Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මට ආපු තර්ජන ගැන මං ඩිල්ෂාන්ට කිව්වාම ඔයාලා හැමෝම මාව විශ්වාස කලා. ඒත් මට ට්‍රැක් එකේස් උං ඇටෑක් කරා.."

"ඒක අහම්බයක් අවිනාශ්..."

"ඔව්.. ඒත්.. උං ඒක කළේ හොදට ප්ලෑන් කරලා..."

"ඒ උනාට ඔයාට මතකද ඔයාම කිව්වා, උං ඔයාට ඇටෑක් කරන්නේ, රේස් එක ඉවර උනාම කියලා.. මොකද දිනුම පැරදුම බලලා ගේම් එක ඉවර කරයි කියලා ඔයා හිතාගෙන හිටියා.. හුගාක් වෙලාවට අපිත් හිතාගෙන හිටියෙ එහෙමයි. ඒත් උං කැත විදියට රේස් එකේදි ඔයාට ඇටෑක් කරා..."

"එතකොට ඔය හේතු විදියට ඉදිරිපත් කරන්නේ.. ඔය වෙච්ච ඇටෑක් එකට අපි සම්බන්ධයි කියලද...?"

හතරවැනියා නැවතත් මැද්දට පැන්නේය..

"නෑ.. එතන නෙමේ ප්‍රශ්නේ..?"

"එහෙනම්...?"

"ඔයාලා දෙන්නා හැම නිතරම මාව ෆලෝ කරපු එක.."

ඩී.ජේ ගෘප් හි තුන්වැනියා හා හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කරමින් අවිනාශ් කීවේය. ඩිල්ෂාන්ගේ මුවින් අවක්ත රාවයක් පිටවිණි. දෙවණියා තීක්ෂන බැල්මක් හෙලුවේ දිලීකා දෙසටය. ඇය වහා බිම බලා ගත්තාය. තුන්වැනියාත්, හතර වැනියාත් එකිනෙකා දෙස බලා ඉගි කරගත් අතර, එම ඉගිවල සැබෑ අර්ථය කිසිවෙකුත් දැන සිටියේ නැත.

"අපි ඔයාව ෆලෝ කරා..?"

ඩී.ජේ ගෘප් හි තුන්වැනියා ඇසුවේ කිසිදු දෙයක් නොදන්නා අයුරිනි. දිලීකා එක එල්ලයේම බලා සිටියේ ඔවුන් දෙදෙනා දෙසය.

"ඔව්.. ඔයාලා දෙන්නා ඒක පිළිගන් නැද්ද...?"

අවිනාශ් ඇසුවේ අභියෝගාත්මක හඩිනි.

"පිළිගන්න විදියක් නෑ.."

"ඇයි නැත්තේ..? මං යන යන තැන ඔයාලා මගේ පස්සෙන් ආවා. මගේ ගැන බැලුවා.. එක දවසක් මගේ ගෙදරටත් ඇවිත්.. ගෙදර ඉන්නෙ කවුද කියලත් බලන්න හැදුවා.."

එවර නම් ඩිල්ෂාන්ගේ දෑසේ මතුවූයේ තරවටු පෙනුමකි. අවිනාශ් කියන දෙය ඇත්ත නම් මේ කාණයේ තමා නොදැකි පැත්තක්ද තිබිය හැක.

"ඇත්තද චූටි මල්ලි, අවිනාශ් කියන්නේ..? මගේ කීමට පිටින් ඔයාලා දෙන්නා ඔය කියන විදියෙ දේවල් කරාද..?"

"ඔව් ලොකු අයියේ.."

තුන්වෙනියාත්, හතරවැනියාත් එකාවන්ව උත්තර දුන්හ. එවන නම් ඩිල්ෂාන්ගේ ඇහි බැමි පවා ඉහල ගියේය. ඒ තම බාලයන් උත්තර දුන් එඩිතර විලාසය අනුවය..

"ඇයි ඒ...?"

ඩිල්ෂාන්ගේ තියුණු කටහඩ මුලු නිවස පුරාම පැතිර ගියේය. එම හඩෙහි තිබුනේ පහසුවෙන් ඉවත දැමීමට නොහැකි තරමේ දැඩි බවකි. දිලීඛා බියපත් දෑසින් පිරිමින් පස්දෙනා දෙසම බැලුවද, කිසිවෙකුත් ඇයගේ හැගීම් හදුනා ගත්තේ නැත. අඩුම තරමේ අවිනාශ් පවා ඇය දෙස බැලුවේ නැත. ඔහු බලා සිටියේ ඩිල්ෂාන්ගේ පැනයට ඔහුගේ සොයුරන් ලබාදෙන පිළිතුරු දෙසය.

"අපි හිතුවෙ ඇත්තටම.."

"ඔව්.. මොකක්ද හිතුවේ..?"

"නංගියි, මෙයයි යාලු ඇති කියලා.."

"මොකක්...?"

"ඔව් ලොකු අයියේ.. අපි මෙයාගෙ පස්සෙන් විතරක් නෙමෙයි.. නංගිගෙ පස්සෙනුත් ෆලෝ කරා.."

"ෂිට්.. මොනවද පොඩි එකෝ උඹලා මේ කරලා තියෙන්නේ..? උඹට මගෙන් කනේ පාරක් කන්න ඕන වෙලාද..? මගේ සහෝදරකම් ඇති වෙලාද..?"

"නෑ ලොකු අයියේ.. වැරැද්දක් උනා නම් හැමෝම ඉස්සරහ අපි මෙයාගෙන් සමාව ඉල්ලන්නම්.."

ඩී.ජේ ගෘප් හි හතරවැනියා, බිදුණු හඩින් එසේ කියද්දී, අවිනාශ්ගේ සිතට මහා මොකක්දෝ විය. අරමුණ කුමක් වුවත් ඔවුන් හඹා විත් ඇත්තේ නිවැරදි දෙය පිටුපසම නොවේද..?

"සමාව ඉල්ලන එක ඩිංගක් තියලා මට කියනවද අවිනාශ්ගෙ පස්සෙන් ගිහින් මොනවද හොයාගත්තෙ කියලා.. මොනවම හරි දෙයක් හම්බවෙන්න ඇතිනේ.. මට දැනගන්න ඕන වැරදි පාරක ගිහින්, හරි උත්තරයක් හම්බවුණාද කියලා.."

ඩිල්ෂාන් එසේ කීවේ අවිනාශ් දෙසත් දිලීකා දෙසත් වරින් වරේ බලමිනි.

"නෑ ලොකු අයියේ.. එයාලා අතරෙ එහෙම දෙයක් නෑ.."

තුන්වැනියා කීවේ බලාපොරොත්තු සුන්ව බිදුනු හඩිනි. තමා කැමති දෙයක් තමා වෙතින් ඈතට යාමේ විප්‍රෙයා්ගය එහි ගැඹුරින් තැන්පත් වී තිබිණි.

"හැමදේම එච්චරද..?"

"ඔව්.. ලොකු අයියේ.. වෙන කිසිම දෙයක් නෑ.. ඔයා කියපු දේවල් අපි අකුරටම පිළිපැදලා තියෙනවා.. මෙතන අපි කරන්න ගියේ අපේ ඉවට දැනිච්ච දෙයක් ඇත්තද කියලා බලන්න උත්සාහ කරපු එක. එහෙම නැතුව, අවිනාශ්ට ඇටෑක් කරන්න තරම් පහත් දෙයක් අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. මේ මූණ දිහා බලාගෙන අපිට එහෙම කරන්නත් බෑ.."

"එහෙනම්.. හැමදේම එච්චරයි.. ඔයිට වඩා කියන්න දෙයක් අපි කාටවත්ම නෑ.. දැන් අපිට ඕන ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. ඔයාට ඕන නම් මේ හැමදේම පිළිගන්න පුළුවන්.. නැත්නම් එදා කිව්ව විදියටම ඒ මතයෙම ඉන්න පුළුවන්.. අපි ඔයාට ඇටෑක් කරන්න උදව් දුන්නා කියලා ඔයා හිතනව නම් ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත් අපි නිර්දෝෂයි කියලා, කිය කියා එන්න තරම් ඩී.ජේ ගෘප් එක බංකොලොත් වෙලා නෑ. ඔයාට වගේම අපිටත් අභිමානයක් තියෙනවා.. හැබැයි ඔය හැමදේම අතරින්, තවත් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම ඔයාට කැමතියි කියන දේ.."

"මටත් දෙයක් කියන්න තියෙනවා.."

අවිනාශ්ගේ කටහඩේ වූයේ නොසැලෙන සැහැල්ලු බවකි. ඩිල්ෂාන්ගේ සිතටද යම්කිසි සහනයක් දැනෙන්නට පටන්ගෙන තිබිණි. මෙය නම් කුමක් හෝ සුභ කතාවක ආරම්භයකි.

"ඒ මොකක්ද...?"

"ඔයාලා දෙන්නා..."

එසේ කියා අවිනාශ් ඩී.ජේ ගෘප්හි තුන්වැනියා සහ හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කළේය.

"මාව ෆලෝ කරලා ඉවරවෙලා අන්තිමට කියාපු දේ වැරදියි.."

"ඒ කිව්වේ...?"

එවර ප්රශ්නය ඇසුවේ මෙතෙක්ව නිහඩව සිටි දෙවැනියාය. ඔහුට මෙහි අගක් මුලක් පැහැදිලි වූයේ නැත. මේ කියන දේවල්ද හරස් පද ප්‍රෙහේලිකා වැනිය.

"ඒ කිව්වෙ, මං ඔයාලව සැක කරන තරමටම, ඔයාලා මගේ පස්සෙන් ඇවිල්ලත්, ඔයාලට ලැබුණු දේ ගැනයි.."

"අපිට මුකුත් ලැබුණෙ නෑ නේ.."

"ඒක හරි.. ඔයාලා හිතන විදිය.. ඔයාලට මුකුත් ලැබුණෙ නෑ කියන එක.."

"අවිනාශ් කියන දේ අපිට තේරෙන්නෑ.. එයා කියන දේ උඹටවත් තේරෙනවද ලොකු අයියේ.."

තුන්වැනියා කතාව පටන්ගත්තේ ඔලුව කසමින්ය..

"ඔව්.."

"මොකක්ද එයා කියන්නේ..?"

"ඊට කලින් උඹයි, පොඩි එකයි මොනවද කිව්වෙ කියලා මතකද..?"

"ඔව්... අපි කිව්වේ, නංගියි, අවිනාශුයි අතර අපි හිතපු විදියෙ දෙයක් නෑ කියලා.."

"ඒක තමයි.. උඹලා එහෙම කියද්දී, අවිනාශ් කියනව උඹල හිතන විදිය වැරදියි කියලා.."

"හප්පට සිරි.. ඒ කියන්නේ..? ඒ කියන්නේ..?"

"ඔව්.. මමයි දිලීකයි අතරෙ එෆෙයාර් එකක් තියෙනවා...."

අවිනාශ්, දිලීකා දෙසට තම දෑත දිගු කළේය. සොයුරන් සතර දෙනාම සිටියද ඇය එතැනින් නැගිට අවිනාශ් වෙතට නොපැකිලිව ආවාය. තමන්ගේ සම්බන්ධය සියල්ලන්ම ඉදිරියේ අවිනාශ් පැවසූ එඩිතර විලාසයට ඇය සිටියේ වශීකෘතවය. ඔහු කොතරම් ධෛර්ය සම්පන්නද..?

"අපි දෙන්නා හිතනවා.. ඔයාලා හතරදෙනාගේම අශිර්වාදය අපිට හම්බවෙයි කියලා.. කොහොමටත් මුල ඉදලා ඔයාලා මට කැමැත්තෙන් හිටියේ.. ඔයාලගෙ විරුද්ධත්වයක් තියෙනවා නම් ඒකත් මට කියන්න.. ඒත්.. මට මගේ වස්තුව අමතක කරන්න කියන්නෙපා..."

සොයුරන් සතර දෙනාගේම හදවත් මහත් ආනන්දජනක තත්වයට පත්ව තිබිණි. අවිනාශ්ව, වස්සිනා කර ගැනීමට තමන් සියලු දෙනාම එකාවන්ව කැමති බැව් ඔවුන්, ඔවුන් අතරම හෙලනා බැලුම් වලින් තේරුම් ගත්හ. මෙය නම් කවරාකාරයේ සංතෝසයක්ද..? අනෙක තම එකම සොයුරිය නිවැරදිම දෙය තෝරා ගන ඇති සැටි..

"අමතක කරන්න කියලා කිව්වොත්..?"

ඩිල්ෂාන්, දිලීකාත් අවිනාශුත් වෙතට එන ගමන් ඇසුවේය. ඔහුගේ මුහුණේද මද සිනාවක් ගැබ්වී තිබිණි..

"කිව්වොත් නේද..?"

"ඔව්.."

"අපි මෙච්චර දවසක් හම්බවුණා වගේම හොරෙන්ම හම්බවෙනවා. අපි කීයටවත් මේක නවත්තන්නෙ නෑ.."

"ඔන්න බලපං පොඩි එකෝ.. ඒ චැලේන්ජ් එක උඹට.."

"ආයෙ මොන චැලේන්ජ්ද ලොකු අයියා. මේ දෙන්නා යාලුයි කියලා, මේ කටින් කියපු එකම මැදැයි.. ඉතිං එමු.. එමු මස්සිනා.. අපි මේ සංතෝසෙ සමරන්න ඕන.."

ඩී.ජේ ගෘප් හි සොයුරන් සතර දෙනා එකවරම අවිනාශ් ඉදිරියට ආවේ ඔහුට සිතා ගැනීමටවත් සිතුවිල්ලක් ඉතිරි කර නොතබාය. අනතුරුව දිලීකාගේ කෑගැසීමද නොතකා ඔවුන් අවිනාශ්ව හිප් හිප් හුරේ කියා හතර පැත්තෙන්ම අල්ලා ඉගා වේගයෙන් උඩ දැමූහ. හිස් අහසට නිදහසේ විසිවී ගිය අවිනාශ් හතර ගාතයෙන්ම නැවතත් ඇද වැටුනේ ඩී.ජේ ගෘප් සොයුරන්ගේ දෑත් මතටය. අනතුරුව එක එකා තදින් වැළදගෙන, ඔවුන්ගේ සතුට උපරිම වශයෙන් අවිනාශ්ට දැක්වූහ..

"මං හිතුවා මට ඩිංගක්වත් ඉතුරු වෙන එකක් නෑ කියලා.."

සොයුරන් මදක් එහෙට මෙහෙට වෙනතුරු බලා සිටි දිලීකා අවිනාශ්ට ලංවූවාය.

"මොනවද..?"

"මොනවද තමයි.. ඔයාව..."

ඇය එය කියූ සුරතල් ආකාරයට අවිනාශ්ගේ මුවට නිතැතින්ම සිනාවක් ගලා ආවේය.

"ඔ.. ඔයා මටද හිනාවෙන්නේ..?"

"ඇයි දිලී.. අද හිනාවෙන්න හොද දවසක් නෙමෙයිද..? ඔයාගෙ අයියලා මට කැමති වෙච්ච එක කොයිතරම් දෙයක්ද..? දැන් ඔයාටයි, මටයි හැංගි හැංගි හම්බවෙන්න ඕන්නෑනේ.."

"මටත් අද හරිම සතුටුයි අවිනාශ්.. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පිරිමියෙකුට කියලා හදවත තුලින්ම ආදරයක් ඇති උනේ ඔයාට.. ඉතිං ඒ ආදරේ සදාකාලිකයි කියල දැනුණාම, මටත් ඒ සතුට ගැන කියන්න වචන නෑ.. ඒත් මං හිතුවෙ නෑ මේ වෙලාවෙ අයියලත් එක්ක ඔයා ඕක අහයි කියලා.."

"මේ වෙලාව තමයි දිලී හොදම වෙලාව.. ආයෙ මේ වගේ වෙලාවක් එන්නෑ.."

"මගේ අයියලා නිතරම බැලුවෙ මගේ සතුට.. අවිනාශ් අපරාදේ මං එයාලව සැක කරා.. මං හිතුවෙ එයාලා හදන්නෙ අපිට අනතුරක් කරන්න කියලා.."

"දැන් ඉතින් ඔක්කොම හරි නේද..? ඔයාටයි මටයි හැමදාම සතුටින් ඉන්න පුළුවන්නේ.. ඒත්.. ඒත්.."

"ඇයි දිලී..."

"ඔයාලා හැමෝම ඉන්නෙ ලොකු අනතුරක කියලා ලොකු අයියා කිව්වා.. මට... බ.. බයයි..."

දිලීකාගේ සිතේ සතුට කෙමෙන් කෙමෙන් වියැකෙන්නට විය. ඇය අවිනාශ්ගේ අත තද කර අල්ලා ගත්තාය.

"බයවෙන්නෙපා දිලී ඕන අනතුරක් ආපුදෙන්.. දැන් අපි පස්දෙනෙක්ම ඉන්නවනේ.."

ඒ වදන් වලින් නම් දිලීකාගේ සිතට යාන්තමට සැහැල්ලුවක් එක්විය. දුක්බර සිතිවිලි ඉවත දමා මේ සතුට සැමරිය හැකි මගක් අවිනාශ් මා කතාබහ කරගත යුතු යැයි ඈ අනතුරුව සිතුවාය..

"යකෝ.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..."

ඩිල්ෂාන්ගේ නිවස තුලදී සිදුවූ සියල්ලම අකුරක් නෑර අසා සිටි ජෙහාන් අවසානයේදි කෑගැසීය.

"ඔව්.. ජෙහාන්.. ඒක නම් මංගලම් තමා.. තව වැඩි දවසක් මං මෙහෙම ඉන්නෙ නෑ.."

අවිනාශ්ගේ මුහුණේ මතුවූයේ බැරෑරුම් සහගත පෙනුමකි. එය දුටු ජෙහාන් මදක් කැළඹුනේය..

"උඹ කියපු දේ මට තේරුණේ නෑ මචං.."

"මං කිව්වේ, වැඩි දවසක් යන්න කලින් දිලී මගේ ළගට ගන්නවා කියලා.."

"ඒක මිසක්.. මාත් බය උනා, උඹ මේ මොනවද කියන්නෙ කියලා.. මගේ සුභපැතුම් මචෝ.."

ජෙහාන් තම දයාබර මිතුරාව තදින් වැළද ගත්තේය. අවිනාශ්ට ඔහුගේ සිතැගි පරිද්දටම සොදුරු යුවතියක් යුවතියක් ලැබීම ජෙහාන්ගේ අමන්දානන්දයට හේතුවක් විය. ජෙහාන් එසේ අමන්දානන්දයට පත්වෙද්දී ඔහුටත් අවිනාශ්ටත් එහයින් ශානකගේ අලු පැහැති දෙනෙත වෛරයෙන් දැවෙමින් ඔවුන් දෙසට එල්ල වී තිබිණි. ගෙවී ගිය දින ගණන පුරා, එක තත්පරයක්වත් ශානක අපතේ හැරියේ නැත. ඔහු සිටියේ අවිනාශ් පිටුපසමය. ෆොක්ස් හීල් තරගයේදි යෝධ කුසලානය දෑතින්ම ඔසවද්දී අවිනාශ්ගේ මුවේ නැගුණු ආඩම්බර මද සිනාව, තවමත් තමාට සමච්චල් කරනවා යැයි ශානක සිතුවේ ද්වේශයෙනි.

"උඹේ ඔය හිනාව මං සදහටම නැති කරලා දාන්නම්කෝ.."

පියාගේ ඉහළ තනතුර නිසාම තමා සිතූ දෙයම කර පස්ස බලනා හිතුවක්කාර පුතුගේ ගණයට ශානක ඉතා සතුටින් ඇතුල් වී සිටියේය.

"ජෙහාන්.."

"ම්.."

"උඹ අදුනනවද මෑන්ව.."

"කවුද..?"

"කලු සන්ග්ලාස් දෙක දාලා ඉන්නේ.."

ජෙහාන් හැරී බැලුවේ සීරුවෙනි. එහෙත් ඒ වනවිටත් අවිනාශ් පෙන්වූ පුද්ගලයා එතන සිටියේ නැත.

"කෝ කවුරුත් නෑනේ.."

"ඌ තත්පරේට වාෂ්ප උනා එහෙනම්..?"

"කවුද අවිනාශ් ඒ..?"

"දැන් දවස් ගානක ඉදලා කවුරු හරි මගේ පස්සෙන් ෆලෝ කරනවා කියනෙක මට දැනිලා තිබුනා. ඔය මං පෙන්නුව මෑන් තමයි හුගක් වෙලාවට හිටියේ.."

"ෂිහ්... මට මිනිහව බලාගන්න බැරි උනානේ.."

"ඒක තමයි.. මිනිහගෙ තියෙන ටැලන්ට් එක.. මිනිහව ඩිංගක්වත් නෝට් වෙන්න ඉඩ තියන්නෙ නෑ.. අනික මිනිහව මතක තියාගන්න කියලා විශේෂ හැඩහුරුකමක් වත් නෑ.."

"කෝකටත් උඹ පරිස්සම් වෙයන්.. කියන්න බෑනේ.. මොන හෙණ ගෙඩියක් පාත් කරන්න හදනවද කියලා.."

ජෙහාන්ගේ කටහඩේ වූයේ බියමුසු හැගීමකි. එහෙත් අවිනාශ් එයට ප්‍රතිචාර දැක්වූයේ සිනහවකිනි.

"හෙණ ගෙඩිය මොකක්ද කියලා නම් මං දන්නවා.."

"මොකක්ද..?"

"ආරක්ෂක අමාත්‍යංශයෙන් ආපු එකක්.."

"න්... නෑහ්.."

එතැන් සිට අවිනාශ් දැන් උද්ගත වී ඇති වර්ථමාන තත්වය පිළිබදව ජෙහාන්ට පහදා දුන්නේය. ජෙහාන් එය අසා සිටියේ අන්දමන්දව ගිය ස්වරූපයනි.

"අවිනාශ්.."

"ම්.."

"මේක අහලා හිනාවෙන්න එපා.. උඹ ටිකක් මේ පළාත අතෑරලා ගියොත් නරකද..?"

"අතෑරලා ගිහින්..?"

"නෑ.. මං කිව්වෙ මේ ප්‍රශ්නෙ නිමෙනකල්.."

"මේක ඉවරවෙන එකක් නෙමෙයි.. මට තර්ජනය කරපු එකා කවුරු උනත්, ඌ මේක ලේසියෙන් අතාරින එකෙක් නෙමෙයි.. අනික මට දිලීකා දාලා කොහේවත් යන්න බෑ.. මං යන්නෙත් නෑ ජෙහාන්.."

"ඒ උනාට උං මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑනේ.. මේක ලේසි දෙයක් නෙමෙයි කොල්ලෝ.."

"ඒක මං දන්නවා.. හැබැයි එහෙම කියලා මට කොහෙත්ම පැනලා යන්න බෑ.."

"උඹට මං කියන දේ තේරෙන්නෙ නෑ.."

"නෑ ජෙහාන් මට තේරෙනවා.. උඹ කියන්නෙ උං ෆේස් ටූ ෆේස් එන්නැති හින්දා වැඩේ භයානකයි කියලනේ..?"

"ඔව්.. උං කොයි වෙලාවෙ ඇටෑක් කරයිද කියලා කවුද දන්නේ..?"

"වෙලාව දන්නැති උනාට, උං ඇටෑක් කරයි කියන විශ්වාසෙ මට තියෙනවා.. මං කොහොමටත් ඒකට මූණ දෙන්න ඕන.."

"මට තේරෙන්නෑ මචෝ.. උඹට වගේ සිහි බුද්ධියකින් මේ ප්‍රශ්නෙ දිහා බලන්න මං දන්නෑ. ප්‍රශ්නෙ වෙන්නෙ උඹට උනත්, මමත් අවුල් වෙලයි ඉන්නේ.. ඒත් මට හිතාගන්න බැරි, ඇයි උං තාමත් උඹේ පස්සෙන් එළවන්නෙ කියලා.. රේස් එක ඉවර වෙලත් දැන් කොච්චර කල්ද..?"

"රේස් එක ඉවර උනාට හිතක පැසවන වෛරයට දින නියමයක් නෑ නේ බං.. ඒක සදාකාලිකයි.."

ජෙහාන්, අවිනාශ්ගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ මුහුණේ මෙතෙක් වේලා පැවති බිය පහවී යම් හැගීම්බර බවක් එක් වී තිබිණි.

"උඹ පරිස්සම් වෙනව වගේම, දිලීකවත් පරිස්සම් කරගනිං.. සමහර විට උඹට රිද්දන්න උං වෙන වෙන අතුරු මාර්ග හොයාගනියි.."

ජෙහාන් පැවසූ දේ පිළිබදව, අවිනාශ් මෙතෙක් සිතා සිටියේ නැත. ඔහු සිතුවේ තමාත්, ඩී.ජේ සොයුරන්ටත් මේ නොදන්නා සතුරා පහර දෙයි කියාය. එහෙත් එතැනින් තවත් බොහෝ දේ ඇති වග මේ නොපෙනෙන සතුරා කල්පනා කර තිබෙන්නට පුළුවන. මේ ගැන ඩිල්ෂාන් සමග කතාබහ කළ යුතු යැයි අවිනාශ් සිතා ගත්තේය. ඇයට අඹ මල් රේණුවක තරමේවත් හානියක් වීමට ඉඩ නොදිය යුතුය..

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12331504

[QUOTE="crazybuddy, post: 12427293, member: 326070"] [COLOR=DarkOliveGreen][B][SIZE=4]"මට ආපු තර්ජන ගැන මං ඩිල්ෂාන්ට කිව්වාම ඔයාලා හැමෝම මාව විශ්වාස කලා. ඒත් මට ට්‍රැක් එකේස් උං ඇටෑක් කරා.." "ඒක අහම්බයක් අවිනාශ්..." "ඔව්.. ඒත්.. උං ඒක කළේ හොදට ප්ලෑන් කරලා..." "ඒ උනාට ඔයාට මතකද ඔයාම කිව්වා, උං ඔයාට ඇටෑක් කරන්නේ, රේස් එක ඉවර උනාම කියලා.. මොකද දිනුම පැරදුම බලලා ගේම් එක ඉවර කරයි කියලා ඔයා හිතාගෙන හිටියා.. හුගාක් වෙලාවට අපිත් හිතාගෙන හිටියෙ එහෙමයි. ඒත් උං කැත විදියට රේස් එකේදි ඔයාට ඇටෑක් කරා..." "එතකොට ඔය හේතු විදියට ඉදිරිපත් කරන්නේ.. ඔය වෙච්ච ඇටෑක් එකට අපි සම්බන්ධයි කියලද...?" හතරවැනියා නැවතත් මැද්දට පැන්නේය.. "නෑ.. එතන නෙමේ ප්‍රශ්නේ..?" "එහෙනම්...?" "ඔයාලා දෙන්නා හැම නිතරම මාව ෆලෝ කරපු එක.." ඩී.ජේ ගෘප් හි තුන්වැනියා හා හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කරමින් අවිනාශ් කීවේය. ඩිල්ෂාන්ගේ මුවින් අවක්ත රාවයක් පිටවිණි. දෙවණියා තීක්ෂන බැල්මක් හෙලුවේ දිලීකා දෙසටය. ඇය වහා බිම බලා ගත්තාය. තුන්වැනියාත්, හතර වැනියාත් එකිනෙකා දෙස බලා ඉගි කරගත් අතර, එම ඉගිවල සැබෑ අර්ථය කිසිවෙකුත් දැන සිටියේ නැත. "අපි ඔයාව ෆලෝ කරා..?" ඩී.ජේ ගෘප් හි තුන්වැනියා ඇසුවේ කිසිදු දෙයක් නොදන්නා අයුරිනි. දිලීකා එක එල්ලයේම බලා සිටියේ ඔවුන් දෙදෙනා දෙසය.[/SIZE] [SIZE=4] "ඔව්.. ඔයාලා දෙන්නා ඒක පිළිගන් නැද්ද...?"[/SIZE] [SIZE=4] අවිනාශ් ඇසුවේ අභියෝගාත්මක හඩිනි.[/SIZE] [SIZE=4] "පිළිගන්න විදියක් නෑ.."[/SIZE] [SIZE=4] "ඇයි නැත්තේ..? මං යන යන තැන ඔයාලා මගේ පස්සෙන් ආවා. මගේ ගැන බැලුවා.. එක දවසක් මගේ ගෙදරටත් ඇවිත්.. ගෙදර ඉන්නෙ කවුද කියලත් බලන්න හැදුවා.."[/SIZE] [SIZE=4] එවර නම් ඩිල්ෂාන්ගේ දෑසේ මතුවූයේ තරවටු පෙනුමකි. අවිනාශ් කියන දෙය ඇත්ත නම් මේ කාණයේ තමා නොදැකි පැත්තක්ද තිබිය හැක.[/SIZE] [SIZE=4] "ඇත්තද චූටි මල්ලි, අවිනාශ් කියන්නේ..? මගේ කීමට පිටින් ඔයාලා දෙන්නා ඔය කියන විදියෙ දේවල් කරාද..?"[/SIZE] [SIZE=4] "ඔව් ලොකු අයියේ.."[/SIZE] [SIZE=4] තුන්වෙනියාත්, හතරවැනියාත් එකාවන්ව උත්තර දුන්හ. එවන නම් ඩිල්ෂාන්ගේ ඇහි බැමි පවා ඉහල ගියේය. ඒ තම බාලයන් උත්තර දුන් එඩිතර විලාසය අනුවය.. [/SIZE] [SIZE=4] "ඇයි ඒ...?"[/SIZE] [SIZE=4] ඩිල්ෂාන්ගේ තියුණු කටහඩ මුලු නිවස පුරාම පැතිර ගියේය. එම හඩෙහි තිබුනේ පහසුවෙන් ඉවත දැමීමට නොහැකි තරමේ දැඩි බවකි. දිලීඛා බියපත් දෑසින් පිරිමින් පස්දෙනා දෙසම බැලුවද, කිසිවෙකුත් ඇයගේ හැගීම් හදුනා ගත්තේ නැත. අඩුම තරමේ අවිනාශ් පවා ඇය දෙස බැලුවේ නැත. ඔහු බලා සිටියේ ඩිල්ෂාන්ගේ පැනයට ඔහුගේ සොයුරන් ලබාදෙන පිළිතුරු දෙසය.[/SIZE] [SIZE=4] "අපි හිතුවෙ ඇත්තටම.."[/SIZE] [SIZE=4] "ඔව්.. මොකක්ද හිතුවේ..?"[/SIZE] [SIZE=4] "නංගියි, මෙයයි යාලු ඇති කියලා.."[/SIZE] [SIZE=4] "මොකක්...?"[/SIZE] [SIZE=4] "ඔව් ලොකු අයියේ.. අපි මෙයාගෙ පස්සෙන් විතරක් නෙමෙයි.. නංගිගෙ පස්සෙනුත් ෆලෝ කරා.."[/SIZE] [SIZE=4] "ෂිට්.. මොනවද පොඩි එකෝ උඹලා මේ කරලා තියෙන්නේ..? උඹට මගෙන් කනේ පාරක් කන්න ඕන වෙලාද..? මගේ සහෝදරකම් ඇති වෙලාද..?"[/SIZE] [SIZE=4] "නෑ ලොකු අයියේ.. වැරැද්දක් උනා නම් හැමෝම ඉස්සරහ අපි මෙයාගෙන් සමාව ඉල්ලන්නම්.."[/SIZE] [SIZE=4] ඩී.ජේ ගෘප් හි හතරවැනියා, බිදුණු හඩින් එසේ කියද්දී, අවිනාශ්ගේ සිතට මහා මොකක්දෝ විය. අරමුණ කුමක් වුවත් ඔවුන් හඹා විත් ඇත්තේ නිවැරදි දෙය පිටුපසම නොවේද..?[/SIZE] [SIZE=4] "සමාව ඉල්ලන එක ඩිංගක් තියලා මට කියනවද අවිනාශ්ගෙ පස්සෙන් ගිහින් මොනවද හොයාගත්තෙ කියලා.. මොනවම හරි දෙයක් හම්බවෙන්න ඇතිනේ.. මට දැනගන්න ඕන වැරදි පාරක ගිහින්, හරි උත්තරයක් හම්බවුණාද කියලා.."[/SIZE] [SIZE=4] ඩිල්ෂාන් එසේ කීවේ අවිනාශ් දෙසත් දිලීකා දෙසත් වරින් වරේ බලමිනි.[/SIZE] [SIZE=4] "නෑ ලොකු අයියේ.. එයාලා අතරෙ එහෙම දෙයක් නෑ.."[/SIZE] [SIZE=4] තුන්වැනියා කීවේ බලාපොරොත්තු සුන්ව බිදුනු හඩිනි. තමා කැමති දෙයක් තමා වෙතින් ඈතට යාමේ විප්‍රෙයා්ගය එහි ගැඹුරින් තැන්පත් වී තිබිණි.[/SIZE] [SIZE=4] "හැමදේම එච්චරද..?"[/SIZE] [SIZE=4] "ඔව්.. ලොකු අයියේ.. වෙන කිසිම දෙයක් නෑ.. ඔයා කියපු දේවල් අපි අකුරටම පිළිපැදලා තියෙනවා.. මෙතන අපි කරන්න ගියේ අපේ ඉවට දැනිච්ච දෙයක් ඇත්තද කියලා බලන්න උත්සාහ කරපු එක. එහෙම නැතුව, අවිනාශ්ට ඇටෑක් කරන්න තරම් පහත් දෙයක් අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. මේ මූණ දිහා බලාගෙන අපිට එහෙම කරන්නත් බෑ.."[/SIZE] [SIZE=4] "එහෙනම්.. හැමදේම එච්චරයි.. ඔයිට වඩා කියන්න දෙයක් අපි කාටවත්ම නෑ.. දැන් අපිට ඕන ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. ඔයාට ඕන නම් මේ හැමදේම පිළිගන්න පුළුවන්.. නැත්නම් එදා කිව්ව විදියටම ඒ මතයෙම ඉන්න පුළුවන්.. අපි ඔයාට ඇටෑක් කරන්න උදව් දුන්නා කියලා ඔයා හිතනව නම් ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත් අපි නිර්දෝෂයි කියලා, කිය කියා එන්න තරම් ඩී.ජේ ගෘප් එක බංකොලොත් වෙලා නෑ. ඔයාට වගේම අපිටත් අභිමානයක් තියෙනවා.. හැබැයි ඔය හැමදේම අතරින්, තවත් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම ඔයාට කැමතියි කියන දේ.."[/SIZE] [SIZE=4] "මටත් දෙයක් කියන්න තියෙනවා.."[/SIZE] [SIZE=4] අවිනාශ්ගේ කටහඩේ වූයේ නොසැලෙන සැහැල්ලු බවකි. ඩිල්ෂාන්ගේ සිතටද යම්කිසි සහනයක් දැනෙන්නට පටන්ගෙන තිබිණි. මෙය නම් කුමක් හෝ සුභ කතාවක ආරම්භයකි.[/SIZE] [SIZE=4] "ඒ මොකක්ද...?"[/SIZE] [SIZE=4] "ඔයාලා දෙන්නා..."[/SIZE] [SIZE=4] එසේ කියා අවිනාශ් ඩී.ජේ ගෘප්හි තුන්වැනියා සහ හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කළේය.[/SIZE] [SIZE=4] "මාව ෆලෝ කරලා ඉවරවෙලා අන්තිමට කියාපු දේ වැරදියි.."[/SIZE] [SIZE=4] "ඒ කිව්වේ...?"[/SIZE] [SIZE=4] එවර ප්රශ්නය ඇසුවේ මෙතෙක්ව නිහඩව සිටි දෙවැනියාය. ඔහුට මෙහි අගක් මුලක් පැහැදිලි වූයේ නැත. මේ කියන දේවල්ද හරස් පද ප්‍රෙහේලිකා වැනිය.[/SIZE] [SIZE=4] "ඒ කිව්වෙ, මං ඔයාලව සැක කරන තරමටම, ඔයාලා මගේ පස්සෙන් ඇවිල්ලත්, ඔයාලට ලැබුණු දේ ගැනයි.."[/SIZE] [SIZE=4] "අපිට මුකුත් ලැබුණෙ නෑ නේ.."[/SIZE] [SIZE=4] "ඒක හරි.. ඔයාලා හිතන විදිය.. ඔයාලට මුකුත් ලැබුණෙ නෑ කියන එක.."[/SIZE] [SIZE=4] "අවිනාශ් කියන දේ අපිට තේරෙන්නෑ.. එයා කියන දේ උඹටවත් තේරෙනවද ලොකු අයියේ.."[/SIZE] [SIZE=4] තුන්වැනියා කතාව පටන්ගත්තේ ඔලුව කසමින්ය..[/SIZE] [SIZE=4] "ඔව්.."[/SIZE] [SIZE=4] "මොකක්ද එයා කියන්නේ..?"[/SIZE] [SIZE=4] "ඊට කලින් උඹයි, පොඩි එකයි මොනවද කිව්වෙ කියලා මතකද..?"[/SIZE] [SIZE=4] "ඔව්... අපි කිව්වේ, නංගියි, අවිනාශුයි අතර අපි හිතපු විදියෙ දෙයක් නෑ කියලා.."[/SIZE] [SIZE=4] "ඒක තමයි.. උඹලා එහෙම කියද්දී, අවිනාශ් කියනව උඹල හිතන විදිය වැරදියි කියලා.."[/SIZE] [SIZE=4] "හප්පට සිරි.. ඒ කියන්නේ..? ඒ කියන්නේ..?"[/SIZE] [SIZE=4] "ඔව්.. මමයි දිලීකයි අතරෙ එෆෙයාර් එකක් තියෙනවා...."[/SIZE] [SIZE=4] අවිනාශ්, දිලීකා දෙසට තම දෑත දිගු කළේය. සොයුරන් සතර දෙනාම සිටියද ඇය එතැනින් නැගිට අවිනාශ් වෙතට නොපැකිලිව ආවාය. තමන්ගේ සම්බන්ධය සියල්ලන්ම ඉදිරියේ අවිනාශ් පැවසූ එඩිතර විලාසයට ඇය සිටියේ වශීකෘතවය. ඔහු කොතරම් ධෛර්ය සම්පන්නද..?[/SIZE] [SIZE=4] "අපි දෙන්නා හිතනවා.. ඔයාලා හතරදෙනාගේම අශිර්වාදය අපිට හම්බවෙයි කියලා.. කොහොමටත් මුල ඉදලා ඔයාලා මට කැමැත්තෙන් හිටියේ.. ඔයාලගෙ විරුද්ධත්වයක් තියෙනවා නම් ඒකත් මට කියන්න.. ඒත්.. මට මගේ වස්තුව අමතක කරන්න කියන්නෙපා..."[/SIZE] [SIZE=4] සොයුරන් සතර දෙනාගේම හදවත් මහත් ආනන්දජනක තත්වයට පත්ව තිබිණි. අවිනාශ්ව, වස්සිනා කර ගැනීමට තමන් සියලු දෙනාම එකාවන්ව කැමති බැව් ඔවුන්, ඔවුන් අතරම හෙලනා බැලුම් වලින් තේරුම් ගත්හ. මෙය නම් කවරාකාරයේ සංතෝසයක්ද..? අනෙක තම එකම සොයුරිය නිවැරදිම දෙය තෝරා ගන ඇති සැටි..[/SIZE] [SIZE=4] "අමතක කරන්න කියලා කිව්වොත්..?"[/SIZE] [SIZE=4] ඩිල්ෂාන්, දිලීකාත් අවිනාශුත් වෙතට එන ගමන් ඇසුවේය. ඔහුගේ මුහුණේද මද සිනාවක් ගැබ්වී තිබිණි.. [/SIZE] [SIZE=4] "කිව්වොත් නේද..?"[/SIZE] [SIZE=4] "ඔව්.."[/SIZE] [SIZE=4] "අපි මෙච්චර දවසක් හම්බවුණා වගේම හොරෙන්ම හම්බවෙනවා. අපි කීයටවත් මේක නවත්තන්නෙ නෑ.."[/SIZE] [SIZE=4] "ඔන්න බලපං පොඩි එකෝ.. ඒ චැලේන්ජ් එක උඹට.."[/SIZE] [SIZE=4] "ආයෙ මොන චැලේන්ජ්ද ලොකු අයියා. මේ දෙන්නා යාලුයි කියලා, මේ කටින් කියපු එකම මැදැයි.. ඉතිං එමු.. එමු මස්සිනා.. අපි මේ සංතෝසෙ සමරන්න ඕන.."[/SIZE] [SIZE=4] ඩී.ජේ ගෘප් හි සොයුරන් සතර දෙනා එකවරම අවිනාශ් ඉදිරියට ආවේ ඔහුට සිතා ගැනීමටවත් සිතුවිල්ලක් ඉතිරි කර නොතබාය. අනතුරුව දිලීකාගේ කෑගැසීමද නොතකා ඔවුන් අවිනාශ්ව හිප් හිප් හුරේ කියා හතර පැත්තෙන්ම අල්ලා ඉගා වේගයෙන් උඩ දැමූහ. හිස් අහසට නිදහසේ විසිවී ගිය අවිනාශ් හතර ගාතයෙන්ම නැවතත් ඇද වැටුනේ ඩී.ජේ ගෘප් සොයුරන්ගේ දෑත් මතටය. අනතුරුව එක එකා තදින් වැළදගෙන, ඔවුන්ගේ සතුට උපරිම වශයෙන් අවිනාශ්ට දැක්වූහ..[/SIZE] [SIZE=4] "මං හිතුවා මට ඩිංගක්වත් ඉතුරු වෙන එකක් නෑ කියලා.."[/SIZE] [SIZE=4] සොයුරන් මදක් එහෙට මෙහෙට වෙනතුරු බලා සිටි දිලීකා අවිනාශ්ට ලංවූවාය.[/SIZE] [SIZE=4] "මොනවද..?"[/SIZE] [SIZE=4] "මොනවද තමයි.. ඔයාව..."[/SIZE] [SIZE=4] ඇය එය කියූ සුරතල් ආකාරයට අවිනාශ්ගේ මුවට නිතැතින්ම සිනාවක් ගලා ආවේය.[/SIZE] [SIZE=4] "ඔ.. ඔයා මටද හිනාවෙන්නේ..?"[/SIZE] [SIZE=4] "ඇයි දිලී.. අද හිනාවෙන්න හොද දවසක් නෙමෙයිද..? ඔයාගෙ අයියලා මට කැමති වෙච්ච එක කොයිතරම් දෙයක්ද..? දැන් ඔයාටයි, මටයි හැංගි හැංගි හම්බවෙන්න ඕන්නෑනේ.."[/SIZE] [SIZE=4] "මටත් අද හරිම සතුටුයි අවිනාශ්.. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පිරිමියෙකුට කියලා හදවත තුලින්ම ආදරයක් ඇති උනේ ඔයාට.. ඉතිං ඒ ආදරේ සදාකාලිකයි කියල දැනුණාම, මටත් ඒ සතුට ගැන කියන්න වචන නෑ.. ඒත් මං හිතුවෙ නෑ මේ වෙලාවෙ අයියලත් එක්ක ඔයා ඕක අහයි කියලා.."[/SIZE] [SIZE=4] "මේ වෙලාව තමයි දිලී හොදම වෙලාව.. ආයෙ මේ වගේ වෙලාවක් එන්නෑ.."[/SIZE] [SIZE=4] "මගේ අයියලා නිතරම බැලුවෙ මගේ සතුට.. අවිනාශ් අපරාදේ මං එයාලව සැක කරා.. මං හිතුවෙ එයාලා හදන්නෙ අපිට අනතුරක් කරන්න කියලා.."[/SIZE] [SIZE=4] "දැන් ඉතින් ඔක්කොම හරි නේද..? ඔයාටයි මටයි හැමදාම සතුටින් ඉන්න පුළුවන්නේ.. ඒත්.. ඒත්.."[/SIZE] [SIZE=4] "ඇයි දිලී..."[/SIZE] [SIZE=4] "ඔයාලා හැමෝම ඉන්නෙ ලොකු අනතුරක කියලා ලොකු අයියා කිව්වා.. මට... බ.. බයයි..."[/SIZE] [SIZE=4] දිලීකාගේ සිතේ සතුට කෙමෙන් කෙමෙන් වියැකෙන්නට විය. ඇය අවිනාශ්ගේ අත තද කර අල්ලා ගත්තාය.[/SIZE] [SIZE=4] "බයවෙන්නෙපා දිලී ඕන අනතුරක් ආපුදෙන්.. දැන් අපි පස්දෙනෙක්ම ඉන්නවනේ.."[/SIZE] [SIZE=4] ඒ වදන් වලින් නම් දිලීකාගේ සිතට යාන්තමට සැහැල්ලුවක් එක්විය. දුක්බර සිතිවිලි ඉවත දමා මේ සතුට සැමරිය හැකි මගක් අවිනාශ් මා කතාබහ කරගත යුතු යැයි ඈ අනතුරුව සිතුවාය..[/SIZE] [SIZE=4] ***************************[/SIZE] [SIZE=4] "යකෝ.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..."[/SIZE] [SIZE=4] ඩිල්ෂාන්ගේ නිවස තුලදී සිදුවූ සියල්ලම අකුරක් නෑර අසා සිටි ජෙහාන් අවසානයේදි කෑගැසීය.[/SIZE] [SIZE=4] "ඔව්.. ජෙහාන්.. ඒක නම් මංගලම් තමා.. තව වැඩි දවසක් මං මෙහෙම ඉන්නෙ නෑ.."[/SIZE] [SIZE=4] අවිනාශ්ගේ මුහුණේ මතුවූයේ බැරෑරුම් සහගත පෙනුමකි. එය දුටු ජෙහාන් මදක් කැළඹුනේය..[/SIZE] [SIZE=4] "උඹ කියපු දේ මට තේරුණේ නෑ මචං.."[/SIZE] [SIZE=4] "මං කිව්වේ, වැඩි දවසක් යන්න කලින් දිලී මගේ ළගට ගන්නවා කියලා.."[/SIZE] [SIZE=4] "ඒක මිසක්.. මාත් බය උනා, උඹ මේ මොනවද කියන්නෙ කියලා.. මගේ සුභපැතුම් මචෝ.."[/SIZE] [SIZE=4] ජෙහාන් තම දයාබර මිතුරාව තදින් වැළද ගත්තේය. අවිනාශ්ට ඔහුගේ සිතැගි පරිද්දටම සොදුරු යුවතියක් යුවතියක් ලැබීම ජෙහාන්ගේ අමන්දානන්දයට හේතුවක් විය. ජෙහාන් එසේ අමන්දානන්දයට පත්වෙද්දී ඔහුටත් අවිනාශ්ටත් එහයින් ශානකගේ අලු පැහැති දෙනෙත වෛරයෙන් දැවෙමින් ඔවුන් දෙසට එල්ල වී තිබිණි. ගෙවී ගිය දින ගණන පුරා, එක තත්පරයක්වත් ශානක අපතේ හැරියේ නැත. ඔහු සිටියේ අවිනාශ් පිටුපසමය. ෆොක්ස් හීල් තරගයේදි යෝධ කුසලානය දෑතින්ම ඔසවද්දී අවිනාශ්ගේ මුවේ නැගුණු ආඩම්බර මද සිනාව, තවමත් තමාට සමච්චල් කරනවා යැයි ශානක සිතුවේ ද්වේශයෙනි.[/SIZE] [SIZE=4] "උඹේ ඔය හිනාව මං සදහටම නැති කරලා දාන්නම්කෝ.."[/SIZE] [SIZE=4] පියාගේ ඉහළ තනතුර නිසාම තමා සිතූ දෙයම කර පස්ස බලනා හිතුවක්කාර පුතුගේ ගණයට ශානක ඉතා සතුටින් ඇතුල් වී සිටියේය.[/SIZE] [SIZE=4] "ජෙහාන්.."[/SIZE] [SIZE=4] "ම්.."[/SIZE] [SIZE=4] "උඹ අදුනනවද මෑන්ව.."[/SIZE] [SIZE=4] "කවුද..?"[/SIZE] [SIZE=4] "කලු සන්ග්ලාස් දෙක දාලා ඉන්නේ.."[/SIZE] [SIZE=4] ජෙහාන් හැරී බැලුවේ සීරුවෙනි. එහෙත් ඒ වනවිටත් අවිනාශ් පෙන්වූ පුද්ගලයා එතන සිටියේ නැත.[/SIZE] [SIZE=4] "කෝ කවුරුත් නෑනේ.."[/SIZE] [SIZE=4] "ඌ තත්පරේට වාෂ්ප උනා එහෙනම්..?"[/SIZE] [SIZE=4] "කවුද අවිනාශ් ඒ..?"[/SIZE] [SIZE=4] "දැන් දවස් ගානක ඉදලා කවුරු හරි මගේ පස්සෙන් ෆලෝ කරනවා කියනෙක මට දැනිලා තිබුනා. ඔය මං පෙන්නුව මෑන් තමයි හුගක් වෙලාවට හිටියේ.."[/SIZE] [SIZE=4] "ෂිහ්... මට මිනිහව බලාගන්න බැරි උනානේ.."[/SIZE] [SIZE=4] "ඒක තමයි.. මිනිහගෙ තියෙන ටැලන්ට් එක.. මිනිහව ඩිංගක්වත් නෝට් වෙන්න ඉඩ තියන්නෙ නෑ.. අනික මිනිහව මතක තියාගන්න කියලා විශේෂ හැඩහුරුකමක් වත් නෑ.."[/SIZE] [SIZE=4] "කෝකටත් උඹ පරිස්සම් වෙයන්.. කියන්න බෑනේ.. මොන හෙණ ගෙඩියක් පාත් කරන්න හදනවද කියලා.."[/SIZE] [SIZE=4] ජෙහාන්ගේ කටහඩේ වූයේ බියමුසු හැගීමකි. එහෙත් අවිනාශ් එයට ප්‍රතිචාර දැක්වූයේ සිනහවකිනි.[/SIZE] [SIZE=4] "හෙණ ගෙඩිය මොකක්ද කියලා නම් මං දන්නවා.."[/SIZE] [SIZE=4] "මොකක්ද..?"[/SIZE] [SIZE=4] "ආරක්ෂක අමාත්‍යංශයෙන් ආපු එකක්.."[/SIZE] [SIZE=4] "න්... නෑහ්.."[/SIZE] [SIZE=4] එතැන් සිට අවිනාශ් දැන් උද්ගත වී ඇති වර්ථමාන තත්වය පිළිබදව ජෙහාන්ට පහදා දුන්නේය. ජෙහාන් එය අසා සිටියේ අන්දමන්දව ගිය ස්වරූපයනි.[/SIZE] [SIZE=4] "අවිනාශ්.."[/SIZE] [SIZE=4] "ම්.."[/SIZE] [SIZE=4] "මේක අහලා හිනාවෙන්න එපා.. උඹ ටිකක් මේ පළාත අතෑරලා ගියොත් නරකද..?"[/SIZE] [SIZE=4] "අතෑරලා ගිහින්..?"[/SIZE] [SIZE=4] "නෑ.. මං කිව්වෙ මේ ප්‍රශ්නෙ නිමෙනකල්.."[/SIZE] [SIZE=4] "මේක ඉවරවෙන එකක් නෙමෙයි.. මට තර්ජනය කරපු එකා කවුරු උනත්, ඌ මේක ලේසියෙන් අතාරින එකෙක් නෙමෙයි.. අනික මට දිලීකා දාලා කොහේවත් යන්න බෑ.. මං යන්නෙත් නෑ ජෙහාන්.."[/SIZE] [SIZE=4] "ඒ උනාට උං මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑනේ.. මේක ලේසි දෙයක් නෙමෙයි කොල්ලෝ.."[/SIZE] [SIZE=4] "ඒක මං දන්නවා.. හැබැයි එහෙම කියලා මට කොහෙත්ම පැනලා යන්න බෑ.."[/SIZE] [SIZE=4] "උඹට මං කියන දේ තේරෙන්නෙ නෑ.."[/SIZE] [SIZE=4] "නෑ ජෙහාන් මට තේරෙනවා.. උඹ කියන්නෙ උං ෆේස් ටූ ෆේස් එන්නැති හින්දා වැඩේ භයානකයි කියලනේ..?"[/SIZE] [SIZE=4] "ඔව්.. උං කොයි වෙලාවෙ ඇටෑක් කරයිද කියලා කවුද දන්නේ..?"[/SIZE] [SIZE=4] "වෙලාව දන්නැති උනාට, උං ඇටෑක් කරයි කියන විශ්වාසෙ මට තියෙනවා.. මං කොහොමටත් ඒකට මූණ දෙන්න ඕන.."[/SIZE] [SIZE=4] "මට තේරෙන්නෑ මචෝ.. උඹට වගේ සිහි බුද්ධියකින් මේ ප්‍රශ්නෙ දිහා බලන්න මං දන්නෑ. ප්‍රශ්නෙ වෙන්නෙ උඹට උනත්, මමත් අවුල් වෙලයි ඉන්නේ.. ඒත් මට හිතාගන්න බැරි, ඇයි උං තාමත් උඹේ පස්සෙන් එළවන්නෙ කියලා.. රේස් එක ඉවර වෙලත් දැන් කොච්චර කල්ද..?"[/SIZE] [SIZE=4] "රේස් එක ඉවර උනාට හිතක පැසවන වෛරයට දින නියමයක් නෑ නේ බං.. ඒක සදාකාලිකයි.."[/SIZE] [SIZE=4] ජෙහාන්, අවිනාශ්ගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ මුහුණේ මෙතෙක් වේලා පැවති බිය පහවී යම් හැගීම්බර බවක් එක් වී තිබිණි.[/SIZE] [SIZE=4] "උඹ පරිස්සම් වෙනව වගේම, දිලීකවත් පරිස්සම් කරගනිං.. සමහර විට උඹට රිද්දන්න උං වෙන වෙන අතුරු මාර්ග හොයාගනියි.."[/SIZE] [SIZE=4] ජෙහාන් පැවසූ දේ පිළිබදව, අවිනාශ් මෙතෙක් සිතා සිටියේ නැත. ඔහු සිතුවේ තමාත්, ඩී.ජේ සොයුරන්ටත් මේ නොදන්නා සතුරා පහර දෙයි කියාය. එහෙත් එතැනින් තවත් බොහෝ දේ ඇති වග මේ නොපෙනෙන සතුරා කල්පනා කර තිබෙන්නට පුළුවන. මේ ගැන ඩිල්ෂාන් සමග කතාබහ කළ යුතු යැයි අවිනාශ් සිතා ගත්තේය. ඇයට අඹ මල් රේණුවක තරමේවත් හානියක් වීමට ඉඩ නොදිය යුතුය..[/SIZE] [SIZE=4] [/SIZE][/B][/COLOR] [CENTER] [COLOR=DarkOliveGreen][B][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=DarkOliveGreen][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [CENTER] [URL="http://kathandarapoth.blogspot.com/2012/03/blog-post_18.html#.T2X16NlE2ZQ"][COLOR=DarkOliveGreen][B][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s1600/PDF.gif[/IMG][/SIZE][/B][/COLOR][/URL][/CENTER] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12331504"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom