Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වෙන දවසක කිව්වේ..?"

"වෙන දවසක කිව්වෙ වෙන දවසක.."

"ම්.. එහෙනම් ඒ දවසෙදි අපි අපේ ගෙදරදි ලන්ච් එක ගනිමු.. හොදේ.."

"බලමු..."

රොමේෂිගෙන් ගැලවීමක් නොමැති තැන අවිනාශ් කීවාය. එහෙත් ඒ පිළීතුරින් ඇය සෑහීමකට පත් වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතින් අල්ලාගෙන නැවතත් කතාව පටන් ගැන්මට උත්සාහ කළාය. අවිනාශ්ට ඒ වනවිට අවශ්‍යව තිබුණේ එතැනින් මග හැර යාමටය..

"බලමුකො කියලා බෑ.. ඔයා ෆික්ස් කරන්න ඕන.."

තුන්සිත පුරාම දිලීකා රගදෙද්දී තවත් යුවතියකට සිත යොමන්නේ කෙසේදැයි අවිනාශ් දැන සිටියේ නැත. ඔහු එම කලාව යාන්තමින් හෝ ප්‍රගුණ කර තිබුණා නම් මේ කතාව මෙයට වඩා අපූරු කතාන්දරයක් වීමට ඉඩ තිබිණි. එහෙත් සියල්ල වෙනස් වූයේ, අනාගතය තුළදී කාලකණ්ණිකමට ඉතිරිව තිබූ විනාඩි කිහිපයකිනි.

"ඔයා ඔය කියන දවසට මට වෙන වැඩක් තිබුණොත් එන්න වෙන්නෙ නෑ ෂිරෝමි.. ඒක හින්දා ඔය පිස්සු වැඩේ අතාරින්න.."

"මොනවා.. මේක පිස්සු වැඩක්..? ඔයත්තෙක්කල න්ච් එකක් ගන්නෙක පිස්සු වැඩක්.. ඔයා එහෙමද හිතන්නෙ අවිනාශ්.."

ඇයගේ සිත බලවත් සේ පෑරි ගිය බැව් අවිනාශ් දුටුවේය. ඔහුගේ සිතට සියුම් අනුකම්පාවක් ගලා ආවේ ඔහුටත් හොර රහසේය. ඇය කෙලෙසක හැසිරුණත්, ඇය තමාට කළ ලෙංගතු උපකාරය අනුව, අඩුම ගණනේ ඇයගේ සිත නොරිදෙන ලෙසටවත් හැසිරිය යුතුය. ඇය හිතනා ආකාරයේ ආදරයක් තමාගේ සිතේ නොමැති බැව් සැබෑය. එහෙත් සෑම පිරිමියෙකුගේම සිතක් මෙන්ම අවිනාශ්ගේ සිතද ඇය කෙරෙහි යම් ලෙංකගුකමකින් යුක්ත වී යැයි පැවසීම බොරුවක් නොවේ.

"හරි.. ඔයා කැමති දවසක් කියන්න.. මං එන්නම්.."

අවිනාශ් තම ජීවිතයේ අතිශය වේදනාත්මක දිනය සදහා දෙවරක් නොසිතාම මංපෙත් විවර කළේයත රොමේෂීගේ දෙනෙත, කියාගත නොහැකි පැහැබර සතුටකින් පිරී තිබිණි. එහෙත් ඒ සතුට මතින්, තමා ජීවිතයටත් වැඩියෙන් ආදරය කළ ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු වෙන බවක් රොමේෂි කිසිසේත්ම දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ඇය මේ හමුවීම ගැන ලබන ආත්මයේවත් සිතන්නේ නැත. මන්ද යත් මේ සොදුරු හමුවීමෙන් රොමේෂී නම් වූ රුවැත්තියද මේ ආත්මයේ නම් ලැබූ දෙයක් නොමැති නිසාය.

රොමේෂිත්, අවිනාශුත්අතිශය තීරණාත්මක දිනයකට විවරනය ලබා ගනිද්දී, ළමා ක්‍රිඩාංගනයට මෙපිටින් ඔවුන් දෙස ද්වේෂයෙන් බලා සිටින අලු පැහැති දෙනෙතක්ද මේ නාටකයේ සිටියේය. ඒ ශානකය. ඔහු බලා සිටියේ අවස්ථාවක් උදාවනතුරුය. තම පියාගේ පහල නිලධාරින් කීවා සේ දෙයක් එක්වරම කර රිද්දනවාට වඩා සෙමින් සෙමින් රිද්දවීම වඩා ප්‍රතිඵල ගෙන දෙන්නක් බැව් ඔහු මේ වනවිට හොදින් දැනගෙන සිටියේය. එහෙත් ඔහුට කළ නොහැකි දෙය වූයේ අවිනාශ්ගේ මුහුණ දෙස මේ ලෙස බලා හිදීමෙන් සියල්ල ඉවසා දාරා සිටීමය.

මේ සියල්ලමට මුල ෆොක්ස් හීල් තරගාවලියය. එය නොපවැත්වූයේ නම් මේ කිසිදු අවුලක් වන්නේ නැත. විවෘත අංශයේ තරගය, තමා ජයගන්නා බවට, තම සොදුරු පෙම්වතිය ඉදිරියේ පාරම් බෑ ශානකට, එම තරගාවලියට සහභාගී විමටවත් ඉඩක් නොලැබිණි. ඒ අවිනාශ්ගේ ඉදිරිපත් වීම නිසාය. එසේම ආරක්ෂක අමාත්‍යංශයේ යතුරුපැදිකරු ඉදිරිපත් කරන්නට සිදුවූයේ අවිනාශ් සමග සටනට ප්‍රහාරාත්මක තරගකරුවෙකු අවැසි නිසාමය. බොහෝවිට තමා ඒ තරගයට සහභාගි වූයේ නම් තමාට අත්වන ස්ථානය පිළිබදව බොහෝ පසුතැවීලිවීමට තමාට සිදුවනු ඇත. අවිනාශ් පළමු වටයේදීම තමා පසුකර යනු ඇත. ඒ ගැන දිගින් දිගටම සිහිපත්වෙත්ම ශානකගේ අලු පැහැති දෙනෙත පිරී ගියේ අවිනාශ් කෙරෙහි වූ මහත් වෛරයකිනි.

ඒ සමගම තම ඇස් මායිමෙන් ඉවතට ඇදී යන අවිනාශ් ඔහු දුටුවේ අහම්බයෙනි. ඒ තරමට ඔහුගේ කල්පනාව දැඩි වී තිබිණි. කෙසේ වුවත් තමා අවිනාශ් පසුපස හඹා යා යුතුය. ඒ මොහොතේම රොමේෂි ඔහු සිටි දෙසට හැරුණාය. තමාගේ ඇස් මායිමේ සිටින සුරූපිණිය දුටු ශානක මදක් තිගැස්සුනි. තමා ඉදිරිපිට මේ ලබාදී ඇත්තේ ඉතා අනගි අවස්ථාවකි. අවිනාශ් සම්බන්ධයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇයව ඉත්තෙකු සේ යොදා ගැනීමට තමාට හැකිවනු ඇත. එම සිතුවිල්ල පවා ඔහුගේ සිතට එක් කළේ සුනම්‍ය වූ ප්‍රිතියකි. අත පුරා මුදල් මිටියක් දුන් පසු වෙනස් නොවන්නේ කවුද..? රත්තරං ආභරණ තුන හතරක් දුන් පසු වෙනස් නොවන්නේ මොන ගැහැණියද..? ගැහැණු සම්බන්ධයෙන් ඔහුගේ සිතේ වූයේ අඩුම අඩු ලංසුවකි. ඔහු සිතා සිටියේ ගැහැණුන් හැරෙන හැරෙන පැත්තට කතා කරන, කඩවසම් පුද්ගලයෙකුට ඕනෑ වෙලාවක නම්මාගත හැකි සත්ව කොට්ඨාසයක් බවය. එහෙත් එසේ සිතනා මෝඩයින්ගේ වටිනාකම, අර ලංසුවටත් වඩා පහල යන බැව් ශානක දැන සිටියේ නැත. ශානක සිතා සිටිනා ආකාරයේ නොවනා ගැහැනුන්ද බහුතරයක් සිටිනා බැව් ඔහු ඇදහූයේ නැත. දිලීකා මෙන්ම රොමේෂිත්, ඒ අතින් ඉතා ඉහල තත්වයක සිටියහ. ශානකට වැරදී තිබුණේ එතැනය. ඔහු සියලු ගැහැණුන් දමා තිබුනේ එකම ස්ථානයකටය.

"වැඩේ හරි.. හතරදෙනාම එළියට ගියා..."

මෙතුවක් වේලා බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම අවිනාශ් වෙතට ලැබිණි.

"ජෙහාන්.. උඹට ෂුවර්ද..?"

"මොකක්ද..?"

"එයාලා ගියේ ළගට නෙමෙයි කියලා.."

"නෑ.. කොහේ හරි ටිකක් දුර ගමනක් වගෙයි දැක්කේ.. කරන දෙයක් ඉක්මනට.."

දින කිහිපයක සිටම, දිලීකාගේ නිවස පේන මානයේ ඇති නිවසක නතරව සිටි ජෙහාන්, අවිනාශ්ට ඔත්තු සැපයීම සිදු කළේය. ඒ අතුරු අන්තරාවක් නොමති නම් දිලීකා හමුවීමේ අරමුණ ඇතිවය. එහෙත් ගතවූ දින කිහිපයේම ඩී.ජේ. සොයුරන් සියලු දෙනාම නිවසින් පිටව ගිය අවස්ථාවක් උදාවූයේ නැත. ඒ නිසාම දිලීකාට නිවසින් එළියට ඒමටවත් අවිනාශ්ට ඇයව හමුවීමටවත් අවස්ථාවක් උදාවූයේ නැත.

"හරි.. තව ඩිංගකින් මං ඔතන.. ජෙහාන් උඹ දිගටම එලට් ඇලර්ට් එකේ ඉදපං.."

"පරිස්සමින් අවිනාශ්.. දිලීකාගේ අයියලා ලෝක අංඩපාලයෝ.. උං ළගකදි ඉදන් කෙල්ලව සෑහෙන්න සැක කරනවා.."

අවිනාශ් තවදුරටත් කතාව සදහා කාලය මිඩංගු කලේ නැත. ඔහු වහාම ක්‍රියාත්මක විය. මෙය ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත දැමිය හැකි අවස්ථාවක් නොවේ. දිලීකාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුවට සෑහේන තරමේ දුරකින්, අතුරු ගේට්ටුවක් ඇති බැව් කලින් පැමිණි එකම එක වතාවේදි අවිනාශ් දැක තිබිණි. නමුත් ඉදිරිපස ගේට්ටුව වසා ඇති ආකාරයට එයද වසා තිබිණි නම් යම් කිසි ගැටලුකාරී තත්වයක් ඇතිවනු නිසැකය.

එහෙත් වාසනාව අවිනාශ්ගේ පැත්තේ විය. සොයිබය දමා තිබුණද එය කුමන හේතුවකට හෝ එහි ඉබි යතුරු ලා තිබුණේ නැත. අවිනාශ් තවදුරටත් බලා සිටියේද නැත. අලංකාරය උද්‍යානයක සිරිගත් වත්ත මැදින් ඔහු වහ වහා නිවස වෙතට ලංවිණි. අවිනාශ්ගේ ඉලක්කය වූයේ දිලීකාගේ නිවස ආසන්නයේම තිබූ අදුරු පටු කොරිඩෝවය. සියලු දෙයම කළ යුත්තේ සීරුවට බැව් අවිනාශ් දැන සිටියේය. සුළු අත්වැරදීමකින්, නැවත කිසිම දෙයක් මුලින් තිබූ ආකාරයට ගැනීමට නොහැකි වනු ඇත. සෑම දෙයක්ම විනාශවී යාමට එකම එක තත්පරයක් හොදටම ප්රමාණවත්ය.

අදුරු කොරිඩෝව තුලදී අවිනාශ් නිරත්තරව පිටුපසට පමණක් අවධානය යොමු කළේ යම් කිසිවෙකු තමාගෙ පිටුපසින් පැමිණෙන බැව්, ඔහුගේ සිතට අනතුරු අගවා තිබීම නිසාය. කොරිඩෝවේ මැද හරිය වඩාත් අදුරු පැහැගෙන තිබිණි. අවිනාශ් පිටුපස බලා නැවතත් ඉදිරිය බලද්දි යම් කිසිවෙකු තදින්ම අවිනාශ්ගේ ඇගේ හැපී බිම ඇද වැටිණි. පෙනුමේ හැටියට වැටුනු පුද්ගලයා දිලීකාගේ යොහොයුරෙකු විය යුතුය. එහෙත් තමාට ජෙහාන් දැනුම් දුන්නේ ඔවුන් හතරදෙනාම නිවසින් පිටව ගිය බවය.

අවිනාශ් මොහොතකට තිගැස්සී බලා සිටියේය. මෙය නම් කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ සිදුවීමක් නොවේ. දිලීකාට තමා නොදන්නා තවත් සොහොයුරෙකු සිටීද..? එහෙත්, අවිනාශ්ගේ සිතුවිලි සියල්ල උඩු යටිකුරු වී ගියේ බිම ඇද වැටුණු පුද්ගලයාගේ කතාබහත් සමගය..

"ලොකු අයියේ..."

අවිනාශ්ගේ සිතට දැනුණේ අදහාගත නොහැකි ආකාරයේ සතුටකි. තමා අසළ මේ බිම වැටී සිටින්නේ දිලීකා නොවේද..? කෙසේ වුවත් ඇය සිතන්නේ තමා ඩිල්ෂාන් බවය. එහෙත් තමා හැදිනගත් විට ඇයගේ සිතේ පැන නගින සතුට, තමාගේ සතුටද ඉක්මවා යන බැව් අවිනාශ් දැන සිටියේය. ඔහු කටහඩ මදක් ගොරොසුකර කතාව පටන් ගත්තේය.

"කොහෙද මේ යන්නේ..? හිතුවෙ නෑ නේද මට අහුවෙයි කියලා.. අර බයික්කාරයා හම්බවෙන්න නේද යන්නේ..?"

කටහඩ ගැඹුරු කළද, කතාවේ අවසාන භාගයෙදී අවිනාශ්ට සිනහ යන්නට ආවේය. දිලීකාද ක්ෂණයකින් නැගී සිටියාය. තමා ඇයව බය ගන්වන්නට සිතුවා මදිය.

"දෙ...දෙයියනේ... අවිනාශ්... මේ ඔයාද...?"

තම සුසුම් හඩ පවා හදුනන ඇයට, කටහඩ වෙනස්කර කතා කිරීමෙන් පලක් නොවන බැව්, ඔහු මුලින්ම දැන සිටියේය. එහෙත් උත්සාහ කිරීමම වැදගත්ය. එය වතුරේ යාම වෙනමම දෙයක්ය.

"කොහෙද රත්තරන් මේ හැංගි හැංගි දුවන්නේ..? ඔයා මාවත් හොදටම බය කෙරුවා.."

"මට නම් අදහන්නත් බෑ.. ඔයානේ පැටියො මාව බයකලේ.. මං මේ ඔයාව හම්බවෙන්න යන ගමන්.. අයියලා කවුරුත් ගෙදර නෑ.."

"ඒක දන්න හින්දා තමයි මං ආවෙ දිලී.."

"අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? එන්න.. පහුගිය දවස් ටිකේ මං පිස්සුවෙන් වගේ හිටියේ.. ඇත්තමයි මං හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයා මෙහෙම එයි කියලා.."

"කොහොම හරි මං ආවනේ දිලී..."

"එ...න්....න...."

සිහින් ස්වරයෙන් දිලීකා නැවතත් අවිනාශ්ට අඩ ගැසුවාය. තවත් ඉතිං සිත සිතා හිදින්නේ කුමකටද..? අතිශය සොදුරු වූ හැගීම් දස දහස් ගණනක් පිස පුරා රජයද්දී අවිනාශ් ඇය පසුපසින් පියමැන්නේය.

"ඔයා කොහොමද රත්තරනේ ආවේ..? කවුරුවත් ඔයාව දැක්කෙ නෑ නේද..?"

අවිනාශ්ගේ දෙකම්මුල් තම සුසිනිදු දෑතින් සිරකරගන්නා ගමන් දිලීකා ඇසුවාය.

"ඒ කියන්නෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද..?"

"ඔව්.. හරිම පුදුමයි කවුරුවත් ඔයාව නොදැක්ක එක. මොකද අර ටැමිල් සර්වන්ට් නිතරම ඉන්නෙ වත්තේ.. ඒක නමේ ඔයා කොහොමද ආවේ...?"

"පල්ලෙහා තිබ්බ පුංචි ගේට්ටුවෙන්.."

"ආ...නේ..."

"ඇයි දිලී...?"

"අයියලා යනවා කියලා දැනගත්තාම, මමයි ඒක ගිහින් ඇරලා දාලා ආවේ.. මොකද එයාලා ගියාට පස්සෙ එතනින් පාරට පැනගන්න පුළුවන්නේ ඔයාව බලන්න එන්න.."

සාමාන්‍ය ජීවිතයේ තමාට වඩා ඇය කොතරම් ඉදිරියෙන් සිටින්නේද යන්න අවිනාශ්ට තවත් වතාවක් පසක් විය.

"අද නම් මම ඔයාට වැඩිය ඉස්සර උනා.."

අවිනාශ් කීවේ ඉතා සෙමෙන් වුවද යාන්තමට සිනාසෙමිනි. දිලීකාගේ වතෙහිද පැහැදිලි මදහසක් ඇතිවී නැතිවී ගියාය.

"එන්න.. අපිට අද ඕනවටත් වැඩිය වෙලාව තියෙනවා.."

අවිනාශ්ගේ අතකින් ඇදගෙන දිලීකා ඇයගේ කාමරයට ඇතුලු වූවාය. ඉතා පිළිවෙලකට සෑම දෙයක්ම තිබූ දිලීකාගේ කාමරය, දුටු මතින්ම අවිනාශ්ගේ සිත පැහැර ගත්තේය.

"ඉතිං කියන්නකෝ..."

"මට ඔයා නොදැක ඉන්න බෑ දිලී.."

අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලා ගියේය. සියලු දෑම සිතේ සිරකර තමා ගන්නවාට වඩා ඇය ඉදිරියේ නිදහස් කර හැරීම වඩා හොද බැව් ඔහු තේරුම් ගෙන තිබිණි. එක එල්ලයේම අවිනාශ් දෙස බලා සිටි දිලීකාගේ සොදුරු දෑසේ පිරීතිබුණේ ආදරයත්, අනුරාගයත්, හදිසියේ උදාවූ මේ අනග අවස්ථාව, උපරිම සතුටකින් ගතකිරීමේ අභිලාෂයත්ය.

"මටත් එහෙමයි.."

දිලීකා කීවේ රහසින් කොදුරන්නාක් මෙනි..

"අපි දෙන්නා මේ ආදරේ ලගදි කොයි තරම් අසරණයිද දිලී.. බලන්න අපිට හම්බවෙන්න වෙලා තියෙන හැටි. ඒකටත් දවස් කීයක් බලන් ඉන්න ඕනෙද..? මගේ හිතට කිසිම නිදහසක් නෑ කෙල්ලෙ... "

"හිරකාරියක් වගේ ගෙවන මේ ජීවිතේ මට දැන් එපාම වෙලා අවිනාශ්.. ඉස්සර නම් මට මේ කිසි දෙයක් දැනුණේ නෑ. මේ ගෙදර ඇතුළට වෙලා මං හිටියෙ හුගාක් සන්තෝසෙන්.. ඒත් ඔයාව හම්බ උනාට පස්සේ, මේ ලෝකෙ කොයි තරම් ලස්සනද කියලා දැනගත්තට පස්සෙ, මට මගේ හැගීම් හංගන්න බෑ.. තවත් මෙහෙම හිටියොත් මට පිස්සු හැදෙයි.."

"අපි මේකට ඉක්මනට මොනවා හරි කරමු දිලී.."

"ඒ කිව්වේ...?"

"ඒක මං ඩිංගකින් කියන්නම්.. එන්නකො මගේ ළගට..."

"ඇයි...?"

දිලීකා ඇසුවේ අතිශය දගකාර හඩකිනි. මේ ගෙවී යන එක තත්පරයක්වත් අපතේ හැරීමට ඇති මහා ලෝබකමකින් ඇයගේ සිත වෙලා ගත්තේය.

"ඇයි අහන්නේ.. ළගට එන්න කිව්වෙ ආදරේ කරන්න නේ..."

"අපි ඈතින් ඉදගෙන ආදරේ කරමු...?"

"ඈතින් ඉදගෙන..?"

"ඔව්.. මෙච්චර දවසක් කරා වගේ.."

"ම්.. එහෙනම් මම ගිහිල්ලා එන්නම්..."

"අ.. අනේ ඇයි ඒ...?"

"මං අපේ ගෙදර ගිහින් ඔයාට ආදරේ කරන්නම්.. ඔයා මෙහේ ඉදන් මට ආදරේ කරන්න.."

අවිනාශ් කාමරයේ දොර කරා ඉක්මන් ගමනින් ආවේ. ඇය කුමක් කියන්දේදැයි බලමිනි. දිලීකාගේ දෑස පිරී තිබුණේ සොදුරු දගකාරකමකිනි.

"හරිම හොරෙක් තමා.. ඔය ඉතිං යන්නද හදන්නේ..?"

"ඔව්.. ඈත ඉදන් ආදරේ කරන්න එපායෑ.."

"මෙච්චර ළගට ඇවිල්ලා...?"

"මොනව කරන්නද.. ළගටවත් එන්න දෙන්නැති කෙල්ලෙක් එක්ක ඉතිං ආදරේ කරන්න වෙන්නෙ එහෙමනේ.."

"දෙයියනේ.. මං එහෙම දෙයක් කිව්වද..?"

"නැත්තං..."

"අනේ... මං මොනවද කිව්වේ...?"

"කටේ දිවේ ගෑවෙන්නැතිව කිව්වේ ඈත ඉදන් ආදරේ කරමු කියලා.."

"දෙයියනේ.. විහිලුවක්වත් තේරෙන්නෙ නැද්ද..?"

"දෙයියොන්ට විහිලු තේරෙන්නෙ නෑ නේ.."

"අනේ ඔහොම බුම්මගෙන ඉන්න එපා.."

"පස්මහ බැලුම් බලල බලලා අමාරුවෙන් ආවමහ, ඒ ඇවිත එය වගේ දෙයක් කිව්වහම හිතට හරිම සනීපයි.. මං යනවා දිලී..."

අවිනාශ් කාමරයෙන් එළියට යන්න සැරසුණේය.. සිටි තැනින් වහා මෑත්වී දිලීකා, අවිනාශ් ළගට ආවාය. රූමත් මුහුණ මැදින් පායා තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයේ තරවටුවකි.

[QUOTE="crazybuddy, post: 12427233, member: 326070"] [SIZE=4][COLOR=Sienna][B]"වෙන දවසක කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"වෙන දවසක කිව්වෙ වෙන දවසක.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ම්.. එහෙනම් ඒ දවසෙදි අපි අපේ ගෙදරදි ලන්ච් එක ගනිමු.. හොදේ.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"බලමු..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]රොමේෂිගෙන් ගැලවීමක් නොමැති තැන අවිනාශ් කීවාය. එහෙත් ඒ පිළීතුරින් ඇය සෑහීමකට පත් වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතින් අල්ලාගෙන නැවතත් කතාව පටන් ගැන්මට උත්සාහ කළාය. අවිනාශ්ට ඒ වනවිට අවශ්‍යව තිබුණේ එතැනින් මග හැර යාමටය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"බලමුකො කියලා බෑ.. ඔයා ෆික්ස් කරන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]තුන්සිත පුරාම දිලීකා රගදෙද්දී තවත් යුවතියකට සිත යොමන්නේ කෙසේදැයි අවිනාශ් දැන සිටියේ නැත. ඔහු එම කලාව යාන්තමින් හෝ ප්‍රගුණ කර තිබුණා නම් මේ කතාව මෙයට වඩා අපූරු කතාන්දරයක් වීමට ඉඩ තිබිණි. එහෙත් සියල්ල වෙනස් වූයේ, අනාගතය තුළදී කාලකණ්ණිකමට ඉතිරිව තිබූ විනාඩි කිහිපයකිනි.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඔයා ඔය කියන දවසට මට වෙන වැඩක් තිබුණොත් එන්න වෙන්නෙ නෑ ෂිරෝමි.. ඒක හින්දා ඔය පිස්සු වැඩේ අතාරින්න.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මොනවා.. මේක පිස්සු වැඩක්..? ඔයත්තෙක්කල න්ච් එකක් ගන්නෙක පිස්සු වැඩක්.. ඔයා එහෙමද හිතන්නෙ අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]ඇයගේ සිත බලවත් සේ පෑරි ගිය බැව් අවිනාශ් දුටුවේය. ඔහුගේ සිතට සියුම් අනුකම්පාවක් ගලා ආවේ ඔහුටත් හොර රහසේය. ඇය කෙලෙසක හැසිරුණත්, ඇය තමාට කළ ලෙංගතු උපකාරය අනුව, අඩුම ගණනේ ඇයගේ සිත නොරිදෙන ලෙසටවත් හැසිරිය යුතුය. ඇය හිතනා ආකාරයේ ආදරයක් තමාගේ සිතේ නොමැති බැව් සැබෑය. එහෙත් සෑම පිරිමියෙකුගේම සිතක් මෙන්ම අවිනාශ්ගේ සිතද ඇය කෙරෙහි යම් ලෙංකගුකමකින් යුක්ත වී යැයි පැවසීම බොරුවක් නොවේ.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"හරි.. ඔයා කැමති දවසක් කියන්න.. මං එන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ් තම ජීවිතයේ අතිශය වේදනාත්මක දිනය සදහා දෙවරක් නොසිතාම මංපෙත් විවර කළේයත රොමේෂීගේ දෙනෙත, කියාගත නොහැකි පැහැබර සතුටකින් පිරී තිබිණි. එහෙත් ඒ සතුට මතින්, තමා ජීවිතයටත් වැඩියෙන් ආදරය කළ ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු වෙන බවක් රොමේෂි කිසිසේත්ම දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ඇය මේ හමුවීම ගැන ලබන ආත්මයේවත් සිතන්නේ නැත. මන්ද යත් මේ සොදුරු හමුවීමෙන් රොමේෂී නම් වූ රුවැත්තියද මේ ආත්මයේ නම් ලැබූ දෙයක් නොමැති නිසාය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B] **************************[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]රොමේෂිත්, අවිනාශුත්අතිශය තීරණාත්මක දිනයකට විවරනය ලබා ගනිද්දී, ළමා ක්‍රිඩාංගනයට මෙපිටින් ඔවුන් දෙස ද්වේෂයෙන් බලා සිටින අලු පැහැති දෙනෙතක්ද මේ නාටකයේ සිටියේය. ඒ ශානකය. ඔහු බලා සිටියේ අවස්ථාවක් උදාවනතුරුය. තම පියාගේ පහල නිලධාරින් කීවා සේ දෙයක් එක්වරම කර රිද්දනවාට වඩා සෙමින් සෙමින් රිද්දවීම වඩා ප්‍රතිඵල ගෙන දෙන්නක් බැව් ඔහු මේ වනවිට හොදින් දැනගෙන සිටියේය. එහෙත් ඔහුට කළ නොහැකි දෙය වූයේ අවිනාශ්ගේ මුහුණ දෙස මේ ලෙස බලා හිදීමෙන් සියල්ල ඉවසා දාරා සිටීමය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]මේ සියල්ලමට මුල ෆොක්ස් හීල් තරගාවලියය. එය නොපවැත්වූයේ නම් මේ කිසිදු අවුලක් වන්නේ නැත. විවෘත අංශයේ තරගය, තමා ජයගන්නා බවට, තම සොදුරු පෙම්වතිය ඉදිරියේ පාරම් බෑ ශානකට, එම තරගාවලියට සහභාගී විමටවත් ඉඩක් නොලැබිණි. ඒ අවිනාශ්ගේ ඉදිරිපත් වීම නිසාය. එසේම ආරක්ෂක අමාත්‍යංශයේ යතුරුපැදිකරු ඉදිරිපත් කරන්නට සිදුවූයේ අවිනාශ් සමග සටනට ප්‍රහාරාත්මක තරගකරුවෙකු අවැසි නිසාමය. බොහෝවිට තමා ඒ තරගයට සහභාගි වූයේ නම් තමාට අත්වන ස්ථානය පිළිබදව බොහෝ පසුතැවීලිවීමට තමාට සිදුවනු ඇත. අවිනාශ් පළමු වටයේදීම තමා පසුකර යනු ඇත. ඒ ගැන දිගින් දිගටම සිහිපත්වෙත්ම ශානකගේ අලු පැහැති දෙනෙත පිරී ගියේ අවිනාශ් කෙරෙහි වූ මහත් වෛරයකිනි.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]ඒ සමගම තම ඇස් මායිමෙන් ඉවතට ඇදී යන අවිනාශ් ඔහු දුටුවේ අහම්බයෙනි. ඒ තරමට ඔහුගේ කල්පනාව දැඩි වී තිබිණි. කෙසේ වුවත් තමා අවිනාශ් පසුපස හඹා යා යුතුය. ඒ මොහොතේම රොමේෂි ඔහු සිටි දෙසට හැරුණාය. තමාගේ ඇස් මායිමේ සිටින සුරූපිණිය දුටු ශානක මදක් තිගැස්සුනි. තමා ඉදිරිපිට මේ ලබාදී ඇත්තේ ඉතා අනගි අවස්ථාවකි. අවිනාශ් සම්බන්ධයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇයව ඉත්තෙකු සේ යොදා ගැනීමට තමාට හැකිවනු ඇත. එම සිතුවිල්ල පවා ඔහුගේ සිතට එක් කළේ සුනම්‍ය වූ ප්‍රිතියකි. අත පුරා මුදල් මිටියක් දුන් පසු වෙනස් නොවන්නේ කවුද..? රත්තරං ආභරණ තුන හතරක් දුන් පසු වෙනස් නොවන්නේ මොන ගැහැණියද..? ගැහැණු සම්බන්ධයෙන් ඔහුගේ සිතේ වූයේ අඩුම අඩු ලංසුවකි. ඔහු සිතා සිටියේ ගැහැණුන් හැරෙන හැරෙන පැත්තට කතා කරන, කඩවසම් පුද්ගලයෙකුට ඕනෑ වෙලාවක නම්මාගත හැකි සත්ව කොට්ඨාසයක් බවය. එහෙත් එසේ සිතනා මෝඩයින්ගේ වටිනාකම, අර ලංසුවටත් වඩා පහල යන බැව් ශානක දැන සිටියේ නැත. ශානක සිතා සිටිනා ආකාරයේ නොවනා ගැහැනුන්ද බහුතරයක් සිටිනා බැව් ඔහු ඇදහූයේ නැත. දිලීකා මෙන්ම රොමේෂිත්, ඒ අතින් ඉතා ඉහල තත්වයක සිටියහ. ශානකට වැරදී තිබුණේ එතැනය. ඔහු සියලු ගැහැණුන් දමා තිබුනේ එකම ස්ථානයකටය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B] **************************[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"වැඩේ හරි.. හතරදෙනාම එළියට ගියා..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]මෙතුවක් වේලා බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම අවිනාශ් වෙතට ලැබිණි.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ජෙහාන්.. උඹට ෂුවර්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"එයාලා ගියේ ළගට නෙමෙයි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"නෑ.. කොහේ හරි ටිකක් දුර ගමනක් වගෙයි දැක්කේ.. කරන දෙයක් ඉක්මනට.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]දින කිහිපයක සිටම, දිලීකාගේ නිවස පේන මානයේ ඇති නිවසක නතරව සිටි ජෙහාන්, අවිනාශ්ට ඔත්තු සැපයීම සිදු කළේය. ඒ අතුරු අන්තරාවක් නොමති නම් දිලීකා හමුවීමේ අරමුණ ඇතිවය. එහෙත් ගතවූ දින කිහිපයේම ඩී.ජේ. සොයුරන් සියලු දෙනාම නිවසින් පිටව ගිය අවස්ථාවක් උදාවූයේ නැත. ඒ නිසාම දිලීකාට නිවසින් එළියට ඒමටවත් අවිනාශ්ට ඇයව හමුවීමටවත් අවස්ථාවක් උදාවූයේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"හරි.. තව ඩිංගකින් මං ඔතන.. ජෙහාන් උඹ දිගටම එලට් ඇලර්ට් එකේ ඉදපං.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"පරිස්සමින් අවිනාශ්.. දිලීකාගේ අයියලා ලෝක අංඩපාලයෝ.. උං ළගකදි ඉදන් කෙල්ලව සෑහෙන්න සැක කරනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ් තවදුරටත් කතාව සදහා කාලය මිඩංගු කලේ නැත. ඔහු වහාම ක්‍රියාත්මක විය. මෙය ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත දැමිය හැකි අවස්ථාවක් නොවේ. දිලීකාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුවට සෑහේන තරමේ දුරකින්, අතුරු ගේට්ටුවක් ඇති බැව් කලින් පැමිණි එකම එක වතාවේදි අවිනාශ් දැක තිබිණි. නමුත් ඉදිරිපස ගේට්ටුව වසා ඇති ආකාරයට එයද වසා තිබිණි නම් යම් කිසි ගැටලුකාරී තත්වයක් ඇතිවනු නිසැකය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]එහෙත් වාසනාව අවිනාශ්ගේ පැත්තේ විය. සොයිබය දමා තිබුණද එය කුමන හේතුවකට හෝ එහි ඉබි යතුරු ලා තිබුණේ නැත. අවිනාශ් තවදුරටත් බලා සිටියේද නැත. අලංකාරය උද්‍යානයක සිරිගත් වත්ත මැදින් ඔහු වහ වහා නිවස වෙතට ලංවිණි. අවිනාශ්ගේ ඉලක්කය වූයේ දිලීකාගේ නිවස ආසන්නයේම තිබූ අදුරු පටු කොරිඩෝවය. සියලු දෙයම කළ යුත්තේ සීරුවට බැව් අවිනාශ් දැන සිටියේය. සුළු අත්වැරදීමකින්, නැවත කිසිම දෙයක් මුලින් තිබූ ආකාරයට ගැනීමට නොහැකි වනු ඇත. සෑම දෙයක්ම විනාශවී යාමට එකම එක තත්පරයක් හොදටම ප්රමාණවත්ය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අදුරු කොරිඩෝව තුලදී අවිනාශ් නිරත්තරව පිටුපසට පමණක් අවධානය යොමු කළේ යම් කිසිවෙකු තමාගෙ පිටුපසින් පැමිණෙන බැව්, ඔහුගේ සිතට අනතුරු අගවා තිබීම නිසාය. කොරිඩෝවේ මැද හරිය වඩාත් අදුරු පැහැගෙන තිබිණි. අවිනාශ් පිටුපස බලා නැවතත් ඉදිරිය බලද්දි යම් කිසිවෙකු තදින්ම අවිනාශ්ගේ ඇගේ හැපී බිම ඇද වැටිණි. පෙනුමේ හැටියට වැටුනු පුද්ගලයා දිලීකාගේ යොහොයුරෙකු විය යුතුය. එහෙත් තමාට ජෙහාන් දැනුම් දුන්නේ ඔවුන් හතරදෙනාම නිවසින් පිටව ගිය බවය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ් මොහොතකට තිගැස්සී බලා සිටියේය. මෙය නම් කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ සිදුවීමක් නොවේ. දිලීකාට තමා නොදන්නා තවත් සොහොයුරෙකු සිටීද..? එහෙත්, අවිනාශ්ගේ සිතුවිලි සියල්ල උඩු යටිකුරු වී ගියේ බිම ඇද වැටුණු පුද්ගලයාගේ කතාබහත් සමගය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ලොකු අයියේ..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ්ගේ සිතට දැනුණේ අදහාගත නොහැකි ආකාරයේ සතුටකි. තමා අසළ මේ බිම වැටී සිටින්නේ දිලීකා නොවේද..? කෙසේ වුවත් ඇය සිතන්නේ තමා ඩිල්ෂාන් බවය. එහෙත් තමා හැදිනගත් විට ඇයගේ සිතේ පැන නගින සතුට, තමාගේ සතුටද ඉක්මවා යන බැව් අවිනාශ් දැන සිටියේය. ඔහු කටහඩ මදක් ගොරොසුකර කතාව පටන් ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"කොහෙද මේ යන්නේ..? හිතුවෙ නෑ නේද මට අහුවෙයි කියලා.. අර බයික්කාරයා හම්බවෙන්න නේද යන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]කටහඩ ගැඹුරු කළද, කතාවේ අවසාන භාගයෙදී අවිනාශ්ට සිනහ යන්නට ආවේය. දිලීකාද ක්ෂණයකින් නැගී සිටියාය. තමා ඇයව බය ගන්වන්නට සිතුවා මදිය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"දෙ...දෙයියනේ... අවිනාශ්... මේ ඔයාද...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]තම සුසුම් හඩ පවා හදුනන ඇයට, කටහඩ වෙනස්කර කතා කිරීමෙන් පලක් නොවන බැව්, ඔහු මුලින්ම දැන සිටියේය. එහෙත් උත්සාහ කිරීමම වැදගත්ය. එය වතුරේ යාම වෙනමම දෙයක්ය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"කොහෙද රත්තරන් මේ හැංගි හැංගි දුවන්නේ..? ඔයා මාවත් හොදටම බය කෙරුවා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මට නම් අදහන්නත් බෑ.. ඔයානේ පැටියො මාව බයකලේ.. මං මේ ඔයාව හම්බවෙන්න යන ගමන්.. අයියලා කවුරුත් ගෙදර නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඒක දන්න හින්දා තමයි මං ආවෙ දිලී.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? එන්න.. පහුගිය දවස් ටිකේ මං පිස්සුවෙන් වගේ හිටියේ.. ඇත්තමයි මං හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයා මෙහෙම එයි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"කොහොම හරි මං ආවනේ දිලී..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"එ...න්....න...."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]සිහින් ස්වරයෙන් දිලීකා නැවතත් අවිනාශ්ට අඩ ගැසුවාය. තවත් ඉතිං සිත සිතා හිදින්නේ කුමකටද..? අතිශය සොදුරු වූ හැගීම් දස දහස් ගණනක් පිස පුරා රජයද්දී අවිනාශ් ඇය පසුපසින් පියමැන්නේය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඔයා කොහොමද රත්තරනේ ආවේ..? කවුරුවත් ඔයාව දැක්කෙ නෑ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ්ගේ දෙකම්මුල් තම සුසිනිදු දෑතින් සිරකරගන්නා ගමන් දිලීකා ඇසුවාය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඒ කියන්නෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඔව්.. හරිම පුදුමයි කවුරුවත් ඔයාව නොදැක්ක එක. මොකද අර ටැමිල් සර්වන්ට් නිතරම ඉන්නෙ වත්තේ.. ඒක නමේ ඔයා කොහොමද ආවේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"පල්ලෙහා තිබ්බ පුංචි ගේට්ටුවෙන්.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ආ...නේ..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඇයි දිලී...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අයියලා යනවා කියලා දැනගත්තාම, මමයි ඒක ගිහින් ඇරලා දාලා ආවේ.. මොකද එයාලා ගියාට පස්සෙ එතනින් පාරට පැනගන්න පුළුවන්නේ ඔයාව බලන්න එන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]සාමාන්‍ය ජීවිතයේ තමාට වඩා ඇය කොතරම් ඉදිරියෙන් සිටින්නේද යන්න අවිනාශ්ට තවත් වතාවක් පසක් විය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අද නම් මම ඔයාට වැඩිය ඉස්සර උනා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ් කීවේ ඉතා සෙමෙන් වුවද යාන්තමට සිනාසෙමිනි. දිලීකාගේ වතෙහිද පැහැදිලි මදහසක් ඇතිවී නැතිවී ගියාය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"එන්න.. අපිට අද ඕනවටත් වැඩිය වෙලාව තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ්ගේ අතකින් ඇදගෙන දිලීකා ඇයගේ කාමරයට ඇතුලු වූවාය. ඉතා පිළිවෙලකට සෑම දෙයක්ම තිබූ දිලීකාගේ කාමරය, දුටු මතින්ම අවිනාශ්ගේ සිත පැහැර ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඉතිං කියන්නකෝ..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මට ඔයා නොදැක ඉන්න බෑ දිලී.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලා ගියේය. සියලු දෑම සිතේ සිරකර තමා ගන්නවාට වඩා ඇය ඉදිරියේ නිදහස් කර හැරීම වඩා හොද බැව් ඔහු තේරුම් ගෙන තිබිණි. එක එල්ලයේම අවිනාශ් දෙස බලා සිටි දිලීකාගේ සොදුරු දෑසේ පිරීතිබුණේ ආදරයත්, අනුරාගයත්, හදිසියේ උදාවූ මේ අනග අවස්ථාව, උපරිම සතුටකින් ගතකිරීමේ අභිලාෂයත්ය.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මටත් එහෙමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]දිලීකා කීවේ රහසින් කොදුරන්නාක් මෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අපි දෙන්නා මේ ආදරේ ලගදි කොයි තරම් අසරණයිද දිලී.. බලන්න අපිට හම්බවෙන්න වෙලා තියෙන හැටි. ඒකටත් දවස් කීයක් බලන් ඉන්න ඕනෙද..? මගේ හිතට කිසිම නිදහසක් නෑ කෙල්ලෙ... "[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"හිරකාරියක් වගේ ගෙවන මේ ජීවිතේ මට දැන් එපාම වෙලා අවිනාශ්.. ඉස්සර නම් මට මේ කිසි දෙයක් දැනුණේ නෑ. මේ ගෙදර ඇතුළට වෙලා මං හිටියෙ හුගාක් සන්තෝසෙන්.. ඒත් ඔයාව හම්බ උනාට පස්සේ, මේ ලෝකෙ කොයි තරම් ලස්සනද කියලා දැනගත්තට පස්සෙ, මට මගේ හැගීම් හංගන්න බෑ.. තවත් මෙහෙම හිටියොත් මට පිස්සු හැදෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අපි මේකට ඉක්මනට මොනවා හරි කරමු දිලී.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඒ කිව්වේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඒක මං ඩිංගකින් කියන්නම්.. එන්නකො මගේ ළගට..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඇයි...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]දිලීකා ඇසුවේ අතිශය දගකාර හඩකිනි. මේ ගෙවී යන එක තත්පරයක්වත් අපතේ හැරීමට ඇති මහා ලෝබකමකින් ඇයගේ සිත වෙලා ගත්තේය. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඇයි අහන්නේ.. ළගට එන්න කිව්වෙ ආදරේ කරන්න නේ..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අපි ඈතින් ඉදගෙන ආදරේ කරමු...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඈතින් ඉදගෙන..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඔව්.. මෙච්චර දවසක් කරා වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ම්.. එහෙනම් මම ගිහිල්ලා එන්නම්..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අ.. අනේ ඇයි ඒ...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මං අපේ ගෙදර ගිහින් ඔයාට ආදරේ කරන්නම්.. ඔයා මෙහේ ඉදන් මට ආදරේ කරන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ් කාමරයේ දොර කරා ඉක්මන් ගමනින් ආවේ. ඇය කුමක් කියන්දේදැයි බලමිනි. දිලීකාගේ දෑස පිරී තිබුණේ සොදුරු දගකාරකමකිනි.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"හරිම හොරෙක් තමා.. ඔය ඉතිං යන්නද හදන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"ඔව්.. ඈත ඉදන් ආදරේ කරන්න එපායෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මෙච්චර ළගට ඇවිල්ලා...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"මොනව කරන්නද.. ළගටවත් එන්න දෙන්නැති කෙල්ලෙක් එක්ක ඉතිං ආදරේ කරන්න වෙන්නෙ එහෙමනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"දෙයියනේ.. මං එහෙම දෙයක් කිව්වද..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"නැත්තං..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අනේ... මං මොනවද කිව්වේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"කටේ දිවේ ගෑවෙන්නැතිව කිව්වේ ඈත ඉදන් ආදරේ කරමු කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"දෙයියනේ.. විහිලුවක්වත් තේරෙන්නෙ නැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"දෙයියොන්ට විහිලු තේරෙන්නෙ නෑ නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"අනේ ඔහොම බුම්මගෙන ඉන්න එපා.."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]"පස්මහ බැලුම් බලල බලලා අමාරුවෙන් ආවමහ, ඒ ඇවිත එය වගේ දෙයක් කිව්වහම හිතට හරිම සනීපයි.. මං යනවා දිලී..."[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna][B]අවිනාශ් කාමරයෙන් එළියට යන්න සැරසුණේය.. සිටි තැනින් වහා මෑත්වී දිලීකා, අවිනාශ් ළගට ආවාය. රූමත් මුහුණ මැදින් පායා තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයේ තරවටුවකි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom