Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නේපාලයේ මිනීමරු කුලවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුල බේදය යනු ඈත අතීතයේ සිටම මිනිසුන් අතර පවතින තවමත් නොනිමි සංකල්පයකි. දඹදිව පහළ වූ බුදු පියාණන් වහන්සේ මේ කුල බේදය නම්වූ කාල්පනික මිනිස් බෙදීම බැහැර කළ යුතු බව සිය දහම ඇසුරෙන් කදිමට පැහැදිලි කොට ඇති සේක. බුදුන් වහන්සේ සජීවීව වැඩ සිට දැන් අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් ඇතත් අදටත් දියුණුයැයි සම්මත ලෝක මිනිස් සමාජයේ බොහෝ තැන්වල කුල බේදයේ අමිහිරි ප්‍රතිඵල අසන්නට දකින්ට ලැබීම කනගාටුවට කරුණකි.

නේපාල දේශයේ දකුණු දෙසින් වාර්තා වන්නේ කුල බේදය නිසා අසන්නට ලැබෙන දුක්මුසු පුවතකි. ඒ අද (මැයි 31 වැනිදා)ට දින හතකට පෙර (මැයි මස 24දා) වාර්තා වූ මරණ සම්බන්ධයෙනි.

'ඩලිට්' නමින් හැඳින්වෙන කුලයට අයත් නවරාජ් සහ ටිකා රාම් යන දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ බ්හෙරි නදී ඉවුරේදීය. ගනේෂ්, සන්දීප් සහ ලෝකෙන්ද්‍ර යන තිදෙනාගේ මළ සිරුරු සොයා ගන්නට ලැබී ඇත්තේ පසුවය. ගෝවින්ද සෂී නමැති තරුණයා ගැන තවමත් තොරතුරක්වත් සොයා ගෙන නැත.

මේ යෞවනයන්ගේ මරණ සහ අතුරුදහන් වීමේ පිටුපස ඇති සැබෑ හේතුව කුමක් ද? ඇතැම් විට ඔබ එකවර විශ්වාසයට ගන්නට මැලි වේවි .එහෙත් ඇත්ත එයයි.

මේ විනාශයට මුල්වී ඇත්තේ නොගැළපේයැයි සම්මත කුල දෙකක තරුණයකු සහ තරුණියක අතර ඇති වූ පෙම් සබඳතාවයි.

නවරාජ් විසිඑක් වියැතිය. ඔහු දකුණු දිග නේපාලයේ ජජර්කොට් ප්රදේශයේය. ඔහු ඩලිට් කුලයේ පවුලකට අයත්ය. ඔහුගේ ආදරය හිමි කරගත් යෞවනිය දහහත්වැනි වියේය. ඇය සුෂ්මාය ඇය අයත් වන්නේ සමාජයේ උසස්යැයි සම්මත කුලයකටය.

කුල දෙක අතර පවතින සමාජ සම්මත නොගැළපීම නිසා සුෂ්මාගේ පාර්ශවයෙන් නවරාජ් ඇතුළු මුළු පවුලටම අවවාද කැරුනේ මේ සම්බන්ධය නතර කර දමන ලෙසයි.

සුෂ්මාගේ වැඩිහිටියන්ට අවශ්‍ය වූයේ සුෂ්මා තම කුලයේම තරුණයකු හා විවාහවනු දැකීමටයි. එහෙත් සුෂ්මා ඊට අකමැතිවූ නිසා ඇය නවරාජ්ට අවධාරණයෙන් දන්වා සිටියේ එවැනි විවාහයක් සිදු වීමට ඉඩ නොතබා තමාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නා ලෙසයි.

සිය පෙම්වතියගේ ඉල්ලා සිටීම පිළිගත් නවරාජ් ඒ සඳහා පියවර ගත්තේ මැයි මස විසිතුන්වැනිදා රාත්‍රියේය. ඔහු සිය 'මෙහෙයුම' සඳහා පැමිණියේ සිය මිතුරන් දහඅට දෙනෙකු සමගය. ඔහුගේ වෑයම වූයේ සුෂ්මා හා සමග රහසින් ‘පැන යන්නටය'.

පැන යම සිදු වූවත් එය එසේ නොවූයේ රහසින් නොවීය. සුෂ්මාගේ ගම් ප්‍රදේශය වූ සෝටි වෙත පැමිණි තරුණ පිරිස මුහුණ දුන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකටය. ඔවුන්ට සුෂ්මාගේ පාර්ශවයෙන් එල්ල වූයේ බලවත් තර්ජනයකි. ඔවුන් පලවා හරිනු ලැබීය. පලවා හරිමින් පහර දෙනු ලැබීය.

නවරාජ්ගේ සහායට පැමිණි මිතුරු පිරිසෙන් බොහෝ දෙනෙකු ඒ තාඩන පීඩනවලින් ගැලවුණේ අසලවූ නදියට පැන පීනා යාමෙනි. එහෙත් නවරාජ් ඇතුළු කිහිප දෙනෙකුටම බේරී යාමට ඉඩක් ලැබුණේ නැත. ඔවුන්ට හිමි වූයේ බලාපොරොත්තු රහිත වෙලාවක ආ මරණය පිළිගැනීමටය. එක මිතුරකු තවමත් අතුරුදන්ය. බේරීගත් පිරිස පොලිස් ස්ථානයට වාර්තා කිරීමෙන් පසු මුදා හරිනු ලැබ ඇත.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ඩලිටි වංශිකයන් නේපාල රජයට බල කර සිටින්නේ මිනීමරු කල්ලිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

නේපාලය යනු බුදුන් උපන් දේශයයි. තිලෝගුරු බුදු පියාණන් යනු කුල වාදයට එරෙහිව දේශනා කළ එසේම කුල හීනයැයි සම්මත පිරිස් තම ශාසනයට සම්බන්ධ කර ගනිමින් කුල වාදය යන අදහස තුරන් කරන්නට ප්‍රායෝගිකව ක්රිියා කළ ශාස්තෘන් වහන්සේය.

එවැනි උතුම් දහමක් ඇති රටක තවමත් මෙවැනි ම්ලේච්ඡ වාතාවරණයක් පැවතීම ඇත්තටම කනගාටුවට කරුණක් නොවන්නේ ද?

(විදෙස් පුවත් ඇසුරිනි.)

www.athuranmusic.blogspot.com

[QUOTE="athumusic, post: 25433887, member: 564489"] [SIZE=6] කුල බේදය යනු ඈත අතීතයේ සිටම මිනිසුන් අතර පවතින තවමත් නොනිමි සංකල්පයකි. දඹදිව පහළ වූ බුදු පියාණන් වහන්සේ මේ කුල බේදය නම්වූ කාල්පනික මිනිස් බෙදීම බැහැර කළ යුතු බව සිය දහම ඇසුරෙන් කදිමට පැහැදිලි කොට ඇති සේක. බුදුන් වහන්සේ සජීවීව වැඩ සිට දැන් අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් ඇතත් අදටත් දියුණුයැයි සම්මත ලෝක මිනිස් සමාජයේ බොහෝ තැන්වල කුල බේදයේ අමිහිරි ප්‍රතිඵල අසන්නට දකින්ට ලැබීම කනගාටුවට කරුණකි. නේපාල දේශයේ දකුණු දෙසින් වාර්තා වන්නේ කුල බේදය නිසා අසන්නට ලැබෙන දුක්මුසු පුවතකි. ඒ අද (මැයි 31 වැනිදා)ට දින හතකට පෙර (මැයි මස 24දා) වාර්තා වූ මරණ සම්බන්ධයෙනි. 'ඩලිට්' නමින් හැඳින්වෙන කුලයට අයත් නවරාජ් සහ ටිකා රාම් යන දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ බ්හෙරි නදී ඉවුරේදීය. ගනේෂ්, සන්දීප් සහ ලෝකෙන්ද්‍ර යන තිදෙනාගේ මළ සිරුරු සොයා ගන්නට ලැබී ඇත්තේ පසුවය. ගෝවින්ද සෂී නමැති තරුණයා ගැන තවමත් තොරතුරක්වත් සොයා ගෙන නැත. මේ යෞවනයන්ගේ මරණ සහ අතුරුදහන් වීමේ පිටුපස ඇති සැබෑ හේතුව කුමක් ද? ඇතැම් විට ඔබ එකවර විශ්වාසයට ගන්නට මැලි වේවි .එහෙත් ඇත්ත එයයි. මේ විනාශයට මුල්වී ඇත්තේ නොගැළපේයැයි සම්මත කුල දෙකක තරුණයකු සහ තරුණියක අතර ඇති වූ පෙම් සබඳතාවයි. නවරාජ් විසිඑක් වියැතිය. ඔහු දකුණු දිග නේපාලයේ ජජර්කොට් ප්රදේශයේය. ඔහු ඩලිට් කුලයේ පවුලකට අයත්ය. ඔහුගේ ආදරය හිමි කරගත් යෞවනිය දහහත්වැනි වියේය. ඇය සුෂ්මාය ඇය අයත් වන්නේ සමාජයේ උසස්යැයි සම්මත කුලයකටය. කුල දෙක අතර පවතින සමාජ සම්මත නොගැළපීම නිසා සුෂ්මාගේ පාර්ශවයෙන් නවරාජ් ඇතුළු මුළු පවුලටම අවවාද කැරුනේ මේ සම්බන්ධය නතර කර දමන ලෙසයි. සුෂ්මාගේ වැඩිහිටියන්ට අවශ්‍ය වූයේ සුෂ්මා තම කුලයේම තරුණයකු හා විවාහවනු දැකීමටයි. එහෙත් සුෂ්මා ඊට අකමැතිවූ නිසා ඇය නවරාජ්ට අවධාරණයෙන් දන්වා සිටියේ එවැනි විවාහයක් සිදු වීමට ඉඩ නොතබා තමාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නා ලෙසයි. සිය පෙම්වතියගේ ඉල්ලා සිටීම පිළිගත් නවරාජ් ඒ සඳහා පියවර ගත්තේ මැයි මස විසිතුන්වැනිදා රාත්‍රියේය. ඔහු සිය 'මෙහෙයුම' සඳහා පැමිණියේ සිය මිතුරන් දහඅට දෙනෙකු සමගය. ඔහුගේ වෑයම වූයේ සුෂ්මා හා සමග රහසින් ‘පැන යන්නටය'. පැන යම සිදු වූවත් එය එසේ නොවූයේ රහසින් නොවීය. සුෂ්මාගේ ගම් ප්‍රදේශය වූ සෝටි වෙත පැමිණි තරුණ පිරිස මුහුණ දුන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකටය. ඔවුන්ට සුෂ්මාගේ පාර්ශවයෙන් එල්ල වූයේ බලවත් තර්ජනයකි. ඔවුන් පලවා හරිනු ලැබීය. පලවා හරිමින් පහර දෙනු ලැබීය. නවරාජ්ගේ සහායට පැමිණි මිතුරු පිරිසෙන් බොහෝ දෙනෙකු ඒ තාඩන පීඩනවලින් ගැලවුණේ අසලවූ නදියට පැන පීනා යාමෙනි. එහෙත් නවරාජ් ඇතුළු කිහිප දෙනෙකුටම බේරී යාමට ඉඩක් ලැබුණේ නැත. ඔවුන්ට හිමි වූයේ බලාපොරොත්තු රහිත වෙලාවක ආ මරණය පිළිගැනීමටය. එක මිතුරකු තවමත් අතුරුදන්ය. බේරීගත් පිරිස පොලිස් ස්ථානයට වාර්තා කිරීමෙන් පසු මුදා හරිනු ලැබ ඇත. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ඩලිටි වංශිකයන් නේපාල රජයට බල කර සිටින්නේ මිනීමරු කල්ලිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. නේපාලය යනු බුදුන් උපන් දේශයයි. තිලෝගුරු බුදු පියාණන් යනු කුල වාදයට එරෙහිව දේශනා කළ එසේම කුල හීනයැයි සම්මත පිරිස් තම ශාසනයට සම්බන්ධ කර ගනිමින් කුල වාදය යන අදහස තුරන් කරන්නට ප්‍රායෝගිකව ක්රිියා කළ ශාස්තෘන් වහන්සේය. එවැනි උතුම් දහමක් ඇති රටක තවමත් මෙවැනි ම්ලේච්ඡ වාතාවරණයක් පැවතීම ඇත්තටම කනගාටුවට කරුණක් නොවන්නේ ද? (විදෙස් පුවත් ඇසුරිනි.)[/SIZE] [URL="http://www.athuranmusic.blogspot.com"]www.athuranmusic.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom