Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමත

නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමතිය හැකි පද්ධතියක් පළමු වරට අපේ රටේ

ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි.

රෝහල්ගත ව ප්‍රතිකාර ගන්නා රෝගියකුට හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් ඇති වූ විට තමන් සිටින ස්ථානයේ සිට ම හෙදියන්ට දැනුම් දීමට හැකි නම් එය ජීවිත ආරක්ෂා කළ හැකි වටිනා ක්රමයකි. තාක්ෂණය මෙතරම් දියුණු ව ඇති යුගයක පවා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල බොහොමයක් වාට්ටුවල තවමත් රෝගීන්ට දුරස්ථ ව සිට හෙදියන්ට ඇමතිය හැකි පද්ධති (Nurse Call Systems) ස්ථාපිත කර නොමැත. මේ හේතුවෙන් රෝගියකුට හදිසි තත්ත්වයක් ඇති වූ විට ඒ බව හෙදියන්ට දැනුම් දීමට වෙනත් පුද්ගලයකු හෙද ස්ථානයට යා යුතු වෙයි. ඒ සඳහා ගත වන වේලාව හා තවත් අවස්ථාවල දී එවන් රෝගීන් ඇස නො ගැටීම නිසා නො දැනුවත් ව සුළු හදිසි තත්ත්වයන් දරුණු අතට හැරීම මඟින් සමහර විටක රෝගීන්ට මරණය කැඳවීමටත් අවස්ථාව ඇත. පෞද්ගලික රෝහල්වල දුරස්ථ හෙදි ඇමතුම් පද්ධති සවි කර තිබුණත් ශ්‍රී ලංකාවේ වාර්ෂික රෝහල් ඇතුළත් කිරීම් අතරින් 90%ක් ම සිදු වන රජයේ පොදු රෝහල්වල එම පද්ධති නොමැති වීම සැලකිය යුතු අඩුපාඩුවකි. එවන් වාතාවරණයක් තුළ නව තාක්ෂණික පර්යේෂණ ඔස්සේ නවමු නිෂ්පාදන හඳුන්වා දීම අරමුණු කරගත් දේශීය ආයතනයක් වන Cyrup පෞද්ගලික සමාගමේ පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ඉංජිනේරුවන් මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

Cyrup ආයතනය හඳුන්වා දුන් මේ විසඳුම සරල එහෙත් තාක්ෂණය ඵලදායීව භාවිත කරන කුඩා බොත්තමක් වැනි උපාංගයකි. මේ උපාංගයේ විශේෂත්වය වන්නේ රෝගීන්ට එය තමන් යන ඕනෑ ම ස්ථානයකට, වැසිකිළියට වුව ද රැගෙන යාමට හැකි වීමයි. හදිසි අවස්ථාවක දී රෝගියා මේ බොත්තම තද කළ විට වාට්ටුවේ හෙද ස්ථානයේ සවි කර ඇති දර්ශක පුවරුවෙන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා මඟින් රෝහල් කාර්යමණ්ඩලයට ඒ බව දැනුම් දේ. එම දර්ශක පුවරුවේ වාට්ටුව තුළ ඇති සැම ඇඳක් සඳහා ම එක් LED බල්බයක් ඇතුළත් ය. රෝගියකු හදිසියක දී බොත්තම තද කරන්නේ නම් රෝගියාගේ ඇඳට අදාළ බල්බය රතු පැහැයෙන් දැල්වී බීප් නාදයක් නිකුත් කරන අතර බැටරි ආයු කාලය අවසන් වීගෙන යන විට හෝ උපාංගය ක්‍රියාත්මක වන සීමාවෙන් බැහැර ව යන විට හෝ බල්බය කහ පැහැයෙන් දැල්වී ඒ බව දැනුම් දෙයි.

දත්ත සම්ප්‍රේෂණය සඳහා 433 MHz පරාසයේ අධි සංඛ්‍යාත තරංග භාවිත කරමින් අඩු ජවයකින් ක්‍රියා කරන මේ රෝහල් බොත්තමට අවුරුද්දක පමණ දිගු බැටරි ආයු කාලයක් තිබේ. එම නිසා නැවත නැවත අලුතින් බැටරි ඇතුළත් කිරීමට කරදර විය යුතු නැත. අවශ්‍ය විටක භාවිතයට ගන්නා තුරු බොත්තම පිටුපස ඇති චුම්බකය මඟින් එය රෝගියාගේ ඇඳට සවි කොට තැබිය හැකි ය. එම නිසා උපාංගය අස්ථානගත වීම ද අවම කරගැනීමට පුළුවන. පරිශීලක කේන්ද්‍රීය නිර්මාණ ක්‍රියාවලියක් මඟින් නිපදවා ඇති මේ උපාංගයේ සියලු ම නිපැයුම් අදියර සඳහා එහි අවසාන පරිශීලකයන් වන රෝගීන්, හෙදියන් හා වෛද්‍යවරුන් ද සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහස් ද සලකා බලා පරිශීලකයන්ට මිත්‍රශීලී (User Friendly) වන අයුරින් නිර්මාණය කිරීම විශේෂත්වයකි.

මේ රෝහල් බොත්තම සම්බන්ධ වැදගත් ම කරුණ වන්නේ එහි නිෂ්පාදන පිරිවැය ඉතා අවම වීමයි. ඊට අමතර ව රෝහල් තුළ මෙය සවි කිරීමේ දී අමතර යටිතල පහසුකම් හෝ ඒවායේ වෙනස් කිරීමක් හෝ අවශ්‍ය වන්නේ නැත. එම හේතු නිසා මහා පරිමාණයෙන් රෝහල්වලට මේ උපාංගය හඳුන්වා දීම ප්‍රායෝගික ව සිදු කළ හැකි ය. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් තුළ පවා මෙවන් රැහැන් රහිත එහා මෙහා ගෙන යා හැකි රෝහල් බොත්තමක් භාවිත වන්නේ නැත. මෙවන් නිර්මාණයක් ශ්‍රී ලංකාව තුළ සිදු වන්නේ ප්‍රථම වතාවට ය.

Cyrup ආයතනයේ පර්යේෂකයන් වන චානක සිංහබාහු, තරිඳු කළුආරච්චි, සහන් හෙන්දහෙවා, චතුරංග තෙන්නකෝන්, නිමේෂ චින්තක, ශෂික වීරක්කොඩි, සමාධි මධුශංක සහ ශාන්ත උපාලි යන අයගේ දායකත්වය මේ නවතම උපාංගය නිපදවීම සඳහා ලැබී තිබේ. මහාචාර්ය සුරංග නානායක්කාර, ව්‍යාපෘතියට නිසි මඟ පෙන්වීම ලබා දී ඇත. අප රටේ රෝගීන් ගේ සුවසෙත උදෙසා මේ උපාංගය නිපදවීම සඳහා මූල්‍යමය දායකත්වය ශක්ති පදනම මඟින් දක්වා ඇත.

මේ නව උපාංගය රජයේ රෝහල්වලට හඳුන්වා දීමේ ප්‍රථම අදියර වශයෙන් රජයේ ශික්ෂණ රෝහල් වාට්ටුවක මේ පද්ධතිය Cyrup ආයතනය මඟින් ස්ථාපිත කරනු ලැබිණි. ඉතා කාලෝචිත හා වෛද්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය තාක්ෂණික නිර්මාණයක් පළමුවෙන් ම රජයේ රෝහලකට හඳුන්වා දීම සම්බන්ධයෙන් රෝහල් කාර්යමණ්ඩලය හා රෝගීන් විසින් Cyrup ආයතනයේ පරිශ්රමය ප්‍රශංසාවට ලක් කෙරිණි. අනාගතයේ දී මේ දුරස්ථ ව හෙදියන්ට ඇමතිය හැකි පද්ධතිය අනෙකුත් රජයේ රෝහල්වල ද ස්ථාපිත කිරීම Cyrup ආයතනයේ අරමුණ වෙයි. මෙලෙස කාලීන අවශ්‍යතාවන් හඳුනාගනිමින් අප රටේ වාතාවරණයට ඔබින නව තාක්ෂණික නිෂ්පාදන අපේ පර්යේෂකයන් විසින් ම නිපදවනු ලැබීම ඉතා අගය කළ යුතු කරුණකි. නුදුරු අනාගතයේ දී මේ පද්ධතිය ශ්‍රී ලංකාවේ සියලු ම රෝහල් තුළ ස්ථාපිත කිරීමට හැකි නම් එය අප රටේ අසරණ රෝගීන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඒ තුළින් රෝහල් වාට්ටුවල වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරි ද වඩාත් ඵලදායී ව සිදු කිරීමට අවස්ථාව විවර වනු ඇත. අප රටේ පර්යේෂකයන්ගෙන් තවත් මෙවන් නව නිර්මාණ බිහි වන්නේ නම් අප රටේ පවතින ගැටලු සඳහා අප රටෙන් ම විසඳුම් සොයාගැනීමට හැකි වනු නොඅනුමාන ය. තවත් නව නිර්මාණ සිදු කිරීමට Cyrup ආයතනයේ පර්යේෂකයන්ට අපි සුභාශිංසනය කර සිටිමු.

මාධවී ද සිල්වා

[QUOTE="araki, post: 23230267, member: 360239"] [b]නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමත[/b] නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමතිය හැකි පද්ධතියක් පළමු වරට අපේ රටේ ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි. රෝහල්ගත ව ප්‍රතිකාර ගන්නා රෝගියකුට හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් ඇති වූ විට තමන් සිටින ස්ථානයේ සිට ම හෙදියන්ට දැනුම් දීමට හැකි නම් එය ජීවිත ආරක්ෂා කළ හැකි වටිනා ක්රමයකි. තාක්ෂණය මෙතරම් දියුණු ව ඇති යුගයක පවා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල බොහොමයක් වාට්ටුවල තවමත් රෝගීන්ට දුරස්ථ ව සිට හෙදියන්ට ඇමතිය හැකි පද්ධති (Nurse Call Systems) ස්ථාපිත කර නොමැත. මේ හේතුවෙන් රෝගියකුට හදිසි තත්ත්වයක් ඇති වූ විට ඒ බව හෙදියන්ට දැනුම් දීමට වෙනත් පුද්ගලයකු හෙද ස්ථානයට යා යුතු වෙයි. ඒ සඳහා ගත වන වේලාව හා තවත් අවස්ථාවල දී එවන් රෝගීන් ඇස නො ගැටීම නිසා නො දැනුවත් ව සුළු හදිසි තත්ත්වයන් දරුණු අතට හැරීම මඟින් සමහර විටක රෝගීන්ට මරණය කැඳවීමටත් අවස්ථාව ඇත. පෞද්ගලික රෝහල්වල දුරස්ථ හෙදි ඇමතුම් පද්ධති සවි කර තිබුණත් ශ්‍රී ලංකාවේ වාර්ෂික රෝහල් ඇතුළත් කිරීම් අතරින් 90%ක් ම සිදු වන රජයේ පොදු රෝහල්වල එම පද්ධති නොමැති වීම සැලකිය යුතු අඩුපාඩුවකි. එවන් වාතාවරණයක් තුළ නව තාක්ෂණික පර්යේෂණ ඔස්සේ නවමු නිෂ්පාදන හඳුන්වා දීම අරමුණු කරගත් දේශීය ආයතනයක් වන Cyrup පෞද්ගලික සමාගමේ පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ඉංජිනේරුවන් මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කර තිබේ. Cyrup ආයතනය හඳුන්වා දුන් මේ විසඳුම සරල එහෙත් තාක්ෂණය ඵලදායීව භාවිත කරන කුඩා බොත්තමක් වැනි උපාංගයකි. මේ උපාංගයේ විශේෂත්වය වන්නේ රෝගීන්ට එය තමන් යන ඕනෑ ම ස්ථානයකට, වැසිකිළියට වුව ද රැගෙන යාමට හැකි වීමයි. හදිසි අවස්ථාවක දී රෝගියා මේ බොත්තම තද කළ විට වාට්ටුවේ හෙද ස්ථානයේ සවි කර ඇති දර්ශක පුවරුවෙන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා මඟින් රෝහල් කාර්යමණ්ඩලයට ඒ බව දැනුම් දේ. එම දර්ශක පුවරුවේ වාට්ටුව තුළ ඇති සැම ඇඳක් සඳහා ම එක් LED බල්බයක් ඇතුළත් ය. රෝගියකු හදිසියක දී බොත්තම තද කරන්නේ නම් රෝගියාගේ ඇඳට අදාළ බල්බය රතු පැහැයෙන් දැල්වී බීප් නාදයක් නිකුත් කරන අතර බැටරි ආයු කාලය අවසන් වීගෙන යන විට හෝ උපාංගය ක්‍රියාත්මක වන සීමාවෙන් බැහැර ව යන විට හෝ බල්බය කහ පැහැයෙන් දැල්වී ඒ බව දැනුම් දෙයි. දත්ත සම්ප්‍රේෂණය සඳහා 433 MHz පරාසයේ අධි සංඛ්‍යාත තරංග භාවිත කරමින් අඩු ජවයකින් ක්‍රියා කරන මේ රෝහල් බොත්තමට අවුරුද්දක පමණ දිගු බැටරි ආයු කාලයක් තිබේ. එම නිසා නැවත නැවත අලුතින් බැටරි ඇතුළත් කිරීමට කරදර විය යුතු නැත. අවශ්‍ය විටක භාවිතයට ගන්නා තුරු බොත්තම පිටුපස ඇති චුම්බකය මඟින් එය රෝගියාගේ ඇඳට සවි කොට තැබිය හැකි ය. එම නිසා උපාංගය අස්ථානගත වීම ද අවම කරගැනීමට පුළුවන. පරිශීලක කේන්ද්‍රීය නිර්මාණ ක්‍රියාවලියක් මඟින් නිපදවා ඇති මේ උපාංගයේ සියලු ම නිපැයුම් අදියර සඳහා එහි අවසාන පරිශීලකයන් වන රෝගීන්, හෙදියන් හා වෛද්‍යවරුන් ද සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහස් ද සලකා බලා පරිශීලකයන්ට මිත්‍රශීලී (User Friendly) වන අයුරින් නිර්මාණය කිරීම විශේෂත්වයකි. මේ රෝහල් බොත්තම සම්බන්ධ වැදගත් ම කරුණ වන්නේ එහි නිෂ්පාදන පිරිවැය ඉතා අවම වීමයි. ඊට අමතර ව රෝහල් තුළ මෙය සවි කිරීමේ දී අමතර යටිතල පහසුකම් හෝ ඒවායේ වෙනස් කිරීමක් හෝ අවශ්‍ය වන්නේ නැත. එම හේතු නිසා මහා පරිමාණයෙන් රෝහල්වලට මේ උපාංගය හඳුන්වා දීම ප්‍රායෝගික ව සිදු කළ හැකි ය. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් තුළ පවා මෙවන් රැහැන් රහිත එහා මෙහා ගෙන යා හැකි රෝහල් බොත්තමක් භාවිත වන්නේ නැත. මෙවන් නිර්මාණයක් ශ්‍රී ලංකාව තුළ සිදු වන්නේ ප්‍රථම වතාවට ය. Cyrup ආයතනයේ පර්යේෂකයන් වන චානක සිංහබාහු, තරිඳු කළුආරච්චි, සහන් හෙන්දහෙවා, චතුරංග තෙන්නකෝන්, නිමේෂ චින්තක, ශෂික වීරක්කොඩි, සමාධි මධුශංක සහ ශාන්ත උපාලි යන අයගේ දායකත්වය මේ නවතම උපාංගය නිපදවීම සඳහා ලැබී තිබේ. මහාචාර්ය සුරංග නානායක්කාර, ව්‍යාපෘතියට නිසි මඟ පෙන්වීම ලබා දී ඇත. අප රටේ රෝගීන් ගේ සුවසෙත උදෙසා මේ උපාංගය නිපදවීම සඳහා මූල්‍යමය දායකත්වය ශක්ති පදනම මඟින් දක්වා ඇත. මේ නව උපාංගය රජයේ රෝහල්වලට හඳුන්වා දීමේ ප්‍රථම අදියර වශයෙන් රජයේ ශික්ෂණ රෝහල් වාට්ටුවක මේ පද්ධතිය Cyrup ආයතනය මඟින් ස්ථාපිත කරනු ලැබිණි. ඉතා කාලෝචිත හා වෛද්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය තාක්ෂණික නිර්මාණයක් පළමුවෙන් ම රජයේ රෝහලකට හඳුන්වා දීම සම්බන්ධයෙන් රෝහල් කාර්යමණ්ඩලය හා රෝගීන් විසින් Cyrup ආයතනයේ පරිශ්රමය ප්‍රශංසාවට ලක් කෙරිණි. අනාගතයේ දී මේ දුරස්ථ ව හෙදියන්ට ඇමතිය හැකි පද්ධතිය අනෙකුත් රජයේ රෝහල්වල ද ස්ථාපිත කිරීම Cyrup ආයතනයේ අරමුණ වෙයි. මෙලෙස කාලීන අවශ්‍යතාවන් හඳුනාගනිමින් අප රටේ වාතාවරණයට ඔබින නව තාක්ෂණික නිෂ්පාදන අපේ පර්යේෂකයන් විසින් ම නිපදවනු ලැබීම ඉතා අගය කළ යුතු කරුණකි. නුදුරු අනාගතයේ දී මේ පද්ධතිය ශ්‍රී ලංකාවේ සියලු ම රෝහල් තුළ ස්ථාපිත කිරීමට හැකි නම් එය අප රටේ අසරණ රෝගීන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඒ තුළින් රෝහල් වාට්ටුවල වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරි ද වඩාත් ඵලදායී ව සිදු කිරීමට අවස්ථාව විවර වනු ඇත. අප රටේ පර්යේෂකයන්ගෙන් තවත් මෙවන් නව නිර්මාණ බිහි වන්නේ නම් අප රටේ පවතින ගැටලු සඳහා අප රටෙන් ම විසඳුම් සොයාගැනීමට හැකි වනු නොඅනුමාන ය. තවත් නව නිර්මාණ සිදු කිරීමට Cyrup ආයතනයේ පර්යේෂකයන්ට අපි සුභාශිංසනය කර සිටිමු. මාධවී ද සිල්වා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom