Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිවන තිබෙන්නේ කොහිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන තිබෙන්නේ කොහිද?

දෙව්ලොව, බඹලොව, මිනිස්ලොව තිබෙන්නේ කොහිදැයි අසනවිට කිසියම් ආත්මභාව විශේෂයක් හා එය පවතින තැනක් දහම්නයට අනුව කාටවුවද අරමුණු වන්නේය. එහෙත් නිවන තිබෙන්නේ කොහිදැයි ඇසුවාම දහම දන්නා අයට හිතෙනෙනේ ‘මේ බඹයක් පමණ වූ කලේබරයෙහිම නිවන පවතින බවය’ මේ නිසා පුද්ගලයා යම් තැනකද නිවනත් එහිම පවතින බව අමුතුවෙන් ම කිව යුතු නොවේ. අන්තැනක යයි කියතොත් එය ධර්ම විරෝධීයි. ‘ලෝකයෙහි පියරූපවූ සාතරූපවූ චක්ඛු ආදියෙහිම ත්ණහාව නිරුද්ධ වන බවත් එය නිරෝධය බවත්’ බුද්ධ දේශනාවයි. ඒ නිසාම නිවනට ‘ත්ණ්හක්ඛය’ යන නමද ව්‍යාවහාර වී ඇත.

තණ්හාවේ ආභාව මාත්‍රයම නිවන නොවන බව අටුවාචාර්යයන් දක්වා ඇත. එසේ දැක්වූයේ කුමක් නිසා දැයි යට සඳහන් කරන ලදී. කෙසේ වෙත්ත ආධාරකාරකාර්ථයක් ගන්නා විට නිවන භවයක්වීම නොවැළැක්විය හැකිය. එය අසඤඤ හෝ නිවසඤඤ නාසඤඤ වැනි හෝ ආයතනයක් නොවේ. සප්ත විශුද්ධීය්ගේ පරිපුර්ණත්වයෙන් ලබන මේ ධර්ම ධාතුව මෙලොව වශයෙන් ම ලැබෙන්නකි එය සොපාධිශේෂ නිර්වාණ ධාතුවයි. එවිට එය විඤ්ඤාණවත්ය. එහෙත් ඒ විඤ්ඤාණය අරමුණු අල්ලා ගන්න එකක් ( උපාදාන සහිත එකක් ) නොවේ. එම නිසා සොරා බඩුව හොයාගෙන සොරා අල්ලන්නාක් මෙන් අරමුණ සොයාගෙන තදිය විඤ්ඤාණය කිසිවෙකුටත් අල්ලාගත නො හැකිය. හෙවත් දැනගත නොහැකිය. පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ පමණක් නොව ජීවමාන රහතන් වහන්සේගේ ද විඤ්ඤාණය අන් කෙනෙකුට දත නොහැකි බව අටුවාව කියයි. පිරිනිවී රහතුන්ගේ විඤ්ඤාණය දැනගැනීම කිසිසේත් ම බැරිබව ගෝධික තෙරුන්ගේ විඤ්ඤාණය මාරයාටත්, රහත් හිස් කබලේ විඤ්ඤාණය පිහිටි තැන වංගීස බ්‍රාහ්මණයාටත් සොයා ගත නොහැකි වීමෙන් ඔප්පු වේ.

තවද නිවන ආධාර කාරකයෙන් ගන්නාවිට හින්දුන්ගේ පරමාත්මන්, පරම්බ්රහ්ම, ආත්මන්, පුරුෂ ආදී පදාර්ථයන්ට හා ජෛනයන්ගේ කෛවල්යයට ද සමාන අර්ථ නිරූපණයක් කරන්ට සිදුවන්නා සේම බෞද්ධ අනාත්ම දර්ශනය දෙදරුම්කන්නේ ද වේ. නිවන් දැක පිරිනිවී මෙන් ආත්ම යයි ගත් පඤ්චස්කන්ධයේ උච්ඡෙදය සිදු වෙනවා මිස නිවනේ උච්ඡේදයක් නොවේ. නිවන ශාස්වතය. එනම් තෘෂ්ණාව ක්ෂයවීම නිසා ඇති වන පරම ශාන්තිය නිත්‍යයි.

නිර්වාණයේ සද්භාවය තර්කානුකූලව පැහැදිලි කරන බුදු රජාණන් වහන්සේ ‘අජාත වූ අභූත වූ අසංඛත වූ තත්වයක් ඇති බවත්, එසේ නැත්නම් ජාත්වූ භූත ව සංඛත වූ සත්වයාගේ නිස්සරණයක් හෙවත් මිදීමක් නැති බවත්” වදාළහ. මෙ අසංඛත තත්වය වූකලී වේද සිත එකක් විය නොහැකිය. එසේම රූපී එකක්ද නොවේ. හුදු ශුන්‍යත්වයක් ද නොවේ. එහෙත් ආත්ම ශුන්යයකි. තෘෂ්ණාක්ෂයයකි. තෘෂ්ණාව ක්ෂයවීම නිවනයි. තෘෂ්ණාව ක්ෂය වන තැන නිවන යයි කව හැක්කේ භාව වශයෙනි. එනම් තෘෂ්ණාව, ක්ෂය වීමෙන් ඇති වන තත්වයයි. එද තෘෂ්ණාව ක්ෂයවීමම මිස අනිකක් වේ නම් එය භවයකි. සොපාධිසේය නිර්වාණධාතුව විඤ්ඤාණවත්ය. එය අනිදර්ශනයි. ඇසට නොපෙනන හෙයිනි. සර්වතඃප්රභයි. සෑම පැත්තෙන්ම පහන් හෙයිනි. නැත හොත් බැස ගත හැකි හෙයිනි. ( විඤ්ඤාණං අනිදස්සං සබ්බතො පහං ) රෝග නැතිවීම සුවයයි. රෝග නැතිවූ තැන සුවයයි ගත හැක්කේ එයින් ඇතිවන තත්වය සුවය හෙයිනි. එනම් රෝග නැතිවීම ම සුවයයි. සුවය කියා අමුතුදෙයක් නැත.

එය අභාවයක් ද නොවේ භාවයකි. එය ඇති තැනක් ද නැත. එහෙත් එය ඇත. එහි අඩු වැඩියක් ද නැත. රෝගය පහවී ගිය තැනක් ද නැත. එහෙත් රෝගය තිබුණේය. මෙසේ උපමා නයින් කල්පනා කිරීමෙන් නිවනේ ස්වභාවය තරමක් වටහා ගත හැකිය. ඒ අනුව නිවන වූකලී පවතින තත්වයක් ( සද්භාවයක් ) බවත්, ප්රිනිවීමෙන් පසු ද එය සද්භාවයක් බවත්, එහෙත් ආ ගිය තැනක් නොකීව හැකි බවත් නිවන යනු නිවීම මිස පිහිටි තැනක් නැතිබවත් මේ නයින් සැලකිය යුතුය. තවද නිවන ප්‍රකාශ කළ හැක්කක් ( ව්යාකෘතයක් ) ද නොවේ. එහෙයින් ම අව්‍යාකෘත ධර්මයකි. පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් නොපිහිටන්නා වූද නාම රූප ධර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නාවූද ත්ත්වය නිර්වාණ යයි. නිවන පිහිටියේ කොහිද? යන්නට පිළිතුරු වශයෙන් දිය යුතු නිගමනය නමි, ‘ සත්වයා තුළමය’ යන්නයි. එහෙයි සත්වයා සිටින සෑම තැනම නිවන ද තිබේ යයි සාමාන්‍යයෙන් කිවයුතුය, පශ්චිමභවික සත්වයකු වීම වෙනම ප්රශ්නයකි.

[QUOTE="Core, post: 8856685, member: 263471"] නිවන තිබෙන්නේ කොහිද? දෙව්ලොව, බඹලොව, මිනිස්ලොව තිබෙන්නේ කොහිදැයි අසනවිට කිසියම් ආත්මභාව විශේෂයක් හා එය පවතින තැනක් දහම්නයට අනුව කාටවුවද අරමුණු වන්නේය. එහෙත් නිවන තිබෙන්නේ කොහිදැයි ඇසුවාම දහම දන්නා අයට හිතෙනෙනේ ‘මේ බඹයක් පමණ වූ කලේබරයෙහිම නිවන පවතින බවය’ මේ නිසා පුද්ගලයා යම් තැනකද නිවනත් එහිම පවතින බව අමුතුවෙන් ම කිව යුතු නොවේ. අන්තැනක යයි කියතොත් එය ධර්ම විරෝධීයි. ‘ලෝකයෙහි පියරූපවූ සාතරූපවූ චක්ඛු ආදියෙහිම ත්ණහාව නිරුද්ධ වන බවත් එය නිරෝධය බවත්’ බුද්ධ දේශනාවයි. ඒ නිසාම නිවනට ‘ත්ණ්හක්ඛය’ යන නමද ව්‍යාවහාර වී ඇත. තණ්හාවේ ආභාව මාත්‍රයම නිවන නොවන බව අටුවාචාර්යයන් දක්වා ඇත. එසේ දැක්වූයේ කුමක් නිසා දැයි යට සඳහන් කරන ලදී. කෙසේ වෙත්ත ආධාරකාරකාර්ථයක් ගන්නා විට නිවන භවයක්වීම නොවැළැක්විය හැකිය. එය අසඤඤ හෝ නිවසඤඤ නාසඤඤ වැනි හෝ ආයතනයක් නොවේ. සප්ත විශුද්ධීය්ගේ පරිපුර්ණත්වයෙන් ලබන මේ ධර්ම ධාතුව මෙලොව වශයෙන් ම ලැබෙන්නකි එය සොපාධිශේෂ නිර්වාණ ධාතුවයි. එවිට එය විඤ්ඤාණවත්ය. එහෙත් ඒ විඤ්ඤාණය අරමුණු අල්ලා ගන්න එකක් ( උපාදාන සහිත එකක් ) නොවේ. එම නිසා සොරා බඩුව හොයාගෙන සොරා අල්ලන්නාක් මෙන් අරමුණ සොයාගෙන තදිය විඤ්ඤාණය කිසිවෙකුටත් අල්ලාගත නො හැකිය. හෙවත් දැනගත නොහැකිය. පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ පමණක් නොව ජීවමාන රහතන් වහන්සේගේ ද විඤ්ඤාණය අන් කෙනෙකුට දත නොහැකි බව අටුවාව කියයි. පිරිනිවී රහතුන්ගේ විඤ්ඤාණය දැනගැනීම කිසිසේත් ම බැරිබව ගෝධික තෙරුන්ගේ විඤ්ඤාණය මාරයාටත්, රහත් හිස් කබලේ විඤ්ඤාණය පිහිටි තැන වංගීස බ්‍රාහ්මණයාටත් සොයා ගත නොහැකි වීමෙන් ඔප්පු වේ. තවද නිවන ආධාර කාරකයෙන් ගන්නාවිට හින්දුන්ගේ පරමාත්මන්, පරම්බ්රහ්ම, ආත්මන්, පුරුෂ ආදී පදාර්ථයන්ට හා ජෛනයන්ගේ කෛවල්යයට ද සමාන අර්ථ නිරූපණයක් කරන්ට සිදුවන්නා සේම බෞද්ධ අනාත්ම දර්ශනය දෙදරුම්කන්නේ ද වේ. නිවන් දැක පිරිනිවී මෙන් ආත්ම යයි ගත් පඤ්චස්කන්ධයේ උච්ඡෙදය සිදු වෙනවා මිස නිවනේ උච්ඡේදයක් නොවේ. නිවන ශාස්වතය. එනම් තෘෂ්ණාව ක්ෂයවීම නිසා ඇති වන පරම ශාන්තිය නිත්‍යයි. නිර්වාණයේ සද්භාවය තර්කානුකූලව පැහැදිලි කරන බුදු රජාණන් වහන්සේ ‘අජාත වූ අභූත වූ අසංඛත වූ තත්වයක් ඇති බවත්, එසේ නැත්නම් ජාත්වූ භූත ව සංඛත වූ සත්වයාගේ නිස්සරණයක් හෙවත් මිදීමක් නැති බවත්” වදාළහ. මෙ අසංඛත තත්වය වූකලී වේද සිත එකක් විය නොහැකිය. එසේම රූපී එකක්ද නොවේ. හුදු ශුන්‍යත්වයක් ද නොවේ. එහෙත් ආත්ම ශුන්යයකි. තෘෂ්ණාක්ෂයයකි. තෘෂ්ණාව ක්ෂයවීම නිවනයි. තෘෂ්ණාව ක්ෂය වන තැන නිවන යයි කව හැක්කේ භාව වශයෙනි. එනම් තෘෂ්ණාව, ක්ෂය වීමෙන් ඇති වන තත්වයයි. එද තෘෂ්ණාව ක්ෂයවීමම මිස අනිකක් වේ නම් එය භවයකි. සොපාධිසේය නිර්වාණධාතුව විඤ්ඤාණවත්ය. එය අනිදර්ශනයි. ඇසට නොපෙනන හෙයිනි. සර්වතඃප්රභයි. සෑම පැත්තෙන්ම පහන් හෙයිනි. නැත හොත් බැස ගත හැකි හෙයිනි. ( විඤ්ඤාණං අනිදස්සං සබ්බතො පහං ) රෝග නැතිවීම සුවයයි. රෝග නැතිවූ තැන සුවයයි ගත හැක්කේ එයින් ඇතිවන තත්වය සුවය හෙයිනි. එනම් රෝග නැතිවීම ම සුවයයි. සුවය කියා අමුතුදෙයක් නැත. එය අභාවයක් ද නොවේ භාවයකි. එය ඇති තැනක් ද නැත. එහෙත් එය ඇත. එහි අඩු වැඩියක් ද නැත. රෝගය පහවී ගිය තැනක් ද නැත. එහෙත් රෝගය තිබුණේය. මෙසේ උපමා නයින් කල්පනා කිරීමෙන් නිවනේ ස්වභාවය තරමක් වටහා ගත හැකිය. ඒ අනුව නිවන වූකලී පවතින තත්වයක් ( සද්භාවයක් ) බවත්, ප්රිනිවීමෙන් පසු ද එය සද්භාවයක් බවත්, එහෙත් ආ ගිය තැනක් නොකීව හැකි බවත් නිවන යනු නිවීම මිස පිහිටි තැනක් නැතිබවත් මේ නයින් සැලකිය යුතුය. තවද නිවන ප්‍රකාශ කළ හැක්කක් ( ව්යාකෘතයක් ) ද නොවේ. එහෙයින් ම අව්‍යාකෘත ධර්මයකි. පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් නොපිහිටන්නා වූද නාම රූප ධර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වන්නාවූද ත්ත්වය නිර්වාණ යයි. නිවන පිහිටියේ කොහිද? යන්නට පිළිතුරු වශයෙන් දිය යුතු නිගමනය නමි, ‘ සත්වයා තුළමය’ යන්නයි. එහෙයි සත්වයා සිටින සෑම තැනම නිවන ද තිබේ යයි සාමාන්‍යයෙන් කිවයුතුය, පශ්චිමභවික සත්වයකු වීම වෙනම ප්රශ්නයකි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom