Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මුලින්ම මාව අදුන්වලා දෙන්න බැරි උනාට සොරි. මං ශිරෝමි.."

"මං.. අවි....."

"ඔයා අවිනාශ්.. මං ඒක දන්නවා..."

ඇය තමාගේ නම දැන ගැනීම පිළිබදව අවිනාශ් පුදුමයට පත්වූයේ නැත. එය අවිනාශ්ගේ සිතට සතුටක් එක් කළේය. ෆොක්ස්හීල් යතුරු පැදි ධාවන තරග අතරේ, තමාගේ නම නොදත් ප්‍රෙක්ෂකයෙක් හෝ දාවන ශූරයෙකු හිදීමට ඉඩක් නොමැති බැව් ඔහු ආඩම්බරයෙන් සිතුවාය.

"එහෙනම්.. මං දැන් යන්නයි යන්නේ.. චේන්ජ් එකක් දාගෙන පොඩි රෙස්ට් එකක් ගන්නත් ඕනි.."

"ප්‍රයිස් ගිවින් එකට එනවනේ..."

"අනිවාර්යයෙන්ම.. චැම්පියන් නැතුව කොහොමද ප්‍රයිස් ගිවින් එකක් තියෙන්නේ..?"

"ඒක නෙමේ.. ඇයි ඔයා මට කිව්වෙ.. ඔයාට ඇටෑක් කරපු එක නොදැක්කා වගේ ඉන්න කියලා..?"

"දැක්කා වගේ හිටියොත්.. ඔයාට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒකයි මං එහෙම කිව්වේ.."

රොමේෂිට තවත් සිතන්නට බොහෝ කරුණු කාරනා ලබාදී අවිනාශ් යතුරුපැදිය සුමටව හරවා ගත්තේය. දසතින් නැගෙනා දැවැන්ත ඔල්වරසන් හඩ මෙයට විනාඩි ගණනාවකට කලින් තමාට නොඇසුණේ මන්දැයි අවිනාශ් පුදුමයට පත්විය. බොහෝ විට තමාගේ සිතුවිලි ලෝකයේ සිරවී තිබෙන්නට ඇත්තේ, අසම්මතයක් වූ ෂිරෝමි පිළිබදවත්. තමාට වෙන්නට ගිය අනතුර පිළිබදවත්ය.

යතුරුපැදිය නවතා, තම කාර්මිකයන් හිදිනා තැනට අවිනාශ් හෙමින් සීරුවේ පියවර එසවිය. ධාවන තරගයට ඔහුට සහය දුන් බොහෝ දෙනෙකු ඒ වෙලාවේදි ඔහුට සුභ පැතූහ. තමාගේ කාර්මිකයන් අතරට වී ඩිල්ෂාන් ඔහු දෙස බලා සිටිනවා අවිනාශ් දැක්කේ අන්තිමටය..

"මුකුත් අවුලක් නෑ නේද...? මගෙන් සුභ පැතුම්.."

"නැත්තෙමත් නෑ..."

ක්ෂනිකවම අවිනාශ්ගේ මුවින් පිටවූ වචන ඩිල්ෂාන්ගේ පපුව ඇතුලටම හාරාගෙන ගියේය. ඔහු තමාගේ සුබ පැතුම් බාරගත්තේ නැත. එය තමාට කළ මදිපුංචිකමක් නොවේද..? එසේත් නැත්නම් අසාමාන්‍ය අනතුරු ඇගවීමක පළමු පියවරවත්ද..? අවිනාශ් සමග තිබූ සියලු හිතවත්කම් පසෙකලා ඩිල්ෂාන්ගේ සිතේ දැවැන්ත කෝපයක් ඉවුරු තලන්නට විය.

"අවිනාශ්.."

"ඇයි...?"

"මගෙත්එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද..?"

සම්භාවනීය අමුත්තන් රැදී සිටි වේදිකාවට, මදක් ඔබ්බෙන් වූ තැනිතලාවට අවිනාශ්, ඩිල්ෂාන්ව කැදවාගෙන ගියෙය..

"ඔයත් එක්ක මට ප්‍රශ්නයක් නෑ.. ඒත් රේස් එකේදි මට ඇටෑක් එකක් ආවා.. අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ.."

"ඇටෑක් එකක්..?"

ඩිල්ෂාන්ගේ මුහුණ මහා විස්මයකින් ඇලලී ගියේය. ඔහුට කිසිවක්ම සිතා ගැනිමට නොහැකිව තිබිණි. අවිනාශ්ට උවමනා ප්‍රමාණයටත් වඩා ආරක්ෂාවක් ලබාදී තිබියදීත් ඔහු තමාට අනතුරක් සිදුවන්නට ගිය බව කියයි. එය එසේ වන්නට කොහෙත්ම බැරි බව ඩිල්ෂාන් දැන සිටියේය. එනිසා නැවත ඔහු, අවිනාශ් දෙස බලද්දී ඔහුගේ මුහුණේ සැකයේ සේයා බර ගණනක් විය..

"ඩිල්ෂාන්ගෙ මූණෙන් පේන්නෙ මං කියන දේ වෙන්නබෑ කියලා වගේ දෙයක්.. ඒත් වෙන්න බැරි දෙයක් තමයි වුණේ. මං හිතපු නැති වොලවක ඒ ඇටෑක් එක ආවේ.. ඒත් මගේ වාසනාවට, මගේ උදව්වට කෙනෙක් ආවා, ඒකයි මං බේරුණේ.."

"අවිනාශ් කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ.."

"ඔයා රේස් එක දිහා බලන් හිටියා නම් ඔයා දකින්න ඇති රතු පාට බයික් එකක් එක්ක මං ලොකු ෆයිට් එකක් දෙනවා.."

"ඔව්.. මං දැක්කා.. හැමෝම කතා වුනේ ඒ ගැන.."

"හැමෝම කතා උනත්, අන්තිම ස්කයි ජම්ප් එකේදියි, ඊට කලින් රවුන්ඩ් එකේදියි මිනිහා පයින් ගහලා මාව පෙරලලා දාන්නයි හැදුවේ.. උං නියම වෙලාවම ලස්සනට තෝරගෙන තිබුණා. මිනිහගෙ ඒම් එක සාර්ථක උනා නම් මට සොරිම තමයි.. කාටවත් ටාගට් නොවී.. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හොද දක්ෂයෙකුට විතරයි.. වැඩිය ඕන්නෑ.. මාව ගාඩ් කරන්න හිටපු ඔයාවත් ඒ සින් එක දැකලා නෑ කියන්නෙ කොහොම ගේමක්ද එතන යන්න ඇත්තේ..?"

අවිනාශ්ගේ වචන පෙළ තමාගේ කම්මුල මැදට එල්ල කළ දැවැන්ත අතුල් ප්‍රහාරයක් සේ ඩිල්ෂාන්ට දැනුණි. මෙය නම් මහා නින්දාවකි. ඇත්තමය. මේ නින්දාවෙන් නම් ගැලවිය යුතුමය. තමා මොහු වෙනුවෙන් කළ කී දෑ සියල්ල මේ නින්දාවෙන් සේදී ගොස් ඇත.

"මං හැමදෙයක් ගැනම හොදට ඇහැ ගහගෙන හිටියෙ අවිනාශ්.. මං විතරක් නෙමෙයි.. මගේ විශ්වාසවන්ත කීප දෙනෙකුත් මං ග්‍රවුන්ඩ් එක වටේට තියලයි තිබුණෙ.. ඇත්තටම මං බලන් හිටියෙ ඔයයි, අර කෙල්ලයි අතරෙ තිබ්බ ෆයිට් එක දිහා.. මුලින්ම හැමෝගෙම අවධානෙ තිබුණෙ ඒ දිහාටනේ.. පස්සෙනේ රතු බයික් කාරයා ආවේ.."

"ඒක ඇත්ත.. ඒ උනත් ඒ කෙල්ල හන්දයි මං බේරුනේ.. නැත්නම් මගේ කෑලිත් නෑ.. හොද වෙලාවට ඒ කෙල්ල මායි, රතු බයික් කාරයයි අතරට වීල් කරා.. මං දැන් ටිකකට කලින් ඒ ගෑනු ළමයත් එක්ක කතා කරලයි ආවේ.."

ඉන් අනතුරුව එතනින් එහාට ඔවුන් අතරේ කතාබහකට අවශ්‍ය පසුබිම් සකස් වූයේ නැත. දන්නා මෙන්ම නොදන්නා බොහෝ දෙනෙකු හතර අතින්ම මතුවී අවිනාශ්ට සුබ පතන්නට විය. මද වෙලාවක් ගිය තැන අවිනාශ් වටපිට බලද්දී ඩිල්ෂාන් ඔහු අසල සිටියේ නැත. ඒ වෙනුවට ඔහුගේ නෙතු අසල හුන් රුවැත්තිය දුටු අවිනාශ්ගේ සිතෙහි කුමක්දෝ නුහුරු හැගීමක් ගලා ගියේය..

"මගේ උණුසුම් සුභ පැතුම්.."

දිලීකා, අවිනාශ්ගේ දෑතම අල්ලා ගන්නා ගමන් තම කොපුල් තල ඔහුගේ කම්මුල් මත තමා සුභ පැතුවාය. ඇය මේ මොහොතේතමා වෙත පැමිණේවියැයි අවිනාශ් සිතුවේම නැත. මේ තරම් ජන ගංගාවක් බලා සිටියදී ඇය තමාව සිප වැළද ගත් හැටි.. ඇය වැනි සියුමැලි යුවතියකට එබදු ශක්තියක් සිතේ කොතැනක හෝ තිබෙන්නට හැකිදැයි අවිනාශ්ට සිතා ගැනීමට හැකිවූයේ නැත. අනේක් දෙය නම් ඇයගේ සොහොයුරන් මේ ධාවන පථය පුරා කොහේ හෝ තැනක සිට උකුසු දෑසින් මදෙසට නෙත් විවර කර බලා සිටිනා බව ඔහු දන්නේය. එසේ තිබියදී ඇය කළ මේ දෙය සමහර විටක ඔවුන්ගේ කෝපය අවුලවන්නට සමත් වනු ඇත. ඩිල්ෂානුත් සිටියේ මේ ළගමය. බොහෝ විට ඇය එනු දැක ඔහු මග හැර යන්නට ඇත.

"කොහොමද මගේ රයිඩ් එක..? ඔයා සතුටු උනාද..?"

උපුල්වන් දෙනෙත් සැනෙකින් බිමට බරවිය. මෙතුවක් මද සිනාවෙන් පිරී තිබූ මඩල, ඇය තමාගෙන් වහන් කර ගත්තේ මන්දැයි සිතා අවිනාශ් බොහෝ සෙයින් කැළඹුණේය. කොතැනක හෝ වැරැද්දක් සිදුවී ඇත. එහෙත් දැනුවත්ව නම් තමා අතින් ඇයට වැරැද්දක් වූයේ නැත. එමනිසා ඇයව සැනසීමට ඔහු ඉක්මන් විය. සුසිනිදු නිකටින් අල්ලා ඉහළට එසවූ අවිනාශ් ඒ දෙනෙත් තුළට එබී ගත්තේය. ඔහු සිතුවා නිවැරදිය.

"ඇ.. ඇයි දිලී...?"

අවිනාශ්ගේ ලොකු ආමන්ත්‍රණයෙන්, දිලීකාගේ කොපුල් තල රත් පැහැයට හැරුණි..

"ක.. කවුද අර ඔයත්තෙක්ක කතා කර කර හිටපු ගර්ල්...? ඔයා අදුනන කෙනෙක්ද..?"

අවිනාශ්ට සැනෙකින් කාරණය වැටහිණි. මද සිනාවකින් පිටවී යන්නට ආවද ඔහු ඉය ඉක්මනින් නවතා ගත්තේය. මේ එළඹි තිබෙන්නේ තදබල ඉරිසියාවේ උත්කෘෂ්ඨ හොරාවයි..

"එයා මේ රේස් එක පැද්ද කෙනෙක් නේ...."

"රේස් එක පැද්ද හැමෝම ඔයත්තෙක්ක කතා කලේ නැහැනේ.."

"මං නෙමේනේ දිලී කතා කරේ.. ඒ ගර්ල් ඇවිත් මාත් එක්ක කතා කරේ.."

"නෑ.. නෑ.. මං බලන් හිටියා අවිනාශ්.. ඔයයි ගියේ එයා ළගට.. ඔන්න මීට පස්සෙ නම් ඔයා, එයා එක්ක කතා කරන්න යන්න එපා හොදද..?"

දිලීකාගේ කතාවෙන් අවිනාශ් පුදුමයට පත්විය..

"ඇයි ඒ..?"

"එයා හොද නෑ..."

"හොද නෑ...?"

"ඔව්.. එයා හොද නෑ.."

"ඔයා එයාව දන්නවද දිලී...?"

"නෑ.................."

"එහෙනම් ඔයා කොහොමද කියන්නෙ එයා හොද නෑ කියලා..?"

"ඒ ගර්ල් ඔයත්තෙක්ක කතා කලේ ඔයාගේ ඇගේ එල්ලීගෙන.. එයාට ටිකක් පැත්තකට වෙලා වැදගත් විදියට ඔයත්තෙක්ක කතා කරන්න තිබුණනේ.. අනේ මං කැමති නෑ අවිනාශ් ඒකට.. එයා එතන හිටියෙ හරියට ඔයාව අයිතිකරගෙන වගේ.. ඔයාගෙ තනි අයිතිය එයාට තියෙනවා වගේ.."

අවිනාශ්ගේ සිතට දැනුණේ ප්‍රීතියක් සමග මුසුවූ සහනදායී හැගීමකි. තමා සිතූ දෙය සියයට සියයක්ම නිවැරදිය. ඇයගේ සිතෙහි තමා කෙරෙහි ඇති ලෙංගතුකම මේ ආකාරයෙන් හෝ පිට පැනීම කොතරම් ආශ්වාදජනකද..?

"මාව තාම කාටවත් අයිති නෑ දිලීකා.. මම අයිති මට විතරයි.."

අවිනාශ් තම යන වචනය පැවසුවේ මදක් බර කොටය. දිලීකා වහා හිස උස්සා ඔහු දෙස බැලුවේය..

"තාම...?"

"ඔව්.. තාම.."

එතනින් එහාට ඔවුන් දෙදෙනා ලෙංගතු කතා බහක යෙදීමට පුංචි ඉඩක් හෝ ලැබුනේ නැත. ලොකු තාත්තා, ලොකු අම්මා හා ජෙහාන් ඇතුලු මිතුරන්, නරඹන්නන් බොහෝ ගණනක් විවෘත භූමිය හරහා අවිනාශ් කරා එමින් සිටියහ. ඔවුන් මෙලෝ සිහියක් පතක් නැතිව අවිනාශ් වට කරගනිද්දී, දිලීකා ඔහු වෙතින් ඉවතට නික්මුණාය. මේ සියලු දෙය දෙසම, අලු වෘකයෙකුගේ බදු ඉතා තීක්ෂන දෙනෙතකින් දැඩි වෛරයකින් බලා සිටි බැව් අවිනාශ්වත්, දිලීකාවත්, එතන රැස් වී සිටි කිසිවෙකුවත් දුටුවේ නැත. අවාසනාව ඇරඹිමට, අංශු මාත්‍රයක සිදුවීමක් හෝ පුංචි ඉඩකඩක් හොදටම ඇතිය. අලු පැහැති දෙනෙත බලා සිටියේ ඒ සොදුරු මොහොත කොයි මොහොතේ එළඹේදැයි කල් මරමින්ය. එහෙත් ඒ මොහොත සිතූ තරම් ලෙහෙසියෙන් එළඹෙන්නේ නැති වගත්, තමාම මැදිහත් වී එය උදා කරගත යුතු බවත් ෆොක්ස්හීල් ධාවන පථයේ උද්වේගකරම තරගය අවසානයේ ඔහු සිතා ගත්තේය..

"ඇත්තටම මචං.. මං මගේ මුළු ජීවිත කාලෙදිම දැක්කෙ නැති, ඇගේ මයිල් කෙලින් හිටෝපු රයිඩ් එකක් තමයි උඹ මේ පාර දුන්නේ.. මට හුස්ම ගන්නත් අමතක වෙලා වගෙයි හිටියේ.. කියලා වැඩක් නෑ අවිනාශ්.. කියලා වැඩක් නෑ.. ඒක ඉස්තරම්ම ටීම් වර්ක් එකක්.."

ආපසු එන ගමනේදී ජෙහාන්ගේ මුවින් තොරතෝංචියක් නැතිව ගලා ගෙන ආ වර්ණනාත්මක වදන් අවිනාශ්ගේ සිතට ප්‍රීතියක් එක්කර දුන්නේය. තව මාස ගණනාවක් යනතුරු ඔහු දිගට හරහට මෙය නැගම කියවනු ඇත. ඒත් ඒ සේරමත් හරි.. ඔහු අර අවසානයට කීවේ කුමක්ද..?

"ටීම් වර්ක් එකක්...?"

"නැත්නම් ඒකට වෙන මොකක්ද කියන්නේ..? ඊට එහා ගියපු හොද වචනයක් ඒකට තියෙනවද..? උඹයි, අර කොලු බාගෙ කෙල්ලයි එකතුවෙලා, අර තුන්වෙනිය වෙච්චි එකාට මාර ගේමක්නේ දුන්නේ.. ඇත්තටම ඌ ප්‍රසන්ට් එක ගන්නවත් ආවෙ නැත්තෙ ඇයි..? උඹලා දෙන්නා ඌට ෆයිනල් රවුන්ඩ් එක එපා කෙරෙව්වා.. අර කොලු බාගෙ කෙල්ල ඌ ඉස්සරහට වීල් කරේ නැත්නම්. ගේමක් බලාගන්න තිබ්බෙ.. කේල්ල කරපු වැඩේ ෆවුල් නැද්ද අවිනාශ්..?"

"මොකක්.. ෆවුල්....?"

අවිනාශ්ගේ දෑස විශ්මයෙන් මහත්විය. ජෙහාන් මේ කියන්නෙ මොනවා..?

"ඔව්.. ඇයි දැන් මං කියපු එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද..?"

"ඒ කියන්නෙ උඹ දැක්කෙ නෑ ඌ මට ඇටෑක් කරනවා...?"

එවර විස්මයෙන් දෑස මහත් වූයේ ජෙහාන්ගේය. අනතුරුව ධාවන පථයේදී සිදුවූ කුදු මහත් සියලු දෑ අවිනාශ් තම මිතුරා ඉදිරියේ දිග ඇරියේය. අදහා ගැනීමට හීනෙකින්වත් නොසිතන කතාවකට ජෙහාන් කන්දීගෙන හිටියේ කටත් ඇරගෙනමය..

"උං එහෙනම් තර්ජනේ වගේම, වඩෙත් ආරම්භ කරලා තියෙනවා.."

"ඔව්.. මං හිතුවෙත් නැති වෙලාවක.. හොද වෙලාවට අර කෙල්ල ආවේ.. නැත්නම් ඌ මට ගේම් එක ගානට දෙනවා.. කවුරු උනත් ජෙහාන් ඒකා ඉන්ටර් නැෂනල් ස්පෝර්ට්මන් කෙනෙක්.. කිසිම කැතක් නැතුව ඒකා මට චැලේජ්න් කරා.."

"මේක.. මේක එහෙම ලේසියෙන් ඉවර වෙන එකක් නෑ.. අපිට පරිස්සම් වෙන්න වෙයි.."

"ඔව් මටත් දැන් එහෙම හිතෙනවා.. උංගෙ තර්ජනේට මං පිටින් ගියපු හන්දා උං මට අනිවා ඇටෑක් එකක් දෙයි.."

ජෙහාන්ගේ බියපත් දෑස මග හරිමින් අවිනාශ් ඈත මෑත බැලුවේය. ජෙහාන්ගේ සිත බියවී තිබුණද.. කට නම් අවුලක් කරගෙන තිබුනේ නැත..

"රේස් එකේ තුන්වෙනියා කවුද කියලා හොයාගත්තා නම් මේ හැමදේටම උත්තරේ ලැබෙයි කියලා බොට හිතෙන්නෙ නැද්ද..?"

"ඒක ඉක්මනට එළිවෙයි.. මං ඒ ගැන ඩිල්ෂාන්ට කිව්වා.. දැන් ඩිල්ෂාන් අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ.. ඒත් ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා.."

"ඒ මොකක්ද..?"

"මගේ ඇටෑක් එකට ඩී.ජේ ගෘප් සම්බන්ධයි කියලා පුංචි ආරංචියක් තියෙනවා.."

"මොනවා...?"

"ඔව් ජෙහාන්.. මේ කතන්දරේ සෑහෙන්න අවුල් ගුහාවක්.. ඒ වගේම පැටලිච්ච නූල් බොලයක්.. මේකෙ කොන හොයාගත්තොත් කවදා හරි පැටලිල්ල දිග ඇරගන්න පුළුවන් වෙයි. ඒත් තාම කොනවත් හොයාගන්න බැරිවෙලයි තියෙන්නේ.."

"උඹ මේ මොනවද කියන්නේ..? ඩී.ජේ ගෘප් කියන්නෙ ඒ තරම්ම ගුනමකුවො ජාතියක්ද..? උඹ උංගෙ නංගිව බේරුවා කියලවත් උංගෙ හිතේ නැද්ද..?"

"මං දන්නෑ... ඒත් මං ඩී.ජේ ගෘප් එකෙන් විස්වාස කරන්නේ ඩිල්ෂානුයි, දිලීකයි විතරයි.. අනිත් තුන්දෙනා මට ෂුවර් නෑ.. විශේෂයෙන් අර බාලම එකා.."

"ඌ කොහොමත් අමුනුස්ස පාටයි නේ.. ඇත්තට මට නම් වෙලාවකට හිතාගන්නත් බෑ.. අර සුරංගනාවි මේ යක්කුන්ගෙ සහෝදරියක් උනේ කොහොමද කියලා"

"මටත් එහෙම තියෙනවා. ඒත් මේ යක්කු කොයි තරම් අන්ඩර් වර්ල්ඩ් ගේම් දුන්නත්, දිලීකාට පණ ඇරලා.. එයාට නියපොත්තක සීරීමක්වත් වෙන්න ඉඩ තියන්නෙ නෑ."

"ඒත් එදා.. උඹ දිලීකව බේරගත්තා.."

"ඔව්.. ඒක තමයි මගේ හොදට හිටියේ.. එහෙම නොවුණා නම් අද මට ඩී.ජේ ගෘප් එකත් එක්ක වෙනම හැප්පෙන්න වෙනවා.."

ඇතිවී තිබෙන්නා වූ තත්වය සමගම, අවිනාශ්ගේ සිතින් තරගයේ ජයග්‍රහණය සමග ගැටී ඇ උන්මාදනීය සතුට කෙමෙන් කෙමෙන් දියවී බොදවී යන්නට විය. ඒ සෑම දෙයකටම විශේෂිත වූ එක්තරා හේතුවක් විය. මක් නිසාද යත් සියල්ලම ඇරඹුණේ ෆොක්ස්හීල් තරගාවලියත් සමග වූ නිසාය. අවිනාශ්ද නොපෙනී සතුරන්ගෙන් ප්‍රහාරයක් බලාපොරොත්තුව සිටියේය. කොයි මොහොතේ හෝ එය සිදුවනු ඇත. එහෙත් මේ සිංහ හදවතේ බියක් නම් නොමැති බව වෙන කාටත් වඩා හොදට අවිනාශ් දැන සිටියේය..තත එය එසේ වූයේ ඒ හදවත හිමි වූයේ අවිනාශ්ට නිසාය..

[QUOTE="crazybuddy, post: 12427222, member: 326070"] [B][SIZE=4][COLOR=Sienna]"මුලින්ම මාව අදුන්වලා දෙන්න බැරි උනාට සොරි. මං ශිරෝමි.."[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මං.. අවි....."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔයා අවිනාශ්.. මං ඒක දන්නවා..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ඇය තමාගේ නම දැන ගැනීම පිළිබදව අවිනාශ් පුදුමයට පත්වූයේ නැත. එය අවිනාශ්ගේ සිතට සතුටක් එක් කළේය. ෆොක්ස්හීල් යතුරු පැදි ධාවන තරග අතරේ, තමාගේ නම නොදත් ප්‍රෙක්ෂකයෙක් හෝ දාවන ශූරයෙකු හිදීමට ඉඩක් නොමැති බැව් ඔහු ආඩම්බරයෙන් සිතුවාය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"එහෙනම්.. මං දැන් යන්නයි යන්නේ.. චේන්ජ් එකක් දාගෙන පොඩි රෙස්ට් එකක් ගන්නත් ඕනි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ප්‍රයිස් ගිවින් එකට එනවනේ..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"අනිවාර්යයෙන්ම.. චැම්පියන් නැතුව කොහොමද ප්‍රයිස් ගිවින් එකක් තියෙන්නේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒක නෙමේ.. ඇයි ඔයා මට කිව්වෙ.. ඔයාට ඇටෑක් කරපු එක නොදැක්කා වගේ ඉන්න කියලා..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"දැක්කා වගේ හිටියොත්.. ඔයාට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒකයි මං එහෙම කිව්වේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]රොමේෂිට තවත් සිතන්නට බොහෝ කරුණු කාරනා ලබාදී අවිනාශ් යතුරුපැදිය සුමටව හරවා ගත්තේය. දසතින් නැගෙනා දැවැන්ත ඔල්වරසන් හඩ මෙයට විනාඩි ගණනාවකට කලින් තමාට නොඇසුණේ මන්දැයි අවිනාශ් පුදුමයට පත්විය. බොහෝ විට තමාගේ සිතුවිලි ලෝකයේ සිරවී තිබෙන්නට ඇත්තේ, අසම්මතයක් වූ ෂිරෝමි පිළිබදවත්. තමාට වෙන්නට ගිය අනතුර පිළිබදවත්ය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]යතුරුපැදිය නවතා, තම කාර්මිකයන් හිදිනා තැනට අවිනාශ් හෙමින් සීරුවේ පියවර එසවිය. ධාවන තරගයට ඔහුට සහය දුන් බොහෝ දෙනෙකු ඒ වෙලාවේදි ඔහුට සුභ පැතූහ. තමාගේ කාර්මිකයන් අතරට වී ඩිල්ෂාන් ඔහු දෙස බලා සිටිනවා අවිනාශ් දැක්කේ අන්තිමටය.. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මුකුත් අවුලක් නෑ නේද...? මගෙන් සුභ පැතුම්.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"නැත්තෙමත් නෑ..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ක්ෂනිකවම අවිනාශ්ගේ මුවින් පිටවූ වචන ඩිල්ෂාන්ගේ පපුව ඇතුලටම හාරාගෙන ගියේය. ඔහු තමාගේ සුබ පැතුම් බාරගත්තේ නැත. එය තමාට කළ මදිපුංචිකමක් නොවේද..? එසේත් නැත්නම් අසාමාන්‍ය අනතුරු ඇගවීමක පළමු පියවරවත්ද..? අවිනාශ් සමග තිබූ සියලු හිතවත්කම් පසෙකලා ඩිල්ෂාන්ගේ සිතේ දැවැන්ත කෝපයක් ඉවුරු තලන්නට විය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"අවිනාශ්.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඇයි...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මගෙත්එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]සම්භාවනීය අමුත්තන් රැදී සිටි වේදිකාවට, මදක් ඔබ්බෙන් වූ තැනිතලාවට අවිනාශ්, ඩිල්ෂාන්ව කැදවාගෙන ගියෙය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔයත් එක්ක මට ප්‍රශ්නයක් නෑ.. ඒත් රේස් එකේදි මට ඇටෑක් එකක් ආවා.. අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඇටෑක් එකක්..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ඩිල්ෂාන්ගේ මුහුණ මහා විස්මයකින් ඇලලී ගියේය. ඔහුට කිසිවක්ම සිතා ගැනිමට නොහැකිව තිබිණි. අවිනාශ්ට උවමනා ප්‍රමාණයටත් වඩා ආරක්ෂාවක් ලබාදී තිබියදීත් ඔහු තමාට අනතුරක් සිදුවන්නට ගිය බව කියයි. එය එසේ වන්නට කොහෙත්ම බැරි බව ඩිල්ෂාන් දැන සිටියේය. එනිසා නැවත ඔහු, අවිනාශ් දෙස බලද්දී ඔහුගේ මුහුණේ සැකයේ සේයා බර ගණනක් විය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඩිල්ෂාන්ගෙ මූණෙන් පේන්නෙ මං කියන දේ වෙන්නබෑ කියලා වගේ දෙයක්.. ඒත් වෙන්න බැරි දෙයක් තමයි වුණේ. මං හිතපු නැති වොලවක ඒ ඇටෑක් එක ආවේ.. ඒත් මගේ වාසනාවට, මගේ උදව්වට කෙනෙක් ආවා, ඒකයි මං බේරුණේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"අවිනාශ් කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔයා රේස් එක දිහා බලන් හිටියා නම් ඔයා දකින්න ඇති රතු පාට බයික් එකක් එක්ක මං ලොකු ෆයිට් එකක් දෙනවා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව්.. මං දැක්කා.. හැමෝම කතා වුනේ ඒ ගැන.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"හැමෝම කතා උනත්, අන්තිම ස්කයි ජම්ප් එකේදියි, ඊට කලින් රවුන්ඩ් එකේදියි මිනිහා පයින් ගහලා මාව පෙරලලා දාන්නයි හැදුවේ.. උං නියම වෙලාවම ලස්සනට තෝරගෙන තිබුණා. මිනිහගෙ ඒම් එක සාර්ථක උනා නම් මට සොරිම තමයි.. කාටවත් ටාගට් නොවී.. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හොද දක්ෂයෙකුට විතරයි.. වැඩිය ඕන්නෑ.. මාව ගාඩ් කරන්න හිටපු ඔයාවත් ඒ සින් එක දැකලා නෑ කියන්නෙ කොහොම ගේමක්ද එතන යන්න ඇත්තේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]අවිනාශ්ගේ වචන පෙළ තමාගේ කම්මුල මැදට එල්ල කළ දැවැන්ත අතුල් ප්‍රහාරයක් සේ ඩිල්ෂාන්ට දැනුණි. මෙය නම් මහා නින්දාවකි. ඇත්තමය. මේ නින්දාවෙන් නම් ගැලවිය යුතුමය. තමා මොහු වෙනුවෙන් කළ කී දෑ සියල්ල මේ නින්දාවෙන් සේදී ගොස් ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මං හැමදෙයක් ගැනම හොදට ඇහැ ගහගෙන හිටියෙ අවිනාශ්.. මං විතරක් නෙමෙයි.. මගේ විශ්වාසවන්ත කීප දෙනෙකුත් මං ග්‍රවුන්ඩ් එක වටේට තියලයි තිබුණෙ.. ඇත්තටම මං බලන් හිටියෙ ඔයයි, අර කෙල්ලයි අතරෙ තිබ්බ ෆයිට් එක දිහා.. මුලින්ම හැමෝගෙම අවධානෙ තිබුණෙ ඒ දිහාටනේ.. පස්සෙනේ රතු බයික් කාරයා ආවේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒක ඇත්ත.. ඒ උනත් ඒ කෙල්ල හන්දයි මං බේරුනේ.. නැත්නම් මගේ කෑලිත් නෑ.. හොද වෙලාවට ඒ කෙල්ල මායි, රතු බයික් කාරයයි අතරට වීල් කරා.. මං දැන් ටිකකට කලින් ඒ ගෑනු ළමයත් එක්ක කතා කරලයි ආවේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ඉන් අනතුරුව එතනින් එහාට ඔවුන් අතරේ කතාබහකට අවශ්‍ය පසුබිම් සකස් වූයේ නැත. දන්නා මෙන්ම නොදන්නා බොහෝ දෙනෙකු හතර අතින්ම මතුවී අවිනාශ්ට සුබ පතන්නට විය. මද වෙලාවක් ගිය තැන අවිනාශ් වටපිට බලද්දී ඩිල්ෂාන් ඔහු අසල සිටියේ නැත. ඒ වෙනුවට ඔහුගේ නෙතු අසල හුන් රුවැත්තිය දුටු අවිනාශ්ගේ සිතෙහි කුමක්දෝ නුහුරු හැගීමක් ගලා ගියේය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මගේ උණුසුම් සුභ පැතුම්.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]දිලීකා, අවිනාශ්ගේ දෑතම අල්ලා ගන්නා ගමන් තම කොපුල් තල ඔහුගේ කම්මුල් මත තමා සුභ පැතුවාය. ඇය මේ මොහොතේතමා වෙත පැමිණේවියැයි අවිනාශ් සිතුවේම නැත. මේ තරම් ජන ගංගාවක් බලා සිටියදී ඇය තමාව සිප වැළද ගත් හැටි.. ඇය වැනි සියුමැලි යුවතියකට එබදු ශක්තියක් සිතේ කොතැනක හෝ තිබෙන්නට හැකිදැයි අවිනාශ්ට සිතා ගැනීමට හැකිවූයේ නැත. අනේක් දෙය නම් ඇයගේ සොහොයුරන් මේ ධාවන පථය පුරා කොහේ හෝ තැනක සිට උකුසු දෑසින් මදෙසට නෙත් විවර කර බලා සිටිනා බව ඔහු දන්නේය. එසේ තිබියදී ඇය කළ මේ දෙය සමහර විටක ඔවුන්ගේ කෝපය අවුලවන්නට සමත් වනු ඇත. ඩිල්ෂානුත් සිටියේ මේ ළගමය. බොහෝ විට ඇය එනු දැක ඔහු මග හැර යන්නට ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"කොහොමද මගේ රයිඩ් එක..? ඔයා සතුටු උනාද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]උපුල්වන් දෙනෙත් සැනෙකින් බිමට බරවිය. මෙතුවක් මද සිනාවෙන් පිරී තිබූ මඩල, ඇය තමාගෙන් වහන් කර ගත්තේ මන්දැයි සිතා අවිනාශ් බොහෝ සෙයින් කැළඹුණේය. කොතැනක හෝ වැරැද්දක් සිදුවී ඇත. එහෙත් දැනුවත්ව නම් තමා අතින් ඇයට වැරැද්දක් වූයේ නැත. එමනිසා ඇයව සැනසීමට ඔහු ඉක්මන් විය. සුසිනිදු නිකටින් අල්ලා ඉහළට එසවූ අවිනාශ් ඒ දෙනෙත් තුළට එබී ගත්තේය. ඔහු සිතුවා නිවැරදිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඇ.. ඇයි දිලී...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]අවිනාශ්ගේ ලොකු ආමන්ත්‍රණයෙන්, දිලීකාගේ කොපුල් තල රත් පැහැයට හැරුණි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ක.. කවුද අර ඔයත්තෙක්ක කතා කර කර හිටපු ගර්ල්...? ඔයා අදුනන කෙනෙක්ද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]අවිනාශ්ට සැනෙකින් කාරණය වැටහිණි. මද සිනාවකින් පිටවී යන්නට ආවද ඔහු ඉය ඉක්මනින් නවතා ගත්තේය. මේ එළඹි තිබෙන්නේ තදබල ඉරිසියාවේ උත්කෘෂ්ඨ හොරාවයි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"එයා මේ රේස් එක පැද්ද කෙනෙක් නේ...."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"රේස් එක පැද්ද හැමෝම ඔයත්තෙක්ක කතා කලේ නැහැනේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මං නෙමේනේ දිලී කතා කරේ.. ඒ ගර්ල් ඇවිත් මාත් එක්ක කතා කරේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"නෑ.. නෑ.. මං බලන් හිටියා අවිනාශ්.. ඔයයි ගියේ එයා ළගට.. ඔන්න මීට පස්සෙ නම් ඔයා, එයා එක්ක කතා කරන්න යන්න එපා හොදද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]දිලීකාගේ කතාවෙන් අවිනාශ් පුදුමයට පත්විය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඇයි ඒ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"එයා හොද නෑ..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"හොද නෑ...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව්.. එයා හොද නෑ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔයා එයාව දන්නවද දිලී...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"නෑ.................."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"එහෙනම් ඔයා කොහොමද කියන්නෙ එයා හොද නෑ කියලා..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒ ගර්ල් ඔයත්තෙක්ක කතා කලේ ඔයාගේ ඇගේ එල්ලීගෙන.. එයාට ටිකක් පැත්තකට වෙලා වැදගත් විදියට ඔයත්තෙක්ක කතා කරන්න තිබුණනේ.. අනේ මං කැමති නෑ අවිනාශ් ඒකට.. එයා එතන හිටියෙ හරියට ඔයාව අයිතිකරගෙන වගේ.. ඔයාගෙ තනි අයිතිය එයාට තියෙනවා වගේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]අවිනාශ්ගේ සිතට දැනුණේ ප්‍රීතියක් සමග මුසුවූ සහනදායී හැගීමකි. තමා සිතූ දෙය සියයට සියයක්ම නිවැරදිය. ඇයගේ සිතෙහි තමා කෙරෙහි ඇති ලෙංගතුකම මේ ආකාරයෙන් හෝ පිට පැනීම කොතරම් ආශ්වාදජනකද..? [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මාව තාම කාටවත් අයිති නෑ දිලීකා.. මම අයිති මට විතරයි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]අවිනාශ් තම යන වචනය පැවසුවේ මදක් බර කොටය. දිලීකා වහා හිස උස්සා ඔහු දෙස බැලුවේය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"තාම...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව්.. තාම.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]එතනින් එහාට ඔවුන් දෙදෙනා ලෙංගතු කතා බහක යෙදීමට පුංචි ඉඩක් හෝ ලැබුනේ නැත. ලොකු තාත්තා, ලොකු අම්මා හා ජෙහාන් ඇතුලු මිතුරන්, නරඹන්නන් බොහෝ ගණනක් විවෘත භූමිය හරහා අවිනාශ් කරා එමින් සිටියහ. ඔවුන් මෙලෝ සිහියක් පතක් නැතිව අවිනාශ් වට කරගනිද්දී, දිලීකා ඔහු වෙතින් ඉවතට නික්මුණාය. මේ සියලු දෙය දෙසම, අලු වෘකයෙකුගේ බදු ඉතා තීක්ෂන දෙනෙතකින් දැඩි වෛරයකින් බලා සිටි බැව් අවිනාශ්වත්, දිලීකාවත්, එතන රැස් වී සිටි කිසිවෙකුවත් දුටුවේ නැත. අවාසනාව ඇරඹිමට, අංශු මාත්‍රයක සිදුවීමක් හෝ පුංචි ඉඩකඩක් හොදටම ඇතිය. අලු පැහැති දෙනෙත බලා සිටියේ ඒ සොදුරු මොහොත කොයි මොහොතේ එළඹේදැයි කල් මරමින්ය. එහෙත් ඒ මොහොත සිතූ තරම් ලෙහෙසියෙන් එළඹෙන්නේ නැති වගත්, තමාම මැදිහත් වී එය උදා කරගත යුතු බවත් ෆොක්ස්හීල් ධාවන පථයේ උද්වේගකරම තරගය අවසානයේ ඔහු සිතා ගත්තේය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] *****************************[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඇත්තටම මචං.. මං මගේ මුළු ජීවිත කාලෙදිම දැක්කෙ නැති, ඇගේ මයිල් කෙලින් හිටෝපු රයිඩ් එකක් තමයි උඹ මේ පාර දුන්නේ.. මට හුස්ම ගන්නත් අමතක වෙලා වගෙයි හිටියේ.. කියලා වැඩක් නෑ අවිනාශ්.. කියලා වැඩක් නෑ.. ඒක ඉස්තරම්ම ටීම් වර්ක් එකක්.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ආපසු එන ගමනේදී ජෙහාන්ගේ මුවින් තොරතෝංචියක් නැතිව ගලා ගෙන ආ වර්ණනාත්මක වදන් අවිනාශ්ගේ සිතට ප්‍රීතියක් එක්කර දුන්නේය. තව මාස ගණනාවක් යනතුරු ඔහු දිගට හරහට මෙය නැගම කියවනු ඇත. ඒත් ඒ සේරමත් හරි.. ඔහු අර අවසානයට කීවේ කුමක්ද..?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ටීම් වර්ක් එකක්...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"නැත්නම් ඒකට වෙන මොකක්ද කියන්නේ..? ඊට එහා ගියපු හොද වචනයක් ඒකට තියෙනවද..? උඹයි, අර කොලු බාගෙ කෙල්ලයි එකතුවෙලා, අර තුන්වෙනිය වෙච්චි එකාට මාර ගේමක්නේ දුන්නේ.. ඇත්තටම ඌ ප්‍රසන්ට් එක ගන්නවත් ආවෙ නැත්තෙ ඇයි..? උඹලා දෙන්නා ඌට ෆයිනල් රවුන්ඩ් එක එපා කෙරෙව්වා.. අර කොලු බාගෙ කෙල්ල ඌ ඉස්සරහට වීල් කරේ නැත්නම්. ගේමක් බලාගන්න තිබ්බෙ.. කේල්ල කරපු වැඩේ ෆවුල් නැද්ද අවිනාශ්..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මොකක්.. ෆවුල්....?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]අවිනාශ්ගේ දෑස විශ්මයෙන් මහත්විය. ජෙහාන් මේ කියන්නෙ මොනවා..?[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව්.. ඇයි දැන් මං කියපු එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒ කියන්නෙ උඹ දැක්කෙ නෑ ඌ මට ඇටෑක් කරනවා...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]එවර විස්මයෙන් දෑස මහත් වූයේ ජෙහාන්ගේය. අනතුරුව ධාවන පථයේදී සිදුවූ කුදු මහත් සියලු දෑ අවිනාශ් තම මිතුරා ඉදිරියේ දිග ඇරියේය. අදහා ගැනීමට හීනෙකින්වත් නොසිතන කතාවකට ජෙහාන් කන්දීගෙන හිටියේ කටත් ඇරගෙනමය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"උං එහෙනම් තර්ජනේ වගේම, වඩෙත් ආරම්භ කරලා තියෙනවා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව්.. මං හිතුවෙත් නැති වෙලාවක.. හොද වෙලාවට අර කෙල්ල ආවේ.. නැත්නම් ඌ මට ගේම් එක ගානට දෙනවා.. කවුරු උනත් ජෙහාන් ඒකා ඉන්ටර් නැෂනල් ස්පෝර්ට්මන් කෙනෙක්.. කිසිම කැතක් නැතුව ඒකා මට චැලේජ්න් කරා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මේක.. මේක එහෙම ලේසියෙන් ඉවර වෙන එකක් නෑ.. අපිට පරිස්සම් වෙන්න වෙයි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව් මටත් දැන් එහෙම හිතෙනවා.. උංගෙ තර්ජනේට මං පිටින් ගියපු හන්දා උං මට අනිවා ඇටෑක් එකක් දෙයි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ජෙහාන්ගේ බියපත් දෑස මග හරිමින් අවිනාශ් ඈත මෑත බැලුවේය. ජෙහාන්ගේ සිත බියවී තිබුණද.. කට නම් අවුලක් කරගෙන තිබුනේ නැත..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"රේස් එකේ තුන්වෙනියා කවුද කියලා හොයාගත්තා නම් මේ හැමදේටම උත්තරේ ලැබෙයි කියලා බොට හිතෙන්නෙ නැද්ද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒක ඉක්මනට එළිවෙයි.. මං ඒ ගැන ඩිල්ෂාන්ට කිව්වා.. දැන් ඩිල්ෂාන් අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ.. ඒත් ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒ මොකක්ද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මගේ ඇටෑක් එකට ඩී.ජේ ගෘප් සම්බන්ධයි කියලා පුංචි ආරංචියක් තියෙනවා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මොනවා...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව් ජෙහාන්.. මේ කතන්දරේ සෑහෙන්න අවුල් ගුහාවක්.. ඒ වගේම පැටලිච්ච නූල් බොලයක්.. මේකෙ කොන හොයාගත්තොත් කවදා හරි පැටලිල්ල දිග ඇරගන්න පුළුවන් වෙයි. ඒත් තාම කොනවත් හොයාගන්න බැරිවෙලයි තියෙන්නේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"උඹ මේ මොනවද කියන්නේ..? ඩී.ජේ ගෘප් කියන්නෙ ඒ තරම්ම ගුනමකුවො ජාතියක්ද..? උඹ උංගෙ නංගිව බේරුවා කියලවත් උංගෙ හිතේ නැද්ද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මං දන්නෑ... ඒත් මං ඩී.ජේ ගෘප් එකෙන් විස්වාස කරන්නේ ඩිල්ෂානුයි, දිලීකයි විතරයි.. අනිත් තුන්දෙනා මට ෂුවර් නෑ.. විශේෂයෙන් අර බාලම එකා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඌ කොහොමත් අමුනුස්ස පාටයි නේ.. ඇත්තට මට නම් වෙලාවකට හිතාගන්නත් බෑ.. අර සුරංගනාවි මේ යක්කුන්ගෙ සහෝදරියක් උනේ කොහොමද කියලා"[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"මටත් එහෙම තියෙනවා. ඒත් මේ යක්කු කොයි තරම් අන්ඩර් වර්ල්ඩ් ගේම් දුන්නත්, දිලීකාට පණ ඇරලා.. එයාට නියපොත්තක සීරීමක්වත් වෙන්න ඉඩ තියන්නෙ නෑ."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඒත් එදා.. උඹ දිලීකව බේරගත්තා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]"ඔව්.. ඒක තමයි මගේ හොදට හිටියේ.. එහෙම නොවුණා නම් අද මට ඩී.ජේ ගෘප් එකත් එක්ක වෙනම හැප්පෙන්න වෙනවා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]ඇතිවී තිබෙන්නා වූ තත්වය සමගම, අවිනාශ්ගේ සිතින් තරගයේ ජයග්‍රහණය සමග ගැටී ඇ උන්මාදනීය සතුට කෙමෙන් කෙමෙන් දියවී බොදවී යන්නට විය. ඒ සෑම දෙයකටම විශේෂිත වූ එක්තරා හේතුවක් විය. මක් නිසාද යත් සියල්ලම ඇරඹුණේ ෆොක්ස්හීල් තරගාවලියත් සමග වූ නිසාය. අවිනාශ්ද නොපෙනී සතුරන්ගෙන් ප්‍රහාරයක් බලාපොරොත්තුව සිටියේය. කොයි මොහොතේ හෝ එය සිදුවනු ඇත. එහෙත් මේ සිංහ හදවතේ බියක් නම් නොමැති බව වෙන කාටත් වඩා හොදට අවිනාශ් දැන සිටියේය..තත එය එසේ වූයේ ඒ හදවත හිමි වූයේ අවිනාශ්ට නිසාය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][/B] [CENTER] [B][SIZE=4][COLOR=Sienna][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][/B] [CENTER] [B][COLOR=Sienna][URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_16.html#.T2Ot33lE2ZQ"][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/URL][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom