Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොක්ස් හීල් තරගාවලිය නිමවී දින දෙකක් නික්ම ගියද, අවිනාශ් බලාපොරොත්තු වූ පරිදි කිසිවක්ම සිදුවූයේ නැත. ඒ කියන්නෙ තමා සිතූ පරිදි මෙය ඒතරම් ගත යුත්තක් නොමැති තර්ජනයක් බවද..? අඩුම තරමේ තරගය අවසාන වීමෙන් පසුව නික්ම ගිය ඩිල්ෂාන්වත්, අවිනාශ්ව හමුවීමට පැමිණ තිබුණේ නැත. වරක් හෝ දෙවරක් ඔහු ඩිල්ෂාන්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඩිල්ෂාන්ගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබිණි. දිලීකාව මුණ ගැසීමට අවිනාශ්ගෙන් සිතේ දැඩි කැමැත්තක් තිබුණද එයට අවස්ථාවක් උදාවූයේ නැත. කෙසේ වෙතත් දිලීකා දැකගැනීමට, ඩිල්ෂාන්ගේ නිවසට යා යුතු බැව් සිතට දැනෙද්දී ඔහුගේ සිතේ පැණ නැගුණේ, කිසියම් වූ නොරිස්සුමකි..

එහෙත් මේ නොරිස්සුම මැදින් වුවත් තමාට දැනෙනා මේ සොදුරු හැගීම, දිලීකාටත් දැනෙනවා යැයි තමාට සිතිය හැකිද..? ඇය තමා දුටු විට ලෙංගතුකමින් කතාබහ කරනවා විය හැකිය. තරගයට පෙරදින පැමිණ තමාට සුභ පතා ඉදිරියේ ඇතිවිය හැකි අනතුර පිළිබදව තමා දැනුවත් කළ බවත් සැබෑය. එහෙත් ඒ සියලු දෙයම ඇය කළේ, තමා ඇයව අර නරුමයින්ගෙන් බේරා ගැනීම නිසා එයට කෘතඤ්ඤතාවය පුද කිරීමට විය හැකිය.

දිලීකාව දැක බලා ගැනීමට සිතේ ඇශාව ඇති මහත් වුවත් අවිනාශ්ගේ සිත කළඹා දැමුවේ එම සිතුවිලි කන්දරාවයි. අනෙක් දෙය නම් ඩිල්ෂාන් මෙතුවක් දවස්, තමා හමුවීමට නොපැමිණිමයි. දිලීකා සම්බන්ධයෙන් මෙන්ම, එතනත් කුමක් හෝ ගැටලුවක් පැන නැගී ඇති බැව් අවිනාශ්ගේ සිතට තරයේම දැනී තිබිණි. ඩිල්ෂාන්ට අනිවාර්යයෙන්ම කුමක් හෝ අවුලක් පැන නැගී ඇතුවාට කිසිම සැකයක් නැත. එසේ නොමැති නම් ඩිල්ෂාන් වැනි විශ්වාසවන්ත පුද්ගලයෙකු මෙලෙස එකවරම නිහඩ වන්නේ නැත. මොනවා වෙන්නට හෝ ඩ්ල්ෂාන්ව ප්‍රථමයෙන් හමුවුවහොත් නරකද යව සිතුවිල්ල සිත උඩටම විත් නතරව මග බලා සිටියේය.

එහෙත් අවිනාශ්, ඩිල්ෂාන්ව හමුවීමට පෙර ඔහු හමුවීමට සිකිසේත්ම බලාපොරොත්තුවක් තනා නොතිබූ කෙනෙකු අවිනාශ්ව හමුවීමට පැමිණ සිටියේය. නිවසේ ආලින්දයට වී වටපිට බලමින් සිටි අමුත්තිය දුටු අවිනාශ්ගේ දෑස විසල් වී ගියේය..

"රොමේෂි..?"

"ම්.. එහෙනම් චෑම්ප්ට මගේ නම අමතක නෑ."

"අපි හම්බවෙලා වැඩි දවසක් ගියේ නෑනේ."

"ඒ කියන්නෙ වැඩි දවසක් ගියා නම් මාව අමතක වෙනවා කියන එක..?"

"ම්.. එහෙම වෙන්නත් පුළුවන්.. ඒත් ඔයා මට ලොකු උදව්වක් කරපු හින්දා එහෙම අමතක වෙන්න විදියක් නෑ.. අනික මොන දේ උනත් මගේ හිතේ කෙළහි ගුණය කියන දේ තියෙනවා.."

"හම්මෝ.. මං හිතන් හිටියට වැඩිය ඔයාට කතා කරන්න පුළුවන් නේ.."

"අයි මං ගොළුවෙක් කියලද හිතන් හිටියේ...?"

"අනේ නෑ....."

රොමේෂි ආලින්දයේ සිටම නිවස තුළට එබී බැලුවාය. අවිනාශ්ගේ පරික්ෂාකාරි බැල්මට එය වහා අසුවිය. මේ වෙලාවෙ ඇයව නිවස තුලට ගැනීම හරිද යන පැනය ඉදිරියේ අවිනාශ් මදක් නතර වී බලා සිටියේය. රොමේෂි ඔහුගේ ෆොක්ස්හීල් ජයග්‍රහණයට පාර කපා තිබුණද, මේ අවස්ථාවේදී අවිනාශ්ගේ සිත ඔහුට අනතුරු ඇගවුවේය. අවිනාශ් තත්පරයකට රොමේෂිවත්, දිලීකාවත් තරාදියක දෙපැත්තට දමා සිතින් කිරා මැන බැලුවේය. එහිදි දිලීකාගේ පැත්ත බොහෝ සෙයින් බර වැඩිවූ අතර, රොමේෂි තුළ ඇත්තේ සෙල්ලක්කාරකමක් මුසු අනුරාගයට වඩාත් ලංවූ ඉරියව් බැව් ඔහුගේ තීක්ෂණ දෙනෙත වහ වහා අදුනා ගත්තේය.

"අවිනාශ්ට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද..?"

අවිනාශ් යමක් කියන්නට ප්‍රථම ගෙට ඇතුළු වී සෝපාවෙහි අසුන්ගත් ෂිරෝමි ඇසුවාය.

"ඇයි...?"

"ඇයි කියලා අහන්නේ..? එහෙම අහපු එක වැරදිද..?"

"වැරැද්දක් නම් නෑ.."

"එහෙනම් ඉතින් උත්තරයක් දෙන්නකෝ.."

"ඒ ඇයි.."

"එහෙම තමයි.."

"ඔන්න.. ඔන්න.. ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා නම් බොරුවට කියන්න එපා. අඩුගානේ දහ දොළොස් දෙනෙක් හරි, සමහර විට ඊටත් වැඩියෙන් හරි ඇති.."

මේ සොදුරු රුවැත්තිය තමා මැන ඇති වැරදි මිම්ම ගැන අවිනාශ්ගේ සිත තුළින් පැණ නැගුණේ දැඩි නොරිස්සුමකි. එහෙත් උණු හින්දා බොන්නටත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක් තමාට ඉදිරියෙන් ඇති බැව් ඔහු වටහා ගත්තේය. කෙවෙුවත් කිරි වුණත් තමාට දිරවන්නේ නැත්නම් අහක දැමීම අවිනාශ්ගේ සිරිත බැව් බොහෝ දෙනෙකු දැන සිටියෙ නැත. ඔහුට ආවේණික වූ එඩිතර ගතිගුණ මෙන්ම අන් අය සතු නොමැති වූ හොද පුරුදු බොහෝ ගණනාවක් අවිනාශ් තුළ විය. ඔහුගේ උසස් සිතිවිලි වලට මූලික හැඩ තල නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. එසේ නොමැති නම් මෙවැනි අවස්ථාවක, මෙවැනි රුවැත්තියක් සමග තනිවූ වෙනත් තරුණයෙකු සිටියා නම් මේ වනවිට සිදුවිය යුතු සියල්ලම සිදුවී අවසානය. ඉතිරිව ඇත්තේ විවාහ රෙජිස්ටාර් ළගට යෑම පමණකි. එහෙත් අවිනාශ් එවැනි අයකු නොවේ. ඔහු බලා සිටියේ රොමේෂි නිවෙසින් පිටවී යනතුරුය.

"ඇයි අවිනාශ්... සද්ද නැත්තේ..?"

"මං මේ ඔයා කතා කරනකල් බලන් හිටියේ..."

"ඉතිං මං අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බවුනේ නෑ නේ.."

"මොකක්ද..?"

"බලන්න ඉතිං.. ඒකත් ඔය ඩිංගට අමතක උනාද..? හරිම ළමයෙක් තමයි.. මං ඇහුවෙ ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා.."

"ඔව්.."

දෙවරක් නොසිතාම අවිනාශ් කියා දැමුවේය. අවදානමක් පැමිණියහොත් එය පසුවට කල් තැබිය හැක. පසුව පැමිණෙන අවදානමට වඩාමේ උදාවී ඇති වර්තමානය භයානකය.

"මං හිතුවා.. මං හිතුවා.. අනේ අවිනාශ්.. මට දැනගන්න පුලුවන්ද කවුද ඒ වාසනාවන්තිය කියලා.."

"ඒක තාම රහසක්.. ඒ දේ ඔයාට කියන්න ඕන කියලා මං හිතන්නෑ.. ඔයාගෙ ප්‍රශ්නෙට හොද උත්තරයක් හම්බ උනානේ.."

"එහෙම හරි නෑ අවිනාශ්.. අපි දැන් හොද යාළුවොනේ.. මාත් ඔයාට හුගාක්ම කැමතියි.. සමහරවිට ඔයාගේ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට කැමති ඇති. සමහර විට ඔයාගෙ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට ආදරෙත් ඇති.."

රොමේෂිගෙන් පිටවූ වදන් වලින් අවිනාශ් මොහොතකට තිගැස්සී ගියේය. තමා සිතූ ආකාරය අතිශයින් නිවැරදිය. ඇය ක්‍රියා කර ඇත්තේ යම් අරමුණක් සිතේ තබාගෙනය. එය මේ මොහොතේ සැකයකින් තොරව කරළියට පැමිණ තිබෙයි. තමා මේ මොහොතේ වඩාත් ඉවසිලිවන්ත විය යුතු බව ඔහු තම සිතට තරයේ දැනුම් දුන්නේය.

"ඒක නම් මං දන්නෑ රොමේෂි. මට එහෙම දෙයක් දැනිලත් නෑ.. අනික මං ඔයාව දන්නෙත් ෆොක්ස් හීල් රේස් එක ඕපනින් දවසෙ ඉදලා.. බලන්න තවම දවස් කීයද..? ඔහොම දැකලා දවසකින් දෙකකින් හිතට එන අදහස් සම්පූර්ණයෙන්ම වරදින්න පුළුවන්.."

"එහෙම වෙන්නෑ අවිනාශ්.."

"ඇයි...?"

"ඔයා මං දන්නෙ අවුරුදු ගාණක ඉදලා හන්දා.. සමහර විට ඔයාගෙ ජීවතේ ඔයා නොදන්න දේවල් පවා මං දන්නවා ඇති.."

"ඔයා මොනවා ගැනද මේ කියවන්නේ..?"

"මං ඒවා පස්සෙ දවසක කියන්නම්. ඔයා විශ්වාස කරන්න.. මං ඔයාව අවුරුදු පහකටත් වැඩි කාලෙක ඉදලා ඉතාම හොදට දන්නවා කියලා. ඒ වගේම ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා මට ඕන තැනක දිව්රලා කියන්නත් පුළුවන්. මොකද මේ ගෙවිල ගියපු අවුරුදු පහ ඇතුළෙදි ඔයා ගර්ල් කෙනෙක් එක්ක, හොටෙල් එහෙකටවත් යනවා මට අහුවුනේ නැති හින්දා.."

"ඒ කියන්නෙ ඔයා මාව ෆලෝව් කරා කියන එකද..?"

"ඔව්.. මං ඔයා ගැන හුගක් හෙව්වා.."

"ඇයි.. ඒ...?"

"කෙලින්ම, කොටින්ම කියනවා නම් ඔයාව දැකපු ඉස්සෙල්ලම දවසෙ ඉදලම, මං ඔයාට ආදරේ කරපු නිසා.."

අවිනාශ්ගේ සිතේ මෙතුවක් වේලා සන්සුන්කමින් නිස්කලංකයේ බැදී තිබූ බැමි එකින් එක බිදී යන්නට පටන් ගත්තේය. කතාව පටන් ගත් ආකාරයට මෙහි මෙවැනි අවසානයක් ඇති යැයි ඔහු කිසිවිටක නොසිතුවේය. රොමේෂි මේ කිසිදු බියක් සැකයක් නැතිව කියන්නේ, ගතවූ අවුරුදු පහ තුළ තමාගේ කුදු මහත් සෑම කටයුත්තක්ම පිටපස ඇය ආ බව නොවේද..? එසේම ඇය ඉතා එඩිතරව, ඉතා විශිෂ්ඨ ආකාරයෙන් කතාව මැදදීම සැහැල්ලුවෙන් එය ඉදිරිපත් කළාද කිවහොත් අවිනාශ් මොහොතකට ගල් ගැසුණේය..

"ඔයා මට ආදරේ කරාට වැඩක් නෑ රොමේෂි.."

"ඇයි...?"

"මං ආදරේ කරන කෙනෙක් ඉන්න හන්දා.. අපි හුගාක් ආදරෙන් ඉන්න හන්දා.."

රොමේෂිගේ මුහුන බලා සිටියදීම සුදුහැලි පැහැයට හැරිණි. එහෙත් ඇය දක්ෂ ලෙස තම හැගීම් සගවා ගත්තේය..

"මං ඒක පිළිගන්නෑ අවිනාශ්.."

"ඇයි...?"

"මට ඒ වගේ ආරංචියක් ඇවිල්ලා නැති හින්දා.. අනික තාමට ඔයාට කෙල්ලෙක් නෑ කියලා මං ස්ථීරෙටම විශ්වාස කරන හින්දා.."

"එහෙනම් ඉතිං මට කරන්න දෙයක් නෑ.. ඔයා ඕන දෙයක් හිතාගන්න.."

"මට එයාව මීට් කරන්න පුළුවන්ද..?"

"ඒ ඇයි..?"

"මට විශ්වාස කරන්න පුළුවන් එතකොටයි.."

"ඒ කියන්නෙ ඔයාට මාව විශ්වාස නෑ.."

"නෑ අවිනාශ්.. මං ඔයාව විශ්වාස කරන්නෙ ඔයාව මට ලැබුණාම.."

"රොමේෂි.. ඔයා මොනවද මේ කියන්නේ...?"

"මං කියන්නෙ මට හිතෙන දේ වගේම දැනෙන දේ.."

"එහෙම උනා කියලා ඔයාට පුළුවන් කමක් නෑ මට බලපෑම් කරන්න.. ඔයා මට ලේසියෙන් අමතක කරන්න බැරි උදව්වක් කරපු බව ඇත්ත.. ඒත් ඒක තුරුම්පුවකට අරගෙන මගේ ජීවිතේට බලපෑම් කරන එක මට සෑහෙන්න කේන්ති එන වැඩක්.."

රොමේෂි, අවිනාශ් දෙස එක එල්ලයේම බලා සිටියාය. ඇය සිටින්නේ තමාට වහ වැටී ඇති ආකාරයටය. මේ අවස්ථාවේදී ලොකු අම්මා, ලොකු තාත්තා හෝ නිවසට එනවා නම්..? දෙදෙනාම උදෑසන බණ්ඩාරවෙල ගොස් එන්නට ගිය ගමන තවමත් නැත..

"දැන් කවුරු හරි ගෙදරට එනව නම් හොදයි කියලා නේද ඔයා හිතන්නේ..?"

අවිනාශ්ගේ සිත මහා පුදුමයකට පත්විය. ඇය තමාගේ සිතුවිලි පවා ක්‍රියා කරන ආකාරය හදුනාගෙන ඇති හැඩය. මෙවර නම් තමාට ගණුදෙනු කරන්නට වී ඇත්තේ ඉතා අමාරුකාරියක සමග බවත් ඔහු වටහාගත්තේය. විවෘත අංශයේ තරගවලදී, ඉතාම අවදානම් සහගත ක්‍රියාවලට නිරන්තරවම ප්‍රිය කළ අවිනාශ්, මේ අවදානම සමග ගැටීම ඒ තරම් ප්‍රිය කළේ නැත. මෙය නම් අන්තර් ජාතික තත්වයේ අවදානමකි.

"කොහොමද මේ වෙලාවේ ඔයාගෙ ඔය කියන, ඔයා මනෝමෙන් හිතන් ඉන්න, හැබැහින් පැත්ත පළාතක නැති ගර්ල් ෆෙන්ඩ් මෙහෙට ආවොත්..? මං මේ වගේ ඔයාට ළංවෙලා ඉන්නවා දැක්කොත් එයාට මොනවා හිතෙයිද..?"

"එ.. එයා මං ගැන වරදවා හිතන්නෑ..."

එහෙත් සත්‍ය තත්වය එය නොවේ කියන්නට අවිනාශ් දැන සිටියේය. වැරදිලාවත් දිලීකා මෙතෙන්ට අහම්බයකින් හෝ පැමිනියේ නම් සිදුවන විනාශයේ තරම රිට්චර් පරිමාපකයේ අගය 08කටත් වැඩි වැඩිවූ සුනාමි දෙක තැනක් තරම් වනු ඇත. අවිනාශ්ගේ සිත වේවලා ගියේය. රොමේෂි මෙතනින් නොයන්නෙ ඇයි..? සමහර විට ඇය තම නිදන කාමරයට වුව යාමට පුළුවන. කෙසේ හෝ රොමේෂිව නිවසින් පිටකර ගත යුතුය. එහෙත් එයට පෙර ඇයට අවිනාශ්ගේ සිතිවිලි දැනුනා සේය.

"ඔයා වරදවා හිතන්නැති, ඉරිසියාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති, කෙසේ ප්‍රහීන කරපු ඔයාගෙ ආදරණිය ගර්ල් ෆෙන්ඩ් උපාසිකාව මට අදුන්වලා දෙන්න හොදේ.. මං කරපු දේ උදව්වක් කියලා ඔයා හිතනවා නම්, මං ඔයාගෙන් ඔයා කිව්ව දේ බලාපොරොත්තු වෙනවා.. එහෙනම් චෑම්ප්.. ඔයා බය කර කර මං තවත් මෙතන ඉන්නෙ නෑ.. ඕනවටත් වැඩිය මං ගැන හිතන්න දේවල් මං ඔයාට කිව්වා. ඒ ගැන ඔයා කල්පනා කරන්න. මං ඔයාට කොයි තරම් මැච් වෙනවද කියලත් හිතන්න.."

"මං ආයෙත් ඔයාට කියන්නේ, ඒක වැඩක් වෙන්නෙ නෑ කියලා.. මං මැච් කරගත්තු කෙනෙක් ඉන්නවා.."

"ඒක මට නම් අදාල දෙයක් නෙමෙයි අවිනාශ්. මොකද පහුගිය අවුරුදු පහ ඇතුළෙදි එයා මේ රවුන්ඩ් එක ඇතුලේ හිටියෙ නෑ කියන එක මට විශ්වාසයි. මං යනවා අවිනාශ්.."

අවිනාශ්ගෙ සිතට සැනසීමක් අත්කර දෙමින් රොමේෂි නැගී සිටියාය. ඒ තම දකුණත අවිනාශ් වෙතට දිගු කරමින්ය. අවිනාශ් එය තම දකුණතින් මිරිකා ඇයට සමුදෙද්දී, මෙතුවක් වේලා සිදු නොවූ, එහෙත් සිදුවෙතැයි අවිනාශ් බලාපොරොත්තු වූ දෙයම සිදුවිය.

"අවිනාශ්..."

ආලින්දයත් සාලයත් අතර වූ දොර ළගින් ඇසුණු කටහඩින් අවිනාශ්ගේ අත රොමේෂි අතින් ගිලිහී ගියේය. එහෙත් රොමේෂි එය වහා අල්ලා ගත්තද, අවිනාශ් නැවතත් ඇයගේ අත ගසා දැමුවේය.

"ඩිල්ෂාන්.. හදිසියේම..?"

"ඔව්.. මං ඔයාව හම්බවෙන්නයි ආවේ.."

ඩිල්ෂාන් කීවේ, රොමේෂි දෙස ඉතා හොදින් බලමින්ය. මැය, තමාට හොදට දැක පුරුදු වුවත් එහෙත් ඇය කවුදැයි කියා ඔහුගේ මතකයට නැගුනේ නැත.

"එන්න ඩිල්ෂාන් ඇතුළට.."

"ඕන්නෑ.. අපි එළියෙ ඉම්මු.. ඇතුලෙ ගෙදර අයත් ඉන්නවනේ.."

"ගෙදර නම් කවුරුත් නෑ.."

"ම්.."

තමාගේ කට වැරදුන වග අවිනාශ්ට මොහොතකට හැගී ගියේය. ඩිල්ෂාන් දෑස් කුඩා කර නැවතත් රොමේෂි දිහා බැලුවේය. වෙනත් අයෙකු නම් සියවරක් වුව ඇය දෙස බැලුවාට කම් නැත. එහෙත් ඩිල්ෂාන් යනු දිලීකාගේ සොහොයුරාය. විසදාගන්නට බැරි ගැටලුවක් ඇත්තේ එතනය..

[QUOTE="crazybuddy, post: 12427224, member: 326070"] [COLOR=DarkOliveGreen][B][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-fZX3le-AC2o/T2OUd1bSfkI/AAAAAAAABh4/prQQl0YBwtk/s640/Cover-06.jpg[/IMG] [/SIZE][/B][/COLOR] [COLOR=DarkOliveGreen][B][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG] [/SIZE][SIZE=4]ෆොක්ස් හීල් තරගාවලිය නිමවී දින දෙකක් නික්ම ගියද, අවිනාශ් බලාපොරොත්තු වූ පරිදි කිසිවක්ම සිදුවූයේ නැත. ඒ කියන්නෙ තමා සිතූ පරිදි මෙය ඒතරම් ගත යුත්තක් නොමැති තර්ජනයක් බවද..? අඩුම තරමේ තරගය අවසාන වීමෙන් පසුව නික්ම ගිය ඩිල්ෂාන්වත්, අවිනාශ්ව හමුවීමට පැමිණ තිබුණේ නැත. වරක් හෝ දෙවරක් ඔහු ඩිල්ෂාන්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඩිල්ෂාන්ගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබිණි. දිලීකාව මුණ ගැසීමට අවිනාශ්ගෙන් සිතේ දැඩි කැමැත්තක් තිබුණද එයට අවස්ථාවක් උදාවූයේ නැත. කෙසේ වෙතත් දිලීකා දැකගැනීමට, ඩිල්ෂාන්ගේ නිවසට යා යුතු බැව් සිතට දැනෙද්දී ඔහුගේ සිතේ පැණ නැගුණේ, කිසියම් වූ නොරිස්සුමකි..[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]එහෙත් මේ නොරිස්සුම මැදින් වුවත් තමාට දැනෙනා මේ සොදුරු හැගීම, දිලීකාටත් දැනෙනවා යැයි තමාට සිතිය හැකිද..? ඇය තමා දුටු විට ලෙංගතුකමින් කතාබහ කරනවා විය හැකිය. තරගයට පෙරදින පැමිණ තමාට සුභ පතා ඉදිරියේ ඇතිවිය හැකි අනතුර පිළිබදව තමා දැනුවත් කළ බවත් සැබෑය. එහෙත් ඒ සියලු දෙයම ඇය කළේ, තමා ඇයව අර නරුමයින්ගෙන් බේරා ගැනීම නිසා එයට කෘතඤ්ඤතාවය පුද කිරීමට විය හැකිය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]දිලීකාව දැක බලා ගැනීමට සිතේ ඇශාව ඇති මහත් වුවත් අවිනාශ්ගේ සිත කළඹා දැමුවේ එම සිතුවිලි කන්දරාවයි. අනෙක් දෙය නම් ඩිල්ෂාන් මෙතුවක් දවස්, තමා හමුවීමට නොපැමිණිමයි. දිලීකා සම්බන්ධයෙන් මෙන්ම, එතනත් කුමක් හෝ ගැටලුවක් පැන නැගී ඇති බැව් අවිනාශ්ගේ සිතට තරයේම දැනී තිබිණි. ඩිල්ෂාන්ට අනිවාර්යයෙන්ම කුමක් හෝ අවුලක් පැන නැගී ඇතුවාට කිසිම සැකයක් නැත. එසේ නොමැති නම් ඩිල්ෂාන් වැනි විශ්වාසවන්ත පුද්ගලයෙකු මෙලෙස එකවරම නිහඩ වන්නේ නැත. මොනවා වෙන්නට හෝ ඩ්ල්ෂාන්ව ප්‍රථමයෙන් හමුවුවහොත් නරකද යව සිතුවිල්ල සිත උඩටම විත් නතරව මග බලා සිටියේය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]එහෙත් අවිනාශ්, ඩිල්ෂාන්ව හමුවීමට පෙර ඔහු හමුවීමට සිකිසේත්ම බලාපොරොත්තුවක් තනා නොතිබූ කෙනෙකු අවිනාශ්ව හමුවීමට පැමිණ සිටියේය. නිවසේ ආලින්දයට වී වටපිට බලමින් සිටි අමුත්තිය දුටු අවිනාශ්ගේ දෑස විසල් වී ගියේය..[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"රොමේෂි..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ම්.. එහෙනම් චෑම්ප්ට මගේ නම අමතක නෑ."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"අපි හම්බවෙලා වැඩි දවසක් ගියේ නෑනේ."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒ කියන්නෙ වැඩි දවසක් ගියා නම් මාව අමතක වෙනවා කියන එක..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ම්.. එහෙම වෙන්නත් පුළුවන්.. ඒත් ඔයා මට ලොකු උදව්වක් කරපු හින්දා එහෙම අමතක වෙන්න විදියක් නෑ.. අනික මොන දේ උනත් මගේ හිතේ කෙළහි ගුණය කියන දේ තියෙනවා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"හම්මෝ.. මං හිතන් හිටියට වැඩිය ඔයාට කතා කරන්න පුළුවන් නේ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"අයි මං ගොළුවෙක් කියලද හිතන් හිටියේ...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"අනේ නෑ....."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]රොමේෂි ආලින්දයේ සිටම නිවස තුළට එබී බැලුවාය. අවිනාශ්ගේ පරික්ෂාකාරි බැල්මට එය වහා අසුවිය. මේ වෙලාවෙ ඇයව නිවස තුලට ගැනීම හරිද යන පැනය ඉදිරියේ අවිනාශ් මදක් නතර වී බලා සිටියේය. රොමේෂි ඔහුගේ ෆොක්ස්හීල් ජයග්‍රහණයට පාර කපා තිබුණද, මේ අවස්ථාවේදී අවිනාශ්ගේ සිත ඔහුට අනතුරු ඇගවුවේය. අවිනාශ් තත්පරයකට රොමේෂිවත්, දිලීකාවත් තරාදියක දෙපැත්තට දමා සිතින් කිරා මැන බැලුවේය. එහිදි දිලීකාගේ පැත්ත බොහෝ සෙයින් බර වැඩිවූ අතර, රොමේෂි තුළ ඇත්තේ සෙල්ලක්කාරකමක් මුසු අනුරාගයට වඩාත් ලංවූ ඉරියව් බැව් ඔහුගේ තීක්ෂණ දෙනෙත වහ වහා අදුනා ගත්තේය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"අවිනාශ්ට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]අවිනාශ් යමක් කියන්නට ප්‍රථම ගෙට ඇතුළු වී සෝපාවෙහි අසුන්ගත් ෂිරෝමි ඇසුවාය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි කියලා අහන්නේ..? එහෙම අහපු එක වැරදිද..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"වැරැද්දක් නම් නෑ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එහෙනම් ඉතින් උත්තරයක් දෙන්නකෝ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒ ඇයි.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එහෙම තමයි.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔන්න.. ඔන්න.. ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා නම් බොරුවට කියන්න එපා. අඩුගානේ දහ දොළොස් දෙනෙක් හරි, සමහර විට ඊටත් වැඩියෙන් හරි ඇති.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]මේ සොදුරු රුවැත්තිය තමා මැන ඇති වැරදි මිම්ම ගැන අවිනාශ්ගේ සිත තුළින් පැණ නැගුණේ දැඩි නොරිස්සුමකි. එහෙත් උණු හින්දා බොන්නටත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක් තමාට ඉදිරියෙන් ඇති බැව් ඔහු වටහා ගත්තේය. කෙවෙුවත් කිරි වුණත් තමාට දිරවන්නේ නැත්නම් අහක දැමීම අවිනාශ්ගේ සිරිත බැව් බොහෝ දෙනෙකු දැන සිටියෙ නැත. ඔහුට ආවේණික වූ එඩිතර ගතිගුණ මෙන්ම අන් අය සතු නොමැති වූ හොද පුරුදු බොහෝ ගණනාවක් අවිනාශ් තුළ විය. ඔහුගේ උසස් සිතිවිලි වලට මූලික හැඩ තල නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. එසේ නොමැති නම් මෙවැනි අවස්ථාවක, මෙවැනි රුවැත්තියක් සමග තනිවූ වෙනත් තරුණයෙකු සිටියා නම් මේ වනවිට සිදුවිය යුතු සියල්ලම සිදුවී අවසානය. ඉතිරිව ඇත්තේ විවාහ රෙජිස්ටාර් ළගට යෑම පමණකි. එහෙත් අවිනාශ් එවැනි අයකු නොවේ. ඔහු බලා සිටියේ රොමේෂි නිවෙසින් පිටවී යනතුරුය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි අවිනාශ්... සද්ද නැත්තේ..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං මේ ඔයා කතා කරනකල් බලන් හිටියේ..."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඉතිං මං අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බවුනේ නෑ නේ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මොකක්ද..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"බලන්න ඉතිං.. ඒකත් ඔය ඩිංගට අමතක උනාද..? හරිම ළමයෙක් තමයි.. මං ඇහුවෙ ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔව්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]දෙවරක් නොසිතාම අවිනාශ් කියා දැමුවේය. අවදානමක් පැමිණියහොත් එය පසුවට කල් තැබිය හැක. පසුව පැමිණෙන අවදානමට වඩාමේ උදාවී ඇති වර්තමානය භයානකය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං හිතුවා.. මං හිතුවා.. අනේ අවිනාශ්.. මට දැනගන්න පුලුවන්ද කවුද ඒ වාසනාවන්තිය කියලා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒක තාම රහසක්.. ඒ දේ ඔයාට කියන්න ඕන කියලා මං හිතන්නෑ.. ඔයාගෙ ප්‍රශ්නෙට හොද උත්තරයක් හම්බ උනානේ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එහෙම හරි නෑ අවිනාශ්.. අපි දැන් හොද යාළුවොනේ.. මාත් ඔයාට හුගාක්ම කැමතියි.. සමහරවිට ඔයාගේ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට කැමති ඇති. සමහර විට ඔයාගෙ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට ආදරෙත් ඇති.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]රොමේෂිගෙන් පිටවූ වදන් වලින් අවිනාශ් මොහොතකට තිගැස්සී ගියේය. තමා සිතූ ආකාරය අතිශයින් නිවැරදිය. ඇය ක්‍රියා කර ඇත්තේ යම් අරමුණක් සිතේ තබාගෙනය. එය මේ මොහොතේ සැකයකින් තොරව කරළියට පැමිණ තිබෙයි. තමා මේ මොහොතේ වඩාත් ඉවසිලිවන්ත විය යුතු බව ඔහු තම සිතට තරයේ දැනුම් දුන්නේය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒක නම් මං දන්නෑ රොමේෂි. මට එහෙම දෙයක් දැනිලත් නෑ.. අනික මං ඔයාව දන්නෙත් ෆොක්ස් හීල් රේස් එක ඕපනින් දවසෙ ඉදලා.. බලන්න තවම දවස් කීයද..? ඔහොම දැකලා දවසකින් දෙකකින් හිතට එන අදහස් සම්පූර්ණයෙන්ම වරදින්න පුළුවන්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එහෙම වෙන්නෑ අවිනාශ්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔයා මං දන්නෙ අවුරුදු ගාණක ඉදලා හන්දා.. සමහර විට ඔයාගෙ ජීවතේ ඔයා නොදන්න දේවල් පවා මං දන්නවා ඇති.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔයා මොනවා ගැනද මේ කියවන්නේ..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං ඒවා පස්සෙ දවසක කියන්නම්. ඔයා විශ්වාස කරන්න.. මං ඔයාව අවුරුදු පහකටත් වැඩි කාලෙක ඉදලා ඉතාම හොදට දන්නවා කියලා. ඒ වගේම ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා මට ඕන තැනක දිව්රලා කියන්නත් පුළුවන්. මොකද මේ ගෙවිල ගියපු අවුරුදු පහ ඇතුළෙදි ඔයා ගර්ල් කෙනෙක් එක්ක, හොටෙල් එහෙකටවත් යනවා මට අහුවුනේ නැති හින්දා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒ කියන්නෙ ඔයා මාව ෆලෝව් කරා කියන එකද..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔව්.. මං ඔයා ගැන හුගක් හෙව්වා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි.. ඒ...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"කෙලින්ම, කොටින්ම කියනවා නම් ඔයාව දැකපු ඉස්සෙල්ලම දවසෙ ඉදලම, මං ඔයාට ආදරේ කරපු නිසා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]අවිනාශ්ගේ සිතේ මෙතුවක් වේලා සන්සුන්කමින් නිස්කලංකයේ බැදී තිබූ බැමි එකින් එක බිදී යන්නට පටන් ගත්තේය. කතාව පටන් ගත් ආකාරයට මෙහි මෙවැනි අවසානයක් ඇති යැයි ඔහු කිසිවිටක නොසිතුවේය. රොමේෂි මේ කිසිදු බියක් සැකයක් නැතිව කියන්නේ, ගතවූ අවුරුදු පහ තුළ තමාගේ කුදු මහත් සෑම කටයුත්තක්ම පිටපස ඇය ආ බව නොවේද..? එසේම ඇය ඉතා එඩිතරව, ඉතා විශිෂ්ඨ ආකාරයෙන් කතාව මැදදීම සැහැල්ලුවෙන් එය ඉදිරිපත් කළාද කිවහොත් අවිනාශ් මොහොතකට ගල් ගැසුණේය..[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔයා මට ආදරේ කරාට වැඩක් නෑ රොමේෂි.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං ආදරේ කරන කෙනෙක් ඉන්න හන්දා.. අපි හුගාක් ආදරෙන් ඉන්න හන්දා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]රොමේෂිගේ මුහුන බලා සිටියදීම සුදුහැලි පැහැයට හැරිණි. එහෙත් ඇය දක්ෂ ලෙස තම හැගීම් සගවා ගත්තේය..[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං ඒක පිළිගන්නෑ අවිනාශ්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඇයි...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මට ඒ වගේ ආරංචියක් ඇවිල්ලා නැති හින්දා.. අනික තාමට ඔයාට කෙල්ලෙක් නෑ කියලා මං ස්ථීරෙටම විශ්වාස කරන හින්දා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එහෙනම් ඉතිං මට කරන්න දෙයක් නෑ.. ඔයා ඕන දෙයක් හිතාගන්න.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මට එයාව මීට් කරන්න පුළුවන්ද..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒ ඇයි..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මට විශ්වාස කරන්න පුළුවන් එතකොටයි.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒ කියන්නෙ ඔයාට මාව විශ්වාස නෑ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"නෑ අවිනාශ්.. මං ඔයාව විශ්වාස කරන්නෙ ඔයාව මට ලැබුණාම.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"රොමේෂි.. ඔයා මොනවද මේ කියන්නේ...?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං කියන්නෙ මට හිතෙන දේ වගේම දැනෙන දේ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එහෙම උනා කියලා ඔයාට පුළුවන් කමක් නෑ මට බලපෑම් කරන්න.. ඔයා මට ලේසියෙන් අමතක කරන්න බැරි උදව්වක් කරපු බව ඇත්ත.. ඒත් ඒක තුරුම්පුවකට අරගෙන මගේ ජීවිතේට බලපෑම් කරන එක මට සෑහෙන්න කේන්ති එන වැඩක්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]රොමේෂි, අවිනාශ් දෙස එක එල්ලයේම බලා සිටියාය. ඇය සිටින්නේ තමාට වහ වැටී ඇති ආකාරයටය. මේ අවස්ථාවේදී ලොකු අම්මා, ලොකු තාත්තා හෝ නිවසට එනවා නම්..? දෙදෙනාම උදෑසන බණ්ඩාරවෙල ගොස් එන්නට ගිය ගමන තවමත් නැත..[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"දැන් කවුරු හරි ගෙදරට එනව නම් හොදයි කියලා නේද ඔයා හිතන්නේ..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]අවිනාශ්ගේ සිත මහා පුදුමයකට පත්විය. ඇය තමාගේ සිතුවිලි පවා ක්‍රියා කරන ආකාරය හදුනාගෙන ඇති හැඩය. මෙවර නම් තමාට ගණුදෙනු කරන්නට වී ඇත්තේ ඉතා අමාරුකාරියක සමග බවත් ඔහු වටහාගත්තේය. විවෘත අංශයේ තරගවලදී, ඉතාම අවදානම් සහගත ක්‍රියාවලට නිරන්තරවම ප්‍රිය කළ අවිනාශ්, මේ අවදානම සමග ගැටීම ඒ තරම් ප්‍රිය කළේ නැත. මෙය නම් අන්තර් ජාතික තත්වයේ අවදානමකි.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"කොහොමද මේ වෙලාවේ ඔයාගෙ ඔය කියන, ඔයා මනෝමෙන් හිතන් ඉන්න, හැබැහින් පැත්ත පළාතක නැති ගර්ල් ෆෙන්ඩ් මෙහෙට ආවොත්..? මං මේ වගේ ඔයාට ළංවෙලා ඉන්නවා දැක්කොත් එයාට මොනවා හිතෙයිද..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එ.. එයා මං ගැන වරදවා හිතන්නෑ..."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]එහෙත් සත්‍ය තත්වය එය නොවේ කියන්නට අවිනාශ් දැන සිටියේය. වැරදිලාවත් දිලීකා මෙතෙන්ට අහම්බයකින් හෝ පැමිනියේ නම් සිදුවන විනාශයේ තරම රිට්චර් පරිමාපකයේ අගය 08කටත් වැඩි වැඩිවූ සුනාමි දෙක තැනක් තරම් වනු ඇත. අවිනාශ්ගේ සිත වේවලා ගියේය. රොමේෂි මෙතනින් නොයන්නෙ ඇයි..? සමහර විට ඇය තම නිදන කාමරයට වුව යාමට පුළුවන. කෙසේ හෝ රොමේෂිව නිවසින් පිටකර ගත යුතුය. එහෙත් එයට පෙර ඇයට අවිනාශ්ගේ සිතිවිලි දැනුනා සේය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔයා වරදවා හිතන්නැති, ඉරිසියාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති, කෙසේ ප්‍රහීන කරපු ඔයාගෙ ආදරණිය ගර්ල් ෆෙන්ඩ් උපාසිකාව මට අදුන්වලා දෙන්න හොදේ.. මං කරපු දේ උදව්වක් කියලා ඔයා හිතනවා නම්, මං ඔයාගෙන් ඔයා කිව්ව දේ බලාපොරොත්තු වෙනවා.. එහෙනම් චෑම්ප්.. ඔයා බය කර කර මං තවත් මෙතන ඉන්නෙ නෑ.. ඕනවටත් වැඩිය මං ගැන හිතන්න දේවල් මං ඔයාට කිව්වා. ඒ ගැන ඔයා කල්පනා කරන්න. මං ඔයාට කොයි තරම් මැච් වෙනවද කියලත් හිතන්න.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"මං ආයෙත් ඔයාට කියන්නේ, ඒක වැඩක් වෙන්නෙ නෑ කියලා.. මං මැච් කරගත්තු කෙනෙක් ඉන්නවා.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඒක මට නම් අදාල දෙයක් නෙමෙයි අවිනාශ්. මොකද පහුගිය අවුරුදු පහ ඇතුළෙදි එයා මේ රවුන්ඩ් එක ඇතුලේ හිටියෙ නෑ කියන එක මට විශ්වාසයි. මං යනවා අවිනාශ්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]අවිනාශ්ගෙ සිතට සැනසීමක් අත්කර දෙමින් රොමේෂි නැගී සිටියාය. ඒ තම දකුණත අවිනාශ් වෙතට දිගු කරමින්ය. අවිනාශ් එය තම දකුණතින් මිරිකා ඇයට සමුදෙද්දී, මෙතුවක් වේලා සිදු නොවූ, එහෙත් සිදුවෙතැයි අවිනාශ් බලාපොරොත්තු වූ දෙයම සිදුවිය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"අවිනාශ්..."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]ආලින්දයත් සාලයත් අතර වූ දොර ළගින් ඇසුණු කටහඩින් අවිනාශ්ගේ අත රොමේෂි අතින් ගිලිහී ගියේය. එහෙත් රොමේෂි එය වහා අල්ලා ගත්තද, අවිනාශ් නැවතත් ඇයගේ අත ගසා දැමුවේය.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඩිල්ෂාන්.. හදිසියේම..?"[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඔව්.. මං ඔයාව හම්බවෙන්නයි ආවේ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]ඩිල්ෂාන් කීවේ, රොමේෂි දෙස ඉතා හොදින් බලමින්ය. මැය, තමාට හොදට දැක පුරුදු වුවත් එහෙත් ඇය කවුදැයි කියා ඔහුගේ මතකයට නැගුනේ නැත.[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"එන්න ඩිල්ෂාන් ඇතුළට.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ඕන්නෑ.. අපි එළියෙ ඉම්මු.. ඇතුලෙ ගෙදර අයත් ඉන්නවනේ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ගෙදර නම් කවුරුත් නෑ.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]"ම්.."[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][SIZE=4]තමාගේ කට වැරදුන වග අවිනාශ්ට මොහොතකට හැගී ගියේය. ඩිල්ෂාන් දෑස් කුඩා කර නැවතත් රොමේෂි දිහා බැලුවේය. වෙනත් අයෙකු නම් සියවරක් වුව ඇය දෙස බැලුවාට කම් නැත. එහෙත් ඩිල්ෂාන් යනු දිලීකාගේ සොහොයුරාය. විසදාගන්නට බැරි ගැටලුවක් ඇත්තේ එතනය..[/SIZE] [/B][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom