නොදැන දෙඩීමෙන් හෙළිවන සත්‍ය

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නොදැන දෙඩීමෙන් හෙළිවන සත්‍ය

    වත්මන් ලෝකයේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සහ අධිකව විවේචනයට බදුන්වන ආගම ඉස්ලාම් ආගම බව ලෝකයට නොරහසකි. එහෙත් මෙකී එකදු විවේචනයකින් හෝ ඉස්ලාම් හි ව්‍යාප්තිය අඩාල කිරීමට හැකිවූවාදැයි යන්නද විවේචකයින්ද වටහා ගත් කරුණකි. නමුදු “ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි ” යන කථාව තව දුරටත් සත්‍ය කරමින් ඔවුන් තම විවේචන නොකඩවා ඉදිරිපත් කරයි. ඇත්ත දැක්කම ඇහේ කටු ඇනෙනා නිසා අරුත් සුන් මතවාද තුළින් හෝ දැන් තම ජාම බේරා ගැනීමට ඔවුන් දරනා වෑයම අපට බොහෝ පැහැදිලිය.


    ඉස්ලාමීය සංකල්පය විවිධාකාර අයුරින් තම රුචිකත්වය හෝ අනෙකෙකුගේ අවශ්‍යතාවය මත අර්ථ දක්වන ඇතැමුන් තමන් සියල්ල දත් යැයි තමා පිළිබද අධිමානයක සිටින බැව් අවබෝධ කර ගැනීම අපට අසීරු නොවේ. එහෙත් ඔවුන්ගේ සංසන්දනාත්මක දත්ත සහ විවිධ නිදසුන් ගත් කල මෙකී මතධාරීන් ඉස්ලාම් ධර්මය පිළිබදව දන්නා තරමටවත් තමන්ගේ ආගම පිළිබද නොදන්නා බව සරලවම වැටහේ. කෙසේ වුවද මොවුන් පිළිබද සතුටට කරුණක්ද මේ පසු පස වේ. එනම් තමා අදහන දහම පිළිබදව කෙසේ වුවද ඉස්ලාම් දහම පිළිබදව අදුරේ හෝ අතපත ගා තිබීම පිළිබදවය. නමුදු අදුරෙන් ආලෝකයට විත් ගතානු ගතිකත්වයෙන් තොරව විවෘත මනසකින් ඉස්ලාම් දහම විමර්ශනයටත් විචාරයටත් මේ සමගින්ම ඔවුන් වෙත ඇරයුම් ද කරන්නෙමු.



    උක්ත අයවලුන්ගේ ඉස්ලාම් ධර්මය සම්බන්ධ සංකල්ප පිළිබදව දීර්ඝව සිතන්නෙකුට වැටහෙන තවත් කරුණක් වේ. එය මින් ඇතැ‍මුන් කිසියම් හෝ ධර්මයක් අදහන්නේද නැද්ද යන්නය. මන්ද ලොව මෙතෙක් පහලවූ කිසිදු ධර්මයක් වෙනත් ධර්මයකට හෝ එය අදහන සමාජයට ද්වේශ කරන ලෙස තම අනුගාමිකයින් හට දන්වා නොතිබෙන බැවිනි. එහෙත් ඇතැම් විවේචකයින් තමන්ගේ මතය තුලින් තම ද්වේශ සහගත හැගීම් ඉදිරිපත් කරනවා පමණක් නොව සමස්ථ සමාජය තුලටද එකී ද්වේශසහගත හැගීම් කා වැද්දීමට අපමණ වෙහෙසක් දරමින් සිටී. එයින් පෙනී යන්නේ ඔවුන් ලොව කිසිදු දහමක් අනුගමනය නොකරන බවය. මෙසේ ඉස්ලාම් ධර්මය ද්වේශසහගතව විවේචනය කරන සහ ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතය ද්වේශී ‍ලෙසින් වෙනස් කරමින් අමුතු මාදිලියේ ව්‍යාපාරයක නිරතවන ඇතැමුන් තමා අනුගමනය කරන්නාවූ දහමේ කොන්දේසීන්ද උල්ලංඝනය කරන්නේ උක්ත කරුණට සාපේක්ෂවය. නිසි අයුරින් දහමක් අනුගමනය නොකරන්නෙකු සමාජයට යහපත් සංකල්පයක් රැගෙන එන්නෙකු වන්නට කිසිදු අවකාශයක් නොමැත. මක්නිසාද යත් මානව සංහතියට හොද නොහොද හා ලෝක සත්‍ය අවබෝධ කර දෙන්නේ දහම බැවිනි.


    ඉස්ලාමීය මූලාශ්‍රයන්හි අන්තර්ගතය, වත්පිළිවෙත්, ඇදුම් පැලදුම් මෙකී නොකී සියල්ල කිසිදු පදනමකින් තොරව විවේචනය කරන්නන් තම උපකල්පනය සාධනය කිරීමට විවිධ මත ඉදිරිපත් කරයි. එකී කරැණු සියල්ල විවෘත මනසින් බුද්ධිමත්ව අසන විමසන මිනිසුන් අතර මහා පෙළහරක් පෑමට තුඩු දෙන්නේ නැත. එහෙත් ළිදේ ඉන්නා ‍මැඩියන් වැන්නවුන්ට මේවා හිත සතුටින් පිනා යන තරම් ස්තරම්ය. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන නොමැති ඇතැමුන්ගේ ඉස්ලාම් ධර්ම විවේචන කලාවේ ඔවුන්ට ඇත්තේ සීමා සහිත වූ කතාන්දර කීපයක් පමණි. එයට කදිම සහ පැහැදිලි නිදසුන් ඇතැමුන්ගේ වෙබ් අඩවි තුළ එකම ලිපිය විවිධ මාතෘකා යටතේ පළවන අයුරින් ලබා ගත හැක. කෙසේ වුවද සමහරු දැන් දැන් මේවා කරන්නේ බැදගත් බෙරය ගසන්නට ඕනෑ නිසාය.


    එය එසේ වද්දී මේ සියළු විවේචන අතර ඉස්ලාම් ධර්මයේ සැබෑව අධ්‍යයනය කරන්නෝ බිහිවීමද දිනෙන් දින අඩුවක් නොමැත. මෙකී විවේචකයන් හේතුවෙන් ස්වල්ප පිරිසකගේ සිතිවිලි වෙනසකට බදුන්වූවාද නොවූවාද පවිත්‍ර වූ ඉස්ලාම් ධර්මයට යහපතක් මිස අයහපතක් ඉන් සිදුවන්නේ නොමැත. මන්ද යත් මෙකී විවේචකයින්ගේ මතවාද රැගත් ලිපි ලේඛණ කියවීම , දැකීම හා ඇසීම තුළින් ඉස්ලාම් දහම පිළිබද කරුණු කාරණා අධ්‍යනය කරන්නන්ගේ ප්‍රතිශතය ඉහල යන බැවිනි. මෙයින් පෙනී යන්නේ ඉස්ලාමයේ ව්‍යාප්තියට ‍මොවුන්ගෙන් ලැබෙන දායකත්වයද මහත් සේ උපකාරී වන බවය.


    ඉස්ලාම් පිළිබද අනුමානයෙන් හෝ ද්වේශයෙන් මිස අවබෝධයෙන් තොරව තමා සියල්ල දන්නේ යැයි අධිමානයෙන් පෙලෙන නමුදු අග මුල නොදැන පඔ ගාලක පැටලී සිටින ඇතැම් මතධාරීන් හෙට දිනද ජාමේ බේරා ගන්නට කුමක් කතාවක් ගොඩ නගන බව අප සිකුරටම දනිමු. එහෙත් අනුමානයෙන් නොව අධ්‍යනයෙන් ගොඩනගන ලද වඩා සවිමත් කතිකවකට අපි වඩා කැමැත්තෙමු.


    සියල්ල දන්නා බව සිතා විචාරන්නට ගොස් තමා ආගමක් නොමැත්තෙක් බව පෙන්වන්නෝ ද, තම ආගම පිළිබදව හෝ නොදන්නා බව තමාටත් නොදැනීම අමු අමුවේ වමාරන්නෝද ඉස්ලාමය පිළිබදව දෑස් හැර සිටීම පිබදව සතුටුය.
    එහෙත් විකෘති මනසකින් හෝ විකෘති සිතුවිලි සමග නොව තම විචාර කලාව අවබෝධයෙන්ද සන්නද්ධ කර සාර්ථකව නිසි තැන නිසි සහ පැවැත්මක් සහි මතයක් ගොඩ නගන්නේ නම් ඉතා මැනවි. නොඑසේ නම් වන්නේ ඇතැමුන් නිතර කියන්නා‍ සේ “ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ ” වැනි සිද්ධියකි.
    සරත් සිංහබාහු
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඉස්ලාමයේ පෑවෑත්ම රදාපවතිනුයේ මෙම ගද ගහන නීති මතයි... එකෙකුට එකෙක් බයේ කෑමෑත්තෙන් හෝ අකමෑත්තෙන් ඈදහිමට ඔවුන්ට සිදුවේ.... තවද බල්ලන් ඌරන් පෑටව් ගසනවා සේ ලමයින් රොත්තක් සෑදිමෙන්ද ප්‍රමානය වෑඩිකර ගනී.. මිනී මරා ප්‍රචාරය කරගත් ආගමක් සහ ලොකයේ මිනිසුන් අවභෝදයෙන් පෑහෙදි එකිවු ආගමක් අතර විශාල වෙනසක් ඈතිබව තීරුම් ගන්න

    කුරාන‍යෙන් උගන්වන දේ.
    ඉස්ලාමය අතහැර යෑම.
    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.
    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.
    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.
    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.
    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.
    කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.
    කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.
    (සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”
    (සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.
    ‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”
     
    • Like
    Reactions: uzi101