Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන යුගයේ ගුප්තජනකම අභිරහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන යුගයේ ගුප්තජනකම අභිරහස

රුසියාවේ යූරල් කඳුකරයේදී 1959 වර්ශයේදී සිදුවූ අද්භූත සිදුවීමක් ලොව පුරා "The Dyatlov Pass Incident" නමින් ප්‍රසිද්ධියට පත් උනා. කඳු නගින්නන් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩාමයකින් නව දෙනෙකු පැහැදිලි කරගත නොහැකි වූ අද්භූත ආකාරයකින් මිය ගියා. සෙල්සියස් අංශක -30 ක තරම් අඩු උෂ්ණත්වයක් සහිත තත්වයකදී අති දුශ්කර ගමනක නිරතව සිටියදීයි මොවුන්ට මරණයට මුහුණ දෙන්නට සිදු උනේ. 1959 පෙබරවාරි 2 වනදා රාත්‍රියේ මෙම කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන් නිදා සිටි කූඩාරම ඇතුලතින් ඉරාගෙන එලියට පැමිණ අධික ශීතල හිම කතරේ දුවගොස් තිබුනේ ඔවුන් රාත්‍රියට ඇඳ සිටි ඇඳුම් පිටින්මයි.

සති තුනකට පසුව කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකුගේ මළසිරුරු ඔවුන් නවාතැන් ගෙන සිටි කඳවුරේ (කූඩාරමේ) සිට මීටර් සිය ගණනක් පහලින් වූ බෑවුමක තිබී හමු උනා. ඉතිරි සාමාජිකයන් සිව් දෙනාගේ මළ සිරුරු සොයාගැනීමට සෝදිසි මෙහෙයුම් වල නිරත වූවන් හට තවත් මාස දෙකක් ගත උනා. පුදුමයකට මෙන් මෙම සිව්දෙනාම සම්පූර්ණ ඇඳුම් වලින් සැරසී සිට තිබෙනවා. පසුව කල පරීක්ෂණ වලින් මොවුන්ගේ ඇඳුම්වල අධික විකිරණශීලීතාවයක් තිබෙන බව සොයා ගනු ලැබුවා. එමෙන්ම මොවුන්ගෙන් සමහරක් අයගේ අස්ථි සහ හිස් කබල් බිඳී තිබෙන බවත් අනාවරණය උනා. මෙම කාරණා දෙක හැරුණු කොට අපරාධයක් සිදුවූ බවට වෙනත් සාක්ෂි නොමැති බව පවසමින් රුසියානු බලධාරීන් ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු අතහැර දමනු ලැබුවා.

කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙක්

කඳු නගින්නන්, යූරල් ප්‍රාන්ත තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්. මොවුන් සියල්ලන්ම කඳු තරණයෙහි ලා හොඳ අත්දැකීම් තිබූ අය. මෙම ගමන සංවිධානය කලේ 23 හැවිරිදි ඉගෝර් ඩයාට්ලෝව් විසින්. අරමුණ යූරල් කඳුවැටියේ ඔර්ටෝටන් කඳු ශිඛර ගවේෂණය කිරීමයි. ගමන ආරම්භ කලේ 1959 ජනවාරි 28 වන දිනයි. මෙම සිදුවීමෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූ යූරි යුඩින් කඳුවැටිය කරා එන ගමනේදී අසනීප විය. එම හේතුවෙන් ඔහු අතරමග ගම්මානයක නතර විය. අනෙකුත් සාමාජිකයන් නව දෙනා දිගටම ගමනේ නිරත වූහ.

දිවි ගලවාගත් එකම තැනැත්තා යූරි යුඩීන්, කණ්ඩායමෙන් වෙන්වූ මොහොතේදී ලුඩ්මිනා ඩුබිනිනා විසින් වැළඳගත් අයුරු. පසෙකින් බලා සිටින්නේ කණ්ඩායම් නායක ඉගෝර් ඩයාට්ලෝව්.

කඳු නගින්නන් කණ්ඩායම පෙබරවාරි දෙවනදා සැන්දෑ භාගය එළඹෙද්දී ඔර්ටෝටන් කන්දට ආසන්නයේ පිහිටි කන්දක කඳවුරු තැනූහ. මේ බව සනාථ වූයේ පසුව හමුවූ කඳු නගින්නන් කණ්ඩායමේ කැමරාවක සටහන් වූ ඡායාරූපයකිනි.

මොවුන් කඳවුරු ගැසූ කන්ද මෙම පළාතේ මිනිසුන් හඳුන්වන්නේ "Kholat Syakhl" නමින්. මෙහි අරුත මරණයේ කඳුකරය යන්නයි. මොවුන් කූඩාරම් ගැසීමට මෙම ස්ථානය තෝරාගත්තේ ඇයිද යන්න ගැටලුවක්. මන්ද මෙතැනට සැතපුමක් පමණ ඈතින් කැලෑබද පෙදෙසක් තිබෙන බැවින්. කලෑබද පෙදෙස පසුකර ඉදිරියට නොගියානම් නැතහොත් මෙම ප්‍රදේශය දක්වා ආපසු පැමිණියානම් ඔවුන්ට අධික ශීතල කාලගුණ තත්වයට අමතර ආවරණයක් ලබා ගැනීමට හැකියාව තිබුනා. පසුව සොයාගත් ඡායාරූප වලින් පෙනීගිය ආකාරයට ඔවුන්ට කාලය පිළිබඳ ගැටලුවකුත් තිබී නැහැ. එසේනම් වැඩි ආවරණයක් සහිත කලෑබද පෙදෙසට නොගොස් කඳු බෑවුමේ කූඩාරම් තැනුවේ ඇයිද යන්න ගැටලුකාරී තත්වයක් නමුත් එය එතරම්ම දරුණු ලෙස සැළකිල්ලට ගතයුතු තත්වයකුත් නොවෙයි.

"ආපසු පැමිණ තමන් ආවරණය කල දුර ප්‍රමාණයේ වාසිය අඩුකර ගැනීමට ඩයාට්ලෝව් අකමැති වූවා වන්නට පුලුවන්. නැතිනම් කඳු බෑවුමක කඳවුරු ගසා අත්දැකීම් ලබා ගැනීමට ඔහුට උවමනා වූවා වන්නටත් පුලුවන්." යූරි යුඩීන් විසින් පසුකාලීනව මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබෙනවා.

මෙම කඳවුර ගමනාන්තයට ළඟාවීමට පෙර ඔවුන්ගේ අවසන් කඳවුර වීමට නියමිතව තිබුනා. පෙබරවාරි 12 වන දින වනවිට ඔවුන් ආපසු පැමිණීමට බලාපොරොත්තු වන බව ඩයාට්ලෝව් ගමන ආරම්භ කිරීමට පෙර පවසා තිබුනා. නමුත් තමන් මීට වඩා ප්‍රමාද විය හැකි බවත් ඔහු විසින් පවසා තිබුනා. එමනිසා යම් අනතුරක් පිළිබඳ අදහස් මතු වන්නට පටන් ගත්තේ පෙබරවාරි 20 වන දින පමණ වන විටයි. 26 වන දින මොවුන්ගේ කඳවුර සොයා ගැනීමට සෝදිසි කණ්ඩායම් සමත් විය.

කඳු නගින්නන්ගේ කූඩාරම 1959 පෙබරවාරි 26 වන දින සොයාගන්නා විට තිබූ ආකාරය

පසුව මෙම ස්ථානය පරීක්ෂා කල බලධාරීන් කූඩාරම ඇතුල් පැත්තෙන් කපා ඉරා දමා ඇති බව සොයාගනු ලැබුවා. එසේම කූඩාරමෙන් එලියට දිවෙන පුද්ගලයන් අට දෙනෙකුගේ හෝ නම දෙනෙකුගේ පා සටහන්ද සොයා ගනු ලැබුවා. මෙම පා සටහන් යොමුවී තිබුනේ කැලෑබද ප්‍රදේශය දෙසටයි (කඳු බෑවුම දෙසට ). සෝදිසි කණ්ඩායම් සොයාගත් පරිදි කඳු නගින්නන් ඔවුන්ගේ පාවහන් කූඩාරමේ දමා දිවගොස් තිබෙනවා. සමහර අය මේස් පැළඳ සිට ඇති අතර අනෙක් අය නිරුවත් පාද වලිනුයි දිවගොස් තිබෙන්නේ. මෙයින් කියවෙන්නේ තමන් නිදා සිටි කූඩාරම කපා දමා පාවහන් පැළඳීමටවත් පමානොවී අධික ශීතල හිම කතරට පැන ඔවුන් දිවගොස් ඇති බවයි. එසේම වෙනත් පිටස්තර පුද්ගලයන් පැමිණි බවට එකදු සළකුණක්වත් නොමැති අතර කණ්ඩායමේ සාමාජිකයන් අතර ප්‍රශ්නයක් ඇතිවූ බවටත් සාක්ෂි නැහැ.

පළමු මළසිරුරු දෙක හමුවූයේ කැලෑබද පෙදෙස ආරම්භ වන ස්ථානයේ පයින් ගසක් යට තිබියදීයි. මෙම කැලෑබද පෙදෙස ඇත්තේ කූඩාරමේ සිට සැතපුමක් පමණ දුරින් වන අතර මෙම දුරින් තුනෙන් එකක පමණ දුරක් යනවිට පා සටහන් අතුරුදහන් වී තිබුනා. මෙයට හේතුව සෝදිසි කණ්ඩායම් පැමිණි කාලය වනවිට අලුතින් හිම පතනය වීම වන්නට පුලුවන්. මෙම මළසිරුරු දෙකෙහිම යට ඇඳුම් පමණක් දක්නට ලැබුනු අතර දෙදෙනාම පාවහන් වත් මේස්වත් පැළඳ සිට නැහැ. වාර්තා වලට අනුව මළසිරුරු හමුවූ ස්ථානය ආසන්නයේ පිහිටි ගසේ ඉහළ අතු කඩාවැටී තිබෙනවා. මෙයින් ඇඟවෙන්නේ කෙනෙකු ගසේ නගින්නට උත්සාහ දරා ඇති බවයි. එමෙන්ම මීට ආසන්නයේ ගිනිගොඩක සළකුණුද දක්නට ලැබී තිබෙනවා.

තවත් මළසිරුරු තුනක් මෙම ස්ථානයත් කඳවුරත් අතරමැද ස්ථාන වල තිබී හමුවී තිබෙනවා. කණ්ඩායම් නායක ඩයාට්ලෝව්ගේ මළ සිරුරත් මීට ඇතුලත්. මළසිරුරු වැටී තිබූ ආකාරය අනුව තීරණය වූයේ ඔවුන් නැවතත් කඳවුර දෙසට ගමන් කරන්නට ඇති බවයි. මින් එක් මළසිරුරක හිස් කබල බිඳීගොස් තිබූ අතර එය එතරම්ම බරපතල එකක් නොවන බව වෛද්‍ය මතය උනා. මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණ කටයුතු නතර වූයේ මොවුන් පස් දෙනාම 'හයිපොතර්මියා' තත්වයෙන් (ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන උෂ්ණත්වයට වඩා පහත උෂ්ණත්වයකට පත්වීම ) මියගිය බවට වෛද්‍යවරු නිගමනය කල පසුවයි.

ඉතිරි මළසිරුරු හතර සොයාගැනීමට තවත් මාස දෙකක කාලයක් ගත විය. අවසානයේදී මෙම මළසිරුරු සොයාගත්තේ පෙරකී ගසේ සිට තවත් අඩි සිය ගණනක් පහළ බෑවුමේ පිහිටි ඇගිලියක අඩි 12ක් පමණ ගැඹුරු හිම තට්ටුවකින් වැසී තිබියදීයි. මොවුන් සිව් දෙනාම භයානක මරණයකට මුහුණදී තිබුනා. එක් අයෙකුගේ (නිකොලස් තයිබෝ-බ්රිග්නොලෙල්) හිස් කබල බිඳීගොස් තිබුනි. තවත් අයෙකුගේ (ඇලෙක්සැන්ඩර් සොලොටැරියෝව්) ඉළඇට බිඳී තිබුනි. තවත් අයෙකුගේ (ලුඩ්මිලා ඩුබිනිනා) ඉළඇට බිඳී තිබීමට අමතරව තවත් පුදුමාකර යමක් සිදුව තිබුනි. එනම් ඇයගේ දිව අතුරුදහන්ව තිබුනි.

මොවුන් සිව්දෙනා උදව් සොයා ගමන් කල බවට සැකයක් නැහැ. මෙසේ ගමන් කරද්දී මොවුන් ඇගිලියට ඇද වැටුනා වන්නට පුලුවන්. නමුත් ඩුබිනිනාගේ දිව අතුරුදහන් වූයේ කෙසේද යන්න විශාල ගැටලුවක්. මොවුන්ට කඳුකර වැසියන් පහරදෙන්නට ඇතැයි සමහරුන් මත පල කරනවා. නමුත් මළසිරුරුවල දක්නට තිබූ අස්ථි බිඳීම් මිනිසෙකුට පහරදී සිදුකල නොහැකි ආකාරයේ ඒවා බවට වෛද්‍ය වරු ප්‍රකාශ කලා. ඒ මළසිරුරු වල අස්ථි බිඳී ගොස් තිබුනත් පිටතින් විශාල තුවාල දක්නට නොතිබූ බැවින්.

"මෙම තුවාල හරියට මෝටර් රථ අනතුරකින් ඇතිවන ඒවා වගෙයි." සිදුවීම සම්බන්ධව ක්‍රියාකල වෛද්‍යවරයෙකු වන බොරිස් වොසොස්ඩෙනි පවසනවා.

අවසන් සිව් දෙනා මුල් පස් දෙනාට වඩා හොඳින් හැඳ පැළඳ සිට තිබෙනවා. පෙනීයන ආකාරයට ඔවුන්ගේ ගමන අතරතුරේදී ඔවුන් මුලින් මියගිය අයගේ ඇඳුම් ගලවාගෙන තිබෙනවා. අභිරහසේ තත්වය තවත් උග්‍ර වන්නේ අවසන් සිව්දෙනාගේ ඇඳුම් වල විකිරණශීලි තත්වයක් පෙන්නුම් කිරීම නිසාවෙන්. මෙම විකිරණශීලීතාවය හැරුනු කොට මෙම සිදුවීම් පෙලට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්නට පුලුවන්. එනම් මොවුන් 'හයිපොතර්මියා' රෝගයට (තත්වයට ) ගොදුරු වන්නට ඇති බවයි. මෙය සිදුවූ ආකාරයටත් පැහැදිලි කිරීමක් තිබෙනවා. මොවුන් කඳවුරු ගසා තිබුනේ කඳු බෑවුමකයි. මොවුන් රාත්‍රියේ කූඩාරම තුල නිදා සිටින විට සිදුවූ හිමධාවයකින් මොවුන්ගේ කූඩාරම වැසී යාම නිසා මොවුන් අධික ශීතලකට නිරාවරණය වූවා වන්නට පුලුවන්. (හිමධාවයක් යනු කඳු මුදුනක සිට බෑවුම් දිගේ හිම කඩා වැටෙන තත්වයක්.) මෙසේ හිමෙන් වැසී සිටි කාලය තුල මොවුන් හයිපොර්තමියා තත්වයට ගොදුරු වූවා වන්නට පුලුවන්. මෙය හදිසියේම කූඩාරම කපාගෙන එලියට පැන දිවීමටත් ගැලපෙන පැහැදිලි කිරීමක් වන අතර පස් දෙනෙකුගේම මරණයට හේතුව හයිපොර්තර්මියා බව නිගමනය වීමත් මෙම මතයට හොඳින් ගැලපෙනවා.

කෙසේ වෙතත් විකිරණශීලිතවයක් ඇඳුම් වල දක්නට ලැබීම නම් අමුතුම සිදුවීමක්. එමෙන්ම මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන නොයාමට ගත් තීරණයත් සැක සහිතයි. එමෙන්ම මෙම සිදුවීම සිදුවූ කාල සීමාවේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් පුදුමාකාර සිදුවීමක් සිදුව තිබෙනවා. එනම් මෙම ප්‍රදේශයේ අහසේ දිලිසෙන පියාඹන පීරිසි දුටු බවට විවිධ ප්‍රකාශ ඉදිරිපත් වීමයි. මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ප්‍රධානියා වන ලෙව් ඉවනොව් මේ ගැන මෙසේ ප්‍රකාශ කර තිබුනා. "මම මුල සිටම සැක කලා මෙම පියාඹන පීරිසි මොවුන්ගේ මරණ සමග කෙලින්ම සම්බන්ධ බවට. දැන්නම් මට ඒ ගැන සැකයක් නැහැ." මොහු මෙසේ පැවසුවේ විකිරණශීලීතාවය සම්බන්ධ කාරණා එලිවීම නිසා. එසේම පරීක්ෂණ කටයුතු නවතා දමන ලෙසට සෝවියට් බළධාරීන්ගෙන් නියෝග ලැබුන බවටත් ඔහු පවසා තිබෙනවා.

කඳු නගින්නන් කණ්ඩායම සෝවියට් හමුදා පරීක්ෂණ කඳවුරක් වෙත අහම්බෙන් පැමිණෙන්නට ඇති බවටත් එහිදී හසුවූ ඔවුන්ව මරා දමන්නට ඇති බවටත් අදහස් පළවී තිබෙනවා. විකිරණශීලීතාවය සම්බන්ධ කාරණා ගැන මෙමගින් පැහැදිලි කලහැකි වුවත් මළසිරුරුවල අස්ථි බිඳීයාම් ගැන මෙමගින් පහදන්නට බැහැ.

මෙම කඳුකරය සම්බන්ධව තවත් පුදුමාකාර කරුණක් තිබෙනවා. අංක නවය මෙම කඳුකරයේ සිදුවූ බේදවාචක තුනකදීම සඳහන් වෙනවා. පුරාණ ජනකතා වල මෙහි ස්වදේශිකයන් නව දෙනෙකු මියයාමේ සිද්ධියක් වාර්තා වෙනවා. මෙම කඳු නගින්නන්ගේ සිදුවීමේදීත් මියගිය ගණන නවයක්. එසේම 1991 වසරේදී සිදුවූ ගුවන් අනතුරකිනුත් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් උනා.

හිමධාවයක් සම්බන්ධ කරගෙන කර ඇති පැහැදිලි කිරීම වඩාත්ම පිළිගත හැකි පැහැදිලි කිරීමයි. නමුත් මෙම ලෝකයේ අප නොදන්නා අත් නොදුටු දේවල් කොපමණ නම් තිබේද? හරියටම සිදුවූයේ කුමක්දැයි දන්නේ කඳු නගින්නන් නම දෙනා පමණි. ඔවුන් සමගම ඔවුන්ගේ මරණයේ රහස වැළලී ගොසිනි.

මෙම සිදුවීම සම්බන්ධ කරගෙන පසුගිය වසරේදී "The Dyatlov Pass Incident" නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කෙරුනා. මෙම චිත්‍රපටයත් ඉතා හොඳ රසවිඳින්නට හැකි චිත්‍රපටයක්. මෙම සිදුවීම සම්බන්ධව උනන්දුවක් දක්වන අය නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුන්වන්නට පුලුවන්.

source http://dhiyatha.blogspot.com/2014/05/dyatlov-pass-incident.html

[QUOTE="Dilshankgc, post: 18224464, member: 458219"] [b]නූතන යුගයේ ගුප්තජනකම අභිරහස[/b] [SIZE="4"]රුසියාවේ යූරල් කඳුකරයේදී 1959 වර්ශයේදී සිදුවූ අද්භූත සිදුවීමක් ලොව පුරා "The Dyatlov Pass Incident" නමින් ප්‍රසිද්ධියට පත් උනා. කඳු නගින්නන් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩාමයකින් නව දෙනෙකු පැහැදිලි කරගත නොහැකි වූ අද්භූත ආකාරයකින් මිය ගියා. සෙල්සියස් අංශක -30 ක තරම් අඩු උෂ්ණත්වයක් සහිත තත්වයකදී අති දුශ්කර ගමනක නිරතව සිටියදීයි මොවුන්ට මරණයට මුහුණ දෙන්නට සිදු උනේ. 1959 පෙබරවාරි 2 වනදා රාත්‍රියේ මෙම කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන් නිදා සිටි කූඩාරම ඇතුලතින් ඉරාගෙන එලියට පැමිණ අධික ශීතල හිම කතරේ දුවගොස් තිබුනේ ඔවුන් රාත්‍රියට ඇඳ සිටි ඇඳුම් පිටින්මයි. සති තුනකට පසුව කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකුගේ මළසිරුරු ඔවුන් නවාතැන් ගෙන සිටි කඳවුරේ (කූඩාරමේ) සිට මීටර් සිය ගණනක් පහලින් වූ බෑවුමක තිබී හමු උනා. ඉතිරි සාමාජිකයන් සිව් දෙනාගේ මළ සිරුරු සොයාගැනීමට සෝදිසි මෙහෙයුම් වල නිරත වූවන් හට තවත් මාස දෙකක් ගත උනා. පුදුමයකට මෙන් මෙම සිව්දෙනාම සම්පූර්ණ ඇඳුම් වලින් සැරසී සිට තිබෙනවා. පසුව කල පරීක්ෂණ වලින් මොවුන්ගේ ඇඳුම්වල අධික විකිරණශීලීතාවයක් තිබෙන බව සොයා ගනු ලැබුවා. එමෙන්ම මොවුන්ගෙන් සමහරක් අයගේ අස්ථි සහ හිස් කබල් බිඳී තිබෙන බවත් අනාවරණය උනා. මෙම කාරණා දෙක හැරුණු කොට අපරාධයක් සිදුවූ බවට වෙනත් සාක්ෂි නොමැති බව පවසමින් රුසියානු බලධාරීන් ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු අතහැර දමනු ලැබුවා. [SIZE="4"][COLOR="Red"]කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙක්[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-lN4blbHDFY0/U2ONm9Z6e5I/AAAAAAAAAX0/VPxJVE2LlhE/s1600/fortean_times_3267_12.jpg[/IMG] කඳු නගින්නන්, යූරල් ප්‍රාන්ත තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්. මොවුන් සියල්ලන්ම කඳු තරණයෙහි ලා හොඳ අත්දැකීම් තිබූ අය. මෙම ගමන සංවිධානය කලේ 23 හැවිරිදි ඉගෝර් ඩයාට්ලෝව් විසින්. අරමුණ යූරල් කඳුවැටියේ ඔර්ටෝටන් කඳු ශිඛර ගවේෂණය කිරීමයි. ගමන ආරම්භ කලේ 1959 ජනවාරි 28 වන දිනයි. මෙම සිදුවීමෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූ යූරි යුඩින් කඳුවැටිය කරා එන ගමනේදී අසනීප විය. එම හේතුවෙන් ඔහු අතරමග ගම්මානයක නතර විය. අනෙකුත් සාමාජිකයන් නව දෙනා දිගටම ගමනේ නිරත වූහ. [IMG]http://4.bp.blogspot.com/-B51AMYPOcw0/U2OOEnHD0WI/AAAAAAAAAX8/oZ10LYmHkHU/s1600/fortean_times_3268_5.jpg[/IMG] [COLOR="red"][SIZE="3"][COLOR="Red"]දිවි ගලවාගත් එකම තැනැත්තා යූරි යුඩීන්, කණ්ඩායමෙන් වෙන්වූ මොහොතේදී ලුඩ්මිනා ඩුබිනිනා විසින් වැළඳගත් අයුරු. පසෙකින් බලා සිටින්නේ කණ්ඩායම් නායක ඉගෝර් ඩයාට්ලෝව්.[/COLOR][/SIZE][/COLOR] කඳු නගින්නන් කණ්ඩායම පෙබරවාරි දෙවනදා සැන්දෑ භාගය එළඹෙද්දී ඔර්ටෝටන් කන්දට ආසන්නයේ පිහිටි කන්දක කඳවුරු තැනූහ. මේ බව සනාථ වූයේ පසුව හමුවූ කඳු නගින්නන් කණ්ඩායමේ කැමරාවක සටහන් වූ ඡායාරූපයකිනි. මොවුන් කඳවුරු ගැසූ කන්ද මෙම පළාතේ මිනිසුන් හඳුන්වන්නේ "Kholat Syakhl" නමින්. මෙහි අරුත මරණයේ කඳුකරය යන්නයි. මොවුන් කූඩාරම් ගැසීමට මෙම ස්ථානය තෝරාගත්තේ ඇයිද යන්න ගැටලුවක්. මන්ද මෙතැනට සැතපුමක් පමණ ඈතින් කැලෑබද පෙදෙසක් තිබෙන බැවින්. කලෑබද පෙදෙස පසුකර ඉදිරියට නොගියානම් නැතහොත් මෙම ප්‍රදේශය දක්වා ආපසු පැමිණියානම් ඔවුන්ට අධික ශීතල කාලගුණ තත්වයට අමතර ආවරණයක් ලබා ගැනීමට හැකියාව තිබුනා. පසුව සොයාගත් ඡායාරූප වලින් පෙනීගිය ආකාරයට ඔවුන්ට කාලය පිළිබඳ ගැටලුවකුත් තිබී නැහැ. එසේනම් වැඩි ආවරණයක් සහිත කලෑබද පෙදෙසට නොගොස් කඳු බෑවුමේ කූඩාරම් තැනුවේ ඇයිද යන්න ගැටලුකාරී තත්වයක් නමුත් එය එතරම්ම දරුණු ලෙස සැළකිල්ලට ගතයුතු තත්වයකුත් නොවෙයි. "ආපසු පැමිණ තමන් ආවරණය කල දුර ප්‍රමාණයේ වාසිය අඩුකර ගැනීමට ඩයාට්ලෝව් අකමැති වූවා වන්නට පුලුවන්. නැතිනම් කඳු බෑවුමක කඳවුරු ගසා අත්දැකීම් ලබා ගැනීමට ඔහුට උවමනා වූවා වන්නටත් පුලුවන්." යූරි යුඩීන් විසින් පසුකාලීනව මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබෙනවා. මෙම කඳවුර ගමනාන්තයට ළඟාවීමට පෙර ඔවුන්ගේ අවසන් කඳවුර වීමට නියමිතව තිබුනා. පෙබරවාරි 12 වන දින වනවිට ඔවුන් ආපසු පැමිණීමට බලාපොරොත්තු වන බව ඩයාට්ලෝව් ගමන ආරම්භ කිරීමට පෙර පවසා තිබුනා. නමුත් තමන් මීට වඩා ප්‍රමාද විය හැකි බවත් ඔහු විසින් පවසා තිබුනා. එමනිසා යම් අනතුරක් පිළිබඳ අදහස් මතු වන්නට පටන් ගත්තේ පෙබරවාරි 20 වන දින පමණ වන විටයි. 26 වන දින මොවුන්ගේ කඳවුර සොයා ගැනීමට සෝදිසි කණ්ඩායම් සමත් විය. [IMG]http://2.bp.blogspot.com/-o-A_jovaVcA/U2OKWhkTgZI/AAAAAAAAAXs/PLvYs0nVOYU/s1600/fortean_times_3270_5.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]කඳු නගින්නන්ගේ කූඩාරම 1959 පෙබරවාරි 26 වන දින සොයාගන්නා විට තිබූ ආකාරය[/COLOR][/SIZE] පසුව මෙම ස්ථානය පරීක්ෂා කල බලධාරීන් කූඩාරම ඇතුල් පැත්තෙන් කපා ඉරා දමා ඇති බව සොයාගනු ලැබුවා. එසේම කූඩාරමෙන් එලියට දිවෙන පුද්ගලයන් අට දෙනෙකුගේ හෝ නම දෙනෙකුගේ පා සටහන්ද සොයා ගනු ලැබුවා. මෙම පා සටහන් යොමුවී තිබුනේ කැලෑබද ප්‍රදේශය දෙසටයි (කඳු බෑවුම දෙසට ). සෝදිසි කණ්ඩායම් සොයාගත් පරිදි කඳු නගින්නන් ඔවුන්ගේ පාවහන් කූඩාරමේ දමා දිවගොස් තිබෙනවා. සමහර අය මේස් පැළඳ සිට ඇති අතර අනෙක් අය නිරුවත් පාද වලිනුයි දිවගොස් තිබෙන්නේ. මෙයින් කියවෙන්නේ තමන් නිදා සිටි කූඩාරම කපා දමා පාවහන් පැළඳීමටවත් පමානොවී අධික ශීතල හිම කතරට පැන ඔවුන් දිවගොස් ඇති බවයි. එසේම වෙනත් පිටස්තර පුද්ගලයන් පැමිණි බවට එකදු සළකුණක්වත් නොමැති අතර කණ්ඩායමේ සාමාජිකයන් අතර ප්‍රශ්නයක් ඇතිවූ බවටත් සාක්ෂි නැහැ. පළමු මළසිරුරු දෙක හමුවූයේ කැලෑබද පෙදෙස ආරම්භ වන ස්ථානයේ පයින් ගසක් යට තිබියදීයි. මෙම කැලෑබද පෙදෙස ඇත්තේ කූඩාරමේ සිට සැතපුමක් පමණ දුරින් වන අතර මෙම දුරින් තුනෙන් එකක පමණ දුරක් යනවිට පා සටහන් අතුරුදහන් වී තිබුනා. මෙයට හේතුව සෝදිසි කණ්ඩායම් පැමිණි කාලය වනවිට අලුතින් හිම පතනය වීම වන්නට පුලුවන්. මෙම මළසිරුරු දෙකෙහිම යට ඇඳුම් පමණක් දක්නට ලැබුනු අතර දෙදෙනාම පාවහන් වත් මේස්වත් පැළඳ සිට නැහැ. වාර්තා වලට අනුව මළසිරුරු හමුවූ ස්ථානය ආසන්නයේ පිහිටි ගසේ ඉහළ අතු කඩාවැටී තිබෙනවා. මෙයින් ඇඟවෙන්නේ කෙනෙකු ගසේ නගින්නට උත්සාහ දරා ඇති බවයි. එමෙන්ම මීට ආසන්නයේ ගිනිගොඩක සළකුණුද දක්නට ලැබී තිබෙනවා. තවත් මළසිරුරු තුනක් මෙම ස්ථානයත් කඳවුරත් අතරමැද ස්ථාන වල තිබී හමුවී තිබෙනවා. කණ්ඩායම් නායක ඩයාට්ලෝව්ගේ මළ සිරුරත් මීට ඇතුලත්. මළසිරුරු වැටී තිබූ ආකාරය අනුව තීරණය වූයේ ඔවුන් නැවතත් කඳවුර දෙසට ගමන් කරන්නට ඇති බවයි. මින් එක් මළසිරුරක හිස් කබල බිඳීගොස් තිබූ අතර එය එතරම්ම බරපතල එකක් නොවන බව වෛද්‍ය මතය උනා. මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණ කටයුතු නතර වූයේ මොවුන් පස් දෙනාම 'හයිපොතර්මියා' තත්වයෙන් (ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන උෂ්ණත්වයට වඩා පහත උෂ්ණත්වයකට පත්වීම ) මියගිය බවට වෛද්‍යවරු නිගමනය කල පසුවයි. ඉතිරි මළසිරුරු හතර සොයාගැනීමට තවත් මාස දෙකක කාලයක් ගත විය. අවසානයේදී මෙම මළසිරුරු සොයාගත්තේ පෙරකී ගසේ සිට තවත් අඩි සිය ගණනක් පහළ බෑවුමේ පිහිටි ඇගිලියක අඩි 12ක් පමණ ගැඹුරු හිම තට්ටුවකින් වැසී තිබියදීයි. මොවුන් සිව් දෙනාම භයානක මරණයකට මුහුණදී තිබුනා. එක් අයෙකුගේ (නිකොලස් තයිබෝ-බ්රිග්නොලෙල්) හිස් කබල බිඳීගොස් තිබුනි. තවත් අයෙකුගේ (ඇලෙක්සැන්ඩර් සොලොටැරියෝව්) ඉළඇට බිඳී තිබුනි. තවත් අයෙකුගේ (ලුඩ්මිලා ඩුබිනිනා) ඉළඇට බිඳී තිබීමට අමතරව තවත් පුදුමාකර යමක් සිදුව තිබුනි. එනම් ඇයගේ දිව අතුරුදහන්ව තිබුනි. මොවුන් සිව්දෙනා උදව් සොයා ගමන් කල බවට සැකයක් නැහැ. මෙසේ ගමන් කරද්දී මොවුන් ඇගිලියට ඇද වැටුනා වන්නට පුලුවන්. නමුත් ඩුබිනිනාගේ දිව අතුරුදහන් වූයේ කෙසේද යන්න විශාල ගැටලුවක්. මොවුන්ට කඳුකර වැසියන් පහරදෙන්නට ඇතැයි සමහරුන් මත පල කරනවා. නමුත් මළසිරුරුවල දක්නට තිබූ අස්ථි බිඳීම් මිනිසෙකුට පහරදී සිදුකල නොහැකි ආකාරයේ ඒවා බවට වෛද්‍ය වරු ප්‍රකාශ කලා. ඒ මළසිරුරු වල අස්ථි බිඳී ගොස් තිබුනත් පිටතින් විශාල තුවාල දක්නට නොතිබූ බැවින්. "මෙම තුවාල හරියට මෝටර් රථ අනතුරකින් ඇතිවන ඒවා වගෙයි." සිදුවීම සම්බන්ධව ක්‍රියාකල වෛද්‍යවරයෙකු වන බොරිස් වොසොස්ඩෙනි පවසනවා. අවසන් සිව් දෙනා මුල් පස් දෙනාට වඩා හොඳින් හැඳ පැළඳ සිට තිබෙනවා. පෙනීයන ආකාරයට ඔවුන්ගේ ගමන අතරතුරේදී ඔවුන් මුලින් මියගිය අයගේ ඇඳුම් ගලවාගෙන තිබෙනවා. අභිරහසේ තත්වය තවත් උග්‍ර වන්නේ අවසන් සිව්දෙනාගේ ඇඳුම් වල විකිරණශීලි තත්වයක් පෙන්නුම් කිරීම නිසාවෙන්. මෙම විකිරණශීලීතාවය හැරුනු කොට මෙම සිදුවීම් පෙලට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්නට පුලුවන්. එනම් මොවුන් 'හයිපොතර්මියා' රෝගයට (තත්වයට ) ගොදුරු වන්නට ඇති බවයි. මෙය සිදුවූ ආකාරයටත් පැහැදිලි කිරීමක් තිබෙනවා. මොවුන් කඳවුරු ගසා තිබුනේ කඳු බෑවුමකයි. මොවුන් රාත්‍රියේ කූඩාරම තුල නිදා සිටින විට සිදුවූ හිමධාවයකින් මොවුන්ගේ කූඩාරම වැසී යාම නිසා මොවුන් අධික ශීතලකට නිරාවරණය වූවා වන්නට පුලුවන්. (හිමධාවයක් යනු කඳු මුදුනක සිට බෑවුම් දිගේ හිම කඩා වැටෙන තත්වයක්.) මෙසේ හිමෙන් වැසී සිටි කාලය තුල මොවුන් හයිපොර්තමියා තත්වයට ගොදුරු වූවා වන්නට පුලුවන්. මෙය හදිසියේම කූඩාරම කපාගෙන එලියට පැන දිවීමටත් ගැලපෙන පැහැදිලි කිරීමක් වන අතර පස් දෙනෙකුගේම මරණයට හේතුව හයිපොර්තර්මියා බව නිගමනය වීමත් මෙම මතයට හොඳින් ගැලපෙනවා. කෙසේ වෙතත් විකිරණශීලිතවයක් ඇඳුම් වල දක්නට ලැබීම නම් අමුතුම සිදුවීමක්. එමෙන්ම මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන නොයාමට ගත් තීරණයත් සැක සහිතයි. එමෙන්ම මෙම සිදුවීම සිදුවූ කාල සීමාවේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් පුදුමාකාර සිදුවීමක් සිදුව තිබෙනවා. එනම් මෙම ප්‍රදේශයේ අහසේ දිලිසෙන පියාඹන පීරිසි දුටු බවට විවිධ ප්‍රකාශ ඉදිරිපත් වීමයි. මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ප්‍රධානියා වන ලෙව් ඉවනොව් මේ ගැන මෙසේ ප්‍රකාශ කර තිබුනා. "මම මුල සිටම සැක කලා මෙම පියාඹන පීරිසි මොවුන්ගේ මරණ සමග කෙලින්ම සම්බන්ධ බවට. දැන්නම් මට ඒ ගැන සැකයක් නැහැ." මොහු මෙසේ පැවසුවේ විකිරණශීලීතාවය සම්බන්ධ කාරණා එලිවීම නිසා. එසේම පරීක්ෂණ කටයුතු නවතා දමන ලෙසට සෝවියට් බළධාරීන්ගෙන් නියෝග ලැබුන බවටත් ඔහු පවසා තිබෙනවා. කඳු නගින්නන් කණ්ඩායම සෝවියට් හමුදා පරීක්ෂණ කඳවුරක් වෙත අහම්බෙන් පැමිණෙන්නට ඇති බවටත් එහිදී හසුවූ ඔවුන්ව මරා දමන්නට ඇති බවටත් අදහස් පළවී තිබෙනවා. විකිරණශීලීතාවය සම්බන්ධ කාරණා ගැන මෙමගින් පැහැදිලි කලහැකි වුවත් මළසිරුරුවල අස්ථි බිඳීයාම් ගැන මෙමගින් පහදන්නට බැහැ. [IMG]http://3.bp.blogspot.com/-ibq6i723Aas/U2Ov3yITTmI/AAAAAAAAAYY/W97MjggZ__Q/s1600/fortean_times_3264_5.jpg[/IMG] මෙම කඳුකරය සම්බන්ධව තවත් පුදුමාකාර කරුණක් තිබෙනවා. අංක නවය මෙම කඳුකරයේ සිදුවූ බේදවාචක තුනකදීම සඳහන් වෙනවා. පුරාණ ජනකතා වල මෙහි ස්වදේශිකයන් නව දෙනෙකු මියයාමේ සිද්ධියක් වාර්තා වෙනවා. මෙම කඳු නගින්නන්ගේ සිදුවීමේදීත් මියගිය ගණන නවයක්. එසේම 1991 වසරේදී සිදුවූ ගුවන් අනතුරකිනුත් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් උනා. හිමධාවයක් සම්බන්ධ කරගෙන කර ඇති පැහැදිලි කිරීම වඩාත්ම පිළිගත හැකි පැහැදිලි කිරීමයි. නමුත් මෙම ලෝකයේ අප නොදන්නා අත් නොදුටු දේවල් කොපමණ නම් තිබේද? හරියටම සිදුවූයේ කුමක්දැයි දන්නේ කඳු නගින්නන් නම දෙනා පමණි. ඔවුන් සමගම ඔවුන්ගේ මරණයේ රහස වැළලී ගොසිනි. [IMG]http://1.bp.blogspot.com/-TC8W53-3J4w/U2Oxbrl_iCI/AAAAAAAAAYw/OoGLbJGf3qs/s1600/fortean_times_3261_12.jpg[/IMG] මෙම සිදුවීම සම්බන්ධ කරගෙන පසුගිය වසරේදී "The Dyatlov Pass Incident" නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කෙරුනා. මෙම චිත්‍රපටයත් ඉතා හොඳ රසවිඳින්නට හැකි චිත්‍රපටයක්. මෙම සිදුවීම සම්බන්ධව උනන්දුවක් දක්වන අය නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුන්වන්නට පුලුවන්.[/SIZE] source [url]http://dhiyatha.blogspot.com/2014/05/dyatlov-pass-incident.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom