Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නේටෝ-රුසියා යුද සූදානම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නේටෝ-රුසියා යුද සූදානම

සිරියානු අර්බුදය මුල් කරගෙන රුසියා-ඇමෙරිකා විරසකය ඇවිලී යෑමත් සමග තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේ යැයි මාධ්‍ය ඔස්සේ වාර්තා පළවිය.එහි යම් ආකාරයක සත්‍යයක්ද තිබේ.සීතල යුද සමයේ පවා දෙරට අතර මෙවැනි අතිශය උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුවද ඔවුන් එකිනෙකා සමග සෘජු ගැටුමකට නොගියහ.ඒ එවැනි ගැටුමක අවසන් ප්‍රතිඵලය කුමක්දැයි ඔවුන් දැන සිටි නිසාය.

රුසියානු නායකයින් දකින නපුරුම සිහිනය වන්නේ ඇමෙරිකානු සබ්මැරීන සහ ගුවන් යානාවලින් අතිශය නියතාර්ථ කෲස් මිසයිල සියගණනක් සිය රටේ කඳවුරු,සන්නිවේදන මර්මස්ථාන සහ මිසයිල දියත්කරන මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන දියත් කරාවි යන්නයි.රුසියාව වටා තිබෙන රටවල් නේටෝ සංවිධානයට ඈදාගනිමින් එම රටවල් වල, රුසියාව ඉලක්ක කරගෙන මිසයිල පද්ධති පිහිටුවීම ඔස්සේ එක්සත් ජනපදය රුසියාවේ කෝපය අවුස්සමින් තිබෙන අතර මැදපෙර දිග රුසියානු මිත්‍ර රාජ්‍යයන් හි දේශපාලන අස්ථාවරභාවය ඇතිකිරීමටද සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබේ.

නමුත් රුසියාව කෙසේ හෝ මෙම අභියෝග ජයගත යුතුය.ඔවුන් ඒ සඳහා සූදානම් වෙමින් සිටියි.රුසියාවේ මර්මස්ථාන ඉලක්ක කරගෙන එල්ල වන මිසයිල ප්‍රහාර අසාර්ථක කිරීම සඳහා ඔවුන් සිවිල් සන්නිවේදන පද්ධතිය ප්‍රයෝජනයට ගැනීමට සැරසෙන බව පසුගිය සමයේ පළවූ මාධ්‍ය වාර්තාවලින් කියවිණි.මෙහිදී චන්ද්‍රිකා සන්නිවේදන ජාලයන්ගෙන් ලැබෙන සංඥා විකෘති කල හැකි උපාංග දුරකතන කුළුණුවල සවිකිරීමේ සැලැස්මක් නිර්මාණය කර තිබෙන බව සඳහන් වේ.මෙම උපාංගය Pole-21 නමින් හඳුන්වයි.යුද්ධයකදී රුසියාව ඉලක්ක කරගෙන දියත් කරන නේටෝ මිසයිලවල ඉලක්කයන්හි නිරවද්‍යතාවය සුළු වශයෙන් වෙනස් කිරීමට මෙම උපාංගයට පුලුවන්ය.

"මේ වනවිටත් එම උපාංගයේ නිර්මාණ කටයුතු අවසන් කර පද්ධතිය සේවයේ යෙදවීමේ සූදානමින් පසුවන බව" රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා විසින් Izvestiya නම් රුසියානු පුවත්පතට පවසා තිබේ.

එම පුවත්පත් වාර්තා කරන පරිදි මෙම උපාංගය සම්ප්‍රේෂකයක් සහ ප්‍රතිග්‍රහණ ඇන්ටනාවලින් සමන්විතය.ඒවා දුරකතන කුලුණුවල සවිකල පසු තනි ජාලයක් ලෙස ක්‍රියාකරමින් ආවරණය කරන කලාපය චන්ද්‍රිකා මගපෙන්නුම් සංඥාවලට විනිවිද යා නොහැකි සේ ආරක්ෂා කරන බව සඳහන් වේ.

2011 වර්ෂයේදී ඇමෙරිකානු USS ‘Barry’ නෞකාවෙන් ලිබියාව ඉලක්ක කරගෙන Tomahawk මිසයිලයක් දියත් කරන අයුරු.

එක්සත් ජනපදය සතු කෲස් මිසයිල,ඩ්‍රෝන් යානා සහ අනෙකුත් ප්‍රහාරක යානා භාවිතා කරන මාර්ගෝපදේශන පද්ධතිය වන්නේ GPS හෙවත් ගෝලීය පිහිටුම් පද්ධතිය නම් චන්ද්‍රිකා ජාලයයි.රුසියාව සතුව GLONASS නම් චන්ද්‍රිකා මාර්ගෝපදේශන ජාලයක් තිබේ.

කෙසේ වෙතත් Tomahawk වැනි ඇමෙරිකානු කෲස් මිසයිල සතුව තිබෙන ඉලෙක්ට්‍රොනික උපාංග ඔස්සේ GPS සංඥා විකෘතිකාරක උපාංග වලින් එල්ල වන බලපෑම මැඩලිය හැකිබව සඳහන්වේ.එවැනි එක් උපාංගයක් වන්නේ AGRය.කොතරම් ප්‍රබල මට්ටමේ සංඥා අවහිර කිරීමක් හමුවේ වුවද චන්ද්‍රිකා ඔස්සේ ලබාදෙන ඉලක්කය හඹා යෑමේ හැකියාව එම උපාංගය ඔස්සේ මිසයිලයට ලැබෙන බව එහි නිෂ්පාදකයා වන Raytheon සමාගම පවසයි.

Tomahawk මිසයිලයක්

නමුත් රුසියාව සතු උපාංග ඔස්සේ මිසයිල ප්‍රහාරයක් නියම ඉලක්කය වෙත පතිත වීම වළක්වා ගත හැකිබව කියවේ.ඉලක්කය නිවැරදිව දැක්වීමට නම් එම අවස්ථාවේදී අදාල ප්‍රදේශය ආවරණය කරන චන්ද්‍රිකා ප්‍රමාණයද වැඩිවිය යුතුය.ඉතා කුඩා මිලිතත්පර ගණනක අපගමනයක් පවා ඉලක්කය වැරදී යාමට හේතුවිය හැකිය.

"Pole-21" උපාංගය නිපදවා තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික සංග්රාම පිළිබද විද්‍යාත්මක සහ තාක්ෂණික මධ්‍යස්ථානය(STC EW) විසින්ය.දැනට ලොව ක්‍රියාත්මක තත්ත්වයේ පවතින චන්ද්‍රිකා මාර්ගෝපදේශන ජාල වන්නේ ඇමෙරිකානු GPS ජාලය,රුසියානු Glonass ජාලය ,යුරෝපියානු Galileo ජාලය සහ චීනයේ Beidou ජාලයයි.මේ ජාල සියල්ල 1176.45 - 1575.42 MHz යන සංඛ්‍යාත පරාසය තුල ක්‍රියාත්මක වේ.

කිලෝවොට් 20ක බලයක් සහිත එක් සම්ප්‍රේෂකයකින් කිලෝ මීටර් 80ක අරයක් සහිත ප්‍රදේශයක් ආවරණය කල හැකිබව කියවේ.මෙම පද්ධතියේ තිබෙන එක් අවාසියක් වන්නේ ඇමෙරිකානු GPS ජාලය පමණක් නොව රුසියාවේ GLONASS ජාලයේ සංඥා පවා විකෘති කිරීමේ හැකියාව තිබීමයි.කෙසේ වෙතත් මෙම උපක්‍රමය භාවිතා කිරීමට ප්‍රමාණවත් තරම් දුරකතන සන්නිවේද කුලුණු නම් රුසියාව සතුය.වාර්තාවන අන්දමට එරට තිබෙන කුළුණු ගණන 250,000කි.මෙම GSM සන්නිවේදන කුළුණු යොදාගෙන සතුරු ඩ්‍රෝන් යානා සහ මිසයිල මෙන්ම සැහැල්ලු ගුවන් යානා හඳුනාගැනීමේ පද්ධතියක්ද නිර්මාණය කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

Source:nextbigfuture.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20830247, member: 547562"] [b]නේටෝ-රුසියා යුද සූදානම[/b] [CENTER][IMG]http://i.imgur.com/ViQ5ujm.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියානු අර්බුදය මුල් කරගෙන රුසියා-ඇමෙරිකා විරසකය ඇවිලී යෑමත් සමග තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේ යැයි මාධ්‍ය ඔස්සේ වාර්තා පළවිය.එහි යම් ආකාරයක සත්‍යයක්ද තිබේ.සීතල යුද සමයේ පවා දෙරට අතර මෙවැනි අතිශය උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුවද ඔවුන් එකිනෙකා සමග සෘජු ගැටුමකට නොගියහ.ඒ එවැනි ගැටුමක අවසන් ප්‍රතිඵලය කුමක්දැයි ඔවුන් දැන සිටි නිසාය.[/SIZE] [SIZE="3"]රුසියානු නායකයින් දකින නපුරුම සිහිනය වන්නේ ඇමෙරිකානු සබ්මැරීන සහ ගුවන් යානාවලින් අතිශය නියතාර්ථ කෲස් මිසයිල සියගණනක් සිය රටේ කඳවුරු,සන්නිවේදන මර්මස්ථාන සහ මිසයිල දියත්කරන මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන දියත් කරාවි යන්නයි.රුසියාව වටා තිබෙන රටවල් නේටෝ සංවිධානයට ඈදාගනිමින් එම රටවල් වල, රුසියාව ඉලක්ක කරගෙන මිසයිල පද්ධති පිහිටුවීම ඔස්සේ එක්සත් ජනපදය රුසියාවේ කෝපය අවුස්සමින් තිබෙන අතර මැදපෙර දිග රුසියානු මිත්‍ර රාජ්‍යයන් හි දේශපාලන අස්ථාවරභාවය ඇතිකිරීමටද සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0WOV1aL.png[/IMG][/CENTER] [SIZE="3"]නමුත් රුසියාව කෙසේ හෝ මෙම අභියෝග ජයගත යුතුය.ඔවුන් ඒ සඳහා සූදානම් වෙමින් සිටියි.රුසියාවේ මර්මස්ථාන ඉලක්ක කරගෙන එල්ල වන මිසයිල ප්‍රහාර අසාර්ථක කිරීම සඳහා ඔවුන් සිවිල් සන්නිවේදන පද්ධතිය ප්‍රයෝජනයට ගැනීමට සැරසෙන බව පසුගිය සමයේ පළවූ මාධ්‍ය වාර්තාවලින් කියවිණි.මෙහිදී චන්ද්‍රිකා සන්නිවේදන ජාලයන්ගෙන් ලැබෙන සංඥා විකෘති කල හැකි උපාංග දුරකතන කුළුණුවල සවිකිරීමේ සැලැස්මක් නිර්මාණය කර තිබෙන බව සඳහන් වේ.මෙම උපාංගය Pole-21 නමින් හඳුන්වයි.යුද්ධයකදී රුසියාව ඉලක්ක කරගෙන දියත් කරන නේටෝ මිසයිලවල ඉලක්කයන්හි නිරවද්‍යතාවය සුළු වශයෙන් වෙනස් කිරීමට මෙම උපාංගයට පුලුවන්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/LCGfhej.jpg[/IMG][/CENTER] [SIZE="3"]"මේ වනවිටත් එම උපාංගයේ නිර්මාණ කටයුතු අවසන් කර පද්ධතිය සේවයේ යෙදවීමේ සූදානමින් පසුවන බව" රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා විසින් Izvestiya නම් රුසියානු පුවත්පතට පවසා තිබේ.[/SIZE] [SIZE="3"]එම පුවත්පත් වාර්තා කරන පරිදි මෙම උපාංගය සම්ප්‍රේෂකයක් සහ ප්‍රතිග්‍රහණ ඇන්ටනාවලින් සමන්විතය.ඒවා දුරකතන කුලුණුවල සවිකල පසු තනි ජාලයක් ලෙස ක්‍රියාකරමින් ආවරණය කරන කලාපය චන්ද්‍රිකා මගපෙන්නුම් සංඥාවලට විනිවිද යා නොහැකි සේ ආරක්ෂා කරන බව සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/RjsrVS7.jpg[/IMG][/CENTER] [B][CENTER]2011 වර්ෂයේදී ඇමෙරිකානු USS ‘Barry’ නෞකාවෙන් ලිබියාව ඉලක්ක කරගෙන Tomahawk මිසයිලයක් දියත් කරන අයුරු.[/CENTER][/B] [SIZE="3"]එක්සත් ජනපදය සතු කෲස් මිසයිල,ඩ්‍රෝන් යානා සහ අනෙකුත් ප්‍රහාරක යානා භාවිතා කරන මාර්ගෝපදේශන පද්ධතිය වන්නේ GPS හෙවත් ගෝලීය පිහිටුම් පද්ධතිය නම් චන්ද්‍රිකා ජාලයයි.රුසියාව සතුව GLONASS නම් චන්ද්‍රිකා මාර්ගෝපදේශන ජාලයක් තිබේ.[/SIZE] [SIZE="3"]කෙසේ වෙතත් Tomahawk වැනි ඇමෙරිකානු කෲස් මිසයිල සතුව තිබෙන ඉලෙක්ට්‍රොනික උපාංග ඔස්සේ GPS සංඥා විකෘතිකාරක උපාංග වලින් එල්ල වන බලපෑම මැඩලිය හැකිබව සඳහන්වේ.එවැනි එක් උපාංගයක් වන්නේ AGRය.කොතරම් ප්‍රබල මට්ටමේ සංඥා අවහිර කිරීමක් හමුවේ වුවද චන්ද්‍රිකා ඔස්සේ ලබාදෙන ඉලක්කය හඹා යෑමේ හැකියාව එම උපාංගය ඔස්සේ මිසයිලයට ලැබෙන බව එහි නිෂ්පාදකයා වන Raytheon සමාගම පවසයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EAYWjEE.jpg[/IMG][/CENTER] [B][CENTER]Tomahawk මිසයිලයක්[/CENTER][/B] [SIZE="3"]නමුත් රුසියාව සතු උපාංග ඔස්සේ මිසයිල ප්‍රහාරයක් නියම ඉලක්කය වෙත පතිත වීම වළක්වා ගත හැකිබව කියවේ.ඉලක්කය නිවැරදිව දැක්වීමට නම් එම අවස්ථාවේදී අදාල ප්‍රදේශය ආවරණය කරන චන්ද්‍රිකා ප්‍රමාණයද වැඩිවිය යුතුය.ඉතා කුඩා මිලිතත්පර ගණනක අපගමනයක් පවා ඉලක්කය වැරදී යාමට හේතුවිය හැකිය.[/SIZE] [SIZE="3"]"Pole-21" උපාංගය නිපදවා තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික සංග්රාම පිළිබද විද්‍යාත්මක සහ තාක්ෂණික මධ්‍යස්ථානය(STC EW) විසින්ය.දැනට ලොව ක්‍රියාත්මක තත්ත්වයේ පවතින චන්ද්‍රිකා මාර්ගෝපදේශන ජාල වන්නේ ඇමෙරිකානු GPS ජාලය,රුසියානු Glonass ජාලය ,යුරෝපියානු Galileo ජාලය සහ චීනයේ Beidou ජාලයයි.මේ ජාල සියල්ල 1176.45 - 1575.42 MHz යන සංඛ්‍යාත පරාසය තුල ක්‍රියාත්මක වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dt47AhC.png[/IMG][/CENTER] [SIZE="3"]කිලෝවොට් 20ක බලයක් සහිත එක් සම්ප්‍රේෂකයකින් කිලෝ මීටර් 80ක අරයක් සහිත ප්‍රදේශයක් ආවරණය කල හැකිබව කියවේ.මෙම පද්ධතියේ තිබෙන එක් අවාසියක් වන්නේ ඇමෙරිකානු GPS ජාලය පමණක් නොව රුසියාවේ GLONASS ජාලයේ සංඥා පවා විකෘති කිරීමේ හැකියාව තිබීමයි.කෙසේ වෙතත් මෙම උපක්‍රමය භාවිතා කිරීමට ප්‍රමාණවත් තරම් දුරකතන සන්නිවේද කුලුණු නම් රුසියාව සතුය.වාර්තාවන අන්දමට එරට තිබෙන කුළුණු ගණන 250,000කි.මෙම GSM සන්නිවේදන කුළුණු යොදාගෙන සතුරු ඩ්‍රෝන් යානා සහ මිසයිල මෙන්ම සැහැල්ලු ගුවන් යානා හඳුනාගැනීමේ පද්ධතියක්ද නිර්මාණය කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.[/SIZE] Source:nextbigfuture.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom