්ව ඇත්තේ "යඤ්චාවුසෝ වෙදෙති තං සඤ්ජානාති, යං සඤ්ජානාති තං විජානාති" ලෙසින් (ආමන්ත්‍රනයක් සමගයි "යඤ්චාවුසෝ" යන වචනය සැකසී ඇත්තේ යැයි මගේ වැටහීමයි. මගේ පාලි අවබෝධය සුළුයි). මෙතන සාකච්චා වන්නේ වේදනාවත්, සංඥාවත්, විඥානයත් කෙසේ වටහා ගත යුතුද යන කරුනයි. මෙය සිංහල අරුතින් "යමක් විදීද එය හඳුනයි, යමක් හදුනයිද එය දැනෙයි" ලෙසින් වටහා ගත හැකියී (එනම් යම් අරමුණක් වේදනාවෙන් විදීද එම අරමුණ සංඥාවෙන් හඳුනා ගනී, යම් අරමුණක් සංඥාවෙන් හඳුනා ගනීද විඥානයෙන් එම අරමුණ දැනෙයි).

මහා වේදල්ල සූත්‍රයේ එම ස්ථානයේම තවත් සදහන් වෙනවා මේ කාරනා තුන (වේදනා, සංඥා, විඥාන) එක්වයි පවතින්නේ (සංසට්ඨා), වෙන්ව (විසංසට්ඨා) නොවෙයි කියලා, එසේම වෙන්කොට වෙනස පනවන්නත් බැරි බව සදහන්. කාරනා තුන වෙන් කරන්න බැරිනම්, එක්ව පවතින්නේ නම්, ඉතින් කොහොමද එකකට පස්සේ අනික ඇතිවෙනවා කියන්නේ? ඉතින් වේදනාවට පස්සේ සංඥාව ඇතිවෙනවා කීම හරියන්නේත් නැහැ (මේ වේදනාව නිසා සංඥාව ඇතිවනවා කියා කීමට අමතරව මේ හිමියන්ගේ පොතේ කියා ඇති කරුනක්).

පංච උපාදාන ස්කන්ධය ගැන සූත්‍ර වල ඇත්තේ වේදනා, සංඥා සහ සංකාර තුනටම ඵස්ස හේතුය කියලා, ඊට අමතරව විඥානයට හේතුව නාම/රූප කියලා. මේ ස්වාමීන් වහන්සේ විඥානය නාම/රූප වලට දාලා කියන නිසා මේ හිමියන්ට ඒ කරුනින් ඉතින් ත්‍රිපිටකයේ ඇති ලෙස විඥානයට හේතුව නාම/රූප කියලා කියන්නත් බැහැනේ (මේ හිමියන් ඒ කාරනය ගැන සදහනක්වත් කරලා නැහැ - පටලවාගෙන ඉන්නා නිසා කියුවොත් පටලැවීමට ප්‍රතිවිරුද්ධ වනවා). එලෙසම මේ හිමියන්ට සද්ධර්මයේ සදහන් ලෙස නාම/රූප වලට හේතුව විඥානය කියා කියන්නත් බැහැ.

ඉතින් නාම කියන්නේ සිත ලෙස හිතාගෙන, නාම තුල විඥානය ඇතැයි කියාත් හිතාගෙන, තවත් බොහෝ තැනුන් පටලවාගෙන නාම/රූප ක්‍රියාකාරිත්වය යැයි මහත් පටලැවිල්ලක් තමයි මේ පොතේ සදහන් වන්නේ. අරෙහෙන් මෙහෙන් පටලවලා වචන හරභයක් කරලා පැහැදිලි කරගන්න උත්සාහ කරන කෙනාත් නන්නත්තාර වෙන කතාවක් තමයි මේ හිමියන් තමනුත් පටලවාගෙන නාම/රූප ක්‍රියා කාරිත්වය ලෙස අන් අයට පවසන්නේ. දහම්හි අරුත් තේරුම් ගන්න අපහසු අයට මම මේ ස්වාමීන් වහන්සේගේම චවන වලින් එතුමන්ම තමන් කියූ දේට ප්‍රතිවිරුද්ධ දේ ප්‍රකාශ කරනවා කියාත් පෙන්වා දුන්නානේ. ඉතින් කවුරුහරි හිතුවානම් ප්රත්යක්ෂ අවබෝධය මෙයයි කියලා මම නම් මේකට කියන්නේ ප්රත්යක්ෂ පටලවාගැනීම කියලා. ඉතින් ඔහොම ප්රත්යක්ෂ පටලවාගැනීම කරගන්නා අය නිවන් දැක්කාය, මෙයයි නිවන් මග කියලා හිතුවානම් ඒ පාරේ ගියහම යන්නේ කොහාටද? යන අය හැමෝම යන්නේ වල පල්ලට තමයි.

මේ හිමියන් අවිද්‍යාව ප්‍රහානයෙන් විද්‍යාව අවබෝධ කලා යැයි පවසා ඇති තවත් බොහෝ කරුණු හරිම ලාමක කරුණු. උදාහරනයකට "කෙස් ගත්තොත් එහෙම, සත්‍ය වශයෙන් කෙස් කියලා දෙයක් නැහැ" ආදී ලෙසින් පටන් ගෙන නාම/රූප සියල්ල සංඥා ලෙස ශූන්‍යතාවය තෙක් විස්තර කරගෙන ගොස් එසේ දැකීම (එනම් සියල්ල සංඥා ලෙස තේරුම් ගැනීම) අවබෝධය ලබා ගැනීමයි යන ආකාරයට තමයි පවසා තියෙන්නේ. ලොව සියළු දේ සත්වයින් වටහා ගන්නේ සංඥා වලින් බව ඇත්ත. නමුත් එයයි බුදු පියානන් පැවසූ සතයය, එයයි බුදු පියානන් අපට අවබෝධ කරගන්න කියා පෙන්වා දුන්නේ, එයයි අවබෝධ කල යුත්තේ කියා හිතුවොත් ඒ නම් උත්තරීතරම ලාමක කාරනාවක්. මොකද ඔය කාරනාව සරල අවබෝධයක් තියෙන අයට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුළුවන් කරුනක්. ඕකට ආර්යය අෂ්ඨාංගික මාර්ය වඩන්න ඕනෑ නැහැ. හැබැයි ඔය කරුනවත් තේරුම් ගන්න බැරි අයනම් සමාජයේ ඉන්නවා.

තව නම් මට මේ පොතේ සදහන් පටලැවිලි බොහෝ පෙන්වා දිය හැකියී. සැකෙවන් තවත් කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්.

ශූන්‍යතාවය ගැන සදහන් කිරීමේදී එය කරා යන ගමනේදී රූපයේ නිවීම සහිත, නමුත් පසුව නාමයේ නිවීමක් මේ හිමියන් පවසනවා. සද්ධර්මයේ සදහන් වන්නේ නාම/රූප යන යුගලයේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය ලෙස, අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින බව. එසේම එකක් නැතිවුවොත් අනික පවතින්නේ නැතැයි පවසා තිබෙනවා. ඉතින් මේ හිමියන්ගේ රූපයේ නිවීම පළමුව කර පසුව නාමයේ නිවීම කරගැනීම සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ.

එසේම ත්රිලක්ෂනය ගැන සදහන් කරුණු වලදී මේ දුක යන වචනය ගැන පැහැදිලි අවබෝධයකින් නොවෙයි ලියලා තියෙන්නේ. සිංහෙලෙන් අපි දුක යැයි එක වචනයක් භාවිතා කලාට සද්ධර්මයේ දුක්ඛ ආර්යය සත්‍යය, දුක්ඛ ලක්ෂණය (ත්රිලක්ෂණයේ සදහන් ලෙස), දුක් වේදනාව ආදී ලෙසින් දැක්වෙනවා. මේ කාරනා තුන එකිනෙකට වෙනස් අරුත් තුනකින් යුක්තයි. පටලවා ගැනීමෙන් ප්‍රකාශ කරන නිසා මේ හිමියන් දුක්ඛ ආර්යය සත්‍යය සහ දුක්ඛ ලක්ෂණය පැහැදිලි කිරීමත් වචන හරභයක් පමණයි. අරකත් මේක, මේකත් අරක ආදී ලෙසින් තමයි මේ කරුණු තුන විස්තර කර ඇත්තේ. බුදු පියානන් මනා සේ බෙදා වෙන්කර ගැලපුම් සහිතව උදාහරන සහිතව, උපමා සහිතව දේශනා කර ඇති මේ කාරනාවන්හි වෙනස තේරුම් නොගත්තාද, එකක්ම ලෙස දැක්කාද, එසේ අවුලක් ප්‍රකාශ කරාද, ඉතින් මොන ප්රත්යක්ෂ අවබෝධයක්ද? ඉතින් දුක්ඛ ආර්යය සත්‍යය අවබෝධ කලා යැයි කෙසේ සිතන්නද? දුක්ඛ ලක්ෂණය පැහැදිලිව දන්නේ යැයි කෙසේ සිතන්නද? දුක් වේදනාවත් මම මීට ඉහත කී අයුරින් පටලවාගෙන ඇති බවක්මයි පෙනෙන්නේ. ඉතින් අනවබෝධය තුලින් අවුලක් තමයි ප්‍රකාශ කරන්නේ.

තවත් කරුනක් නම් සිතුවිලි යන වචනය භාවිතා කර ඇති ආකාරය. විටෙක එය සංඥා යන අරුතින් භාවිතා කර තිබෙනවා. තව අවස්ථාවක එය සංකාර ලෙස හඳුන්වා තිබෙනවා. තවත් අවස්ථාවක එය නාම ලෙස හඳුන්වා තිබෙනවා. නාම තුල සංස්කාර (චේතනා) ඇතිබව කියා තියෙනවා (එනම් වාක්‍ය ගලපපුවාම සිතුවිලි තුල සිතුවිලි ඇතිබව බව කියා ඇත්තේ). නාම යනු සිත ලෙස දක්වා තිබෙනවා. එතකොට කුමක්ද සිතුවිලි කියන්නේ? ඔන්න ඔය විදිහට කුමකින් කුමක් දැක්වේදැයි පැහැදිලිව නොදැන ඔක්කෝම පටලවාගෙන අධර්මයක්ම දේශනා කරනවා. උපමාවකින් පැහැදිලි කොලොත් හිතන්නකෝ බුදු පියානන් ජලාශයක පතුල දැකිය හැකි පරිදි ජලයේ පැහැදිලි බව ඇතිකරගත හැකි ක්‍රමයක් කීවා කියා. මේ සිදුවන්නේ එම පැහැදිලි ක්‍රමය තිබියදී බුදු පියානන් පැවසුවේ මෙය යැයි ජලය බොර කර දැමීම. පෙනෙයිද පතුල? ජලය බොර කර එයයි අවබෝධය ලෙස දැක්වුවොත් පතුල ගැන බුදු පියානන් පවසා ඇත්තේ යම් ආකාරයකටදැයි නොදන්නා අය බොර දියේ විනිවිද නොපෙනීම (එනම් අවිද්‍යාව) අවබෝධය ලැබීම (එනම් විද්‍යාව) යැයි වරදවා වටහා ගන්නවා. ඔන්න ඔහොමයි කියන්නන් කියන වාලේ පිළිගන්න යන අයට වෙන්නේ. අන්තිමට ඔවුන් විද්‍යාව යැයි අවිද්‍යාවක්ම පිළිගන්නවා.

තවත් නම් මට ලියන්න පුළුවන්. නමුත් මේ ප්‍රමානවත් යැයි මම හිතනවා. ඉතින් අනවබෝධයෙන් මේ පොත කියවන අයටත්, MP3 අසන අයටත් සොරි තමයි ඉතින්. වැඩි අවබෝධයකින් නොවේ නම් ඔබ කියවන්නේ ඔබ මේ අවුල් ලෙස සද්ධර්මය යැයි දේශනා කර ඇති අධර්මයේ පැටලෙනවාමයි. ඔබේ යම් හැකියාවක් තිබුනාද දහම් අවබෝධයට එය මොට්ට වීමක් තමයි සිද්ධ වෙන්නේ. එනිසා කියවීම නම් සුදුසු නැහැ. නමුත් විමසන නුවනින් යුතුනම් ත්‍රිපිටකයත් භාවිතා කර අන් අවබෝධයක් ඇතැයි ඔබ හිතන අයගේත් උපකාරය ඇතිව පවසා ඇතිදේ නිවැරදිදැයි විමසාම අවබෝධකරගන්නවා යැයි හිතනවා නම් කියවන්න. නැත්නම් ඔබත් මේ අනවබෝධයේ පැටලෙනවා.

ඉතින් මේ නිර්මල බුදු දහම යැයි පටලවා ගැනීමක් අන් අයටත් පෙන්වා දෙය අයට අනාගතයේ තමන්ව දුකේ වැටුනාම තරුම තමයි පෙනෙන්නේ

විමසීමෙන් දහම් අවබෝධයට යොමුවන්න. මේ හිමියන් ගැනත් වෛරී සිත් ඇතිකරගන්න එපා. සද්ධර්මය සියුම්. මෙකල්හි අවබෝධයක් ලබා ගැනීමට දැඩි උත්සාහ කරන්න ඕනෑ. බොහෝ තැන් වල පැටලෙනවා. ඒ නිසා මේ හිමියනුත් සද්ධර්මය අවබෝධ කර ගැනීමට ගත් දැඩි උත්සාහයකදී විපතට පත්වී ඇති බව දකින්න. විපතට පත්වූවන්ට වෛර කිරීම නොවෙයි සුදුසු. ඔවුන්ට සද්ධර්මය ගෙන හැර පෑමමයි කල යුත්තේ. එතුලින්ම ඔවුන් අවබෝධය කාරා යනවා. විපතින් මිදෙනවා. එසේ මිදුනොත් අන් බොහෝ දෙනාත් විපතින් මුදවා ගන්නවා.

නුවනැත්තෝ අවබෝධ කරත්වා!

තෙරුවන් සරණයි!

[QUOTE="Skylark, post: 17007828, member: 266027"] ඔබ ප්රත්යක්ෂ අවබෝධය අගය කරන නමුත් හුදෙක් පිළිගැනීමෙන් ක්‍රියා කරන බවක් පෙනෙනවා. ඉහත ඇති කරුණු ලියුවේ ඔබේම ප්රත්යක්ෂ අවබෝධයකින් නම් කමක් නැහැ (එසේ නොවේයැයි කියන්න මම ඔබ ගැන දන්නෙත් නැහැනේ). නමුත් කිසිම හේතු විස්තරයක් නැතිව "උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත." යැයි ඔබ පවසා ඇති නිසා මම අනුමාන කරනවා ඔබ බුදු පියානන් පැවසූ "යමෙක් කියන දේ කියන පමනින් පිළිගැනීම කරන්න එපා" යැයි යන්න නොසලකා හැර හුදෙක් පිළිගැනීම නිසාම "උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත." යැයි ප්‍රකාශ කරන්න ඇති බව. මගේ අනුමානය හරි හෝ වැරදි විය හැකියී. එනමුත් මම බුදු පියානන් පැවසූ ආකාරයට දහම් වටහා ගන්න උත්සාහ ගන්නා නිසා හුදෙක් අන් අය පිළිගත්තාට මේ දන්කන්දේ ධම්මරතන හිමියන් පවසන දහම් නිර්මල බුදු දහමයැයි මම පිළිගන්නේ නැහැ. මම ගලපා බලා තමයි තීරනය කරන්නේ. ඉතින් මේ නිසා මම මේ හිමියන් විසින් රචිත ඔබ ගෙන හැර දැක්වූ "නාම - රූප දැක නිවනට" යන 2008 වසරේ මුද්‍රිත පොත මුල සිට අගටම කියවා ත්‍රිපීටක දහම් සමග ගැලපේදැයි බැලුවා. මම මේ පොතට වඩාත් ගැලපෙන නමක් ලෙස "[SIZE=5][COLOR=Red]නාම - රූප නොදැක නිරයට[/COLOR][/SIZE]" යන නම වඩා උචිත බව කියන්න කැමතියී. මේසා බොරු සාගරයක් සදහන් පොතක් කියෙව්වාමයි. මේක හෙන ගහන අපරාධයක්. මම "හෙන ගහන අපරාධයක්" ලෙස කියන්නේ මේ විපතට පත් හිමියන්ට හෙන ගැසියන් යන අදහසින් නොවෙයි. විපතට පත් වූවන් ඉන් මුදවා ගන්නවා විනා බුදු පියානන්ගේ දහම් වෙන කුමකටද? යම් දවසක මේ හිමියන් තමනුත් පටලවාගෙන සද්ධර්මය මේ ආකාරයට ප්‍රකාශ කොට අන් බොහෝ හුදෙක් තර්කයෙන් හෝ පිළිගැනීමෙන් හෝ සත්‍ය සත්‍ය ලෙස දැකිය හැකියැයි හිතනා පිරිසක් හෝ ත්‍රිපිටකයේ කුමක් ඇත්දැයි නොදන්නා අයට ධර්මයය යැයි අධර්මයයක්ම ප්‍රකාශ කිරීම තමන් කර ඇතැයි තේරුම් ගත්තොත් මේ හිමියන්ම තමන් කර ඇති දේ බරපතල කම දැක හෙන ගැසීමෙන් යම් දුකකට පත්වෙයිනම් එය නිරයේ වැටී මහත් දුක් විදීමට වඩා සැපක්මයැයි සිතාවි. හැබැයි මේ වසර 2008 ටේ මුද්‍රිත පොතක්. ඉතින් මේ හිමියන් මෙකල නිවැරදි බවකට පැමිණ ඉන්න පුළුවන්. ඒ නිසා කරුණු හරි හැටි නොදැන චෝදනා කිරීම සුදුසු නැහැ. හැබැයි කලින් දැක්වූ නාම - රූප ගැන MP3 එක අවුල් (ඒකත් පරණ එකක්). මේ "නාම - රූප දැක නිවනට" යන පරණ පොතේ ඇති කරුණු ඊටත් වඩා අවුල්. මම අවුල් කියන්නේ මේ පොතෙත් ඇත්තේ ත්‍රිපිටක ධර්මයට පටහැනි සහ පටලැවීමෙන් හිතා ගත් බොහෝම ලාමක කාරනාවන් වල එකතුවක් නිසා. සමහරක් තැන් වල ත්‍රිපිටක දහමට ගැලපෙන සහ පටලැවීමක් නැති දහම් කරුණු අඩංගුයි. හැබැයි මේ පොතේ ඇති බොහෝ කරුණු ලාමක, අවුල්, පටලවාගත් නිසා කියන කරුණු. ලියා ඇති ආකාරයට මේ හිමියන් නිවන් අවබෝධ කලා යැයි ඇති හැගීමකින් ලියා ඇති බවක් පෙනනවා. එහෙම හිතුවානම් ඉතින් විපතකටම තමයි පත්වී ඇත්තේ. එය එසේ යැයි විමසීමක් නොකර පිළිගන්නා අයත් අධර්මයක්ම තමයි ඉතින් ධර්මය යැයි පිළිගන්නේ. කැමති කෙනෙක් විමසීමක් නොකර හුදෙක් පිළිගැනීම සුදුසු යැයි සිතනවා නම් එය කර ගත්තාට මට කරන්න දෙයක් නැහැ. නමුත් කැමති කෙනෙන් බුදු පියානන් පැවසූ ආකාරයට විමසා බලන්න උත්සාහ කරනවා නම් මේ හිමියන් කලකට පෙර (වසර 6 කට පමණ පෙර) පවසා ඇති මේ දහම් කරුණු කිනම් හේතු නිසා ලාමක දැයි පෙන්වා දීම සුදුසු යැයි මම සිතනවා. පංච උපාදාන ස්කන්ධය අවුල්ව දේශනා කර ඇති නිසා නිවන් අවබෝධය කෙසේ වෙතත් සෝවාන් ඵලයවත් මෙම හිමියන් ලබා නොගෙන ඇති බව මම කියන්න කැමතියී. මේ අවුල්කර ගැනීම ප්රත්යක්ෂ අවබෝධය යැයි සිතන අයට හුදෙක් පිළිගැනීමෙන් මිසක් අවබෝධයෙන් එසේ කියන්න හැකියාවක් නැහැ. මනා සේ බුදු පියානන් දේශනා කර ඇති සද්ධර්මය පටලවාගත්විට සිදුවන එක දෙයක් තමයි පැටලීම නිසා තමන් එක ආකාරයකට කියන දේ තමන් විසින්ම වෙනත් ආකාරයට ප්‍රතික්ෂේප කිරීම. බොහෝ විට සිදුවන්නේ යම් කරුණක් යම් වචන ගොන්නක් පාවිච්චි කර යම් අරුතක් ඇති ලෙස පැවසීමත්, එම කරුණම අනවබෝධය නිසා වෙනත් වචන ගොන්නක් පාවිච්චි කර කලින් පැවසූ අරුත නැතිවී යන ලෙස පැවසීමත්. අනවබෝධය නිසා තමන් විසින් හරි යැයි කී දේම තමන් විසින්ම වැරදියැයි කියන බවක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. පටලවා ගත් අරුත් ඇති වචන හරබයක් පමණයි සිදුවන්නේ. පැහැදිලි අවබෝධයක් හෝ විමසා බැලීමක් නොකර කියන කොයි දේත් හරියැයි සිතන අය ඉතින් ඒ පටලැවිල්ල ප්රත්යක්ෂ අවබෝධය ලෙස පිළිගන්නවා. ඉතින් ඒ අයත් පටලැවෙනවා. හැබැයි අරුත් පැත්තක තිබ්බත් මේ පොත කියවන විට වචනයෙනුත් පටලැවීම් දකින්න පුළුවන්. මේ බලන්න: පිටු අංක 33 (PDF 20): ඒ නිසා සංඥාව පහළ වීමට හේතු පාදක වන ප්‍රධානතම කරුණ තමයි අවිද්‍යාව. ඵස්ස ඒකට ළඟින්ම හේතු වන උපකාර වන ධර්මය. පිටු අංක 46 (PDF 26): සංඥාවත් හේතූන් නිසයි හට ගන්නේ. ප්‍රධාන වශයෙන් ඵස්ස තිබෙන්න ඕනෑ. අවිද්‍යාව තිබෙන්න ඕනෑ කියලා කලින් මං කීවා. යමෙක් මෙසේ සදහන් කරන විට ප්රත්යක්ෂ අවබෝධයෙන් කියන්නේ යැයි කෙනෙක් හිතනවා නම් මුළාවක්මයි. මොකද උඩ ප්‍රකාශය හරිනම් යට ප්‍රකාශය වැරදියී. යට එක හරිනම් උඩ එක වැරදියී. ඉතින් මේවාට ප්රත්යක්ෂ අවබෝධය කියන අය තේරුම් ගන්න ඕනෑ යතාභූත ඥානය කෙසේ වෙතත් සාමාන්‍ය අවබෝධයෙන්වත් දහම් ගලපා බලා සුළුවෙන් හෝ නිවැරදි බුදු දහම කුමක්දැයි වටහාගන්න. තේරෙනවා ඇතිනේ කියන්නන් කියන පමනින් පිළිගන්න ගියාම සිද්ධ වෙන දේ. නුවනැත්තෝ වචනයක් වැරදුනොත් බුදු දහමට සිදුවන්නේ කුමක්දැයි මේ උදාහරනය දැක හෝ අවබෝධ කර ගනිත්වා! පටලැව්වොත් අමිල බුදු දහම තමන් විසින් නසනවා පමණක් නොවෙයි අන් අයට එය අවබෝධයට ඇති මාර්ගයත් අවුල් කර දමනවා. ක්‍රියා කරන්නේ තමන් අන් අයට හොදක් කරනවා කියලා හිතාගෙන තමයි. නමුත් නොදැනුවත්කම නිසා වෙන්නේ කුමක්ද? තමනුත් විපතේ, අන් බොහෝ අයත් විපතේ. මේ හිමියන් මහා හෑල්ලක් ප්‍රකාශ කරලා තියෙන්නේ පිටු අංක 33නේ ආකාරය පදනම් කරගෙන. එනම් සංඥාවට ප්‍රධාන හේතුව අවිද්‍යාව යැයි ඉදිරිපත් කිරීමෙන්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පහල කතාව (පිටු අංක 46) මුද්‍රණ දෝෂයක් නිසා වෙන්න ඇතී කියලා. එය විය හැකියී තමයි. නමුත් බුදු පියානන් දක්වන්නේ යට එකම තමයි නිවැරදි කියා (එනම් යට එක නොවෙයි වැරදි වාක්‍යය). ත්‍රිපිටකයේ සූත්‍ර බොහෝ ගනනක (සමහරක් විට තැන් 50-100කටත් වඩා ඇති) දැක්වෙන්නේ සංඥාවට හේතුව නම් ඵස්ස ලෙස. සංඥාවට හේතුව ලෙස අවිද්‍යාව යැයි ප්‍රකාශ කිරීම වැරදියැයි මට හිතෙන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පාදයේ පුරුක් ස්වභාවය නිසා (එකකට එකක් හේතු ලෙස පෙළ ගැසුනු කරුණු ගනනාවක් දක්වන නිසා - transitive dependency නිසා). බොහෝ සූත්‍ර වල මුල ඇත්තේ අවිද්‍යාව (අවිද්‍යාවටත් හේතු දක්වන සූත්‍ර තියෙනවා). නමුත් පංච උපාදාන ස්කන්ධයේ සංඥාවට හේතුව ඵස්ස යැයිද හේතු ඵල ලෙසින් පංච උපාදාන ස්කන්ධය නුවනින් විමසීමේදී එසේ විමසන්න යැයි බුදු පියානන් සදහන් කොට තියෙනවා. මෙතන පැටළුනොත් නාම/රූප සහ විඥානය ගලපාගන්න අපහසු වෙනවා. සංඥාවට සමුදය වන කරුන පටලවා ගත්තාම ඵස්ස නිරෝධයෙන් සංඥාව නිරෝධය වන බවත් පටලවා ගන්නවා. ඉතින් සද්ධර්මයේ නැති කාරනාම ගැන හෑලි ලිවීම තමයි සිදුවන්නේ. අන්තිමට නාම/රූප ක්‍රියා කාරිත්වය මේ යැයි පටලැවිල්ලක්ම ප්‍රකාශ කරනවා. අන්තිමට අපට තේරුම් ගන්න ඉතිරි වන්නේ අවිද්‍යාව නිසා තමයි ඔක්කෝම වන්නේ, හැබැයි ඒ කියන අවිද්‍යාව මොකක්ද කියලා අපට කියා ගන්න, හිතාගන්න, අවබෝධ කරගන්න බැරිවෙනවා. මොකද බුදු පියානන් මනා සේ දේශනා කල සද්ධර්මය අනවබෝධය නිසා විහින් විනාස කර ගැනීම හේතුවෙන්. මේ උඩ කාරනාව හරි යැයි හිතාගෙන මේ හිමියන් රහතන් වහන්සේට සංඥාව නැතය (මොකද අවිද්‍යාව ප්‍රහානය කර ඇති නිසා), නමුත් උත්සාහයක් ගත්තොත් සංඥාව ඇති කර ගත හැකියැයි පවසා තියෙනවා. ඒ කියන්නේ මෙතුමන් කියන ආකාරයට අවිද්‍යාව නැති කරගත් කෙනෙක් උත්සාහ කලොත් නැවත අවිද්‍යාව ඇතිකරගෙන සංඥාව ඇතිකර ගන්න පුළුවන් වෙන්න ඕනෑ - මොකද මේ හිමියන් කියන්නේ සංඥාව පහළ වීමට ප්‍රධානම කාරනය අවිද්‍යාව කියලානේ. මේ පටලවාගෙන කියන ආකාරයට බුදු පියානන් ඇතුළු රහතුන් වහන්සේලා පළමුව අවිද්‍යාව ප්‍රහානය කරලා ඊට පසුව නැවත අවිද්‍යාව ඇතිකරගෙන තමයි දහම් දෙසලා තියෙන්නේ! පුළුවන්ද මෙහෙම ලාමක කතා ගොතාගෙන මනා සේ බුදු පියානන් දෙසා ඇති සද්ධර්මය පවතිත්දී ඊට ප්‍රතිවිරුද දේවල් පවසන්න? පටලවා ගත්තෝ පටලවාගැනීම ප්‍රකාශ කරද්දී බුදු පියානන්ම පැවසූ ආකාරයට විමසා බලන අයටම තමයි මේ පටලවාගැනීමක් කරගෙන ඇත්තේ කියලා දකින්න පුළුවන්. ඉතින් පෙර ඔබ හිතුවානම් කියන්නෝ කියන්නන් වාලේ පිළිගත්තොත් හරි කියලා, දැන්වත් තේරුම් ගන්න ඇයි බුදු පියානන් එසේ නොකරන්න යැයි පවසා ඇත්තේ කියලා. මේ මම කියන දේවලුත් එලෙසම ඔබ විමසා බැලුවේ නැත්නම් මම හරිද, වැරදීද කියලා තේරුම් ගැනීම කෙසේ වෙතත් තමන්ට සද්ධර්මය අවබෝධ කර ගන්න නම් බැහැ. මොකද නුවනින් විමසීම ඕනෑමයි තමන් ගොඩ යන්න නම්. බුදු පියානන් පැවසූ නිවැරදිම දේ උවත් හුදෙක් පිළිගත්තාට තමන් ගොඩ යන්නේ නැහැ. විමසීමෙන්ම තමන් විසින් දැක්කොත් තමයි, අඩු නැතිව අවබෝධ කලොත් තමයි ගොඩ යන්න පුළුවන් වන්නේ. මේ අවුල් සහගත නාම/රූප කතන්දරේ සත්වයන්ගේ සලායතනයන්ගේ අන්තිම ආයතනය වන මනායතනයේ ස්ඵර්ෂය හැර දමා දහම් විස්තර කර ඇත්තේ. මොකද පටලැවීම නිසා මනායතනයේ ස්ඵර්ෂය නිසා හටගන්නා කරුණුත් ස්ඵර්ෂය නැතිව ඇතිවන ලෙසට මේ හිමියන් දේශනා කර ඇත්තේ. උදාහරනයකට මේ හිමියන් පවසනවා විඥානය නිසා සංඥාව ඇතිවන බවත්, එම සංඥාවට අනුව වේදනාව ඇතිවන බවත්, එම වේදනාව නිසා ආපහු සංඥාව ඇතිවන බවත් (මෙන්න සංඥාවට ඉහත හේතු වලට අමතරව තුන් වන හේතුවකුත් මේ හිමියන් දක්වනවා - එනම් වේදනාව නිසා සංඥාව ඇතිවන ලෙස) ආදී ලෙසින්. අහෝ පටලවා ගත් නිසා මේ අන්තිමට කියා ඇත්තේ (එනම් වේදනාව නිසා සංඥාව ඇතිවන බව පැවසීම) මුල පැටලීම නිසා ඉන් පසුවත් පටලැවීමක්! මේ ගෞතම බුදුන් දෙසූ සද්ධර්මය නම් නොවේ! එමපනක්යෑ... මේ පටලැවිල්ලට මේ හිමියන්ට පටලවා ගත් සාක්කිත් ඉදිරිපත් කර තියෙනවා. පිටු අංක 30 (PDF 19) හි මෙසේ තියෙනවා: "යං වේදේති, තං සඤ්ජානාති" ලෙස. මේ හිමියන් මේ ගෙන හැර දක්වන්නේ මජ්ජිම නිකායේ පළමු පොතේ මධුපිණ්ඩික සූත්‍රයේ වදන් පෙලක්. මෙතන වේදනාව සහ සංඥාව අතර ඇති හේතු ඵල ස්වභාවය දැක්වෙන්නේ නැහැ. එනම් මේ වදන් පෙලින් වේදනාව නිසා සංඥාව ඇතිවන බව නොවෙයි කියවෙන්නේ. මේ කියවෙන්නේ වේදනාවක් ඇත්නම් සංඥාවක් ඇති බව (වේදනාවේ පැනවීමක් ඇති විට සංඥාවේ පැනවීමක් ඇති බව). උපමාවක් දෙන්නම්: ඔබ පුතා යැයි සංකල්පයක් ඇතැයි සිතුවොත් ඔබට පියා යැයි සංකල්පයකුත් උවමනා වෙනවා. එනම් පුතෙක් පනවනවාද, පියෙකුත් පනවනවා (මව ගැන උනත් හිතන්න පුළුවන්). ඉතින් වචන මෙහෙම පිළිවෙලට කිව්වා කියලා, මෙසේ පැනවීමක් කල පමනින් කෙනෙක් හිතුවොත් මේ කියන්නේ පුතා නිසා පියා හටගන්නවා කියලා ඒ මොන මුලාවක්ද? මේ හිමියන් වේදනාව නිසා සංඥාව ඇතිවන බව මේ පටලවාගැනීම නිසයි පවසා තිබෙන්නේ. මජ්ජිම නිකායේ පළමු පොතේම මහා වේදල්ල සූත්රයේත් මේ වදන් වලට ආසන්න වදන් පෙළක් පවතිනවා. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ පාලියෙන් එය සදහන්ව ඇත්තේ "යඤ්චාවුසෝ වෙදෙති තං සඤ්ජානාති, යං සඤ්ජානාති තං විජානාති" ලෙසින් (ආමන්ත්‍රනයක් සමගයි "යඤ්චාවුසෝ" යන වචනය සැකසී ඇත්තේ යැයි මගේ වැටහීමයි. මගේ පාලි අවබෝධය සුළුයි). මෙතන සාකච්චා වන්නේ වේදනාවත්, සංඥාවත්, විඥානයත් කෙසේ වටහා ගත යුතුද යන කරුනයි. මෙය සිංහල අරුතින් "යමක් විදීද එය හඳුනයි, යමක් හදුනයිද එය දැනෙයි" ලෙසින් වටහා ගත හැකියී (එනම් යම් අරමුණක් වේදනාවෙන් විදීද එම අරමුණ සංඥාවෙන් හඳුනා ගනී, යම් අරමුණක් සංඥාවෙන් හඳුනා ගනීද විඥානයෙන් එම අරමුණ දැනෙයි). මහා වේදල්ල සූත්‍රයේ එම ස්ථානයේම තවත් සදහන් වෙනවා මේ කාරනා තුන (වේදනා, සංඥා, විඥාන) එක්වයි පවතින්නේ (සංසට්ඨා), වෙන්ව (විසංසට්ඨා) නොවෙයි කියලා, එසේම වෙන්කොට වෙනස පනවන්නත් බැරි බව සදහන්. කාරනා තුන වෙන් කරන්න බැරිනම්, එක්ව පවතින්නේ නම්, ඉතින් කොහොමද එකකට පස්සේ අනික ඇතිවෙනවා කියන්නේ? ඉතින් වේදනාවට පස්සේ සංඥාව ඇතිවෙනවා කීම හරියන්නේත් නැහැ (මේ වේදනාව නිසා සංඥාව ඇතිවනවා කියා කීමට අමතරව මේ හිමියන්ගේ පොතේ කියා ඇති කරුනක්). පංච උපාදාන ස්කන්ධය ගැන සූත්‍ර වල ඇත්තේ වේදනා, සංඥා සහ සංකාර තුනටම ඵස්ස හේතුය කියලා, ඊට අමතරව විඥානයට හේතුව නාම/රූප කියලා. මේ ස්වාමීන් වහන්සේ විඥානය නාම/රූප වලට දාලා කියන නිසා මේ හිමියන්ට ඒ කරුනින් ඉතින් ත්‍රිපිටකයේ ඇති ලෙස විඥානයට හේතුව නාම/රූප කියලා කියන්නත් බැහැනේ (මේ හිමියන් ඒ කාරනය ගැන සදහනක්වත් කරලා නැහැ - පටලවාගෙන ඉන්නා නිසා කියුවොත් පටලැවීමට ප්‍රතිවිරුද්ධ වනවා). එලෙසම මේ හිමියන්ට සද්ධර්මයේ සදහන් ලෙස නාම/රූප වලට හේතුව විඥානය කියා කියන්නත් බැහැ. ඉතින් නාම කියන්නේ සිත ලෙස හිතාගෙන, නාම තුල විඥානය ඇතැයි කියාත් හිතාගෙන, තවත් බොහෝ තැනුන් පටලවාගෙන නාම/රූප ක්‍රියාකාරිත්වය යැයි මහත් පටලැවිල්ලක් තමයි මේ පොතේ සදහන් වන්නේ. අරෙහෙන් මෙහෙන් පටලවලා වචන හරභයක් කරලා පැහැදිලි කරගන්න උත්සාහ කරන කෙනාත් නන්නත්තාර වෙන කතාවක් තමයි මේ හිමියන් තමනුත් පටලවාගෙන නාම/රූප ක්‍රියා කාරිත්වය ලෙස අන් අයට පවසන්නේ. දහම්හි අරුත් තේරුම් ගන්න අපහසු අයට මම මේ ස්වාමීන් වහන්සේගේම චවන වලින් එතුමන්ම තමන් කියූ දේට ප්‍රතිවිරුද්ධ දේ ප්‍රකාශ කරනවා කියාත් පෙන්වා දුන්නානේ. ඉතින් කවුරුහරි හිතුවානම් ප්රත්යක්ෂ අවබෝධය මෙයයි කියලා මම නම් මේකට කියන්නේ ප්රත්යක්ෂ පටලවාගැනීම කියලා. ඉතින් ඔහොම ප්රත්යක්ෂ පටලවාගැනීම කරගන්නා අය නිවන් දැක්කාය, මෙයයි නිවන් මග කියලා හිතුවානම් ඒ පාරේ ගියහම යන්නේ කොහාටද? යන අය හැමෝම යන්නේ වල පල්ලට තමයි. මේ හිමියන් අවිද්‍යාව ප්‍රහානයෙන් විද්‍යාව අවබෝධ කලා යැයි පවසා ඇති තවත් බොහෝ කරුණු හරිම ලාමක කරුණු. උදාහරනයකට "කෙස් ගත්තොත් එහෙම, සත්‍ය වශයෙන් කෙස් කියලා දෙයක් නැහැ" ආදී ලෙසින් පටන් ගෙන නාම/රූප සියල්ල සංඥා ලෙස ශූන්‍යතාවය තෙක් විස්තර කරගෙන ගොස් එසේ දැකීම (එනම් සියල්ල සංඥා ලෙස තේරුම් ගැනීම) අවබෝධය ලබා ගැනීමයි යන ආකාරයට තමයි පවසා තියෙන්නේ. ලොව සියළු දේ සත්වයින් වටහා ගන්නේ සංඥා වලින් බව ඇත්ත. නමුත් එයයි බුදු පියානන් පැවසූ සතයය, එයයි බුදු පියානන් අපට අවබෝධ කරගන්න කියා පෙන්වා දුන්නේ, එයයි අවබෝධ කල යුත්තේ කියා හිතුවොත් ඒ නම් උත්තරීතරම ලාමක කාරනාවක්. මොකද ඔය කාරනාව සරල අවබෝධයක් තියෙන අයට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුළුවන් කරුනක්. ඕකට ආර්යය අෂ්ඨාංගික මාර්ය වඩන්න ඕනෑ නැහැ. හැබැයි ඔය කරුනවත් තේරුම් ගන්න බැරි අයනම් සමාජයේ ඉන්නවා. තව නම් මට මේ පොතේ සදහන් පටලැවිලි බොහෝ පෙන්වා දිය හැකියී. සැකෙවන් තවත් කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්. ශූන්‍යතාවය ගැන සදහන් කිරීමේදී එය කරා යන ගමනේදී රූපයේ නිවීම සහිත, නමුත් පසුව නාමයේ නිවීමක් මේ හිමියන් පවසනවා. සද්ධර්මයේ සදහන් වන්නේ නාම/රූප යන යුගලයේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය ලෙස, අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින බව. එසේම එකක් නැතිවුවොත් අනික පවතින්නේ නැතැයි පවසා තිබෙනවා. ඉතින් මේ හිමියන්ගේ රූපයේ නිවීම පළමුව කර පසුව නාමයේ නිවීම කරගැනීම සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ. එසේම ත්රිලක්ෂනය ගැන සදහන් කරුණු වලදී මේ දුක යන වචනය ගැන පැහැදිලි අවබෝධයකින් නොවෙයි ලියලා තියෙන්නේ. සිංහෙලෙන් අපි දුක යැයි එක වචනයක් භාවිතා කලාට සද්ධර්මයේ දුක්ඛ ආර්යය සත්‍යය, දුක්ඛ ලක්ෂණය (ත්රිලක්ෂණයේ සදහන් ලෙස), දුක් වේදනාව ආදී ලෙසින් දැක්වෙනවා. මේ කාරනා තුන එකිනෙකට වෙනස් අරුත් තුනකින් යුක්තයි. පටලවා ගැනීමෙන් ප්‍රකාශ කරන නිසා මේ හිමියන් දුක්ඛ ආර්යය සත්‍යය සහ දුක්ඛ ලක්ෂණය පැහැදිලි කිරීමත් වචන හරභයක් පමණයි. අරකත් මේක, මේකත් අරක ආදී ලෙසින් තමයි මේ කරුණු තුන විස්තර කර ඇත්තේ. බුදු පියානන් මනා සේ බෙදා වෙන්කර ගැලපුම් සහිතව උදාහරන සහිතව, උපමා සහිතව දේශනා කර ඇති මේ කාරනාවන්හි වෙනස තේරුම් නොගත්තාද, එකක්ම ලෙස දැක්කාද, එසේ අවුලක් ප්‍රකාශ කරාද, ඉතින් මොන ප්රත්යක්ෂ අවබෝධයක්ද? ඉතින් දුක්ඛ ආර්යය සත්‍යය අවබෝධ කලා යැයි කෙසේ සිතන්නද? දුක්ඛ ලක්ෂණය පැහැදිලිව දන්නේ යැයි කෙසේ සිතන්නද? දුක් වේදනාවත් මම මීට ඉහත කී අයුරින් පටලවාගෙන ඇති බවක්මයි පෙනෙන්නේ. ඉතින් අනවබෝධය තුලින් අවුලක් තමයි ප්‍රකාශ කරන්නේ. තවත් කරුනක් නම් සිතුවිලි යන වචනය භාවිතා කර ඇති ආකාරය. විටෙක එය සංඥා යන අරුතින් භාවිතා කර තිබෙනවා. තව අවස්ථාවක එය සංකාර ලෙස හඳුන්වා තිබෙනවා. තවත් අවස්ථාවක එය නාම ලෙස හඳුන්වා තිබෙනවා. නාම තුල සංස්කාර (චේතනා) ඇතිබව කියා තියෙනවා (එනම් වාක්‍ය ගලපපුවාම සිතුවිලි තුල සිතුවිලි ඇතිබව බව කියා ඇත්තේ). නාම යනු සිත ලෙස දක්වා තිබෙනවා. එතකොට කුමක්ද සිතුවිලි කියන්නේ? ඔන්න ඔය විදිහට කුමකින් කුමක් දැක්වේදැයි පැහැදිලිව නොදැන ඔක්කෝම පටලවාගෙන අධර්මයක්ම දේශනා කරනවා. උපමාවකින් පැහැදිලි කොලොත් හිතන්නකෝ බුදු පියානන් ජලාශයක පතුල දැකිය හැකි පරිදි ජලයේ පැහැදිලි බව ඇතිකරගත හැකි ක්‍රමයක් කීවා කියා. මේ සිදුවන්නේ එම පැහැදිලි ක්‍රමය තිබියදී බුදු පියානන් පැවසුවේ මෙය යැයි ජලය බොර කර දැමීම. පෙනෙයිද පතුල? ජලය බොර කර එයයි අවබෝධය ලෙස දැක්වුවොත් පතුල ගැන බුදු පියානන් පවසා ඇත්තේ යම් ආකාරයකටදැයි නොදන්නා අය බොර දියේ විනිවිද නොපෙනීම (එනම් අවිද්‍යාව) අවබෝධය ලැබීම (එනම් විද්‍යාව) යැයි වරදවා වටහා ගන්නවා. ඔන්න ඔහොමයි කියන්නන් කියන වාලේ පිළිගන්න යන අයට වෙන්නේ. අන්තිමට ඔවුන් විද්‍යාව යැයි අවිද්‍යාවක්ම පිළිගන්නවා. තවත් නම් මට ලියන්න පුළුවන්. නමුත් මේ ප්‍රමානවත් යැයි මම හිතනවා. ඉතින් අනවබෝධයෙන් මේ පොත කියවන අයටත්, MP3 අසන අයටත් සොරි තමයි ඉතින්. වැඩි අවබෝධයකින් නොවේ නම් ඔබ කියවන්නේ ඔබ මේ අවුල් ලෙස සද්ධර්මය යැයි දේශනා කර ඇති අධර්මයේ පැටලෙනවාමයි. ඔබේ යම් හැකියාවක් තිබුනාද දහම් අවබෝධයට එය මොට්ට වීමක් තමයි සිද්ධ වෙන්නේ. එනිසා කියවීම නම් සුදුසු නැහැ. නමුත් විමසන නුවනින් යුතුනම් ත්‍රිපිටකයත් භාවිතා කර අන් අවබෝධයක් ඇතැයි ඔබ හිතන අයගේත් උපකාරය ඇතිව පවසා ඇතිදේ නිවැරදිදැයි විමසාම අවබෝධකරගන්නවා යැයි හිතනවා නම් කියවන්න. නැත්නම් ඔබත් මේ අනවබෝධයේ පැටලෙනවා. ඉතින් මේ නිර්මල බුදු දහම යැයි පටලවා ගැනීමක් අන් අයටත් පෙන්වා දෙය අයට අනාගතයේ තමන්ව දුකේ වැටුනාම තරුම තමයි පෙනෙන්නේ :) විමසීමෙන් දහම් අවබෝධයට යොමුවන්න. මේ හිමියන් ගැනත් වෛරී සිත් ඇතිකරගන්න එපා. සද්ධර්මය සියුම්. මෙකල්හි අවබෝධයක් ලබා ගැනීමට දැඩි උත්සාහ කරන්න ඕනෑ. බොහෝ තැන් වල පැටලෙනවා. ඒ නිසා මේ හිමියනුත් සද්ධර්මය අවබෝධ කර ගැනීමට ගත් දැඩි උත්සාහයකදී විපතට පත්වී ඇති බව දකින්න. විපතට පත්වූවන්ට වෛර කිරීම නොවෙයි සුදුසු. ඔවුන්ට සද්ධර්මය ගෙන හැර පෑමමයි කල යුත්තේ. එතුලින්ම ඔවුන් අවබෝධය කාරා යනවා. විපතින් මිදෙනවා. එසේ මිදුනොත් අන් බොහෝ දෙනාත් විපතින් මුදවා ගන්නවා. නුවනැත්තෝ අවබෝධ කරත්වා! තෙරුවන් සරණයි! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom