Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නසාගත් ආචාරියා - මෝඩ ගෝඨා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේ.ආර්. ජයවර්ධනගෙන් ඇරැඹි ලංකාවේ විධායක ජනාධිපති ධුරාවලිය රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන පසුකර විත් ගෝඨාභය රාජපක්ෂ ළඟ නතර වූයේ 2019 නොවැම්බර් මස 19 වැනිදාය. හැටනව ලක්ෂයකගේ ඡන්ද මතින් රජ පුටුවට නැඟගත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති ධුරාවලියේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ඉරණම අවුල් කරන්නට සමත් වූයේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි. තම අසමත් පාලනයේ සහ වැඩිමහල් සොහොයුරා වූ මහින්ද රාජපක්ෂගේ අදූරදර්ශී පාලනයේ සියලු පවු එක මල්ලකට දමා කරට ගත් ගෝඨාභය, පසුගිය ජුලි 09 වැනිදා සිය ධුරය හැරදමා පලා ගියේය. එසේ පලාගිය ඔහු අදටත් නොදන්නා තැනක දින කිහිපයක් සැඟව සිට ජූලි 13 වැනිදා මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව හරහා තායිලන්තයට පලාගියේය. එහි සිට දැන් නැවතත් ඔහු මවු රටට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් උන්හිටි ගමන් රට දමා යාම ගෝඨාභය රාජපක්ෂට අලුත් දෙයක් නොවේ. මීට පෙරද ඔහු වරක් මේ දෙයම කර තිබේ. දේශපාලනයට පිවිස පිය උරුමය මතුකර ගන්නට උත්සාහ ගන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ වෘත්තීය සොල්දාදුවෙකි. කැඩෙට් නිලධාරියකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දින, ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ඔහු, 1972 මැයි 25 වැනි දිනදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස සිය හමුදා දිවිය අරඹන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස්හි සේවය කළ ඔහු, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට එක්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය කූටප්රාප්තියට පැමිණි 1992 වසරේදී එවක කර්නල්වරයකුව සිටි නන්දසේන ගෝඨාභය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්වී උපන් රටද අතැර ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේය. මෙලෙස රට හැර ගිය ඔහු යළි පැමිණෙන්නේ 2005 ජනාධිපතිවරණ සමයේදීය. එලෙස පැමිණ ආරක්ෂක ලේකම් ධුරය ලබාගන්නා ඔහු 2019 දී ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙසින් තරගවැද ජයගෙන ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ධුරයට පත්වන්නේය.

යුද සෙන්පතියෙක් ලෙස රටට සිය සේවය අවශ්‍යම මොහොතේ, රට හැර ගිය ඔහු යළිත් පැමිණ ආරක්ෂක ලේකම්වී, ජනාධිපති ධුරයට පත්ව රටම අගාධයකට ඇද දමා ජනතා විරෝධය හමුවේ නැවත රටින් පලාගොස් යළි පැමිණීම වූ කලී මින් පෙර ලංකාවේ අපට දැක පුරුදු දේශපාලන නාඩගමක් නොවේ. එහෙත් මෙකී විසූක දේශපාලන නාඩගම් හමුවේ වික්ෂිප්තව සිටින බහුතරයක් ශ්‍රී ලාංකිකයනට නොගැළපෙන පුටුවකට නැඟ ගෝඨාභය රාජපක්ෂ රටම ඇද දැමූ අගාධයෙන් ගැළවෙන්නට මඟක් සොයනවාට වඩා වැදගත් වී ඇත්තේ නැවතත් ඔහු දෙශපාලනයට එයිද, එසේ පැමිණ අගමැති වෙයිද යන්න ගැන සිතමින් වෙහෙසීමය.

පරම්පරාගත උරුමයක් තිබුණද ගෝඨාභය ලංකාවේ ප්‍රායෝගික දේශපාලනයේ නියැළුණු කෙනෙක් නොවේ. එහෙයින් ආරක්ෂක ලේකම් ධුරයට පැමිණෙන විට පවා ජනාධිපති ධුරයට පැමිණීමට ඔහුට සිහිනයක් තිබුණා යැයි ලියුම්කරු සිතන්නේ නැත. නමුත් රාජපක්ෂ නාමය යුද ජයග්‍රහණය සමග කලවම් කර ගතහොත් එය තව කාලයක් විකිණිය හැකි ‘සන්නාමයක්’ ලෙස වටහාගත් සිටි දේශපාලන පරපුටුවන් ‘හදිසියකට ප්‍රයෝජනයක් ගන්නට’ සිතා ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපයට හුළං ගසන්නට පටන් ගත්තේ යුද්ධය නිමවීමත් සමගමය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ධුරයට කෙනකුට ඉදිරිපත් වීමට ඇති හැකියාව වාර දෙකකට සීමා කිරීම නිසා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වරම මහින්ද රාජපක්ෂට අහිමි විය. ඒ සමගම තම තනතුරු වරදාන අහිමිව යන බව දුටු මෙරට ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර සියල්ලම පාහේ ගෝඨාභය ජනාධිපති කරන්නට එක්වූහ. එතැන් සිට ගෝඨාගේ ගුණ වැනුණේ තරගයටය.

ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන කාලයේ ඔහු හැඳින්වූයේ ‘ආරක්ෂක ලේකම්’ යන නාමයෙනි. එහෙයින් ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය අවශේෂ ජනයා තේරුම් ගත්තේ ඇමෙරිකාවේ ඩිෆෙන්ස් සෙකටි්ර ධුරය තරමටම බරපතළවය. අයියා ජනාධිපති නිසා මල්ලීට අමතර බලයක්ද ආරෝපිත වූ බව සත්‍යයකි. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් යනු සෙසු අමාත්‍යාංශවල ලේකම් කෙනකුට සමාන ලේකම්වරයෙක්ම බව බොහෝ අය සිතුවේ නැත. රාජපක්ෂ රජයේ ඉළඟ පියවර වූයේ බලවත් සහ විශාල වශයෙන් මුදල් ගැවසෙන ආයතන සියල්ලම පාහේ ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමය. ඒ අනුව මහජන දේපොළ පවරාගැනීමේදී අපමණ බලයක් හිමි නාගරික සංවර්ධන පනතින් බලගැන්වූ නාගරික සංවර්ධන අධිකාරියද ආරක්ෂක අමාත්‍යාංශයට ගැට ගසන ලදී. එතැන් සිට ඔහු කොළඹ නගරයේ මල් වැව්වේය. ඉන්ටර්ලොක් ගල් අල්ලා පදික වේදිකා හැඩ කළේය. පදික වෙළෙන්දන් චණ්ඩිකමින් එළවා දැම්මේය. මෙකී ක්‍රියාවන් තම පැවැත්ම උදෙසා ගෝඨාභය උත්කර්ෂයට නංවන්නට සිහින දුටු ජාතිකවාදී දේශපාලනඥයන කදිම අවස්ථාවක් විය.

ගෝඨාභය මාර්කට් කිරීමේ තියරියට මුල සිටම කරගැසුවේ රාජපක්ෂ සාටකයේ එල්ලී සිටි දේශපාලන මැක්කන්ය. නාගරික සංවර්ධන පනතේ අසීමිත බලයට ජනාධිපති අයියාගේ බලයද එක්කර ආරක්ෂක ලේකම් මල්ලී ජයටම බලහත්කාරය විදහා පෑවේය. මහල් නිවාස සාදන්නට පවරාගත් ඉඩම්වල පදිංචිකරුවෝද එක රැයින් එළවා දැමූහ. රටක් දියුණු කරන්නට එහෙම නොකර බැරි බව දේශපාලන එහෙයියන් කියන විට අවශේෂ ජනයාද ‘ලෝස් නැතිව’ හුරේ දැමුවෝය. පෞරාණික අගයෙන් යුත් රේස්කෝස් ගොඩනැගිල්ල වැනි තැන්හි පුරාවිද්‍යා වටිනාකම් නොතකා ඒවා ‘වීදුරු මාලිගා’ බවට පත්කරද්දී නාගරික අලංකරණයෙන් වශීකෘතවූ ලක්වැසියෝ ලංකාව සිංගප්පූරුව වන දිනය ගැන සුබ සිහින දැක්කෝය.

මේ අතර ගෝඨාභය වෙනුවෙන් පිටිය හදමින් සිටි ජාතිකවාදී දේශපාලුවෝ ශ්‍රී ලංකාව දියුණු රටක් නොවීමට හේතුව ටක්කෙටම සොයා ගත්තෝය. ශ්‍රී ලාංකිකයන් විනයවත් නොවීම රටේ දියුණුව වළකන හේතුව බව ඔවුහු යවහන් හැර පැවසූහ. බුලත් කා තැන තැන කෙළ ගසන, බස් ටිකට්, ටොපිකොළ සෑම තැනම දමන රටක් දියුණු වන්නේ නැති බවත්, රට දියුණු කරන්නට නම් හමුදාවේ බඳු විනයක් ඇති කරන්නට ඕනෑ බවත් ඔවුහු පැවැසූහ. ඊට එකම විසඳුම තිස් අවුරුදු යුද්ධය නිමා කරන්නට නායකත්වය දුන් ආරක්ෂක ලේකම්ට රට භාරදීම බව ඔවුහු පුන පුනා කීහ. ලංකාව දියුණු නොවන්නේ දේශාපාලනඥයන්ගේ හොරකම් සහ මැටිමෝල්කම් නිසා බව ඉඳුරාම දැන දැනත් බහුතර ලාංකිකයන් පිරිසක් මේ ලණුව තුටින් ගිලින ලදහ. එහෙයින් විශ්‍රාම ගිය කර්නල්වරයකුට රට පවරා සිංගප්පූරු සුබ සිහිනය සැබෑ කරගන්නට ඔවුහු තීරණය කළහ.

ඊළඟ තර්කය වූයේ වැරැදි කරන අයට වහා දඬුවම් පැමිණවිය යුතු බවයි. ඊට තද පාලකයකුගේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. අවශේෂ මහජනයා තුටින් මිලිටරි සපත්තුවට පෑගෙන්නට පෙළසැදෙද්දී, අවිහිංසාව මුල්කරගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලංකාව දියුණු කරන්නට ‘හිට්ලර්’ කෙනකු අවශ්‍ය බව ලැජ්ජා විරහිතව දෙසා වදාළ සේක. අනතුරුව මේ කතාවම රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමද කීවේය. ලංකාවේ ගිහි පැවිදි දෙඇත්තන්ගේ මෙකී හිට්ලර් ‘ගොන් පාට්’ එක බලා සිටිය නොහැකි තැන හිට්ලර්ගේ රට නියෝජනය කරන තානාපති එක් ට්විටර් පණිවුඩයකින් ගිහි පැවිදි ඇත්තන්ගේ හිට්ලර් උන්මාදයේ රෙදි ගලවා දැම්මේය. හිට්ලර් යනු මිනීමරුවෙක් බවත්, ලොව කිසිම රටක එවැනි නායකයෙක් නොසිටිය යුතු බවත් ජර්මානු තානාපතිවරයා පැවැසීය.

හිට්ලර් බැසගිය ලංකාවේ දේශපාලන ආකාසයට ඊළඟට මහතීර් මොහොමඩ් සහ ලී ක්වාන්යූ දෙපසින් පායා ආහ. මහින්ද, ලී ක්වාන්යූ බවත්, ගෝඨාභය මහතීර් මොහොමඩ් බවත්, දෙදෙනා එක් වුණාම රට දියුණු කිරීම කජ්ජක් නොවන බවත් දේශපාලන වේදිකාවල පුන පුනා පවසන ලද්දේය. ‘මහතීර් එක්ක ලී ක්වාන්යූ එකතු වුණාම කොහොමද….?’ යැයි විරවංශ වේදිකාවල මොරදුන්නේය. බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙර ගල් පෙරළුවා යැයි හාමුදුරුවරු බණට කියද්දීත් ‘සාදු.. සාදු…’ කියනා බැතිමතුන් මෙන් ලංකාවේ ඡන්දදායකයන්ද වීරවංශ කඳවුරේ කෙළතොල්ලන්ගේ කතාවලට අත් පොළසන් දුන්නෝය. විසිල් ගැහුවෝය. දහසක් සුබ සිහින දැක්කෝය.

දේශපාලන පක්ෂ සහ ඒවායේ මතිමතාන්තර කුලියට ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ජාල එක් පසකින් මිනිසුන්ගේ ඔළු සෝදද්දී අනෙක් පසින් බුදු දහම හැර අන් සෑම දෙයම දන්නා මැදමුලන නිකායේ චීවරධාරී හිමිවරු වැඩේට බැස්සෝය. පාංශුකූලයේ සිට හත් දොහේ බණ ගෙදර දක්වාම ඔවුහු දේශපාලන බණ දෙසා වදාරන්නට වූහ. රට ගොඩගන්නට එන දියසේන කුමාරයාගේ හැඩ නිල කියද්දී බැතිමත්හු සාදුකාර තැබූහ. විනයගරුක රටක් හදන්නට හමුදාවේ පුහුණුව ඇති අයකුට රට භාර දියයුතු බවට හුදී ජනයාගේ මනස සාදන්නට මෙකී චීවරධාරීහු බරපතළ වැඩ කොටසක් කළහ. හමුදා නිලධාරීන් පාලනය කළ පාකිස්තානය, බුරුමය, උගන්ඩාව වැනි රටවල් අද පත්ව අති අවාසනාවන්ත තත්ත්වය නොසැලකූ ඇතැම් ශ්‍රී ලාංකිකයෝ ‘ඡන්ද එපා දිස්ත්‍රික් 25ට ජෙනරාල්වරු 25ක් පත් කරන්නැ’යි සමාජ මාධ්‍යයන්හි පෝස්ටු පළ කළහ.

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී කල් යල් බලා නාග ලෝකයෙන් ලක්දිව කැලණි පුරවරයට ධාතු වැඩියේය. ධාතු ප්‍රදර්ශනය කරන අතරතුර ධාතු රැගෙන ආ නයාද ප්ලාස්ටික් බෝතලයක දමා ප්‍රදර්ශනය කරන ලද හෙයින් බැතිමත්හු වැල නොකැඩී කැලණි ගියෝය. සිවුවැනි සිල්පදය පොළොවේ ගසමින් ‘වොයිස් කට්’ නිකායේ හිමිවරු එලෙස පැමිණි බැතිමතුන්ගේ අතට දුන්නේ නෙලුම් මල් නොව නෙලුම් පොහොට්ටුය. උන්වහන්සේලා අතටම දුන් නෙලුම් පොහොට්ටු ගෙන නයි ධාතු වන්දනා කළ හුදී ජනයා පසු දිනයේ පොහොට්ටුවටම කතිරය ගැසූහ.

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ අස්සන් කළ පෑන පෙට්ටියට දමා වසනු රූපවාහිනියෙන් දුටු ලාංකිකයෝ එකී ‘පිළිවෙළ’ දැක තුටු පහටුව සතුටු කඳුළු හෙලූහ. රටම හමුදාකරණය කරමින් පාරිභෝගික අධිකාරියේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දක්වා ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කළද රට අඟලක් හෝ ඉදිරියට ගියේ නැත. ගම සමග පිළිසඳරට කියා ජනධිපතිතුමා ගමින් ගමට ගොස් ගම්මාන වටේ තිබූ රක්ෂිත ටික හෙළි කරන්නට දේශපාලන හෙංචයියලාට අනුබල දුන්නේය. ඒ අනුව ලංකවේ වඩාත් වටිනා අලිමංකඩක් ලෙස පරිසරවේදීන් හඳුනාගෙන තිබූ දහයියාගල අභය භූමිය දේශපාලන බලයෙන් ඔදවැඩුණු කැලෑ පාළුවෝ පොලිසිය සහ වනජීවී නිලධාරීන් ඉදිරිපිටම වනසාලූහ. ඉන්ද නොනැවතී ලෝක උරුමයක්වූ සිංහරාජය දෙබෑ කරමින් නෙලුව ලංකාගම මාර්ගය ඉදිකරන්නට ජනාධිපති ගෝඨාභය පියවර ගත්තේය. තකහනියේ කළ එම ඉදිකිරීමට හේතුව සිහරාජයේ පිහිටි රෝහිත රාජපක්ෂගේ හෝටලය බව හෙළිවූයේ ඊයේ පෙරේදාය. සර්ක්යුලර් යනු සර් කියනා දේ යැයි සිතූ ජනාධිපතිවරයා විසින් කරන ලද පාරිසරික හානිය වතු වගාවට කැලෑ එළිකර සුද්දන් කළ විනාශයට පමණක් දෙවැනි වන්නේය.

මේ සියලු විනාශයන් කරන අතරතුර ලංකාවේ කෘෂිකර්මය එක රැයකින් කාබනිකකරණය කරන්නට ජනාධිපතිවරයාට සිතක් පහළ විය. කෘෂිකර්මය ගැන ප්‍රාමාණික උගතුන් දස අතේ එපා කියද්දී ඔහු හිතුවක්කාරයෙන් රසායනික පොහොර තහනම් කළේය. මහාචාර්ය බුද්ධි මාරඹේ වැනි ප්රාමාණිකයන් ඉදීරිපත් කළ විද්‍යාත්මක කෘෂිකාර්මයේ මූලධර්ම මඟහැර තමා වටේ සිටි වෛද්‍ය පාදෙණිය, අතුරලියේ රතන වැනි දේශපාලන කේවට්ටයන්ගේ බස් හිස් මුදුනින් පිළිගෙන ගෝඨාභය රාජපක්ෂ කළ එකී අනුවණකමට අද ශ්‍රී ලංකාවම පවු ගෙවමින් සිටින්නේය. වී වගාව විනාශවී ගොවියාත් බත් කෑ මිනිසුනුත් හාමතට වැටුණු අතර තේ ප්රමුඛ අපනයන භෝග විනාශව රටට ආ ඩොලර් ප්‍රවාහයද නතරව ගියේය. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නසාගත් ආචාරියා සේ නොදන්නා දේශපාලනයකට අත ගසා ගෝඨාභය රටම අමාරුවේ දැම්මේය. ඔහුගේ දෑඅවුරුදු පාලනය තුළ ලංකාව බින්දුවටම වැටුණේය. වෙනකක් තබා බංග්ලාදේශයෙන් පවා ණය ඉල්ලන්නට සිදුවිය. පූරුවේ වාසනාවට ඇෆ්ගනිස්තානය නමින් රටක් කලාපයේ තිබීම නිසා දකුණු ආසියාවේ අන්තිමයා නොවී සිටීමට අපට හැකි විය. සිස්ටම් චේන්ජ් කරන්නට ආ ගෝඨාභය අවසන සිස්ටම් එක හොඳටම අවුල් කර දෙවැනි වරටද ශ්‍රී ලංකාව අතහැර පලාගියේය.

එලෙස පලාගිය ඔහු දැන් යළිත් ලංකාවට පැමිණ සිටී. ඔහු යළි දේශපාලනයට පිවිසීම තවමත් අවිනිශ්චිත මුත් නැවත වරක් තවත් කොහෙන් හෝ මතුවන න්‍යායාචාර්යවරයකු පසුපසු ලාංකික ඡන්දදායකයා දක්කන්නට ගෝඨාභය වෙනුවෙන් අඟර පෑ දේශපාලන නඩය තවමත් සැදී පැහැදී ඉන්නේය. පසුගියදා ‘උත්තර ලංකා සභාගය’ නමින් තවත් දේශපාලන අට්ටාලයක් ඔවුන් අටවාගෙන ඇත්තේ ඒකටය.

- https://sinhala.mawratanews.lk/exclusive/he-is-the-same-person-but-didnt-listen-a-confession-about-the-hero/

[QUOTE="monson, post: 28167031, member: 30005"] ජේ.ආර්. ජයවර්ධනගෙන් ඇරැඹි ලංකාවේ විධායක ජනාධිපති ධුරාවලිය රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන පසුකර විත් ගෝඨාභය රාජපක්ෂ ළඟ නතර වූයේ 2019 නොවැම්බර් මස 19 වැනිදාය. හැටනව ලක්ෂයකගේ ඡන්ද මතින් රජ පුටුවට නැඟගත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති ධුරාවලියේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ඉරණම අවුල් කරන්නට සමත් වූයේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි. තම අසමත් පාලනයේ සහ වැඩිමහල් සොහොයුරා වූ මහින්ද රාජපක්ෂගේ අදූරදර්ශී පාලනයේ සියලු පවු එක මල්ලකට දමා කරට ගත් ගෝඨාභය, පසුගිය ජුලි 09 වැනිදා සිය ධුරය හැරදමා පලා ගියේය. එසේ පලාගිය ඔහු අදටත් නොදන්නා තැනක දින කිහිපයක් සැඟව සිට ජූලි 13 වැනිදා මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව හරහා තායිලන්තයට පලාගියේය. එහි සිට දැන් නැවතත් ඔහු මවු රටට පැමිණ තිබේ. මේ ආකාරයෙන් උන්හිටි ගමන් රට දමා යාම ගෝඨාභය රාජපක්ෂට අලුත් දෙයක් නොවේ. මීට පෙරද ඔහු වරක් මේ දෙයම කර තිබේ. දේශපාලනයට පිවිස පිය උරුමය මතුකර ගන්නට උත්සාහ ගන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ වෘත්තීය සොල්දාදුවෙකි. කැඩෙට් නිලධාරියකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දින, ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ඔහු, 1972 මැයි 25 වැනි දිනදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස සිය හමුදා දිවිය අරඹන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස්හි සේවය කළ ඔහු, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට එක්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය කූටප්රාප්තියට පැමිණි 1992 වසරේදී එවක කර්නල්වරයකුව සිටි නන්දසේන ගෝඨාභය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්වී උපන් රටද අතැර ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේය. මෙලෙස රට හැර ගිය ඔහු යළි පැමිණෙන්නේ 2005 ජනාධිපතිවරණ සමයේදීය. එලෙස පැමිණ ආරක්ෂක ලේකම් ධුරය ලබාගන්නා ඔහු 2019 දී ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙසින් තරගවැද ජයගෙන ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ධුරයට පත්වන්නේය. යුද සෙන්පතියෙක් ලෙස රටට සිය සේවය අවශ්‍යම මොහොතේ, රට හැර ගිය ඔහු යළිත් පැමිණ ආරක්ෂක ලේකම්වී, ජනාධිපති ධුරයට පත්ව රටම අගාධයකට ඇද දමා ජනතා විරෝධය හමුවේ නැවත රටින් පලාගොස් යළි පැමිණීම වූ කලී මින් පෙර ලංකාවේ අපට දැක පුරුදු දේශපාලන නාඩගමක් නොවේ. එහෙත් මෙකී විසූක දේශපාලන නාඩගම් හමුවේ වික්ෂිප්තව සිටින බහුතරයක් ශ්‍රී ලාංකිකයනට නොගැළපෙන පුටුවකට නැඟ ගෝඨාභය රාජපක්ෂ රටම ඇද දැමූ අගාධයෙන් ගැළවෙන්නට මඟක් සොයනවාට වඩා වැදගත් වී ඇත්තේ නැවතත් ඔහු දෙශපාලනයට එයිද, එසේ පැමිණ අගමැති වෙයිද යන්න ගැන සිතමින් වෙහෙසීමය. පරම්පරාගත උරුමයක් තිබුණද ගෝඨාභය ලංකාවේ ප්‍රායෝගික දේශපාලනයේ නියැළුණු කෙනෙක් නොවේ. එහෙයින් ආරක්ෂක ලේකම් ධුරයට පැමිණෙන විට පවා ජනාධිපති ධුරයට පැමිණීමට ඔහුට සිහිනයක් තිබුණා යැයි ලියුම්කරු සිතන්නේ නැත. නමුත් රාජපක්ෂ නාමය යුද ජයග්‍රහණය සමග කලවම් කර ගතහොත් එය තව කාලයක් විකිණිය හැකි ‘සන්නාමයක්’ ලෙස වටහාගත් සිටි දේශපාලන පරපුටුවන් ‘හදිසියකට ප්‍රයෝජනයක් ගන්නට’ සිතා ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපයට හුළං ගසන්නට පටන් ගත්තේ යුද්ධය නිමවීමත් සමගමය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ධුරයට කෙනකුට ඉදිරිපත් වීමට ඇති හැකියාව වාර දෙකකට සීමා කිරීම නිසා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වරම මහින්ද රාජපක්ෂට අහිමි විය. ඒ සමගම තම තනතුරු වරදාන අහිමිව යන බව දුටු මෙරට ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර සියල්ලම පාහේ ගෝඨාභය ජනාධිපති කරන්නට එක්වූහ. එතැන් සිට ගෝඨාගේ ගුණ වැනුණේ තරගයටය. [B]ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන කාලයේ ඔහු හැඳින්වූයේ ‘ආරක්ෂක ලේකම්’ යන නාමයෙනි. එහෙයින් ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය අවශේෂ ජනයා තේරුම් ගත්තේ ඇමෙරිකාවේ ඩිෆෙන්ස් සෙකටි්ර ධුරය තරමටම බරපතළවය. අයියා ජනාධිපති නිසා මල්ලීට අමතර බලයක්ද ආරෝපිත වූ බව සත්‍යයකි. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් යනු සෙසු අමාත්‍යාංශවල ලේකම් කෙනකුට සමාන ලේකම්වරයෙක්ම බව බොහෝ අය සිතුවේ නැත. රාජපක්ෂ රජයේ ඉළඟ පියවර වූයේ බලවත් සහ විශාල වශයෙන් මුදල් ගැවසෙන ආයතන සියල්ලම පාහේ ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමය. ඒ අනුව මහජන දේපොළ පවරාගැනීමේදී අපමණ බලයක් හිමි නාගරික සංවර්ධන පනතින් බලගැන්වූ නාගරික සංවර්ධන අධිකාරියද ආරක්ෂක අමාත්‍යාංශයට ගැට ගසන ලදී. එතැන් සිට ඔහු කොළඹ නගරයේ මල් වැව්වේය. ඉන්ටර්ලොක් ගල් අල්ලා පදික වේදිකා හැඩ කළේය. පදික වෙළෙන්දන් චණ්ඩිකමින් එළවා දැම්මේය. මෙකී ක්‍රියාවන් තම පැවැත්ම උදෙසා ගෝඨාභය උත්කර්ෂයට නංවන්නට සිහින දුටු ජාතිකවාදී දේශපාලනඥයන කදිම අවස්ථාවක් විය. ගෝඨාභය මාර්කට් කිරීමේ තියරියට මුල සිටම කරගැසුවේ රාජපක්ෂ සාටකයේ එල්ලී සිටි දේශපාලන මැක්කන්ය. නාගරික සංවර්ධන පනතේ අසීමිත බලයට ජනාධිපති අයියාගේ බලයද එක්කර ආරක්ෂක ලේකම් මල්ලී ජයටම බලහත්කාරය විදහා පෑවේය. මහල් නිවාස සාදන්නට පවරාගත් ඉඩම්වල පදිංචිකරුවෝද එක රැයින් එළවා දැමූහ. රටක් දියුණු කරන්නට එහෙම නොකර බැරි බව දේශපාලන එහෙයියන් කියන විට අවශේෂ ජනයාද ‘ලෝස් නැතිව’ හුරේ දැමුවෝය. පෞරාණික අගයෙන් යුත් රේස්කෝස් ගොඩනැගිල්ල වැනි තැන්හි පුරාවිද්‍යා වටිනාකම් නොතකා ඒවා ‘වීදුරු මාලිගා’ බවට පත්කරද්දී නාගරික අලංකරණයෙන් වශීකෘතවූ ලක්වැසියෝ ලංකාව සිංගප්පූරුව වන දිනය ගැන සුබ සිහින දැක්කෝය. මේ අතර ගෝඨාභය වෙනුවෙන් පිටිය හදමින් සිටි ජාතිකවාදී දේශපාලුවෝ ශ්‍රී ලංකාව දියුණු රටක් නොවීමට හේතුව ටක්කෙටම සොයා ගත්තෝය. ශ්‍රී ලාංකිකයන් විනයවත් නොවීම රටේ දියුණුව වළකන හේතුව බව ඔවුහු යවහන් හැර පැවසූහ. බුලත් කා තැන තැන කෙළ ගසන, බස් ටිකට්, ටොපිකොළ සෑම තැනම දමන රටක් දියුණු වන්නේ නැති බවත්, රට දියුණු කරන්නට නම් හමුදාවේ බඳු විනයක් ඇති කරන්නට ඕනෑ බවත් ඔවුහු පැවැසූහ. ඊට එකම විසඳුම තිස් අවුරුදු යුද්ධය නිමා කරන්නට නායකත්වය දුන් ආරක්ෂක ලේකම්ට රට භාරදීම බව ඔවුහු පුන පුනා කීහ. ලංකාව දියුණු නොවන්නේ දේශාපාලනඥයන්ගේ හොරකම් සහ මැටිමෝල්කම් නිසා බව ඉඳුරාම දැන දැනත් බහුතර ලාංකිකයන් පිරිසක් මේ ලණුව තුටින් ගිලින ලදහ. එහෙයින් විශ්‍රාම ගිය කර්නල්වරයකුට රට පවරා සිංගප්පූරු සුබ සිහිනය සැබෑ කරගන්නට ඔවුහු තීරණය කළහ. ඊළඟ තර්කය වූයේ වැරැදි කරන අයට වහා දඬුවම් පැමිණවිය යුතු බවයි. ඊට තද පාලකයකුගේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. අවශේෂ මහජනයා තුටින් මිලිටරි සපත්තුවට පෑගෙන්නට පෙළසැදෙද්දී, අවිහිංසාව මුල්කරගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලංකාව දියුණු කරන්නට ‘හිට්ලර්’ කෙනකු අවශ්‍ය බව ලැජ්ජා විරහිතව දෙසා වදාළ සේක. අනතුරුව මේ කතාවම රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමද කීවේය. ලංකාවේ ගිහි පැවිදි දෙඇත්තන්ගේ මෙකී හිට්ලර් ‘ගොන් පාට්’ එක බලා සිටිය නොහැකි තැන හිට්ලර්ගේ රට නියෝජනය කරන තානාපති එක් ට්විටර් පණිවුඩයකින් ගිහි පැවිදි ඇත්තන්ගේ හිට්ලර් උන්මාදයේ රෙදි ගලවා දැම්මේය. හිට්ලර් යනු මිනීමරුවෙක් බවත්, ලොව කිසිම රටක එවැනි නායකයෙක් නොසිටිය යුතු බවත් ජර්මානු තානාපතිවරයා පැවැසීය. හිට්ලර් බැසගිය ලංකාවේ දේශපාලන ආකාසයට ඊළඟට මහතීර් මොහොමඩ් සහ ලී ක්වාන්යූ දෙපසින් පායා ආහ. මහින්ද, ලී ක්වාන්යූ බවත්, ගෝඨාභය මහතීර් මොහොමඩ් බවත්, දෙදෙනා එක් වුණාම රට දියුණු කිරීම කජ්ජක් නොවන බවත් දේශපාලන වේදිකාවල පුන පුනා පවසන ලද්දේය. ‘මහතීර් එක්ක ලී ක්වාන්යූ එකතු වුණාම කොහොමද….?’ යැයි විරවංශ වේදිකාවල මොරදුන්නේය. බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙර ගල් පෙරළුවා යැයි හාමුදුරුවරු බණට කියද්දීත් ‘සාදු.. සාදු…’ කියනා බැතිමතුන් මෙන් ලංකාවේ ඡන්දදායකයන්ද වීරවංශ කඳවුරේ කෙළතොල්ලන්ගේ කතාවලට අත් පොළසන් දුන්නෝය. විසිල් ගැහුවෝය. දහසක් සුබ සිහින දැක්කෝය. දේශපාලන පක්ෂ සහ ඒවායේ මතිමතාන්තර කුලියට ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ජාල එක් පසකින් මිනිසුන්ගේ ඔළු සෝදද්දී අනෙක් පසින් බුදු දහම හැර අන් සෑම දෙයම දන්නා මැදමුලන නිකායේ චීවරධාරී හිමිවරු වැඩේට බැස්සෝය. පාංශුකූලයේ සිට හත් දොහේ බණ ගෙදර දක්වාම ඔවුහු දේශපාලන බණ දෙසා වදාරන්නට වූහ. රට ගොඩගන්නට එන දියසේන කුමාරයාගේ හැඩ නිල කියද්දී බැතිමත්හු සාදුකාර තැබූහ. විනයගරුක රටක් හදන්නට හමුදාවේ පුහුණුව ඇති අයකුට රට භාර දියයුතු බවට හුදී ජනයාගේ මනස සාදන්නට මෙකී චීවරධාරීහු බරපතළ වැඩ කොටසක් කළහ. හමුදා නිලධාරීන් පාලනය කළ පාකිස්තානය, බුරුමය, උගන්ඩාව වැනි රටවල් අද පත්ව අති අවාසනාවන්ත තත්ත්වය නොසැලකූ ඇතැම් ශ්‍රී ලාංකිකයෝ ‘ඡන්ද එපා දිස්ත්‍රික් 25ට ජෙනරාල්වරු 25ක් පත් කරන්නැ’යි සමාජ මාධ්‍යයන්හි පෝස්ටු පළ කළහ. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී කල් යල් බලා නාග ලෝකයෙන් ලක්දිව කැලණි පුරවරයට ධාතු වැඩියේය. ධාතු ප්‍රදර්ශනය කරන අතරතුර ධාතු රැගෙන ආ නයාද ප්ලාස්ටික් බෝතලයක දමා ප්‍රදර්ශනය කරන ලද හෙයින් බැතිමත්හු වැල නොකැඩී කැලණි ගියෝය. සිවුවැනි සිල්පදය පොළොවේ ගසමින් ‘වොයිස් කට්’ නිකායේ හිමිවරු එලෙස පැමිණි බැතිමතුන්ගේ අතට දුන්නේ නෙලුම් මල් නොව නෙලුම් පොහොට්ටුය. උන්වහන්සේලා අතටම දුන් නෙලුම් පොහොට්ටු ගෙන නයි ධාතු වන්දනා කළ හුදී ජනයා පසු දිනයේ පොහොට්ටුවටම කතිරය ගැසූහ. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ අස්සන් කළ පෑන පෙට්ටියට දමා වසනු රූපවාහිනියෙන් දුටු ලාංකිකයෝ එකී ‘පිළිවෙළ’ දැක තුටු පහටුව සතුටු කඳුළු හෙලූහ. රටම හමුදාකරණය කරමින් පාරිභෝගික අධිකාරියේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දක්වා ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කළද රට අඟලක් හෝ ඉදිරියට ගියේ නැත. ගම සමග පිළිසඳරට කියා ජනධිපතිතුමා ගමින් ගමට ගොස් ගම්මාන වටේ තිබූ රක්ෂිත ටික හෙළි කරන්නට දේශපාලන හෙංචයියලාට අනුබල දුන්නේය. ඒ අනුව ලංකවේ වඩාත් වටිනා අලිමංකඩක් ලෙස පරිසරවේදීන් හඳුනාගෙන තිබූ දහයියාගල අභය භූමිය දේශපාලන බලයෙන් ඔදවැඩුණු කැලෑ පාළුවෝ පොලිසිය සහ වනජීවී නිලධාරීන් ඉදිරිපිටම වනසාලූහ. ඉන්ද නොනැවතී ලෝක උරුමයක්වූ සිංහරාජය දෙබෑ කරමින් නෙලුව ලංකාගම මාර්ගය ඉදිකරන්නට ජනාධිපති ගෝඨාභය පියවර ගත්තේය. තකහනියේ කළ එම ඉදිකිරීමට හේතුව සිහරාජයේ පිහිටි රෝහිත රාජපක්ෂගේ හෝටලය බව හෙළිවූයේ ඊයේ පෙරේදාය. සර්ක්යුලර් යනු සර් කියනා දේ යැයි සිතූ ජනාධිපතිවරයා විසින් කරන ලද පාරිසරික හානිය වතු වගාවට කැලෑ එළිකර සුද්දන් කළ විනාශයට පමණක් දෙවැනි වන්නේය. මේ සියලු විනාශයන් කරන අතරතුර ලංකාවේ කෘෂිකර්මය එක රැයකින් කාබනිකකරණය කරන්නට ජනාධිපතිවරයාට සිතක් පහළ විය. කෘෂිකර්මය ගැන ප්‍රාමාණික උගතුන් දස අතේ එපා කියද්දී ඔහු හිතුවක්කාරයෙන් රසායනික පොහොර තහනම් කළේය. මහාචාර්ය බුද්ධි මාරඹේ වැනි ප්රාමාණිකයන් ඉදීරිපත් කළ විද්‍යාත්මක කෘෂිකාර්මයේ මූලධර්ම මඟහැර තමා වටේ සිටි වෛද්‍ය පාදෙණිය, අතුරලියේ රතන වැනි දේශපාලන කේවට්ටයන්ගේ බස් හිස් මුදුනින් පිළිගෙන ගෝඨාභය රාජපක්ෂ කළ එකී අනුවණකමට අද ශ්‍රී ලංකාවම පවු ගෙවමින් සිටින්නේය. වී වගාව විනාශවී ගොවියාත් බත් කෑ මිනිසුනුත් හාමතට වැටුණු අතර තේ ප්රමුඛ අපනයන භෝග විනාශව රටට ආ ඩොලර් ප්‍රවාහයද නතරව ගියේය. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නසාගත් ආචාරියා සේ නොදන්නා දේශපාලනයකට අත ගසා ගෝඨාභය රටම අමාරුවේ දැම්මේය. ඔහුගේ දෑඅවුරුදු පාලනය තුළ ලංකාව බින්දුවටම වැටුණේය. වෙනකක් තබා බංග්ලාදේශයෙන් පවා ණය ඉල්ලන්නට සිදුවිය. පූරුවේ වාසනාවට ඇෆ්ගනිස්තානය නමින් රටක් කලාපයේ තිබීම නිසා දකුණු ආසියාවේ අන්තිමයා නොවී සිටීමට අපට හැකි විය. සිස්ටම් චේන්ජ් කරන්නට ආ ගෝඨාභය අවසන සිස්ටම් එක හොඳටම අවුල් කර දෙවැනි වරටද ශ්‍රී ලංකාව අතහැර පලාගියේය.[/B] එලෙස පලාගිය ඔහු දැන් යළිත් ලංකාවට පැමිණ සිටී. ඔහු යළි දේශපාලනයට පිවිසීම තවමත් අවිනිශ්චිත මුත් නැවත වරක් තවත් කොහෙන් හෝ මතුවන න්‍යායාචාර්යවරයකු පසුපසු ලාංකික ඡන්දදායකයා දක්කන්නට ගෝඨාභය වෙනුවෙන් අඟර පෑ දේශපාලන නඩය තවමත් සැදී පැහැදී ඉන්නේය. පසුගියදා ‘උත්තර ලංකා සභාගය’ නමින් තවත් දේශපාලන අට්ටාලයක් ඔවුන් අටවාගෙන ඇත්තේ ඒකටය. - [URL]https://sinhala.mawratanews.lk/exclusive/he-is-the-same-person-but-didnt-listen-a-confession-about-the-hero/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom