Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොපිදූ_විරු_තරුවක කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොපිදූ_විරු_තරුවක කතාව

ඒ ශාප ලත් කුරිරු යුද්ධය දරුණු ලෙස ඇවිළී ගිය සමයයි.

ම්ලේච්ඡ කොටි ත්රස්තවාදීහු සිංහල ගම්මානවලට පැන පැන, නිරායුධ අහිංසක සිංහල, මුස්ලිම් ගම් වැසියන් ගැබ්බර මවුන්, අසරණ දරු පැටවුන් තියුණු අවිවලින් කපා කොටා, මරා දමමින් ලේ ගංගා මවමින් තිබූ අවධියයි. එසේම දකුණේ, බස්රථ, කෝච්චිවලට හොර රහසින් අධිබල බෝම්බ තබමින් පුපුරුවමින් ජීවිත සිය ගණන් විනාශ කළ යුගයයි.

එනිසාම ආරක්ෂක අංශ තම උපරිම ශක්තිය යොදමින්, ඔත්තු සේවා හා ග්‍රාම කමිටු යොදමින් දැඩි සෝදිසි ක්‍රියාමාර්ගවල යෙදී සිටියේය.

මේ කියන දිනය 2007 වසරේ ජුනි 01 දායි. යාපනය, මුහමාලේ සේවය කළ අංක 238505 දරන යුද හමුදා ඉංජිනේරු අංශයේ 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්රල් ඒ. එම්. ගාමිණී දිසානායක (29) ද සිය නිවසට පැමිණ සිටියේ ය. ඔහු පැමිණ සිටියේ නිකරුණේ නොවේ. 2006.08.26 වැනි දින මුහමලේදී කොටි ත්රස්තවාදීන්ගේ කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව, හිසේ බරපතළ තුවාල ඇතිව සදහටම ඇස අහිමිව, දකුණත ඇඟිලි අප්‍රාණික වී, අනූනවයෙන් ජීවිතය බේරී ආබාධිතයකු ලෙස මත්තේගොඩ හමුදා රෝහලින් ප්‍රතිකාර ලබමින් ම නිවසෙහි රැඳෙමින් ඇසෙහි සිදුරට බේත් කිරීමටයි. ඔහුගේ බිරිඳ ඇසට බේත් දැමුවා පමණි.

ඔහුගේ මල්ලි ඒ. එම්. අසෝක බංඩාර (27) යතුරුපැදියකින් වේගයෙන් නිවසට ආවේ හදිසියෙනි. "අයියේ අතන පලු ගස් හන්දියේ ලොරියක් අල්ලලා තියෙනවා පොලිසියේ කට්ටිය. මං නැගලා බැලුවා මට සැකයි අයියේ. මං පොලිසියට කිව්වා අපේ අයියා හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ වැඩ කරනවා. එයාට මේවා ගැන දැනුමක් තියෙනවා කියලා. අනේ අයියේ අපි එතැනට යමුද?"

ගාමිණී දෙවරක් සිතුවේ නැත. ඇසට දැමූ බේත් පිසදා ගත් ගාමිණී තම මල්ලී පැදවූ යතුරුපැදියේ නැගී කිලෝමීටර් පහ හයක් දුරින් පිහිටි කොටවෙහෙර පොලිස් බලප්‍රදේශයේ පලුගස් හන්දියට තම ගම වූ මාගම්මන සිට ඉගිලුණේය. ඒ යන විටත් අංක 41 ශ්‍රී 3589 අංක දරන ටාටා ලොරි රථය නතර කරගෙන කොටවෙහෙර පොලිස් නිලධාරීහු සිටියහ. ඔහු නාවේ නම් ලොරිය මතුපිට පරීක්ෂා කොට යවන්නට ඉඩ තිබිණි.

පැමිණි විගසම ගාමිණී ලොරියේ පිටුපසට නැග පරීක්ෂා කළේය. ඔහු රතු පැහැ වයර් දෙකක් (Deඒබ්එදර ඤde) (ඩෙට් කෝඩ්) දිටීය. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සිටි බැවින් ඒවා ඔහු හැඳින්නේය. ඒ වන විටත් ඔහු සම්පූර්ණ පාඨමාලාවක් හදාරා නොතිබුණත් මූලික දැනුම් සම්භාරය බෝම්බ හඳුනා ගැනීමට ප්‍රමාණවත් විය. වහාම ඔහු බැස ලොරි රථයේ බැටරියේ සම්බන්ධක ගලවා දැමුවේය. අසල ගරාජයකට ගොස් කටර් අඬුවක් රැගෙන බෝම්බ සම්බන්ධ වයර් කපා දැම්මේය. පොලිසිය හා එක්ව අවට රොක් වී සිටි ජනතාව බොහෝ දුරට ඈත් කොට හන්දියේ තිබූ කඩ කීපය වස්සවා දැම්මේය. මාර්ගය වැසීය. ඔහු ලොරි රථයේ පැමිණි රියෑදුරු ද ගෝලයාද ගැන සැලකිලිමත් විය. ඒ වන විටත් ගෝලයා පොලිසියෙන් කෙසේ හෝ මිදී පාරේ ඉදිරියට යමින් ජංගම දුරකථනයෙන් කාටදොa අමතමින් ඈත යනු ඔහු දුටුවේය. තව මොහොතකින් ඔහු පළා යනු ඇත. පොලිසිය ඔහු අල්වා ගත්තේය. ගාමිණී පොලිසියට දැනුම් දුන්නේ පුත්තලම හා කුරුණෑගල බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දන්වා මෙහි ඇති බෝම්බ නිෂ්ක්‍රීය කරන ලෙසය.

මේ සිද්ධිය සැලවූ මොහොතේම මම ද හනික එම ස්ථානයට ගියෙමි.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීහු පැය බාගයකින් පමණ පැමිණ ලොරිය පිටුපසින් නැග ගත්හ. ලොරියේ එක් බඳක, හතරැස් පෙට්ටි සේ රාක්ක රැසක බෝම්බ අසුරා තිබිණි. ඒවා එකිනෙක ඔවුහු ඉවත් කළහ. වයර් ජාලයකින් එකිනෙක සම්බන්ධ කර තිබූ පෙට්ටි රැගෙන ප්රවේශමින් තැබූහ. ඒ පැත්ත නිමා විය. අනික් පැත්ත ද පරීක්ෂා කරන ලදී. දෙවියනේ ඒ පැත්තේ ද රාක්කවල බෝම්බ පෙට්ටි රැසකි.

මෙලෙස බෝම්බ පෙට්ටි හතළිස් හතක් (47) සොයා ගන්නා ලදී. සී 4 (C - 4) වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය අඩංගු කිලෝ (1034) එක්දහස් තිස්හතරක බෝම්බ එහි විය. එය එතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් වැඩිම පුපුරණ ද්‍රව්‍ය තොගය විය. ලොරියේ දෙපස බඳ වල අසුරා තිබූ මෙම බෝම්බවලට වයර් ජාලයක් සම්බන්ධ කොට එහි අවසන් ස්විචය රියෑදුරු අසලම සකස් කොට තිබිණි.

පොල් පටවාගෙන පොල් විකුණන ලොරියක් සේ හඟවා අගනුවර හෝ ආරක්ෂක අංශවලට හෝ ජනපති මන්දිරයට හෝ අති දැවැන්ත විනාශයක් කිරීමට මෙම බෝම්බ තොගය මෙලෙස සකස් කොට ඇති බව පෙනී ගියේය.

සැබැවින්ම ඒ පුපුරණ ද්‍රව්‍ය තොගයේ හැටියට හා ස්ථානගත කොට සකස් කොට තිබූ ආකාරයට මුළු නගරයක්, ඕනෑම සුවිසල් පෙදෙසක් ගොඩනැඟිලි, මිනිසුන් සහිතව මොහොතකින් අළු දූලි වී පුපුරා යනු ඇත. ඕනෑම රැකවලක් නිකම් පරඬලාපත් බවට පත් වනු ඇති. මිනිසුන් ගැන කවර කතාද? ඔවුන්ගේ මස් වැදැලි විසිවී අලු බවට පත් වනු ඇති. මහත් විනාශයක් ම වනු ඇති.

සැබෑ ලෙසම කොටි ත්රස්තවාදීන්ගේ ඉලක්කය රටේ නායකයා වෙසෙන පෙදෙස නම් ඒ සඳහා ද එම වෙඩි බෙහෙත් තොගය සෑහෙන බව ආරක්ෂක අංශවල නිගමනය විය.

කෙසේ හෝ වාසනාවට කොටි ත්රස්තවාදීන්ගේ ඉලක්ක, සැලසුම් සියල්ල ව්‍යර්ථ වී බෝම්බ තොගය අසුවිණි.

ඉන් පසුව සිදුවූයේ කුමක් ද බෝම්බ තොගය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ද, දීමනා ද හිමි වීමය.

බෝම්බ සොයා ගත්, හඳුනා ගත් හා නිර්භීතව ඒවා අක්‍රීය කළ ආබාධිත හමුදා කෝප්රල් ගාමිණී දිසානායකට සිදු වූයේ කුමක් ද? ඔහුගේ මල්ලීට ලැබුණේ මොනවාද?

ගාමිණීගේ අඩක් නිම වූ නිවස තව දුරටත් ගොඩනඟා ගන්නට කොළඹ පරිත්‍යාගශීලී මහත්මයෙක් ද (නම නොපවසන උතුම් පරිත්‍යාගශීලී මහත්මයෙකි.) "ජයග්‍රහණය" සංවිධානය ද උපකාර කළේය. එවක යුද හමුදාපතිවරයා ප්‍රශංසා සහතික නිකුත් කොට තිබිණි. ස්ථිර සැරයන් නිලයකට උසස් කරන ලදී.

එපමණක් ද නොව, ආඥපති උ. ප්‍ර. මු. (කුරු) බ්‍රිගේඩියර් ඒ. සී. ඔබේසේකර විසින් ගාමිණීට වීරෝදාර විභූෂණ පදක්කම ලබා දීම සඳහා නිර්දේශ කර ලිපි යවා තිබේ.

එහි මෙසේ සඳහන් වෙයි.

"සිදුවීමට ගිය බිහිසුණු විනාශයක් වැළැක්වීමට නොපැකිළව ඉදිරිපත් වී මරණාභිමුඛ වූ අයකුගේ හෝ අයවලුන්ගේ ජීවිත බේරා ගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව ස්වකීය ආත්ම ආරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී තමා විසින් කරන ලද වික්‍රමාන්විත වූද අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නාවූ ද අසෛනික ගණයේ ක්‍රියාව අරභයා මෙම (කො.හෙ.නි.) ගාමිණී දිසානායකගේ එම වීර ක්‍රියාව අගයනු වස් වීරෝදාර විභූෂණ පදක්කම හිමිගැන්වීම සඳහා නිර්දේශ කරමි."

මෙකී නිර්දේශය ඉදිරිපත් කොට දැනට වසර පහක් ද ඉක්මවෙමින් පවතී. එකී නිර්දේශය අතරමගදීම කොහේ හෝ සඟවනු ලැබ ඇතැයි අපට සිතෙයි. මන්ද අප සිටින්නේ මේ ශ්‍රී ලංකාව තුළ වන බැවිනි. ඔහුට සම්මානය ලැබුණේ නැත.

රණවිරුවා තම කාර්ය නිමා කොට හමාරය. ඔහුට තහඩුවක කෙටූ සම්මාන නැතිවාට ජනතා සම්මාන හොඳින් ම ලැබී ඇත්තේ ය. ජීවිත පරදුවට තබා රට බේරා ගැනීමට යුද්ධයට පැන්න අභීත රණවිරුවනට හිමි දේ නොදෙන්නේ නම් අපේ රට ගැන රටේ අකෘතඥ මිනිසුන් ගැන කවර කතාද?

අපි යුද්ධයේ සැබෑ වීරයන් අමතක කර දමා සිටිමු. එය රටේ යුතුකම හා වගකීම පැහැර හැර සිටිමු.

ගාමිණීට වීරෝදාර විභූෂණ පදක්කම ලබා දීමට මංවැසුවෝ කවරහුද? යමක් හිමි නම් එය සුදුස්සාටම ලැබිය යුතුය.

රණවිරු සැමරුම් මාස සති මහ ඉහළින් පවත්වමින් නිම වෙමින් පවතී. ඒවා ගාමිණී වැනි අභීත රණවිරුවන් උදෙසා නොවේ යෑයි කිසිවකුට තර්ක කළ හැකිය. ඒ තර්කයට සාධාරණයක් ද ඇත.

ගාමිණී වැනි යුක්තිය සාධාරණය ඉටු නොවූ අභීත රණවිරුවන් මේ දේශයේ තවත් ඇතිවා වෙන්නට පුළුවන. ගාමිණී මෙන් ඇසක් අහිමි කරගෙන, අත් අප්‍රාණිකව එසේම අත් පා සිරුරේ කොටස් අහිමි කරගෙන සදහටම අබ්බගාතව දුක් විඳින රණවිරුවන් තවත් කොතෙක් සිටිනවාද? ඔවුනට සාධාරණය ඉටු වී ඇති ද? ඔවුන් ගැන රණවිරු අධිකාරිය හෝ බලධාරීන් සොයා බැලුවේද?

මතක තබාගත යුතු යමක් තිබේ

රණවිරු රියල් ස්ටාර්ලා ප්‍රසංග වේදිකා මත පහළ වන්නේ නැත. සැබෑ රණවිරු තරු අපට ජීවත් වන්නට ඉඩ හසර සලසා දී මේ පොළොවේ පස් කඳු අතරට මුහුවී හමාරය. දිවි පරදුවට තබා, ජීවිතය පමණක් ඉතිරි කරගත් රණවිරු තරු බොහෝ දෙනෙක් ආබාධිතව, රෝද පුටුවට, ඇඳට සීමා වී සිටිති.

ගාමිණී වැනි විරුවන් එදා හෙළුE රුධිරයට, කඳුළුවලට දහදියට වඩා අද හෙළන දුක් කඳුළු "උකු" ගතියෙන් වැඩි බව අප විශ්වාස කරන්නේ එබැවිනි.

Source; Divaina

අපි යුද්ධයේ සැබෑ වීරයන් අමතක කර දමා සිටිමු. එය රටේ යුතුකම හා වගකීම පැහැර හැර සිටිමු.

[QUOTE="signshop, post: 15431687, member: 358740"] [b]නොපිදූ_විරු_තරුවක කතාව[/b] [SIZE="4"] ඒ ශාප ලත් කුරිරු යුද්ධය දරුණු ලෙස ඇවිළී ගිය සමයයි. ම්ලේච්ඡ කොටි ත්රස්තවාදීහු සිංහල ගම්මානවලට පැන පැන, නිරායුධ අහිංසක සිංහල, මුස්ලිම් ගම් වැසියන් ගැබ්බර මවුන්, අසරණ දරු පැටවුන් තියුණු අවිවලින් කපා කොටා, මරා දමමින් ලේ ගංගා මවමින් තිබූ අවධියයි. එසේම දකුණේ, බස්රථ, කෝච්චිවලට හොර රහසින් අධිබල බෝම්බ තබමින් පුපුරුවමින් ජීවිත සිය ගණන් විනාශ කළ යුගයයි. එනිසාම ආරක්ෂක අංශ තම උපරිම ශක්තිය යොදමින්, ඔත්තු සේවා හා ග්‍රාම කමිටු යොදමින් දැඩි සෝදිසි ක්‍රියාමාර්ගවල යෙදී සිටියේය. මේ කියන දිනය 2007 වසරේ ජුනි 01 දායි. යාපනය, මුහමාලේ සේවය කළ අංක 238505 දරන යුද හමුදා ඉංජිනේරු අංශයේ 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්රල් ඒ. එම්. ගාමිණී දිසානායක (29) ද සිය නිවසට පැමිණ සිටියේ ය. ඔහු පැමිණ සිටියේ නිකරුණේ නොවේ. 2006.08.26 වැනි දින මුහමලේදී කොටි ත්රස්තවාදීන්ගේ කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව, හිසේ බරපතළ තුවාල ඇතිව සදහටම ඇස අහිමිව, දකුණත ඇඟිලි අප්‍රාණික වී, අනූනවයෙන් ජීවිතය බේරී ආබාධිතයකු ලෙස මත්තේගොඩ හමුදා රෝහලින් ප්‍රතිකාර ලබමින් ම නිවසෙහි රැඳෙමින් ඇසෙහි සිදුරට බේත් කිරීමටයි. ඔහුගේ බිරිඳ ඇසට බේත් දැමුවා පමණි. ඔහුගේ මල්ලි ඒ. එම්. අසෝක බංඩාර (27) යතුරුපැදියකින් වේගයෙන් නිවසට ආවේ හදිසියෙනි. "අයියේ අතන පලු ගස් හන්දියේ ලොරියක් අල්ලලා තියෙනවා පොලිසියේ කට්ටිය. මං නැගලා බැලුවා මට සැකයි අයියේ. මං පොලිසියට කිව්වා අපේ අයියා හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ වැඩ කරනවා. එයාට මේවා ගැන දැනුමක් තියෙනවා කියලා. අනේ අයියේ අපි එතැනට යමුද?" ගාමිණී දෙවරක් සිතුවේ නැත. ඇසට දැමූ බේත් පිසදා ගත් ගාමිණී තම මල්ලී පැදවූ යතුරුපැදියේ නැගී කිලෝමීටර් පහ හයක් දුරින් පිහිටි කොටවෙහෙර පොලිස් බලප්‍රදේශයේ පලුගස් හන්දියට තම ගම වූ මාගම්මන සිට ඉගිලුණේය. ඒ යන විටත් අංක 41 ශ්‍රී 3589 අංක දරන ටාටා ලොරි රථය නතර කරගෙන කොටවෙහෙර පොලිස් නිලධාරීහු සිටියහ. ඔහු නාවේ නම් ලොරිය මතුපිට පරීක්ෂා කොට යවන්නට ඉඩ තිබිණි. පැමිණි විගසම ගාමිණී ලොරියේ පිටුපසට නැග පරීක්ෂා කළේය. ඔහු රතු පැහැ වයර් දෙකක් (Deඒබ්එදර ඤde) (ඩෙට් කෝඩ්) දිටීය. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සිටි බැවින් ඒවා ඔහු හැඳින්නේය. ඒ වන විටත් ඔහු සම්පූර්ණ පාඨමාලාවක් හදාරා නොතිබුණත් මූලික දැනුම් සම්භාරය බෝම්බ හඳුනා ගැනීමට ප්‍රමාණවත් විය. වහාම ඔහු බැස ලොරි රථයේ බැටරියේ සම්බන්ධක ගලවා දැමුවේය. අසල ගරාජයකට ගොස් කටර් අඬුවක් රැගෙන බෝම්බ සම්බන්ධ වයර් කපා දැම්මේය. පොලිසිය හා එක්ව අවට රොක් වී සිටි ජනතාව බොහෝ දුරට ඈත් කොට හන්දියේ තිබූ කඩ කීපය වස්සවා දැම්මේය. මාර්ගය වැසීය. ඔහු ලොරි රථයේ පැමිණි රියෑදුරු ද ගෝලයාද ගැන සැලකිලිමත් විය. ඒ වන විටත් ගෝලයා පොලිසියෙන් කෙසේ හෝ මිදී පාරේ ඉදිරියට යමින් ජංගම දුරකථනයෙන් කාටදොa අමතමින් ඈත යනු ඔහු දුටුවේය. තව මොහොතකින් ඔහු පළා යනු ඇත. පොලිසිය ඔහු අල්වා ගත්තේය. ගාමිණී පොලිසියට දැනුම් දුන්නේ පුත්තලම හා කුරුණෑගල බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දන්වා මෙහි ඇති බෝම්බ නිෂ්ක්‍රීය කරන ලෙසය. මේ සිද්ධිය සැලවූ මොහොතේම මම ද හනික එම ස්ථානයට ගියෙමි. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීහු පැය බාගයකින් පමණ පැමිණ ලොරිය පිටුපසින් නැග ගත්හ. ලොරියේ එක් බඳක, හතරැස් පෙට්ටි සේ රාක්ක රැසක බෝම්බ අසුරා තිබිණි. ඒවා එකිනෙක ඔවුහු ඉවත් කළහ. වයර් ජාලයකින් එකිනෙක සම්බන්ධ කර තිබූ පෙට්ටි රැගෙන ප්රවේශමින් තැබූහ. ඒ පැත්ත නිමා විය. අනික් පැත්ත ද පරීක්ෂා කරන ලදී. දෙවියනේ ඒ පැත්තේ ද රාක්කවල බෝම්බ පෙට්ටි රැසකි. මෙලෙස බෝම්බ පෙට්ටි හතළිස් හතක් (47) සොයා ගන්නා ලදී. සී 4 (C - 4) වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය අඩංගු කිලෝ (1034) එක්දහස් තිස්හතරක බෝම්බ එහි විය. එය එතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් වැඩිම පුපුරණ ද්‍රව්‍ය තොගය විය. ලොරියේ දෙපස බඳ වල අසුරා තිබූ මෙම බෝම්බවලට වයර් ජාලයක් සම්බන්ධ කොට එහි අවසන් ස්විචය රියෑදුරු අසලම සකස් කොට තිබිණි. පොල් පටවාගෙන පොල් විකුණන ලොරියක් සේ හඟවා අගනුවර හෝ ආරක්ෂක අංශවලට හෝ ජනපති මන්දිරයට හෝ අති දැවැන්ත විනාශයක් කිරීමට මෙම බෝම්බ තොගය මෙලෙස සකස් කොට ඇති බව පෙනී ගියේය. සැබැවින්ම ඒ පුපුරණ ද්‍රව්‍ය තොගයේ හැටියට හා ස්ථානගත කොට සකස් කොට තිබූ ආකාරයට මුළු නගරයක්, ඕනෑම සුවිසල් පෙදෙසක් ගොඩනැඟිලි, මිනිසුන් සහිතව මොහොතකින් අළු දූලි වී පුපුරා යනු ඇත. ඕනෑම රැකවලක් නිකම් පරඬලාපත් බවට පත් වනු ඇති. මිනිසුන් ගැන කවර කතාද? ඔවුන්ගේ මස් වැදැලි විසිවී අලු බවට පත් වනු ඇති. මහත් විනාශයක් ම වනු ඇති. සැබෑ ලෙසම කොටි ත්රස්තවාදීන්ගේ ඉලක්කය රටේ නායකයා වෙසෙන පෙදෙස නම් ඒ සඳහා ද එම වෙඩි බෙහෙත් තොගය සෑහෙන බව ආරක්ෂක අංශවල නිගමනය විය. කෙසේ හෝ වාසනාවට කොටි ත්රස්තවාදීන්ගේ ඉලක්ක, සැලසුම් සියල්ල ව්‍යර්ථ වී බෝම්බ තොගය අසුවිණි. ඉන් පසුව සිදුවූයේ කුමක් ද බෝම්බ තොගය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ද, දීමනා ද හිමි වීමය. බෝම්බ සොයා ගත්, හඳුනා ගත් හා නිර්භීතව ඒවා අක්‍රීය කළ ආබාධිත හමුදා කෝප්රල් ගාමිණී දිසානායකට සිදු වූයේ කුමක් ද? ඔහුගේ මල්ලීට ලැබුණේ මොනවාද? ගාමිණීගේ අඩක් නිම වූ නිවස තව දුරටත් ගොඩනඟා ගන්නට කොළඹ පරිත්‍යාගශීලී මහත්මයෙක් ද (නම නොපවසන උතුම් පරිත්‍යාගශීලී මහත්මයෙකි.) "ජයග්‍රහණය" සංවිධානය ද උපකාර කළේය. එවක යුද හමුදාපතිවරයා ප්‍රශංසා සහතික නිකුත් කොට තිබිණි. ස්ථිර සැරයන් නිලයකට උසස් කරන ලදී. එපමණක් ද නොව, ආඥපති උ. ප්‍ර. මු. (කුරු) බ්‍රිගේඩියර් ඒ. සී. ඔබේසේකර විසින් ගාමිණීට වීරෝදාර විභූෂණ පදක්කම ලබා දීම සඳහා නිර්දේශ කර ලිපි යවා තිබේ. එහි මෙසේ සඳහන් වෙයි. "සිදුවීමට ගිය බිහිසුණු විනාශයක් වැළැක්වීමට නොපැකිළව ඉදිරිපත් වී මරණාභිමුඛ වූ අයකුගේ හෝ අයවලුන්ගේ ජීවිත බේරා ගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව ස්වකීය ආත්ම ආරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී තමා විසින් කරන ලද වික්‍රමාන්විත වූද අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නාවූ ද අසෛනික ගණයේ ක්‍රියාව අරභයා මෙම (කො.හෙ.නි.) ගාමිණී දිසානායකගේ එම වීර ක්‍රියාව අගයනු වස් වීරෝදාර විභූෂණ පදක්කම හිමිගැන්වීම සඳහා නිර්දේශ කරමි." මෙකී නිර්දේශය ඉදිරිපත් කොට දැනට වසර පහක් ද ඉක්මවෙමින් පවතී. එකී නිර්දේශය අතරමගදීම කොහේ හෝ සඟවනු ලැබ ඇතැයි අපට සිතෙයි. මන්ද අප සිටින්නේ මේ ශ්‍රී ලංකාව තුළ වන බැවිනි. ඔහුට සම්මානය ලැබුණේ නැත. රණවිරුවා තම කාර්ය නිමා කොට හමාරය. ඔහුට තහඩුවක කෙටූ සම්මාන නැතිවාට ජනතා සම්මාන හොඳින් ම ලැබී ඇත්තේ ය. ජීවිත පරදුවට තබා රට බේරා ගැනීමට යුද්ධයට පැන්න අභීත රණවිරුවනට හිමි දේ නොදෙන්නේ නම් අපේ රට ගැන රටේ අකෘතඥ මිනිසුන් ගැන කවර කතාද? අපි යුද්ධයේ සැබෑ වීරයන් අමතක කර දමා සිටිමු. එය රටේ යුතුකම හා වගකීම පැහැර හැර සිටිමු. ගාමිණීට වීරෝදාර විභූෂණ පදක්කම ලබා දීමට මංවැසුවෝ කවරහුද? යමක් හිමි නම් එය සුදුස්සාටම ලැබිය යුතුය. රණවිරු සැමරුම් මාස සති මහ ඉහළින් පවත්වමින් නිම වෙමින් පවතී. ඒවා ගාමිණී වැනි අභීත රණවිරුවන් උදෙසා නොවේ යෑයි කිසිවකුට තර්ක කළ හැකිය. ඒ තර්කයට සාධාරණයක් ද ඇත. ගාමිණී වැනි යුක්තිය සාධාරණය ඉටු නොවූ අභීත රණවිරුවන් මේ දේශයේ තවත් ඇතිවා වෙන්නට පුළුවන. ගාමිණී මෙන් ඇසක් අහිමි කරගෙන, අත් අප්‍රාණිකව එසේම අත් පා සිරුරේ කොටස් අහිමි කරගෙන සදහටම අබ්බගාතව දුක් විඳින රණවිරුවන් තවත් කොතෙක් සිටිනවාද? ඔවුනට සාධාරණය ඉටු වී ඇති ද? ඔවුන් ගැන රණවිරු අධිකාරිය හෝ බලධාරීන් සොයා බැලුවේද? මතක තබාගත යුතු යමක් තිබේ රණවිරු රියල් ස්ටාර්ලා ප්‍රසංග වේදිකා මත පහළ වන්නේ නැත. සැබෑ රණවිරු තරු අපට ජීවත් වන්නට ඉඩ හසර සලසා දී මේ පොළොවේ පස් කඳු අතරට මුහුවී හමාරය. දිවි පරදුවට තබා, ජීවිතය පමණක් ඉතිරි කරගත් රණවිරු තරු බොහෝ දෙනෙක් ආබාධිතව, රෝද පුටුවට, ඇඳට සීමා වී සිටිති. ගාමිණී වැනි විරුවන් එදා හෙළුE රුධිරයට, කඳුළුවලට දහදියට වඩා අද හෙළන දුක් කඳුළු "උකු" ගතියෙන් වැඩි බව අප විශ්වාස කරන්නේ එබැවිනි.[/SIZE] [IMG]http://www.divaina.com/2013/08/11/Man.jpg[/IMG] Source; Divaina [COLOR="Red"][SIZE="7"]අපි යුද්ධයේ සැබෑ වීරයන් අමතක කර දමා සිටිමු. එය රටේ යුතුකම හා වගකීම පැහැර හැර සිටිමු.[/SIZE][/COLOR] :(:( [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom