නි වහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි

Bump1

Banned
Oct 19, 2017
247
22
0
නි වහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //


නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ //

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///



ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - ඩෝල්ටන් අල්විස්