Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතියෙ දෙව්දුවගේ ඇස් පෙනෙන්නෙ නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතියෙ දෙව්දුවගේ ඇස් පෙනෙන්නෙ නැත

බීමත්ව රිය පැදවීම, ලාල් කාන්ත සහ මා ඕස්ට්‍රේලියාවට ආවේ ඇයි?......

ඒ 2005 වසරේ දිනයකි. වෙලාව හවස තුන හමාරට විතර ඇත. මගෙ මොබයිලයට කෝල් එකකි. කෝල් එක එන්නෙ මගේ ඥාති සහෝදරයෙක් වන කෝසලගෙනි.

"අයියා කලබල වෙන්න එපා. අංකල්ව (මගේ පියා) ඇක්සිඩන්ට් වෙලා නුවර හොස්පිටල් එකේ ඉමර්ජන්සි එකට ගෙනාවා. ටිකක් අමාරුයි වගේ ඔයා ඉක්මනට එන්න, මං අංකල් ලග ඉන්නවා." (Kosala)

කෝසල එවකට නුවර රෝහල ඉදිරිපිට ෆාමසියක හිමිකරුවෙකි. කෝසල ඇක්සිඩන්ට් වූ මගේ පියාව දකින්නේද හරිම අහඹු ලෙසය.

එවේලේ කෝසලගේ ෆමසියට වැඩිහිටි අයකු පැමින ඔහුගේ පපුව මැද රිදෙන බව පවසා බෙහෙතක් ඉල්ලා ඇත. ෆාමසිය ගෝලයාට බලා ගන්නැයි කියා පපුව රිදෙන පුද්ගලයාව රැගෙන කෝසල නුවර රෝහලට පැමින තිබේ. එවිට නාදුනන ත්‍රීරෝද රියදුරෙකු විසින් රෝහල් ගත කල මගේ පියාව අහම්බෙන් ඔහු දැක ඇත.

එකල අලුත් පාරේ (විලියම් ගොපල්ලව මාවත) අද මෙන් වාහන තදබදයක් නැත. විනාඩි 7-8කින් උසාවියේ සිට රෝහලට යා හැකිය.

මා ඒ අනතුර ගැන දැනගෙන මහනුවර රෝහලට යනවිට මගේ පියා සිටියේ සර්ජිකල් වෝඩ් එකේ ට්රොලියකය. සර්ජිකල් වෝඩ් එක රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ය. ඉන්ටර්න් හවුස් ඔෆිස යකා බැදගත්තා මෙන් වැඩය.

එකල මගේ බිරිද මහනුවර රෝහලේම නිර්වින්දන වෛද්‍යවරියකි.

ඉන්ටර්න් හවුස් ඔෆිසර්ට පෙර පියාව පරීක්ෂා කල මගේ බිරිද තොරතුරු අසා "සවයිකල් කොලරයක්" (cervical collar ) පැලදිය යුතු බවට නිගමනය කර සවයිකල් කොලරයක් දැම්මාය.

CT ස්කෑනයකුත් විනාඩි කිහියකින් කලේය. බෙල්ලේ අස්ථි තුනක් කැඩී ඇති බවට වාර්තා විය. වහාම නියුරෝ වෝඩ් එකට ඇතුල් කලේය. ශල්‍යකර්මයක් කිරීම ඉතාම අවදානම් බව විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගෙ නිගමනය විය.

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පපුවත් වැහෙන පරිදි වූ විශේෂිත කොලරයක් නිර්දේශ කලේය. නමුත් ලංකාවේ කිසිම තැනක එවැන්නක් මිලදී ගැනීමට නොතිබිනි. මගේ පියාගේ බාල සහෝදරයා එංගලන්තයේ සිට ඒ කොලරයත් රුගෙන දින දෙකකින් ලංකාවට ආවේය. මේ ක්ෂිනික ප්‍රතිකාර වෙන අනතුරකට ලක්වූ අයෙකුට ලැබේදැයි මට කිව නොහැක. ඒ ප්‍රතිකාර නිසා මගේ පියාගෙ ජීවිතය බේරිනි.

නමුත් මගේ පියා මාස දෙකක් මහනුවර රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලැබීය.ඒ අතරතුර වෙනත් විවිධ සංකූලතාද ඇතිවිය. මේ කාලය තුල මගේ අක්කාගේත් මගේත් රැකියා පවා පිලිවෙලකට කිරීමට අපට නොහැකි විය.

මගේ පියාගේ සාමාන්‍ය ජීවිතය එම අනතුරින් පසුව සහමුලින්ම වෙනස් විය. අදටත් ඔහු ඒ අනතුරින් සිදුවූ අභ්‍යන්තර තුවාල වලින් පීඩා විදිමින් සිටී.

දැන් එන්නේ ඔබ පුදුමයට පත්වන කොටසයි.

කොළඹ-නුවර අලුත් පාරත් පරණ පාරත් ඇත්තේ අපේ නිවස අසලමය. මේ දෙක අතරින් ඇත්තේ කොළඹ නුවර කෝච්චි පාරය. අනතුර වූ දිනයේ මගේ පියා රේල්පාර දිගෙ නුවර දෙසට ඇවිදිමින් සිට ඇත.

එවිට කන සාක්කුවේ වැටෙනකල් බීමත්ව සිටි රියදුරෙක් පරන පාරේ නුවර සිට කොළඹ දෙසට පැමිනෙමින් සිට ඇත. හදිස්සියේම ඔහු පොලීසිය දැක තිබේ. එවිට පොලිසියෙන් බේරීමට ගෙවල් වල මිදුල් උඩින් ඔහුගේ වෑන් රතය ධාවනය කර අලුත් පාරට ඒමට ඔහු උත්සාහා කර ඇත. එවිට රේල්පාරේ පීල්ලක වැදුනු වෑන් රතය උඩින් පැමින කරනම් තුනකුත් ගසා උඩුකුරුව අලුත් පාරට පෙරලී ඇත.

මේ අවස්තාවේ රේල්පාරේ සිටි මගේ පියාව වෑන් රතයේ වැදී වෑන් රතයට කලින් ගොස් අගලකට විසිවී ඇත.

රියදුරාට කිසිම තුවාලයක් නැත. ඒත් ඔහු එවක මහනුවර අතිරේක මහේස්ත්රාත්තුමියට ඉදිරිපත්කලේද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දෙපැත්තෙන් අල්ලාගෙනය. ඔහුට ඒ තරම් වෙරිය. බීමත් රියදුරන් විසින් පිම්බූ "බැලුන්" (Breathalyser) මං කොතෙකුත් දැක ඇත. ඒත් මේ රියදුරා පිම්බූ Breathalyser ය තද කොළ පැහැ වී තිබුනි. (Breathalyser මැද ඉරක් ඇත. රුධිරයේ මධ්‍යසාර ප්‍රමානය අදාල ප්‍රමානයට වැඩිපුර ඇත්නම් ඉර පහුකරගෙන කොළ පැහැතිවේ. අධික ලෙස බීමත් නම් බටය තද කොළ පැහැයක් ගනී)

පසුව සොයා බැලීමේදී අදාල රියදුරා දව්ලගල ප්‍රදේශයේ ලී මුදලාලි කෙනෙකුගේ පුතෙකි. එවකට ප්‍රබල ඇමතිවරයෙකු වූ මාත් හොදින් අදුනන දැන් පොහොට්ටුවේ මංත්‍රී කෙනෙකු වන මහනුවර දිස්ත්‍රික්කයේ මංත්‍රීවරයෙකුගේ ඥාතියෙකි. (ඒ මංත්‍රීගේ පුතාත් මොකක්දෝ අලකලංචියක් පහුගියදා දාගත්තේය.)

වතුරට වඩා ලේ ගනකම් නිසා උඩින් නැතත් යටින් ඇමතිතුමා උදව් කලේද ඥාතියාටය. අදාල රියදුරුගේ පියා ලී මුදලාලි කෙනෙකු වූ නිසා ඔහුට පොලිසිය පමණක් නොව ඕනෑම කෙනෙකු ඇල්ලීම බොහෝම පහසු දෙයක් විය. ඒ ක්‍රම සහ විදි ඔහු මනාව දැන සිටියේය.

මගේ ඇස් ඉදිරිපිටදීම එතෙක් දිනපතා මට හමුවන පොලිස් නිලදාරීන් මගේ පැත්තෙ සිට ලී මුදලාලිගේ පැත්තට නැමුනේ හුලගට අසුවූ බට ගස් මෙනි. ඒත් මහනුවර අධිකරනයේ ජේයෂ්ඨ කනිෂ්ඨ සියලුම සහෝදර නීතීඥ මහත්වරු මහත්මීන් මා සමග සිටියේ යෝධ සෙවනැල්ලක් මෙනි. එය කෘතඥතා පූර්වකව සිහි කල යුතුය.

නඩුවට උසාවියට එන පොලිස් නිලධාරීන්ව ලී මුදලාලි අල්ලා තිබුනි. පොලිසියෙන් සාධරනය ඉටු නොවන බව තේරුම් ගත් මා පොලිසිය කලයුතු සමහර පරීක්ෂන කිරීමට ස්වේච්චාවෙන්ම පටන් ගත්තෙමි.

අදාල රියදුරු වූ ලී මුදලාලිගේ පුතාට බීමත්ව රිය පදවා අනතුරක් කර මිනිසෙකු යට කිරීමේ පෙර වරදක් ද තිබුනි. මා ඒ බව විමර්ෂනය කරන නිලදාරීන්ට කීවත් ඔවුන් එය සෙවීමට කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. පොලිසිය විසින් ලබා ගත යුතු අදාල සහතික පිටපත දව්ලගල පොලිසියට ගොස් ලබා ගත්තේද මා විසිනි.

බීමත්ව රිය පදවා (අනතුරක් සිදු නොකර හෝ) දෙවරක් අසුවූවොත් අදාල පුද්ගලයාට අනිවාර්ය වසරක සිර දඩුවමක් මහේස්ත්රාත්තුමා විසින් නියම කල යුතුවේ. නීතිය එයයි. දැන් අදාල රියදුරාට පෙර වරදකුත් ඇති නිසා දඩුවම අන්ධයෙකුටත් වැටහේ.

ඒත් නීතියෙ දෙව්දුවගේ ඇස් පෙනෙන්නෙ නැත. ඇය ඇත්තෙන්ම අන්ධ නැත. ඇගේ දෑස් රෙදි කඩකින් වසා තිබුනු බව මට එතෙක් අවබෝධවී තිබුනේද නැත.

මේ අතර නඩු දිනයට කලින්දා අප නිවසේ අපූරු සිදුවීමක් සිදුවී තිබුනි. අපේ නිවසට එහා ගෙදර සිටින්නේ මුස්ලිම් ජාතික ලී මුදලාලි කෙනෙකි. ඔවුන් අදටත් අපත් සමග ඉතාම කුලුපගව ආශ්‍රය කරන අයවලුන් ය. ඒ ලී මුදලාලිත් අර බීමත් රියදුරාගේ පියාත් එකට ලී බිස්නස් කරන අයයි.

එවිට මගේ පියා රෝහලෙන් පිටවී ගෙදර පැමින සිටියේය. පියාගේ සුවදුක් බැලීමට ආ මුස්ලිම් මුදලාලි "හෙට මාරසිංහ මුදලාලිගේ පුතා නිදහස් වෙනවා නේදැ"යි මගේ පියාගෙන් අසා ඇත. හවස නිවසට පැමිනි මට, මගේ පියා මේ බව කීවේය. "පෙරවැරැද්දකුත් ඇති අයෙකු නිදහස් වන්නෙ කෙසේදැ"යි කියා මං හෙන පොර ටෝකකුත් දුන්නෙමි.

දැන් නඩු දා උදාවිය. සාමාන්‍යයෙන් නීතිඥයෙකුගේ පුද්ගලික නඩුවකදි එම උසාවියේම නීතිඥයෙක් ඔහුට විරුද්දව පෙනී සිටින්නේ නැත. එයට තහනමක් නීතිමය බාධාවක් නැතත්, සාමාන්‍ය සිරිත එයයි. දැන් මගේ නඩුව වෙනුවෙන් මුලු මහනුවර උසාවියේම නීතිඥවරු හිටගත්තේය.

ඒත් කනගාටුවට කරුන නම් මට විරුද්ධවත් අප උසාවියේම නීතිඥයෙකුද හිට ගැනීමයි. ඔහුගෙ පුතාව ඔබ කවුරුත් දන්නවා ඇත.

ඒ නීතිඥයා නම් ලී මුදලාලිගේ නෑයෙකු වූ අස්පයින් පිටේ ඉස්කෝලේ ගිය බෙන්ස් කාර් තිබ්බ හාදයාගේ පියාය. අස්පයන් කෙසේ වෙතත් ගුරුවරයෙකුව සිට නීතිඥයෙකු වූ අස්ප මාංත්රීගේ පියාට වඩා එකල මගේ කාර් එක අලුත් එකක් විය.

මගේ පියාගේ නඩුව අඩ ගැසීය. විත්තිකරු වරද පිලිගත්තේය. අපේ පාර්ශවයෙන් නුවර උසාවියෙ සිටි ජේයෂ්ඨම නීතිඥ මහතා විසින් පෙර වැරදි වාර්තාවත් ඉදිරිපත් කලේය. නඩුකාරයාට විත්තිකරුට වසරක සිරදඩුවමක් සහ බරපතල දඩයක් හැර වෙනත් කිසිම අඩු දඩුවමක් නියම කිරීමට නොහැකිය.

ඒත් ඔබ පමනක් නොව අප කවුරුත් පුදුමයෙන් පුදුමයට පත්කරමින් විනිසුරුවරයා විත්තිකරුට රුපියල් පන්දාහක දඩයක් පමනක් නියම කලේය. අඩුම තරමේ ඔහුගේ රියදුරු බලපත්‍රයවත් අවලංගු කලේ නැත. මා උදේ හවා පෙනී සිටින්නේ ඒ අධිකරනයේය. ඒ විනිසුරුවරයා බීමත්ව රිය පදවා පලමු වරට අසුවන අයගේත් රිය බලපත්‍රය මාස හයකට මගේ පියාගේ නඩුවට පෙරත් පසුත් අවලංගු කලේය. බෙල්ලේ අස්ථි තුනක් කැඩී විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාත් විශේෂඥ අධිකරන වෛද්‍යවරයාත් බරපතල තුවාල ඇති බවට වාර්තා දෙකක් වෙන වෙනම දී තිබියදී ඇස් බැදගෙන සිටි නිසාදෝ නීතියෙ දෙවගනට ඒවා පෙනුනේ නැත.

හොදම කාරනය නම් මගේ පියාගේ අනතුර සිදුකල රියදුරා ඊට මාස දෙකකට පසුව නැවත වරක් බීමත්ව රිය පදවා කාන්තාවක් යටකර ඇයගෙ කකුලකුත් කපා ඉවත් කිරීමට සිදුවිය. මා දන්නා තරමින් ඒ නඩුපොතටවත් වූ දෙයක් නැත. ලී මුදලාලිලා එතරම්ම ප්රබලය.

ඒ සිදුවීම මා වැඩ කල උසාවියේ මගේ ඇදුම් ප්‍රසිද්ධියේ ගලවා දැමූවාක් මෙන් වූ සිදුවීමකි. ඒ විනිසුරුවරයා එසේ කිරීමට හේතු සියල්ලම A-Z මට සොයා ගැනීමට පසුව මට හැකිවිය. මුදල් ගනුදෙනුවක් සහ ස්ත්‍රී මාංශ ගනුදෙනුවක් ඒ අතර හුවමාරුවී තිබුනි. ඒත් ඒ කොටස මා මෙහි ලියන්නේ නැත. එසේ උවහොත් මාත් තවත් නීතිඥ සුගන්ධිකා කෙනෙකු වනවා ඇත.

නමුත් යමෙකුට පරීක්ෂනයක් කිරීමට අවශ්‍ය නම් තොරතුරු සියල්ලම මට ලබා දිය හැකිය.

ලංකාවේ සියලුම විනිසුරුවන් දූෂිත නැත. බහුතරයක්ම යහපත් අයය. පොලිස් නිලධාරීන්ද එසේය. යහපත් අය බොහෝ සිටිති. එයත් අවධාරනයෙන්ම කිව යුතුය.

මම කිසිම දවසක ලංකාව හැරදා පිටරටක පදිංචි වීමට බලාපොරොත්තු වී සිටි අයෙකු නොවෙමි. නමුත් එදායින් පසු මට ඒ උසාවියේ හිත හදා ගෙන වැඩකිරීමට නොහැකි තත්වයක් ඇතිවිය. පසුව අපට අපගේ මව් රට අතහැරදමා ඒමට ඒ සිදුවීම ප්‍රබලම හේතුවක් වුනි.

කෙසේ වෙතත් ඉන් මට යහපතක් මිස අයහපතක් සිදුවූයේ නැත.

මේ නන්නාදුනන රටේ මා උපන් මගේ මව් රටට වඩා හොදින්, මා නීතිය පැත්තෙන් සුරක්ෂිත බව නම් හොදාකාරව දනිමි. ඊට උදාහරන බොහෝ දිය හැකිය.

මා තවත් දෙයක් කිව යුතුය. රිය පදවන්නෙක් නම් රිය අනතුරක් හෙට මා අතින්ද ඔබ අතින්ද සිදුවිය හැකිය. ඒ ගැන කිසිම ගැටලුවක් නැත.

ඒත් යමෙකු මත්පැන් පානය කර රිය පදවන්නේ නම් එය සමාව දිය නොහැකි බරපතල වරදකි. එය මහින්දානන්දගේ පුතා කලත්, රංගෙ බංඩාරගේ පුතා කලත්, විජිත හේරත් කලත්, චම්පික රනවක කලත්, ලාල් කාන්ත කලත් නාමල් රාජපක්ෂ කලත් ඔබ කලත් මා කලත් බරපතල සමාව දිය නොහැකි වැරදකි. අනතුරට ලක්වන පුද්ගලයාත් ඔහුගේ ඥාතීනුත් ඉන් මහත් පීඩාවක් විදිති. එයට මුහුන දුන් අයෙකුට හැර වෙනත් අයෙකුට එය තේරුම් ගැනීමට පවා නොහැකිය.

මාත් හොදට කන බොන කෙනෙකි. ඒත් ඕස්ට්‍රේලියාවේ නම් බීමත්ව රිය පදවා අසුවූවොත් අගමැතිටවත් සමාවක් නැත. ඒ නිසා ඒ ගැන සිතුවිල්ලක්වත් පහලවන්නේ නැත.

ලංකාවේ සිටියදී මහනුවර පලාතේ සියලුම ට්‍රැෆික් පොලිස් නිලදාරීන්ව මා ඉතා හොදින්ම දැන අදුනාගෙන සිටියෙමි. අනතුරක් නොවුනි නම් කොතරම් බීමත්ව සිටියත් මාව අත් අඩංගුවට නොගන්නා බවත් දැන සිටියෙමි. ඒත් කිසිමදාක මත්පැන් පානය කල පසු මා රියදුරු අසුනක වාඩිවී නැත.

ඔබගෙන්ද කාරුනිකව ඉල්ලා සිටින්නෙ මත්පැන් පානය කලපසු රිය ධාවනය නොකර විකල්ප ප්‍රවාහන මාර්ගයක් සලසා ගන්නා ලෙසයි. එසේ නොමැති උවහොත් ඔබගේ සුලු ප්‍රමාද දෝෂයකින් වන පාඩුව ගැනිය නොහැකි තරම් විශාල එකක් වනවා ඇත.

-හිරන්ත හේරත්ි

[QUOTE="bravehearts, post: 24259706, member: 513648"] [b]නීතියෙ දෙව්දුවගේ ඇස් පෙනෙන්නෙ නැත[/b] [COLOR="Navy"][SIZE="4"]බීමත්ව රිය පැදවීම, ලාල් කාන්ත සහ මා ඕස්ට්‍රේලියාවට ආවේ ඇයි?...... ********** ඒ 2005 වසරේ දිනයකි. වෙලාව හවස තුන හමාරට විතර ඇත. මගෙ මොබයිලයට කෝල් එකකි. කෝල් එක එන්නෙ මගේ ඥාති සහෝදරයෙක් වන කෝසලගෙනි. "අයියා කලබල වෙන්න එපා. අංකල්ව (මගේ පියා) ඇක්සිඩන්ට් වෙලා නුවර හොස්පිටල් එකේ ඉමර්ජන්සි එකට ගෙනාවා. ටිකක් අමාරුයි වගේ ඔයා ඉක්මනට එන්න, මං අංකල් ලග ඉන්නවා." (Kosala) කෝසල එවකට නුවර රෝහල ඉදිරිපිට ෆාමසියක හිමිකරුවෙකි. කෝසල ඇක්සිඩන්ට් වූ මගේ පියාව දකින්නේද හරිම අහඹු ලෙසය. එවේලේ කෝසලගේ ෆමසියට වැඩිහිටි අයකු පැමින ඔහුගේ පපුව මැද රිදෙන බව පවසා බෙහෙතක් ඉල්ලා ඇත. ෆාමසිය ගෝලයාට බලා ගන්නැයි කියා පපුව රිදෙන පුද්ගලයාව රැගෙන කෝසල නුවර රෝහලට පැමින තිබේ. එවිට නාදුනන ත්‍රීරෝද රියදුරෙකු විසින් රෝහල් ගත කල මගේ පියාව අහම්බෙන් ඔහු දැක ඇත. එකල අලුත් පාරේ (විලියම් ගොපල්ලව මාවත) අද මෙන් වාහන තදබදයක් නැත. විනාඩි 7-8කින් උසාවියේ සිට රෝහලට යා හැකිය. මා ඒ අනතුර ගැන දැනගෙන මහනුවර රෝහලට යනවිට මගේ පියා සිටියේ සර්ජිකල් වෝඩ් එකේ ට්රොලියකය. සර්ජිකල් වෝඩ් එක රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ය. ඉන්ටර්න් හවුස් ඔෆිස යකා බැදගත්තා මෙන් වැඩය. එකල මගේ බිරිද මහනුවර රෝහලේම නිර්වින්දන වෛද්‍යවරියකි. ඉන්ටර්න් හවුස් ඔෆිසර්ට පෙර පියාව පරීක්ෂා කල මගේ බිරිද තොරතුරු අසා "සවයිකල් කොලරයක්" (cervical collar ) පැලදිය යුතු බවට නිගමනය කර සවයිකල් කොලරයක් දැම්මාය. CT ස්කෑනයකුත් විනාඩි කිහියකින් කලේය. බෙල්ලේ අස්ථි තුනක් කැඩී ඇති බවට වාර්තා විය. වහාම නියුරෝ වෝඩ් එකට ඇතුල් කලේය. ශල්‍යකර්මයක් කිරීම ඉතාම අවදානම් බව විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගෙ නිගමනය විය. විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පපුවත් වැහෙන පරිදි වූ විශේෂිත කොලරයක් නිර්දේශ කලේය. නමුත් ලංකාවේ කිසිම තැනක එවැන්නක් මිලදී ගැනීමට නොතිබිනි. මගේ පියාගේ බාල සහෝදරයා එංගලන්තයේ සිට ඒ කොලරයත් රුගෙන දින දෙකකින් ලංකාවට ආවේය. මේ ක්ෂිනික ප්‍රතිකාර වෙන අනතුරකට ලක්වූ අයෙකුට ලැබේදැයි මට කිව නොහැක. ඒ ප්‍රතිකාර නිසා මගේ පියාගෙ ජීවිතය බේරිනි. නමුත් මගේ පියා මාස දෙකක් මහනුවර රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලැබීය.ඒ අතරතුර වෙනත් විවිධ සංකූලතාද ඇතිවිය. මේ කාලය තුල මගේ අක්කාගේත් මගේත් රැකියා පවා පිලිවෙලකට කිරීමට අපට නොහැකි විය. මගේ පියාගේ සාමාන්‍ය ජීවිතය එම අනතුරින් පසුව සහමුලින්ම වෙනස් විය. අදටත් ඔහු ඒ අනතුරින් සිදුවූ අභ්‍යන්තර තුවාල වලින් පීඩා විදිමින් සිටී. ---------- දැන් එන්නේ ඔබ පුදුමයට පත්වන කොටසයි. කොළඹ-නුවර අලුත් පාරත් පරණ පාරත් ඇත්තේ අපේ නිවස අසලමය. මේ දෙක අතරින් ඇත්තේ කොළඹ නුවර කෝච්චි පාරය. අනතුර වූ දිනයේ මගේ පියා රේල්පාර දිගෙ නුවර දෙසට ඇවිදිමින් සිට ඇත. එවිට කන සාක්කුවේ වැටෙනකල් බීමත්ව සිටි රියදුරෙක් පරන පාරේ නුවර සිට කොළඹ දෙසට පැමිනෙමින් සිට ඇත. හදිස්සියේම ඔහු පොලීසිය දැක තිබේ. එවිට පොලිසියෙන් බේරීමට ගෙවල් වල මිදුල් උඩින් ඔහුගේ වෑන් රතය ධාවනය කර අලුත් පාරට ඒමට ඔහු උත්සාහා කර ඇත. එවිට රේල්පාරේ පීල්ලක වැදුනු වෑන් රතය උඩින් පැමින කරනම් තුනකුත් ගසා උඩුකුරුව අලුත් පාරට පෙරලී ඇත. මේ අවස්තාවේ රේල්පාරේ සිටි මගේ පියාව වෑන් රතයේ වැදී වෑන් රතයට කලින් ගොස් අගලකට විසිවී ඇත. රියදුරාට කිසිම තුවාලයක් නැත. ඒත් ඔහු එවක මහනුවර අතිරේක මහේස්ත්රාත්තුමියට ඉදිරිපත්කලේද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දෙපැත්තෙන් අල්ලාගෙනය. ඔහුට ඒ තරම් වෙරිය. බීමත් රියදුරන් විසින් පිම්බූ "බැලුන්" (Breathalyser) මං කොතෙකුත් දැක ඇත. ඒත් මේ රියදුරා පිම්බූ Breathalyser ය තද කොළ පැහැ වී තිබුනි. (Breathalyser මැද ඉරක් ඇත. රුධිරයේ මධ්‍යසාර ප්‍රමානය අදාල ප්‍රමානයට වැඩිපුර ඇත්නම් ඉර පහුකරගෙන කොළ පැහැතිවේ. අධික ලෙස බීමත් නම් බටය තද කොළ පැහැයක් ගනී) පසුව සොයා බැලීමේදී අදාල රියදුරා දව්ලගල ප්‍රදේශයේ ලී මුදලාලි කෙනෙකුගේ පුතෙකි. එවකට ප්‍රබල ඇමතිවරයෙකු වූ මාත් හොදින් අදුනන දැන් පොහොට්ටුවේ මංත්‍රී කෙනෙකු වන මහනුවර දිස්ත්‍රික්කයේ මංත්‍රීවරයෙකුගේ ඥාතියෙකි. (ඒ මංත්‍රීගේ පුතාත් මොකක්දෝ අලකලංචියක් පහුගියදා දාගත්තේය.) වතුරට වඩා ලේ ගනකම් නිසා උඩින් නැතත් යටින් ඇමතිතුමා උදව් කලේද ඥාතියාටය. අදාල රියදුරුගේ පියා ලී මුදලාලි කෙනෙකු වූ නිසා ඔහුට පොලිසිය පමණක් නොව ඕනෑම කෙනෙකු ඇල්ලීම බොහෝම පහසු දෙයක් විය. ඒ ක්‍රම සහ විදි ඔහු මනාව දැන සිටියේය. මගේ ඇස් ඉදිරිපිටදීම එතෙක් දිනපතා මට හමුවන පොලිස් නිලදාරීන් මගේ පැත්තෙ සිට ලී මුදලාලිගේ පැත්තට නැමුනේ හුලගට අසුවූ බට ගස් මෙනි. ඒත් මහනුවර අධිකරනයේ ජේයෂ්ඨ කනිෂ්ඨ සියලුම සහෝදර නීතීඥ මහත්වරු මහත්මීන් මා සමග සිටියේ යෝධ සෙවනැල්ලක් මෙනි. එය කෘතඥතා පූර්වකව සිහි කල යුතුය. නඩුවට උසාවියට එන පොලිස් නිලධාරීන්ව ලී මුදලාලි අල්ලා තිබුනි. පොලිසියෙන් සාධරනය ඉටු නොවන බව තේරුම් ගත් මා පොලිසිය කලයුතු සමහර පරීක්ෂන කිරීමට ස්වේච්චාවෙන්ම පටන් ගත්තෙමි. අදාල රියදුරු වූ ලී මුදලාලිගේ පුතාට බීමත්ව රිය පදවා අනතුරක් කර මිනිසෙකු යට කිරීමේ පෙර වරදක් ද තිබුනි. මා ඒ බව විමර්ෂනය කරන නිලදාරීන්ට කීවත් ඔවුන් එය සෙවීමට කිසිම උනන්දුවක් දැක්වූයේ නැත. පොලිසිය විසින් ලබා ගත යුතු අදාල සහතික පිටපත දව්ලගල පොලිසියට ගොස් ලබා ගත්තේද මා විසිනි. බීමත්ව රිය පදවා (අනතුරක් සිදු නොකර හෝ) දෙවරක් අසුවූවොත් අදාල පුද්ගලයාට අනිවාර්ය වසරක සිර දඩුවමක් මහේස්ත්රාත්තුමා විසින් නියම කල යුතුවේ. නීතිය එයයි. දැන් අදාල රියදුරාට පෙර වරදකුත් ඇති නිසා දඩුවම අන්ධයෙකුටත් වැටහේ. ඒත් නීතියෙ දෙව්දුවගේ ඇස් පෙනෙන්නෙ නැත. ඇය ඇත්තෙන්ම අන්ධ නැත. ඇගේ දෑස් රෙදි කඩකින් වසා තිබුනු බව මට එතෙක් අවබෝධවී තිබුනේද නැත. මේ අතර නඩු දිනයට කලින්දා අප නිවසේ අපූරු සිදුවීමක් සිදුවී තිබුනි. අපේ නිවසට එහා ගෙදර සිටින්නේ මුස්ලිම් ජාතික ලී මුදලාලි කෙනෙකි. ඔවුන් අදටත් අපත් සමග ඉතාම කුලුපගව ආශ්‍රය කරන අයවලුන් ය. ඒ ලී මුදලාලිත් අර බීමත් රියදුරාගේ පියාත් එකට ලී බිස්නස් කරන අයයි. එවිට මගේ පියා රෝහලෙන් පිටවී ගෙදර පැමින සිටියේය. පියාගේ සුවදුක් බැලීමට ආ මුස්ලිම් මුදලාලි "හෙට මාරසිංහ මුදලාලිගේ පුතා නිදහස් වෙනවා නේදැ"යි මගේ පියාගෙන් අසා ඇත. හවස නිවසට පැමිනි මට, මගේ පියා මේ බව කීවේය. "පෙරවැරැද්දකුත් ඇති අයෙකු නිදහස් වන්නෙ කෙසේදැ"යි කියා මං හෙන පොර ටෝකකුත් දුන්නෙමි. දැන් නඩු දා උදාවිය. සාමාන්‍යයෙන් නීතිඥයෙකුගේ පුද්ගලික නඩුවකදි එම උසාවියේම නීතිඥයෙක් ඔහුට විරුද්දව පෙනී සිටින්නේ නැත. එයට තහනමක් නීතිමය බාධාවක් නැතත්, සාමාන්‍ය සිරිත එයයි. දැන් මගේ නඩුව වෙනුවෙන් මුලු මහනුවර උසාවියේම නීතිඥවරු හිටගත්තේය. ඒත් කනගාටුවට කරුන නම් මට විරුද්ධවත් අප උසාවියේම නීතිඥයෙකුද හිට ගැනීමයි. ඔහුගෙ පුතාව ඔබ කවුරුත් දන්නවා ඇත. ඒ නීතිඥයා නම් ලී මුදලාලිගේ නෑයෙකු වූ අස්පයින් පිටේ ඉස්කෝලේ ගිය බෙන්ස් කාර් තිබ්බ හාදයාගේ පියාය. අස්පයන් කෙසේ වෙතත් ගුරුවරයෙකුව සිට නීතිඥයෙකු වූ අස්ප මාංත්රීගේ පියාට වඩා එකල මගේ කාර් එක අලුත් එකක් විය. මගේ පියාගේ නඩුව අඩ ගැසීය. විත්තිකරු වරද පිලිගත්තේය. අපේ පාර්ශවයෙන් නුවර උසාවියෙ සිටි ජේයෂ්ඨම නීතිඥ මහතා විසින් පෙර වැරදි වාර්තාවත් ඉදිරිපත් කලේය. නඩුකාරයාට විත්තිකරුට වසරක සිරදඩුවමක් සහ බරපතල දඩයක් හැර වෙනත් කිසිම අඩු දඩුවමක් නියම කිරීමට නොහැකිය. ඒත් ඔබ පමනක් නොව අප කවුරුත් පුදුමයෙන් පුදුමයට පත්කරමින් විනිසුරුවරයා විත්තිකරුට රුපියල් පන්දාහක දඩයක් පමනක් නියම කලේය. අඩුම තරමේ ඔහුගේ රියදුරු බලපත්‍රයවත් අවලංගු කලේ නැත. මා උදේ හවා පෙනී සිටින්නේ ඒ අධිකරනයේය. ඒ විනිසුරුවරයා බීමත්ව රිය පදවා පලමු වරට අසුවන අයගේත් රිය බලපත්‍රය මාස හයකට මගේ පියාගේ නඩුවට පෙරත් පසුත් අවලංගු කලේය. බෙල්ලේ අස්ථි තුනක් කැඩී විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාත් විශේෂඥ අධිකරන වෛද්‍යවරයාත් බරපතල තුවාල ඇති බවට වාර්තා දෙකක් වෙන වෙනම දී තිබියදී ඇස් බැදගෙන සිටි නිසාදෝ නීතියෙ දෙවගනට ඒවා පෙනුනේ නැත. හොදම කාරනය නම් මගේ පියාගේ අනතුර සිදුකල රියදුරා ඊට මාස දෙකකට පසුව නැවත වරක් බීමත්ව රිය පදවා කාන්තාවක් යටකර ඇයගෙ කකුලකුත් කපා ඉවත් කිරීමට සිදුවිය. මා දන්නා තරමින් ඒ නඩුපොතටවත් වූ දෙයක් නැත. ලී මුදලාලිලා එතරම්ම ප්රබලය. ඒ සිදුවීම මා වැඩ කල උසාවියේ මගේ ඇදුම් ප්‍රසිද්ධියේ ගලවා දැමූවාක් මෙන් වූ සිදුවීමකි. ඒ විනිසුරුවරයා එසේ කිරීමට හේතු සියල්ලම A-Z මට සොයා ගැනීමට පසුව මට හැකිවිය. මුදල් ගනුදෙනුවක් සහ ස්ත්‍රී මාංශ ගනුදෙනුවක් ඒ අතර හුවමාරුවී තිබුනි. ඒත් ඒ කොටස මා මෙහි ලියන්නේ නැත. එසේ උවහොත් මාත් තවත් නීතිඥ සුගන්ධිකා කෙනෙකු වනවා ඇත. නමුත් යමෙකුට පරීක්ෂනයක් කිරීමට අවශ්‍ය නම් තොරතුරු සියල්ලම මට ලබා දිය හැකිය. ලංකාවේ සියලුම විනිසුරුවන් දූෂිත නැත. බහුතරයක්ම යහපත් අයය. පොලිස් නිලධාරීන්ද එසේය. යහපත් අය බොහෝ සිටිති. එයත් අවධාරනයෙන්ම කිව යුතුය. මම කිසිම දවසක ලංකාව හැරදා පිටරටක පදිංචි වීමට බලාපොරොත්තු වී සිටි අයෙකු නොවෙමි. නමුත් එදායින් පසු මට ඒ උසාවියේ හිත හදා ගෙන වැඩකිරීමට නොහැකි තත්වයක් ඇතිවිය. පසුව අපට අපගේ මව් රට අතහැරදමා ඒමට ඒ සිදුවීම ප්‍රබලම හේතුවක් වුනි. කෙසේ වෙතත් ඉන් මට යහපතක් මිස අයහපතක් සිදුවූයේ නැත. මේ නන්නාදුනන රටේ මා උපන් මගේ මව් රටට වඩා හොදින්, මා නීතිය පැත්තෙන් සුරක්ෂිත බව නම් හොදාකාරව දනිමි. ඊට උදාහරන බොහෝ දිය හැකිය. මා තවත් දෙයක් කිව යුතුය. රිය පදවන්නෙක් නම් රිය අනතුරක් හෙට මා අතින්ද ඔබ අතින්ද සිදුවිය හැකිය. ඒ ගැන කිසිම ගැටලුවක් නැත. ඒත් යමෙකු මත්පැන් පානය කර රිය පදවන්නේ නම් එය සමාව දිය නොහැකි බරපතල වරදකි. එය මහින්දානන්දගේ පුතා කලත්, රංගෙ බංඩාරගේ පුතා කලත්, විජිත හේරත් කලත්, චම්පික රනවක කලත්, ලාල් කාන්ත කලත් නාමල් රාජපක්ෂ කලත් ඔබ කලත් මා කලත් බරපතල සමාව දිය නොහැකි වැරදකි. අනතුරට ලක්වන පුද්ගලයාත් ඔහුගේ ඥාතීනුත් ඉන් මහත් පීඩාවක් විදිති. එයට මුහුන දුන් අයෙකුට හැර වෙනත් අයෙකුට එය තේරුම් ගැනීමට පවා නොහැකිය. මාත් හොදට කන බොන කෙනෙකි. ඒත් ඕස්ට්‍රේලියාවේ නම් බීමත්ව රිය පදවා අසුවූවොත් අගමැතිටවත් සමාවක් නැත. ඒ නිසා ඒ ගැන සිතුවිල්ලක්වත් පහලවන්නේ නැත. ලංකාවේ සිටියදී මහනුවර පලාතේ සියලුම ට්‍රැෆික් පොලිස් නිලදාරීන්ව මා ඉතා හොදින්ම දැන අදුනාගෙන සිටියෙමි. අනතුරක් නොවුනි නම් කොතරම් බීමත්ව සිටියත් මාව අත් අඩංගුවට නොගන්නා බවත් දැන සිටියෙමි. ඒත් කිසිමදාක මත්පැන් පානය කල පසු මා රියදුරු අසුනක වාඩිවී නැත. ඔබගෙන්ද කාරුනිකව ඉල්ලා සිටින්නෙ මත්පැන් පානය කලපසු රිය ධාවනය නොකර විකල්ප ප්‍රවාහන මාර්ගයක් සලසා ගන්නා ලෙසයි. එසේ නොමැති උවහොත් ඔබගේ සුලු ප්‍රමාද දෝෂයකින් වන පාඩුව ගැනිය නොහැකි තරම් විශාල එකක් වනවා ඇත. -හිරන්ත හේරත්ි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom